2017-06-11

යහපාලනේ විද්‍යාත්මක ආතල් එක

ලෝක දේශපාලනේ ට අනුව "යහපාලනය " කියන්නේ Good Governance වලට වුනාට මේ සිරි-ඉල්ලංකාව  ඇතුළේදී ඒක එහෙම නොවෙන වග මේ වෙනකොට ඕනෑවටත් වඩා ඔප්පු වී හමාර වග  අවුරුදු දෙකක "යහපාලන" කල්ක්‍රියාව අහපු දැකපු ඕනෑම කෙනෙක්ට තේරුම් යන දෙයක් බව කියන්න අමුතුවෙන් අවශ්‍ය නැත. ඕනා තරම් සාක්ෂි නිදර්ශන ආණ්ඩුව විසින්ම සපයා ඇත.



වෙනසක් කියල පටන් ගත්තා ට මේකත් අර පර්සි මරා ගේ අද්භූත ආශ්චරියේ හෙවත් නූතන සුරඟන කතා කරලියේ තුන්වෙනි සීසන් එක බව මෙයාලා කරගෙන ආපු ගොන් ගොබ්බ වැඩ දිහා බැලුවාම තේරුම් ගන්න පුළුවන.

ඊයේ පෙරේදා වෙච්චි කැබිනට් සංශෝධනේ ත් අලුත් මිනිස්ට්‍රි වලට අයිති වෙලා තියෙන විකාර ආයතන ටික බලපුවාම ආණ්ඩුවේ මෝඩ කම ගොබ්බ කම පෙරෙන්නේ මොන කොනින්ද කියලා හිතා ගන්න ම විතරක් වෙනම කෝස් එකක් කරන්න වෙනවා ය.
ඒ තරමට එක ලොල් සහගතය. විකාරරූපිය.

ගැසට් එකට කලින් කතා කරන්න ඕනේ කැබිනට් රිශෆ්ල් එක ගැනය.

සිරි-වික්‍රම ඩබල කැබිනට් රිෂෆ්ල් කලේ එහෙම දෙයක් මේ රටේ කාටවත් ඕන වෙලා තිබ්බ නැති වෙලාවක කොහේදෝ තිබ්බ මොකක්දෝ අමාරුවක් හොඳ කර ගන්නටය.

පර්සි මරා ගේ ආණ්ඩුවේ වගේ නොවේය, විද්‍යාත්මක ක්‍රමේකට ඇමතිකම් බෙදනවා ය කියලා පාරම් බාලා අටෝ ගත්තු ආණ්ඩුවේ පලවෙනි කැබිනට් එකම විකාරයක් විය.

මුදල්  අමාත්‍යාංශය රවී ට දුන්නාට මහා බැංකුව තිබුනේ රනිල් ගේ අතේය.
මහාමාර්ග අමාත්යංශය  උසස් අධ්‍යාපන අමාත්‍යංශය එක්ක එකතු කිරීමම නූතන ලෝකයේ අලුත්ම විද්‍යාත්මක සොයා ගැනීම බව අදටත් අපේ උන් කතා වෙනවා ය .

මොනා වුනත් ඒ විද්‍යාත්මක සොයාගැනීම සීයට දෙසීයක් ප්‍රයෝගික බව පහුගිය අවුරුදු දෙකේ දී හොඳටම ඔප්පු විය.

කැබිනට් එක වගේම යහපාලනේ මුල්ම කැබිනට් සංශෝධනෙත් විකාරරූපිය, විස්සෝප ජනකය ලොල් සහගතය.
ඒ වගේම මාර විද්‍යාත්මක ය.

මුදල් ඇමති ට විදේශ ඇමති කමය  විදේශ ඇමතිට මුදල් ඇමැතිකම ය
පුදුම විද්‍යාත්මක ගතියක් ඇත.

ජනමාධ්‍ය අමාත්‍යාංශය ත් මුදල් අමාත්‍යාංශය ට එකතු විය.
එකත් මාර විද්යාත්මකය.

ඉඩම් අමාත්‍යංශ යයි පාර්ලිමේන්තු අමාත්‍යාංශයයි එකට ය.

වරාය කටයුතු ඇමතිට පෙට්‍රෝලියම් ඇමති කමය. පෙට්‍රෝලියම් ඇමතිට නිපුණත සංවර්ධන ඇමති කමය. නිපුනතා සංවර්ධන ඇමතිට වරාය ඇමති කමය.
හරියට නිකන් තුන්කොන් ලව් එකක් වගෙය.

