2017-10-01

දැනුනා Iraj

 
ඉරාජ් ආපහු හිට් වෙලාය.
වෙන එවුන් සංසාරෙට එක සැරයක් වගේ හිට් වෙනකොට එක නිවුස් එකක් වුනාට ඉරාජ් හිට් වෙන එක අපිට අමුත්තක් නොවෙන්නේ ඉරාජ් කොහොමත් හිට් වෙච්ච කැරැක්ටර් එකක් නිසාය.


මූ ආපහු හිට් වුනේ මෙන්න මේ "දැනුනා" කියනවීඩියෝ එක නිසාය.
 
 

වෙනදා දන වීඩියෝ වලට වඩා මෙතන තියෙන සීන් එක නම් මියුසික් වීඩියෝ එකේ ස්ටෝරි ලයින් එක විදියට අරගෙන තියෙන්නේ අපේ වික්ටර් රත්නායක උන්නැහැ වගේම දෙවැනි කසාදයක් කර ගත්තු , පුත්තු දෙන්නෙක් ඉන්න සංගීත මාස්ටර් කෙනෙක් ගැන වීමය.
බුකියේ දැකපු ෆොටෝවකි

දැන් රටේම ඉන්න හරක් ටික ඉරාජ් එක්ක ගේම ඉල්ලලා තියෙන්නේ අපේ ලෙජන්ඩ් වික්ටර් රත්නායක ට අපහාස කරන්නේපාය , උන්නැහ ගේ පුද්ගලික ජීවිතේ කාටවත් වැඩක් නැතිය වගේ කුණු බයිලා වගයක් කියන ගමන්ය .
එත් ඉතින් වික්ටර් මහත්තයා දෙවැනි කසාදයක් කරගත්තු කාලෙත් අපි බුකියේ හිටපු නිසා මෙන්න මේ දෙ කියන්න උවමනාය.

අපි මැරිලා ඉපදිලා නැත.
ඒ කාලේ බුකියේ ගිය පොස්ට් සේරම හොඳ හැටි අපිට මතකය.
අමතක ය ඉන්නවානම් මතක් කර දෙන්නටත් පුළුවන් ය,

දෙවැනි කසාදයක් කර ගත්තු ගමන් ශ්‍රී ලංකා ප්‍රබුද්ධ අවජාතක රැල වික්ටර් ට අපහාස කරපු හැටි, චරිත ඝාතනය කරපු හැටි දකින්න බලන්න ඒ එක එකාගේ ෆේස්බුක් ටයිම් ලයින් ටික දිග ඇරියානම් සහසුද්දෙන්ම බලාගන්න පුළුවන් ය.
 
වෙන මක්කාවත් ඕනා නැත.
උගේ වික්ටර් ගේම පුත්තු දෙන්නා youtube එකේ නටපු තොවිලේ සේරටම වඩා හපන් ය.
 
මොකා වුනත් තමුන්ගේ තාත්තා නේද කියලා හිතන්න උන් දෙන්නාටම බැරි විය.
තාත්තාගේ නම විකුණගෙන හිට් වෙලා තාත්තාගේ සල්ලිවලින්ම නම හදාගත්තු දෙන්නා තාත්තාට දුන්නු සම්බුව ඕනා කෙනෙක්ට YOUTUBE එකෙන් හොයා ගන්න පුළුවන.
දැන් එතකොට අපිට එන ප්‍රශ්නේ එදා ඉරාජ් උන්නේ කොහෙද කියන එකය.
උත්තරේ බොහොම සරලය.

ඉරාජ් හිටියෙත් උන් හැමෝම එක්ක ඔයකියන වික්ටර් ට මද ගහපු බෝට්ටුවේම ය.
ඉරාජ් යන යන ෂෝ එකේදී 77ට35 යි කියා  කියා ගැලරියට ආතල් දීපු හැටි තාම අපිටනම් හොඳටෝම මතකය.

එත් දැන් ප්‍රශ්නය ඇතිවෙලා තියෙන්නේ වෙන හේතුවක් හින්දය.
හැමෝම එක්ක එදා වික්ටර් ට මඩ ගහපු ඉරාජ් අද වික්ටර් ගේ වගේ ම කතාවක් තියෙන මියුසික්  වීඩියෝ එකක් කරලා ය.

එත් පුදුම සහගත ලෙස හැමෝම ඉරාජ් ගෙන් ගේම ඉල්ලන්න පෝලිම් ගැහිලා ය.
ඉරාජ් ගෙන් විතරක් නොව සමහර පිස්සු ප්‍රබුද්ධයෝ ඉරාජ්ගෙ තාත්තට පුතාගේ වැඩ කිඩ ගැන ලියුම් ලියලාත් යවලාය.
නාථ දෙවියන්ගේ ගණන් ඉගෙන ගත්තුහැකරල්ලෝ ඉන්න රටක එහෙම උන් පහළවෙන එකට අපිට නම් පුදුම නැත.

