2014-08-02

ඇත්ත එලියට | ඒගොල්ලෝ ඉතිහාසය වෙනස් කර ඇත.

photo courtesy :- http://goo.gl/Q3kRIW
ඊයේ ලංකාදීප පත්තරේ තනි පිටුවක් පුරා ආණ්ඩුවේ මෙගා දැන්වීමක් විය. 
මට කියවන්න ලැබුනේ ලංකාදීපය විතරක් නිසා අනිත් පත්තර වල තිබුනාද දන්නේ නැත. 
සහතික වශයෙන්ම තිබුනා විය යුතුය . ආණ්ඩුවේ වැඩ(ප්‍රචාරක ) එහෙමය. කිසිම ජනමාධ්‍යකට අඩුවෙන් සලකන්නේ නැත. හැම පත්තරේටම තමන්ගේ මෙගා දැන්වීම ලොබ නැතිව දෙන්නේ අදහස් ප්‍රකාශ කිරීම( තමන්ගේ ) මූලික අයිතිවාසිකමක් කියල කොහෙද මන්ද ලියල තියෙන නිසාය. 


මේ මෙගා දැන්වීම් කලාව තනි පිටුවට නොව මැද පිටු දෙකම අල්ලගන්නා අවස්ථාද දුලබ නැත. ඒවා "මෙගා " නොව "ගිගා" විය යුතුය. ඒ වගේ දැන්වීම් මහා ඡන්දයක් කාලෙට හොඳහැටි දැකිය හැකිය.

විභීෂණ  දන්නා තරමට ලෝක ඉතිහාසය ඇතුලේ පත්තර ඉතිහාසය පුරාම පත්තරේ දිග ඇරියම  අත් දෙකටම අල්ල ගන්න පුළුවන් පිටු දෙකක් පමණය. එක පිටු තුන හතරක් වෙලා තිබුන නම් ඉතින් අපිට දෙවි පිහිට පමණක්මය.  මොකද එහෙම වුනත් අපේ පින්බර බදු මුදල් වලින් ඒ පිටුත් පුරවන්න මේ ජනතාවාදී පප්පල සැට් එක පසුබට වෙන්නේ නැත.

මෙගා හෝ ගිගා දැන්වීම වල මිල ගණන් ඇහුවම , ඒ වගේ දැන්වීම් දාන්න සල්ලි තියෙන අයට තමන් ව තෝරා පත් කරපු මහජනතාවට බොන්න වතුර ටික දෙන්න ප්‍රතිපාදන හිඟ වෙන්න හේතුව නම් මහා අබිරහසක් වගේ අපිට තේරුම යන්නේය. 

එව්වා අතුරු කතාය.
කොහොමෙන් කොහොම කොහොම හරි අහල පහල පඳුරු ගානේ රස්තියාදු වෙන්න ගිහින් ලියන්න ආපු කාරනේ පැත්තකය.

අර මම කලින් කියපු දැන්වීමේ හරි ශෝක් වචන පෙළක් හා පින්තූර සැට් එකක් දිලිදී දිලිසි තිබුනේය.

වචන ටික මෙහෙමය.

"අපී ඉතිහාසය වෙනස් කළෙමු"

අපේ මහරජානොත් බැසිල් යුව රජානොත් තව කවුද මන්ද දෙතුන් දෙනෙකුත් පින්තූරු ඇතුලේ අපිට විරිත්තාගෙන සිටියෝය.  හැමදාම කරපු වැඩේනේ. අන් මන්ද එපා වෙලා නැද්ද මන්ද තාම.

අර "අපි ඉතිහාසය වෙනස් කළෙමු " වචන ටික නම් ඇත්තම ඇත්තය. 

විභීෂණ අනුව වචන සැට් එකම පට්ටය..

එහෙම කියන්නේ හේතු ඇතිවය. සාක්කි සහිතව ය.

