2015-10-01

අපට අද රෙදි ඇඳිය හැකිද?(ලෝක ළමා දිනය වෙනුවෙනි)

ලෝක ළමා දිනය කියලා නම් කරලා තියෙන අද දවස , ලෝකේ හැම තැනම වගේ නානාප්‍රකාර වැඩසටහන් එක්ක සමරන්න හැම රටක්ම  වාගේ කටයුතු කරන කොට මෙදා පාර අපිටත් හෙන උජාරුවෙන් සමරන්න අවස්ථාව ලැබී ඇත. ඒ කාගේ වාසනාවට ද එහෙම නැත්නම් කාගේ අවාසනාවට ද කියලා හිතා බලන එක වෙනම කටයුත්තක්ය.
කොහොම වුනත් මෙදා පාර ලංකාව ලෝක ළමා දිනේ සමරන්නේ සුපිරියටම රිහසල් කරලා ඇට්ටි හැලෙන්න ප්‍රැක්ටිස් කරලා ය.



අවුරුදු 5ක කෙලි පැටික්කියෙක් ව දූෂණය කරලා මරලා දාලා ය.
ඒ කෙල්ල ගැන හොයන්න ගිය  කාකි පඩංගුයි උන්ගේ පස්සෙන් ගිය වරත්තු මීඩියා කාරයොයි එකතුවෙලා ඒ අහිංසකී ව ආපහු වතාවකුත් , ඒ මදිවාට අල්ලපු ගෙදර හිටපු කොල්ලාව ත් සමූහ ලෙස දූෂණ කරලා ය.
 
අවුරුදු 8 ක කෙල්ලෙක් ව දූෂණය කරලා ය.
වයස මාස ගානක් වෙච්ච අත දරුවා ව පණ පිටින් ලිඳට දාලා ය.
ඉපදිච්ච ගමන් දරුවෙක් වත් කොහේදෝ මන්දා දාලා ගිහින් ය.
අවුරුදු 10ක කොල්ලෙක් ව අත පය ඔලුවකපලා මරලා දාලය.
හොර මිනිහයි ගෑනියි එකතු වෙලා ඉපදිච්ච ගමන් ළමයාව කක්කුස්සි වලේ ඔබලා ය.
තාත්තා පුංචි පුතාගේ අත පය  පුච්චලා ය.


2015 ලෝක ළමා දිනයට සූදානම වෙනුවෙන් සිරි ලංකාව නමැති වට්ටක්කා දූපත නොසෑහෙන්න වැඩ කරලා වගෙය.

බුදුන් තුන් පාරක් වැඩියා ය කියන,
බුදුන්ගේ ධාතු වැඩිම ගානක් තියෙනවා ය කියන
බුදුන්ගේ දර්ශන ය එදත් අදත් මතුවටත් රැකෙනවා ය කියන,
හැම ආගමක්ම හෙන පට්ට සන්හින්දියාවකින්තියෙනවා කියලා
මහා ලොකුවට පාරම්බාන මේ ධර්ම රාජ්ජේ,
තාම ඇඟපත වත් හරියට හැදිලා නැති අවුරුදු 5ක කෙලි පැටික්කියක් එක්ක අහවල් වැඩේ කරන්නයි,
ඒ අහින්සකීව මරලා, ඇඟේ නූල්පොටක්වත් නැතිව පඳුරක් අයිනේ දාලා යන්න යි පුළුවන් සක්කිලි ඉපදිලා ඉන්නකොට
තමුන්ගේ හාම්පුතා ට "මතක හිටින පාඩමක් "උගන්නන්න
ඒ මනුස්සයාගේ අවුරුදු 10ක කොල්ලා ගේ ඔලුව, අත පය වෙන්වෙන්නම කපලා මරලා දාන්න පුළුවන් වරත්තුවෝ හැදිලා ඉන්නකොට
අර කලින් කියාපු සෝබන ධර්ම රාජ්ජේ රැකිලා තියෙන්නේ මොකාගෙ ධර්මයක් ද කියලා අහන්න නොහිතෙන එකා ජාතියක පෙර පවකට පහල වෙච්ච පූර්ණ අවජාතකයෙක් ය.

