2017-01-01

Good Bye 2016 <--> Welcome 2017


මේ ලියවෙන්නේ 2017 අවුරුද්ද ට ලියවෙන පලවෙනි පොස්ටුව ය.
අලුත් අවුරුද්දට ට යන්න කලින් පරණ අවුරුද්ද ගැන පොඩ්ඩක් විතර මතක් කරලා ගියොත් වටිනවා ය කියලා හිතෙන්නේ ය.


ඇත්තම කිව්වොත් 2016 කියන්නේ විභීෂණ ගොඩක් දේවල් විඳපු, අත්දැකපු, ඉගෙන ගත්තු අවුරුද්දක් ය.

විනොදෙට ලියන්න ගත්තු මේ බ්ලොග් එකට යම්කිසි පිළිගැනීමක් එහෙමත් නැත්තම් හා හා පුරා කියලා සම්මානයක් ලැබුනේ ඔන්න ඔය දෙදාස් දාසය අවුරුද්දේ ය. ඒ නෙලුම් යාය බ්ලොග් සම්මාන උළෙලේ දීය.
බ්ලොගෙක් හැටියට ඒක මටනම් බොහොම වටිනවා ය.
මම මගේ බ්ලොග් එකේ ලියනා දේවල් නිකම්ම නිකම් වැල්  වටාරම් නොවෙන බව තේරුම් ගත්තෙත් තව ලියන්න ඕන කියන කික් එක ආවෙත් ඔන්න ඔය සම්මාන සීන් එකෙන් පස්සෙය.



2016 අවුරුද්දේ දී විභීෂණ අඩවියේ සමහර සමහර වෙනස්කම්ද සිද්ධවුනේය.
දේශපාලන සහ කාලීන සීන් වලට අමතරව ගෙස්ට් පොස්ට්, බූට් පොස්ට්, ශෝක පොස්ට්, සින්දු පොස්ට්(සින්දු චැලේන්ජ් පොස්ට්) වගේම කොටස් වශයෙන් යන කතා පොස්ට් ද විභීෂණ අඩවියට මුල්ම වතාවට එකතු වෙන්න පටන් ගත්තේ ඔන්න ඔය ඊයෙන් ඉවර වෙච්චි දෙදාස් දාසය අවුරුද්දේ දී ය.

අඩවියේ සිය වෙනි පොස්ටුව ලියවුනේද,හිට්ස් පනස්දාහක් ගැහුවේද දෙදාස් දාසය අවුරුද්දේ ය.



පුද්ගලික ජීවිතේ පැත්තෙන් ගත්තොත් අවුරුදු 8ක් තිස්සේ ආශ්‍රය කල සොඳුරු හිතවතෙක් අකාලයේ අපෙන් සමුගත්තේ 2016 අවුරුද්දේ ය.

යාලුවෙකුට උදව් කරන්න ගිහින් නිස්කාරනේ මේ විභීෂණ අමාරුවේ වැටුනේද පහුගිය අවුරුද්දේ ය. ඒ සිද්ධිය මම මෙතන කියන්න කැමති නැත.
එත් ඒ සිද්ධිය නිසා මගේ ජීවිතේ ටික දවසකට දරුණු විදියට කඩා වැටුනේය.ඒ දවස් කීපය ගත කරපු විදියට අද මම මෙහෙමඉන්නේ කොහොමද කියන එකත් එක වෙලාවකට පුදුමය. ඒ තරමට ම මට මුළු ජීවිතේම එදා එපා විය.
ඒ ඇතිවෙච්චි තත්ත්වේ නිසාම හොඳට කරගෙන ආපු බ්ලොග් එකද අතර  මග නැවතී ගියේය.
පහුගිය මාස හතර පහට , මාසෙට පොස්ට් එක දෙක වැදුනේ ඒ නිසා ය.බ්ලොග් තියා සයිබරේ පළාතේ ගොඩවෙන්න ත් කිසිම අසාවක් මගේ හිතේ නොවීය.
මාසෙට එක ගානේ හරි ලිව්වේ බ්ලෝග අතාරින්න තිබ්බ අකමැත්ත නිසාමය.
අන්තිමේදී බුකියට ඇබ්බැහි විය.
රියල් ප්‍රෆයිල් එකත් ෆේක් එකත් දෙකම මේන්ටේන් කරන බුකී-මේනියා කාරයෙක් බවට විභීෂණ නොදැනුවත්වම පත් විය.