මහරජානෝ සහ යුවරජ පිරිවර රාජ්‍ය කරන මේ කාලය තුල මේ රටේ ඉතිහාසය නම් සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇත. ඉස්සරහට අතුරුදහන් වෙන්නත් බැරි නැත.

දැනට අවුරුදු කීපෙකට කලින් විශ්මයජනක සුරංගනා කතා පෙළක් ආණ්ඩුව විසින්ම එලි දවන ලද්දේය.

එකේ නමට වඩා වටින්නේ සබ් ටයිටලේ ය.

"ආසියාවේ ආශ්චර්යය කරා"

කොහොමද ගතිය...

රජයේ ආධාර මත වෙනත් කෙනෙක් එළිදක්වන සුරංගනා කතා ඕන තරම් හොයාගන්නට තිබුනත් ආණ්ඩුවක් විසින්ම සුරංගනා කතා පොතක් එලි දක්වන ලද්දේ ඉතිහාසයේ පළමු වරට විය යුතුය.

විභීෂණ ට  හිතෙන හැටියට  හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් වුනත් මේ කාලයේ ජීවත් වුනා නම් ඔහුටත් ඉගෙන ගන්න බොහෝ දේවල් මේ පොතේ අඩංගු වෙලා තිබුනේය. 

ඇත්තටම ඔහු එක පැත්තකින් අවාසනාවන්තයෙක්ය.

ඒ තරමට  මේ පොත සුරංගනා කතා ලෝකයක් ය . එවන් පොතක් එලි දැක්වීමත් ඉතිහාසයේ හැරවුම් ලක්ෂ්‍යයක් ය.

ඒ පොතේ ලියල තිබුනේ ඉස්සරහට මේ රට ඇතුලේ කරනවා කියල හිතපු කතා ගොඩක් ය. වැඩි හරිය තිබුනේ ප්‍රායෝගිකව කරන්න බැරි දේවල් ය. 

එව්වා ගැන කතා කරලා පලක් නැත.

"ආශ්චර්ය" කියන්නේ පුදුම දේවල් වලටය.
පොත ඇතුලේ මොනවා ලියල තිබ්බත් අර සබ් ටයිටලේ  ට අනුව නම් දැන් වැඩ සිද්ද වෙමින් යනවාය. 

ඒ හින්දා ඉතිහාසය වර්තමානය වගේම අනාගතයත් දැන් තියෙන්නේ නට් ලූස් වෙලා වයර පැටලිලා ෂෝට් සකිට් වෙලා වගේ ය.

විභීෂණ ට මතක ඇති කාලෙක ඉඳන් ලංකාවට කුඩු ආවේ ගුලි ආකාරයෙන්ය. ගෙන එවුන් එව්වා ගෙනාවේ එකෝ ගිල ගෙන ය, එහෙම නැත්තන් ඇඟේ තැන් තැන් වල හංග ගෙනය. ඇත්තම කිව්වොත් පුදුම කට්ටක් කාගෙනය. එහෙම ගෙනල්ලත් අහුවුණා එවුන්ට හම්බ වෙන්නේ එසේ මෙසේ දඬුවම් නොව කෙලින්ම මරණ දඬුවමය.

එත් දැන් ඒ කියන්නේ මේ ආශ්චර්යමත් කාලෙදී කුඩු එච්චර අමාරුවෙන් රට ඇතුලට එන්නේ නැත. එන්නේ කන්ටේනර් ගණන් ය. කන්ටේනර් එහෙම ආවට ගියාට නැව් වලට ඔබන්න බැරි බව shipping සබ්ජෙච්ට් එක දන්නා ඕන බුවෙක් සහසුද්දෙන්ම දන්නේය. එව්වට කප්පරක් කඩදාසි අවශ්‍යය. (කන්ටෙනරේ ඔතන්න නෙවෙයි බොල). අර ඩොකියුමන්ට් එක කියයි මේ බිල් එක කියයි. ලිය කියවිලි එක මිටියයි.
ඒ කඩදාසි එකක කවත් මේක ඇතුලේ තියෙන්නේ කුඩු කියල ලියන්නේ නැත. එක එක ජාති දේවල් තියෙනවා කියල තමයි තියෙන්නේ. 

