2016-03-22

මළබද්ධේ සහ පොස්ට් මොටම්

ගොම්මන්පිල, තුම්මුල්ලේ විමලසිරි,පාසු වකා , බොරලුගොඩ සුනඛයා , තිත්ත විතා-රෙන ලා එකතුවෙලා හදාගත්තු මළබද්ධ විපක්ෂෙට දැන් නම් සත්‍ය වශයෙන්ම සහසුද්දෙන්ම මලබද්ධය හැදිලා වගේය. කරන කියන වැඩ වලින් අපිටනම් ඊට එහා දෙයක් පෙනෙන්නේ නැත. හෙන අමාරුවෙන් තටමනවා ඇරෙන්න එහෙමයි කියලා දෙයක් වැටෙන්නෙත් නැත. ඉඳල හිටලා වැටෙන්නෙත් මී බෙට්ටක් සයිස් එකක් ය. එකත් එනවා දකිනවා විතරය වැටෙනවා ඇහෙනන්ත් නැතිය.


වැටෙන්නෙන් මී බෙට්ටක් සයිස් එකක් වුනාට එක වැටෙනකොටත් පස්වනක් ප්‍රීතියෙන් පිනා ගිහින් මුන් අහවල් ෆන් එකක් ගන්නේ හරියට ගමකට නාන්න රී ගන්න පුළුවන් වුනා වගෙය ය. මීඩියා කොන්පරන්ස් කප්පරක් ය. එත් ඉතින් වැඩක් නැත. සති දෙකෙන් සියල්ල දූරිම්භූතය. බලගෙන ගියාම පිරබාහරන් තියරිය මළබද්ධ විපක්ෂේ ටත් වලංගු වෙලා ය.
උන්ටම සේරම අමතකය .මෙච්චර කල් වැටිච්ච හැම මී බෙට්ටටට ම වුනේ ඔය සන්තෑසියමය .

විභීෂණ ලියන්නේ බ්ලොග් පොස්ටුවක් මිස අලුත් ජාතක කතාවක් නොවන නිසා ඒ පරණ මී බෙටි සහ එව්වට වෙච්ච දේවල් මොනාද කියන එක ලියන්න මෙතන දඟලන්නේ නැත.අද කතා කරන්නේ මේ දවස් වල වැටෙන අලුත්මී බෙටි දෙකක් ගැනය.

එකක් නම් අර ඇක්සිඩන්ට් වෙච්ච කොල්ලෙක්ගේ කේස් එකක් ය.
මේ දවස් වල මේ මළබද්ධ සැට් එක දඟලන්නේ අර ගොන්මන්පිලයාගේ පරණ ගුරා වෙච්ච පාට-Lee ( බුරුස් lee පරම්පරාවේ එකෙක් නොවේ) ගේ වාහනේක පස්චාත් බාගයක් ඉඹින්න ගොහින් මුණ තලා ගත්තු කොල්ලෙක් ව අල්ලාගෙනය. සිද්ධිය සිද්ධ වෙලා දැනට සති දෙකක් වගෙය .
එක එක නිවුස් ගොසිප් ලයින් වලට අනුව තාමත් ඒ කොල්ලා අයි සී යූ එකෙය.
අපි දන්නා සාමන්‍ය රථ වාහන නීතිය අනුව නම් වාහනේක පශ්චාත් භාගයක් හෝ භාග දෙකම හෝ  සිප ගත්තොත් එකට  වරදකරු වෙන්නේ ඉස්සරහින් ගිය වාහනේ එලොපු එකා නොව ඒ වාහනේ පශ්චාත් බාග ඉඹපු වාහනේ එලොපු ඒකාය.
ඒ අනුව එකවරක් කොල්ලා වැරදි කරු ය.
ඒ මදිවාට මූ කඟවේනා වගේ ඇවිත් තියෙන්නේ 1000CC බයික් කටුවක ය . අපිට ආරංචි විදියට දැනට රටේ තියෙන සාමාන්‍ය නීතිය අනුව 1000 CC බයික් කටු ගෙන්නන්න පදින්න තහනම් ය.
අයියෝ ඒ කියන්නේ කොල්ලා දෙපාරක් වැරදි කරුය.

