2015-10-04

අපේ මීඩියා



ලෝකයේ ප්‍රසිද්ධ කියමනකට අනුව "ජනමාධ්‍ය" කියන්නේ රටක සිව්වැනි ආණ්ඩුවය. ඔස්තාර් ලාගේ අර්ථ දැක්වීම් අනුව ප්‍රජාතන්ත්‍රවාදය කියන මන්දිරයේ බර දරාගෙන ඉන්න කණු කීපයෙන් එකක් ය. තව කට්ටියක් කියනා විදියට ජනමාධ්‍ය කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ මුර දේවතාවෙක් ය. කවුරු කොහොම මොනා කිව්වත් ඔය කියනා නානාප්‍රකාර ඩෙෆිනිෂන් සියල්ලම අදාළ වන්නේ වලංගු වන්නේ සිටින සිරිඉල්ලන්කාව නමැති අමුතු දූපතෙන් එපිට තියෙන ලෝකයට ය.

සිරි ඉල්ලන්කාව යනු අනිත් බොහෝ ලෝක ප්‍රකට වචන වලට වගේම "ජනමාධය" කියන වචනයට ත් අලුතෙන් ඩෙෆිනිෂන් සාදන ලද නව නිර්මානාත්මක අදහස් වලින් සපිරි සුපිරි අමුතු දූපතක් ය.

ලෝකය ඇතුළේදී "ප්‍රජාතන්ත්‍රවාදය" කියන්නේ මහජනතාවගේ කැමැත්තෙන් තේරී පත්වෙන නියෝජිතයින් එකතුවෙලා බහුතර කැමැත්ත මත ජනතාවගේ සහ රටේ සුභසිද්ධිය වෙනුවෙන් සිස්ටම් එකක් ක්‍රියාත්මක කිරීම වුනත්  සිරි ඉල්ලන්කාව ඇතුලේ දී එක මහජනතාව පගාව දී උන්ව රවටගෙන චන්ද අරගෙන තමුන්ගේ, තමුන්ගේ පවුලේ සහ තමන්ගේ පරපුරේ සුභසිද්ධිය  උදෙසා අමුතුම සිස්ටම් හැදීම සහ ක්‍රියාත්මක කිරීම බවට පත්වන්නේ ය.
වෙන මුකුත් ඕන නැත. ඉංගිරිසියෙන් DIMOCRACY කියන වචනේ සිංහල තේරුම "ප්‍රජාතන්ත්‍රවාදය" වුනත් ඔය වචනේ සිරි ඉල්ලන්කාව ඇතුලේ සාමාන්‍ය භාවිතාවේදී "ප්‍රජාචන්චවාදය " විදියට වෙනස් වන්නේය.

"නීතිය" යනු ලෝක පිළිගැනීමට අනුව අපක්ෂපාතී , සමබර තීන්දු තීරණ ගැනීමේ ක්‍රියාපිලිවෙලක් වුනත් සිරි ඉල්ලන්කා අර්ථ දැක්වීමට අනුව "නීතිය" කියන්නේ ලොක්කන්ට ලොකුවටත් පොඩ්ඩන්ට පොඩියට ත් බෙදෙන , බෙදන අමුතු යාන්ත්‍රික ක්‍රියා පිළිවෙලක් ය.
ලැපක වැල  තිබ්බා කියලා ඕ ලෙවල් කොල්ලෙක්ව කුදලාගෙන ගිහින් නිරුවත් කරලා හතර හන්දි කඩලා නොකරපු මිනීමැරුමක් බාර ගන්න බල කරන්නේ ත් , තමුන්ගේ පාලන කාලෙදී සිද්ද වුනාය කියලා කියවෙන වංචා දූෂණ වගයක් ගැන කට උත්තර ගන්න "එයාට" පොලොසියට එන්න නොකියා පොලෝසිය "එයා" ලඟට බඩගාගෙන යන්නේ සිරි ඉල්ලන්කාවේ "නීතිය" ඩිෆයින් කරලා තියෙන ඒ අමුතුම අමුතු විදිය නිසාය.

ටිපිකල් ඩෙෆිනිෂන් එකට අනුව "ජනතා පරමාධිපත්‍යය "කියන්නේ තමුන්ගේ සහ රටේ සුභසිද්ධිය වෙනුවෙන් තීරණ ගැනීම ට මහ ජනතාව ට තියෙන උත්තරීතර අයිතියක් සහ යුතුමක් වුනාට සිරි ඉල්ලන්කාව ට එහෙම නැත. එහෙදී "ජනතා පරමාධිපත්‍යය " කියන්නේ තමුන්ව තව අවුරුදු හයක් පාගන්න, තමුන්ව තව  අවුරුදු හයක් මඩවන්න, තව අවුරුදු හයකට තමුන්ව සූරන් කන්න , තමුන්ව රවට්ටන්න, තමුන්ව කඩේ යවන්න පුළුවන් ඒකාධිපති ස්වාමි වරුන් සහ එකාධිපත්හි පරිපාලන ක්‍රමයක් දැන දැන ම පත් කරගැනීමේ ඇති සංකීර්ණ ක්‍රියාවලියක් ය.

