2019-06-05

කාදිනල් තුමා ගේ ජාතිවාදය හා මංගලගේ බණ මඩුව


2019/4/21 වෙනිදා මුස්‌ලිම අන්තවාදී කල්ලියක ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් අහිංසක කතෝලික මිනිස්සු 250 කට වැඩි ගානක් අවාසනාවන්ත විදියට මරණය වැළඳ ගන්න කොට ...


සිංගප්පූරු ගිහින් හිටපු ජනාධිපති වාක්‍ය 10 ක ශෝක ප්‍රකාශ රචනා එවලා ඇඟ බෙර ගනිද්දී, 

අනේ මට ආරක්ෂක කවුන්සිලේට මාස ගානකින් එන්න කිව්වේ නැතිය, බෝම්බෙන් පස්සෙත් මම කවුන්සිලේ කැඳවන්න හදද්දී ජනාධිපති ඒකට ඉඩ දුන්නේ නැතිය කියලා අගමැති අඬා වැලපිලා ඇඟ බෙර ගනිද්දී,

 "ගහන බව නම් දැනන් හිටියා, එත් මෙහෙම ගහයි කියලා හිතුවේ නැතිය " කියලා රටේ ආරක්ෂක ලේකම් කැරි කතා  කියද්දී , 

අපි කිව්වේ ඕක තමයි, අරකයි, මේකයි කියලා විපක්ෂය මල මිනී උඩින් කැම්පේන් කරද්දී, 

මම ඇවිත් ඔය  සේරම නවත්තනවා කියලා වෙන්න ජනාධිපති ගොටාභය කෙහෙදෝ ඉඳන් ඡන්ද රිහසල් කරද්දී 

ජවිපෙ නිශ්ශබ්ද වෙද්දී,

කොටින්ම තමුන්ගේ නායකයෝ තමුන්ව මග ඇරලා අත පිහිදගනිද්දී, පැත්තකට වෙලා බෝල පාස් කර කර ඉන්නැද්දි, 

තමුන්ගේ පපුවේ හිරවෙච්චි දුක කියාගන්න කෙනෙක් නැතිව අසරණ  වෙච්චි මීගමුව, කොච්චිකඩේ කතෝලික ජනතාව එක්ක එදා හිටියේ , උන් එක්ක කඳුළු හැලුවේ ,  කටුවපිටියේ ඒ සමූහ අවමංගල පූජාව අඬ අඬ පැවැත්වුවේ මැල්කම් රංජිත් කාදිනල් තුමාය. 



තම්බි හැත්ත, තොපි මරාගෙන අපිත් මැරෙනවා කියාගෙන වැල්ලවීදිය පැත්තේ මන්න පිහි ටික දළුපත , පෙරියමුල්ල පැත්තට උදේ 9 /10 වෙනකොට  එන්න පටන් ගනිද්දී තමුන්ගේ කතෝලික සෙනග ඉස්සරහට ඇවිත් උන්ව නවත්තලා බැරි බැරි ගාතේ හරි උන්ව පුළුවන් විදියට සනසලා ආපහු ගෙවල් වලට යන තැනට සන්සුන් කරලා මහා ලේ ගංගාවකින් මීගමුව බේරාගත්තේ මැල්කම් රංජිත් කාදිනල් තුමාය. 

කතෝලික මිනිස්සුන්ට බෝම්බ ගැහුවේ මුස්ලිම් ත්‍රස්තවාදීන් වුනත් කිසිම වෙලාවක මුස්ලිම් ජනතාවට විරුද්ධව වචනයක්වත් නොකියා උන්ව සනසලා උන්ගේ පිහිටට හිටියෙත්   මැල්කම් රංජිත් කාදිනල් තුමාය. 

කොටින්ම  ජාතික දේශපාලන නායකයෝ සේරම හැංගිලා හදිසි අරාජික තත්වයක් ඇතුලේ නොසන්සුන වෙලා කොයි වෙලේ මොනා කරගනියිද තත්වයේ හිතපූ රටම සන්සුන් කරන්න මුස්ලිම් , බෞද්ධ නායකයින් එක්ක පෙරමුණ අරගෙත්තේ මේ මැල්කම් රංජිත් කාදිනල් තුමාය. 

එහෙවු මනුස්සයා රතන හාමුදුරුවන්ගේ උපවාසේ කරන තැනට ගියාය කියලා පරල වෙලා එතුමා ජාතිවාදයට පවන් සලනවා ය කියලා මංගල සමරවීර අපිට අමුතු බණක් දෙසන්න හදලා දැන් ඇඳගෙන නානවා ය.

මුස්ලිම් ත්‍රස්තවාදීන් රටේ ඉපදිලා , හැදිලා වැදිලා රටේම සම්පත් පාවිච්චි කරලා පුහුණුවීම් එහෙමත් කරලා අපිටම ගහලා යනකන් බකන් නිලාගෙන බලු පූට්ටු දාගෙන හිටපු මේ පිම්පි ආණ්ඩුව කලේ  මේ රට ආපහු ත්‍රස්තවාදයට බිල්ලට දීපු එකය.