ලස්සනම වැඩේ එදා වික්ටර් ට මඩ ගහපු උනුත් අද වික්ටර් ගේ ගුණ ගය ගයා ඉරාජ් ගේ අම්මගේ ගුණ ගයන්න පටන් අරං තිබීමය.

මෙහෙම වෙන්නේ කොහොමද?

එදා වික්ටර ට අපහාස කරපු හැමෝම සුජාත වෙලා ඉරාජ් විතරක් අවජාතක වුනේ කොහොමද?
අද හැමෝම වික්ටර් ට ප්‍රශංසා කරලා ඉරාජ්ගේ "අම්මට " කියලා කියන්නේ මොකද?
ඇයි උන් සේරටම සුජාතයි කියලා අලුත් උප්පැන්න සහතික හම්බුනාද?
ආණ්ඩුවෙන් සැටිපික්ට් දුන්නාද?

හේතුව ඔය මොකක්වත් නොවේය.

ඕකට හේතුව ශ්‍රී ලංකාව කියලා කියන "වෙස බල්ලන්ගේ රාජධානියේ" ඉන්න වෙස බල්ලන් ගේ මානසිකත්වයය .
ළිං මැඩි කල්චර් එකය,

මුන් මේ කවර් කරන්නේ ඉරාජ් එක්ක තියෙන ඇරියස් එකක් නෙමේය.
එදා කවර් කලෙත් වික්ටර් එක්ක තියෙන ඇරියස් එකකුත් නෙමෙ ය.

එදා වික්ටර් එක්ක කලෙ "අනුන්ට ලැබිලා, තමුන්ට නොලැබීම" එක්ක තියෙන ඇරියස් එක කවර් කරන එකය.
ඉරාජ් එක්ක කරන්නේ "වෙනස" එක්ක තියෙන ඇරියස් එකක් කවර් කරගන්න එක ය. 

නාකි විසේ තිබ්බාට ගෙදර ගෑනිත් ඉන්න නිසා, සමාජෙන් අනම් මනං අහන්න ත් වෙයි කියලා බයට සද්ද නැතුව සාන්ත දාන්ත බාවය රකින, එත් චාන්ස් එක ලැබිච්චි ගමන් රූම් එහෙකට සෙට් වෙන වනචර ප්‍රබුද්ධ ශ්‍රී ලාංකිකත්වයට , කාගෙවත් කතා පඩේකට මායිම් නොකර දෙවැනි කසාදයක්කර ගන්න වික්ටර් ගත්තු තීරණේ ඉවසගන්න බැරි විය.
කාලා දිරෝගන්න බැරිවිය.
 
තමුන් මාර කට්ටක් කාලා කාඩ් කුඩු කරගන්නේ ත් නැතුව , රූම් එහෙකුත් හොයාගෙන පට්ට ගේමක් දීලා හොර රහසේ ගත්තු ආතල් එක වික්ටර් නීත්‍යානුකූලව ප්‍රසිද්ධියේම ගන්නකොට සමහරක් ශ්‍රී ලාංකික වෙස බල්ලන්ට කාල ඉන්නබැරි එක ආයේ අහලා දැනගන්න ඕනා කාරණයක් නොවය,

ඉරාජ් එක්ක කවර් කරන්නේ ඔය සීන් එකේ ඊළඟ සීසන් එකය.
ඒ කියන්නේ ඩේටා බර කපාගෙන මඩ පොස්ට් ගහලා වට්ටන්න හදපු වික්ටර් වැටුනේ නැති කේන්තිය හරියට නිවිලාවත්  ගිහිල්ලා නැති වෙලාවේ ඉරාජ් කියන එකා ඇවිත් ඒ ඉස්ටෝරිය ආපහු මතක් කරනකොට මොන බල්ලා ට වුනත් කේන්ති යන එක අහන්නත් දෙයක් නොවේය.

ඒ එක්කම තවත් දෙයක් කියන්න උවමනාය
ඔතනදී ශ්‍රීලාංකික ළිං මැඩි ප්‍රබුද්ධ බලු සේනාව ඉරාජ් එක්ක තවත් ඇරියස් එකක් කවර් කරගන්න හදන්නේ කුරුල්ලෝ දෙන්නෙක් ම එක ගලෙන් එලා ගැනීමේ චේතනාවත් ඒකකය.

