විභීෂණ ගේ ඔපීසියේ වැඩකරන විභීෂණ ට බොහොම හිතවත් "නිලධාරී තැන්පතී " ලා කීප පොළක්ම පහුගිය දවස් ටිකේ මරා ට බැහැගෙනම වැඩ කළේය . එත් ඉතින් මුන් අපි වගේ බ්ලොගක් බලලා, බුකියේ රවුමක් ගහලා රටේ දේශපාලනේ ගැන ඇඹිටිල්ලන් දැනුමක් වත් තියෙන එව්වෝ නොවේය. දේශපාලනේ ගැන මුන්ට වඩා දැනුමක් අපේ ගෙදර ඉන්න පෑස් පුට්ටා ටත් ඇත.
මෙයාල ගැන විභීෂණ කියන්න කැමති මෙන්න මෙලෙසය.
උදේ 8 කිට්ටු කරලා ,
මිහිකත නලවලා
මග මළ පන්නලා ,
ලැසි ගමනින්,
වැඩට ඇවිත්
ඒ වගේම තවත් එකෙක්
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhBXe2Glnh_sf9qZMf9Naf0ZR78cyN4ac_dMOI0HGG8QmtQ0JZp87eSYtO0L4DnIeM6u51AnAS1PT0iuQd-r01ad7_78ntQ4ZdhOyFszcGsp8ljOrJVTmA1RNUU_c4KZqyvW942lCH2sg/s1600/not_yet__office_by_mrtatsuyayuu-d3cpyrb.jpg)
පැය ක් හමාරක් විතර උදේ කෑම පැය බාගේ ගත කරලා
ඉතුරු පැය පහ හය
"හායි මෙයා" "හූයි මෙයා" "අනේ හරිම ෂෝයි" වගේ
පල් හෑලි කියෝ කියෝ රාජකාරි කරලා
හවස 4.30 ඉඳන් වොෂ් රූම් ගිහින් සැලුන් එක ඇරලා
මේකප් දාලා,
ටක්කෙට හරියට 5ට off වෙලා
ගෙදර දුවලා මොකක්හරි බඩකඩේතුවක් බඩට දාගෙන
හයාමාරේ ඉඳන්
"චන්ගුමී", "ඩොන් යී", "මහරජ" එහම බලලා
8 , 9 වෙනකොට ඇඳන් උඩ පත බෑවෙන,
දේශපාලනේ ඊයේ වුනේ මොකක්ද,
අද වුනේ මොකක්ද,
හෙට වෙන්න තියෙන්නේ මොනවාද
කියන දේවල් ගැන
හන්කවිස්සියක් වත් නොදන්නා,
අඩුම ගානේ
ෆන් එකක් ගන්න
බුකියේ එකවුන්ට් එකක් වත් නැති
මේ
ගොන් වාහෙලා සැට් එකටදේශපාලනය කියන්නේ මුලනේ මරා සහ උන්නැහ ගේ මත්සෙවනේ තතු විත්ති විතරය.
වෙන මොන ලබ්බ රටේ සිද්ද වුනත් උන්ට වැඩක් නැත.
ඒ මොනා වුනත් මුන් බහුතරේ උපතින් සිරි ලංකා හෙවත් අතේ කාරයෝ ය .
මුන් දේශපාලනේ ගැන දැන ගන්නේ සිරිකත, තරුණි නවලිය වගේ පත්තර වලින් ය.
සිරා තුමා පොද්දා වෙනවා කියලා කියාපු මුල් දවසෙ මේ එකා එකීලා තක්බීර් වෙලා මුක් පූට් වෙලා උන්නාට දවස දෙක ගෙවෙන කොට ජාතික පච වාහිනිය යි නයි ටී එන් එකයි බලලා කරලා ඉක්මනටම "කැඳ හැලියේ" දේශනාව අපිටත් දෙසන්න පටන් ගත්තෝය.
කැඳ හැලියට වඩා එයාලාගේ "මහා රජාණන් " ගේ හැලියේ ගූ විමානයක් බව කොච්චර තේරුම් බේරුම් කරල දුන්නත් හරි ගියේ නැත. උන්ගේ චූන් උන්ට චූන් කියල හිතලා අපි උන්ව අතැරලා හිටියේ උන්ට ඒ දේවල් කියාදෙනවට වඩා වැදගත් රාජකාරි අපේ ඔපීසියේ තියෙනවා වීමත් , උන්ට ඇත්ත තේරුම් කරලා දෙන එකට වඩා බොහොම පහසුවෙන් කොහේ හරි ඉන්න පිං ගොනෙක්ට ත්‍රිකෝණමිතිය කියාදෙන්න පුළුවන් නිසාය.
