2018-01-03

අවසන් ගමන් ගියෙමි | End of the Journey

පහුගිය අවුරුද්ද පුරාවට  බුකිය ඇතුලේ කරක් ගහපු මේ විභීෂණ ට ආපහු පාරක් බ්ලොගට එන්න ලොකු උවමනාවක් තිබුනා වුනත් විවිධාකාර සීන්කෝන් නිසා ඒ කාරණාව දවසින් දවස කල් ගියේය.
අවුරුද්දේ අන්තිම පොස්ටුවෙදී පවා මේ කාරණාව කියලා දැම්මේ බ්ලෝග අමතක වෙලා නැහැ කියන එක පෙන්නන්නය.


Law of attraction එහෙම නැත්තන් ආකර්ශනතාවය කියන එක විභීෂණ ගේ ජීවිතයේ ගොඩක් සිද්ධි වලදී සත්‍ය බව ඔප්පු වෙලා තියෙන හරිම fantastic කාරනාවක් ය.
හැබැයි විභීෂණ හීනෙකින්වත් නොහිතපු විදියට අද ඒ නීතිය සාමන්‍ය පුද්ගලික ජීවිතයෙන් පරිභාහිරව ඩිජිටල් ලයිෆ් එක ඇතුලෙත් ඇත්තක් ය කියලා ඔප්පු වුනේය.

සැබෑ ජීවිතේ ඇතුලේ අපිට ඕන කරන දේවල් ඉෂ්ට සිද්ධ කරගන්න විවිධාකාර දෙවිවරු උදව් පදව් කරන්නා වගේ ඩිජිටල් ලෝකේ ඇතුලේ දී අපිට එන විවිධාකාර ඩිජිටල් අවශ්‍යතා ඉෂ්ට කරගන්න ඩිජිටල් දෙවිවරු උදව්වට එන බවද මේ එක්ක  අද හවස විභීෂණ ට ප්‍රත්‍යක්ෂ අවබෝධ විය.

කරගන්න ඕන කමක් තිබ්බත් දවසින් දවස කල් ගිය විභීෂනගේ බ්ලොග් ආසාව දැකලා උදව්වට ආවේ එසේ මෙසේ දෙයියෙක් නොව ලෝකේ සේරෝමලා ව දන්නා සකරබරිග දෙයියා ය.

උන්නාන්සේ ඇවිත් දෙසා වැදාරුවේ හිටන්, උඹ  දැන් බුකියේ වල බැස්සා ඇති, ඉස්සරහට ටිකක් වැඩිපුර  බ්ලෝග ඇතුලේ වැඩ කරපන් කියලා ය. ඒ හින්දා ටික කාලෙකට මෙහෙ පැත්තේ නාවට කමක් නැහැ හිටන් කියලා ය.

සරලව සුද්ද සිංහලෙන් කිව්වොත් සකරයා මගේ බුකී ප්‍රොෆයිල් එක බ්ලොක් කරලා හෝ අයින් කරලා ය.
දැන් ලොග් වෙන්න බැරිය. 
ID එකක් ඕනාමය කියලා බෙරිහන් දෙනවා ය.

විභීෂණ ට ID හදන්න ඉතින් උප්පැන්න සහතික එහෙම ඕනා නිසාත් , ඒකට ආපහු රාවණා අයියා ගේ කාලෙට ගිහින් වෙසමුණි යා හෙවත් අප්පොච්චා බහ දැකලා කාරනා කටයුතු සිද්ද කරගන්න උවමනා නිසාත් ඔය රෙද්දවල් ටික කරන්න කාලයයි වෙලාවයි නැති නිසාත් සකරයාට මෑණියන් දෑ ගේ වස්ත්‍රය මතක් කරලා දීලා හිටන් විභීෂණ ආපහු බ්ලොගට ගොඩ බැස්සේ ය.,

මේ අල්ල පනල්ලේ බුකිය ඇතුලේ සකරයා එක්ක ඇර ගන්නවාට වඩා වැදගත් වැඩ තියෙන නිසා තව දවසක් දෙකක් තුනක් වෙනකන් විභීෂණ ගේ 100% එකම වාසස්ථානය මේ බ්ලොග වනු ඇත.
නිවාඩුවක් ලැබිච්ච ගමන් ආපහු පාරක් බුකියේ වෙන ඉඩම් කෑල්ලක් අරගෙන එහෙම පොඩි පැල් කොටයක් අටෝන එක අටෝනවා මය.

එහෙනම් ආපහු බ්ලොග් මතක් කරලා දුන්නු සකරයාටත් උගේ මවු තුමීටත්මේ වෙලාවේ පින් අනුමෝදන් කරනවා ය.

එහෙනම් ආපහු පාරක් fiend request එකක් අරං කාරිය උඹලා බැහැ දකින්න එන්න  බලාපොරොත්තුවෙන් දැනට සමු ගන්නවා ය.

එහෙනම් අපි ගියා...


13 comments:

  1. මේපැත්තට එන එක ගැන සතුටුයි.

    ReplyDelete
    Replies
    1. ඇත්තමයි බන්, කාලෙකට පස්සේ මහගෙදර ආවා වගේ ෆීලින්ග් එකක් එන්නේ...

      Delete
  2. Replies
    1. හම්මට ප්‍රා,
      දැකපුකල්...

      Delete
  3. සකරබරිගයට මල පනින වැඩක් උඹ කරලා ඇති සුවර් එකටම. එළවන්න කළින් පොඩි රෙඩ් නෝට් එකක් එවන්නැද්ද බං. නැත්නං කෙළින්ම එලවල දානවද?

    ReplyDelete
    Replies
    1. රෙඩ් නෝට් නම් ආවේ නැහැ බන්.
      එත් සතියකට විතර කලින් "Please Confirm your name" කියලා ආවා. මාත් ලජ්ජා නැතුවා සිංහලෙන්ම විභීෂණ කියලා ලිව්වා.

      සතියක් සද්ද නැතිව ලස්සනට ගියා..
      පස්සේ තමයි පත්තු වුනේ මොක්ක හරි..

      Delete
  4. ෆේක් ප්‍රොෆයිල් ගොඩකට ඔය සන්තැසිය වෙලා තිබ්බ.. මොනවා උනත් බොට යස වැඩේ.. 'සක්‍ර බර්ගර්' දෙයියන්ට පහනක් පත්තු කරන්න වටිනවා.. :))

    ReplyDelete
    Replies
    1. ආරංචියි ආරංචියි..

      සකරයටයි, උන්න්නාසේ ගේ මෑණියන් ටට්යි දෙන්නටම මල් පහන් පත්තු කරලා තියෙන්නේ...

      Delete
  5. උඹ නම් ආයෙමත් ආවා.මට බ්ලොග් බැලුවට comment කරන්නවත් වෙලාවක් නැ බං.ලියන්න වෙලාවක් ඇත්තෙම නැ.

    ReplyDelete
    Replies
    1. ඒ මොකෝ බන්...

      මාත් ඉතින් ආවා නෙමෙයි, එන්න සිද්ද අවුනා...

      Delete
  6. ඒත් නැවතත් බ්ලොගේටම ආවා . බුකියේ ලියන්න එපමණ කැමැත්තක් නැහැ. සුභ අලුත් අවුරුද්දක්.වෙල්කම්බැක්

    ReplyDelete
    Replies
    1. බොහොම සන්තෝසයි අජිත් අයියා,,

      Delete
  7. නැවතත් පැමිණීම ගැන සතුටුයි විභීෂණ අයියේ

    ReplyDelete

කමෙන්ට් කලාපය....