ඒ දෙවැනි ඇරියස් එක නම් "වෙනස" එක්ක කරන ඇරියස් කවර් කරන එකය.
ඒ කියන්නේ අවුරුදු දෙදාස් පන්සීයක රෙද්දේ සිංහල බෞද්ධ ඉතිහාසෙට සංස්කෘතියට වඩා වෙනස් වෙන ඕනෑම දෙයකට විරුද්ධ වෙන සිස්ටම් එකය.

ඕක ඉරාජ් ට විතරක් ගිය සුමානේ ඉඳන් මූණ දෙන්න වෙන සීන් එකක් නොවේය.
ජාතික ගීයට වඩා පොඩ්ඩක් වෙනස් සින්දු හද හද හිටපු කලේ අලුත් සින්දු හදපු අමරදෙවටත්,
අමරදේවගේ සින්දු වලට රහ වැටිලා ඉන්න කාලේ සිංහල පොප් කල්චර් එක හදාපු ක්ලැරන්ස් ටත්, ක්ලැරන්ස් ගේ සින්දු වලට වහ වැටුණු කාලෙදී ප්‍රින්ස් උදය ප්‍රියන්ත ලාටත් රෝයි පීරිස් ලාටත්, ඊට පස්සේ භාතිය සන්තුස් ලාටත් මූණ දෙන්න වුනේ ඔය ප්‍රබුද්ද ඇරිල්ල ට මය.
එදා භාතියලාට ඇරපු උන් අතර ලයනල් රන්වලලා , වික්ටර් රත්නයකල වගේ ලෙජන්ඩ්ස් ලා හිටපු හැටි තාම අපිට නම් අමතක නැත.

ඔය සීන් එක තියෙන්නේ කලාවේ විතරක් නොවේය.
පට්ට ප්‍රබුද්ධ පත්තර අතර මල් පත්තර හඳුන්වා දීපු බන්දුල පද්මකුමාර මුහුණ දුන්නෙත්,  මේ රට අයිතියි කියලා හිතන් ඉන්න වලව් හතරෙන්  පිට රටේ නායකත්වය ගත්තු ප්‍රේමදාස ට එදත්, මෛත්‍රීපාලට අදත් මූණ දෙන්න වුනේ, වෙලා තියෙන්නේ ඔන්න ඔය සීන්කෝන් එකටමය.

ශ්‍රී ලංකාව කියන අවාසනාවන්ත රට ඇතුලේ ඕනෑම තැනක සිටුවේෂන් එක ඔහොමමය.

මේ ළිං ගෙම්බන්ට වෙනස පේන්න බැරිය. 
ඒ වෙන මක්කාවත් නිසා නොව වෙනස් වෙන්න වෙන්න ලිඳේ බැමි කඩා වැටෙන නිසාය. 
ලිඳේ බැමි කඩා වැටෙනවා කියන්නේ තව වැඩිපුර ඉරඑලිය ලිඳ ඇතුලට වැටෙන්න පටන් ගන්නවා කියන එකය.
ලිඳ ඇතුලට වැඩිපුර එලිය වැටෙන්න වැටෙන්න ලිඳේ රාජ්‍යය එලියට පේන්න ගන්න ගන්න ලිඳේ ජීවිතය අදට වඩා හෙට සැහැල්ලුවෙන එක වලක්වන්න බැරිය.
එහෙම වෙනකොට මෙච්චර කල් ලිඳ සරෙන්ඩර් කරන හිටපු සිවුරු වලට, ලෝගු වලට, කපටි සූට් වලට යන එන මං නැතිවන එක අනිවා ය. ඩෙෆා ය.

එදා වික්ටර් ට බැනපු මඩ ගහපු සේරමත් අද එකට එකතු වෙලා ඉරාජ් ට ගහන්නේ ඒ නිසාය.
"දැනුනා" වීඩියෝ එකට විතරක් නොව චංචලා, ගේමක් දීලා, සිල් බිඳ ගත්තු, ගිනියම් රෑ , ආශාවරී වගේ ඉරාජ් හදපු හැම වීඩියෝ එකටම මූණ දෙන්න වුනේ ඔය සංස්කෘතික මඩ ප්‍රහාරය ටය.
රෙද්ද පොඩ්ඩක් ඉස්සුන හෝ පාත් වුන ගමන්, කකුලේ තව අඟලක් වැඩිපුර පෙනිච්ච ගමන් , ලිප් කිස් එකක් දැකපු ගමන් පිස්සු හැදෙන මානසිකත්වයක් තියෙන මේ වගේ ගොබ්බ දූපතකට ඉරාජ් වගේ මිනිස්සු අමුතු දෙයක් කරලා පෙන්නන කොට රෙද්දේ පහවෙන එක පුදුම වෙන්න දෙයක් නොවය.

