2016-11-14

විභීෂණ ගේ Hindi Top 10

අපේ සහෝදර දිනේෂ් ගේ වර්ණ බ්ලොග් එකේ තිබ්බ හින්දි ටොප් 10 චැලේන්ජ් එක විභීෂණ දැක්කේ මේ ඊයේ පෙරේදා ය. විභීෂණ පහුගිය ටිකේ බ්ලොග් වලට කොච්චර සමීපව හිටියාද කියන එකෙන්ම තේරුම ගන්න පුළුවන.

2016-11-13

හොල්මන් රටකට හොල්මන් අයවැයක් මිස ...

හොල්මන් කියන්නේ හදිසියේ මතුවෙලා ඔහේ වැනි වැනි පාවී පාවී ඉන්නා කොට්ටාශයක් ය. එවෙලේ තියෙන දෙයක් පස්සේ ඔහේ පාවී ගෙන ගහගෙන යනවා හැරෙන්නට පොඩි පහේ සද්දයක් දැමීම හැරෙන්නට වෙන වැඩක් ඇති යමක් කරන්න හොල්මනකට හැකියාවක් කල්පනාවක් නැත.

2016-11-05

මිතුර ඔබට යන්න අවසරයි..

කිසිත් නොකියා
හඬකුදු  නොනගා
සමුගෙන ගියත් 
සදහටම මා හැරදා
තරහක් නැත 
මා මිතුර
බිඳකුදු කිසිදා

2016-10-05

50000 යි


ලියන ලියන හැම දේම කියවන්න
කොහොම කොහොම හරි ඇවිත් ගොඩවෙන
මොනවා මොනවා හරි ලියලා යන
මොනවා මොනවා හරි බැනලත් යන
මොනා වුනත් 
විභීෂණ අඩවිය  අමතක නොකර
අද මේ වෙනකන් 
හිටපු
හිටින
හැමෝටම
දෙවැනි විභීෂණ ගේ 
හදපිරි
ස්තුතිය
ප්‍රණාමය
භක්තිය
ආදරය
ගෞරවය
පිළිගැනීම
ප්‍රේමය
දයාව
අරක
මේක හැම එකම
....
එහෙනම් ඉස්සරහටත් 
හම්බුවෙමු 
නේද??

2016-10-02

සමාවෙන්න හංසි(3)...

දිගටම ලියාගෙන ගිහින් ඉවර කරන්න හැදුවත් , කොටස් දෙකක් ඉවර වුනු තැන හදිසියේ නවත්තන්න සිද්ධ වුනු "සමාවෙන්න හංසි" කතා මාලාව නැවතුනු තැනින් අද සිට පටන් ගන්නේය.
කතා ලිවීමේ මහා ලොකු හැකියාවක් නැති මේ විභීෂණ ඔන්න ඔහේ උන්නත් දාහයි මළත් දාහයි කියලා, කියෝන එකෙක් කියවයි නේ කියලා හිතලා ඒ තරම් ඕන කමක් නැතුව ලියන්න පටන් ගත්තු මේ කතාව හිතුවාට වඩා ටිකක් විතර සාර්ථකයි කියලා දැනෙන්න පටන් ගත්තේ කතාව හදිසියේ නතර කලාට පස්සේ ය.
අපේ බ්ලොග් ලෝකේ ඉන්න හංසි ත්, නිර්මාණි ත් බුකියේ සැට් වෙච්චි කීප වතාවකදී ම  ඇහුවේ අර කතාව ලියන්නේ නැද්ද කියලා ය.
පොලිටි කල් ම ලියලා ලියලා කුරුවල් වෙලා තියෙන මේ අඩවියට මේ කතාව පොඩි වෙනසක් එකතු කරලා වගෙය.
කොහොම හරි ඉතින් බාගෙට වැඩක් කරලා අතැරලා දානවා ට වඩා ඉවර කරන හිතට සැනසීමක් නිසා , හදිසියේ නැවතුනු කතාව ආපහු පටන් ගන්න විභීෂණ කල්පනා කළේය.

එහෙනම් ඉතින් ඔන්න කතාව...

=========================================================================
මෙතෙක් කතාව ....

අද එතැන් සිට..

"සිහින කුමරිය..සිහිනලෝකෙක..තනි කරා මා ...ආ.ආ..ආ..
මගේ හැඟුමන්..නුඹේ හැඟුමන් යා කලා...ආ...ආ..."
ආ...ආ...ආ..

ආ...ආ...ආ...

"

2016-09-13

අන්තරේ - පුලුවන්නම් කරලා පෙන්නපල්ලා..

සිරි ඉල්ලන්කාව තුල ක්‍රියාත්මක වන තවත් නිල නොවන ත්‍රස්තවාදී සංවිධානයක් වන "අන්තරේ" කියන තුප්පහි කල්ලියේ ලොක්කාය කියන එකා  හරි ලස්සන ප්‍රකාශයක් කරලා තියෙනවා ඊයේ පෙරේදා  පත්තරවල දකින්න ලැබුනේය.

"සයිටම් වහන්න ආණ්ඩුව ක්‍රියා කරන්නේ නැත්තන් දැනටත් වඩා පුළුල් ජනතා  බලවේගයක්  ආණ්ඩුවට එරෙහිව ගොඩනගනවා "

අම්මට හුඩු කිව්වලු..

2016-08-19

මම කැමතිම ගී දාසය | MY SWEET 16

ටික කාලයක් වහන් වෙලා හිටලා ආපහු බ්ලොග් අවකාසේට ඔලුව දාලා බලනකොට බොහොම කලාතුරකින් සිද්ද වෙන ජාතියේ තවත් අමුතුම ලස්සන වැඩක් පටන් අරන් බව දැනගත්තේ බ්ලොග් කාරයෝ කීප දෙනෙක්ගේම අලුත් පොස්ට් කියවන්න ගියාමය.

2016-08-01

අලුත් කුණුහරුප -01; යහපාලනය

යහපාලනය කියන්නේ ලෝක දේශපාලන ය ඇතුලේ දශක ගානක් හෝ ශතක ගානක් කියවෙච්ච නමුත් සිරි ඉල්ලන්කාවේ දේශපාලන ඩික්ෂනරියට  මීට අවුරුදු දෙහෙකටවිතර කලින් එක්කාසු වෙච්ච හරි අපූරු වචනය ක් බව හැමෝම දන්නා කියන කාරණාවක් ය.

2016-07-23

අලුත් කුණුහරුප

කුණු හරුපයක් කියන්නේ මොනාද කියලා ඇහුවොත් , ඒ කියන්නේ can you define "Filthy word" ? කියලා කාගෙන් හරි සිංහලෙන් ඇහුවොත් ඌ මොන වගේ උත්තරයක් දෙයිද?