2019-04-17

2020 රට කාටද ? අනාවැකියක් ....


කාලාන්තරෙකට පස්සේ ලියන පලවෙනි පොස්ටුවෙන් විභීෂණ මේ සූදානම් වෙන්නේ ලැස්ති වෙන්නේ එක්තරා ආකාරයකට අනාවැකියක් කියන්නට ය.
එත් මේ  රටේ දේශපාලනේ ගැන නාඩියෙන් ඉන්න එවුන්ට නම් විශේෂයෙන්ම අපේ කාව්‍ය සිරෝමනි, දේශපාලන බ්ලොග් විචාරක මාතලන් වගේ ඩයල් වලට නම් මේක  මහා අමුතු , පුදුම සහගත ඇඟේ මයිල් කෙලින් වෙන ආරංචියක් නොව මේ  වෙනකොට ඉස්තීරෙන්ම  දන්නා , ඉර හඳටත් වඩා බුදු ෂුවර් අනාවැකියක් බව කියන්නට ම ඕනෑය.



අනාවැකිය නම් මෙන්න මෙහෙමය. ලියා ගැනීමේ කිසිම අවශ්‍යතාවයක් නැත.


***********************************
ඊළඟ ජනාධිපතිවරණය ජයගන්නේ ඝෝඨාභය රාජපක්ෂ ය.
***********************************

තියෙන එකම කොන්දේසිය වෙන්නේ ජනාධිපතිවරනෙට ඉදිරිපත් වීම පමණය.
ඉල්ලන්නේ පොහොට්ටුවෙන්ද, අලියාගෙන්ද, හන්සයාගෙන්ද,සීනුවෙන්ද නැත්තන් වෙන අහවල් එහෙකින්ද යනවග කිසිසේත් අදාල නැත.
ස්වාධීනව ඉල්ලුවත් ඝෝඨ රජ වෙන එක වලක්වන්නට මේ මොහොතේ සක්කරයාටවත් බැරිය.

මෙහෙම අනාවැකියක් කියන්න හතර වටේ කැරකෙන ග්‍රහලෝක දිහා බලන්නව අලුතෙන් හොයා  ගත්ත කළු කුහරේ දිහා බලන් ඉන්නවත් කිසි ම කිසි ඕනෑකමක් නැත.
පහු ගිය දශක දෙක තුනක කාලෙක ඉඳන් ජනාධිපතිවරණ/ මහා මැතිවරණ වලදී දෙතුන් ගොල්ලන්ගේ ප්‍රචාරක යාන්ත්‍රනය හැසිරිච්ච විදියත් ඒකට සාපේක්ෂව රටේ ජනමතය හැසිරිච්ච විදියත් ගැන පුංචි  ස්ටඩි එකක් කළා නම්  හොඳටම ප්‍රමාණවත් ය.

93/94 



93/94 කාලෙදී කොහෙවත් හිටපු නැති චන්ද්‍රිකා බොහොම කෙටි කාලයක් ඇතුලත සිරිලංකා පක්ෂය ඇතුලෙන් තරුවක් වගේ මතුවෙලා එනකොට ඒ වෙනකොට තිබ්බ යූඇන්පී ආණ්ඩුව චන්ද්‍රිකාට නොගහපු මඩක් , එයා  ගැන නොකියපු කුණු හරුපයක් නැත.
17 අවුරුද්දක් රට පාලනය කරපු , ආර්ථික විප්ලවයක් කරපු ඒ යූඇන්පී ආණ්ඩුව චන්ද්‍රිකා ව සමච්චලයට ලක කළේ එයාගේ දේශපාලන ලඳ බොලඳ කම් ගැන , අත්දැකීම් අඩු කම වගේ බහුබූත දොඩවමින්ය. සරලව කිව්වොත් එදා යූඇන්පී මැතිවරණ වේදිකාව සම්පූර්ණයෙන්ම වගේ වෙන් වුනේ චන්ද්‍රිකාට මඩ ගහන්නට ය.
බලාගෙන ගියාම සිරි ලංකා වේදිකාවේත්, යූඇන්පී වේදිකාවේත් ප්‍රධාන මාතෘකාව වුනේ චන්ද්‍රිකා ය.
නෙගටිව් ද පොසිටිව් ද වැඩක් නැත. වේදිකා දෙකේදීම වුනේ චන්ද්‍රිකා මාකට් වෙච්ච එකය.
අන්තිමේදී චන්ද්‍රිකා ජනාධිපති විය.

