2015-01-26

මූණු දෙකේ කෝලම

දැකල තියෙනවද මූණු දෙකේ කෝලම් .
දේශපාලනේ නම් තියෙන්නෙම ඕව තමයි. 
එත් මූණු දෙකක් නම් නෙවයි.
ඒ වුනාට මේ තියෙන්නේ දේශපාලනේ තියෙන කෝළමක් නෙවෙයි.
අවුරුදු ගානකට කලින් ඒ කියන්නේ විභීෂණ ත් පැටියා කාලේ වේදිකා ගත වෙච්චි , පස්සේ කාලෙකදී ටී වී එකෙත් පෙන්නපු ,
දයානන්ද ගුණවර්ධන ගේ "මධුර ජවනිකා" වේදිකා නාට්‍යයෙය් තමයි මේ මූණු දෙකේ කෝලම තියෙන්නේ. 
පරණ වුනත් පට්ට නිර්මාණයක්.
ඔහෙලා ඕන තරම් දැකලත් ඇති.
පොඩි වෙනසකටත් එක්ක තමයි මේවගේ එකක් දැම්මේ.

මම මෙතන විචාර දෙන්න යන්නේ නැහැ.
බලන්නකෝ කොහොමද වැඩේ කියල ..


18 comments:

  1. "මධුර ජවනිකා නාටකය රචනා කිරීම මා ආරම්භ කළේ 1979 වර්ෂයේ සිට පමණ යැයි කිව හැක. මේ කාලයේ මා රූපවාහිනී සැලසුම් මධ්‍යස්ථානයේ සේවය කළ අතර, විශේෂයෙන් සිංහල විනෝද වැඩ සටහන් සැලසුම් කිරීමේදී මා ලද අත්දැකීම් ‘මධුර ජවනිකා’ නිර්මාණයට බලපා ඇත."(http://www.dayanandagunawardena.org/work/madhura-javanika)

    ReplyDelete
    Replies
    1. රටේ වාසනාවට පහලවෙච්චි කලාකරුවෙක්.

      Delete
  2. අපේ සිංදු ඇනෝ මට දැන් ටිකකට කලින් දුන්න ලින්ක් එකෙත් මධුර ජවනිකා ගැන තිබුනා. විරුදු ආභාශය ලැබූ ගී සමඟ..

    http://www.mirrorarts.lk/news/item/774-

    ReplyDelete
    Replies
    1. මේ සයිට් එක නම් ගොඩක් වටිනවා මනොෂ්...

      Delete
  3. මම කැමතිම වෙිදිකා නාට්‍යයක්.

    ReplyDelete
  4. කොච්චර බැලුවත් එපා නොවන නාට්‍යයක්. මා 6 වැනි පන්තියේ ඉගෙනුම ලබද්දී දයානන්ද ගුණවර්ධන මහතා ඒ පාසලේ උසස් පෙළ පන්තිවලට ඉගැන්නුවා. හරිම කරුණාවන්ත, නිහතමානී, නිශ්ශබ්ද පුගලයෙක්.

    ReplyDelete
    Replies
    1. විචාරක නම් බොහොම වාසනාවන්ත වෙලා තියෙනවා ඒ වගේ "මනුස්සයෙක්" ගෙන් ඉගෙන ගන්න..

      Delete
  5. නියමයි.......... අැත්තට ම අපේ නිර්මාණයන් අගනා ඒවා....

    ReplyDelete
  6. මූණු දෙකේ කෝලම මොකක්ද බං මං දින පතා දකිනව එක එක කෙ‍ා්ලං ලාබයක් වෙනකොට එක මුණක් පාඩුවක් වෙනකොට තව මුණක් , කාටහරි කෙලවන්ඩ තව මුණක් , ජිල්ල වලේ දාන්ඩ තව මුණක් , ජොන්ස කන්ඩ තව මුණක් , අප්පේ කොහොමද බං මිනිස්සු මෙහෙම මුුනු මාරු කරන්නේ

    ReplyDelete
    Replies
    1. මනසින් උසස් සතා උනාම ඕන ජිගිබිරිස් එකක් කරන්න පුළුවන්...

      Delete
  7. මේක මරුනෙ. යාන්තම් මතක තිබිලා අලුත් වුණා. තැන්කුයි.
    මධුර ජවනිකා එකේ තමා නෙයිනගෙ සූදුව ගියෙත් මයෙ හිතේ. මම ඒ තාලෙට අපේ පරණ බජට් එක ගැන ලීවා. බලාධාරියා කපාහරියා බං, නිකං ලෙඩ දාගන්න එපා කියලා. (ඒ ඒ කාලෙ තත්තෙ)

    ReplyDelete
    Replies
    1. ඔවු.

      නෙයිනගේ සූදුවත් එකේ තමයි.

      ----------
      අර බජට් සින්දුව ඔන්න ඔහේ දාමු...

      Delete
  8. \\\\දැකල තියෙනවද මූණු දෙකේ කෝලම් ////
    සබරගමු මහ සමන් දේවාලයේ වාර්ෂික පෙරහර මංගල්‍ය නරඹපු කෙනෙක් නම් ඔය මූනුදෙකේ කෝලම නොදකින්න හේතුවක් නැහැ. හැබැයි, ඒකට කියන්නේ මහබඹා කෝලම කියලා...
    http://samandevalaya.lk/eng/history/mahabamba-kolama-masquerade/

    ReplyDelete
    Replies
    1. කලින් නම් දැකලා නැහැ චෙෆා.

      --------
      ලින්ක් එක නම් බොහොම වටිනවා.
      \

      Delete
    2. ඕකනේ මචෝ කේස් එක...1505 ඉඳන් මහබඹා කෝලම නටනවා...මධුර ජවනිකා එනකන් කවුරුවත් දන්නේ නෑ...
      පොඩිකාලේනම් ඒකට මාර බයයි බං...එක පැත්තක් ලාමක ටිං ටිං..අනිත් පැත්ත හම්මෝ...මැදමුලන වගේ..හෙක් හෙක්..

      Delete
    3. එකත් ලොකු කෙස් එකක් තමයි.

      අපේ වටපිටාව එක්ක ඔය වගේ දෙයක් දකින්න ලැබෙන්නේ බොහොම කලාතුරකින්.
      --------

      මැදමුලන ...අම්මෝ..තාමත් බයයි බන්..

      Delete

කමෙන්ට් කලාපය....