2016-11-14

විභීෂණ ගේ Hindi Top 10

අපේ සහෝදර දිනේෂ් ගේ වර්ණ බ්ලොග් එකේ තිබ්බ හින්දි ටොප් 10 චැලේන්ජ් එක විභීෂණ දැක්කේ මේ ඊයේ පෙරේදා ය. විභීෂණ පහුගිය ටිකේ බ්ලොග් වලට කොච්චර සමීපව හිටියාද කියන එකෙන්ම තේරුම ගන්න පුළුවන.


මීට සති ගානකට කලින් නැගලා ගිය ඉයන්ගේ සින්දු 16 චැලේන්ජ් එකත් එක්ක බ්ලොග් ලෝකෙට එකතුවුණු මේ අමුතුම අලුත්ම කන්සෙප්ට් එක නිසා අපි අපි ගොඩනගන් ඉන්න ලෝක වලින් ටිකකට එලියට ඇවිත් අලුත්ම ආතල් එකක් ගන්න බ්ලොග් කෙරුවාවේ ඉන්න අපි හැමෝටම  පුළුවන් විය.
උදාහරණයක් විදියට පොලිටි-කචල් ගැනම ලියන මමත් ඒ චැලේන්ජ් එකට එකතු වෙලා අමුතුම ආකාරයක ෆන් එකක් ගත්තු බවත් නොලියාම බැරිය.
හින්දි ටොප් 10 කියන්නේ ඒ කන්සෙප්ට් එකේ ඊළඟ අදියර කියලා කිව්වට වැරද්දක් කියන්න බැරිය.
ඉතින් විභීෂණ ගේ මේ සූදානම ඒ භාරගත්තු චැලේන්ජ් එක ක්‍රියාත්මක කිරීමය.

ඊට කලින් කියන්න දේවල් කීපයක් ඇත.

1.එදා සින්දු 16 චැලේන්ජ් එක වෙලේදී "කැමතිම සින්දුව" කියන දේට දීපු අලුත් ඩෙෆිනිෂන් එකම මේ හින්දි ටොප් 10 වලදීත් පාවිච්චි කරන්න විභීෂණ වග බලාගත්තේ ඒ ක්‍රමේට හොඳම සින්දු සිලෙක්ට් කරන එක බොහොම ලේසියට සහ සාධාරණව කරන පුළුවන් කියලා තේරුණු නිසාය.
ඩෙෆිනිෂන් එක මෙන්න මේකය.

"කැමතිම සින්දුවක් " = "කවදා කොයි විදියට කොතන කොහම ඇහුවත් ඊට කාලාන්තරෙකට පස්සෙත් ඒ සින්දුව අහන කොට අර පලවෙනි දවසේ දැනුනු හැගීම ම දැනුනු ගීතයක්"


2.කලින්  සින්දු 16 දී කළා වගේම මෙදා සැරෙත් සින්දුව ට අදාළ වීඩියෝව අමුණන්නේ ඒ ඒ විස්තරයේ ටයිටල් එකට ය. ඒ නිසා වීඩියෝව බලන්න කැමති අය අදාළ කොටසේ ටයිටල් ක්ලික් කරනු මැනවි ය.


3. අපේ දිනේෂ් සහෝදරයා දැම්මා වගේ සිංදුවල තේරුම් දාන්න නම් විභීෂණ ට බැරිය. ගූගලයා ගේ පිහිටෙන් බැරිත් නැත. එත් ඉතින්  තේරුම නොදැන ඇහුවත් හින්දි සිදුවක රසය ලස්සන ලොවෙත් අඩුවෙන්නේ නැති නිසා  ට්‍රාන්ස්ලේෂන් වැඩේට අතගහන්න විභීෂණ ඉස්සර වුනේ නැත.

එහෙනම් මෙන්න, විභීෂණ ගේ හින්දි ටොප් 10.


