කාලයක් තිස්සේ ශ්‍රී ලංකා එකට හෝ යූඇන්පී එකට ඡන්දේ දීපු දෙගොල්ලොම මේ වෙනකොට අවංකවම ඒ ප්‍රශ්නේ ට හරි උත්තරේ තෝරාගන්න බැරුව පඹ ගාලක පැටලිලා ය.
මෛත්‍රී ගේ ගැන්සියේත් සෙට් එකක් අතෙන් සහ බුලත් කොලෙන් ය.
මහින්ද ගේ හොර හැත්ත පොහොට්ටුවෙන් ය.
ඔය දෙගොල්ලොන්ගෙන්ම රිජෙක්ට් වෙච්ච සෙට් එක පුට් බෝලෙන් ය.
තව තව ලකුණු වලින් ඉන්නවද දන්නෙත් නැතිය.
හැබැයි ඉතින් ඔය දෙතුන් හතර ගොල්ලොම චන්ද්‍රිකා රැජිනිය එක්කයි රාජපක්ෂ රජ්ජ්ජුරුවෝ එක්කයි එකට ඉඳගෙන එක පතේ කාගෙන රීගෙන රටම හප කරපු සෙට් එක ය. සිහි කල්පනාවක් තියෙන මිනිස්සුන්ට එක අමතක නැත.
හොරුන්ට මම මඩු වලිගෙන් තලනවා, කඩුවෙන් කොටනවා , අරක කරනවා මේක කරනවා කියා කියා සිරිසේන තුමා ඉස්ටෙජ් දෙදරන්න බේරිහන් දුන්නත් උන්නහගේත් එක්ක අනිත් හැත්තෑ බුරුත්ත 94 ඉඳන් 2015 වෙනකන් සේරමගේම පැටිකිරිය මිනිස්සුන්ට අමතක වෙන්න නම් ඉඩක් නැත.
ඒ ඒක එතරන් ලස්සන අලංකාර ජාතක කතා වහන්සේ නමක් නිසාය,
අදටත් මේ අසම්මතවාදී ආණ්ඩුව රී ගන්න ගා ගන්න හැම දෙකම සීයට පනහක අයිතිය නිල් පාට හැමෝටම තියෙනවා ය.
හාල් පොල් වල අසප ගනනුයි , රෙද්දේ බැඳුම්කර මගුලයි නිසා කෑලි කැඩිලා නැති වුනත් යූඇන්පී ය ඉන්නෙත් රෙද්දක් ඇඳන් ඡන්දේ ඉල්ලගෙන ගමට යන්න බැරි අවස්ථාවකය.
.
සරලවම ගත්තොත් මහා දෙගොල්ලොම මේ වෙනකොට ඉන්නේ රෙද්දේ රීගෙනහත් පොලේ ගාගෙන ය.
ගූ ගඳ හැම තැනකම දැනෙනවා ය.
කවුරු රී ගත්තත් නොගත්තත් ගඳ එනකොට කාගෙන්ද කියල හොයන්න බැරිය.

කලින් දෙගොල්ල වගේ මෙයාලනම් තාම රීගෙන ගාගෙන නැත., එත් කාලන්තරෙකට කලින් නම් ලේ හලා ගෙන නැති බංගස්තානම වෙලා නම් ඇත.
එත් එව්වා සිද්ද වුනේ අතීතයේ ය.
ඒගොන් තකතීරුකම් වලින් මෙයාලා හොඳට පාඩම් ඉගෙන ගෙන තියෙන බව අපිට පේන්න තියෙනවා වගේම ඒ තකතීරුකම් ආපහු නොකරන බවට අනුර තුමා තැන් කීපෙකම කියලා දෑ තියෙනවා ය.
ඉතින් ආපහු මුන් ලේ හලාගනියි කියලනම් හිතෙන්නේ නැත.
මුන්ගේ තියෙන එකම ප්‍රශ්නේ උන්ගේ හෙන "අලි ඔලුව " කමය.
උන් හිතන් ඉන්නේ උන් සේරම "සියල්ල දත් ඔස්තාර්" ලා කියලා ත් අනිත් සේරම බබා ලන්තෙන් ටුවර් එකක් ආපු සෙට් එකක් කියලා ය.