ඔය ඔක්කොම සන්තෑසි එක්ක ජයග්‍රාහි තිස්වෙනි අවුරුද්දත් සින්ගල් ලෙස ගෙවා දාන්න විභීෂණ වාසනාවන්ත විය.
එත් දැන් කරුණු කාරණා සිද්ධ වේගෙන යන විදියට නම් පෙන්න තියෙන්නේ 31 වෙනි උපන් දිනේ නම් තනියම සමරන්න බැරි වෙන පැත්තක් ය.
එක එහෙම වුනොත් 2016 කියන්නේ මගේ අවසාන සිංගල් අවුරුද්ද වෙනවාය.




පුද්ගලික ජීවිතේ ඔහොම යනකොට රස්සාව පැත්තෙන් නම් අලුත්විශේෂ යමක් සිද්ධ වුනේ නැත.

එත් දැන් වැඩකරන තැන අවුරුදු දහය සම්පූර්ණ වුනේ නම් 2016 දීය. එක නම් පොඩ්ඩක් විතර ඉස්පෙෂල් ය.
ඊට අමතරව නම් කලේ වෙන ජොබකට පයින්න ඉන්ටවිව් දෙක තුනකට ගිය එකත් දැනට රස්සාව කරන ෆීල්ඩ් එකේම අලුත් කොලිෆිකේෂන් දෙකක් ලබා ගැනීමත් ය.
කොලිෆිකේෂන් දෙක ගොඩ ගියත් අලුත් ජෝබකට පයින වැඩේ හරි ගියේ නැත.






කොහොමෙන් කොහොම හරි ඔය කිව්වේ පහුගිය අවුරුද්දේ විභීෂණ ගෙවපු විදිය ය.
සමහර කරුණු කාරණා නිසා 2016 ටත් වඩා මේ ලබපු 2017 හැපනින් වෙන්න ඉඩ කඩ වැඩිය.

මේ ජීවත් වුනා ඇති ද කියලත් වෙලාවකට හිතෙනවා ය.
එත් ඉතින් කොහොම හරි කරලා 2017 ත්ගේම ගෙනියන්න උවමනාය.
නැත්තන් මිනිස්සු විදියට ජීවත් වෙන එකෙන් වැඩක් නැත.

කොහොම හරි ඉතින්
අදින් පටන් ගන්න  2017 අවුරුද්ද හිතෙ තියෙන බලාපොරොත්තු සාර්ථක වෙන සුබ නව වසරක් වෙන්න කියලා විභීෂණ ප්‍රාර්ථනා කරනවා ය.

එහෙනම්  අපි ගොහින් එන්නම්..
ඉක්මනටම අලුත් පොස්ට් එහෙකින් හම්බවෙමු...

18 comments:

  1. රැළි රැළි ලෙසින් නව අදහස් සිහිවේවා
    යළි යළි නෙලුම් යායෙන් දිරි ඇතිවේවා
    වලි වලි නොවුණු සැනසුම් දිවි අත්වේවා
    ගිලි ගිලි සතුටෙ සිංගල් බව දුරුවේවා.....

    සිංගල් - ඩබල් වෙන ජොලිබර 2017 උඹටත්, විභී.

    ජයවේවා!!!

    ReplyDelete
  2. බොටත් වාසනාවන්ත සුභ අළුත් අවුරුද්දක්...!!

    ReplyDelete
  3. කට බොරු කීවත්....

    කොල්ලා ඇත්තට ම බයවෙලා නේද ඉන්නේ?

    /* එක එහෙම වුනොත් 2016 කියන්නේ මගේ අවසාන සිංගල් අවුරුද්ද වෙනවාය.

    මේ ජීවත් වුනා ඇති ද කියලත් වෙලාවකට හිතෙනවා ය. */

    ReplyDelete
    Replies
    1. වෙන කොහොම කියන්නද රසික...
      ඇත්ත තමයි...

      Delete
  4. සුභ අළුත් අවුරුද්දක් වේවා

    ReplyDelete
  5. හැපි ෆීලිං ඇතිවෙන සුබ අලුත් අවුරුද්දක් වේවා විභී..!

    ReplyDelete
  6. පැතුම් ඉටුවන සුබ නව වසරක් වේවා

    ReplyDelete
  7. අවසාන සින්ගල් අවුරුද්දට ජයවේවා.

    ReplyDelete
    Replies
    1. අහෝ බේදයකි...

      එසේම වේවා

      Delete
  8. අපොයි එක එකාගේ බොරු කථා අහලා අමාරුවේ වැටෙන්න නම් එපා ගොයියෝ. 2017 සුබ අලුත් අවුරුද්දක් වේවා.

    ReplyDelete
    Replies
    1. එසේම වේවා , මල්ලියෝ..

      Delete

කමෙන්ට් කලාපය....