[ගායනය :- කිෂෝර් කුමාර් | චිත්‍රපටය :- ආරාධනා (1969)]

 මේ සින්දුව තියෙන "ආරාධනා" ෆිල්ම් එක යන කාලේ විභීෂණ හිටියේ කලින් ආත්මයේ ය. විභීෂණ ගේ අම්මයි තාත්තයි ත් ඉස්කෝලේ යන පොඩි කොලු කෙලි පැට්ටෝය. එත් ඉතින් ඒ ෆිලුම බැලුවේ නැතත් මතක ඇති කාලෙක ඉඳන් ITN එකේ ගිය අර පරණ හින්දි සින්දු යන ප්‍රෝග්‍රෑම් එකේ අඩුම ගානේ මාසෙකට එක සැරයක්වත් දකින්න ලැබෙන සින්දුවක් නිසා එකේ රහ හොඳටම විඳින්නට විභීෂණ ට පුළුවන් විය. අදටත් ඔය  "ආරාධනා" ෆිල්ම් එක මම බලා නැත. අඩුම ගානේ කොහෙන්වත් බාගන්න වත් ලැබුනේ නැත. එත් සින්දුව සදාකල් මතකයේ රැදී ඇත.

09.Ladki badi anjani hai  
[ගායනය :- Alka Yagnik, Kumar Sanu | චිත්‍රපටය :- Kuch Kuch Hotha Hai  (1998)]

 එකදාස්නවසිය අනූ ගණන් වල අග හරියේ හිටපු කාටවත් අමතක නොවෙන සුපිරිම ජාතියේ ෆිල්ම් එකක් වන Kuch Kuch Hotha Hai ෆිල්ම් එකේ තිබ්බ මේ සින්දුව නම් විභීෂණ ට මැරෙනකම් අමතක වෙන්නැති තවත් සින්දුවක් ය. ඒ කාලේ මේ සින්දුව සිරසේ Rasa Risi Gee-Hindi Top 10 වගේ හින්දි චාර්ට් වල යනකන් කට අරන් බලන් හිට්ට හැටි තාමත් විභීෂණ ට නම් අමතක කරන්න  බැරිය. අදත් යූ ටියුබ් එකෙන් මේ සින්දුව බලනකොට ඒ ෆීලින්ග් එක මාරම මාර විදියට දැනෙන්නේ ය.

08.Yeh Hawa Kehti Hai Kya
[ගායනය :- Aryans ]

මේක නම් හින්දි ෆිල්ම් එහෙක නොව Aryans කියන ඉන්දියාවේ  ඉන්න බෑන්ඩ් එකක් කරපු ලස්සන සින්දුවක් ය. මේකේ වීඩියෝ එකත් බොහොම සරලව එත් සින්දුවේ කතා තේමාවට ගැලෙපන විදියට කරලා තියෙන නිසා සින්දුවේ අගය දශමයක් වත් අඩුවී නැත. එත් වීඩියෝ එක නැතුව වුනත් ඒ ලස්සන සින්දුව අහන්න පුළුවන. මේක නම් මුලින්ම දැක්කේ 98-99 කාලේ සිරසේ උදේ වරුවේ ගිය ඉන්දියන් සින්දු ප්‍රෝග්‍රෑම් එහෙකින් ය. කාලයත් එක්ක ඒ ප්‍රෝග්‍රෑම් පෙන්නන එක සිරස නවත්තුවත් අන්තර් ජංජාලෙට විභීෂණ ප්ලග් වුනාට පස්සේ බොහොම ඉක්මනට ඒ සින්දුව ආපහු අහන්න වාසනාව පෑදුණේය


07.Phir Bhi Dil Hai Hindustani
[ගායනය :- Udith Narayana | චිත්‍රපටය :- Phir Bhi Dil Hai Hindustani  (2000)]