කන්ද උඩරට උරුමය, සමාජ සුබසාධන අමාත්‍යාංශය ඇතුලේ ය.
සබරගමුව සංවර්ධනය , කම්කරු අමාත්‍යාංශය ඇතුලේ ය.
ගම්පහින් චන්දෙ ඉල්ලපු එකා සබරගමු සංවර්ධන එකේ  නියෝජ්‍ය ඇමති වෙලාය.

බොහෝ දෙනෙක් ගේ මවු වරුන්ට කිමුහුම් යවන සුළු ඊළඟ ලොල් සහගත විද්‍යාත්මක කටයුත්ත එළිදැක්වුණේ ඊයේ හවස  ය. ඒ අර විකාර සංශෝධන ටික කරපු අමාත්‍යංශ වලට බෙදලා දීල තියෙන ආයතන ටික මොනාද කියලා දාලා ගැසට් එක පිට වෙච්චි වෙලේදීය.

අනේ අම්මේ ඒ වගේ බෙදිල්ලක් නම් මේ ලෝකෙට ම ත් මුළු සෞරග්‍රහ මණ්ඩලේට මත්  වෙලා තියෙන්නේ පලවෙනි වතාවද කියලා හිතෙන තරම් පට්ට විද්‍යාත්මකය;යහපාලන සහ ගත ය.

 මේ තියෙන්නේ LANKA E NEWS  එකේ මේ ගැන ලියවෙච්චි ආටිකල් එකය,
 
සෞරග්‍රහ මණ්ඩල ඉතිහාසේ පලවෙනි වතාවට ලොතරැයි මණ්ඩල ටික විදේශ කටයුතු අමාත්‍යාංශයක්  ඇතුලේ ය.
මහා භාණ්ඩාගාර ය මුදල් ඇමතිට තිබ්බාට මහා බැංකුව අගමැති අතේය.
EPF එක "සංවර්ධන" මොකක්දෝ කියලා අමුතු අද්භූත මිනිස්ට්‍රි එහෙකය.
කන්තලේ සීනි කොම්පැනිය ඉඩම් , පාර්ලිමේන්තු ප්‍රති සංස්කරණ මිනිස්ට්‍රි එකෙය.

මේ සිද්ධ වෙලා තියෙන්නේ වෙන මක්කාවත් නොව පර්සි මරාගේ විකාර සිස්ටම් එක හෙවත් "කිසිම එකෙක් කිසිම දෙයක් නොකරන සිස්ටම් එක " , යහපාලනය කියන අලුත් බෝඩ් එකක් යටතේ අලුත් ඩ්‍රයිවර් ලා දෙන්නෙක් ගේ අතේ ඉස්සරහට යන එකය.
මම එහෙම කියන්නේ පර්සි මරා ත් කලේ මේ වගේ ටෞකන මිනිස්ට්‍රි බෙදිල්ලක් නිසා ය.

සැලුන් දොරෙන් එන ඕන එකෙක්ට දෙන්න මරා ගාව ඇමති කම් තිබුනේ ය.
අද සිරි වික්‍රම ඩබලත් වෙනසක් නැත. ජාතික ආණ්ඩුව කියන බෝඩ් ලෑල්ල යටතේ ඇමති කම් පැටවූ ගහන්නේ හරියට කැස්බා බිත්තර දාන්නා වගෙය.

එදා මිහිඳු රජ සමයේ හැම මිනිස්ට්‍රියට ම උඩින් සර්වබලධාරී ටයිප් එකේ "ආර්ථික සංවර්ධන " කියලා අමාත්‍යාංශයක් තිබුනෙ, අධ්‍යාපන ට , ප්‍රවාහනය වගේ රටට අතිශයන්ම වැදගත් අමාත්‍යංශ වලට ගොන් බූරු ඇමති ලා තුන් හතර දෙනා හිටියේ, සීනිවලටත් ඇමති කෙනෙක් හිටියේ පර්සි මරාගේ අන්න ඒ  ගස්බලු චින්තනේ ට පින්සිද්ධ වෙන්න ය.
අද "වික්‍රම ඩබල" ( සිංහ & සමර) අතට අරන් ඉන්නේ අන්න ඒ ජාතියේ සර්වබලධාරී ඇමති බලතල වගයක්ය.

යහපාලන සේනාව 2015 දී බලය ගත්තේ මරාගේ ඒ චින්තනේ අහවල් එක වැරදිය, අහවල් එක ඇදය, අහවල් එක කොට ය කියලා ඉස්ටෙජ් කුඩු වෙන්න පුරාජේරු කියලා ය.