දෙසැම්බර් අග හරියේ වෙනකොට මරා ට සොරි ඩොට් චොම් බව අපි මෙන්ම උන්ද තේරුම් ගෙන තිබුණි.
උන්ගේ ඇස පනාපිට මරා ගේ හෙන්චයියෝ කරපු බලු වැඩ අපි එකින් එක විස්තර කරද්දී , වෙන මොකුත් ඕන නැහැ පුංචි රෝමේ කුඩු ලන්ස යි උගේ පොඩි ලන්සයයි ඒ පැත්තට කරල තියෙන විනාසේ සාක්කි එක්ක ම විස්තර කරද්දී කට උත්තර නැති වුනාම ත් උන් කිව්වේ ඔය මොන වැරැද්ද කලත් අපිට නිදහසේ හුස්ම ටිකක් ගන්න පුළුවන් උනේ මරා හින්ද කියලය. අනේ අපේ කට.
පවට පින දෙන්න බැරි බවට උදාහරණ කාටහරි ඕනනම් ඔන්න තියෙනවා කිලෝ ගානට .
කොහොමෙන් කොහොම හරි ඡන්දෙන් ජනාධිපති වුනේ විභීෂණ නොවන නිසා ඡන්ද ඉවර වුනාට පස්සේ විභීෂණ සුපුරුදු පරිදි සුපුරුදු ඔපීසියටම වැඩට ගියේය.ටික වෙලාවක් ඉන්නකොට වෙනදාට වඩා සමහරුන්ගේ මූණු එච්චර හොඳ නැති බව විභීෂණ ට දැනෙන්න පටන් ගත්තේ ය. එකෙක් රවාගෙන ය. අනිකා ඇවිදින්නේ හම්බුවෙන හම්බුවෙන එකාට මූන් මෙන්ම පුකද ගස්සාගෙන ය. තව එකෙක් අඬන්න ඔන්න මෙන්න ය.
මේ හැමෝම හිටපු මහරජාණන් ව ආදරයෙන් වන්දනාකරපු අය ය. කොච්චරද කියනවනම් ඒ කාලේ සමහරක් විභීෂණ එක්ක කිව්වේ උන්ට මහා රජානෝ හීනෙනුත් පේනවා කියල ය. ඇත්තටම එයා ව දැක්කේ හීනෙන් ද නැත්නම් හැබැහින්ම රෑට ඇඳ ගාවට ආපු වේලාවකද කියල අහන්න හිතුනත් ඇහුවේ නැත්තේ නිකන් තියෙන ගූ ගොඩවල් වලට අත දාල කලත්තන්න ඕන නැති හින්ද ය.
මොනවා වුනත් උන් අපි දිහා බැලුවේ මරන් කන්න වගෙය.
හරියට නිකන් විභීෂණ යි ඔපීසියේ මෛත්‍රීකාරයෝ කීපදෙනයි කොළඹ ගිහින් බයියා ව කනෙන් අල්ලලා මැදමුලනට විසිකරලා ඇවිල්ල වගෙය.
ඔය අතරේ විභීෂණ ගේ ද රතු කටු කුඩු වන සිද්ධි දෙක තුනක් සිද්ද විය.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjZZ7xeqXGJd6YmHhL-fAa3tCo7Y_ltCBsQnqyCY9moILZ_CoFdopz2v3EMzl6iDZyKCn8YwLM1y8bGLL2OH7-bN8cEKA-yXqvFSB7EU7PTGjDmsGiEjTBIJULMJkZOj34DWnqCWVkr_w/s1600/Picture12.png)
එතනදී ඉතින් හැකිතරම් සුහදව "ආසන්න" සුද්ද සිංහල වචන කීපයක් ද එකතු කර බොහොම සංයමයෙන් එතුමීට විභීෂණ පිළිතුරු දුන්නේය.
පාට කරන්න තව චිත්‍ර කීපයක්ද එතුමීට මම තිලින කලේය.
ඔය අස්සේ අර හමුදා කඳවුරට ගල් ගහපු කටකතාව ත් මෙහෙ හොඳට පත්තු විය. බයිසන් ලා යන යන තැන එක කියෝ කියෝ යන්න පටන් ගත්තේය. හැබැයි ඒ තුමා ලා නම් මගේ මූනට ඔය කතාව කියන්න ආවේ නැත.කොහොම හරි ඔය සීන් දෙක හින්දා off වෙන වෙලාව වෙනකොට විභීෂණ ට ද හොඳට ම තද වී තිබුනේය. පොඩ්ඩක් සමනය කර ගත්තේ අපේ මෛත්‍රී වංශයේ කීප දෙනෙක් එක්ක සැට් වෙලා බයියා ගේ පලු ඇරීමෙන් ය.
