2016-10-05

50000 යි


ලියන ලියන හැම දේම කියවන්න
කොහොම කොහොම හරි ඇවිත් ගොඩවෙන
මොනවා මොනවා හරි ලියලා යන
මොනවා මොනවා හරි බැනලත් යන
මොනා වුනත් 
විභීෂණ අඩවිය  අමතක නොකර
අද මේ වෙනකන් 
හිටපු
හිටින
හැමෝටම
දෙවැනි විභීෂණ ගේ 
හදපිරි
ස්තුතිය
ප්‍රණාමය
භක්තිය
ආදරය
ගෞරවය
පිළිගැනීම
ප්‍රේමය
දයාව
අරක
මේක හැම එකම
....
එහෙනම් ඉස්සරහටත් 
හම්බුවෙමු 
නේද??

2016-10-02

සමාවෙන්න හංසි(3)...

දිගටම ලියාගෙන ගිහින් ඉවර කරන්න හැදුවත් , කොටස් දෙකක් ඉවර වුනු තැන හදිසියේ නවත්තන්න සිද්ධ වුනු "සමාවෙන්න හංසි" කතා මාලාව නැවතුනු තැනින් අද සිට පටන් ගන්නේය.
කතා ලිවීමේ මහා ලොකු හැකියාවක් නැති මේ විභීෂණ ඔන්න ඔහේ උන්නත් දාහයි මළත් දාහයි කියලා, කියෝන එකෙක් කියවයි නේ කියලා හිතලා ඒ තරම් ඕන කමක් නැතුව ලියන්න පටන් ගත්තු මේ කතාව හිතුවාට වඩා ටිකක් විතර සාර්ථකයි කියලා දැනෙන්න පටන් ගත්තේ කතාව හදිසියේ නතර කලාට පස්සේ ය.
අපේ බ්ලොග් ලෝකේ ඉන්න හංසි ත්, නිර්මාණි ත් බුකියේ සැට් වෙච්චි කීප වතාවකදී ම  ඇහුවේ අර කතාව ලියන්නේ නැද්ද කියලා ය.
පොලිටි කල් ම ලියලා ලියලා කුරුවල් වෙලා තියෙන මේ අඩවියට මේ කතාව පොඩි වෙනසක් එකතු කරලා වගෙය.
කොහොම හරි ඉතින් බාගෙට වැඩක් කරලා අතැරලා දානවා ට වඩා ඉවර කරන හිතට සැනසීමක් නිසා , හදිසියේ නැවතුනු කතාව ආපහු පටන් ගන්න විභීෂණ කල්පනා කළේය.

එහෙනම් ඉතින් ඔන්න කතාව...

=========================================================================
මෙතෙක් කතාව ....

අද එතැන් සිට..

"සිහින කුමරිය..සිහිනලෝකෙක..තනි කරා මා ...ආ.ආ..ආ..
මගේ හැඟුමන්..නුඹේ හැඟුමන් යා කලා...ආ...ආ..."
ආ...ආ...ආ..

ආ...ආ...ආ...

"

2016-09-13

අන්තරේ - පුලුවන්නම් කරලා පෙන්නපල්ලා..

සිරි ඉල්ලන්කාව තුල ක්‍රියාත්මක වන තවත් නිල නොවන ත්‍රස්තවාදී සංවිධානයක් වන "අන්තරේ" කියන තුප්පහි කල්ලියේ ලොක්කාය කියන එකා  හරි ලස්සන ප්‍රකාශයක් කරලා තියෙනවා ඊයේ පෙරේදා  පත්තරවල දකින්න ලැබුනේය.

"සයිටම් වහන්න ආණ්ඩුව ක්‍රියා කරන්නේ නැත්තන් දැනටත් වඩා පුළුල් ජනතා  බලවේගයක්  ආණ්ඩුවට එරෙහිව ගොඩනගනවා "

අම්මට හුඩු කිව්වලු..

2016-08-19

මම කැමතිම ගී දාසය | MY SWEET 16

ටික කාලයක් වහන් වෙලා හිටලා ආපහු බ්ලොග් අවකාසේට ඔලුව දාලා බලනකොට බොහොම කලාතුරකින් සිද්ද වෙන ජාතියේ තවත් අමුතුම ලස්සන වැඩක් පටන් අරන් බව දැනගත්තේ බ්ලොග් කාරයෝ කීප දෙනෙක්ගේම අලුත් පොස්ට් කියවන්න ගියාමය.

2016-08-01

අලුත් කුණුහරුප -01; යහපාලනය

යහපාලනය කියන්නේ ලෝක දේශපාලන ය ඇතුලේ දශක ගානක් හෝ ශතක ගානක් කියවෙච්ච නමුත් සිරි ඉල්ලන්කාවේ දේශපාලන ඩික්ෂනරියට  මීට අවුරුදු දෙහෙකටවිතර කලින් එක්කාසු වෙච්ච හරි අපූරු වචනය ක් බව හැමෝම දන්නා කියන කාරණාවක් ය.