1999 

94 දී සුපර්ස්ටාර් වෙලා ආවට මොකද  චන්ද්‍රිකා ආපු දා ඉඳන් ජයටම කරගෙන ආපු එකම දේ යූඇන්පී යට මඩ ගැහීමය .
හැම අවුරුද්දටම දෙපාරක් විතර රනිල්ට, ජයලත් ජයවර්ධන කොටි ලේබල් ගහලා බොරු නිවුස් දෙක තුනක් පත්තු කරනවා මය.
ඕනෑම ජාතියක චන්දෙකට කලින් මාසයක් විතර බටලන්ද මාකට් කරනවා ය. එකියන්නේ රනිල් ව මාකට් කරනවා මය.
සරලව කිව්වොත් 94 ඉඳන් 1999 වෙනකම් සිද්ද වුනේ  සිරි ලංකා වේදිකාවෙත් රනිල් මාකට් වෙච්ච එකය.
රනිල්ට කෝටි ලේබල්, බටලන්ද ලේබල් ගගහා මඩ ගහන එක ඇරෙන්න ඡන්ද වේදිකාවේ කරන්න දෙයක් සිරි ලංකා එකටත් ඉතුරු වෙලා තිබුනේ නැත.
කොහොමත් ඒ වෙනකොට රැල්ල තිබුනේ චන්ද්‍රිකා ට විරුද්ද පැත්තටය.
ඔය අල්ල පනල්ලේ පත්තු වෙච්ච ටවුන්හෝල් බෝම්බෙන් සේරම ටික කණපිට හැරුනේය.
බෝම්බෙන් බෙරිච්ච චන්ද්‍රිකා ඇහැක් වහගෙන කඳුළු පෙරාගෙන කරපු කතා ටිකට පිං සිද්ද වෙන්න යාන්තම් එදා ජනාධිපතිවරනේ දිනා ගත්තේය.
වික්ටර් අයිවන් ගේ "චෞර රැජින " පොතේ දෙවනි චැප්ටර් එක කියෙව්වා නම් ඔය  බෝම්බ සීන් එක ගැන වෙනමම කතාවක් දැනගන්න පුළුවන් ය.
ඉතින් එදා  චන්ද්‍රිකා දිනුවා ට  මොකද අවුරුද්දක් යන්නත් කලින් එකියන්නේ 2001 දී රනිල් ප්‍රමුක යූඇන්පී එකට  ආණ්ඩුව ගිය එකෙන් , බොම්බේත්  නොතිබුනා නම් 1999 ප්‍රතිඵලෙත් කොහොම වෙන්න තිබ්බා ද කියන එක හිතා ගන්න පුළුවන් ය.

