2018-09-23

තරු හතේ ප්‍රජාතන්ත්‍රවාදය හෙවත් අම්මගේ රෙද්ද


ප්‍රජාතන්ත්‍රවාදය කියන කාරණාව අරගෙන බැලුවොත්  රටක්ම මෛත්‍රීපාල සිරිසේන රනිල් වික්‍රමසිංහ  ගේ පෙරමුණට ඡන්දේ දුන්නේ වෙන මොකක්වත් හින්දා නොව ඊට කලින් තිබුනේ රාජපක්ෂලාත් එයාලගේ ලැට් වඩන නිලමේලාත් වටකරගෙන හැදිච්ච අන්ත තුප්පහි මජරවාදයක් නිසාය.
දෙදාස් දහතුන වගේ වෙනකොට ඔය මජරවාදේ ඉහවහා ගිය තත්වෙට වැටුනේ ය.
වෙන වචන වලින් කිව්වොත් ලොක්කා  හිටගෙන කරද්දී ගෝලයෝ දුව දුව කරන තැනට පත්වුණේය.

රටම එක ලොකු පාතාලයක් බවට පත්වුණේය.

ඕවා දැන් අවුරුදු තුනක් විතර පරණ , එක්ස්පයර් වෙච්ච සුරංගනා කතා ය.





දැන් තියෙන්නේ නමට, පම්පෝරියට යහපාලන සංකල්ප අනුව යමින්  දැහැමින් කොහොමවෙතත් සෙමින් රට පාලනය කරන ආණ්ඩුවක් ය,

ආණ්ඩුව බලයට පත් වුනු දා ඉඳන් පතුරපු මන්තර අතර ජනප්‍රියම එකක් වුනෙත් "අපි නිදහස ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කලා ", " හැමෝටම නිදහසේ අදහස් ප්‍රකාශ කරන්න අවස්ථාව දුන්නා " කියන වචන කීපය ය.
මෛත්‍රීපාල ජනාධිපතිවරයා නම් තවත් ටිකක් අතිනුත්  දාලා කියන්නේ " අපි තරු හතේ ප්‍රජාතන්ත්‍රවාදයක් ස්ථාපිත කළා " කියලා ය.

ඒ වචන ඇහෙන කොට ආණ්ඩුවේ උත්තම උත්ත්මාවියන්ගේ  මෑණිවරුන්ගේ වස්ත්‍ර සිහිපත් වීම නොවැලක්විය හැකි කාරණයක් බවට පත්වන්නේ මේ ගතවෙච්ච අවුරුදු තුන පුරාවටම ඔය කියන සුපිරි ප්‍රජාතන්ත්‍රවාදයේ සුපිරි නිදහසේ තරු සේරම ටික අපිට ඕනෑවටත් වඩා පෙනුණු නිසාය.


වැඩ ඇරිලා ගෙදර යන්න ස්ටේෂන් එකට එනකොට කොච්චි නැත.
ආණ්ඩුවෙන් දුන්නාය කියන සුපිරි නිදහස ප්‍රයෝජනයට අරගෙන ඉන්දික දොඩන්ගොඩ වගේ ගස් බල්ලෝ ඉස්සර කරගත්තු කෝච්චි යුනියන් බලු හැත්ත හිතුනු ගමන් ස්ට්‍රයික් පටන් අරන් ය.




පාරට ආපුවාම බස් නැත.
එක්කෝ බස් ගාස්තු වැඩිකරන්න දුන්නේ නැතිය කියලා , නැත්තං රූට් එකට අලුතෙන් බස් එකක් දාන්න පර්මිට් එකක් දුන්නා ය කියලා , එහෙමත් නැත්තන් මාර්ග වැරදි වලට දඩ ගහනවයි කියලා අංජන ඉන්ද්‍රජිත් ප්‍රමුඛ බස් කැරියෝ ටික ස්ට්‍රයික් ය.






ලෙඩ වෙලා බෙහෙත් ගන්න ගියාම ඉස්පිරිතාල වහලය.
බලන් ගියාම රටේ තියෙන පොරි හැලෙන ප්‍රජාතන්ත්‍රවාදය නිදහස නිසා හිතුනු ගමන්ම පාදෙණිය දොස්තර ප්‍රමුක සක්කිලි මිනීමරු දොස්තර බල්ලෝ ටික ස්ට්‍රයික් කරලා ය.