සිරිසේන ට , රනිල් ට රාජපක්ෂට , චන්ද්‍රිකාට ආණ්ඩු කරන හැටි උගන්නන්න එන මුන් ට ඉතිහාසේ පලවෙනි වතාවට බලය හම්බවෙච්චි තිස්සමහාරාමේ වත් හරියට කරගන්න බැරි විය.
බලේ හම්බවෙච්චි වෙලේ පඩ කෝටියක් ය. එත් වැඩ නම් බින්දුව බව පස්සේ පස්සේ ඇහෙන්න පටන් ගත්තේය.
උන් හිටපු කාලේ කරලා තිබ්බ ලොකුම වැඩේ වුනේ තිස්සමහාරාම් හන්දියක් හන්දියක් ගානේ "අධිෂ්ඨාන බෝල" වගයක් හිටෝපු එක විතර.
ඒ බෝල ඉතින් කන්න බැරිය, විකුනන්නත් බැරිය. බල්ලෙක්ට හුජ්ජ කරාන්න නම් ටිකක් විතර ගැලපෙනවා ය.
එත් ඔය මොනවා වුනත් මේ වෙනකොට ජෙප්පෝ ටිකක් දියුණුය.
සෝමවංශ පප්පා ඉන්න කාලේ චේ ගුවෙරයි විජේවීර කියන ගස් බල්ලවයි වන්දනා කරපු මුන් ටික අනුර කුමාර ලොක්කා වුනාට පස්සේ ටික ටික ඇස ඇරලා වට පිට බලන්න පටන් අරං විත්තිය හොඳට දැනෙන්න පෙනෙන්න තියෙනවාය.

මෙච්චර කල් මාක්ස්වාදය ඔලුවේ පුරවා ගත්තු මානසික රෝගීන්ගේ ඉස්පිරිතාලයක් වෙච්ච තමුන්ගේ පක්ෂය පුළුවන් තරමක් සුද්ද බුද්ද කරලා පරණ
ඒ වැඩේ කොච්චර සාර්ථක ද කියනවා නම් මේ වෙනකොට ශ්‍රී ලංකා යූඇන්පී කඹ අදිල්ලෙන් හෙම්බත් වෙලා හිටපු එත් විකල්පයක් නැතුව අතරමන් වෙලා හිටපු යමක් කමක් තේරෙන උගත් බුද්ධිමත් මිනිස්සු ටික ටික ටික ටික ජේවීපී පැත්තට ඇදෙන්න පටන් අරං ය. තව කියනවා නම් මේ සැරේ ගමේ ආණ්ඩු වලට ජේවීපී එකෙන් ඉල්ලන මිනිස්සුන්ගෙන් සැලකිය යුතු පිරිසක් පන්ති පහේ ජෙප්පන් නොවන එවුන් ය. හොඳම උදාහරණය කොළඹට ඉල්ලනේ දොස්තර කෙනෙක් වීමය ය.
ජේවීපී ගැන තවත් දෙයක් කියන්න උවමනා ය.
මේ වෙනකොට ජේවීපී කියන්නේ පාර්ලිමේන්තුවේ උන්ට තියෙන සීට් ගාන කීය වුනත් එක වුනත් රටට කෙලින නිල් කොළ සන්ධාන ආණ්ඩු, සම්මුති ආණ්ඩු වගේම ඒකාධිපති ආණ්ඩුත් හොල්ලන්න පුළුවන් දෙදරවන්න පුළුවන් පෙරලන්න පුළුවන් පුදුමාකාර බලවේගයක් ය.
මහින්දව ජනෙල් පොල්ලේ එල්ලන්න ජෙප්පෝ එළියෙන් ඉඳන් දීපු ගේම් එකත් අද රනිල්ලා ට මෛත්‍රී ලාට කට උත්තර නැතිවෙන්න එයාලගේ ගෝලයින්ගේ රෙදි ගලෝන විදියත් හොඳම උදාහරණය.
ඔය හොරුන්ගේ රෙදි ජෙප්පෝ ගැලෙව්වේ නැත්තම් ඒ වැඩේ කරන්න වෙන එකෙක්වත් අද පාර්ලිමේන්තුවේ නැත. එහෙම වුනා නම් අදත් රජ්ජුරුවෝ මහින්ද ය.
