2016-04-10

සිවුරට බනින්න එපා ? ඇයි මොකද ? සිවුර උතුම් ද ?


සිරි ලංකාව වනාහි අන්ධයින්ගෙන් සපිරි සුපිරි මන්දබුද්ධික භූමියක් බව හැමදාම සිද්ධ වෙන නොයෙක් ආකාර මන්ද බුද්ධික වැඩවලින් තේරුම් බේරුම් කරගන්න ඇස ඇරගෙන කන් ඇරගෙන රටේ ලෝකේ සිද්ධ වෙන දේවල් දකින අහන මනුස්සයෙක්ට එච්චර අමාරු වැඩක් නම් නොවන්නේය.


ආගමික අන්ධ භක්තිය කොයිතරම් දුරට රට වෙලාගෙන ද කියනවානම් ඒ ආගමික නීච වශීබන්ධනයට අහුවෙච්ච එවුන් හැසිරෙන්නේ හරියට අර හොලිවූඩ් වල හොරර්(HORROR) ෆිල්ම් වල සොම්බී ලා වගෙය.
අවබෝධයක් නැත, තේරුම් ගැනීමක් නැත, සිතාබලීමක් නැත. තමුන්ගේ ආගමේ පූජකයින් ගේන් තොර ලෝකයක්, ජීවිතයක් ගැන හිතන්න්නෙත් නැත. ආගම ගැන හරියට දන්නේ ද නැත. ඔහේ ඇවිදිනවා පමණය.

හොලිවුඩ් සොම්බී ලා ඇවිදින්නේ මිනී මස්  හොයාගෙනය.
එත් මෙහෙ ඉන්න සොම්බීලා  ඔහේ ඇවිදිනවා පමණ ය.
සොම්බීලාව ලීඩ් කරන සිවුරු කාරයා හෝ ලෝගු කාරයා කියන්නේ මොනවා ද එක කරන එක මෙයාලගේ රාජකාරිය ය.

ආගමික හොර කල්ලි වල ඉන්න පූජක සනුහරේ මේ අහින්සකයින්ව කොච්චර දුරට අන්දලා ද කියනවානම් මේ අය  හිතන්නේ තමුන්ගේ ආගමේ ඉන්නා අදාළ පාට ලෝගුව හෝ සිවුර පොරෝගෙන ඉන්න හැමෝම රටේ නීතියටත් ඉහලින් ඉන්න අතිශුද්ධවූ ජීවීන් පිරිසක් කියලාය.
ඒ කියන්නේ ඕන බලු වැඩක් කරලා උනත් ඔතන් ඉන්න රෙද්දේ පිහිටෙන් යහතින් වැජඹෙන්න ඉඩ කඩ ප්‍රස්තාව රටේ තිබිය යුතුය.උන්ට විරුද්ධව ක්‍රියාකරන්න නීතියට අවසර නැත.

ඒ නිසා තමුන්ගේ ආගමට අදාළ යුනිෆෝර්ම් එක ඇඳන් ඉන්න කිසිම  කෙනෙක්ව ( ත්‍රස්තවාදියෙක්, ස්ත්‍රී දූෂකයෙක්, මිනීමරුවෙක්, වගේ ඕනෑම අපාරධකාර්යෙක් පවා) මෙයාලා විවේචනය කරන්නේ නැත.
ඒ වගේම ඒ වගේ තක්කඩින්ව විවේචනය කරන එවුන්ව රුස්සන්නේ ද නැත.

සිවුරු හෝ ලෝගු පොරෝ ගත්තු ව්නචරයින්ව නීතිය ඉස්සරහට ගෙනැල්ලා දඬුවම් දෙනකොට, ආණ්ඩුවේ බෝඩින් වල නවාතැන් දෙනකොට මෙයාලා කොච්චර වික්ෂිප්තභාවයට පත් වෙනවාද කියනවා නම්
මොනා වුනත් මොන දේ කලත් සිවුරට සලකපියවූ  කියා ලතෝනි දෙන්නේය.
උසාවි ඉස්සරහා පිස්සු කෙළිනේය. බස් යට බුදියා ගන්නේය.


විභීෂණ මෙහෙම ලියන්නේ පහුගිය දවසක මම ලියාපු අර "නීතියෙන් එක්සේප්ෂන් බලාපොරොත්තු වීම " කියන පොස්ටුවට උශාන් දේවින්ද කියන අපේ අලුත් බ්ලොග් මිත්‍රයා ඊයේ දමා තිබූ මෙන්න මේ අපූරු කොමෙන්ටුව නිසා ය.