රටේ නීතියෙන් තහනම් බයික් එහෙකින් පිඹගෙන ඇවිත් කාගේ හරි මනුස්සයෙක්ගේ ( හරි අපි ඇමතිකම පැත්තක දාමුකෝ)  වාහනේක පස්සෙන් ඇන්නා ම රටේ නීතියට අනුව කොල්ලා වැරදි කාරයා වුනත් මළබද්ධ නීතිය අනුව ඉස්සරහින් ගිය වාහනේ එලොපු එකා වැරදි කාරයා ය.

එහෙම වෙන්නේ ඉස්සරහින් ගිය වාහනේ හිටියේ තමුන්ගේ විරුධවාදියෙක් නිසා ය.

මළබද්ධ නීතිය හැදිලා තියෙන්නේ අවුරුදු දහයක් රට කාබාසිනියා කරපු මැදමුලන කැලෑ ව්‍යවස්ථාවට අනුව නිසා ඒ වගේ තීන්දු තීරණ සාමාන්‍ය ය. ඒ මැදමුලන කැලෑ ව්‍යවස්ථාමේ සේරෝම නීති රීති හරියට හෝ වැරදියට ක්‍රියාත්මක කරන්නේ තමුන්ගේ විරුද්ධවාදියාට එරෙහිව පමණක් ය.
එදා මාල හොරාගේ පුතා බීගෙන පාරේ වාහනේ එලොන කොට එක දිගට එකම පාරේ කොල්ලෝ තුන් දෙනෙක් යටවෙලා මැරෙනකොට ඇහැරිච්ච නැති මලබද්ධයෝ අද පාට-Lee ගේ වාහනේ පිටිපස්සෙන් හප්පලා ෆ්ලැට් වෙනකොට ඇහැරෙන්නේ මේ නිසා ය.
බඩූර්-දීන් ගස් වැද්දා මරාආණ්ඩුව කාලේ ගස් කපන කොට ඇරපු නැති  ඇස් ඌ මේ ආණ්ඩුව ඇතුලට වෙලා ගස් කපනකොට ඇරෙන්නෙත් ඒ නිසාය .

මේ රටේ කොටි ත්‍රස්ත්වාදෙන් පස්සේ වැඩියෙන්ම මිනිස්සු මැරෙන්නේ මාර්ග අනතුරු වලින්ය. ටැලිවිසෝන් රේඩියෝ අන්තර්ජංජාල වල තියෙන සමහර වාර්තා වලට අනුව මේ වෙනකොට අවුරුද්දකට ඇවරේජ් දෙදාහකට කිට්ටු ගානක් ඇක්සිඩන්ට් හින්දා මිය පරලොව යන්නේ ය. එත් එකෙක් ගැනවත් මේ මලබද්ධයෝ හොයන්නේ නැතිය.

මේ කේස් එකේදී වුනත් පාට-lee කාරයා නැතුව සාමන්‍ය මනුස්සයෙක් ඔය වාහනේ  එලොගෙන ගියානම් මේ මලබද්ධ්යෝ ඒ දිහාවට ඇහැ තියා පුක වත් හරවන්නේ නැතිය.

හැබැයි ඉතින් දැන් මේ වෙනකොට බෙට්ටේ උණුසුම පහව ගසින් ය.