සීට් ගාන නොසලකා , ඔච්චර ජෙප්පෝ බලවත් වෙන්න තියෙන හේතුව විදියට විභීෂණ නම් දකින්නේ තමුන්ගේ ජොබ් එක වෙනුවෙන් උන්ගේ තියෙන අවංක කමය.ජොබ් එක හරියට කරන්න තියෙන ඕනෑකම ය.
පරම්පරා ගණන් පාර්ලිමේන්තුවට නාකි වෙන නිල් කොළ හෝ හපුටුවන්ට වඩා ජෙප්පන්ට කරන්න වැඩ ඇත. ඒ බව අඳුනගෙනත් අත.
කොහොම හරි දැනට තියෙන වටපිටාව අනුවත්,
නිල් කොළ දෙගොල්ල නාන නැමේ හැටියටත් ,
ඔලු ගෙඩි වලින් ටික වුනත් මහා දෙගොල්ලන්ගේ මගඩි හොර කම් වංචා වලට ජෙප්පෝ දෙන දාර ගේම් වල හැටියටත් ,
එව්වට ලොකු ලොක්කොත් කොරවෙලා ඇඹරිලා යන විදියටත්
විභීෂණ ට නම් දැනෙන්නේ මේ රටේ හරි හමන් සිස්ටම් එකක් හදන්න , හදලා රට ටික ටික හරි ඉස්සරහට ගෙනියන්න නම් අනිවා ජෙප්පෝ ත් සැලකිය යුතු ප්‍රමාණයක් සීන් එකේ ඉන්න ඕනෑම ය කියලා ය.
උන්ගේ ටිකක් විතර පඩ ,සෙවල තියෙන බව ඇත්ත ය.
පරණ ලේ ගඳකුත් එන බව හැබෑ ය.
එත් නිල් කොළ දෙගොල්ල වගේ ගූ ගාගෙන රීගෙන නාගෙන නැත.
නිල් කොළ ආණ්ඩුවල ගූ කප්පරක් කාලා රහ බලලා තියෙන අපිට ජෙප්පන්ගේ පඩ ගඳ නම් ගඳක් කියලවත් දැනෙන්න විදියක් නැත.
ඉතින් විභීෂණ නම් කියන්නේ කාට හරි මෙදා ගමේ ආණ්ඩු ඡන්දේ දී කාට කතිරේ ගහනවද කියලා පොඩි හෝ විචිකිච්චා සීන් එකක් තියේනම් චන්දෙ ශ්‍රී ලංකා යූඇන්පී එහෙකටවත් දී ගන්න බැරුව අසරණ වෙලා කුජීත වෙලා නම් ඉන්නේ බය නැතුව ඒ චන්දෙ ජේවීපී එකට දෙන්න.මොකද කියනවා නම් ජෙප්පන්ට දෙන ඡන්දේ කවදාවත් මස්තබාල්දු වෙන්නනේ නැති බවට මේ වෙනකොට උන් ඕන අතරම සාක්ෂි සපයා දී අවසාන නිසා ය.
කවුරුහරි රටේ දේශපාලන අධිකාරියෙන් හැබෑවට ම "යහපාලනය" බලාපොරොත්තු වෙනවා නම්අනිවා ජෙප්පන්ට චන්දෙ දෙනවා ඇරෙන්න එයාට් වේන කිසි විකල්පයක් නැත.
එහෙම කියන්නේ හේතු කීපයක් උඩ ය.
දැන් තියෙන "යහපාලන" ආණ්ඩුවට යහපාලනය කියන දෙ වේගයෙන් අමතක් වීගෙන යන බව ඉතා පැහැදිලිය.
ඒ නිසා, උන්ට එක මතක් කරදෙන එක අපේ යුතුකම හා වගකීම ය. මොකද කියනවා නම් "යහපාලනය " වෙනුවෙන් උන්ට කියලා කරගන්න වැඩ ගොඩක් තවත් රට ඇතුලේ ඉතුරුවෙලා තියෙන නිසා ය.

ඒ කියන්නේ "සද්ද වහල හිටියාට අපිත් ඉන්නේ මීටරෙන් බ්‍රෝ" කියලා රනිල් මෛත්‍රී ඩබලට පොඩ්ඩක් දැනෙන්න සලස්සන එකය.