කොහොම හරි කස්ටම් වලින් චෙක් කරනකොට හම්බවෙන්නේ කුඩු. දැනට ආසියාවේ ලොකුම කුඩු තොගය හම්බවුනෙත් මේ ආශ්චර්ය ඇතුලෙම තමයි. ඉත්න් එහෙම කන්ටේනර් ඇතුලේ කුඩු එන්න තරම් අපි කොච්චර දියුණු වෙන්න ඕනද?

අර සුරංගනා කතා පොතේ එක තැනක අවුරුදු තුනක් ඇතුලත "මතට තිත " තියනවා කියල මන්තරයක් දකින්නට ඇත. 

රෙජිමේ පප්පල ලොක්කල සොක්කල කියන විදියට පොතේ තිබ්බ හැම එකම දැන් කරලා අහවරය.

ඒ කියන්නේ දැන් මේ රටේ මතට තිත තබා ඇත.

අපි නිකන් විහිලුවට වගේ හිතමු ඒ කතා ඇත්ත කියල. 

එහෙනම් මේ කුඩු කන්ටේනර් එන්නේ රටේ පාන් පිටි හිඟයක් වගේ දෙයක් මග හරවන්න වෙන්න ඕනය. සමහර විට පාන් පිටිත්  ගණන් නිසා දුප්පත් ජනතාවට රොටි පුච්චගන්න මේ කුඩු ගෙනාව වෙන්නට ඕනය.  කුඩු වලින් රොටි පුච්චන ක්‍රමයක් දැනටමත් සොයාගෙන තියෙනවා වෙන්නට ඕනය.

තව විදියකට හිතුවොත් කුඩු දිය කරපු වතුරෙන් පෝස්ටර් අලවන්න දැනට රහසින් හරි ක්‍රමයක් සොයා ගෙන තියෙනවා විය යුතුය. එහෙනම් ඉතින් අර කලින් කිව්වා වගේ බඩේ පුකේ දිවේ අහරේ මෙහෙ හංගගෙන කුඩු ගෙනත් ඒ වගේ ප්‍රජා සත්කාර කරන්නට බැරිය. කන්ටේනර් වලින්ම ගේන්නට ඕනය.

ඔන්න ,,කොහොමද ඉතිහාසේ වෙනස් වෙලා තියෙන හැටි ..ලෝකේ කොහෙද හෙරොයින් වලින් රොටි පුච්චන්නේ, කුඩු දියකරපු වතුරෙන් පෝස්ටර් ගහන්නේ...

කාට කියන්නද? කොහෙන් හිනාවෙන්නද ?

තව ඉතිහාසගත කතාවක් තියෙනව.

බුදු දහමට අනුකූල ධාර්මික හෝටල් තියෙන්නෙත් මේ රටේම තමයි.

ජේම්ස් පැකර් කියන්නේ මේ ලෝකෙම දන්නා කෝටිපති කැසිනෝ ව්‍යාපාරිකය කැසිනෝ එකක් නැතිව හදන පළමු හෝටලේ හදන්නෙත් මේ ආශ්චර්ය රට ඇතුලේමයි. 

ලෝකෙම දන්න සූදු අන්තුවා සූදු ව අතහැරලා ධාරික හෝටලයක් හදන ව කියන්නේ තවත් ඉතිහාසගත කාරණයක් නෙව්යිද ?

හැබැයි ඉතින් මෙහෙම දෙයක් තියෙනවා. ඔය එනම් මනම් චැනල් , දේශද්‍රෝහී පත්තර බලල නම් මේ වගේ ධාර්මික නිවුස් හොයාගන්න බැහැ.

