2015-12-18

ගණිකාවට අපහාස නොකරනු.



 යහපාලනවාදී දත් දොස්තර උන්නැහේ ඊයේ පෙරේදා පට්ටපල් අමු තිත්ත බොරුවක් කටේ දිවේ ගෑවෙන්නේ නැතිව කිව්වා කියා බොහෝ නිවුස් චැනල් වලින් දැනගන්න ලැබුනේය.
උන්නැහේ කට එහෙම ඇද  කරලා කියලා තිබුනේ "රජයේ සේවකයෝ ගණිකාවෝ වගේ" ය කියලා ය.



ගෙදර ඉන්න බැරි මොකක් හරි අමාරුවකට වත් , ෆැන්ටා බීලා හැදෙන පැඟිරි විසේටවත් නොව හරි හමන් වැදගත් රස්සාවක් කරගන්න හැකියාවක් නැති, සුදුසුකම් නැති හෝ කරන රස්සාවෙන් හම්බවෙන පඩි යෙන් ජීවත් වෙන්න හෝ තමුන්ගේන් යැපෙන එවුන්ගේ බඩ කට පුරවගන්න බැරි නිසා ත් වෙන කර ගන්න කිසිම දෙයක් නැති නිසාත් ඇඟ විකුණන රස්සාවට බැස්ස ගෑණුන් හෝ පිරිමින්ට මේ දත් දොස්තර උන්නැහේ කරපු අරියාදුව නම් එසේ මෙසේ එකක් නොවේය.

උන්නැහේ හිතන්න ඇත්තේ අරහෙම කියාපුවාම රජයේ සේවකයින්ට හොඳ අපහාසයක් කරන්න පුළුවන් කියලා වෙන්න ඇතිය.
එත් ඉතින් බොහොමයක් "ආණ්ඩුවේ" කියලා පම්පොරියෙන් කියන බොහොමයක් කන්තෝරු බිල්ඩින් ඇතුලේ  අනුන්ගේ ඕපාදූප කියෝ කියෝ, එක එකාට මඩ ගගහා, පුකෙන් ලී රත්කර කර මිනිස්සුන්ගේ බඩට ගහල ගන්න බදු මුදලින් පඩි ගන්න සොකඩ රාජ්‍ය සේවකයෝ දැක්කාම දත් දොස්තර උන්නැහේ කරලා තියෙන්නේ විද්දේ පඳුරට වැදුනේ හාවාට වගේ කතාවක් බව අහසේ නොව පොලවේ ජීවත් වෙන මනුස්සයින්ට තේරුම් බේරුම් කරගන්න ඒ හැටි මහන්සි වෙන්න උවමනාවක් නැත.

උන්නැහේගේ දොස්තර මොලේට තේරෙනවද නැද්ද යන්න අපි දන්නේ නැතිය. එත්  ගනිකාවෝයි බොහොමයක් රජයේ සේවකයෝ කියන දෙගොල්ල තම තමුන්ගේ රස්සාවට අවංක වීම අතින් ඉන්නේ බොහොම දුර ඈතක බව නම් අපි වගේම හැමෝම දන්නා කාරණාවය.

ගණිකාව වැඩ කරන්නේ තමුන්ට ලැබෙන ගතමනාවේ සයිස් එකට එහම් නැත්නම් සුපියල් ගානට ය. ඒ ඒ ජාතියේ කස්ටමස් ලාගේ ඒ ඒ ගණන් වලට ඒ ඒ ආකාරයේ සැලකිලි දක්වන්න ගණිකාව සූදානම් ය.
එත් බොහොමයක් රාජ්‍ය සේවකයින්ට කස්ටමර් කියන එකා ගැන වැදගත් කමක් නැත. ඒ හින්දා කස්ටමර් ලාට සලකන්න දන්නේ නැත. ඒ ජාතියේ එවුන්ට තමුන් ලඟට එන අහිංසක මනුස්සයාව පෙන්නේ කස්ටමර් කෙනෙක් විදියට නොව තමුන්ගේ අහවල් එකත් කහන්න ලැස්ති වෙලා ඉන්න හිඟන්නෙක් ගානට ය.
මිනිහාව දවස් දෙක තුන නැත්නම් අවුරුදු දෙක තුනක් හරි
රස්තියාදු කරලා 