ගමේ ආණ්ඩු ටික ජෙප්පන්ට දෙන්න පුළුවන් නම් ආණ්ඩුවේ කට කයිවාරුකම් නවත්තන්න ත් , ආපහු යහපාලන ට්‍රැක් එකට ඇදලා ගන්නත් ඒ සිග්නල් එක හොඳටම ප්‍රමාණවත් ය.
එහෙම වුනොත් අඩු ගානේ මේ චන්දෙන් පස්සෙවත් මේ ආණ්ඩුව කරන පිස්සු විකාර ටික නැවතිලා මරා ගනිල්ල නැවතිලා දෙගොල්ලොම ගමට නගරෙට වැඩ කරන්න ආපහු ගෙන්න ගන්න පුළුවන් ය.
කොමිසන් වාර්තා කිහිල්ලේ ගහගෙන පිස්සෙක් වගේ කඩුවක් වන්න සිරිසේනගේත් උෂ්නේ ටිකක් බැහැලා පිස්සුව ත් ටිකක් විතර බැස්ස ගන්න පුළුවන් ය.
ඒ එක්කම ජෙප්පන්ගේ ත් පඩ සහ වැඩ අතර අනුපාතය කීයද කියලාත් බලා ගන්න අපිටත් චාන්ස් එකක් ලැබෙනවා ය.
එතකොට ඊළඟට පලා බබා හරි දියවන්නා බබා හරි ඡන්දෙකදී ජෙප්පෝ අපි ලඟට එනකොට අපි ළඟ උන්ගේ රිපෝර්ට් කාඩ් එකත් තියෙන නිසා සලකන්නේ කතිරයෙන්ද කොහු මිටෙන් ද කියන තේරුම් බේරුම් කරගන්න එච්චර අමාරු නැත,
මේ චන්දෙන් ආණ්ඩුව පෙරලෙන්නේ නැත.
මහින්ද අගමැති වෙන්නේ ත් නැත .
ඒ නිසා යූඇන්පී ශ්‍රී ලංකා ඡන්දදායක දෙගොල්ලොට ම ( පාරම්පරික කට්ටියටත් එක්ක කිව්වේ හරිය ?)
සීනුව ලකුණ ඡන්ද කොලේ ප්‍රින්ට් කරලා තියෙන්නේ අනන්න ඒ වැඩේ කරන්න ය.
ආණ්ඩුවට පොඩ්ඩක් දැනෙන්න ඉන්ජෙක්ෂන් එක දුන්නා නම් ඒ ඇතිය.
ලෙඩ ගොඩක් සනීප කරගන්න පුළුවන් ය.
තමුන්ගේ ඡන්දෙට තියෙන බලය කොයිතරම් ද කියලා දැනගන්න නම් මෙදා සැරේ කතිරේ ගහන්න ඕනා සීනුවට ය.
යන්න කලින් තව දෙයක් කියන්න ඕනා ය,
තිස්සමහාරාමේ වගේ හන්දි ගානේ අධිෂ්ඨානය බෝල හිටෝනවා ට වඩා වැදගත් වැඩ ගොඩක් ගමේ ආණ්ඩුවක කරන්න තියෙන බව ජෙප්පනුත් තේරුම් ගන්න උවමනාය.
එහෙම හිතලා ගමේ තියෙන "කෙරෙන්න ඕනා" අත්‍යාවශ්‍ය වැඩටික කරලා දැම්මා නම් සහ තව වැඩිපුර ටිකකුත් කළා නම් ලොකු දෙයක් ය.
එහෙම වුනොත් ඊළඟ ඕනෑම ඡන්දෙකදී අපි අපේ යුතුකම ඉෂ්ට කරන එක ගැන සැකයක් තියාගන්න උවමනා නැත.
එහෙම තේරුම් අරගන්න පුළුවන් පිරිච්ච ඔලු ගෙඩි සැට් එකක්ම මෙදා සැරේ සීනුවෙන් එන බව පෙන්නනට තියෙන නිසා බය වෙන්න දෙයක් නැත.
මෙදා සැරේ ජෙප්පන්ට ජය වේවා...
එහෙනම් ආපහු සෙට් වෙමු.
ගොහින් එන්නම්.