මොනා වුනත් මොකා මොක කිව්වත් එදා වික්ටර් වගේම අද ඉරාජ් ද  සැලුනේ නැත. 
භාතිය ලා වගේම ඕන පුකක් ප්‍රීති වෙසක් කියාගෙන උගේ ගමන ඌ දිගටම යන බව පේන්න ඇත.

ඉරාජ් ටත් , ඉරාජ් වගේ වෙනසක් කරන්න උණ තියෙන අනිත් හැමෝටම කියන්න තියෙන්නේ මෙන්න මේ ටිකය.

උඹලා වැරදි නැත.
එත් උඹලා ඉපදිලා තියෙන්නේ වැරදි ප්ලේස් එහෙකය.
එත් මතක තියා ගනිල්ලා පොලව ඇදයි කියලා පෙන්නේ නටන්න බැරි මිනිස්සුන්ට විතර්ය.
ඒ නිසා මේ ගූබ්බ සංස්කෘතිය කුඩු කරන්න පුළුවන් ඕන දෙයක් පුළු පුළුවන් හැටියට දෙයක් කරනවා නම් දවසක මේ අටමගුල නැති බන්ගස්ඨාන වෙලා  යන එක ෂුවර් ය.

ඉරාජ්, මචෝ.
උඹේ ගේම් එකට මම නම් සුභ පතනවා ය.
උඹේ මාකටින් නම් අති පට්ට ය. පට්ටේනුත් හොඳම එකය.
කියන්න තියෙන එකම දෙ නම් "වීඩියෝ එඩිටින්" තව ටිකක් ඉගෙන ගනින් කියන එකය.
 
එකත් හැදුනු දාට ආයේ උඹේ ඕනෑම වීඩියෝ එකක් දැනෙන එකවලක්වන්නබැරිය. 
 
මේ එක්කම අපේ මාතලන් මේ ගැන දාපු මසුරන් වටිනා වචන සෙට් එකත් මතක් නොකරම බැරිය.

ඒ වගේම බ්ලොග් බොක්ක ඩ්‍රැකියා ත් මෙන්න මේ ටික බුකියේ කොටා තිබුණි.

ඉවර කරන්න කලින් ඔය බුකී ෂොට් ටික දැම්මේ ඒවායේ වචනයක් වචනයක් පාසා ඇත්ත නිසාය.

එහෙනම් ඉතින් අපි ගියා ය.

කාලෙකට පස්සේ බ්ලොගට එන්ටර් වුනාට පස්සේ දැනෙන මෙව්වා එක නම් ඇති ඉස්තරම් ය.

19 comments:

  1. ඉරාජ් කියන්නේ ලංකාවට බිහිවෙලා ඉන්න හොඳම මාකටියර් ල අතරින් එකෙක්.
    මම විස්වාස කරන දේ තමයි සංගීතය හෝ වෙනත් කළා මාධ්‍ය තුල දක්ෂයා කියන්නේ තමන්ගේ නිර්මාණය හොඳින්ම මාකට් කරන්න පුළුවන් එකා. සංගීතමය වශයෙන් ඉහල තිබෙන නමුත් මාකට් නොවුණු නිසා රසිකයා අතරට නොගිය සින්දු කොපමණ තිබෙනවාද? නිර්මාණයක් රසිකයා අතරට නොයනවානම් එම නිර්මාණය නොකලත් වෙනසක් නැහැ. තිබ්බත් නැහැ වගේ.
    නමුත් ඉරාජ්ගේ තමන්ගේ ගු ගොඩ මාකටින් ටැක්-ටික්ස් වලින් රසිකයා අතරට යවනවා. ඉරාජ් ගු විකුණලා ගත්තු වාහන පෙලේ ෆොටෝ උගේ ෆේස් බුක් පේජ් එකට දානවා.
    එතකොට වික්ටර් රත්නයකලට කාල ඉන්න බැරි වෙනවා. වික්ටර් රත්නායකලා ඉරාජ්ලට, භාතියලට ගහනවා.
    බලන් ඉන්න එවුනුත් වික්ටර්ලට චියර් කරනවා. ඒඋනාට දේකක් දාගත්තම සුනිල් පෙරේරාගේ නන්ස්ටොප් එක කියනවා.