ඔය ඔක්කොම ඔහොමනම් "ජනමාධය" විතරක් එව්වායේ රියල් ඩෙෆිනිෂන් වලින් තියෙන්න බැරිය.
සිරි ඉල්ලන්කාවට අනුව "ජනමාධ්‍ය" යනු පූර්ණ ලෙස සකස් කරන ලද වැසිකිලි වලක් ය.  එකේ එන්නේ ජනමාධ්‍ය වේදීන් නොව වලට වෙලා ගූ ගොඩවල් උඩ පිනුම්  ගහන ගූ බෑනා වරුන් ය( ගූ බෑනා කියන්නේ කවුද කියලා සරත් ධර්මසිරි ගේ "කටු ඉඹුල " නව කතාවේ එක තැනක හඳුන්වා දී ඇත). උන්ට ගූ වලින් තොර ලෝකයක් නැත. කොහේ හෝ තියෙන ගූ ගොඩක් තමුනුත්  රස කර බලා අපිටත් රස කර කවන්න උන්ට ඇත්තේ අපේ අම්මා තාත්තා ටවත් නැති අමුතු රුදාවක් ය.
වාරියපොළ අම්මණ්ඩි හිට් එකක් වෙන්නෙත්, බීඑම්ඩබ්ලිව් අක්කා එක රැයින්  සුපර්ස්ටාර් කෙනෙක් වෙන්නෙත් ඊයේ පෙරේදා ඉඳන් "මල පනින චාමර" කියලා එකෙක්  හිට් වෙන්නෙත් මේ ගූ බෑනා වරුන්ට පින් සිද්ද වෙන්න ය.
කොහෙවත් යන හාල් කෑලි යි හාල්පාරු වොයි හිට් කරන මේ බල්ලෝ එකෙන් නවතින්නෙත් නැත. කොහේ හරි  තමන්ගේ පාඩුවේ ඉන්න මිනිසුන්ට වත් මුන් නිකන් ඉන්න දෙන්නේ නැත.

අපි දැනන් හිටපු හොඳම ඕපදූප රිපෝටර් වුනේ කොපි කඩේ අබිලින් අන්කල් ය. ඊට පස්සේ එන්සිනා දයාවතී ලා වගේ ආන්ටි ලය. එත් කාලේ වෙනස් තාලේ අලුත් විදයට නූතන අබිලින්ලා එන්සිනා ලා දයාව්තිලා වෙලා තියෙන්නේ මේ වරත්තු මීඩියා හැතිකරේ ය.මේ ගූ බෑනා ලා ටික අරුන්ට වඩා හොඳට රට පුරාම ඕපාදූප එක රෑ යින් ගනින සැනින් එසැනින් පතුරුවා හරින්නේ හරියට එක උන්ගේ ජාතික වගකීමක් වගේ හිතාගෙනය.

තමුන්ගේ කෙල්ලව විනාස කරලා මරලා දාල තියෙද්දී ,ඒ අසමජ්ජාතියා අතුරුදහන් වෙලා ඉන්නැද්දි කෙල්ලගේ මරණෙට කෙල්ලගේ තාත්තාගෙන් කට උත්තර ගන්න ගෙනිච්චාම මනුස්සයාගේ පරණ සීන් වගයක් එලියට ඇදගෙන  රහ කර කර තලු මර මර කිව්වේත් , ඒ අහිංසකී ගේ ෆොටෝ එකට යටින් තාත්තා ගේ මූණ තියෙන ෆොටෝ දාලා රට ඇතුලේ ඉන්න බයියෝ ෆෝම් කලේ ඔය කියන ගූ මාධ්‍ය බිස්නස් කාරයින් ය. කෙල්ලගේ සීයාට කලෙත් එච්චර ය.
ඒ අස්සේ නිස්කාරනේ අහුවෙච්ච අර ඕලෙවල් කොල්ලා ගැන මේ වේසිගෙ මීඩියා කාරයෝ රට ටම "බ්‍රේකින් නිවුස්" කලේ හරියට මේ ධර්මදීපේ පලවෙනි වතාව වැල  බලාපු කොල්ලා ව අහුවුනා වගෙය. හරියට මිනීමරුවා අල්ලාගත්තා වගෙය.  අන්තිමේදී ඒ කොල්ලාගේ චරිතේ මේ යක්ස හැතිකරේ නැත්තටම නැති කරලා දැම්මේය.
 කොල්ලා ගේ අනාගතේ ට වෙච්ච හානිය, චරිතෙට වෙච්ච හානිය , ඌ ආපහු ඉස්කෝලේ යන්නේ කොහොමද, පාරට බැහැලා හන්දියට වත් යන්නේ කොහොමද, විභාගේ කරන්නේ කොහොමද කියන එක මේ මීඩියා සක්කිලින්ට වැදගත් නැත්තේ මේ වෙනකොට ඔය කේස් එක හින්දා උන් එක එකාගේ චැනල් වල රේටින්ග් වැඩි වෙලා තියන නිසා ය.

මේ මීඩියා ජාවාරමේ කේප්ප වලට අහුවෙච්ච මෙහෙ ඉන්න බයියෝ ටික ෆෝම් වෙලා කොල්ලාව එල්ලලා මරන්න කියලත් බෙරිහන් දුන්නේ එකය. අන්තිමේ දී කොල්ලා නිදහස් වෙලා කොන්ඩයා කියලා එකෙක් දැන් අල්ලාගෙනය.
උගේ චරිතෙත් මේ වෙනකොට මේ මීඩියා පකා ලා ටික නැති කරලා හමාරය.
වැඩේ හොඳම සීන් එකක් ආපහු එළිවෙනවා වගේ තේරුනේ කෙල්ලගේ මරණෙට සැකයි කියලා තවත් එකේ ඇරෙස්ට් කළා කියලා අද දවල් දැනගන්න ලැබිච්ච වෙලේ ය.ඒ නිසා තව හොඳ සීන් ටිකක් ළඟදී බලාගන්න පුළුවන්කම ලැබෙනු ඇත.