එත් මේ හතර බීරි විද්‍යාත්මක ඇමතිකම් සහ ආයතන බෙදිල්ලෙන් අපිට රටට වගේම ලෝකෙටම පෙන්නේ යහපාලන ආණ්ඩුව ත් දැන් කරන්නේ ද මරා ගේ විකාර හීන චින්තනේ ඉස්සරහට ගෙනියන එක මිස වෙන කිසිම දෙයක් නොවන වගය .

ලොකු ඩබල සතියෙන් සතිය රට රටවල ගිහින් " අපේ මහා පක්ෂ දෙකම එකම ආණ්ඩුව ඇතුලේ ඉන්නවාය, හැමෝම සමගියෙන් ය , අපි දැන් සංවර්ධන මාවතේය, අරකය මේකය කියලා කිව්වට ඒ සේරම අතේ රෝල් බව පෙනන්නේ හැබැවටම මේ රට ඇතුලට ආවාට පස්සෙය.

මහා ලොකුවට ජාතික ආණ්ඩුව කියලා කිව්වට උන් දෙතුන් ගොල්ල ඇතුලේ ගජරාමෙට මරා ගන්නවාය. එකෙක්ට අනිකා වැඩ කරන්න දෙන්නේ නැතිය.
රාජ්ජ ඇමති කැබිනට් ඇමති එකක් මරා ගන්නවා ය.
නියෝජ්‍ය ඇමති , ඇමති එක්ක මරා ගන්නවා ය.
ඇමති , නියෝජ්‍ය ඇමතිදෙන්නා ලේකම් එක්ක මරා ගන්නවාය.
වික්‍රමසිංහ අස්සන කොරන කොළ කෑලී ටික සිරිසේන ගිහින් නස්පුක්කරනවා ය.
සිරිසේන අස්සන් කරන කොළ කෑලි වලට වික්‍රමසිංහ කරන්නෙත් ඒ ටිකය.
හැබැයි දෙන්නම කියන්නේ කලින් අස්සන් කරපු එකතවදුරටත් බලාත්මක කලාය කියලා ය.


මේ සේරමගෙන්ම තේරෙන්නේ එක එක දෙයක් ය.
ඒ කියන්නේ මේ ආණ්ඩුවත් කලින් එක වගේම නපුංසක නිෂ්ක්‍රීය ආණ්ඩුවක් බවය.
හැබැයි ඉතින් කලින් ආණ්ඩුවේ මහා එකා බලු වැඩ ටිකක් කාරී කෙරුවේය. මුන් එහෙමවත් නැත.

හැමදාම හැම ආණ්ඩුවම වගේම  වගේම මේ ආණ්ඩුව ත් බලය හම්බුනාට පස්සේ බලය ස්ථාවර කරගත්තා ට පස්සේ යන්නේ සරමක් ඇඳන් ඔලුවෙන් හිටං ය.
එදා "ආස්චරිය" කියන සරමෙන් වැහුවා වගේ අද ආණ්ඩුවේ සේරම හොරුන්ගේ හෙළුව වහගන්නේ "යහපාලනය" කියන සරමෙන් ය.
සරම ඇන්දාට මොකද එදා එයාලා ගියෙත් අද මෙයාලා යන්නෙත් ඔලුවෙන් හිටං ය.
අපිට පෙන දර්ශන අතිශය සුන්දර ය, උත්කුෂ්ටය, ලොල් සහගත ය.
ආසන්නම සාක්ෂිය ඊයේ හවස ආපු ගැසට් පත්තරෙ ය.

යූඇන්පී සිරි ලංකා දෙකේ "බයියන්" ඇරෙන්න මොලේ කලඳක් තියෙන ඕනෑම මනුස්සයෙක් මේ හතරබීරි සංශෝධනේ ගැන ප්‍රශ්න කරන එක වලක්වන්න බැරිය,
මේ වගේ මගුල් සංශෝධන යක් කලේ මොන රෙද්දටද කියලා අහන්න හිතෙන්නේ නැති මොකෙක් හරි ඉන්නවා නම් ඌ එක්කෝ අන්ධයෙක් , නැත්තන් බීරෙක් . එහෙමත් නැත්තන් ගොළුවෙක් ,ඔය තුනට ම නැත්තන් නාකි පුත්තලම් බූරුවෙ ක් බව අමුතුවෙන් කියන්න ඕනේ නැත.