[[ 

මේක අමනාපෙන් කොටන එකක් නොවේ හොදේ.........සිවුරට බනින එක නම් නවත්තාපන් මචෝ මම දන්නේ නෑ ඔබ මෙතන හාමුදුරුවන්ට බන්නේ ඇයිද කියලා එතුමා හඩ නැගුවේ අපි හැමෝම වෙනුවෙන් ඔයිට වඩා ජරා කුප්ප වැඩ කරන දේශපාලනය කරන එවුන් ඉන්නේ ඒ හිමියන් කොහොමත් එහෙම අර ගැනු කෙනාට බැන්න එක වැරදි එක මමත් පිලිගන්නවා ඔබ බුද්ධාගමද වෙනත් ආගමකද කියන්න මම දන්නේ නැ එත් ඔබට ඔය විදියට "සිවුරු හොරා " ලෙස බැනීමට කිසිදු සදාචාරාත්මක අයිතියක් නෑ .වචන පාවිච්චි කිරීමේදී ඔයිට වඩා ශිෂ්ට සම්පන්නව කටයුතු කලොත් නේද හොද ?

]]

මේ කොමෙන්ටුවෙ අර මම  උඩින් කියාපු "ආගමික සොම්බී" ටයිප් එකෙන් තර්ජනය කර නැතත් ඉල්ලීමකට වඩා එහා ගිය අවවාදාත්මක ස්වරූපයක් පෙනෙන්නට ඇත.
 "සිවුරට බනින එක නවත්තාපන් " කියා මට අවවාද දෙන්නේ "එතුමා හඬ නැගුවේ අපි හැමෝම වෙනුවෙන්" නිසාය.

සිවුරු හොරා ඇත්තටම හඬ නැගුවේ කවුරු වෙනුවෙන්ද, සිවුරු හොරාගේ කටින් ඇත්තටම කතා කලේ කවුද කියන එකත් සිවුරු හොරා හඬ නගන ඒ "අපි" යනු උශාන් , විභීෂණ වගේ සාමන්‍ය මිනිස්සු අයිති වෙන "අපි" කුලකය නොව දැනට එක්තරා වලව්වක ජනෙල් පොල්ලක එල්ලී වල පයයි ගොඩ පයයි තියාගෙන හුස්ම අදින වෙනත් ඇති විශේෂ "අපි" කුලකයක් බවත් උශාන්  වගේ සුළුතරයක් නොදන්නවා වුනාට රටේ බහුතරයක් දන්නා සරල  සත්‍යයක් ය.
ඒ ගැන අමුතුවෙන් අපි විස්තර කරන්න අවශ්‍ය නැත.
ඕනා තරම් බ්ලොග් පොස්ට් ඒ කාරනාව ගැන ලියවී ඇත. කිලෝ ගානට වුවත් ඉදිරිපත් කරන්න බැරි කමක් නැත.

උශාන් ගේ කමෙන්ට් එකට මම රිප්ලයි කලේ මෙහෙමය.

]]


උශාන්,
කතාව වැරදි තැනින් අල්ලගන එපා මචෝ.
සිවුරේ වැරද්දක් නැහැ. සිවුර පොරවන් ඉන්න හොරා ව තමයි මම විවේචනය කලේ.

සිවුරක් හෝ ලෝගුවක් පොරවන් ඉන්න හොරුන්ට "ස්වාමින් වහන්ස" , "ෆාදර් " කියා ගරු නම්බු දෙන්න මගේ කැමැත්තක් නැහැ. එහෙම කරන්න ඕන නම් අපි මිනිස්සු වෙන්න ඕනත් නැහැ..
 
]]


ඔතනදී මම දුන්නේ දෙන්න තිබ්බ සම්පූර්ණ  උත්තරය නොව එකේ සාරාංශයක් පමණය. 
මේ ලියන්නේ ඒ "සම්පූර්ණ උත්තරය "ය. උශාන් ගේ කමෙන්ට් එකේ කෑල්ලෙන් කෑල්ලට මට උත්තර ඇති නිසාමේ උත්තරෙත් කෑලි විදියටම දෙන්න කැමතිය. 