මාව අර මිනි පිට්ටනියේ ඉඳන් ඇස වහලා ජීප් එකේ කුදලාගෙන ගියා ය , මගේ ඇඳුම් ගලෝලා මට හොඳටෝම ගැහුවාය , මගේ අහවල් එක ලාච්චුවක දාලා තද කළා ය, උඹ නේද කෙල්ලව මැරුවේ කිය කියා මට වද දුන්නාය, මේක කළා කියලා බාර ගනින් නැත්තම් උඹටත් ආයුධ හොයන්න යන්න පුළුවන්ය කියලා පොලොස් කොට්ටෝරුවෝ ටික කිව්වාය, බය කළා ය , බලහත්කාරකම් කළා ය  කියලා හෙට අනිද්දා ට කොන්ඩයාත් කිව්වොත් අපිට ඒ ගැන දශමයක්වත් පුදුම වෙන්න දෙයක් නැත්තේ මෙතුවක් කාලෙකට පොලෝසියේ පර්ෆෝමන්ස් අපි හොඳහැටි ඉවැලුවෙට් කර ඇති නිසාත් උන්ගේ සංග්‍රහ වලට අපිත් , පෞගලිකව මේ විභීෂණ ත් මුහුණ දී ඇති නිසාත් ය.

එත් එහෙම දෙයක් වුනොතේ වෙනකොට කොන්ඩයාගේ පැටිකිරිය මීඩියා වලින් පතුරු ගසා හමාරය. ඌට අර ඕලෙවල් කොල්ලා වගේ ගෙදර දුවගෙන ගිහින් අම්මාව බදාගන්න ලැබෙන එකක් නැත. කැමරාව ට මොහුන දීලා තමුන්ට වෙච්ච දේ ගැන කියන්න ලැබෙන්නේ නැත. එතරමට ඌවත් මීඩියා දඩබල්ලන්ගේ සෙවල පිරිච්ච දත් වලට හසුවී බරපතල තුවාල ලබා ඇත.

මේ රටේ යුද්ධයක් තිබිච්ච වෙලේ දීත් ඒ වගේම මහින්ද මහත්තයා එකේ අවසන් අදියර ට බොක්කෙන්ම නායකත්වය දෙන කාලේ ත් මේ මීඩියා කාරයෝ හෙවත් ගූ බෑනා වරු කල දුටු කල බොහොම සරු සාරෙට වල ඉහ ගත්තේ ය. ඒ මළමිනී විකිණීමෙන් ය.
සිංහල බෞද්ධ ය කියලා කියන , ධර්මදීප ය කියලා කියන මේ රටේ ඒ කාලේ දී මීඩියා වලින් හැමදාම රෑ නිවුස් වලට කොටින්ගේ  මැරුණේ කීයද අපේ උන් මැරුණේ කීයද කියලා කම්පෙයාර් කරන්නත් කොටින්ගේ ඔලු කුඩුවෙච්ච, බොකු බඩවැල් එලියට ආපු පින්තූර ටෙලිකාස්ට් කරන්නත් මේ කාලකන්ණි මීඩියා හැතිකරය පියවර ගත්තේ ය.
හරකෙක් මළාම පොළොවේ පස් කන( නමුත් කුකුලෙක් , ඌරෙක් මළාම රස කර කර උගේ මස් කන) මෙහෙ ඉන්න පට්ට හිංගල මෝඩ බයියෝ රෑන අර මස් කෑලි මනසින් රස බලන්න පුරුදු වුනේය. අර ඔලු කෑලි කීයකට කැඩිලා ගිහිල්ලාද කියලා හිතන්න පුරුදු වුනේය. අපේ බොඩි ගානට වඩා උන්ගේ බොඩි වැඩි නම් සන්තෝස  වෙන්නත් උන්ගේ බොඩි වලට වඩා අපේ බොඩි වැඩි නම් රහසින් හරි දුක් වෙන්නත් උන් පුරුදු වුනේ මේ ගූ-මාධ්‍ය ජඩ ව්‍යාපාරයට පින් සිද්ද්ධ වෙන්නය.


හැමෝම මේ වෙනකොට මේ පාහර මීඩියා හැසිරීම නහය අතින් වහගෙන විවේචනය කරද්දී විභීෂණ ටත් මේ ගැනම ලියන්න හිතුනේ අර "MP චාමර (MP= මළ පනින ) ගේ කේස් එකේ අප්ඩේට් එක දැනගත්ත වෙලේදී ය.
ගිය සුමානේ වගේ ජාලේ වටේ අතින් අතට ගිය චාමරගේ මල පනින වීඩියෝ එක මේ තුප්පහි මීඩියා කාරයින්ටත් ලැබුනේ උන් හිතාගෙන හිටපු ආකාරයට "උන් ගේ වාසනාවට " ය.
මට මතක හැටියට සීන් එකමුලින්ම එලියට දැම්මේ දෙරණින් ය. එනිත් එව්වෝ ටික සෙකන්ඩ් චාන්ස් එක ගත්තේය.
දෙරණ එදා මේ වීඩියෝ එක දානකොට බැක්ග්‍රවුන්ඩ් එකෙන් හොඳ හොඳ කතා කියනවා අහන්න විභීෂණ ටත් හැකි විය.