 අනිවාරයෙන්ම ඒ ප්‍රශ්න ය අපිට ආගම් උගන්නපු හැමෝගෙන්ම අහලා උත්තර තියෙනවාද කියලාවත් දැනගත යුතුම කාරනා ව ය. ඒ මොකද කියනවා නම් මේ එකෙක්වත් අපිටමේ සමාජෙට හරියට ආගම උගන්වා නැති ය. එහෙම කළා නම් අර වගේ තුප්පහි වැඩ මේ සමාජයේ සිද්ධ වෙන්නේ ද නැත.

එදා අර කෙල්ලගේ ෆොටෝ දාපු , නූල් පොටක් නැතිව පඳුරක් අයිනේ දාලා ගිහින් තිබ්බ ඒ කෙල්ලෙ ගේ බොඩි එකේ ෆොටෝදාපු , ඒ මදිවාට ලැප් එකේ වැල තිබ්බා කියලා අහුවෙච්ච ඒ කොල්ලාගේත් සේරම ෆොටෝ දාලා උගේ යි උගේ මුළු පවුලෙමයි හොඳ නම කැත කරපු පඩංගු මීඩියා ටික අද ඒ කිසි දෙයක් නොවුනා නොදැක්කවගේ ළමා දිනේ ලයිව් කරන්න අද ලැස්ති වෙලා ය.
සල්ලි ලැබෙනවා නම් ඕනෑම මළමිනියක් විකුනන්න පුළුවන් මේ වගේ ජඩ මාධ්‍ය වේදයක්  පහළ වීම සහ එවන් යුගයක පුරවැසියන් විදියට ඉපදීම ඇත්තෙන්ම අපේ අවාසනාව ය.
මේ මීඩියාකාරයෝ මුලින්ම කෙල්ලගේ තාත්තා ට විරුද්ධව කුණුහරුප කතා පතිරෙව්වෝය . ඊට පස්සේ ඒකිගේ අම්මාගේ හොර මිනිහෙක් ගැන ඕපාදූප ප්‍රචාරය කලෝය. ඊට පස්සේ ලැප් එකේ වල තිබ්බාය කියලා අල්ලා ගත්තු කොල්ලාගේ හැම විස්තරේම කිසි හෙවිල්ලක් බැලිල්ලක් නැතිව ප්‍රසිද්ධ කරලා ඒ කොල්ලාගේ ඈත ගරුත්වය නැත්තටම නැති කරලා දැම්මේය.
දැන් හැමෝම සිල් අරන් ය.මුන්ගේ අම්මලාට .....කියලා හිතෙන්නේ මෙන්න මේ වගේ වෙලාවල් වලටය.

මොනා වුනත් පහුගිය සති දෙක තුන ඇතුලත ළමයින්ට විරුද්ධව වෙඡ්චා අසාධාරනකම් ගැන වැඩිපුර වැඩිපුර නිවුස් අහන්නට දකින්නට ලැබුනේය.
මේ අම්මගේ ධර්මද්වීපේ ළමයින්ට තියෙන සැලකිල්ල ගැන දැනගන්න ඒ ටිකම ඇතිය.


