දැකල තියෙනවද මූණු දෙකේ කෝලම් .
දේශපාලනේ නම් තියෙන්නෙම ඕව තමයි.
එත් මූණු දෙකක් නම් නෙවයි.
එත් මූණු දෙකක් නම් නෙවයි.
ඒ වුනාට මේ තියෙන්නේ දේශපාලනේ තියෙන කෝළමක් නෙවෙයි.
අවුරුදු ගානකට කලින් ඒ කියන්නේ විභීෂණ ත් පැටියා කාලේ වේදිකා ගත වෙච්චි , පස්සේ කාලෙකදී ටී වී එකෙත් පෙන්නපු ,
දයානන්ද ගුණවර්ධන ගේ "මධුර ජවනිකා" වේදිකා නාට්‍යයෙය් තමයි මේ මූණු දෙකේ කෝලම තියෙන්නේ.
පරණ වුනත් පට්ට නිර්මාණයක්.
ඔහෙලා ඕන තරම් දැකලත් ඇති.
පොඩි වෙනසකටත් එක්ක තමයි මේවගේ එකක් දැම්මේ.
ඔහෙලා ඕන තරම් දැකලත් ඇති.
පොඩි වෙනසකටත් එක්ක තමයි මේවගේ එකක් දැම්මේ.
මම මෙතන විචාර දෙන්න යන්නේ නැහැ.
බලන්නකෝ කොහොමද වැඩේ කියල ..
"මධුර ජවනිකා නාටකය රචනා කිරීම මා ආරම්භ කළේ 1979 වර්ෂයේ සිට පමණ යැයි කිව හැක. මේ කාලයේ මා රූපවාහිනී සැලසුම් මධ්‍යස්ථානයේ සේවය කළ අතර, විශේෂයෙන් සිංහල විනෝද වැඩ සටහන් සැලසුම් කිරීමේදී මා ලද අත්දැකීම් ‘මධුර ජවනිකා’ නිර්මාණයට බලපා ඇත."(http://www.dayanandagunawardena.org/work/madhura-javanika)
ReplyDeleteරටේ වාසනාවට පහලවෙච්චි කලාකරුවෙක්.
Deleteඅපේ සිංදු ඇනෝ මට දැන් ටිකකට කලින් දුන්න ලින්ක් එකෙත් මධුර ජවනිකා ගැන තිබුනා. විරුදු ආභාශය ලැබූ ගී සමඟ..
ReplyDeletehttp://www.mirrorarts.lk/news/item/774-
මේ සයිට් එක නම් ගොඩක් වටිනවා මනොෂ්...
Deleteමම කැමතිම වෙිදිකා නාට්‍යයක්.
ReplyDeleteමමත් එසේම..
Deleteකොච්චර බැලුවත් එපා නොවන නාට්‍යයක්. මා 6 වැනි පන්තියේ ඉගෙනුම ලබද්දී දයානන්ද ගුණවර්ධන මහතා ඒ පාසලේ උසස් පෙළ පන්තිවලට ඉගැන්නුවා. හරිම කරුණාවන්ත, නිහතමානී, නිශ්ශබ්ද පුගලයෙක්.
ReplyDeleteවිචාරක නම් බොහොම වාසනාවන්ත වෙලා තියෙනවා ඒ වගේ "මනුස්සයෙක්" ගෙන් ඉගෙන ගන්න..
Deleteනියමයි.......... අැත්තට ම අපේ නිර්මාණයන් අගනා ඒවා....
ReplyDeleteආයෙත් අහල..
Deleteමූණු දෙකේ කෝලම මොකක්ද බං මං දින පතා දකිනව එක එක කෝලං ලාබයක් වෙනකොට එක මුණක් පාඩුවක් වෙනකොට තව මුණක් , කාටහරි කෙලවන්ඩ තව මුණක් , ජිල්ල වලේ දාන්ඩ තව මුණක් , ජොන්ස කන්ඩ තව මුණක් , අප්පේ කොහොමද බං මිනිස්සු මෙහෙම මුුනු මාරු කරන්නේ
ReplyDeleteමනසින් උසස් සතා උනාම ඕන ජිගිබිරිස් එකක් කරන්න පුළුවන්...
Deleteමේක මරුනෙ. යාන්තම් මතක තිබිලා අලුත් වුණා. තැන්කුයි.
ReplyDeleteමධුර ජවනිකා එකේ තමා නෙයිනගෙ සූදුව ගියෙත් මයෙ හිතේ. මම ඒ තාලෙට අපේ පරණ බජට් එක ගැන ලීවා. බලාධාරියා කපාහරියා බං, නිකං ලෙඩ දාගන්න එපා කියලා. (ඒ ඒ කාලෙ තත්තෙ)
ඔවු.
Deleteනෙයිනගේ සූදුවත් එකේ තමයි.
----------
අර බජට් සින්දුව ඔන්න ඔහේ දාමු...
\\\\දැකල තියෙනවද මූණු දෙකේ කෝලම් ////
ReplyDeleteසබරගමු මහ සමන් දේවාලයේ වාර්ෂික පෙරහර මංගල්‍ය නරඹපු කෙනෙක් නම් ඔය මූනුදෙකේ කෝලම නොදකින්න හේතුවක් නැහැ. හැබැයි, ඒකට කියන්නේ මහබඹා කෝලම කියලා...
http://samandevalaya.lk/eng/history/mahabamba-kolama-masquerade/
කලින් නම් දැකලා නැහැ චෙෆා.
Delete--------
ලින්ක් එක නම් බොහොම වටිනවා.
\
ඕකනේ මචෝ කේස් එක...1505 ඉඳන් මහබඹා කෝලම නටනවා...මධුර ජවනිකා එනකන් කවුරුවත් දන්නේ නෑ...
Deleteපොඩිකාලේනම් ඒකට මාර බයයි බං...එක පැත්තක් ලාමක ටිං ටිං..අනිත් පැත්ත හම්මෝ...මැදමුලන වගේ..හෙක් හෙක්..
එකත් ලොකු කෙස් එකක් තමයි.
Deleteඅපේ වටපිටාව එක්ක ඔය වගේ දෙයක් දකින්න ලැබෙන්නේ බොහොම කලාතුරකින්.
--------
මැදමුලන ...අම්මෝ..තාමත් බයයි බන්..