මේ අමානුෂික පහර් දීමේ සිද්ධියට අදාළ කොල්ලෝ දෙන්නා මෙතෙක් හඳුනා ගෙන නැති  ය, ළමා හා කාන්තා කාර්යාංශ වලට මේ ගැන තාමත් විස්තර ලැබී නැතිය.
මුන් දෙන්නා ව අඳුනන කෙනෙක් ඉන්නවා නම් 1923 ට හැකි ඉක්මනින් දැනුම් දෙන්නය
වගේ කතා කෝටියක් ය.
(මේ වීඩියෝ එකේ 4.43 ඉඳන් තියෙන්නේ ඔන්න ඔය කියාපු "චාමර" සීන් එකය)

කාන්තා අයිතිවාසිකමක් දෙකක් විකුණගෙන කාලා එදා වේල ගැටගහගන්න කටු බල්ලන් සහ බැල්ලියන් ද අලුත් මස් කට්ට වටේ ටිකින් ටික එකතුවෙන්න පටන් ගන්නවා අපිට පෙනෙන්න විය.
සුජී ෆෝන් එක ඇත්තටම දීලා තියෙන්නේ චාමරට ය කියලාත් තැනින් තැන කතා බහ ඇතිවෙන්න පටන් ගත්තේය

අනිච්චේ දුක්කේ කියන්නා වගේ කවුරුත් බලාපොරොත්තු නොවෙච්ච සිද්දියක් සිද්ධ වුනේ මේ සියලු පෙර පුහුණුවීම් යන අතර වාරයේ ය.
ඊයේ වෙන කොට සිද්දියට අදාළ සියලු දෙනාමද කොහේදෝ කටුනායක පොලොසියට ඇවිත් කියලා තිබ්බේ
"සීන් එක සිද්වුනේ පහුගිය අවුරුද්දේදී ය, හෙට අනිද්දාට දෙන්නා මැරී කරන්නත් යනවා ය, වීඩියෝ එක එලියට දාලා තියෙන්නේ ඊයේ පෙරේදා ෆෝන් එක හදන්න බාර ගත්තු තැනින්ය කියලා ය."
හොඳම කතාව කිව්වේ ගුටි කාපු කෙල්ල ය.
"අපිට ප්‍රශ්නයක් නැත්නම් අනිත් අය එක ප්‍රශ්නයක් කරගැනීම අවශ්‍ය නැතිය කියා කෙල්ල කිව්වේ ය.

දැන් අපේ මීඩියා ටික ට වෙලා තියෙන්නේ ගලේ රීපු නරින් ට වෙච්ච දේම ය. උගුඩුවෙක් ඇටි කෙහෙල් කන්න ගිහින් සිද්ධ වුනෙත් ඔය මලඉලව්ව වගේම දෙයක් ය.

බුකියේ වයිරල් වෙච්ච ගමන් කාගේද, කින්ද මන්ද කවුද මොනවද කියලා වත් හොයන්නේ බලන්නේ නැතිව ඕන රෙද්දක් අරන් විත් තමුන්ගේ චැනල් එකේ පෙන්නලා එක මාකට් කරලා රේටින්ග් වැඩි කරලා සම්තින්ග් එක හොයාගන්න යන ජඩ මාධ්‍ය කරණය ට මේ වගේ උත්තර කලාතුරකින් හරි ලැබෙන එක ලොකු  දෙයක් ය.

මීඩියා වලින් රට නලවන්න අවශ්‍ය නැත. ඒ වගේම රට ගිනි තියන්න ත් අවශ්‍යම නැත. තමුන්ගේ ජොබ් එක "වාර්තාකරණය" නම් වැඩේ විදියට වැඩේ කරනවා මිස අතින් පයින් දාන්න එකතු කරන්න ලස්සන කරන්න ගිහින් නිවී සැනසිල්ලේ ගෙදරට වෙලා නිවුස් අහන බලන මිනිස්සුන්ගේ ලේ කෝප කරන්න අවශ්‍ය නැත.


මේ ටික දවසට වෙච්ච දේවල් ගුරුහරු කමක් විදියට අරගෙන දෙරණ වගේම අනිත් ටීවී රේඩියෝ චැනල් ටිකත් ආයේ බුකියේ වයිරල් වෙන වීඩියෝ පෙන්නන්න කලින් දෙපාරක් හිතනවා නම්, සිද්දියේ වටපිටාව හොයනවා නම්සිද්ද වෙන්න ඕනා ආන්න එකය.

එහෙනම් අදට විභීෂණ ගොහින් එන්නම් ය.

39 comments:

  1. මේ ප්‍රශ්නෙ විසදුනාට පස්සෙත් දෙරණ ආයෙ මේ වීඩියෝව පෙන්නුව. හැබැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක තුමා අපූරු ප්‍රකාශයක් කළා. මේක අප්ලෝඩ් කරපු කෙනාට විරුද්ධව වන්දි ඉල්ලලා දිසා අධිකරනයෙ නඩුදාන්න පුළුවන් කියල. මේ කොල්ලයි කෙල්ලයි එහෙම කරනවනම් ලොකු දෙයක්. ඒ වන්දිය උන්ට විවාහයට හොඳ දෑවැද්දක් වෙයි

    කාන්තා අයිතිවාසිකමක් දෙකක් විකුනල බඩවඩා ගන්න බැල්ලියො පීචන් වුනා මේ කෙල්ල අපිට ප්‍රශ්නයක් නැත්නම් පිට අයටමොකද තියන රුදාව කියල ඇහුවම..

    ජාතික රූපවාහිනිය නම් වගකීමෙන් මේ නිව්ස් එක දැම්ම නේද

    මේඉ මාධ්‍ය වර්ජනය කරන්න ඕන.