සමහර විට ළමා කටයුතු භාර මොකක් හරි අමාත්‍යාංශ/ය මුල්වෙලා අද ලෝක ළමා දිනයේනිල රාජ්‍ය උත්සවය කොළඹ කොහේ හරි මුල්ලකට වෙලා මීඩියා වටකරගෙන කරනවා විය හැකිය.
එන්.ජී.ඕ කපුටෝ ටික තම තමන්ට හිතෙන හිතෙන එක එක වීදිවලට අද ලෝක ළමා දිනේ ට සංදර්ශන පවත්වන්නට පුළුවන.
මේ හැමෝම කොහේ හරි ළමා නිවාසෙක ඉන්න ළමයි ටිකක් ගෙනත් කැමරා වටකරගෙන උන්ට මොන මොනවාහරි තෑගී බෙදනු ඇත.
පැය ගණන් දිග පට්ට කතා පවත්වනු ඇත. සමහර විට ටීවී වල ලයිව් ටෙලිකාස්ට් ද කරනු ඇත.
එත් ඔය රෙද්දේ සැමරුම් උත්සව අමතක කරලා මේ රට ඇත්තටම ළමයින්ට ඉන්න පුළුවන් විදියේ රටක් ද කියලා හොයා බලන්න  අඩුම ගානේ ළමා කටයුතු භාර අමාත්‍යාංශ වල ඉන්න එව්වොන්ට  මොලේ පෑදෙනවා නම් අපිට අමුතුවෙන් සමරන්න ලෝක ළමා දින අවශ්‍ය වන්නේ නැත.

කොහොමෙන් කොහොම හරි ලෝක ළමාදින මෙව්වා එකට මේ පාර සිරි ඉල්ලන්කාවේ සූදානම ඔයාකාරය. එත් ඉතින් ඇස් පේන කන් ඇහෙන මිනිස්සු විදියට, පහුගිය සති දෙක තුනේදී ළමයින්ට සලකලා තිබ්බ හැටි ගැන අහල දැකල ඉන්න අපිට ඔය වගේ උස්සව වලට රෙදී ඇඳගෙන යන්න බැරිය.

එහෙනම් ඉතින් අපි ගොහින් එන්නම්,

ආයුබෝ වේවා...

31 comments:

  1. යකෝ ඉල්ලංකාවෙ පොරක් විදියට උම ඔයිට වැඩිය ආඩම්බර වෙන්න එපැයි
    මේ තරං පැට්ටිස් කොරල හරි ඉහලිං සමරනවට අෑ..
    මේ ඇත්ත කියහං උඹ ඇංජීයෝ කාරයෙක් නේද
    හුකැස්

    ReplyDelete
    Replies
    1. මං දන්නා ඇන්ජිමක් නැහැ බන්....

      -----------
      ඔවු බන් මට හෙන ආඩම්බරයි..

      Delete
  2. මං මේක අපේ සින්දුගෙ බ්ලොගෙත් දැම්ම බං.
    http://masandumal.blogspot.com/2014/05/blog-post_23.html?m=1

    ReplyDelete
    Replies
    1. මොකක්ද බන් දැම්මේ...

      මේ උඹේ බ්ලොගේ ඇඩ්රස් ඒකනේ ...

      Delete
    2. ඔයත් එක් පැතිකඩක් මචෝ..ඔය පෝස්ට් එක.

      Delete
  3. අද ලෝක ලමා දිනය දවසෙත් ලමයි අපයෝජනයට,අපචාරයට ගොදුරැ වෙනවා.වාර්ථා වෙන්නේ නැති එකයි වෙනස.
    පුංචි දරැවන්ගේ පොඩිත්තන්ගේ තමයි මෙ ගෙවෙන හැම දිනයක්ම.දැන් එකදවසක් වෙන්කරලා අනිත් දවස් තුන්සිය හැටහතරේම ළමා ලෝකය විනාශ කරනවා.
    අනේ මුන්ගේ ලෝක ළමාදිනය.මුන්ට ළමයි ගැන ඒ තරමි කැක්කුමයි.

    ඒ පැත්තටත් වෙලාවක් තිබුනොත් ගොඩ බැහැලා විවෙකයක් අරගෙන යමු එහෙනමි
    http://manomandira.blogspot.com/

    ReplyDelete
    Replies
    1. කතා කරලා වැඩක් නැහැ බන්,,,

      සක්කිලි හැත්ත...