බලනවානම් බලන්න රෙදි සෝදන යන්ත්‍ර ලොවේ ප්‍රමුඛ නමක් හිමිකරගෙන සිටින පවුලේ නාලිකාව .

එතකොට තමයි සුරංගනා කතා ලොවේ පාවෙන්න පිනුම් ගහන්න පුළුවන්.

එතනෝල් කියන සුපිරි අමුර්ත බීම රටේ බලවත්ම පියන් කාරයාගේ (අගමති තනතුර හොබවන කාලයේ රණසිංහ ප්‍රේමදාස මහතා වරෙක පැවසුවේ විධායක ජනාධිපති ධූරය අබියස අගමැති වරයා පියන් කෙනෙක් වගේ බව ය ) අනුග්‍රහයෙන් රට ඇතුලට ගෙන්න වරම් ලැබීම ම ඉතිහාසගත වෙන වැඩ කිඩ අතර රන් අකුරෙන් ලියවීනු ඇත.

අවිහ්න්සාව , මෛත්‍රීය අවිය කරගත් බුදු දහම වෙනස් කරමින් සාපේක්ෂ අවිහිංසාව, සාපේක්ෂ මෛත්‍රීය පෙරදැරි කරගෙන තමන්ගේ ආගමේ  නොවන එවුන් මරාපිය කොටාපිය කැති  ගාපිය යන නබි වදන්ද මිශ්‍ර කරගත් අමුතු ආගමක් බිහිවී වර්ධනය වී අතු රිකිලි දමා වැඩෙන හැටි ඇස කන් පියාගෙන අසා බලා සිටීමම ඉතිහාසය වෙනස් වෙන සිද්ධි යක් නෙමේද?

මේ කතා ඔක්කොම විභීෂණ ගේ හිතේ අමුතුවෙන් පහල වෙලා ආපු සුව තන්ත්‍ර එව්වනම් නෙමයි .

මීට  කලින් අපේ අනුර දිසානායක, රන්ජන් රාමනායක  වගේ මහත්තුරු මේ කතාව කියල තියෙනවා.

මේ තියෙන්නේ සාක්කි.

අනුර දිසානායක ගේ කතාව..

රන්ජන් රාමනායක ගේ කතාව.


ඉතින් ඔය වගේ සාක්කි සහිතව කරුණු කාරණා සිද්ද වෙනකොට රටේ නායකයට ආඩම්බරෙන් කියන්න බැරිනම්, පත්තරේක ඇඩ්  එකක් දාන්න  බැරිනම් " අපි ඉතිහාසය වෙනස් කළෙමු " කියල ඒවගේ රජකම් වලින් පලක් තියේද?

විභීෂණ ට අන්තිමට හිතෙන්නේ එහෙමයි.



26 comments:

  1. ඇත්තටම ඉතිහසේ වෙනස් කල.. රටේ විතරක් නෙමෙයි. පක්ෂයේ, සාසනේ, කළාවේ, සංස්කෘතියේ, පාතාලේ එකි මෙකි නොකී හැම තැනම. හොඳ වගේම නරකත් තියෙනවා. නරක පැත්ත වැඩියි. ඒකයි කරුමේ. කැසිනෝ වලට නම් මාතලන්ගේ අවුලක් නැත.

    ජය... ලිවීම බොහොම අගෙයි.. ජාමා බේරගෙන ලියන ක්‍රමෙත් දන්නවා.. දිගටම ලියන්න.. කොමෙන්ට්ස් ලබා ගැනීම ගැනත් ඉතා හොඳ අවබෝධයක් තියෙනවා වාගෙයි..