එහෙවු ආණ්ඩුවේ මහා කණු කාදිනල් තුමාට ජාතිවාදී වෙන නොවෙන හැටි කියාදෙන්න හදන එක නම් සතර  හිනා සහගතය .
ඒ වගේ දේවල් වලට සාමාන්‍ය ව්‍යවහාරයේදී අපි කියන්නේ "පුකේ ලොජික්" කියලා ය.

මුස්ලිම් ත්‍රස්තවාදීන් ගැහුවේ කතෝලිකයින් වන අපිට ය.
ඒ  නිසා කතෝලික අපිට මුස්ලිම් අන්තවාදය එක කිසිම ආකාරයකින් කවර කරලා ඉවර කර ගත නොහැකි සැහෙන දරුණු ඇරියස් එකක් තියෙනවා ය.

ඒ එක්කම 
මුළු රටම මුස්ලිම් අන්තවාදයට , වහබ්වාදය ට එරෙහි වෙනකොට අහිංසක මුස්ලිම් මිනිස්සුන්ගේ ඔලු වලටත් විසබීජ කවලා ඉවක් බවක් නැතුව කාගෙවත් කිසිම උපදෙසක් , නීතියක් පඩේ  කට මායිම් නොකර ආණ්ඩුවේත් ආශිර්වාදය මැද රිෂාඩ් ලා, හිස්බුල්ලා ලා වහබ්වාදය පතුරුවනකොට , ගොනිබිල්ලෝ සංස්කෘතියක් රට ඇතුලේ වපුරන මේ වෙලාවේ , යටි දේශපාලන අරමුණක් එක්ක වුනත් ඊට විරුද්ධ ව ජීවිත පරිත්‍යාගයෙන් ( හෝ නැතුව) ඉස්සරහට එන මොන මනුස්සයාට වුනත්ව චනෙකින් හරි සහය දෙන්න සාධාරණ යුතුකමක් මේ මොහොතේ රටේ කතෝලික ජනතාවට තියෙනවාය. 
සහය දෙන්න අකමැති නම් අඩු ගානේ අපහාස නොකර නිශ්ශබ්ධව හෝ සිටින එක සැහෙන වටිනවාය.

රතන හාමුදුරුවන්ගේ උපවාස භූමියට කටුවාපිටියේ කතෝලික මිනිස්සු ගිහින් සහයෝගය දුන්නේ අන්න ඒ නිසාය. 

කාදිනල් තුමා ඉන්නෙත් කතෝලික ප්‍රජාව එක්ක ය. ඉතින් එතුමා එතෙන්ට ගියෙත් ඒ සහයෝගය අංශු මාත්‍රයක් හරි දෙන්නය.

මේ එකමුතුව ආණ්ඩුවට නං  ටිකක් නොව සැහෙන්නම දැනිලා තියෙනවා ය. මංගලගේ ට්විටර් එකෙන් අපට තේරෙන්නේ එහෙම දෙයක් ය.

අවසාන වශයෙන් කියනන තියෙන්නේ , 
රතන හිමි උපවාසයට කාදිනල් තුමාගේ වැඩම කිරීම හෝ සහය දැක්වීම ආණ්ඩුව පෙරලීමේ කුමන්ත්‍රණයක් කියලා මංගල හෝ වෙන කවුරු කෙනෙක් කියනවා නම් , විභීෂණ නම් කියන්නේ ජන අප්‍රිය, කුජීත , නපුංසක කොන්ද පණනැති මේ ආණ්ඩුව එහෙම හරි පෙරලුනාට කමක් නැත කියාය. තිස්තුන් කෝටියක් දේවි දේවතාවුන් වහන්සේලාගේ පිහිටෙන් එවන් කුමන්ත්‍රණ සාර්ථක වේවා කියලා ය.

 
අපි ගොහින් එන්නම් එහෙනම්...

7 comments:

  1. ඉතා ම සරල ව තත්ත්වය පැහැදිලි කිරීමට ඔබ ගත් උත්සාහය ඉතා අගය කරමී.අපක්ෂපාතී කඩේ නොයන මෙම ජනතාවාදී ලියවිල්ලට මාගේ හදපිරි ස්තූතිය පිළිගන්න.

    ReplyDelete
  2. ඒ වුනාට විභීශනයෝ ලංකාව බෞද්ධ රටක්ය කියලා පාදිලි උන්නාන්සෙලා කීවෙ නම් බොරුවට.
    දෙමළ ජාතිවාදී ප්‍රශ්ණයක් ආවොත් ලංකා කතෝලික සභාවම ඊලාම් සභාවක් වෙනවා.

    අපිනම් ඔය ලෝගුකාරයින්ට රැවටෙන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. උඹ සිවුරුකාරයින්ට රවටියන්...අපි ලෝගු කාරයින්ට රවටෙන්නම්..

      Delete
  3. ඇත්ත කියන්න කොන්ද පණ තිබුනෙ මංගලට විතරයි.

    ReplyDelete
    Replies
    1. මොළෙත් පණ තිබ්බානම් තව ටිකක් හොඳට කියන්න තිබ්බා..

      Delete
  4. No need to hope;
    Sure it happens..

    ReplyDelete

කමෙන්ට් කලාපය....