      ---------
      ඔන්න අපිත් කිව්වා වගේම ඒ පැත්තෙත් ආව...

      Delete
  4. මේව ගැන මොනව කියන්නද අප්පා...

    ReplyDelete
    Replies
    1. එක තමයි නලින් අයියා...

      වැඩක් නැහැ...

      Delete
  5. ඇති යන්තං අර ඉස්කෝල ළමයව අද නිදහස් කරලා. DNA ගැලපෙන්නේ නැහැ කියලා.

    ReplyDelete
    Replies
    1. ඒ වුනාට නැතිවෙච්ච ආත්ම ගරුත්වය එකෙන් පිරිමහන්න බැහැ විචෝ...

      Delete
  6. ධර්ම රාජ්‍යය/ ධර්මය වගේ සංකල්ප ගැන ඔබට තියෙන්නේ ආත්මවාදී දැක්මක් අනාත්මවාදියෙක් වෙන්න බලන්න.
    http://anthoniyo-bahijata.blogspot.com/2015/02/blog-post.html

    ReplyDelete
    Replies
    1. තැනක් යූ ජගතෝ...

      එත් උඹේ ලිපිය ගැන පොඩි පටලැවිල්ලක් තියෙනවා...ආන්න මං කොමෙන්ටුවක් දැම්මා...

      Delete
  7. ඔන්න ඕක ගැන මගෙ අදහසින්
    http://dilagelokaya.blogspot.com/2015/10/blog-post.html?showComment=1443696464958#c8194143946199825541

    ReplyDelete
    Replies
    1. ඔන්න මාත් බැලුව..
      කොමෙන්ටුවකුත් කෙටුවා හිටං..

      Delete
  8. අනේද කියන්නේ නොදකින්

    ReplyDelete
  9. ළමා දිනය අද විතරයි නෙ අද නම් මොකුත් වෙන්නේ නැතිවෙයි (ඒකත් විශ්වාස නෑ ) හෙට ඉඳන් ආයෙම නොයෙක් නොයෙක් දේවල් අහන්න ලැබෙයි.

    ReplyDelete
    Replies
    1. අද ළමයි කීදෙනෙක් ට අතවර වෙලාද කියලා තව දවස් දෙක තුනකින් දැනගන්න පුළුවන්,,,

      Delete
  10. මොනා කියන්නද? සිරා කතාව..........

    ReplyDelete
    Replies
    1. ඔවු බන්...මොනා කියන්නද?

      Delete
  11. ආච්චිගේ රෙද්ද තමා අපේ එවුන්ට අඳින්න දෙන්න වෙන්නේ

    ReplyDelete
    Replies
    1. ආන්න කියාපු භාණ්ඩේ...

      Delete
  12. වැඩිහිටියෝ ළමයින්ව ම මරලා.... ඒ වෙනුවට සැක පිට ළමයින්ව ම අරං ගිහින්.. උන්ගේ ජීවිත ඉරලා පොඩි කරලා දාලා.... ප්‍රශ්ණ කරද්දි ගහලත් දානවා.... අපි ඉතින් පහුගිය ටිකේ ම ළමා දිනය සැමරුවානේ....... මාධ්‍ය වලින් උඩ පැන පැන දුන්නේ මාධ්‍ය අනුග්‍රහයත්... අාය මොන දිනද බං.......

    ReplyDelete
  13. මේ පින්තුරේ මාව අවුරුදු 30 කට විතර එහා අතීතෙට අරගෙන ගියා! එතකොට මමත් ළමයෙක් තමා!

    ReplyDelete
  14. මාධ්‍ය සදාචාරය ඉස්සෙල්ලම කෑවෙ ස්වර්ණවාහිනිය. ඉන්පස්සෙ අනික් හරක් ටිකත් වැඩේට බැස්සා. අන්තිමේ ආණ්ඩුවෙ ගොං බානත් බැස්සා.

    ReplyDelete

කමෙන්ට් කලාපය....