රිදෙනවා ට කරන්න දෙයක් නැත.
අපි මෙහෙම කියන්නේ රටේ ආණ්ඩුව රටට ඕන විදියට හදා ගන්න තියෙන ඕන කමට ම මිස ආණ්ඩුවට තියෙන අමුතු ආදරේකට හෝ වෛරයකට නොවේය.
කලින් ආණ්ඩුව එක්කත් අපිට පුද්ගලික ඇරියස් තිබුනේ නැත. අද ආණ්ඩුව එක්කත් එහෙම ය.

ඒ නිසා මෙහෙම කියනකොට කවුරුත් අපි එක්ක තරහා වෙන්න වෛර බැඳගන්න අවශ්‍ය නැත. හරි දේ හරි විදියට කලා නම් ඒ හොඳටම ඇති ය.

ආණ්ඩුවට තවත් දෙයක් කියන්න උවමනා ය.
ඡන්දෙකදී ඔයා ලාට ලැබෙන්නේ අපි අතේ තියෙන බලය මිස වෙන එකක් නොවේය.
එක අපි ඔයාලට බාර දෙන්නේ අපි වෙනුවෙන්හරි තීන්දු තීරණ ගන්න මිස වෙන බයිලා වලට නෙමේය.
ඒ බලය හරියට පාවිච්චි කරන නොකරන එක ඔයාලා ගේ වගකීම සහ යුතුකමය.

ඒ වගකීම යුතුකම  හරියට වෙන්නේ නැති නම් දීපු බලය ආපහු ගන්න සහ වෙනකෙනෙකුට දෙන්න අපිට පුළුවන.
මොන බයිලා ගැහුවත් අපේ බලය අපි ආපහු ගන්නවා නම් එක ගන්නවා මය.
එක නවත්තන්න සක්කරයා ටත් බැරිය. එදා මහින්දටත් බැරි විය.
2005 දී මහින්දට දීපු බලය 2015 දී ආපහු අරගත්තේ මහින්ද රට හප කරපු නිසාය.

මහින්ද යුද්ධේ ඉවර කලාට  එකෙන් රටට සෙතක් වුනේ නැත.සේරම ජාවාරම් තක්කඩි කුපාඩි වැඩ එළිපිට වෙන්න පටන්ගත්තේය.
රට නාස්ති විය.
උන්නැහේ ගෙදර ගියේ ඒ නිසා ය.
යුද්ධේ දින්නය කියලා පොලවේ පස් කාගෙන කෑගැහුවත් ජනවාරි 8 වෙනිදා අපි ගන්න ඕනා තීන්දුව ගත්තේය.
නතර වුනේ ජනෙල් පඩියක් උඩ ය.

යහපාලන මහත්වරුනි, ඔයාලට ඇප්ලයි වෙන්නෙත් ඒ තියරියම ය.
විධායක බලතල අඩු කලාය , කොමිසන් හැදුවාය කිව්වට වැඩක් නැත.
ප්‍රතිඵල නැත්තන් ඉක්මනින් නිවෙස් බලා පියමන් කල හැකිය.
ජනෙල් පඩියක් ලැබෙයිද කියලානම් ෂුවර් කරන්න බැරිය.

ඉතින් මේ වගේ ඓතිහාසික පිස්සු කෙලින එකෙන් වෙන්නේ ඒ ගෙදර යන ගමන ඉක්මන් වෙන එකය.

ටිකක්වත් කල්පනාවෙන් වැඩ කරන එක කාගේ කාගේත් නුවනට හුරු කියල අපි මතක් කරන්නේ ඒ නිසාය.

එහෙනම් , අපි ගොහින් එන්නම් ය.

6 comments:

  1. ඒ විතරක් නොවේ, රට කාගෙන, කාගෙන, කාගෙන යෑමත් ජයටම සිදු වේ.

    ReplyDelete
  2. ඕක ඒතරම් දෙයක් නෙමෙයි.
    ඉස්සරකාලෙ රජවරුන්ටත් පුරෝහිත සභාවක් හිටියා.
    ඒ වගේ ඔය අමාත්‍යාංශ වලටත් හොඳ ලේකම්වරු පිරිසක් දැම්මනම් ශේප්

    ReplyDelete
  3. මෙලෝ රහක් නැති ආන්ඩුවක් හා නායකයින් දෙදෙනෙක්...

    ReplyDelete
  4. Thopi වගේ unta henama gahapiya...ponna haththa...liyapu ekata qwwe

    ReplyDelete
  5. Nice picture of a

    https://en.wikipedia.org/wiki/Naval_mine

    ReplyDelete
  6. මුන්ගෙ රෙද්දෙ යහපාලනය

    ReplyDelete

කමෙන්ට් කලාපය....