අම්මට සිරි විභිෂනයත්
ReplyDeleteමොකෝ අජිත් අයියේ...බය වුනාද???
Deleteපිස්සු හැදුන විභීෂනයක්!
ReplyDeleteප්‍රවේසමන් ප්‍රවේසමෙන්...
Delete\\...කවුරුහරි රටේ දේශපාලන අධිකාරියෙන් හැබෑවට ම "යහපාලනය" බලාපොරොත්තු වෙනවා නම්අනිවා ජෙප්පන්ට චන්දෙ දෙනවා ඇරෙන්න එයාට් වේන කිසි විකල්පයක් නැත...//
ReplyDeleteඑකෙන්ම එකගයි මචං. හැබැයි ප්‍රශ්නෙ තියෙන්නෙ රටේ දේශපාලනය වගේම අම්මටසිරි අන්තර්ජාතික දේශපාලනය ගැන පොර ටෝක් දෙන අපේ චන්දදායකයන්ට මොකක්දෝ අමුතු සීන් එකක් වෙනව චන්ද පෙට්ටිය ලඟට යනකොට.
තව එකක්. ජෙප්පන් නං ආයෙ මළාට වෙපන් නොගත්තත් විමලයට නං ලොකු ලේ පිපාසයක් නං තියෙනව. අනික මේ යනවිදිහට මයිත්‍රී නං කිසිම දැඩි තීරණයක් නං නොගන්නවා වගේම සෝක් එකට මහින්ද මාමි එක්ක සෙට් වෙනව කියල නං බුදු ෂුවර් හොඳේ.. 👊🏽
කතාව නම් ඇත්ත මච්චෝ.
Deleteමම ඊයේ පෙරේදා බුකියේත් දැක්කා මෙන්න මෙහෙම ලියල තියෙනවා.
"මොලය යනු හරි පුදුමාකාර අවයවයකි. මෙය උපතේ සිට මැරෙන කම් ම ක්‍රියාත්මක වෙන අතර චන්ද පොලට ඇතුල් වුනා විටත් විභාග ශාලාවට ඇතුල්වුණා විටත් ක්‍රියා විරහිත වේ."
ඕක ඔහොම වෙලා තියෙන්නේ මෙච්චර කල් හිටපු මන්ත්‍රී ස් ලා මිනිස්සුන්ව වහල්ලු වගේ හිතන්න ගානට අන්දලා තියෙන නිසා. අන්තිම මොහොතේ කක්කුස්සි පෝච්චියක් හරි බෙදපු ගමන් කතිරේ ලැබෙනවනේ. මිනිස්සු හිතන්නේ එයා ගෙදරින් ගෙනත් බෙදලා කියලා. බලපුවාම අපේ සල්ලිවලින් අරං අපිටම බෙදලා.
විමලයගේ පක්සේ ඇතුලේ වෙන දේවල් ටික සිරා සීන් එකක් නම් හෙට අනිද්දාට විමල් ට උගේම ලේ රහ බලනවා ඇරෙන්න , දේශපාලනෙන් සදහටම සමුගන්නවා ඇරෙන්න වීන විකල්පයක් නැහැ. එත් මට හිතෙන විදියට නම් මේ සේරම එකම ද්රාම එකක කොටස් කීපයක් විතරයි.
අර උඹ කියනවා වගේ අනිවා ළඟදීම මහින්දත් මෛත්‍රීගේ දෑත් ශක්තිමත් කරන්න එනවා ස්ථීරයි ඒකාන්තයි.
ගමේ ආණ්ඩු ටික ජෙප්පන්ට දෙන්න පුළුවන් නම් ආණ්ඩුවේ කට කයිවාරුකම් නවත්තන්න ත් , ආපහු යහපාලන ට්‍රැක් එකට ඇදලා ගන්නත් ඒ සිග්නල් එක හොඳටම ප්‍රමාණවත් ය.
ReplyDeleteOba kiyana de hari kiyala matath hithenawa!Mamath ehema thamayi hithan inne.
එහෙනම් ඉතින් ආයේ දෙකක් නැහැ, Lets Do it මචෝ.
Delete++++++++++
ReplyDelete++++++++++++
Deleteඅනේ මන්දා විභී....
ReplyDeleteබලාගෙන ඉමුකො...
Delete