පොස්ට් එක පටන් ගන්න කොටම විභීෂණ කිව්වේ  සති දෙක යනකොට ඕනෑම මළබද්ධ කේස් එකක් ධූරීම්භූත වන බවය. කිව්වා වගේම කිසිම මලබද්ධයෙක් දැන් ඒ කොල්ලා ගැන කටක් අරින්නේ නැත.
ප්‍රෙස් කොන්පරන්ස් අටෝගෙන මාර්ග සිතියම් දිග ඇරගෙන වගේම කොල්ලගේයි කොල්ලගේ යාලුවන්ගෙයි කට උත්තරත් වෙනස් කොරෝගෙන නටන්න හදපු නාඩගම කලින්ම නිමාවට පත්වුණේ අර තරාදියකුයි කඩුවකුයි උස්සගෙන බාගෙට රෙද්දක් ඇඳන් අහවල් තැන් බොහොම අමාරුවෙන් වහගෙන ඉන්න අන්ධ ගෑනි තාම සලකන්නේ රටේ පවතින නීතියට මිස කොහෙවත් යන මළබද්ධ න්ගේ මළබද්ධ නීතියට නොවන නිසා ය.
විභීෂණ ට හිතෙන්නේ එහෙමය.
 
ඒ මොනා වුනත් මොන වැරද්ද කලත් තමුන්ව විකුණන් කන්න දඟලපු එවුන්වත් තමුන් දිහා හැරිලා බලන්නේ නැති මේ වෙලාවේ ඒ කොල්ලාව ඉක්මනට සුවපත් වෙන්න කියලා විභීෂණ වත් ත් මෙතනදීම ප්‍රාර්ථනා කරන්නේ මොකෙක් වුනත් රටට වටින කොල්ලෙක් නිසාය.

ඊළඟ ට වැටෙන්න යන මී බෙට්ට නම් තාම පට්ට උණුසුම් ය .විභීෂණ පොස්ට් එක ලියන්නෙත් ඒ මී බෙට්ට ගැන ලියන්නමය

ඒ බෙට්ට වෙන මී බෙටි වලට වඩා වෙනස් වෙන්නේ මේකට නූතන ගනින්නාන්සේ ලා රැලක් එකතුවෙලා සිටීමය. පෙරමුණේ සිටින්නේ අපේ උඩුවේ-එම්බ්‍රොයිඩර් ගනින්නාන්සේ ය. එයාගේ පිටිපස්සෙන් නර්ස්පහස ලබන ගනින්නාසේ කෙනෙකුත් අරහෙන් මෙහෙන් දර්ශන ය වෙනවා ය.

සෝම හාන්දුරුවන්ගේ මරණය ට සාධාරණයක් ඉෂ්ඨ කරන්නය කියලා මිනිසුන්ට වැදී බණ දෙසලා ඒකාලේ නැගීගෙන ආපු පක්ෂේකුත් එකේ නායකයා ය කියල කියපු එකාට කියලා තමුන්ට පූජා කොරෝගෙන විල මැද මඩ බංගලාවට රිංගගෙන පස්සේ සෝම හාන්දුරුවන්වත් තියාගෙන ඇරලා ඩස්බින් දාලා ආතල් ගත්තු, අදටත් තට්ටෙත් පොලිෂ් කරගෙන යම්කිසි දෙයකුත් නමාගෙන ටීවී බණ වලට වදින මේ අහිංසක එම්බ්‍රොයිඩර් ගනින්නාසේ කවුදෝ පාහරයෙක් පන් මල්ලක දාගෙන දවසක් දා හැන්දෑවක පන්සලේ බණමඩුවේ දාලා ගිහින් තිබ්බ පුංචිම පුංචි අලි පැටියෙක් ගේ කේස් එහෙකට පටලුනේය.

මෙයා කොච්චර අහිංසකද කියනවානම් මේ අලි පැට්ටා ට කන්න දෙන්නයි නඩු හබ වලට වියදම් කොරන්නයි අතේ පිච්චිය නැතිය කියා දිනපතා හැම පත්තරේකම තනි පිටුවේ දැන්වීම් දැම්මේය.
තනි පිටුවේ දැන්වීම් කොච්චර ලාබදා කියලා අපි දැනගත්තේ අන්න ඒ දැන්වීම් දැක බලා ගත්තයින් පසු ය.
එයාගේ අතේ නැති පිච්චිය ඒ තරමටම පොඩිය, පුංචිය කුඩාය.