    ReplyDelete
    Replies
    1. මාධ්‍ය වර්ජනය කරන්න පුළුවන් මොකක් හරි ක්‍රමවේදයක් තියෙනවානම් අන්න එක බොහොම වැදගත් සහ ප්‍රයෝජනවත් වෙනවා.
      ---------
      මමත් කියන්නේ අප්ලෝඩ් කරපු සතාව මුලින්ම අල්ලගන්න ඕන කියලයි.
      ----------

      Delete
  2. මුලින්ම හිනා වෙලා දුම් පිටවුනා. සිරි අල්ලන්කෑව රටේ ඉපදුන අපිට අපි ගැනම හිතල අනුකම්පාවකුත් ඇතිවුනා.

    ReplyDelete
    Replies
    1. බොහොම හොඳයි...ඔහොම යන්..

      Delete
  3. අපේ රටේ මිනිස්සු සාපේක්ශව වෙනස්..අපි ඒ වෙනසට ගරු කරන්න ඕනේ! හී හී

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ගොඩක් තැන් වලදී අපි බොහොම වෙනස්...

      Delete
  4. සේයගෙ මරනෙට රටේම ඉන්න පිරිමි අත් අඩංගුවට අරන් ප්‍රශ්න කළොත් ඒ හැම එකාම පාපොච්චාරනය කරනව සේය මැරුවෙ තමන්ය කියල. පිරිමි කෝටියක් ඉන්නවනම් ඒ කෝටියම කියනව සේය මරපු විදිය. වැරැද්ද පිළිගන්න කියල ගහනකොට වෙන මොනව කරන්නද

    සේයා සිද්ධියෙන් අපූරු දේවල් මතුවුනා. ස්ත්‍රී දූෂනයක් වුනොත් හැමදාම අහල පහල කොල්ලො විස්සක් තිහක් පොලීසියෙන් ගුටිකාල ඇටකටු කුඩු කරගන්නව. සමහරු සදාකල් ලිංගික බෙලහීනයො වෙනව. ලාච්චුවට දැමීම වගෙ ඒව නිසා.

    සේයා සිදුවීමෙන් පසු හැමෝම කියන එකක් තමයි හුඟක් වැරදිවලට හිරේ ඉන්නෙ අහිංසකයො කියන එක. සැබෑ අපරාධකාරයො එලියෙ. පහුගියකාලෙ ආයුධ පෙන්වන්න ගියෙ ඇත්තම අපරාධකාරයොද කියන එක මටත් දැන් සැකයි. මොකද මාධ්‍ය මගින් කවුරුහරි අපරාධය කළා කියල සමාජගත කරනව. සේයගෙ සිදුවීමෙදි වගෙ ඩී එන් ඒ බලන ඒව මොකුත් නෑ.
    අහවලා ආයුධ පෙන්වන්න යන අතර පොලීසියට වෙඩි තියන්න ගිහින් වෙඩිකෑව කීවම අපිත් හුරේ දැම්ම. දැන් තමා තේරෙන්නෙ ඒකෙ බරපතලකම.

    හුඟක් සිදුවීම් වල නඩු අහල තියෙන්නෙ ගූ ජනමාදිලියො.

    ජනතාව බලපෑම් කන්ඩායම් ලෙස සංවිධනාය් වෙන්න ඕන මේ ජනමාධ්‍ය වලින් වෙන අසාධාරනකම් වලට වන්දි ගන්න. මේව තනි තනි පුද්ගලයන්ට කරන්න බෑ.

    ReplyDelete
    Replies
    1. //සේයගෙ මරනෙට රටේම ඉන්න පිරිමි අත් අඩංගුවට අරන් ප්‍රශ්න කළොත් ඒ හැම එකාම පාපොච්චාරනය කරනව සේය මැරුවෙ තමන්ය කියල. පිරිමි කෝටියක් ඉන්නවනම් ඒ කෝටියම කියනව සේය මරපු විදිය. වැරැද්ද පිළිගන්න කියල ගහනකොට වෙන මොනව කරන්නද//
      ------------මේ ජාතියේ පොලොස් කොට්ටෝරුවෝ ඔ=පොලෝසි වල ලගිනකන් ඔය ජාතියේ දේවල් වෙනවා...

      අදත් තිබුනේ එදා තිබුන ආයුද සොයා යාමේ නීතිය නම් කොන්ඩයාට කලින් කෙල්ලගේ තාත්තා, සීය එක්ක අර ඕලෙවල් කොල්ලයි අනිත් මනුස්සයයි දෙන්නම ආයුධ හොයන්න ගිහින්. අපිත් ඒ නිවුස් බලලා හුරේ දාලා හිත හදාගෙන දොයි..

