2015-07-15

හරි පුදුම ආප්පේ..

දහයට හැම තැනමත්
දෙසීයට එක තැනකත්
ගන්න තියෙන


බිත්තර දමන
ප්ලේන් දමන
ඉඳලා හිටලා
ප්ලාස්ටර් පැරිස් නොදමන

සමහරු ලුණු මිරිස් ද,
තව සමහරු සීනි ද,
එක්ක
බස බස ගා 
අඹරන , සූ සූ කියන 
දුම් පිඹින

කෙහෙල් ගෙඩියකින්
උණු උණු ප්ලේන්ටි යකින්
කාලා හමාර කරන

මොනා වුනත්
පහුවෙනිදා උදේ වෙනකොට
එලටම දිරලා තියෙන 

නෝමල් අපි හැමෝම කන 
ආප්ප 

වගේද


බිත්තර දමා 
තිබිලා තිබුන
ප්ලාස්ටර් පැරිස් ද 
වෙන මොනාහරිද 
දැම්මාද කියලා
කවුරුත් නොදන්න

ප්ලේටියකින් ඉවර
කරලා තිබිලා තිබුන

මොකක්දෝ එහෙකට ,

කාලා හමාර වෙලා
අට මාසයක් ගෙවිලාත්
එක ඇබින්දක් ,කුඩක් හෝ 
ඉරක්වත් තිතක් වත්
දිරලා නැති

එතුමා කෑ 
හරි පුදුම ආප්පේ..





26 comments:

  1. එව්වා එහෙමයි!!!!.............රාජකීය ඇත්තන්ගේ දීරවීම් ගැන කතා කරන්ඩ අපි කවුරුද අයිබෝවන්ඩ!!!
    ඒ ඇත්තලා එව්වා කරන්නේ අපිට කියලැයි!!! ඉස්සර ඉදලා වෙච්චි හැටියකට දෙන දෙයක් කාලා වෙන දෙයක් බලන් හිටියන් අහවරයි නොවැ!!

    ReplyDelete
    Replies
    1. එහෙම හිටියාම අහවරයි තමා...ආයේ නතින් ලේෆ්ට්

      Delete
  2. කනවනං අන්න මල්ලි ආප්ප!

    ReplyDelete
    Replies
    1. ජැකියා ට වත් බෑ ඔය ජාතියේ ආප්ප බාන්න...

      Delete
  3. ඒ වගේද ඡැකලින්ගෙ ආප්පෙ

    ReplyDelete
    Replies
    1. අම්මෝ..ජකීගේ ආප්ප නම් ඉතින් ආයේ...( කිව්වා කියලා හිතා ගනින්...)...

      Delete
  4. එතුමාට විතරයැ, අපිටත් දිරවගන්න අමාරුයි ඒ ආප්පෙ නං.

    ReplyDelete
    Replies
    1. බඩ කොන්ක්‍රීට් වෙලා...

      ත්‍රිපලා ටිකක් වත් හොයාගන්ට වෙයි..

      Delete
  5. ඔය ආප්පෙට ජප කරල ඇති...

    ReplyDelete
  6. එල ඈ...හ්...!!
    එතුමා කෑ හරි පුදුම ආා....ප්පේ...

    ReplyDelete
    Replies
    1. පුදුමෙනුත් පුදුම ආප්පේ..

      Delete
  7. ඒ කාපු ආප්පෙ හින්ද අජීරනේ හැදිල තියෙන්නෙ අපිටනෙ ඒකනෙ දිරවන්න බැරි

    ReplyDelete
    Replies
    1. ඔන්න ඕක තමයි බන් ප්‍රශ්නේ...උන් ආප්ප කනවා..අපිට දිරෝගන්න බැරිවෙනවා..

      Delete
  8. මමනම් හිතන්නේ එදා ඔතන ආප්ප ග/හදන්න ඇත්තේ ජැකී. ජැකීගේ ආප්ප කාපු එකෙක් පැත්ත පලාතෙවත් නොඉඳ යනවා.

    ReplyDelete
    Replies
    1. //ජැකීගේ ආප්ප කාපු එකෙක් පැත්ත පලාතෙවත් නොඉඳ යනවා. //
      -----කොහෙටද දන්නේ නෑ...

      Delete
  9. ආප්ප කෑවේ එකෙක්, බඩේ ගාය හැදුනේ පැත්තක හිටපු මිනිස්සුන්ට...

    ReplyDelete
    Replies
    1. එකෙත් පොඩි මෙව්වා එකක් තියෙනවා නේද බන්..??

      Delete
  10. ඒක ඉතිහාස ගතවන ආප්පයක් :D

    ReplyDelete
    Replies
    1. අප්පයක් කාලා මෙහෙම ගේමක් ගහන්න පුලුවන්නම් හීනටි හාලේ බත් එහෙම කෑවා නම් ආයේ ...ලොවෙත් ඉතින් යකෙක්ම තමයි...

      Delete
  11. ඇත්ත වශයෙන්ම මං ඒ කතාවේ තේරුම දන්නේ නෑ... දේශපාලකයකු සම්බන්ධ දෙයක් පමණක් බව ට අනුමාන කරමි හිටන්

    ReplyDelete
    Replies
    1. උඹ ඉතින් හිටගෙන අනුමාන කර කර හිටහන් හිටං..

      Delete
  12. ආප්ප... හරිම දරුණු කෑමක්.

    ReplyDelete
    Replies
    1. හිතවතුන් දුරස් විය හැක,,

      Delete

කමෙන්ට් කලාපය....