    මොනවා උනත් ඉරාජ් ගු විකුණලා ගත්තු වාහන ටික එක්ක රටටම ඇරියස් එකක් තියෙනවා. කරන්න දෙයක් නැතිව ඔහේ ඉන්නවා.
    පරමාදර්ශී අයිඩියල් එක වෙච්චි වික්ටර් අවුරුදු 77දී වයස 35හේ කාන්තාවක් බැන්දම ඉරාජ් එක්ක වගේම ඇරියස් එකක් වික්ටර් එක්ක ඇතිකරගන්නවා. ඊට පස්සේ වික්ටර්ට උඩ පැන පැන ගහනවා.
    උන් ගහපු කාරනාවම මුල් කරගෙන ඉරාජ් වික්ටරට ගේම දෙනකොට වික්ටර්ගේ පැත්ත අරන් ඉරාජ්ට ගහනවා.
    අන්තිමේට බැලුවම ගහල තියෙන්නේ වික්ටර්ටවත් ඉරාජ්ටවත් නෙවෙයි. වික්ටර්ට 77දී නගින එකටයි. ඉරාජ්ගේ සල්ලි වලටයි.

    ReplyDelete
    Replies
    1. ඔය කියලා තියෙන්නේ සහසුද්දෙන්ම

      Delete
  2. මෙහෙ ඉන්නෙ අනුන්ට කරදරයක් නොවන ආචාරශීලී විදිහට ජීවත්වෙන්න ( කන පැලෙන්න මියුසික් බණ පිරිත් නොදා, පෝලිමක් පනින්නෙ නැතුව, පොරකන්නෙ නැතුව ) දන්නෙ නැති වුනාට අනුන්ගේ චරිත හදන්න යන එවුන්.

    ReplyDelete
    Replies
    1. කොහෙන් ආපු බලු ගතියක්ද මන්දන්නේ නෑ බන්...

      රාවණා ගෙන් වත් ද දන්නේ නැහැ..

      Delete
  3. කලාව ඕන කෙනෙක්ට තමන්ට කැමති විදියට පාවිච් කරන්න පුලුවන් කියන එකයි මගේ මතේ නම්..

    ReplyDelete
    Replies
    1. සරලව අන්න එකයි කාරණේ.

      Delete
  4. මෙතන මට පේන ප්‍රශ්නෙ තමයි ඉරාජ් රටේ මිනිස්සු ආදරය කරන චරිතයකට නින්දිත විදිහට මඩ ගහලා තිබීම .ඉරාජ් හදන වීඩියෝ සමහර දාර්ශනිකයො කියන විදිහට සමාජෙට ආදර්ශයක් හෝ ලිංගිකත්වය පිළිබඳව සමාජ කතිකාවක් ඇතිකරනවා කියන කතා නම් වැල් බයිලා,මූ කරන්නෙ කුණු අවුස්සලා කීයක් හරි හොයාගන්න එක.කලින් වික්ටර්ට එක එක කතා කිව්ව එක ගැන කියන්ඩ තියන්නේ ලංකාවෙ විතරක් නෙමෙයි ඕනි රටක ජනප්‍රිය චරිතයකට ඔහොම කතා හැදෙන එක පොදු දෙයක් කියලා.

    ReplyDelete
    Replies
    1. ඉරාජ් ගහලා තියෙන්නේ කාටවත් නෙමෙයි.
      රටේ කොහෙවත් නැති , එත් හැමතැනම තියෙනවයි කියලා බොරු පම්පෝරි ගහන සංස්කෘතියටයි, සභ්‍යත්වයටයි.

      ඉරාජ් ගේ කිසිම වීඩියෝ එහෙකින් පට්ට දාර්ශනික තර්ක සාකච්චා කෙරෙන්නේ නැහැ.
      අනික ඉතින් අහලා සැනසෙන්න තියෙන සින්දු වලින් ඔය වගේ පතරංග ටෝක්ස් කතා කරන්නොනත් නැහැ.

      වික්ටර් ගේ වගේ සීන් ලෝකේ ඕන තැනක වෙන්න පුළුවන්.
      එත් ඒවාට කට කතා හැදෙන්නේ ළිං ගෙම්බෝ ඉන්න මේ වගේ ගෝත්‍රික රටවල් වල විතරයි.

      ඇමෙරිකාවේ ඔහොම වෙනවද? නැහැනේ.
      මිනිපිරියක් වගේ කෙල්ලෙක්ව වයිෆ් කරගෙන ට්‍රම්ප් කාරයා ඉන්නේ ඔය යස අගේට.

      ප්‍රංශේ ඔහොම වෙනවද? නැහැනේ..
      තමුන්ගේ මොන්ටිසෝරි ටීචර් ව බැඳගෙන මැකරෝන් කාරයා යසට ඉන්නවා.

      අන්න එක තමයි කසිකබල් 2500 ඉතිහාසෙයි , බුද්ධිමත් අවුරුදු දෙසිය ගානක ඉතිහාසේකයි වෙනස.