 මේකත් පට්ටම පට්ට සින්දුවක් ය.2000 අවුරුද්දේ රිලීස් වෙච්ච Phir Bhi Dil Hai Hindustani ෆිල්ම් එකේ ටයිටල් සෝන්ග් එක වෙච්ච මේක ඒ කාලේ හිට් වෙච්චි හින්දි සින්දු අතර උඩින්ම වගේ තිබිච්චි එකක් ය. ඒ ෆිල්ම් එකේ තිබුනේ මීඩියා කාරයෝ මිනිස්සුන්ව සහ නායකයින්ව අල්ලේ නටවන හැටි ගැන කතාවක් ය. බොහොම දරුණු මාතෘකාවක් වුනත් හාස්‍යය කුතුහලය වගේ දේවල් එක්ක ලස්සනට හදපු මේ ෆිල්ම් එකේ මේ සින්දුව අදටත් විභීෂණ හොයා හොයා බලන ජාතියේ එකක් ය.







06.Pehela nisha
 [ගායනය :- Udit Narayan, Sadhana Sargam | චිත්‍රපටය :- Jo Jeeta Wohi Sikandar  (1991)]

1993 තිරගත වෙලා තියෙන Pehla Nasha කියන ෆිල්ම් එකේ තිබ්බ මේ සින්දුව අහන අහන හැම වෙලේම මොකක්දෝ අතීත මතකයක් දිහාට විභීෂණ ව අරන් යන බව මෙතන ලියන්නම ඕනා ය. විභීෂණ ට මුලින්ම අහන්න ලැබුනේ මේ ඔරිජිනල් සින්දුව නොව එකේ තනුවට ගහපු කිත්සිරි ජයසේකරයි ශානිකා වනිගසේකරයි ගායනා කරපු "පෙනෙනා නිසා " කියන සිංහල සින්දුව ය. ඒ සින්දුව අහපු වෙලේ ඉඳන් එකට වැහ වැටුණු විභීෂණ, ටික කාලෙකින් ම එක හින්දි සින්දුවක සිංහල කොපියක් බව දැනගත්තේ ය. ඊට පස්සේ අන්තර් ජන්ජාලෙත් ලැබුනාට පස්සේ ඔය සින්දුවත් හොයාගෙන බා ගත්තේය. අදටත් රිලැක්ස් වෙලාවක අහන සුපිරිම නම්බර් අතර මේ සින්ද්දුවත් ඇත.

05.Khuda Bhi'
  [ගායනය :- Mohit Chauhan | චිත්‍රපටය :- Ek Paheli Leela  (2015)]

 පහුගිය අවුරුද්දේ ඒ කියන්නේ 2015 දේ රිලීස් වෙච්ච  Ek Paheli Leela කියන හින්දි ෆිල්ම් එකේ තිබ්බ මේ සින්දුව මම ඉන්ටනෙට් එකේ රස්තියාදු වෙන වෙලාවක සැට් වෙච්ච් සින්දුවක් ය. විභීෂණ මේකට පිස්සු වැතුනේ මේකේ සනී ලියොන් රඟපාන නිසා  නොව කවදාවත් අහල නැති අමුතුම රහක් මේ සින්දුවේ තියෙන නිසා ය. මේ සින්දුවේ තියෙන රොමැන්ටික් ගතිය වෙන එකම සිංදුවකින් වත් මෙතෙක් මම නම් දැක නැත. මේ ෆිල්ම් එකේ තියෙන ගොඩක් සීන් වැඩිහිටියන්ට පමණක් සුදුසු ජාතියේ බොහොම ලස්සන ලස්සන එව්වා ය. එව්වා බලන්න කැමති අය ෆිල්ම් එක හොයාගෙන බලන ලෙස විභීෂණ ඉල්ලා සිටින්නේය.

