2016-01-11

ඔයා දන්නවද ?

දන්නවද කෙල්ලේ
කොච්චරක්  මම 
ඔයාට ආදරේ කලාද කියලා..


කී පාරක් නම් 
ඔයාගේ ඔය මූණ
මගේ හිතේ මැවී මැවී  
තිබුනාද කියලා...

ඔයා දන්නවද
පලවෙනි පාර දැක්කට පස්සේ ඉඳන්
ඊළඟට දකින වාරයක් පාසා
ටිකින් ටික ටිකින් ටික
මගේ හිතේ  ඔයා ගැන 
ඇතිවුනා කියලා...
පුංචි ම පුංචි ආදරයක්

ඔයා දන්නවා ද
සුදෝ සුදු නෝ වුනත්
ඔයාගේ ඔය සුන්දර මූන 
ඔයාගේ ඔය ලස්සන හිනාව 
දකින්නම කියලා හිතාගෙන
බලන්න ම කියලා හිතාගෙන
වැඩ නැතුවට වැඩ මවාගෙන

අඩුම තරමේ දවසට එකවතාවක් වත් 
අමාරුම නම් සතියකට එක වතාවක් වත්
ඔයාලා ගේ ඩිවිෂන්  එකට 
ඔයාගේ සීට් එක ගාවටම
මම ඇවිත් ගියා කියලා..??

ඔයා දන්නවාද ?
එහෙම ඇවිත් 
ඔයා එක්ක හිනා වෙලා 
ඔයා දිහා හොරෙන් බල බල
ඔය එක්ක හොරෙන් හිනා වෙවී..
වටේ හිටපු අයත් එක්ක කතා කරලා 
අර මවාපු වැඩ ටික ත් ඉවර කරලා
ඔයා එක්ක ආපහු හිනා වෙලා 
මම ගියේ දරා ගන්න බැරි සතුටකින් විත්තිය..

ඔයා දන්නවාද 
ඔයා මා එක්ක 
යන්තමින් හරි හිනාවුණා ම
මම කොයිතරම් වෙලාවක්
ඒ හිනාව 
හිතේ තියාගෙන උන්නාද කියලා...

ඔයා දන්නවාද
මොකක් හරි වැඩකට 
ඔයාලගේ ඔෆිස් එකට
කෝල් කරනවෙලාවක 
ෆෝන් එක අරගෙන
"ගුඩ් මෝනින්...." කියලා
ඔයාගේ නම කියනකොට
මම කොච්චර සතුටු වුනාද කියලා...

ඔයා දැනගෙන හිටියාද
උදේට වැඩට එනකොට වගේම
හවස වැඩ ඇරිලා ගෙදර යනකොටත්
ඔයා යන මගට 
අහුවෙන්නම කියලා හිතාගෙන
මම වැඩට එන්නේ ත්
ඕෆ් වෙන්නේ ත්
වෙන මොකක්වත් නිසා නොව
තව එක පාරක් ඔයා දකින්න
හිතාගෙනයි කියලා...

ඔයා දන්නේ නැතුවත් ඇති
දවසක්
ඔයා මගේ ඩිවිෂන්  එකට ඇවිත් 
වැඩ වගයක් කරගන්න 
දන්නේ නැතුව ඉන්නකොට
ඔය ලඟට ඇවිත්
ඒ දේ කරන හැටි කියා දෙනකොට
එකේ වරදින තැන් පෙන්නලා දෙනකොට
මම කොච්චර සතුටින් හිටියද කියලා..

ඇත්තම කියනවා නම් කෙල්ලේ
ඔයා දන්නවද
ඔයා නොදැන
ඔයා නොදැක
ඔයාට නොඇසී 
ඔයා ගැන ආදරයක් හිතේ හිර කරගෙන
එත් එක කියාගන්න බැරුව
ඔයා එක්ක එකට වැඩ කරන 
එක්තරා කොල්ලෙක්
හිතින් විඳගෙන 
හිටියා කියලා..

තව සති දෙකකින් ඔයා  බඳිනවා කියන
ආරංචිය ලැබෙන දවස වෙනකම්ම...

-
-
-
-
-
ඔව්...
දැන් ඉතින්
සේරම ඉවරයි..

කවුරුත්නොදැකපු
කවුරුත් නොඅපු
ආදරයක් හිතේ හිරකරගෙන
විහින් දුක් වින්ද මගේ මිස..
ඔයා ගේ අතේ නැහැ කිසිම වැරද්දක්
-
-
ඉතින් සුදා ..
අලුත් ජීවිතයට
අලුත්අනාගතයට
අලුත් පවුල් ජීවිතයට
පිළිගන්න මගෙන්
උණුසුම් සුබ පැතුම්....
-
-
-
-
මීට 
ඔබට නොදැනී...
ඔබට නොපෙනී..
ඔබට නොඇසී..
ඔබට පෙම් කල...

ඔබේ මිතුරු...(--------)


========================================================================================
සියල්ල සිදුවී දැනට  මාසයක් විතරය...
කතා කරන්න දෙයක් නැත...
තවත් එක විරහවක්...

---------------------------------
කවි රහ අඩු වීම ගැන කියෝපු හැමෝගෙන්ම සමාව අයදිමි.
වෙච්ච දේ ගැන හිත හිත ඉන්නැද්දී තමයි පාතින් තියෙන මේ සින්දුව ඔලුවට ආවේ...
කැමති කෙනෙක් රස විද ගියාට කමක් නැත....
https://www.youtube.com/watch?v=rorAVgCD2UI 

24 comments:

  1. තවත් හිතේ හිරකරගත්ත කතාවක් අවකාශෙට මුදාහැරලා ..පමා වැඩි .. අපරාදෙ මේ හැමදේම ඇය කලින් දැනගත්තනම් කියල හිතුන

    ReplyDelete
  2. මේ ලියපු ටික මීට කලින් ඔය කෙල්ලට කිවුවනම් අන්තිම ටික මීට වඩා වෙනස් වෙන්න තිබුනා.
    මොනා කරන්නද හිත හදාගනින් කොල්ලෝ.