      ඔය තත්වෙට එන්න අපිට ට්ව ගොඩක් කල් තියෙනවා බන්.

      Delete
    2. //මොන්ටිසෝරි ටීචර් ව බැඳගෙන මැකරෝන් කාරයා යසට ඉන්නවා.//මේ බැඳගෙන ඉන්නෙ මොන්ටිසෝරි ටීචර්ව නම් නෙමෙයි .ඒකත් හැබැයි ලොකු නිව්ස් එකක් වුනා.
      ට්‍රම්ප් තරම් නැතිවුණත් අවුරුදු විස්සකට වැඩි වයස් පරතර තියන විවාහක යුවල් අවුලක් නැතුව ලංකාවෙ ඉන්නවා මම දැකල තියනවා .
      වික්ටර්ට කතා හැදුනෙත් බැඳපු අළුත විතරයි .ඒ මනුස්සයත් කතා හදපු මිනිස්සුත් පාඩුවෙ ඉන්නකොට තමයි ඉරාජ් හිට්ස් හොයාගන්න මේ නින්දිත මඩ වීඩියෝවක් හැදුවේ.

      Delete
  5. පෞද්ගලිකව ව්‍යංගාර්ථයෙන් හරි කෙනෙක්ට මඩක් ගහල රිද්දනවනම් මම ඒකට අකමැතියි. මාකටින් කරන්න පාවිච්චි කරපු subject එක ගැන ලොකු පැහැදිමකුත් නැහැ .. හැබැයි ඉරාජ් දන්නවා ලංකාවෙ මිනිස්සුන්ට මාකටින් කරන්න ඕන විදිහ තැනේ හැටියට ඇණේ ගහන්න ඒ නිසා මනුස්සයට පුළුවන් ....

    ReplyDelete
    Replies
    1. ඉරාජ් ගේ මාකටින් ටැලන්ට් එක ආයේ කාටවත් සමකරන්න බහ.

      එක නෙමෙයි,

      මෙතන තියෙන ප්‍රශ්නේ වෙන එකක්.

      මම කියන්නේ ඉරාජ් ඇතුළුව වික්ටර් ට මඩ ගහපු සේරම වැරදියි.
      එත් මෙතන වුනේ එදා ඉඳන් වික්ටර් ට මඩ ගහපු එවුනුත් අඩ ඉරාජ් ට මඩ ගහන්න සෙට් වෙච්ච එකයි.

      එතන තියෙන්නේ පූර්ණ බලු කම.

      Delete
  6. ඔන්න ඕක තමයි ඇත්ත තත්වෙ.

    ReplyDelete
  7. අනේ බම්බුව දන්න තරම තමයි ඔය. පොඩ්ඩක් mark wahlberg ගේ ජීවිත කතාව කියවලා බලන්න ඔයා ඔය කියන මහලොකු ඓතිහාසික කස්ටියගේ තරම බලාගන්න පුලුවන්.බක්කරේ කිව්ව කථාව හරි. වැරැද්ද රටේවත සංස්කෘතියේවත් නෙමේ මිනිස්සුන්ගේ.Fifth Harmony කියන band එකේ Normani Kordei ට උන් කියන බලු කථා පොඩ්ඩ්ක් ගිහින් බලන්න එකි කලු කෙල්ලෙක් හන්දා.

    අනිත් එක ඒ රටවල් වල මිනිස්සු අදින්නෙ පලදින්නේ මහ පරෙ කිස් දෙන්නේ උන්ගෙ culture එක අනුව. අපි මෙහෙම අදින්නේ පලදිනේ මහ පරේ කිස් නොදෙන්නේ අපේ culture එක අනුව.අපිත් උඩුකය නිරුවත්ව ඇදපු කාලයක් තිබුනනේ. එක එ කාලෙ magic එකක් නොවී දැන් magic එකක් වෙලා තියෙන්නේ culture එකේ වෙනස හන්දයි. ඔහොම ඉරාජ් වගේ උන් හම්බකරගන්න අසහනකාරයන්ට magic පෙන්නන්න ගියාම පරේ bus එකේ යන්න බැරි වෙන්නේ අහිංසක කෙල්ලන්ටයි.කොයි කලේ උනත් තියෙන culture එකට ගරු කරන්න අපි දැනගන්න ඕනේ.මොකද අපි මේ රටේ ලොකේ ජීවත් වෙන්නේ තනියම නෙමෙනේ. සමූහයක් එක්ක ඉන්නනම් සමූහය අනුව හැඩ ගැහෙන්න වෙනවා.නැත්තන් එක මුලු සමූහයටම බලපානවා. පේනවනේ ඉන්දියාවෙ කෙල්ලෙක්ට පාරෙ බැහැලා යන්න පුලුවන්ද. නිලියො උඩ දාන එවා බලලා උස්සන් යන්නේ පරේ ඉන්න කෙල්ලන්ව.
    මෙන්න මේ article එක පොඩ්ඩක් කියවල බලන්ට, https://www.huffingtonpost.com/entry/sexual-assault-statistics_us_58e24c14e4b0c777f788d24f ඓතිහාසික කස්ටියගේ වැඩ.