04.Chura liya hei thumne
[ගායනය :- Asha Bhosle, Mohammed Rafi | චිත්‍රපටය :- Yaadon Ki Baaraat  (1973)]

 මේ සින්දුව තිබ්බ Yaadon Ki Baaraat ෆිල්ම් එකත් විභීෂණ මෙලොව එලිය දකින්න කලින් රිලීස් වෙච්චි එකක් ය.  එත් ඉතින් අර කලින් කියපු ITN හින්දි සින්දු ප්‍රෝග්‍රෑම් එකට පින් සිද්ද වෙන්න මේ අලංකාර සින්දුව අහන්න විභීෂණ වාසනාවන්ත විය. මේ පිස්සු හැදෙන රොමැන්ටික් සින්දුව අහනකොට වෙන කිසිම දෙයක් ඔලුවට දාගන්න විභීෂණ කැමති නැත. ඒ තරම් අහන්න ආස හිතෙන විදියට නිර්මාණය කර ඇත.





03.Titli
[ගායනය :- Chinmayi Sripaada, Gopi Sunder | චිත්‍රපටය :- Chennai Express  (2013)]

 2013 අවුරුද්දේ තිරගත වෙච්ච Chennai Express ෆිල්ම් එකේ තියෙන මේ ආදරණීය සින්දුව බොහොම නිස්කලංකව අහන්න පුළුවන් ඕනෑම මහන්සි වෙලාවක ඇහුවොත් පටස් ගාලා ඔලුව සන්සුන් කරන්නත් පුළුවන් බොහොම ලස්සන නිර්මාණයක් ය.
Chennai Express කියන්නේ විභීෂණ මෙතෙක් බලපු ලස්සනම හින්දි ෆිල්ම් එකය. සමහරවිට ඒ ෆිල්ම් එක ලස්සන වුනේ  බොලිවුඩ්-කොලිවුඩ් මිශ්‍ර වෙච්චි නිර්මානයක් නිසා වෙන්න ඇති ය.
ශාරුක් සහ දීපිකා කියන්නේ විභීෂණ ගේ ෆෙවරිට් ම කපල් එකය.
මේ ෆිල්ම්  එකේදී දීපිකා ගේ රංගනයඑයාගේ වෙනකිසිම ෆිල්ම් එහෙකට වඩා ලස්සනය.අද වෙනකොට විභීෂණ මේ ෆිල්ම් එක විසි තිස් පාරකට වඩා බලලා ඇත.


02.Tujh Mein Rab Dikhta Hai
 [ගායනය :- Roop Kumar Rathod | චිත්‍රපටය :- Rab Ne Bana Di Jodi  (2008)]

 2008 රිලීස් වෙච්චි මේ  ලස්සනම ලස්සන ෆිල්ම් එකේ තියෙන මේ ලස්සන ගීතය කොයිතරම් වාරයක් ඇහුවත් එපා නොවෙන , ඒ අහන අහන හැම වෙලේම හිතට බොහොම ආදරණීය හැගීම්  එකතු කරන නිර්මාණයක් ය.
Rab Ne Bana Di Jodi කියන්නෙත් විභීෂණ බොහෝම ආස කරන පිස්සු වැටුණු ෆිල්ම් එකක් ය. කතාවට කොයිතරම් දුරට ගැලපුනත් ශාරුක් අනුෂ්කා කපල් එකට නම් විභීෂණ පොඩ්ඩක් වත් කැමති නැත. එත් පුදුමෙකට වගේ ෆිල්ම් එකට මැරී ගෙනය.