2005 


දැන් හැරෙන්නේ 2005 ජනාධිපතිවරණෙ දිහාටය.
එකේ  දී රනිල් "ජාතික න්‍යාය පත්‍රය" ගේනකොට මහින්ද ගෙනාවේ "මහින්ද චින්තනය ය".
යූඇන්පී එකට , රනිල්ට සුපුරුදු පරිදි සාම්ප්‍රදායික මඩ ටික ගැහුවත් මහින්ද  තමුන්ගේ ජාති හිතෛෂී සිංහල බෞද්ධ ප්‍රතිරූපය එක්ක මහින්ද චින්තනේ සුපිරියටම මාකට් කළේය. එක කොච්චර සාර්ථකද කියනවා නම් ගමේ ගෑනු මිනිස්සු " මේ එන්නේ දියසේන කුමාරයා නේද" කියලා අහන්න පටන් ගත්තේය.
යූඇන්පී ය කලේ තමින්ගේ ජාතික න්‍යාය පත්තරේ පැත්තක තියෙද්දී අර මහින්ද චින්තන පොත් පිංච අරගෙන වේදිකාවක් වේදිකාවක් ගානේ ගිහින් එකේ පිටුවක් පිටුවක් ගානේ විවේචනය කරපු එකය.
යූඇන්පී එකෙන් දාපු ටීවී ඇඩ් වල තිබුනෙත් මහින්ද චින්තන පොතේ තිබ්බ "මිශ්‍ර ආර්ථිකේ"වගේ වචන වලට මඩ ගහන ඩයලොග් ය.
සරලව කිව්වොත්  පොසිටිව් ද නෙගටිව් ද අදාළ නැතුව මහින්ද යූඇන්පී ශ්‍රී ලංකා වේදිකා දෙකේම සුපර්ස්ටාර් බවට පත්වුණේය.
ජනපති කමත් මහින්දටම ගියේය.

2010 


2010 දී යුද්ධේ ඉවරකරපු සේනාධිනායකයා විදියට මහින්ද එක පැත්තකින් ඡන්දෙට එද්දී යුද්ධේ ඉවරකරපු සෙන්පතියා ෆොන්සේකා  ඊට විරුද්ධ පෙරමුණෙන් චන්දෙට ආවේය.
කැම්පේන් එකේදී දෙගොල්ලොම කලේ යුද්දේ දිනපු එක මාකට් කරපු එකය.
මහින්ද යුද්දේ දින්නේ එයය කියලා කියද්දී ෆොන්සේකා කිව්වේ දින්නන්න යුද්දේ කලේ එයය කියලාය.කතා දෙකම ඇත්තය.
එත් මොකක්දෝ හේතුවකට මහින්ද පිල ෆොන්සේකාට ගැන බයක් හිතේ තියාගන හිටි බව පැහැදිලිවම පෙනුනේය.
තමුන්ගේ මහින්ද චින්තනේ පැත්තක තියෙද්දී ෆොන්සේකාට මඩ ගහන්න මහින්දගේ සේනාවේ සැහෙන්න දෙනක් ඉස්සරහට ආවේය.
මහින්ද කඳවුර ෆොන්සේකාට කොච්චර බය වුනාද කියනවා නම් කොහෙවත් යන ගෑනු ලව්වත්, මඩ ගහන්න පටන් ගත්තේය.
මෙදා සැරේ ෆොන්සේකා කඳවුරු දෙකේදීම මාකට් වෙච්ච චරිතය බවට පත්විය.
කොහොම හරි චන්දෙ අන්තිම දවස දෙක වෙනකොට ලොකු පරතරයකින්  නැති වුනත් පොඩ්ඩක් හරි වැඩියෙන් රැල්ල  ෆොන්සේකා ට තියෙන බව හොඳටම තහවුරු වුනේය.
2010 ජනාධිපතිවරණ ය පැවැත්වුනේය.
පහුවෙනිදාට එලි වුනේය.
මහින්ද දිනලා ප්‍රතිඵල පිටවෙන කොට මැකෝ තුමා ට ආතතියක් හැදිලා ය.
ඉතින් වෙච්ච දේ හිතා ගන්න පුළුවන. ලියන්න ගියොත් අපිට ආතතිය හැදෙනවා ය.