රස්තියාදු කරලා 

රස්තියාදු කරලා 

රස්තියාදු කරලා 

රස්තියාදු කරලා 

රස්තියාදු කරලා 

රස්තියාදු කරලා 

රස්තියාදු කරලා 

රස්තියාදු කරලා 

රස්තියාදු කරලා 

රස්තියාදු කරලා 

රස්තියාදු කරලා 

රස්තියාදු කරලා 

රස්තියාදු කරලා 

රස්තියාදු කරලා 

රස්තියාදු කරලා  

කරලා කරලා 

කරලා කරලා 

කරලා කරලා 

කරලා කරලා 

කරලා කරලා 

කරලා කරලා 

කරලා කරලා 

කරලා කරලා 

කරලා කරලා 

කරලා කරලා 

කරලා කරලා 

කරලා කරලා 

කරලා කරලා 

කරලා කරලා 

කරලා කරලා 

කරලා කරලා 

කරලා කරලා 

කරලා කරලා

කරලා කරලා 

කරලා කරලා 

කරලා කරලා 

කරලා කරලා

කරලා කරලා
කරලා කරලා 
 
කරලා කරලා 

කරලා කරලා 

කරලා කරලා 

කරලා කරලා 

කරලා කරලා 

කරලා කරලා 

කරලා කරලා 

අන්තිමේදී  මිනිහා හෙම්බත් වුනාට පස්සේ වත්  පරලෝ සැපත් වුනාට පස්සේ වත් වැඩේ කරලා දෙන්නේ නැති  රා.සේ. ලා බොහෝ තැන්වල යෙහෙන් අනුහසින් තාමත් වැජබෙන්නේය .

ඔය කිව්වේ එක වෙනසක් ය.

අනිත් වෙනස වෙලාවට වැඩ කිරීමේය. එහෙම නැත්නම් පන්චුවලිටි වල ය.

මොබයිල් ගණිකාවෝ නම් ගාන සහ තැන කතා කරගෙන පෝට් එකට හෝ රූම් එකට  ඔන් ටයිම් බහින්නොය. හෝටල් හෝ රෙස්ටුරන්ට් ගණිකාවෝ අදාළ රූම් එකට වෙලාවට වැඩම කර අදාළ කර්තව්‍යයන්  සියල්ල ඉටු කරන්නෝය.
ඒකටත් එක්ක  සමහර රා.සේ. ලා.
වැඩ පටන් ගන්න තියෙන්නේ 0900 ට නම් එන්නේ 0930 ට විතරය
ආවට පස්සේ ත් වැඩ නොව එක එකාගේ ඕපාදූප ය, එහෙම නැත්නම් වත්මන් සමාජ දේශපාලන සන්දර්භය ගැන විද්වත් කතිකාවක ය.ඔයාකාර සාකච්ඡා සේරම ඉවර වෙලා රංචු පිටින් ගොඩ බහින්නේ කැන්ටිමට ය. කැන්ටිමේ කාර්යය ඉවර වෙලා එකෙන් එලියට බහිනකොට යන්තම් 1030  කිට්ටු  කරනවා විතරය.
මුන්ගේ කච පචේ සේරම ඉවරවෙනකල් ඉතින් අර වැඩක් කරගන්න ආපු එකා ඉන්න ඕනය.නිකමට හරි මෑන් කුණු කුණු ගාවොතින් ඉතින් බැනුම් සාර සංග්‍රහයක් ය. අඩුවක් කිසිසේත්ම නැත.
අන්තිමේට කියාපු බැනුම් ඇහීම හැර අනිත් සේරම දේවල් විභීෂණ දෑහට ම දැක ඇත.