2016-07-23

අලුත් කුණුහරුප

කුණු හරුපයක් කියන්නේ මොනාද කියලා ඇහුවොත් , ඒ කියන්නේ can you define "Filthy word" ? කියලා කාගෙන් හරි සිංහලෙන් ඇහුවොත් ඌ මොන වගේ උත්තරයක් දෙයිද?

2016-06-24

කුහකයිනි, පවු නොදී ගෙදර පල


SAITM එකට සහ  ප්‍රයිවට් කැම්පස් වලට විරුද්ධ ව රෙද්ද උස්සන් දගලන කැම්පස් හැත්ත වෙත  ලියන වගයි,

තොපි ඊයේ පෙරේදා කොළඹ දී උද්ගෝෂණ ය කරන්න ගිහින් ඉල්ලගෙන කාපු හැටි අපි හොඳ හැටි ගෙදරට වෙලා ටීවී එකෙන් නැරඹුවෙමු. තොපි  ගුටි කාපු හැටි වතුර නාපු හැටි දැකලා " අනේ මේ අපේ අහිංසක දරුවෝ නේද කියලා " එක තප්පර්රෙකට විතර පුංචි දුකක් ඇති වුනත්  තොපි  ඒ උද්ඝෝෂණය කරන්න ආපු හේතුව අහපුවාම කලින් පහල වෙච්ච  දුක සේරම නැති වෙලා "තව ගහපිය ඔය ඊරිසියා කාර හැත්තට" කියලා හිතුනු බව අවංකව ම කියන්නේ  ඒ එවෙලේ තොපි  ගැන ඇතිවෙච්ච් ඒ කේන්තිය නිසාමය.

2016-06-20

කේස් එකක් අවශ්‍ය නැති රළු දුරකථන 5ක්



ස්මාර්ට් දුරකථන අපි වැඩියෙන් ම ආදරය කරන අත්‍යවශ්‍ය දෙයක් වෙලා තියෙනවා. ඒ නිසා අපි දුරකථනයක් මිල දී ගත්විට එය ආරක්ෂිතව තියාගන්න උපරිම උත්සහා කරනවා. ඒ අපි ඒ වෙනුවෙන් ගෙවන මිල නිසාම නොවේ ස්මාර්ට් දුරකථනයකින් කළ හැකි දේ බොහෝ නිසා එහි වටිනාකම තවත් වැඩිවෙනවා. මෙවායේ ආරක්ෂාවට විවිධ කේස් සහ බෑග් වර්ග තිබෙනවා නමුත් සමහර දුරකථන වලට මේවා අවශය වෙන්නේ නෑ. ඒ කියන්නේ මේ දුරකථන  වල ආරක්ෂාවට කේස් එකක් අවශ්‍ය වෙන්නේ නෑ. මේ දුරකතන එවා විසින්ම ආරක්ශා වීමට තරම් ශක්තිමත්. මේ සුවිශේෂි වාසිය නිසා භාවිත කරන්නන්ට කේස් වලට යන මුදල් ඉතිරිකරගැනීම්ට වගේම නිරන්තර අලුත්වැඩ්යා  කිරීම් සහ නඩත්තු කිරීම් වලින් බේරෙන්නත් පුළුවන්.

2016-06-18

සීයක් ලිව්වා හිටං _අද ඉඳන් ටිකක් වෙනස් හිටං

අද මේ ලියවෙන්නේ විභීෂණ අඩවියේ සියවෙනි පොස්ටුව ය.

පොස්ටු සීයක් ලියා ගන්න තරම් හයියක් ආවේ කොහෙන්ද කියලා නම් විභීෂණ වත් දන්නේ නැති කාරණයක් නිසා ඔබ තුමන්ලා තුමී ලා ඒ ප්‍රශ්නය අහන්න ගිහින් නිස්කාරනේ විභීෂණ ගේ සුරතල් යක්ෂයා ආරුඪ කරගැනීමෙන් වලකුනාට කම් නැත.

කොහොම හරි ඉතින් අර මම මීට මාස ගානකට කලින් කිව්වා වගේ අනේකාකාර එක්ස්පෙරිමන්ට් ගොඩකට පස්සේ පටන් ගත්තු විභීෂණ අඩවිය අද වෙනකන් ඒ කියන්නේ පොස්ට් සීයක් වෙනකම්ම ලියාගෙන එන්න තිබ්බ ලොකුම් හයිය වුනේ මම ලියෝපුවා කියෝලා ගල් හෝ මල් සහිත කමෙන්ට් වලින් සහයෝගය දක්වපු ඔබ තමුන්නාන්න්සේ ලා ය.
ඔබ ලා නොහිටින්න විභීෂණ අඩවිය වැළලිලා ඒ තැන් වල ගසුත් පැලවෙලා ය.