2015 


2015 දී මහින්ද සිරිලංකා පෙරමුණෙන් එද්දී යූඇන්පී පෙරමුණෙන් චන්දෙට ආවේ මෛත්‍රීපාල සිරිසේන ය.
මේ කැම්පේන් එක කිසිම කෙනෙක්ට අමතක වෙන්න විදියක් නැත.
යූඇන්පී උන් මෛත්‍රී ව කරේ තියාගෙන යද්දී සිරිලංකා එක කලේ මෛත්‍රී ව වඩා  ගත්තු එකය.
හරියටම වුනේ 2005 කැම්පේන් සිද්ධි දාමයම පැති දෙක මාරු වෙලා සිද්ද වෙච්ච එකය.
මෛත්‍රිපාල ගේ කැම්පේන් එක්දී "මෛත්‍රී පාලනයක් " පොත පිටුවෙන් පිටුව මාකට් කරද්දී මහින්ද ගේ කැම්පේන් එක්දී සිද්ද වුනෙත් "මෛත්‍රී පාලනයක් " පොත ම මාකට් වෙච්ච එකය.
මඩ ගැහීමේ චේතනාවෙන්ම හිටපු නිසා ද කොහෙද මහින්ද ගේ අතේත්  ඕනෑම වෙලාවක තිබුනේ "මහින්ද චින්තන " පොත නොව "මෛත්‍රී පාලනයක් " පොතය .
ඉතින් සහෝදරවරුනේ බලන් ගියාම වෙලා  තිබුනේ පොසිටිව්ද නෙගටිව් ද අදාල නැතුව එහෙත්  මෛත්‍රී මෙහෙත් මෛත්‍රී වගේ සීන් එකක් ය.
ඉතින් ජනාධිපති කමත් ගියේ මෛත්‍රී ටමය.

ඔය කතා සේරම කිරලා මැනලා පෙරලා හෙම ගත්තාම ඉතා සරල සමීකරණය නම්, ජනාධිපතිවරණයකදී ප්‍රධාන කඳවුරු දෙකේම හිට් වෙන්නේ කවුද , අන්න ඒ මනුස්සයා නියත වශයෙන්ම ජනාධිපති වෙනවා ම බවයි.

ඒ න්‍යාය වෙනස් වෙන්නේ 2000 , 2010 වගේ නොහිතපු පිටස්තර කාරනාවක් සිද්ධ වුනොත් විතරය.

ඉතින් දැන් තියෙන්නේ 2020 ජනාධිපති වරණය වෙනුවෙන් දැන් තියෙන වටපිටාව මොකක්ද කියන පොඩ්ඩක් විපරම් කරලා බලන එකය.

රනිල් ප්‍රමුඛ යූඇන්පී කඳවුර ගත්තොත් ජනාධිපතිවරනෙකට ඉල්ලන්න පුළුවන් ලෙවල් එකේ නායකයෝ ඉන්නේ තුන්දෙනෙක් විතරය.
ඒ රනිල් , සජිත් සහ කරු ය.

රනිල් ට පම්පෝරි මිස වැඩක් වැඩක් විදියට කරන්න බැරි බව මේ වෙනකොට ඔප්පු කර හමාරය.එත් එක එයාගේ වැරද්දක් නොවන බව කිව යුතුමය. හේතු කාරනා වෙනත් පොස්ටුවකින් ලියනම් ය.
සජිත් තාමත් ජාතික දේශපාලනයට සූදානම් නැති බවත් , තාත්තාගේ පිහිටෙන් එලිය බලනවා ඇරෙන්න වෙන දෙයක් කරන්නේ නැති බවත් ඉතා පැහැදිලිය,
එකම බලාපොරොත්තුව කරු විතර ය.
කවුරු කොහොම මොනා කිව්වත් කරු කියන්නේ යකාටවත් බය නැති, රටේ විධායකය ටවත් කොන්ද නමන්නේ නැති චරිතයක් බව ඔප්පු කර හමාරය.
නමුත් ඔය තුන්දෙනාටම තියෙන්නේ වෙන් වෙන්ව වැඩ කරන කල්ලි තුනක් ය. ඒ කියන්නේ මේ තුන්දෙනා නිසා පක්ෂය මේ මෙහොතෙත් පාර්ශව තුනකට බෙදී තිබෙනවා ය.
යූඇන්පී බුකී පේජ් දහයක් පහළොවක් බලපුවම කාරණාව හොඳ හැටි පැහැදිලිය.