කොහොම හරි කේස් එක ජල්තරස් වෙලා මෙයාට ආණ්ඩුවේ තාවකාලික බෝඩිමක යකඩ කූරු ගැන ගැන ඉන්න ජොබ් එක සෙට් වුනේය.
සතියක් හමාරක් යනකොට ඇප පිට දොට්ට වැඩිය උන්නාන්සේ දැන් අලුත් ජොබ් කට්ටකට අත ගසා ඇත.
ඒ ආණ්ඩුවේ හදිසි මරණ පරීක්ෂක ජොබ් එකය.

සාමාන්‍යයෙන් ඒ වගේ ජොබක් කරන්න ඉතින් පිළිකුල් ගතිය බය එහෙම අයින් කරලා එන්න ඕනය. සමහරවිට මෙයා දිනපතා නමා ගන්නා ජාති වල හැටියට ජොබ් එක කජු කන්නා වගේ වෙන්න ඇතිය. මෙයා කාලෙකට කලිනුත් ඔය ජොබ් එක කරලා තිබුනේ සෝම හාන්දුරුවන්ගේ බොඩි එකත් එක්කය. ඒ මරණ පරීක්ශනේ කොච්චර සාර්ථකද කියනවා නම් ඒ පින්බලෙන් විල මැද මඩ බංගලාවට වඩින්න තරමටම  එයාට චාන්ස් එක සැට් වුනේය.

දැන් මෙයා ඊළඟට අත  ගහන්නේ අපේ සෝභිත හාන්දුරුවන්ගේ ශ්‍රී දේහයට ය.
මෙයාගේ පොස්ට් මෝට්ම් එකට අනුව සිරිසේන-වික්‍රමසිංහ ඩබල එකතුවෙලා සෝභිත උන්නාන්සේ ව අපවත් කර ඇත. ඒ කියන්නේ ඝාතනය කර ඇත.

ඔය දේවල් කියන්නේ සමහර විට මෙයා පොස්ට් මොටම් එක කරනකොට සෝභිත හාන්දුරුවන් ගේ බෙල්ලේ සිරිසේනගෙයි  වික්‍රමසිංහ ගෙයි ෆින්ග්ර් ප්‍රින්ට්ස්  තිබිලා දැකලා වෙන්න ඇතිය.
එහෙම නැත්තන් සමහරවිට "මෝඩි ජැකට්" එහෙක නූල් කෑල්ලක් බොඩි එකේ සිවුරේ පැටලිලා තිබිලා දකින්න  ඇතිය.
එහෙමත් නැත්තන්  යුරෝපියන් කෝට් එහෙක තිබ්බ බොත්තමක් බොඩි එකේ සිවුරේ නැම්මක් ඇතුලේ රැඳිලා තිබිලා දැකලා වෙන්න ඇතිය.
මොනා වුනත් මේ උඩුවේ පොස්ට් මොටම් එක පියකරුය රසවත් ය. දිව පිනා යන සුළුය. ඉල ඇදෙන සුළුය. ඉල ඇදීම නිසා  සුළු දියත් පහ වෙන සුළුය.

මේ හොර ගනින්නාසේ ගේ පොස්ට් මෝටම් ප්‍රතිඵල දැකලා සොබිත හාන්දුරුවන්ගේ අපවත් වීම ගැන දැන් සාතිශය සංවේගය පළකරන්නේ සොබිත හාන්දුරුවෝ කියපු දේ අහලා ඒ කියපු දේවල් කරපු මරා විරෝධීන් නොව මරාව එලවන්න දායක වෙච්ච එවුන් එක එකා වලකජ්ජ ගහනකන් ඇඟිලි ගනින සහ මැරිච්ච ගමන් ම "තව රොටියක් කර වුනා" කියලා මිනීමරු කතා කියන පිස්සු ගොම්මන්පිලයා වගේ අවජාතකයින් ය.