    ReplyDelete
  3. සති දෙකක්? එච්චර කාලයක් තව තියෙනවද? පොඩ්ඩක් වත් පරක්කු නැහැ. දැන්වත් කියන්න. වෙන දෙයක් වෙන්න කියල හිතාගෙන දැන්මම කියන්න. විවාහය දවසට පෙරදා වෙනස් වෙච්ච අවස්ථා කොච්චර තියෙනවද. වෙනසක් නොවුනත් ඔබ උපරිම උත්සාහය දාපු නිසා පසුව පශ්චත්තාපයක් නැතිවෙයි.වහාම !! වහාම !!. කෝල් එකක් දෙන්න. මේ දැන්.

    ReplyDelete
    Replies
    1. ඒවා තියෙන්නේ හින්දි පිලුම් වල. මම හිතන්නේ නොකියන එක වඩා හොඳයි කියල. එතකොට මතකය ඉතුරු වෙනවා.

      Delete
    2. ඔන්න ඉයන් යාලු මිත්‍රකමුත් නැති කරගන්න පුලුවන් උපදෙසක් දීලා.

      Delete
    3. ඔන්න ඉයන් යාලු මිත්‍රකමුත් නැති කරගන්න පුලුවන් උපදෙසක් දීලා.

      Delete
    4. https://www.youtube.com/watch?v=Wc1Ak0ST_nk

      Delete
  4. ආදරය සුන්දර වරදක් කියන්නේ මේ නිසයි

    ReplyDelete
  5. බලන කොට මේ වගේ අත්දැකීම් ලබල තියෙන්නෙ අපට විතරක්ම නෙවියි වගේ :D ලස්සන , හිතට දැනෙන වදන වැලක් ! ස්තුතියි

    ReplyDelete
  6. සති දෙකක් ඉදිරියේ තියෙන කෙල්ලගේ විවාහය ගැනයි ඔබ දැක්කේ, අවුරුද්දකින් විතර පස්සේ මම දැක්කේ ගැබ්බරව ඉන්න​ මගේ සිහින දෙවඟනයි......

    ReplyDelete
  7. ඔය දැනෙන දේ තමා අාදරය...................... වෙන මොකක්ද??????

    ReplyDelete
  8. ආදරය කරන්න අයිති වෙන්නම ඕනෙද??
    ජයවේ විබි!

    ReplyDelete
  9. ඕව ගැන වැඩිය හිතන්න යන්න එපා බන් දැන් පරක්කු වැඩියි.
    මූදේ ඉන්නේ එක මාලුවද?

    ReplyDelete
  10. විරහව මාර රහයි.

    ReplyDelete
  11. විරහව මාර රහයි.

    ReplyDelete
  12. This comment has been removed by the author.

    ReplyDelete
  13. අනේ මන්ද විභි අයියත් ඇත්තම ලියලා....

    ඒක තමා මේ තරම් දුක හිතුනේ කියවලා... ඇයි ඇත්තමනේ

    ReplyDelete
  14. සිතින් විතරක්...
    ගනන් ගන්න එපා මචෝ, අපිටත් මෙව්වා කොච්චරනං වෙලා තියනවද?/

    ReplyDelete
    Replies
    1. හිසේ කෙස් ගාණට 'කුළුදුල්' ආදර කැඩිල ඇති නේද මචං

      Delete
  15. ලොබ බැඳි දා නුඹග සුවඳට
    කෑදර කමින් ඉව ඇල්ලා එදෙසට
    හුස්ම ගත්තද හිත පුරාවට
    නොදැනුනා නොවේයි ඒ
    අග පිපි මුවහතේ තියුණු බව
    නාස් පුඩු දෙකෙලවරට

    ඉසියුම්ම වේදනා නැගෙන කල
    සියුම්ම මිහිරක් වින්දෙමි ඒ තුල
    නුඹ නොමැති අද මගේ ලොව තුල
    කඳුළකින් දොවා නෙතගින් යවනු බැරි
    සුසුමකින් ඈතකට පාකර හරිනු බැරි
    මතකයේ හිඩැස් මෙතරම්ම රිදුම් දෙද

    තනිකම රසකි නුඹ මා හට ඉතිරි කල
    ඒ රස විඳිමි නුඹ ගැනම සිහි කර කර
    ආගිය තැනෙක මතකයේ නටබුන් අතර
    සිත ඇවිදුවන සැනෙන් නුඹ මගෙ අසල
    නුඹ ගිය ලෙසින් මතකයෙනුත් නොයන් සඳ
    මතකය පමණි හද ගැහෙනා එකම මග

    ReplyDelete
  16. මේක විරහවක් වෙන්නේ කෝමද???

    ReplyDelete
  17. හනේ! උඹටත් මෙහෙම වෙනවානෙ ඉතිං.

    ReplyDelete
  18. blogpower.info ඇඩ් කලා. දුක් වෙන්න එපා මල්ලි. ඕව ඔහොම තමයි.

    ReplyDelete
  19. කමෙන්ට් කරපු සියලු දෙනාට දෙවැනි විභීෂණ ගේ බලවත් ස්තුතිය....

    මූනට මූන හම්බවෙලා නැති වුනත් වචනකින් හරි දුක සතුට බෙදා ගැනීම ට සැට් එකක්ම ඉන්නවා කියන එක ලොකු සතුටක්..

    ReplyDelete

කමෙන්ට් කලාපය....