පොහොට්ටු සිරි ලංකා කඳවුර ගත්තොත් ට්‍රැක් රැකෝඩ් තියෙන මිනිස්සු විදියට ඉන්නේ මහින්ද, මෛත්‍රී සහ ඝෝඨාභය තුන්දෙනා විතර ය.

ඔතනින් ව්‍යවස්ථා වට අනුව මහින්ද ට ආපහු ඉල්ලන්න බැරිය.
මෛත්‍රී ඉල්ලුවොත් වෙන දේ ගැන කියන්න අපි වචන නාස්ති කරන එකේ තේරුමක් නැත.
ඉතුරු ඝෝඨා විතරය.
මිනිහාට සුපිරි ට්‍රැක් රෙකෝඩ් එකක්ද ඇත.
කොළඹ පිළිවෙලක් කරලා මුඩුක්කු ටවුමක තත්වයෙන් ගලවලා CITY එකක් තත්වයට ගෙනාවේ ඝෝඨා ය.
ඒ වැඩේ කරනකොට පාර හරස් කරන්න ආපු එවුන්ට , කණ්ඩායම් වලට ෂොට් එක දීපු හැටි ගැන ආපහු කියන්න උවමනා නැත.
ඝෝඨා කියන්නේ කෙක්කෙන් බැරි නම් කොක්කෙන් හරි තමුන්ට දීපු රාජකාරිය කරලා "ඉවරකරන" මනුස්සයෙක් බව ඔප්පු කරලා හමාරය.
ඔය සුදු වෑන් , මිනී මැරුම් , මිනී මෝරු සීන් වගේ චෝදනා කිසිසේත් දැන් අදාළ නැත. මොකද කියනවා නම් දැන් බලයේ ඉන්න ආණ්ඩුවට ඔය කේස් සේරම ඇදලා ඝෝඨා හිරේ දාන්න වැඩියෙනුත් එක්ක කාලය තිබුනේය. එත් කලේ නැත. එනිසා ඒවා කතා කරලා තේරුමක් නැත.

ඝෝඨා එනවා නම් පොහොට්ටු-සිරි ලංකා සේරම දෙනා එක මිටට ඝෝඨා වෙනුවෙන් චන්දෙ දෙන බව සක්සුදක් සේ පැහැදිලිය.
අද බයිලා ගැහුවාට වෙල්ගමත් එදාට මොකක් හෝ කියලා ඝෝඨා ගේ පැත්තට පනිනවා මය.
එහෙම තියෙද්දී අනිත් පැත්තෙන් රනිල්, කරු සජිත් කවුරු ආවත් යූඇන්පී සේරම දෙනා එක මිටට ඒ එකෙක්ටවත් ඡන්දේ දෙන්නේ නැත. මොකද ඔය කල්ලි තුනම එකාට එකා නැත. කොටසක් අනිවා ඝෝඨාට චන්දෙ දෙනවා මය.


ඝෝඨා ට එකම අභියෝගය තියෙන්නේ මුළු යූඇන්පී මුළු පෙරමුණම එකට එකාවගේ එකතුවෙලා එදා මෛත්‍රී  වගේ මෙදා කරූ ව ඉස්සරහට දැම්මොත් විතරම ය.

එත් එහෙම කරගන්න පුළුවන් තත්වයක යූඇන්පී එක ඉන්නවද කියන එක නම් ඉතාමත් සැක සහිතය.