තෙල් ගහන්න ෂෙඩ් එකට ගිහාම තෙල්තෙ නැත.
තෙල් සංගම් ටික ස්ට්‍රයික් කොරලා ය. හේතුව ත්‍රිකුණාමලේ තියෙන මලකඩ තෙල් ටැංකි ටිකක් ඉන්දියාවට දෙන්න යනවා කියලා ය.







හැම මාස දෙහෙකට විතර සැරයක් , කොහෙවත් නැති අදාලම නැති  රෙද්දවල් ගැන මාර  පුකේ ඇම්මක්  තියෙන ලහිරු වීරසේකර කියන අවජාතකයාගේ ගස් බල්ලෝ ටික මොකක්හරි හුත්තක් අරන් ඇවිත් කොළඹ වනසනවාය.

ඔය සේරම එක්ක හැම මාස හතරකට විතර සැරයක් එකාබද්ධේ හිඟන හැත්තත් තමුන්ගේ හරක් පට්ටිය සංගණනය කරගන්න කොළඹට ගෙන්නනවාය.

ඊයේ පෙරේදා තිබ්බ ලේක්හවුස් සංගණනය කරලා ගියේ නිකනුත් නොව කොළඹ පුරාම රීලා ය.

මේ මගුල් සේරම හින්දා අන්තිමට ම කෙල වෙන්නේ රටේ වැඩකරන සාමන්‍ය පඩියක් ගන්න මහජනතාවට ය.

එතකොට අර යූනියන් වල ඉන්නේ සාමන්‍ය මහජනතාව නෙමෙයිද කියලා මොකෙක් හරි ඇහුවොත් විභීෂණ නං කියන්නේ "නැත" කියලා ය.

ඒ වෙන මක්කාවත් හින්දා නොව ඔය යූනියන් අටෝගෙන ඉන්න බලු හැත්තෙන් අතිශය අතිශය සාතිශය බහුතරයක් ඉලක්කම් හයක හෝ ඉලකම් හයකට ඉතාමත් ආසන්න පඩි ගන්න එත් අබ ඇටයක වැඩක් නොකර යූනියන් කර කර එක එකාට මඩ පෝස්ටර් ගගහා තමුන්ගේ දේශපාලන ලොක්කන්ට ඕන විදියට මිනිස්සුන්ව දක්කන බල්ලන්ටත් අන්ත ජීවීන් කොට්ටාශයක් නිසා ය.

ඉතින් මේ සේරම නිසා අවසාන විග්‍රයහයෙදී කෙලවෙලා තියෙන්නේ සාමන්‍ය ජනතාවටය.
එත් ආණ්ඩුව කියන්නේ එයාල හැමෝටම සීයට සීයක නිදහසක් ප්‍රජාතන්ත්‍රවාදයක් දීල තියෙනවා ය කියලා ය.

තියරිය අනුව ඒ කතාව හරිය,
ඒ කියන්නේ දැන් ඕනෑම පකෙක් ට  බෝඩ් එකක් උස්සන් ඇවිත් කොළඹ උද්ගෝෂණයක් කරලා පාරවල් දෙකතුනක් බ්ලොක් කරලා කඳුළු ගෑස් ටිකක් වතුර ටිකක් කාලා නාල ගෙදර ගිය හැකිය.
කිසි අවුලක් නැත. ආණ්ඩුවෙන් හරි ආණ්ඩුවේ කොන්ත්‍රාත් කරන කුලී කාරයෝ හරි ඇවිත් ඌට වෙඩි තියන්නේ නැත. උස්සන් යන්නේ නැත. අඩු ගානේ ගලකින්වත් ගහන්නේ නැත.

තියරිය ට එහෙම වුනාට ප්‍රැක්ටිකලි එහෙම හරි යන්නේ නැත.
සක්කිලි යූනියන් කාරයෝ ටික විතරක් වත් ලහිරු ගේ අන්තරේ බල්ලෝ ටිකවත් විතරක් නොව තවත් මිනිස්සු මේ රටේ ජීවත් වෙන බව හැමෝම මතක තබා ගත යුතුය.
කරුමෙට මහලොකු යහපාලන ආණ්ඩුවට රටේ සාමන්‍ය මහජනතාව ගැන එහෙම දැනුවත් කමක් තියෙනව බවක් කොහෙත්ම පෙනෙන්නට නැත.

මොකෙක්හරි කොළඹ බ්ලොක් උද්ඝෝෂණයක් කරනකොට ආණ්ඩුව කරන්න හදන්නේ උන් එක්ක තව තවත් තව තවත් සාකච්චා කර කර හැමිනෙන්න ම හදන එකය.
එක දන්නා අර යූනියන් අලුගුත්තෙරුවොත් කරන්න තව තව තව තව අසාධාර්ණා ඉල්ලීම් ඉස්සරහට ගෙන ආණ්ඩුව හිර කරන එකය.