මේ පිස්සු හරකා කියන විදියට දැන් සිරිසේන වික්‍රමසිංහ දෙන්නා උ කියන විදියට විශේෂ කොමිසන් දාලා සෝභිත ඝාතනයක් ගැන පරීක්ෂණ පවත්ත්වන්න ඕනා ය. එහෙම කරලා පරීක්ෂණ වාර්තා උගේ කකුල් දෙක ගාවට ගෙනල්ලා කාරිය පුදන්න ඕනා ය. ඒ මොනා වුනත් ඌට ඕනා විදියට පරීක්ෂණ වාර්තා ලියවෙන්නත් ඕනා ය.
එතකොට දැන් සිරිසේන වික්‍රමසිංහ මැදමුලන ඉඳුල් ලෙවකන මේ වගේ බත් බැලයින් කියන විදියට නටන්න ඕනය. බුද්ධාගම, බෞවුමික බඩකදෙත්තුව රැකෙන්නේ එතකොටය.

"අනේ (හිස්තැනක්) නන්නානේ " කියලා අපිට  කියවන්නේ එතකොටය.

අපි දන්නා ආකාරයට සොබිත හාන්දුරුවෝ කාලාන්තරයක් තිස්සේ ඒ කියන්නේ මරාන්ඩුව කාලේ ඉඳන්ම ලෙඩ ගානේ හිටපු හාන්දුරු කෙනෙකි. ඒ වුනත් එව්වත් එහෙ මෙහෙ කරගෙන මරාණ්ඩුව  ගෙදර යවන්න ජීවිත පරිත්යාගයෙන්ම එලියට බැහැපු උන්නාන්සේ ඒ යකාව උගේම ගෙදර ජනෙල් පොල්ලක එල්ලලා කරලා හිටං අලුත් පාලනයක් රටට ගෙනාවේය.
කොහොමහරි මේ එල හරකයි මී හරකයි ආණ්ඩුවඇවිත් බොහොම සුළු කාලෙකට පස්සේ උන්නාන්සේ ටික කාලෙකින්ම ඉස්පිරිතාල ගත වුනේය. ආරංචි වුනේ ශ්වසන අබාධයක් කියලා ය.

ඒ තියාගෙනත්  නිකන් හිටියේ නැත. අර 19 වෙනි පැලැස්තරේ ගහන දවසේදී සේරම ලෙඩ තියාගෙනත් උන්නාන්සේ මඩ බන්ගලා වටරවුමට ඇවිත් පිකටින් එකක් කලේ 19 සම්මත නොකර ආයේ මේ පාරෙන් නම් ගෙදර යන්න එන්න එපා කියලා බංගලාව ඇතුලේ ඉන්න ගොන් වාහෙලා ට "අනුශාසනා " කරමිනි.

කොහොම හරි දැනට මාස 5කට  විතර කලින් උන්නාසේ අපි හැමෝගෙන්ම සමුගත්තේ රටටම දැරිය නොහැකි පාඩුවක් ඉතිරි කරමින්ය. දේශද්‍රෝහී රෙජිමයක් පරද්දපු උන්නාන්සේ බලාපොරොත්තු වුනේ දේශප්‍රේමී ආණ්ඩුවක් ය.
එත් එහෙම දෙයක් වුනාය කියලා විශ්වාස කරන්න බැරිය.
කලින් තිබ්බ දේශද්‍රෝහී රෙජිමේ හිටපු එවුනුත් එක්කාහු කරගෙන උන්නාන්සේ ගේ දේශප්‍රේමී ගෝලයා හැදුවේ එලහරකයි මී හරකයි ආණ්ඩුවක්ය.
පලවෙනි කාරණේ ගැන උන්නාන්සේ සන්තෝස වුනත් දෙවෙනි කාරණේ ගැන හිටියේ කණගාටුවකින් ය. අවසාන කාලයේදී උන්නාන්සේ ගේ ප්‍රකාශ වලින් ඒ බව පැහැදිලිවම පෙනුනේය.

ඒ මොනා වුනත් උන්නාන්සේ තමුන් අතින් ගොඩනැගිච්ච ආණ්ඩුව ලව්වා ඝාතනය වෙන්න තරම් ආණ්ඩුවට අභියෝගයක් වුනේ නැත. ප්‍රශ්නයක් හිසරදයක් වුනේ නැත. එකම  දේ වුනේ ආණ්ඩුවේ වැරදි විවේචනය කිරීම පමණි.