    ReplyDelete
    Replies
    1. රජ්ජුරුවෝ හිතුවේ යුද්ධෙ දිනුව ම ඔක්කොම හරි කියල. එතුමාව රජ කරවපු එවුන් හිතුවෙත් තාමත් හිතන්නෙත් එහෙමයි. එකනේ තාමත් සමහර මැට්ටෝ කියන්නේ "බඩු ගණන් ගියාට මොකද අපිට බය නැතිව පාරේ බැහැල යන්න පුළුවන් නේ " කියල. එහෙම ගියොත් අපිට නිදහසේ පාරේ බැහැල හිගා කන්න තමයි වෙන්නේ.

      තාම මිනිස්සුන්ට මේ සිද්ධ වේගෙන යන්නේ මොකක්ද කියල හරියට තේරිලා නැහැ. මොකද එවුන්ගේ මොළ හෝදලා තියෙන්නේ අර පවුලේ ලොන්ඩරියෙන් .එකයි තාමත් ඌවෙ ශෂී ගේ වැඩ වලට නැතුව හමේ පාටට වශී වෙන්නේ.. නාමල් බේබි කලින් හිටියද නැද්ද කියල බලන්න්නෙත් නැතුව පලවෙනි පාරම වැඩිම මනාප ගන්නේ.

      -----------
      ලියවුම ගැන දීපු අදහස බොහොම වැදගත්. ස්තුති වේවා..මාතලන්

      Delete
  2. සහතික ඇත්ත කතාව. වෙනස්වෙලා නේන්නං.
    එදා සපත්තුවෙ හංගගෙන ආපු කුඩු අද එන්නෙ කන්ටේනර් වල කිලෝ 50-100 බෑග් පුරවල.
    එදා හොරට පෙරපු එතනෝල් අද කන්ටේනර් වල එනව. (අයිතිකාරයෝ අදටත් නෑ)
    නාවික කේන්ද්‍රයක් වෙලා හොර වැඩ වලට.
    එදා තාත්ත ලොක්ක උනාම පුතා/ගෑනි උනේ ලේකම්ල. අද තාත්තල පුතාල බාප්පල සීයල ඔක්කොම ලොක්කො. ලේකම්ල හැටහුටහමාරක් ඉන්නව.(පඩිය අපෙන්)

    ඒ වගේම අද සංවර්ධන ව්‍යාපෘති වලට තියෙන්නෙ ඇහුවම මයිල් කෙලිංවෙන නම්. ආණ්ඩුවෙ කාර්යාලෙක ඉන්න නිසා මේව නිතරම පේනව.
    "මහින්ද චින්තන ඉදිරි දැක්ම පුනර්ජීවන වැඩසටහන යටතේ ප‍්‍රාථමික පාසල් 5,000 ක් සහ ද්විතීයික පාසල් 1000 ක් සංවර්ධනය කිරීමේ රජයේ ඒකාබද්ධ ජාතික වැඩසටහන"
    "ප‍්‍රාථමික පාසල් 5000 ක් ළමා මිතුරු පාසල් බවට පත්කිරීමේ වැඩ පිළිවල"
    "එක ගමකට එක වැඩක්"

    ReplyDelete
    Replies
    1. ඔක්කොම ඉලක්කම් වචන ජිල්මාට්. සුළුතරයකට ඇරුනාම ලංකාවේ බහුතරෙකට විශේෂෙන්ම ඈත ගම වල ඉන්න වැඩිහිටි සැට් එකට ඔය දාහේ දෙදාහේ ඉලක්කම් නිකම් මැජික් වගේ. ඇහිච්ච ගමන් දුවල දුවල දුවල ගිහින් ගම්මිරිස් කොලේට කතිරේ ගහන්නේ.