ආණ්ඩුව හිර කරගෙන බැරිනම් පුක ඇතුලේ ඔබා ගත්තත් අපිට නම් කිසි ප්‍රශ්නයක් නැත.
එත් ප්‍රශ්නේ තියෙන්නේ මේ සක්කිලි ඔය වැඩේට කොළඹ පාරවල් බ්ලොක් කරගෙන මිනිස්සුන්ගේ සාමන්‍ය ජන ජීවිතය කඩාකප්පල් කරලා මේ දේවල් කරන එකය.

බලන් ගියාම ආණ්ඩුව නිදහස ප්‍රජාතන්ත්‍රවාදය දීලා තියෙන්නේ සාමාන්‍ය මහජනතාවට නොව කොහෙවත් ඉන්න කම්මැලි කෂඩ  බල්ලෝ ටික්කටය. උන් හින්දා සාමන්‍ය මිනිස්සුන්ගේ තියෙන නිදහසටත් කෙල වෙලා ගිහින් ය.

මේ අවුරුදු තුනට ඔය වගේ රටේ සාමන්‍ය ජන ජීවිතයට බාධා වෙන විදියට රට ප්‍රාණ ඇපයට අරන් කරපු වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වලට ආණ්ඩුව මුහුණ  දුන්නේ අතිශය පොන්න සහගත අකාරයට.

තෙල් ප්‍රශ්නේ දී නම් යාන්තම් ආණ්ඩුවට පොන්න කම පැත්තක තියලා කොන්ද පණ ගහලා අරගෙන ඉස්තරම්ම බෙහෙතක් තෙල් යූනියන් එකට දුන්නේය. එත් ඒ කොන්ද පහල වුනේ රටේම තෙල් ඉවර වෙලා රටම  අංශ්භාගෙට ඇවිල්ලා , නවතින්න ඔන්න මෙන්න කියලා තියෙද්දීය. කෙටියෙන්ම කිව්වොත් නහය ටත් උඩින් වතුර ගියාටත් පස්සෙය.

කොන්ද පණ ඇතිව කරපු එකම එක වැඩේ ඕක විතරය.
ආණ්ඩුවට කොන්ද පණ නැති වුනාට මිනිස්සුන්ගේ නම් ඉවසීම රතු කට්ටේ සීමත් කඩාගෙන ගොස් ඇති බව රටටම පෙනුනේ මේ ළඟදී තිබ්බ කෝච්චි ස්ට්‍රයික් එකේදී ය.

යූනියන් එක්ක හැමිනෙනවා ට වඩා ගෙදර යන එක වටිනා බව තේරුම් ගත්ත මහජනතාව එදා කොටුවේදී ස්ට්‍රයික් කරපු පාහරයින්ට එලව එලවා ගැහුවේ අන්න ඒ නිසාය.


ගාමණී චිත්‍රපටියේ එක තැනක ගෝනගල ගමේ හාමුදුරුවෝ තමුන් හම්බ  වෙන්න එන එන.ජී.ඕ සැට් එකට මෙන්න මෙහෙම කියනවා ෆිල්ම් එක බලපු ඕන කෙනෙක්ට මතකය.

"ත්‍රස්තවාදියාට දේශපලන විසඳුම් ලබා දෙන්ට යන එක මහා භයානක දෙයක් මහත්තයෝ. අහිංසකයින් මරලා තමන්ගේ ඉල්ලීම් ඉෂ්ට කරගන්න පුළුවන් කියලා දැනගත්තාම උන් තවත් මිනී මරලා තවත් දේවල් ඉල්ලනවා. ත්‍රස්තවාදය මර්ධනය කරලා තමයි දේශපාලන විසඳුමක් දෙන්න ඕන"

අපි ආණ්ඩුවට කියන්නෙත් ඔයිට ටිකක් සමාන දෙයක් ය.

රටේ සාමන්‍ය ජන ජීවිතය බිස්නස් ටික කඩාකප්පල් කරන , මිනිස්සු න්ගේ ජීවිත ප්‍රාණ ඇපයට අරන් ඉල්ලීම් ඉල්ලන මේ නානාප්‍රකාර යූනියන් සහ එක එක සංවිධානත් ත්‍රස්තවාදින්ට වඩා ලොකු වෙනසක් නැත.