වැඩවල කොලිටිය ගත්තත්ගණිකාවෝ ඉන්නේ රා.සේ ලාට ගව්ගානක් ඉස්සරහින් ය

තමුන්ට ගෙවන ගානට අනුව "උපරිම සේවය " ලබා දීමට බොහෝ ගණිකාවන්ට පුළුවන. කස්ටමර් සතුටු වෙන්නේ එතකොටය. තමුන්ගේ පොට් එකට වෙලාවට කලාවට සහ ප්‍රමාණවත් විදියට ආදායම ලැබෙන්නේ එතකොටය. කස්ටමර් සහ සප්ලයර් රිලෙෂන්ශිප් එක ගැන කියවෙන මේවා ඉන්ටර්නැෂනල් ස්ටෑන්ඩඩ් වලද උගන්වන තියරිස් ය. ගණිකාවට වුනත් අදාලය. එත් මොකක්දෝ කරුමෙකට අපේ බොහෝ රා.සේ ලාගේ වැඩවල කොලිටිය දැක්කාම උන්ගේ පරම්පරාවට පින් අනුමෝදන් කිරීම හැර වෙන කිසි දෙයක් කිරීමට අපිට  මතක් වෙන්නේ නැත. 

තමන්ගෙන් වැඩක් කරවගන්න  එන මනුස්සයාව මුන් පලවෙනි වතාවේ රස්තියාදු කරනේ අද "අද බැහැ. අනිද්දාට එන්න හදලා තියන්නම්" කියලාය.
ඒ අනිද්දා ට එන කොට ඒ එන මිනිහාට කියන්නේ "අනේ තාම හදලා ඉවර නැහැනේ. තව සතියකින් විතර එන්න, හදලා තියන්නම් " කියලාය,
සතියකින් විතර "ආපහු එන " මනුස්සයා ට කියන්නේ "ඔයාගේ ෆයිල් එක ඉහලට යවන්න තියෙන්නේ ඇපෲ එකට. තව  ටික දවසක් යයි.
ඒ "ටික දවස" ගෙවල ආපහු මනුස්සයා එනකොට හම්බවෙන්නේ " අර ඔයාගේ ෆයිල් එකේ තැන් කීපෙක වැරදි අඩුපාඩු වගයක් තියෙනවා.  අන්න ඒ ටික හදලා මෙන්න මේ ෆෝම් එකත් පුරෝලා ආපහු ෆයිල් එක බාර දෙන්න" කියලා කියන උත්තරයක් ය. ඔතනින් එහාට සිද්ද වෙන සිද්ධි දාමය ගැන අමුතුවෙන් විස්ටහ්ර කිරීමේ ඕනෑකමක් නැත.උන් තරම් ප්‍රොෆෙෂනල් විදියට මිනිස්සු රස්තියාදු කරවන කොට්ටාසයක් තව කොහෙවත් තියෙන්න ට ද පුළුවන් කමක් නැත.අදාළ ඔෆිසර්ගේ දෙමව්පියන්ට ලැබෙන පින්කඳ මෙතකැයි කිව නොහැක. 