01.Mujhe Neend Na Aaye
 [ගායනය :- Anuradha Paudwal & Udit Narayan | චිත්‍රපටය :- DIL(1990)]


ඔලුව කරකොලා අතාරින පට්ට රොමැන්ටික් ටයිප් එකේ මේ සින්දුව තිබුනේ 1990 දේ තිරගත වෙලා තියෙන DIL කියන හින්දි සුපර් හිට් ෆිල්ම් එකෙය. මධුරි දික්සිට් සහ අමීර් ඛාන් රඟපාන ඒ ෆිල්ම් එක අද වෙනකන් විභීෂණ බලලා නැත. එත් ඒ ෆිල්ම් එකේ තිබුණු මේ සින්දුව නම් මැරෙනකන් අමතක වෙන එකක් නොවය. 1990 කියන්නේ විභීෂණ ඉස්කෝලේ ගිහින්වත් නැත. එත් කොල්ල දෙකේ තුනේ කාලෙදීම අහපු මේ සින්දුව අහපු වෙලේ දැනිච්චි ඒ පිස්සු හැදෙන ගතිය වශී වෙන ගතිය අදටත් මේ සින්දුව  අහනකොට විභීෂණ ට දැනෙන්නේ ය.



එහෙනම් ඉතින් ඔන්න මම බාරගත්තු හින්දි ටොප් 10 චැලේන්ජ් එක කම්ප්ලීට් ය.
මෙතනදී කියන්න ඕනා වැදගත් කාරනාවක් ඇත.
මේ දාපු සින්දු 10 ට අමතරව විභීෂණ කැමති ගොඩාක් හින්දි සින්දු ඇත.
එත් මෙතෙන්ට ගෙනාවේ  සේරම අර කලින් කියාපු ඩෙෆිනිෂන් එකට දාපුවාම උඩටම ආපු සින්දු 10 විතරය.
ඒ වගේම මේ හැම එකටම වඩා පට්ට ලස්සන නිර්මාණ අපේ කාලෙට කලින් තිබ්බ 50-60-70 දශක වල හින්දි සිනමාවේ  බිහිවී ඇත.
එත් ඒවා අපේ කාලෙය් නොවෙන නිසා ත් අපි දන්නේ ඒ සිනමාවෙන් අතිශය පොඩ්ඩක් නිසාත් විභීෂණ වැඩි සැලකිල්ල දැක්වුවේ අපේ කාලේ නිර්මාණ වලටය.

එහෙනම් ඉතින් විභීෂණ අඩවියෙන් අදට සමුගන්නම් ය.
හැමෝටම සුබ දවසක්.

14 comments:

  1. නියමයි. පහුවෙලා හරි දැම්ම එක .මම දැකපු විශේෂත්වයක්, එක එක්කෙනාගෙ කැමතිම ගීත වලින්, සිනමාවෙ එක, එක යුග නිරූපණය වෙන එක, මට අනුව මේක බොහොම හොඳ දෙයක්.

    මේක දේශපාලනයෙන් හෙම්බත් වෙලා හිටිය අපට දිය බිඳක් වගේ

    ReplyDelete
    Replies
    1. මරු කතරට දිය පොදක් ඉසින්නට..
      සිත නිවන බ්ලොග් පොස්ට්...

      Delete
  2. අන්තිමට තියෙන 'තොගෙ නියඟල අලේ' කියන සිංදුවට කැමති නෑ. අනික් එව්ව නං එක්කොම හොඳයි. කුචි කුචි හෝතාහේ සිංදුව තමයි හොඳම එක. 'කාකුරු බායෙ කුචි කුචි හෝතා හේ' කියන කොට නටරාජා කාකටු පෙට්ටිය උඩ පයිනවා පෑං පාරට. පරණ උනත් 'මෙරි සපුනොකෙි රනිකපු අායකටු' කියන සිංදුවත් මරු. නව සංගීතෙ මුසු කරන්න ඕනිම නෑ ඔන්න.

    ReplyDelete
    Replies
    1. යකෝ, උඹ මාව හිනස්සල මරන්නද යන්නේ...
      "තොගේ නියගලා අලෙ " ඒ වචන ටික අද මයි ඇහුවේ බන්. තව පොඩ්ඩෙන් දතක් දෙකක් එලි බහිනවා හිනාවෙ තදට ....