කොටි සාමන්‍ය මිනිස්සුන්ව ඉස්සරහට දාලා යුද්ධ කරනකොට අපේ දොස්තර උතුමාලා ඉල්ලීම් ඉල්ලුවේ වැඩ නවත්තලා මිනිසුස්න්ව මැරෙන්න ඇරලා ය.
බලන් ගියාම වෙනස තිබිලා තියෙන්නේ යුනිෆෝර්ම් එකේ විතරය.

ඉතින් එහෙව් එවුන් එක්ක සාකච්චා සම්මන්ත්‍රණ තිය තිය උන්ට බාල්දු වෙවී හැමිනෙන්න යන එක ආණ්ඩුවත් රටත් පැත්තෙන් ගත්තොත් මහා භයානක දෙයක් ය. ස්ට්‍රයික් කරලා ඉස්පිරිතාල වල එකෙක් දෙන්නෙක් මැරිලා රටම ඇන හිටෝලා පාරවල් බ්ලොක් කරලා කොළඹ shut down කරලා තමුන්ගේ ඉල්ලීම් ෂ්ට කරගන්න පුළුවන් කියලා දැනගත්තාම උන් තවත් ඒ වගේ වැඩ කරලා තවත් දේවල් ඉල්ලනවා.

ඉතින් මේ රට හදන්න නම් මේ ඉන්න වෙස් වලාගත්තු ත්‍රස්තවාදීන්ට උන්ට තෙරෙනේ භාෂාවෙන්ම බෙහෙත් දිය යුතුය.
මොකද කියනව නම් මේ රටේ මිනිස්සු අනිකා ගැන හිතන්නේ නැති මහා වසල ජාතියක් නිසාය.
තමුන්ගේ නිදහස නිසා අනිකාගේ නිදහස අහිමි වුනාට උන්ට වගේ වගක් නැත.
තමුන්ගේ ගෙදර කුණු අනුන්ගේ වත්තට දාන සක්කිලි ඉන්න රටක වෙන කතා කරන්න දෙයක් ද නැත.
ඉතින ඒ වගේ ලෙඩ්ඩුන්ට තියෙන හොඳම බෙහෙත පුක රත් වෙන්න දෙන එකය.

වෙන රටවල් වලින් , හෝ ඉතිහාසෙන් උදාහරණ අවශ්‍ය නැත.
තෙල් ස්ට්‍රයික් එකට දීපු ගේම් එක මතක තියාගෙන ඒ විදියට වැඩ කලානම් එකත් හොඳටම ඇතිය.

ප්‍රේමදාස ගේ කාලෙදී කරපු දොස්තර ස්ට්‍රයික් එකක් දොස්තරලා ලව්වා ම නවත්තපු හැටි , කරදරේ බේරෙන්න බැරීම තැන මාදුළුවාවේ සෝභිත හාමුදුරුවන්ගේ කට ජේ.ආර්  වහපු හැටි ඉතිහාසේ  දන්න එවුන් දන්නවය.

මොන විවේචන තිබ්බත් මහින්ද හිටියා නම් මාස ගානක් ඇතුලත සයිටම් ප්‍රශ්නේ විසඳෙන විදියත් අපි නම් හොඳින්ම දන්නවා ය.

එකෙක් දෙන්නෙක් බෑවෙන්න පුළුවන. එත් කරන්න දෙයක් නැත.

ලංකාවේ මිනිහෙක් විදියට වැඩක් කරන්නේ අන්න එහෙමය.
සුදු රෙද්ද ඇඳගෙන ඇමෙරිකන් ක්‍රමයට ලංකාවේ තක්කඩි එක්ක වැඩ කරන්න ගියාම වෙන්නේ නිස්කාරනේ පොන්නයා කියලා අහගන්න සිද්ද වීම පමණය.

නිදහස කියන්නේ ඕන තැනක ඕන බලු වැඩක් කරන්න පුළුවන් කියලා හිතන , ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ මාසෙන් මාසේ ඡන්දේ තියන එකට විතරයි කියල හිතන ගෝත්‍රික ළිං ගෙම්බෝ ඉන්න මේ වගේ රටක් දියුණු කරලා ගන්න නම් අනිවාර්යයෙන්ම හරි දැක්මක් තියෙන එක නායකයෙක් වගේම  ඒ දැක්ම කෙක්කෙන් බැරි නම් කොක්කෙන් හරි ඉස්සරහට ගෙනියන්න පුලුවන් යාන්ත්‍රණයක් තිබීම අනිවාර්යය.
සාධාරණ විවේචන වලින් නැතුව  අනවශ්‍ය විදියට අකුල් හෙලන බාධා කරන එවුන්ව අනිවාර්යයෙන් පාරෙන් ඉවත් කල යුතුමය.