ඉතින් ඔන්න ඔහොම කියාගෙන ගියේ ගණිකාවෝ සහ රා.සේ. ලා අතර  තියෙන අහසට පොලව වගේ  ප්‍රධාන වෙනස්කම් කීපයක් ය.
ලියනවානම් තවත් ලිවිය හැකිය.
ඔච්චරටම වෙනස්කම් තියෙන ජොබ් ජාති දෙකක් සමාන කරන්න ගියේ යහපාලන දත් දොස්තරගේ මොලේ නැත ලූස් වීමකින්ද නැත්නම් වෙනකොහෙහරි තියෙන මොකක්හරි වෙන ලෙඩක් නිසාද කියන එක පුළුවන් එවුන් සොයා බැලිය යුතුය.
මහන්සි නොවේ අයිස ගහලා ගහලා පඩි අරන් ගෙදර යන ,රස්සාවට බොරු කරන කොට්ටාසයක් , එහෙම නැති තමන්ගේ රස්සාවට 100% අවංක කොට්ටාශයක් එක්ක එකට තියන්න උත්සාහ කිරීම අර දෙවෙනි කොට්ටාසේට කරන එක්තරා ආකාරයක අපහාසයක් ය. 
ඒ නිසා විභීෂණ මේ අවස්ථාවේ දත් දොස්තර උන්නැහේගෙන් ඉල්ලන්නේ ඔබතුමාට මේ ලිපිය කියවන්න ලැබුනොතින් සිටුවේෂන් එක ගැන සොයා බලා තමුන්ගේ ඒ වැරදි ප්‍රකාශය ඉලා අස්කරගන්නා කියා ය. 
කැබිනට් අල්මාරියේ මීඩියා ඉස්පොක්මන් වන ඔබතුමා අවුරුද්දක් විතර තිස්සේ කියාපු ජාති ජාති සමහර බොරු ගොඩට මේකත් එකතු කරගන්න එපාය කියලාය.
මේක කියෝන රා.සේ ලාට කියන්න තියෙන්නේ මෙච්චර ය.මේ ලිපිය ලිව්වේ ඔහෙලා හැමෝම ඔහොමයි කියන්න නොව බොහෝ දෙනෙක් ඔහොමයි කියන්න ය.තමුන්ගේ පඩියට බොහොම හොඳට වැඩ කරන අතිශය සුළු පිරිසක්ද මේ රා.සෙ එක ඇතුලේ ඇතිබව කිව යුතුමය. 
තමුන්ට පඩි ගෙවන්නේ ආණ්ඩුව බව ඇත්ත ය. එත් ආණ්ඩුවට ආදායම එන්නේ දෙකෝටියක් මිනිස්සුන්ගේ එදිනෙදා ආදායමෙන් ආණ්ඩුවට ගෙවන බඩු වලින්ය. ඒ නිසා ඒ අතින් බැලුවොත් තමුන්ට පඩි ගෙවන්නේ  රටේ මිනිස්සු ය. අන්න ඒ ටික තේරුම් අරන් වැඩ කලොත් තමුන් ගාව ට එන මනුස්සයාට අදාළ වැඩේ top කොලිටියට කරවලා දුන්නොත් තමුන්ට වගේම රටටත් හොඳය.
පුළුවන් නම් ට්‍රයි කරලා බලන එක ඔහෙලා ගේ  වගකීමය. 

එහනම් ඉතින් අදට ඇති වගේ...
ගොහින් එන්නම්...

------------------
ප.ලි.
කාලෙකට පස්සේ ලිවීම ගැන සමාව භාජනයකට දමන සේක්වා ය.
බුකියෙන් ගොඩ එන්න සෑහෙන කල් ගියේය.
තාමත් සම්පූර්ණයෙන් ගොඩ ඇවිත් නැත.

34 comments:

  1. ඔබ මචන් ර.සේ. ද,මමත් රස්තියාදු කරානේ...හැක්

    ReplyDelete
    Replies
    1. අපෝ නැහැ, විභීෂණ නම් පුද්ගලික අංශයේ.

      -----
      රස්තියාදු වෙන්න වුනා නම් සමාවෙයන්.

      Delete
  2. රාජ්‍ය සේවයට අරක්ගත් අයට තමන්ගේ කස්ටමර්ස් ලා වල පුරවැසියන්ට ගණන් දමන්නට හැකිවී ඇත්තේ රටේ පුරවැසි ප්‍රක්ඥ්ඥප්තියක් නොමැති නිසා. එය එන වසරේ මැද වෙනකොට හඳුන්වා දෙයි. ඒ අනුව රාජ්‍ය සේවයට සේවා ප්‍රමිති එනවා. එනම් කම්කිසි කරුණක් සඳහා කල යුතුදේ සම්පූර්ණ කල යුතු කාලය වගේ දේවල්. උදාහරණයකට විශ්‍රාම වැටුප ගත්තොත් එය ඇප්ලිකශන් එකේ සිට මාස දෙකක් ඇතුලත වගේ. ඒ කාලය තුල සිදු නොවුනොත් අදාල ආයතන කස්ටමර්ට දඩ ගෙවිය යුතුයි වගේ දේවල්. මේ ක්‍රමයේ හොඳ දේ නම් යමක් සම්පූර්ණ කල යුතු කාලය පිලිබඳ දැනීම රජයේ සේවකයා සහ පුරවැසියා යන දෙදෙනාම දැන සිටීම සහ ප්‍රමාද වීම් ආදිය ගැන පැමිනිලි කිරීමට ස්වාදීන ස්තානයක් තිබීම සහ එම පැමිණිලිත් නිශ්චිත කාලයක් ඇතුලත විභාග කොට අවසන් කිරීම.