      Delete
    2. මධ්‍යස්ථ,
      ++++++++++++++++++++++++++

      Delete
  5. රකින්න කියලා අරන් තිබ්බ
    බිත්තරයක් බිම වැටිලා
    කොණ්ඩ කුරුල්ලයි
    කොණ්ඩ කිරිල්ලියි
    ජෝඩුව නොරොක් වෙලා...
    කොණ්ඩෙ කඩාගෙන කොණ්ඩ කිරිල්ලී
    බනිනව මහ සද්දෙන්
    අහල පහළ බකමූණෝ බස්සෝ
    හිටියා නිස්සද්දෙන්
    හිටියා නිස්සද්දෙන්
    සට සට සට සට සට සට ගාලා
    දෙන්නා පොර කන්නා
    ගස් වල අතු උඩ හිටපු කුරුල්ලෝ
    සද්දෙට ඇහැරෙන්නා
    සද්දෙට ඇහැරෙන්නා...
    කවුදැයි මොකදැයි
    අල්ලපු වත්තේ මයිනා විමසූවා
    අනුන්ගෙ දේවල් අපිට මොටද බං
    පොල්කිච්චා කීවා
    පොල්කිච්චා කීවා
    හැම දේටම කට දාන කාක්කෙක්
    මිදුලට බැහැගන්නේ
    දෙන්නගෙ සණ්ඩුව මැද්දට පැනලා
    හේතුව විමසන්නේ
    හේතුව විමසන්නේ...
    කොණ්ඩ කිරිල්ලියිකොණ්ඩ කුරුල්ලයි
    රණ්ඩුව නතර කළා
    දෙන්නා එකවර මොනවද කිව්වා
    කපුටා ළඟට වෙලා
    කපුටා ළඟට වෙලා
    තමන්ගෙ පාඩුවෙ යනවා යන්නට
    කපුටා ගොං බරිත
    අත හැරපං උඹෙ අනුන්ගෙ දේකට
    හොට දාන සිරිත
    හොට දාන සිරිත...
    පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
    තනුව සහ සංගීතය : සරත් බාලසූරිය
    ගායනය : ෆ්‍රෙඩී සිල්වා

    ReplyDelete
    Replies
    1. නියමයි සින්දුවෝ නියමයි. මේක බාගන්න තියනවද mp 3 එකක්?

      Delete
    2. මොකක්ද බන් මේ සීන් එක ..නියමයි සුපිරියි ඇති විශිෂ්ඨයි...

      Delete
    3. බාගත්තා. ස්තුතියි.

      Delete
  6. මෙන්න මෙහෙමයි වැඩේ. මම යුද්ධ කාලේ ඔය 'මාද්දී කාරයෝ' ටිකක් ආශ්‍රය කළා. උන් මාද්දි කාරයෝ මිසක් මාධ්‍යවේදීන් නෙවෙයි. මෙන්න මම නිරීක්‍ෂණය කළ දේවල්.

    විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යවල අද ඉන්න බහුතරයක් ජනමාධ්‍ය උපාධිය සහිත හෝ මොකුත් නැතුව තල්ලුවකින් රිංගපු බොහොම තරුණ වයසේ ඉන්න අය. ඔවුන්ට ඇත්තේ ජවය සහ තරග කිරීමේ හැකියාව පමණයි. බුද්ධිය සහ සදාචාරය ඔවුන්ට විෂය වන්නේ නැහැ.

    මේ අයව එම ආයතන විසින් 'පාවිච්චි කරනවා' ඔවුන්ට අවශ්‍ය විදිහට. ඉජුහ් කිව්වම එන්න, පැහ් කිව්වම යන්න, ඉඳගනින්, හිටගනින්, බුදියපන්, දනගහපන්, ලෙවකාපන්, යන අණදීම් වලට අනුව ක්‍රියාකරන්න හදලා තියෙන්නේ. එව්වා නොකලොත් උන් එතනින් බත්කාලා හමාරයි. ඒ නිසා මාධ්‍ය මුදලාලිලා කියන ඕනෙම කුප්ප වැඩක් කරනවා.

    ප්‍රවෘත්ති කියන්නේ උණුකැවුම් වගේ විකිනෙන දෙයක් නේ. මාධ්‍ය ආයතන අතර ඒ නිසා ඇතිවී තිබෙන බලුපොරයට ගැලපෙන්නේ ඉහත මා දක්වා ඇති ආකාරයට හැසිරෙන කුක්කන් විතරයි.

    වෘත්තියෙහි පරිනත, පුවතක් ඉදිරිපත්කිරීමට පෙර එහි සමබරතාව, සදාචාරාත්මක බව සිතා බලන හෝ ඒ සඳහා තම ප්‍රධානීන්ට කරුණු පෙන්වාදීමට උත්සාහ කරන අය, එම මාධ්‍ය ප්‍රධානීන් විසින් පුකට පයින් ගසා එලවා දමනවා. එවැනි කීපදෙනෙකු හෝ ඉතිරිවී ඉන්නේ රාජ්‍ය අංශයේ පමණයි.

    කුනුරසය වැඩිම ප්‍රවෘත්ති හොයා ඒවාට තවත් ආටෝප දමා කුනුරසය උද්දීපනය කරන අබබ්බයන් මාධ්‍යවේදීන් ලෙස සම්මානත් ලබනවා.

    යුද්ද කාලේ, රාජ්‍ය අනුග්‍රහයෙන් එවන ලද, රාජ්‍ය අංශයේ මහප්පරාන මාධ්‍යවේදීන්, හමුදා කඳවුරුවල උසස් නිළධාරීන් පමණක් ආශ්‍රය කරමින්, කඳවුරෙන් නොමිලේ කෑම කමින් හොඳට බොමින්, සමහරවිට කඳවුරේ සිට එලියට නොගොස්, අසා දැනගත් තොරතුරු ඉදිරිපත් කළේ, තමන් යුද්ධ භූමියේ ඉන්නවා වගේ. සමහර වීඩියෝ දර්ශන ගත්තේ හමුදා බුද්ධි බලකායේ පිහිටෙන්.

    ReplyDelete
    Replies
    1. ඔබ හරියටම හරි . රාජ්‍ය මාධ්‍ය වල විනයක් තියනවා. තරුණියකට පහර දෙන සිදුවීමෙදිත් ඒක දැක්කා. පෞද්ගලික එවුන්නම් මස් වැද්දො. ඒ වීඩියෝ එක තුන් තිස් පැයේම පෙන්නුව. ප්‍රශ්නෙ සමතයකට පත්වුනහමත් පෙන්නුව දෙරනෙ.