    රටේ ලොකේ වෙන දේවල් හොයල බලන්නේ නැතුව ලංකාවේ තොරම්බෝල බල බල සංස්කෘතියට බනින උඹ තමයි ලිං ගෙම්බා

    ReplyDelete
  8. කලාව තියෙන්ඩ ඕනෙ මිනිස්සුන්ට හරි වැරැද්ද කියල දෙන්ඩ නෙමෙයි. ඒකට වෙන වෙන අංශ තියෙනව. කලාව තියෙන්නෙ මිනිස්සුන්ව පිනවන්ඩයි. ඉරාජ් ඒ පිනවීම කරනව. ඊට අමතරව, ඌ උගෙ නිර්මාණය හොඳටම විකුණනව.

    අනේ අපෙ සඟිස්කෘතිය... එක්දාස් අටසිය ගණං වල අග අපේ තිබුණයි කියන්නෙ නිදහස් ලිංගික සංස්කෘතියක්. ඒකෙදි කිසිම ගෑනියෙක්ට ඔය ඉහළ සමහරු කියනව වගේ පාරෙ බැහැල යන්ඩ බැරි කමක් තිබුන්නෑ. ඉංග්‍රීසි පාලකයන්ට තමා අපේ ගෑණු උඩ වහන්නැති එක ප්‍රශ්නයක් උනේ. පොඩ්ඩක් කියවල බලනවනං ලෙනාඩ්වුල්ෆ් අවුරුදු හැටකට පස්සෙ ලංකාවට ඇවිත් ආපහු කියන දේවල්, මං ඔය කියයන අපේ ඒ කාලෙ තිබ්බ සංස්කෘතිය තේරුං ගන්ඩ පුළුවං.

    මේ උපාසකම්මල එක්ක තමයි මොනවත් කරන්ඩ බැරි. තරුණ කාලෙ හැම හතරවරමක්ම නටල, බැරිවෙනකොට සිල් ගන්ඩ ගිහිං, පංසලේදිත් අනුංගෙ කෙල්ලො පැනල යන එකයි, කොල්ලො ගංජ ගහන එකයි ගැන ඕපදූප කියෝ කියෝ ඉඳල, පුළුවන්නං තරුණ හාමුදුරු ගැටෙයෙකුටත් කතාවක් හදල එන උපාසකම්මල වගේ තමයි අපේ රටේ ඉන්න බහුතරය.

    ReplyDelete
    Replies
    1. අයියෝ රට පටලගෙනනේ. පොඩ්ඩක් ආයේ අකුරින් අකුර කියවලා බලන්න මොකද්ද කියලා තියෙන්නේ කියල. එ කාලේ culture එකේ හැටියට උඩු කය නොවැසීම magic එකක් උනේ නැත්තෙ ඒක ඒ කාලේ culture එක හන්ද. දැන් එහෙම යන්න බැරි දැන් තියෙන culture එක හන්දා. දැන් එහෙම කවුරුහරි උඩු කය නිරුවතිව හිටියොත් (අපි කියමු ඉරාජ්ගේ video එකක එහෙම දර්ශනයක් තිබ්බා කියලා) එකෙන් foam වෙන්නේ අසහනකරයෝ, පාරෙ යන්න බැරි වෙන්නේ සමාන්‍ය කෙල්ලන්ට.ඇස් දෙකට එක පේන්න තියෙනවනෙ. ඒක ඒ කාලේ සාමාන්‍ය දෙයක් හන්දයි දැන් කාලේ වගෙ ප්‍රශ්න නොවුනේ. මේකේ කතෘ අපේ සංස්කෘතිය හෙලා දැකලා බටහිර අගය කරපු හන්දයි ඒ පැහැදිලි කිරීම කරේ. ඉස්සෙල්ලා culture එකක් කියන්නේ මොකද්ද කියල අධ්‍යනය කරල ඉන්න.

      අනිත් එක කලාව කියන්නේ තමන්ගේ තනි බූදලයක් නෙමනේ. ඒක හැම කෙනෙක්ම රස විදිනවා හැමෝටම පොදුයි.එහෙම දෙයක් ජන ගත කරනකොට කලා කාරයෙකුට වගකීමක් තියෙනවා හරි වැරැද්ද ගැන හිතලා තමන්ගේ නිර්මානය කරන්න, හරි වැරැද්ද කියල දෙන්න කවුරුත් ඕනේ නැ.