    ReplyDelete
    Replies
    1. අම්මප එහෙම එකක් එනවද.. නොම්මර එකයි...

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. ඔය ජාතියේ ස්ටෑන්ඩඩ් එනවානම් ලොකු දෙයක්.
      අර පඩංගු යූනියන් කාරයින්ව ඊට කලින් ගහල එලවන්න ඕන.
      නැත්තන් ඒ කාලෙට කනක් ඇහිලා ඉන්න හම්බවෙන්නේ නැහැ. කොළඹ පාරක නිදහසේ යන්න හම්බවෙන්නෙත් නැහැ.

      Delete
  3. රාජ්‍ය සේවකයෙක් වුණත් මේ කියපු බහුතරයක් හරි බව ලැජ්ජාවෙං වුණත් මාත් කියන්නට උවමනාය. මා සේවය කරන ආයතනයට එන අයවලුන්ද දිනය පුරා රස්තියාදු වෙමින් ඉන්නා හැටි මා අනන්ත දැක ඇත. තනි මට කොරන්න දෙයක් නැත. මා මීට පෙර සේවය කළ රාජ්‍ය ආයතනය නම් රාජ්‍ය ආයතනයක් කියන්නට බැරි තරමට කාර්යක්ෂමය. එහෙව් ආයතනයකින් රාජ්‍ය සේවය ඇරඹීමට ලැබීම මගේ වාසනාවය. අවාසනාවට දැන්නම් ඉන්නේ ටිපිකල් රාජ්‍ය ආයතනයකය. කල්ගත වී මෙන් මා ද එවැනිම ටිපිකල් රාජ්‍ය සේවකයෙක් වෙතැයි බියෙන් සිටිමි. වෙනසක් අවශ්‍යය. රාජ්‍ය සේවකයාටත් ගණිකාවක් වෙන්නට පුළුවන් නම් හොද බව ඔබේ ලිපිය කියවූ පසු මට හිතේ.

    ReplyDelete
    Replies
    1. අන්න කොල්ලෝ...උඹට තේරුම් ගියා වෙන්නෝන දේ...

      Delete
  4. පට්ට ඇත්ත, 100ට 1000ක් එකගයි.

    ReplyDelete
  5. පට්ට ඇග්‍රිය...
    රාජ්‍ය සේවකයින්ගේ පඩි සඳහා ඔවුන්ද යම් දායකත්වයක් දරණ බව සිහි කැඳවිය යුතුය, ඒ ඔවුන් මිළදී ගන්නා භාණ්ඩ හා සේවා හරහා ලබා දෙන බදු මුදල් කොටසක්ද ඔවුන්ගේ පඩිපත සඳහා යෙදවෙන බැවිනි...
    නමුත් ඔවුන්ගෙන් සේවාවක් ලබා ගන්නට පැමිණෙන නිකම්ම නිකං ජහමනයා හෝ පෞද්ගලික සේවකයා සම්පුර්ණයෙන්ම දායකයෙක් පමණක් බැවින් ඔවුන් ගැන අනුකම්පාවෙන් සිතා හෝ කාරිය කර දීම අගනා බව ඔවුන් සිතන්නේ නම් මැනවි...

    ReplyDelete
    Replies
    1. මැනවි නෙමෙයි බොල..සිතිය යුතුයි.

      Delete
  6. කාලෙකින් ඇවිත් කලින් වගේම ලියලා...
    පට්ට ඇත්ත...
    චූටි කොටසක්,

    රස්තියාදු වෙලා
    රස්තියාදු වෙලා
    රස්තියාදු වෙලා
    රස්තියාදු වෙලා
    රස්තියාදු වෙලා
    රස්තියාදු වෙලා
    රස්තියාදු වෙලා
    රස්තියාදු වෙලා
    රස්තියාදු වෙලා
    රස්තියාදු වෙලා

    කියෙව්වා...