      උඹට ඇහෙන විදියට මේ ලෝකේ එකෙක්ටවත් ඇහෙන්නේ නැහැ මං හිතන්නේ...

      කාකුරු බායෙ කුචි කුචි හෝතා හේ
      මෙරි සපුනොකෙි රනිකපු අායකටු

      පිස්සු හැදෙනවා යකෝ...

      Delete
    2. යකෝ බලාගෙන ගියාම ශ්‍රංගයගෙ පෝස්ට් විතරක් නෙමෙයි කොමෙන්ට් කියවන්නත් දෙපාරක් හිතන්න වෙනව. හැක්..

      Delete
  3. විචා අය්යිය්ත් දාලා තිබුණා ...මගේ නම් වැඩි කැමත්තක් නැහැ ...බොගේ පොස්ට් එකට නෙමෙයි හින්දි වලට

    ReplyDelete
  4. මගේ ලිස්ට් එකෙත් ආරාධනා, දිල්, යාදෝන් කී බාරාත් චිත්‍රපටිවල ගීත තිබ්බා. "දිල්" කියන්නේ ඒ කාලේ මමත් පිස්සුවෙන් වගේ බලපු චිත්‍රපටියක් තමයි විභී....

    ජයවේවා!!!

    ReplyDelete
  5. මෙතන වැඩි හරියක් තියෙන සින්දු මාත් ඉතා ආස එ්ව.
    කොහොමත් හින්දි සින්දු කියන්නෙ කාලෙ හැටියට වෙනස් උණත් පරණ තත්වෙ ඒ විදියටම තියාගෙන යන්න පුලුවන් කලාවක්.

    ReplyDelete
  6. සින්දු සේරටම කැමතියි. ඔතනින් churaliya සිංදුවේ sanam කියල බෑන්ඩ් එකක් කල remix එකක් තියනවා ඒකත් මරු.

    ReplyDelete
  7. අදත් මේ දැනුත් මෙතන තියන බොහෝ ගී අසමි.. විභී හින්දි ගී වල තේරුන් දන්නේ නැති උනත් අහන්න බල කරන රිද්මයක් තියෙන්නේ...

    ReplyDelete
  8. හින්දි සින්දුවල අර්ථ රසය විඳින්න බැරි උනාට ශබ්ධ රසය සහ රූප රසය උපරිමයට තියෙනවා.

    ReplyDelete
  9. හායි කොහොමෙයි ඉතිං....! මේ සින්දු අහන්නත් ඕනි පොඩි රේඩියෝවකින්.. එතකොට නිකම්ම අතීතෙට යනවා..

    ReplyDelete
  10. විභීශණ කියනවා වගේ මේ සමහර ගීත හැදෙනකොට අපි ඉපදෙන්න තියා අපේ අම්මා තාත්තා ලව් කරන්නවත් හිතලා නෑ, මම ආස සමහර හින්දී ගීත හැදෙනකොට අපෙ අම්මා තාත්තවත් ඉපදිලා නෑ.ඒත් ඒ ගීත පුදුම තරම් අපිට සමීපයි.ඔයා තෝරලා තියෙන මේ ගීත දයටම මමත් එකම වගේ ආසයි.විශේශයෙන් මේ ' තොගෙ නියඟලා අලේ ' මගේ ලිස්ට් එකෙත් තියෙන එකක්. ගොඩ වෙලා බලන්නකෝ.

    http://kavisandalla.blogspot.com/2016/09/blog-post.html

    ReplyDelete
  11. හරි හරි, ඔන්න දැන් බොගාලා තුන් දෙනෙක් බැස්සා, 'හින්දි ටොට්ටෙං' වැඩේට. දිනේෂුයි, උඹයි, මමයි. බලමු තව කී දේනේ බහියිද කියලා.

    අලුත් සහ පරණ දෙකෙන්ම සින්දු දාපු එක හොඳයි.

    ReplyDelete

කමෙන්ට් කලාපය....