එත් ගෙදර ආවයින් පස්සේ අරුන්ට පොඩි රිටර්න් එකක් දෙන්න ඕනෑමයි කියල හිටං බුකියේ මගේ රියල් ප්රෝපයිල් එකෙන්ම බයියට සහ බයියා ගේ අනුගාමික යින්ට වදින ජාතියේ පොස්ට් පෝලිමක් ෂෙයාර් කලේ උන්ගේ රැස්පොන්ස් එක කොහොමද කියලා බලාගන්න ය.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi9utANXgO5ESZcK3KXZoM58NZ1COh94u5ffENs8Qxoi6f-cESaYuoM_EYtmS5nMip7H6KtGEa6ASfW1h0V0U-DPM57neXJXq3CTmwzulXiu84Ap4W3Udzy_wegFEB83RGymbf8a6fOJw/s1600/10929216_502304429910356_6094407204274234199_n.jpg)
ඔය අතරේ පාට කරන්න පුළුවන් හාවුන්ගේ සහ තව තව සත්තුන් ගේ චිත්‍ර දෙක තුනක්ම විය.බයියා ගේ වශීබෝලේ "For Sale" කියලා දාපු පොස්ට් එකක් ද ෂෙයාර් විය.
ඊට අමතරව පුළුවන් තරම් හිංගල වචන දාලා තියෙන කේන්තිය උපරිමයෙන් පිටවෙන විදියට, බයියන් ගේ දැහැමි සිත් කුඩු වෙලා යන්නම බ්ලොග් පොස්ටුවක් ද ලිව්වේය. එහෙම ලියලා නොදන්නා ගානට ඔපීසිය ඇතුලේ ශෙයා කළේය.
බඩු බනිස් බව, වැඩේ ටක්කෙට සුපිරියට සිද්ධ වෙලා ඇතිබව තේරුනේ පහුවදා වැඩට ගියායින් පස්සේ ය. බයිසන් වංශිකයෝ එකෙක් මගේ මූනවත් බලන්නේ නැත. හිනා නැත. කතා නැත.ගොඩ දෙනෙක්ට වැදිලා තියෙන්නේ අර වශී බොලේ පොස්ට් එක බව හවස් වෙනකොට මෛත්‍රී වංශිකයින්ගෙන් විභීෂණ ට ආරංචි විය.
අද 25, ඔහෙලාට කියන්න බයියෝ හතර පස් දෙනෙක් අදටත් මා එක්ක වචනයක් කතා කලේ නැත. එක මේසේ ලන්ච් එක ගත්තු සමහරු අද ලන්ච් ගන්නේ ඒ මේසේ ම කොනටම වෙලා මූණ පිඟානේ වදින නොවදින ගානට බත් එක දිහා බලාගෙන ය. ඔය අතරට මගේ මේසෙට ආල්ලපු එකාද ඇතුලත් ය.හැබැයි ඉතින් එක හොඳ දෙයක් සිද්ද වී ඇත. එදායින් පස්සේ බයිසන් කටකතා හමුදාව කට වසා තිබේ.එකත් ඇතිනේ.
විභීෂණ ඉතින් තරහ වෙච්චි එවුන්ට මුකුත් කියන්න ගියේ නැත.අවුරුදු විස්සක්ම දිනලා දිනලා පැරදුනාම දරාගන්න බැරුව ඇතිනේ. හිත හැදෙන්න පොඩ්ඩක් කල් යනවා ඇතිනේ.අනික මේ ඡන්දේ බයිසන් ලොක්ක ගෙනාවේ දිනන්න මිස පරදින්න නොවේනේ. එහෙවු එකේ ඒ ඡන්දෙන් උන්නැහ ම නොකවුට් වුනා ම එක අපිටත් ටිකක් පුදුම සහගත මෙව්වා ඒකකය.
අපට එහෙම ලොකු අවුලක් නැත. අවුරුදු විස්සක්ම පරාජය කියන එක අපිට හොඳට හුරු පුරුදු ය. හැමදාම විපක්ෂ සහ විපක්ෂ නායකයෝ පත්කරපු අපිට මෙදා සැරේ පොඩි අවුලකට තියෙන්නේ අපේ කතිරෙන් ආණ්ඩුවක් සහ ජනාධිපති කෙනෙක් බිහි වී තිබීමය. එක තාමත් ටිකක් නුහුරුය. නුපුරුදු ය.
කොහොමෙන් කොහොම හරි විභීෂණ නම් තාමත් අපේ ඔපීසියේ බයිසන් ලාට මෛත්‍රී කරන ගමන් ය. ආපහු මහපොළවට බහින්න හේතු වාසනා වේවා කියා පතන ගමන් ය.
එහෙනම්
අදට ඇති.
ගොහින් එන්නම්..
==============================================
පසු වදන.