මෙතන තියෙන වැදගත්ම කාරනේ ඒ කරපු විවේචන හින්දාම සිරිසේන වික්‍රමසිංහ ජෝඩුව උන්නාන්සේ ව අපවත් කෙරෙව්වද කියන එකය.

මේඅවුරුදු එකහමාර ඇතුළේදී වෙච්ච දේවල් වලට වඩා නොවෙච්ච දේවල් ගැන පොඩ්ඩක් කල්පනා කරලා බැලුවොත් කීයට වත් ඒ ජෝඩුව එහෙම දෙයක් කරන්නේ නැති බව කිරි ගහට තව මොකක්හරි ගහකින් ඇන්නා වගේ සහසුදෙන්ම ටක්කෙ ටම කියන්න පුළුවන.

කරපු විවේචන නිසා ම සෝභිත හාන්දුරුවන් වගේ රටක් පිළිගත්තු බලවත් හිමිනමක් ඝාතනය කරන්න තරම් ආණ්ඩුව වැඩකාරයෙක් නම්, චන්ඩියෙක් නම් ඔය වාචාලකම් පම්පෝරි ගහන ඔය විමලේ  , ගොම්මන්පිල,  බොරලුගොඩ සුනඛයා, පාසු වකා වගේ අව්ජාතකයෝ  ත් උඩුවේ ලා වගේ එම්බ්‍රොයිඩර් ගනින්නාසේ ලාත් අද වෙනකොට ජීවතුන් අතර ඉන්න කිසිදු ආකාර හේතුවක් නැත.
උන් කරන තුප්පහි විවේචන දිහා බලපුවාම එන කේන්තියට උන්ව එලොව ඇරියා නම් ඒ දේ කරන්න මේ ආණ්ඩුවට යන්නේ පැය දෙක තුනකටත් වඩා අඩු කාලයක් ය.
කරපු මෙගා හොරකම් සහ දැන් දෙන කුප්ප ටෝක්ස් වලට ලොකු අප්පොච්චාට  ,එයාගේ හාමිනා ට , කොල්ලෝ තුන්දෙනා ට වගේම සහෝදර සමාගමට ත් කොහේ හෝ ආණ්ඩුවේ බෝඩිමක ජම්පර් කොට ඇඳගෙන බරපතල ජොබ්ස් දෙන්න වැය වෙන්නේ වර දෙක තුනක නඩු විභාගයක් ය.
එත් එහෙම දෙයක් සිද්ධ වෙලා නැත.
ඒ නිසා සිරිසේන වික්‍රමසිංහ දෙන්නා සෝභිත සාදු ව ඝාතනය කලා වෙන්න බැරිය.

එත් අපිට තියෙන සැකය නම් මේ මළබද්ධ කාරයෝ ටික ගේමක් දීලා උන්නාසේ ව ඝාතනය කළා ද කියන එකය. අපිට එහෙම හිතෙන්නේ සෝභිත සාදු අපවත් වෙච්ච ගමන්ම වගේ බොහොම  සුළු කාලයක් ඇතුලත බුකියේ ගිය "තවත් රොටියක් පිච්චුනා " ජාතියේ මිනීමරු මඩ පත්තර නිසා ය.
ඒ වගේ මඩ පත්තර බොහොම සුළු විනාඩි කීපයක් ඇතුලත බුකියේ සැරිසරන්න පටන් ගැනීම නිසා අපිට නම් හිතෙන්නේ කට්ටිය එව්වා ලෑස්ති කරන ඉඳලා නිව්ස් එක ආපු ගමන් ශෙයා කළා කියලා ය.
අපේ අතිශය සාමන්‍ය මොලයට දැනෙන තේරෙන විදියට එහෙම මඩ පත්තර ලැස්ති කරගෙන ඉන්න හේතුවක් තිබිය යුතුය.
එකම හේතුව සොබිත සාදු මැරෙනවා මයි  කියලා ෂුවර් එකක් තිබිය යුතුය.
එහෙනම් ෂුවර් එකක් තියෙන්නත් සමහරවිට හේතුවක් තිබිය යුතුය.
ගොම්මන්පිල ගේ පදයට අනුව සිරිසේන වික්‍රමසිංහ ජෝඩුව කොමිසමක් එහෙම පත්කලොත් සහ ඒ කොමිසම ඔය මම කියාපු කාරනා ගැනත් හොයා බලන්න තීරණය කෙරුවොත් ඒ "හේතුවත් " හොයාගන්න හැකිවෙන්න පුළුවන.

