2016-06-18

සීයක් ලිව්වා හිටං _අද ඉඳන් ටිකක් වෙනස් හිටං

අද මේ ලියවෙන්නේ විභීෂණ අඩවියේ සියවෙනි පොස්ටුව ය.

පොස්ටු සීයක් ලියා ගන්න තරම් හයියක් ආවේ කොහෙන්ද කියලා නම් විභීෂණ වත් දන්නේ නැති කාරණයක් නිසා ඔබ තුමන්ලා තුමී ලා ඒ ප්‍රශ්නය අහන්න ගිහින් නිස්කාරනේ විභීෂණ ගේ සුරතල් යක්ෂයා ආරුඪ කරගැනීමෙන් වලකුනාට කම් නැත.

කොහොම හරි ඉතින් අර මම මීට මාස ගානකට කලින් කිව්වා වගේ අනේකාකාර එක්ස්පෙරිමන්ට් ගොඩකට පස්සේ පටන් ගත්තු විභීෂණ අඩවිය අද වෙනකන් ඒ කියන්නේ පොස්ට් සීයක් වෙනකම්ම ලියාගෙන එන්න තිබ්බ ලොකුම් හයිය වුනේ මම ලියෝපුවා කියෝලා ගල් හෝ මල් සහිත කමෙන්ට් වලින් සහයෝගය දක්වපු ඔබ තමුන්නාන්න්සේ ලා ය.
ඔබ ලා නොහිටින්න විභීෂණ අඩවිය වැළලිලා ඒ තැන් වල ගසුත් පැලවෙලා ය.

2016-06-15

PET SCAN එකක් ගත්තා වගේ නෙමේ

දෙරණ සැට් එකයි තව තව ආයතන කීපෙකුයි මුළු ලංකාවේම මිනිස්සුයි එකතු වෙලා මහරගම පිළිකා රෝහලට රුපියල් වලින් කොටි විස්සක් වටිනා පෙට් ස්කෑන් යන්ත්‍රයක් ලබා ගන්න කරපු දීප ව්‍යාප්ත ආධාර එකතු කිරීමේ ව්‍යාපාරය සාර්ථක වුනාය කියන ඒ ඇහැ අගට සතුටු කඳුළු බිඳක් එක කරන ඒ නිවුස් එක පහුගිය දවස් ටිකේ කණට වැටුනේ ය.
දෙරණ කරන ගොඩක් දේවල් ගැන විවේචන තිබුනත් මේ වැඩේ ගැන නම් විභීෂණ එකෙන්ම දෙරණට රෙස්පෙක්ට් කරන්නේ ය.

2016-06-11

ඒකාබද්ධ හූනියමේ පිහිටෙන් රවී කරුණානායක ස්ථාවර විය.

කිසිදා නොසිතු විදියට උන් හිටි ගමන් බලය අහිමිවීම නිසා වික්ෂිප්ත භාවයට , උම්මත්තක භාවයට පත්වී සිටින ඒකාබද්ධ හුනියමේ මල පෙරේත රංචුව ට අවුරුදු එකහමාරක් ගිහිනුත් තාමත් පියවි සිහියට පැමිණ නැත. 

2016-06-05

සයිබරයෙන් විසිවුනි . ආපහු ආවෙමි

සයිබර් අවකාශය අපේ ලයිෆ් ස්ටයිල් එකට කොච්චර බලපැමක කරලා තියෙනවද කියලා දැන ගන්න අවශ්‍ය නම කරන්න තියෙන එකම සහ හොඳම දේ ටික කාලෙකට එකෙන් එලියට පැනීම බව මේක කියෝන ඔහෙලාත් ලියන මම විභීෂණ ත් හොඳින්ම දන්නා කාරණයක් ය.
එත් ඒ හොඳම අවස්ථාව කැමැත්තෙන් ලබා ගන්න කිසි කෙනෙක් නැත. හිටියත් ඉන්නේ අතිශයින්ම සුළු ප්‍රමාණයක් පමණය.

2016-05-08

කැම්පස් ගැන කතා කරන්න කැම්පස් ගිහින් වරෙවු හෙවත් මෝඩ උගතුන්ගේ බංකොලොත් තර්කය

කැම්පස් එකට කලිසම් ඇඳන් ආපු අලුත් හෙවත් නවක කෙල්ලෙකුට තව සීනියර් කෙල්ලෝ කීපදෙනෙකුයි කොල්ලෙකුයි දවස ගානක් කුණුහරුප කියලා නවකවදය දීමත් ඒ වසවර්ති සැට් එක පොලොසියට කුදලාගෙන යාමත් දැන්  බුකියේ ඉතාමත් සීරියස් ලෙසටත් බ්ලොගේ ඊට ටිකක් විතර අඩුවෙනුත් නැගලා යන ටොපික් එක වී ඇත.

2016-04-17

අවුරුද්දේ අපි

ටීවී එකේ නැකතට
පන්සල් ගිය පු

2016-04-16

සමාවෙන්න හංසි(2)...

මෙතෙක් කතාව ....
------------> 1 වෙනි කොටස

අද එතැන් සිට...


ම්ම්ම් ඔය එන්නේ අපේ මාස්ටර් මයින්ඩ් එක ...
රවියා ගේ ෆිට් එක හින්දාම හොඳට ගියා..
නැත්තම් මෙච්චර සුපිරි ලැබ් එහෙක අපි ඉතින් කවදා සින්දුවක් කියන්නද?

2016-04-15

සුබ පැතුම් මා ප්‍රිය සොඳුර !!!!



අමතක නොවෙනු ඇත
කිසිදා ඔබේ වචන
මැකී නොයනු ඇත
කිසිදා ඔබේ මතක

2016-04-14

පොඩි අලුත් වැඩක්


අලුත් අවුරුද්දේ බ්ලොග් පොස්ට් කියෝ කියෝ ඉන්න කොට පොඩි අලුත් වැඩක් කරන්නන ඕන කියලා විභීෂණ ට හිතුනේය.

2016-04-13

සුබ අලුත් අවුරුද්දක් වේවා!!!

සතුරු කම්  දුරු වෙන
මිතුරු කම්  ඇති වෙන