මේ රට හදන්න නම් මේ රට මක්වලා කෝවේ  දාලා ම ගන්න උවමනා ය,
ඒ  දේ කරන්න  ප්‍රජාතන්ත්‍රවාදය ට නම්මේ  කපේදී පුළුවන් වෙන්නේ නැත. 
සමාජවාදය නම් අදාලම නැත.
කියන දේ කරන, කරන දේ කියන ඕනෑම ගේමකට බය නැතුව බහින්න පුළුවන් මනුස්සයෙක්ට රට භාර විය යුතුය.

ප්‍රජාතන්ත්‍රවාදය නිසා දියුනුවෙච්ච කිසිම රටක් මේ ලෝකයේ නැත.
තියෙනවා නම් තියෙන්නේ දියුණු  වෙච්ච ප්‍රජාතන්ත්‍රවාදී රටවල් ය.

චීනෙද, රුසියාව ද  ඇමෙරිකාවද, ඉන්දියාවද මේ සේරම එහෙව් රටවල් ය. ප්‍රජාතන්ත්‍රවාදය කියන කාරන්යා ඒගොල්ලෝ රට ඇතුලට ගෙන්න ගන්න පටන් ගත්තේ රට ටිකෙන් ටික දියණු වෙන්න පටන් ගත්තාමය. එතකන් තිබුනේ නානාප්‍රකාර ඒකාධිපති පාලන ක්‍රමයන් ය.


අන්තිමේදී අපිට ආණ්ඩුවට කියන්නේ තියෙන්නේ ලෝන්තපෝල්ලා වගේ මෙහෙම ගියොත්  නම් සොරි ඩොට් කොම් පුතී කියන එක විතරය .
ඒ කියන්නේ තරු හතේ ප්‍රජාතන්ත්‍රවාදයේ කියා කියා  අර  බූරුවා විකුනන්න ගිය තාත්තයි පුතයි වගේ  මග දිගට එක එකා ගේ කතා අහ අහ උන් කියන විදියට වැඩ කරන්න ගිහින්  උන් දෙන්නා ට  බූරුවා නැති වුනා වගේ අපිට මේ රට නැතිවෙන එක බුදු ෂුවර් කියන එකය.

එදාට අපිට  2500 වංශේ කබල් ගගා දත්මිටි කන්න පුළුවන් වෙන්නේ ය.



එහෙනම් ඉතින් ගොහින් එන්නම් ය...


===================

Photo Credits
https://www.123rf.com/photo_38016484_democracy-word-on-red-puzzles-3d-render-.html
https://www.colombotelegraph.com/index.php/is-bond-scam-unbonding-the-maithri-ranil-bond/
http://www.dailynews.lk/2017/05/09/features/115425/are-doctors%E2%80%99-strikes-ethically-justifiable
https://www.onlanka.com/news/railway-strike-continues-special-bus-service-to-facilitate-stranded-train-commuters.html
http://www.hirunews.lk/175277/fuel-queues-continue
http://www.hirunews.lk/190791/private-bus-strike-looming
Lanka ENews.com

7 comments:

  1. ඔබ සමග 100 % එකඟ වෙමි
    විචාරක දියණිය

    ReplyDelete
  2. //තමුන්ගේ නිදහස නිසා අනිකාගේ නිදහස අහිමි වුනාට උන්ට වගේ වගක් නැත.//

    +++++++++++++++

    ReplyDelete
  3. //මේ රට හදන්න නම් මේ රට මක්වලා කෝවේ දාලා ම ගන්න උවමනා ය,
    ඒ දේ කරන්න ප්‍රජාතන්ත්‍රවාදය ට නම්මේ කපේදී පුළුවන් වෙන්නේ නැත.
    සමාජවාදය නම් අදාලම නැත.
    කියන දේ කරන, කරන දේ කියන ඕනෑම ගේමකට බය නැතුව බහින්න පුළුවන් මනුස්සයෙක්ට රට භාර විය යුතුය.//

    මේක නම් මසුරන් වටින කතාවක්.

    ReplyDelete
  4. එකෙන්ම ..ඉතින්..

    ReplyDelete
  5. මේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජය .

    ReplyDelete

කමෙන්ට් කලාපය....