      Delete
  3. අද තමා මේ පැත්තෙ ආවෙ දිගටම එන්න හිතෙනවා දැන්නම් ඔන්න මගේ රෝලෙත් එල්ලුවා.විභිසන දෙයියො මේකනේ දෙයියො ප්‍රශ්නෙ.අපේ මිනිස්සු ඔයා කියන හැම දේම දන්නවා ඒත් දැක්කෙ නෑ වගේ ඉන්නවා ඕවා අනකරන ලොක්කගෙ ඉඳන් කිරියාත්මක කොරන සොක්කා දක්වා දන්නවා තමන් කරන්නේ වැරැද්ද කියලා ඒත් කට වහගෙන ඉන්නවා.ඕකට හොද උදාහරනයක් මං දැක්කා මේ ලඟදි කලාභවනෙ මූර්ති ප්‍රදර්ශනේක තියනවා.එකේ ගඩොල් කුලුනක් උඩින් මිනිස් ඔලුවක් අඹලා තිබ්බා.හැබැයි ඒ එක ඔලුවක වත් කටක් තිබ්බේ නෑ.ඒ කලාකාරයා දෙන්න හදන්නෙත් උඹ සමාජෙට දෙන්න හදන පනිවිඩේම තමා.

    ReplyDelete
    Replies
    1. දැන් කලාකාරයෝ ඉන්නේ බොහොම සුළු පිරිසක්. ඉස්සර හිටපු කළා කාරයන්ගෙන් බහුතරය අද වලව්වේ නලා කාරයෝ වෙලා. මාරපන යන කළුවො වෙලා..

      Delete
  4. පෝස්ට් එකේ පින්තූර කොපි පේස්ට් කරන්න එපා. පෝස්ට් එක ලියන තැනම උඩ තියෙනවා පින්තූරයක් ඇඩ් කරන අයිකන් එක. එහෙම නැතුව පින්තූරේ සින්ඩි වල පේන්නේ නෑ..

    ReplyDelete
    Replies
    1. මම ෆොටෝ අප්ලෝඩ් කලේ නෑ. Select a File එකේ From URL එකේ ෆොටෝ එකේ URL එක දැම්ම.

      නැත්නම් මම ෆොටෝ එක ඩවුන්ලෝඩ් කරගෙන ආපහු අප්ලෝඩ් කරන්න එපැය.

      සමහරවිට එහෙම කලාම සින්ඩි වල පේන්නේ නැතිව ඇති.

      ok. මම මේක අප්ලෝඩ් කරන්නම්.

      Delete
    2. තැනක් යූ ගුරු..

      Delete
  5. ඔබේ ඉල්ලීම පරිදී මේ බ්ලොග් එක අපේ බ්ලොග් දර්ශකයට ඇතුල් කළා. බොහොම ස්තුතියි අප සමග සම්බන්ධ උනාට.

    ReplyDelete
  6. හ්ම්ම්...ඉතිහාසය වෙනස් කරලා තමයි......දෙවෙනි දෙයියෝ

    ReplyDelete
    Replies
    1. ඔය දැරිවි ගේ පුංචි මොලේට වගේ මේ රටේ අනිත් එවුන්ටත් තෙරුනනනම් තමයි වටිනාකම.

      Delete
  7. හැමදාම ඉතිහාසේ වෙනස් වෙනවා...... ඒ කියන්නේ අළුතින් පිටු එකතු වෙනවා. උවමනාවක් තියේ නම් අපටත් මේක කරන්න පුළුවන් නේ...... දෙයියෝ......

    ඔබතුමා හොදට මේ post එක ලියල තියනවා..... මං හිතන්නේ ඔබතුමා උඩ ඉදන් මේවා බලාගෙන ඇති නේ...... තවත් දැක්ක දේවල් වැඩි වැඩියෙන් ලියන්න හැකිවේවායි ..... පතමි....

    ReplyDelete
    Replies
    1. ඔව් දරුවෝ..තව ගොඩක් දේවල් දකිනවා..හැබැයි ඒ දේවල් දකින්න උඩට යන්නම ඕන නැහැ.

      අඩවියට ඇතුල් වුනාට බොහොම ස්තුතියි...