ඉතින් මේ සේරම කරුණු කාර්නා සලකලා බලනකොට සිටිසන්ෂිප් ප්‍රශ්නෙයි, නඩු හැබැයි ඉක්මනට විසඳගන්න පුළුවන් වෙලා ඝෝඨා  චන්දෙට එනවා නම් 2020 දී මේ රට ඝෝඨා ට බාරවෙන එක වලක්වන්න බැරි බව ඉතා පැහැදිලි වෙනවා ය.

ඒ එක්කම ඉතාම වැදගත් දෙයක් කියන්නම උවමනයා.
රනිල් ගේ යූඇන්පී සහ ඉතුරුවෙලා ඉන්න ජේවීපී කඳවුර වගේ මේ සේරම මේ වෙලාවේ ඝෝඨා ගැන මහා බයකින් වෙවුලමින් සිටන බවය.
ඝෝඨා රට ගියාම, එහෙදි සිතාසි ලැබුනාම මෙහෙ ඉන්න ඝෝඨා විරෝධීන් සේරම හැසිරිච්ච විදිය ආපහු කියන්න ඕනා නැත. 
සමහරු අඩි  ගණන් යාර ගණන් ආටිකල් ලිව්වේ සිටිසන්ෂිප් ප්‍රශ්නෙයි, නඩු හබ යි එක්ක ඝෝඨා ට ඡන්දේ ඉල්ලන්න බැරි වෙන හැටි ගැනය.
කොටින්ම කිව්වොත් උන් සේරම ඝෝඨා ජනාධිපති වුනොත් කියන භයානක මානසික රෝගයකින් දුක් වින්දේය.
ප්‍රශ්නය බරපතල වුනේ ඇමෙරිකාවේ හිරවෙයි කියලා හිතුව ඝෝඨා කිස් අවුලක් නතුව පහුගිය දොහක ආපහු ලංකාවට ආපු වෙලවෙය.

කට්ටියට ම මුත්‍රා ත් එක්ක හුජ්ජ පිටවුනු බව බොහොම පැහැදිලිය.

මේ දවස් වල මේ සෙට් එකට බාර වෙලා තියෙන එකම ජොබ් එක ඝෝඨා ට මඩ ගැහීමය.
සුදු වෑන් ද, හින්ගන්නන්ගේ ඝාතන ද, මිනී මොරුද අරකද මේකද සේරම අරගෙන ආගිය අතේ ගහනවා දකිනකොට අපිට උන් ගැන අනුකම්පා කරන්නට පවා සිතෙනවා ය.
ඉතින් කලින් වගේම කියන්න තියෙන්නේ මේ වෙලාවේ කඳවුරු දෙකේම ජනප්‍රියම තරුව බවට ඝෝඨා පත්වී ඇති බවය.
ඉතුරු ටික බලාගන්න ඡන්දයක් තිබ්බා නම් හොඳටම ඇතිය.



දැන් තියෙන්නේ සිද්ද වෙන කරුණු කාරනා ගැන විමසිල්ලෙන් බලාන ඉන්න එකය.
එහෙනම් ඉතින් අපි ගිහින් එන්නම් ය.

4 comments:

  1. 100% agree, nothing else to add.

    Gota is the only hope to get out of current pathetic situation. Ordinary politicos are scared of Gota just like we were scared of our school discipline master (or Vinaya palaka). All know Gota is no nonsense person, even MR is scared of Gota (which is a good thing)

    Our 3rd world country is not ready to have 1st world freedom, most of us only know WAL BOORU freedom like calling our President PARA BALLA. Hope Gota will win and take us from Third world to First like LKY did to Singapore.

    ReplyDelete
    Replies
    1. Exactly!
      At this moment Gota is the one and only person who can lead the country.

      You are correct.
      Sri Lanka is now experiencing a WAL BOORU freedom where anyone can do anything .
      This must be immediately stopped if we have at least a little hope to be developped a nation.
      Thanks for the comment.

      Delete

කමෙන්ට් කලාපය....