    ගොඩක් රජයේ කාර්යාල සේවකයෝ පට්ට ගොබ්බයි...
    එවුන් අනික් අය ගැන හිතනවා අඩුයි...
    කරන්ට පුළුවන් වැඩක් වුණත් කරන්ට කල් ගන්නේ ඇයි කියන එක ලොකු ප්‍රශ්නයක්...

    ReplyDelete
    Replies
    1. උන්ගේ නැහැනේ ප්‍රඩක්ටිවිටි හෝ පෆොමන්ස් මනින සිස්ටම් එකක්.

      උන් වැඩ කරන්නේ 60න් පස්සේ පෙන්ෂන් එක ගන්න විතරයි.

      Delete
  7. විභී... තනි පයින් එකඟයි.... සිරාවටම...

    ReplyDelete
  8. Sahathika aththa!Pankadu article eka!

    ReplyDelete
  9. රාජ්ජ සේවයට අද උදේ ලොක්කත් දොස් කිව්වා.. ඒක හොඳ ප්‍රවනතාවක්.. පෝට් සිටියත් පටන් ගත්තා නම් හොඳ අනාගතයක් තියෙයි...

    ReplyDelete
    Replies
    1. ලොක්කාටත් ඇමට්ටා කාලේ තේරෙන්න ඇතිනේ ටයි කෝට් දාපු ගොබ්බයො මිනිහාට වැඩක් කරන්න නොදුන්නා හැටි.

      ------
      පෝට් නෙමෙයි බන් මොන සිටිය හරි කමක් නැහැ පටන් අරන් රටට සෙතක් වෙනවා නම්.

      Delete
  10. දැන් උඹ මේක දාලා ආයේ බුකියට ගිහින් මාසෙකින් විතරද රිප්ලියි කරන්න එන්නේ කියහං මුලින්ම...

    ReplyDelete
    Replies
    1. උඹේ පෝස්ට් එකට +++++++++++

      Delete
    2. තැනක් යූ මනෝ...

      ---
      තාම බුකියෙන් 100% රිලීස් නැහැ.

      Delete
  11. සමහර කන්තෝරු වලට හයිකරන්න හදපු ඇඟිලි සලකුණු යන්ත්‍ර වලට මහා විරෝධයක් ආවා මතකද? සමහර කාර්යාලවල තවමත් හිතාමතා ඒ යන්ත්‍ර කඩනවා. ඇඟිල්ල තියන තැනට සුපර් ග්ලූ දානවා. එව්වනම් මහ ගණිකා වැඩ.

    පෞද්ගලික අංශයේ කළමනාකරණ ක්‍රමවේදයන් රාජ්‍ය අංශයට හඳුන්වලා දුන්නොත් කාර්යක්ෂම බව ඉහලට ගන්න පුළුවන් වෙයි. හැබැයි වෘත්තීය සමිති රෙද්ද නැතුව පාරට නොබැස්සොත්.

    ReplyDelete
    Replies
    1. රටේ අවාසනාවට පහල වෙච්ච අවජාතක හැත්ත....

      ඔය වගේ බල්ලෝන් ව විග්‍රහ කරන්න වෙන වචන නැහැ විචෝ...

      Delete
  12. රජයේ සේවකයන්ටත් පුරුදු කරන්න ඕන තමන් ලගට එන අයට සර් මැඩම් කියන්න. පෞද්ගලික අංශයෙ එහෙම කියනව කස්ටමර්ලට .ඇයි රජයේ සේවකයන්ට බැරි?
    අනික තමයි රජයේ සේවයෙ යල්පැනගිය නීති /ක්‍රමවේද අයින් කරන්න ඕන.