      Delete
  8. අන්න ලියනවානම් කිවිල්ල. කාලීන දේශපාලන ධාරාව ගැන ඔබ බොහොම අගේට ලියල තියෙනවා. ආව පලවෙනි පාරින්ම බ්ලොග් එක හදවතටම වැදුනා. මේ අවබෝධය සයිබර් අවකාශයට ගේන එකත් ලොකු දෙයක්. මේ ක්‍රමය වෙනසා කල යුතුම කාලය ඇවිත් තියෙන්නෙ. රටකට මෙහෙම පවතින්න බැ. ඒත් ජහමනතාඅව තාම මේ වෙනසට ලෑස්ති නෑ. ඒ නිසා ඔවුන්ට ඒ අවබෝධය ලබා දිය යුතුමයි.

    ජයෙන් ජයම වේවා!!

    ReplyDelete
    Replies
    1. \\ඒත් ජහමනතාඅව තාම මේ වෙනසට ලෑස්ති නෑ\\

      ඔන්න ඕක තමයි ඇත්ත.

      රෙජිමේ පප්පල ටික එකතු වෙලා මිනිස්සුන්ගේ ඔලු ටික හොඳට හෝදලා තියෙන්නේ කන්න නැතත් කමක් නැහැ නිදහසේ පාරේ බැහැල යන්න පුලුවන්නම් කියල.

      සහනාධාර වලින්ම ජීවිතේ ගැටගහගන්න මිනිස්සුන්ව හුරු කරලා.

      අධික බලය තමයි සේරටම මුල.

      මගේ අඩවියට ගොඩවීම බොහොම අගය කොට සලකනවා..

      Delete
  9. අපිටත් අප්‍රමාණ සතුටුයි වෙනස්කරන ඉතිහාස යුගයක පුරවැසියන් වීමට ලැබීම.. නමුත් ඉතිහාසය පමණක් නොව අනාගතය, සහ වර්ථමානය ද වෙසන් කලත්, අපි කවදාවත් වෙනස් වෙන් නෑ ඒක ඉර හද වගේ ෂුවර් -- හෙට ගිහිල්ලා කතිරේ ගහන්නෙත් එතෙන්ටමයි....
    අගේ ඇති ලිපියක් විභීෂණ....
    දිගටම ලියන්න ශක්තිය ධෛර්යය නොඅඩුව ලැබේවා (මාතෘකාවල නං අඩුවක් නෑ)


    ජ ය වේ වා !!!!

    ReplyDelete
    Replies
    1. තැනක් යූ වේවා..විදානේ..

      //ඉර හද වගේ ෂුවර් -- හෙට ගිහිල්ලා කතිරේ ගහන්නෙත් එතෙන්ටමයි.//

      ඔන්න ඕක තමයි විදානේ ඇත්තම ආශ්චර්යය..

      Delete
  10. ඔන්න බස්සිත් ආව මේ පලාතේ...

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් ආදරයෙන් පිලිගන්නවා බස්සිවත් මේ අඩවියට..

      Delete
  11. ඔන්න අපිත් අවා...ලිවිල්ල ෆට්ට සහෝ..කියන තියෙන ටික ඔක්කොම කියවිලා..ජය වේවා......දිගටම ලියන්න

    ReplyDelete
    Replies
    1. තැනක් යූ වීරේ..

      ආපහු හම්බු වෙමු..

      Delete
  12. /* රෙදි සෝදන යන්ත්‍ර ලොවේ ප්‍රමුඛ නමක් හිමිකරගෙන සිටින පවුලේ නාලිකාව .*/

    නියම යෙදුම, හැබැයි මොකක්ද ඒ චැනල් එක කියලා නං මට එකපාරටම හිතා ගන්න බෑ! අයිටීඑන් ද?

    ReplyDelete
    Replies
    1. නයි ටී එන් ..

      අන්න එක තමයි වැඩේ හැටියට සුදුසු නම..

      Delete

කමෙන්ට් කලාපය....