මොනා කරන්නත් තියෙන්නේ සති දෙකක් නිසා කවුරු හෝ ඉස්සරවෙලා මේ වගේ කල යුතුය. නැත්තන් දැනට රස්නෙට තිබ්බට මී බෙට්ට වැටුනාට පස්සේ වෙච්ච දෙයක් හොයාගන්නත් නැතිය.

සති දෙක යන්න කලින්  මොනාහරි සිද්ද වෙන්නයි කියලා ප්‍රාර්ථනා කරන ගමන් විභීෂණ අදට නව්තින්නේය.

එහෙනම් ඉතින් ගොහින් එන්නම්....



12 comments:

  1. මේවා තනිකරම දේශපාලනිකයි බං............. ඒවාට විලිලැජ්ජා නැති තර්ක ගත්තා ම උන්ම දෙකේ කොළේට වැටෙනවා කියලා උන්ටම අමතක වෙලා.....

    ReplyDelete
    Replies
    1. උන්ට ගොඩක් දේවල් අමතක වෙලා බන්....-

      Delete
  2. හාමුදුරුවරු මුලින් ආගම කෑවා.. දැන් දේශපාලනේ කනවා.. අප්‍රසන්නයි.

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා බන් මේක කොහේ ගිහින් නතර වෙයිද කියලා..

      Delete
  3. අසා සිටින්නන් ඊයේ ඉපදුන අය ලෙස හෝ අම්බ මෝඉඩයන් සේ සැලකීම ගොම්මන්පිලගේ සහ අනෙක් අයගේ අයිතිවාසිකමකි. එමෙන්ම එම ගොන් පාර්ට් අල්ලාගෙන උඩපනින රිලවුන්ටත් උන්ගේ ජාතික ගති අනුව එසේ උඩ පැනීමටද අයිතිවාසිකමක් ඇත. පොදු මහජනයා ඒවා විස්වාස කරන්නේ නම් සහ ඒ අනුව ක්‍රියා කරන්නේ නම් මෙවන් බොරුකාර විහිළුකාරයන් ඔවුන්ගේ නායකයින්වීම සුදුසුය.

    ReplyDelete
    Replies
    1. අනිවා..ඔන්න ඕක තමයි ඇත්ත කතාව.
      මේ වගේ හොරිකඩයෝ "ජනතා නායකයෝ " වෙලා ඉන්නේ ඔන්න් ඔය හේතුව හින්දා තමයි.

      Delete
  4. විභියා........... අර උඹේ ගීතය මේකේ පෝස්ට් කරමුකෝ... පූර්ව ප්‍රචාරයක් විදිහට දාහං....... නෙලුම්යාය බයිලා 2 වගේ නමක් පට්ට............... දාමු දාමු.............

    ReplyDelete
    Replies
    1. අන්න දැම්මා...
      තැනක් යූ උඹලා ගේ ප්‍රතිචාරෙට...

      Delete
  5. අකුරක් නෑර එකගයි. ඒ වගේම ලෙසටම ලියල තියනව.

    ReplyDelete
  6. බණක් තලාගෙන පන්සලකට වෙලා ඉන්නේ නැතුව....!!

    ReplyDelete
    Replies
    1. බොරු කියන්න එපා බන්..කේ දෙනෙක් නම් සිල්වත් කස්ටිය ඉන්නවද තමුන්ගේ පාඩුවේ "බණක් තලා ගෙන " "කුඹුරක් කොටාගෙන " කාරිය ඉන්න...

      Delete

කමෙන්ට් කලාපය....