    ReplyDelete
    Replies
    1. උන් හෙන ලොකු ඔලුවෙන් නේ ඉන්නේ බන්...
      අනික ඉතින් මොන ආංඩුව ආවත් උන්ටමනේ සලකන්නේ...මට ෂුවර් අද ප්‍රයිවට් ආයතන වල මුල් බැහැල ඉන්න ජෙප්පෝ කවදාහරි ආණ්ඩුවක් ගත්තොත් උන් සලකන්නෙත් මේ කම්මැලි වාහෙලාට මයි...
      සක්කිලි හැත්ත...රටේම ඉපදිලා රටේම රීරි මාන්ශේ කන්න ආපු වසලයෝ....

      Delete
  13. උඹට කියන්න මචෝ, ගියපාර ආදායම් බලපත්‍රෙ ගන්න ගිය වෙලාවෙ අර කොම්පීටරේ ඔබල කොලේ කඩල දෙන එකා විටරයි උන්නෙ. ඌ හෙන රෙස්පා කියනවා, දැන්ම දෙන්නෙ වෙන්නෙ නෑ, අනිත් නෝනයි මහත්තයයි ඇවිත් නැලු. ඌ හරියට ඒක කියන්නෙ මගෙ වර්දක් වගේ. එතනත් බලහං, කොලේ ඉරල දෙන්න එකයි, සල්ලි ගන්න තව එකයි, අත්සන් කරන්න තවත් එකෙක්. ඉතින් හිතහං, දෙන්න රස්සා නැති උනාම කොල ඉරන්නත් රස්සා දෙනවා. එක අතකට හොඳයි ඉතින් පවුල් තුනක් ජීවත් වෙනවනෙ. %#&#*#$**$-%(%((#(@&$===

    ReplyDelete
  14. ඉතින් රටක් දියුණු වෙයිද බන්....

    උඹත් දන්නවා ඇතිනේ...ඉස්කෝලේ ගිහින් ඉවර වෙච්ච ගමන් ගෙවල් වලින් එන බර බරේ "ආණ්ඩුවේ රස්සාවක් කරන්න" කියලා.

    කෙහ්ම්මල් "පැන්ෂන්" එක බලං තමයි හැමෝම වැඩ කරන්නේ....

    ReplyDelete
    Replies
    1. දැන් පැන්සමත් ඉවරයිනෙ. අම්මලා කවුරුත් එහෙමයි බං.

      Delete
  15. ඔන්න ඉතින් ගනිකා සේවෙ ගැන එද්චරටම දන්නෑ අසා දැන ගත් බොහෝ දේ ඇති නිසා ඔය කියන රා.සේ.ලට වඩා ග.සේ.ඉන්න අය ගොඩාක් හොදයි.විභීෂන .මොකද මං රා.සේ ගැන හොදට දන්නව.

    ReplyDelete
    Replies
    1. පණිවිඩේ තේරුම් ගිය එකට බොහොම සන්තෝසයි මචෝ.

      බ්ලොග් වලට අලුතෙන්ද ආවේ?
      මෙහෙ පැත්තේ ආවමද කොහෙද? නේ ?
      සන්තෝසයි සන්තෝසයි...

      Delete
  16. මාත් රජයේ සේවකයෙක්මි. රජයේ සේවකයන් ගැන ඔය කියා තිබෙන ප්‍රතිරූපය නිකම්ම ඇති උන එකක් නෙවේය. ඒ විදිහේ රජයේ සේවකයන් විසින් දුක් මහන්සියෙන් දශක ගණනාවක් ගොඩ නැංවූ කස්ටමර් රිලේෂන් ප්‍රතිරූපයකි. දැන් දැන් ගොඩක් තැන් වල එහෙම නැත. ඒත් අපිත් රජයේ සේවකයන් හැටියට, අපිත් තවත් රජයේ ආයතනයකට ගියත් රස්තියාදු කිරීම වැනි ප්‍රතිපත්ති අපිටත් ඒ විදිහටම බලපවත්වනවාය.

    ReplyDelete
    Replies
    1. බොහොම සන්තෝසයි ඩ්‍රැකී යෝ...
      රජයේ සේවකයෙක් විදියට මේ තත්වය තේරුම් ගත්තු එකට....

      හැදෙනවානම් අපිටම තමයි හැදෙන්න වෙන්නේ....

      Delete

කමෙන්ට් කලාපය....