පහුගිය දින කීපයේ තදබල ලෙස අසනීප වීම නිසා බාගෙට ලියා තිබ්බ මේ පොස්ටුව ඉවර කරලා වෙලාවට පබ්ලිෂ් කරන්න නොහැකි විය. ඒ හින්දා එදා ලියල තිබ්බ ගොඩක් දේවල් කුට්ටි පිටින් අයින් කරන්න අද සිද්ද විය. අද පබ්ලිෂ් කලේ එහෙම එඩිට් කරපු පොස්ටුවක් ය.
සතියක් දෙකක් බ්ලොග් අවකාශේ න් වහන් වෙලා ඉන්න සිද්ද වීම හින්දා බොහෝ දෙනෙක්ගේ බ්ලොග් පොස්ට් රාශියක් බලන්න අවස්තාව අහිමි විය. පොස්ට් එක බලන්න වත් කමෙන්ට් එකක් දාන්න වත් එන්න නොහැකි වීම ගැන සමා වෙන සේක්වා.
මේ ගැන මා ලියූ ලිපියකින් වැකි කීපයක් මෙන්න!
ReplyDelete==================
බඩගින්නේ සිටින කෙනෙකුට බණ කියා වැඩක් නැතුවා සේ ම, අන්ධ භක්තියෙන් තවමත් චෙෘරයින් වන්දනාමාන කරන අයෙකු සමග තර්ක කර පළක් නැත. සත්‍යාවබෝධය යනු තමන් ම වීර්යයෙන් කර ගත යුත්තකි.
අන්ධ භක්තියක ගැලී සිටින ඔවුන්ට මම අවංකවම අනුකම්පා කරමි.
අන්ධභාවය සමච්චලයට ලක් කිරීම අමානුශික ක්‍රියාවකි. මේ අංකල්ලා ඇන්ටිලා සෑම දෙනාටම අපේ අනුකම්පාව හිමිවිය යුතුය.
හැමෝටම මෛත්‍රී කරන්න පුරුදු වෙන්න ඕන
Deleteමේක අම්බානක දිගයි බං... අප්පිරියයි කියවන්න.. මල පැන්නත් මට කරන්න දෙයක් නෑ.. ඇත්ත කියන්න එපාය..
ReplyDeleteහරි.
Deleteඔන්න තව කොට කළා.
දැන් ok ද?
--------
මල පයින්නේ නම් නැහැ මාතො. මගේ පොඩි අවුලකට තියෙන්නේ හිතේ තියෙන දේවල් ඔක්කොම ලියල දාලා ඉවර වෙනකොට ආපහු එක එඩිට් කරන්න කම්මැලි හිතෙන එකයි.
ඉස්සරහට හරි ගස්සන්නම්.
ඉතින් ඒකට පෝස්ට් තුන හතරක් දාපන්. දැන් නම් හොඳයි.. කතන්දර බ්ලොග් එක කියවපන්.. ඒ තමයි නියම ඉට්ටැයිල් එක. බොහොම කෙටියෙන් කියන්න ඕන ඔක්කෝම කියනවා...
Deleteඅනිවා ඉස්සරහට "වෙනසක්" වෙයි.
Deleteතැනක් යූ මාතේ..
පැරදිල පැරදිලා දිනන එකේ සතුට වගේම දිනලා දිනලා පරදින එකේ වේදනාවත් අපි මේ ටිකේ දකිනවනේ හොදටම..
ReplyDeleteඇත්ත ඇත්ත.
Deleteඅපිට හුරු වුනාට උන්ට හුරු නැහැනේ...
අනේ මේ ඡන්දයක් නිසා එකට හිටිය මිනිස්සු තරහවෙලා ගහ මරා ගන්න එකනම් පිස්සු වැඩක්.ඡන්දෙදි පිල් වලට බෙදිලා එක එක්කෙනාට බැන ගත්ත අය අර යස අගේට කිසිම දෙයක් වුනේ නැතිව ආයෙත් කලින් හිටිය පිලටම හෙත්තුවෙන්නේ.අන්තිමට ඒ මිනිස්සු දිනලා අපි පැරදිලා ....
ReplyDelete//අන්තිමට ඒ මිනිස්සු දිනලා අපි පැරදිලා//
Deleteඔන්න ok තමයි මම කියපු සැට් එකට වෙලා තියෙන වින්නැහිය.
පව් අෆ්ෆා මම නම් අනුකම්පා කරන්නෙ එයාලට. අපේ මුලු ෆ්ලෝ එකම මෛත්‍රීට, එකම එක්කෙනෙක් ඇර! අන්න ඒමයි අපි :D
ReplyDeleteඑක මෝඩයෙක් හරි නැත්තන් එතන කිසි ගතියක් නැහැ බස්සියෝ...
Delete