      Delete
    2. එක තමයි විචෝ මම කිව්වේ මීඩියා වල ඉන්නේ "ගූ බෑනා ලා " කියලා.
      ගූ වලින් තොර ලොවක් උන්ට නැත.

      -----------
      අර මිලිටරි රිපෝටර් ලා කරාපු ඒ දේවල් ගැන නම් මේ කියනකම් මම දැනන් හිටියේ නැහැ විචෝ...බොහොම වටිනවා උන්ගේ කරපු ඒ දේවල් අපිත් එක්ක බෙදා ගත්තා ට.

      Delete
    3. //ප්‍රශ්නෙ සමතයකට පත්වුනහමත් පෙන්නුව දෙරනෙ//

      'අදද රෙන' නාලිකාව කියලා නේද ඒගොල්ලෝ තමන්ව හඳුන්වාගන්නේ? :D

      Delete
  7. ..//ලැපක වැල තිබ්බා කියලා ඕ ලෙවල් කොල්ලෙක්ව කුදලාගෙන//..

    තමන් ගැහැණු සීයක් දූෂණය කලා තියලා පාටි දාපු දේශපාලඥයෝ ඉන්න රටක වැලක් ලැප් එකේ තිබීම තමයි මහා අපරාධයක් බවට වෙලා.කුඩු කන්ටේනර් පිටින් ගෙන්වනවටත් වඩා රටේ ලොකුම අපරාධයක් උනානේ ඒක.ඒ වගේම පොලිසියේ ක්‍රියා කලාපය බැලුවොත් පොලිසිය දේශපාලඥයන් ඉදිරියේ හැසිරෙන්නේ ලොකු බල්ලො දැක්කම පුංචි බලු පැටව් වලිගේ පස්සේ ගහගෙන දෙකට නැවිලා පැත්තකට වෙලා බයාදු ගතියෙන් බලාගෙන ඉන්නවා වගේ.ඒ වෙලාවට ඇටේ කහගන්න පන නැ වගේ ඉන්නේ.ගමක අහිංසකයෙක් අහුවුනාම තමයි මුන්ගේ නීතිය පෙන්වන්න යන්නේ.අනිත් කරුන පොලිස් අත්අඩංගුවේ සිටින පුද්ගලයෙකුගෙන් පොලිසිය ප්‍රශ්නකරලා ලබාගත්ත තොරතුරැ කොහොමද මාධ්‍යකට ඉතා ඉක්මනින් යන්නේ කියන එකනම් ගැටලුවක්.ඇයි ඒ වගේ දේවල් පොලිසිය මාධ්‍යට දෙන්නේ.

    ඊ ලගට මාධ්‍ය භාවිතය
    ඉස්සර අපේ ගම්වල ගැහැණු පිරිමි රණ්ඩු සරැවල් උනාට කුනුහරැප කියාගත්තට ඒවා ගමේ උන්ටවත් මහලොකු දේවල් උනේ නැ.දැන් කොතනක හරි ඒ වගේ ආරාවුලක් ඇති වුනොත් ඒක වීඩියෝ කරලා ප්‍රධාන පුවතක් විදියටත් දාන්න තරම් ලොකු දෙයක් කරලා.දැන් ඉන්න මාධ්‍යකරැවන් හිතන්නේ අනුන්ගේ පෞද්ගලික ප්‍රශ්න මේ රටේම මිනිස්සුන්ගේ ප්‍රශ්න කියලා.කිසි වැදගම්මක් නැති අපිට අදාලවත් නැති දේවල් අද සමහර චැනල් වල ප්‍රධාන පුවත් බවට පත්වෙලා.මේ යන විදියටනම් ඉවසගන්නම බැරිකමට ගහකට මුවා වෙලා චූ පාරක්වත් දාන්න බැරි වෙනවා ඉදිරියේදි.මුන් ඒකත් වීඩියෝ කරලා ස්ලෝමෝසන් දාලා අමුතු මියුසික් එකක් දාලා බ්‍රෙකින් නිවුස් වලට දායි.ඒ තරම් අමන මෝඩ අම්බරැවෝ ටිකක්නේ දැන් ඉන්නේ.

    ReplyDelete
    Replies
    1. මෝඩ හරක් රෑනකුයි උන්ව හූරන් කන්න ගස් බල්ලෝ ටිකකුයි ඉන්න රටක ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද බන්..?\

      Delete
  8. ජන මාධ්‍ය තියෙන්න ඕනි මේකට නෙවෙයි. දැන් මාධ්‍ය කාරයො කරන්නෙ අර “වෘකයෙක් ආවා“ කියල බොරුවට කෑගහපු එඬේර කොල්ලා කරා වගේ වැඩක්. ඒක නිසා දැන් වෙමින් යන්නෙ මාධ්‍ය වල තියන විශ්වාසවන්ත කම නැත්තටම නැති වෙන එක. ප්‍රවෘත්ති වාර්තාකරණය මෙගා නාට්‍ය අච්චුවට දාල නැතිබංගස්තාන කරල. ඒ සංස්කෘතිය අස්සෙ වගකීම සහ වගවීම කියන දෙකම නෑ.

    ෆේස්බුක් පාවිච්චිය ගැන කියන්න තියෙන්නෙ මෙච්චරයි. අපේ උංදල තණකොළ කනව මදිවට හත්පොළේම ගොමත් ගාගන්නව.

    ReplyDelete
    Replies
    1. ෆේස්බුක් නම් අන්තිම මජර වලක්..එතනින් එහාට කියන දෙයක් නැහැ.