      Delete
    2. පවතින දේට අනුගත මනසකින් හිතන අයට ඒකෙ රාමුවෙන් පිට ගිහිං කල්පනා කරන්ඩ බයයි. ඒ උනාට අලුත් සම්ප්‍රදායන් නිර්මාණය කරන්නෙ ඒ විදිහට රාමුවෙන් පිට හිතන අතළොතස්සක් දෙනා. මැඩෝනා ගැනත් ඔය විදිහෙ කතා කිව්වනෙ හැට ගණං වල අැමරිකන් උපාසකම්මල...

      Delete
    3. අනිවාර්යෙන්.. අලුත් දේ නොතකන ජාතිය ලොව නොනගි කියල කියන්නේ.එහෙම යහපත් වෙනසක් ලංකාවෙ උනේ නැති හන්දා තමා තාම දේශපාලුවෝ රට හූරන් කන්නේ.අනේ ඉතින් මේ රටේ වෙනසක් කරලා තියෙන්නේ ඉරාජ් විතරයිනේ. අපේ කස්ටියට වෙනස ඉතින් වෙන culture එකක තියෙන හෙලු dance එකක් දැම්මොත් තමයි.ඕක කොහොමද වෙනසක් වෙන්නේ? ඕක තනිකර වාණිජ පරමාර්ථයෙන් කරන copy කිරිල්ලක්නෙ.ඕවද වෙනස් කරන්න තියෙන්නේ මේ රටේ?
      අලුත් සම්ප්‍රදාය - ඇමරිකන් sex marketing

      මේ රටේ සංගීත සම්ප්‍රදාය වෙනස් කරපු කලාකරයො කොච්චර ඉන්නවද. කාලෙන් කාලෙට එහෙම අය එනව. ඒත් ඉරාජ් සංගීතකාරෙයකුත් නෙමෙයි, වෙනසක් කරපු කෙනෙකුත් නෙමෙයි.
      අනේ අපේ රටෙත් ඕන තරන් sex ගැන කතා කරන කවි සිංදු තිබ්බා. ඒක අපේ රටේ culture එකට ගැලපෙන විදිහට. කවුරුවත් ඒවා අහලා ගැනුන්ට jack ගහන්න ගියෙ නෑ.

      අනිත් එක මහත්තයෝ culture එක තියෙන්නේ උපාසක අම්මලට විතරක් නෙමේ. ඔබ තුමා මම අපි හැමෝම එ culture එකේ කොටසක්.culture එකකින් තමයි එක ජන කොට්ඨාශයක් තව ජන කොට්ඨාශයකින් වෙන් කරලා අදුන ගන්නේ. මේක පන්සලේ කෑල්ලක් කරලනේ මේ කස්ටිය. අපෝ බම්බුව, කෙහෙල්මල, කාලකන්නි, මකබැවෙලා යන්න ඕනෙ,ළිං මැඩි මාර නම් set එකක් දාලා තියෙන්නේ.culture කියන්නේ මොකද්ද කියලවත් අපේ සමහරක් රැඩිකල් කියන මහත්තුරු දන්නේ නෑ. තව කොහෙද රටක් ජාතියක් දියුණු වෙන්නේ. ඉතින් යනව උඩ පැනගෙන මුස්ලිම්, දෙමළ මිනිස්සු කැති ගාන්න තමන්ගේ නිවට නියාලු ගති වහගන්න.

      ඔබ කිව්ව එක 100% 400%ක් හරි. මටත් ඕක තමා මේකේ කතෘට කියන්න ඕන උනේ. ඔය වගේ ප්‍රසිද්ද අයට කතා හැදෙන්නේ අවුරුදු 2500 පැරණි culture එකේ වරද හන්දා නෙමේ.මිනිස්සුන්ගේ වැරදි නිසා. කොයි රටෙත් ප්‍රසිද්ද මිනිස්සුන්ට කතා හැදෙනවා. මැඩෝනට උනත්.

      එතකොට අලුත් සම්ප්‍රදාය - සිංදුව බල්ලට ගියාවෙ, එ උනාට එක තියෙන්න ඕනේ කට ඇරන් බලන් ඉන්න. නිකන් බොරුවට සින්දු හදන්න මහන්සි වෙන්නේ,porn film එකක් හැදුවනන් video එකේ අරමුන සම්පූර්න වෙනවනේ.

      Delete

කමෙන්ට් කලාපය....