      Delete
  9. මෙච්චර වෙලත් මීඩියා වලට ලැජ්ජාවක් නෑ විභී අයියේ තාමත් තමන් ගැන පම්පෝරි ගහනවා

    ReplyDelete
    Replies
    1. මීඩියා වලට කවද්ද බන් ලැජ්ජාවක් තිබ්බේ...
      අර "පියාඹන මාළු" කෑල්ල ටත් තියෙනවා උන්ට වඩා ලජ්ජා බයක්.

      Delete
  10. විභියා, මතක නැද්ද බං, එ් කාලෙ පාෙළේ ගියාම තියෙන හිට්ම කෑල්ල තමා කවි කොලේ. කවි කොල කාරයා දෙබසුත් එක්කම කියන්නෙ සිද්ධිය වෙච්ච හැටි ගැන. දැං ඉන්න පත්තර කාරයො, නිවුස් කාරයො ටික එ් කවි කොලකාරයෙගං පරිණාමය වෙච්ච ලැජ්ජ නැති එවුං. මං කාලෙනට කලිං ලිව්වා එකක්...
    http://drackey.blogspot.com/2014/03/blog-post.html

    ReplyDelete
    Replies
    1. කවි කොළ තිබ්බ්බ කාලෙට ගොඩක් පස්සේ බන් අපි ඉපදුනේ...ඒ හින්දා ඒ ගැන නම් අහල දැනගත්තු දේවල් තමයි දන්නේ.

      ----
      උඹේ පොස්ටුව නම් එලස්...

      Delete
  11. ඒ පාර කොනඩයගේ සහෝදරයා අල්ලගෙන.. පොලීසියටත් පිස්සු ... මාද්දියකාරයන්ටත් පිස්සු.. පිස්සු ඩබල්..

    ReplyDelete
    Replies
    1. නෑ ........... නෑ බං අපිටයි පිච්චු. මේවා බලාගෙන සද්ද නැතුව ඉන්නවාට.........

      Delete
    2. ආන්න ඒ පාර කෙල්ලගේ තාත්තා ගේ ඩී එන් ඒ බලන්න ඕනලු...

      -------
      යකෝ ඩී එන් ඒ රිපෝර්ට් තියාගෙනත් ඉබාගාතේ යන මාර පොලීසි තමයි අපිට තියෙන්නේ.

      Delete
  12. පොලිසියයි මාධ්‍යයි ගැන කියාපු සේරටම එකඟයි.. එත් අර කෙල්ල 'අපිට ප්‍රශ්නයක් නැත්නම් ඔයාලට මොකද?' කියන කතාවට එකඟ වෙන්න බෑ.. ඒ කැමති විදියට කාටවත් ගහන්නවත් හිතුමතේ ගුටි කන්නවත් නීතියෙන් අවසරයක් නැති නිසා.. (ඒ ගහපු පාරකින් කෙල්ල මරුනනම්? එත් කාටවත් ප්‍රශ්නයක් නැද්ද?) කැමති උනත් අකමැති උනත් වැරද්දක් කරනම් එකට අදාල නිත්‍යානුකුල දඬුවම් විඳින්න ඕනි. නීතියේ සාධාරණත්වය ගැන කතා වෙනවනම් එකත් කියන්නම වෙනවා..

    ReplyDelete
    Replies
    1. උඹට තියා අපිට එකඟ වෙන්නත් බැහැ බන්..එත් බන් ඒකි එහෙම කිව්වනේ..\
      ඒකනේ මතන තියන කේසුවා එක...

      ------------
      එතනින් එහාට මොන නීතිද බන්...

      Delete
  13. ඔන්න චාමරගෙන් ගුටිකාපු කෙල්ල නම් මාධ්‍ය කර්යෝන්ටයි කාඩ් බෝඩ් වීරයෝන්ටයි දීල තිබ්බා ඇස්ටි හැලෙන්න

    ReplyDelete
    Replies
    1. ආයේ ඉතින් කියල වැඩක් නැහැ...කෙල්ලට මල් තියලා වඳින්න ඕන...

      Delete
  14. මොනවා කරන්නද බං......... මේක මාධ්‍ය නිදහස ඉහටත් උඩින් තියෙන පස්ට ප්‍රජාතන්ත්‍රවාදී රටනේ මචං... අා අනික ලෝකෙන් ම උතුම් රටනේ...

    ReplyDelete
    Replies
    1. අර අන්තිම වාක්කිය තමයි වැදගත් ම ටික
      ---

      ලෝකෙන්ම උතුම් රට...
      රෙද්ද තමයි..

      Delete
  15. විධිමත් පරීක්ෂණයක් පවත්වන්න ඔත්තු බලන්න පුළුවන් තරමට මොලේ තියෙන උන් ඇත්තෙම නැද්ද මංදා. මාධ්‍ය හැත්තනං මතක් කරංට එපා.

    ReplyDelete
    Replies
    1. රටට කෙලින්න ඉන්න මූසල ජාතියක්.

      Delete
  16. Okata thamai VIBHI ayya kiyanne "aparade yudde iwara une" kiyala. Matanam yudde nethiwa paalui. Mokada me boru viral video gon part balala epaa wela.. Ara phone eka chamilata dena kathawa mata tube light wage.. Danne nethi nisa ehuwe honde.. Jaya wewaa...!!

    ReplyDelete
    Replies
    1. "aparade yudde iwara une"

      -උඹට විතරක් නෙවයි බන්. අපි හැමෝටම යුද්ධේ නැතිව පාලුයි.
      සමහරුන්ට මළකුණු නැතිව පාලුයි.

      Delete

කමෙන්ට් කලාපය....