//සිවුරට බනින එක නම් නවත්තාපන් මචෝ //

සිවුරක් විවේචනය කරන්න තරම් අපි ඔල්මොට්ටලයින් නොවේය. අපිට එහෙම අසනීපයක් ද නැත.
ඒ සිවුර කියන්නේ රෙද්දක් මිස එතනින් එහාට යමක් නොවන නිසාය.
ලෝගුවත් එසේය. කළු ( හෝ සුදු ) පටියකින් වටවෙච්ච සුදෝ සුදු රෙද්දක් විතරය.
මේ දෙකේම තියෙන එකම වෙනස ඒවා ආගමික නායකයින් පූජකයින් අඳින සාම්ප්‍රදායික ඇඳුම් වර්ග දෙකක් වීම පමණය.
රෙද්දකින් අමුතු බලයක් කාටවත් කවදාවත් ලැබෙන්නේ නැත. 
එත් අපේ වාහෙලා හිතන් ඉන්නේ සිවුරක් ඇන්දාම නිවනට හැතැප්ම ගානකින් ලංවෙනවා කියලා ය.
ලෝගුව ඇන්දාම ස්වර්ගේ ගේට් පාස් එකක් ලැබෙනවා කියලා ය.

අපේ විවේචන තියෙන්නේ ඔය කියන රෙදි ඔතන් පඩත්තල වැඩ කරන වසලයින් ගැනය.

අපිට පන්සිල් වල අටසිල් වල එහෙම නැත්තන් දසසිල් වල මහාබල දේශනා කරලා , ඊළඟ දවසේ සිවුරු ඇඳගෙන කට ගොන්නක් බීගෙන වාහන එලොනකොට, එහෙම වාහන එලෝලා මිනිස්සුන්ව හප්පනකොට  සිවුරේ ගෞරවය රැකෙනවා ද ? එහෙම බීලා පොලීසියට අහුවෙලාදඩ ගහනකොට, හිරේ යනකොට මොකද සිවුරට මොනාහරි අපහාසයක් වෙනවාද?

මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියලා බන කියලා ඊළඟ දවසේ තවත් ආගමකට විරුද්ධව මිනිස්සුන්ව උසි ගන්නලා උන් ලව්වා අහිංසක මිනිස්සුන්ගේ ගෙවල් ගිනි තියවනකොට, මිනිස්සුන්ව මරවනකොට සිවුරේ ගෞරවය රැකෙනවා ද?
චෝදනාවලට සැකපිට අදාළ සිවුරු කාරයින්ව අත්අඩංගුවට ගන්නකොට, ප්‍රශ්න කරනකොට, ෆේස්බුක්, බ්ලොග් වගේ දේවල් වලින් ඒ බලු වැඩ විවේචනය වෙනකොට මොකද සිවුරු වලට මොනාහරි අපහාසයක් වෙනවාද?

ලෝගුව ඇඳලා ජේසු තුමාගේ ප්‍රේමය දේශනා කරලා ඊලඟ දවසේ ළමයි දූෂණය කරනකොට ලෝගු වල ගෞරවය රැකෙයි ද?
එහෙම නැත්තන් ඒ ලෝගු කාරයාව අත්අඩංගුවට අරගෙන නඩු අහලා හිරේ දානකොට මොකද ලෝගුවට මොනා හරි කැළලක් වෙයිද?

අසරණයින්ට පිහිට වෙන්න්නය, ස්වර්ග රාජ්‍යය ඔවුන්ගේය කියලා පූජාවේදී කියලා පල්ලියේ අලුත්වැඩියාව සඳහා ටයිල් කැටයක් රුපියල් දාහේ එව්වා මෙච්චරයටයිල් කැට  මෙච්චරක් යනවාය වහලෙට අච්චරක් යනවාය කියලා අයකැමි ජොබ් එක කරනකොට ලෝගු වල ගෞරවය රැකෙනවා ද?
අදාළ මුදල් ගනුදෙනු ගැන පරීක්ෂනයක් තියලා හරි හමන්ඔඩිට් එකක් කරනකොට මොකද ලෝගුවල හිල් හැදෙනවා ද?

අපි අහන්න කැමතිය.

//ඔයිට වඩා ජරා කුප්ප වැඩ කරන දේශපාලනය කරන එවුන් ඉන්නේ //
මේ අවවාදය හරි ශෝක් ය. ප්‍රීතිජනක ය.
කියන්නේ ආගමික නායක කාරකාදීන් කරන වැරදි වැඩ වැරදි නොවේය ඒ නිසා ඒ ගැන කලබල නොවී දෙශපාලුවෙක් කරන වැරද්දක් විවේචනය කරගෙන ඉන්නය කියලා ය.
ආගමික ලොක්කෙක් ගේ වුනත් දේශපාලුවෙක් ගේ වුනත් කගේ වුනත් කුප්ප වැඩ විවේචනය කරන එක , වැරැද්ද නම් වැරැද්ද කියලා කෙලින් කියන එක අපි එදා ඉඳන් අද වෙනකන් සහ හෙටත් කරන දේ ය.
තව දැනගන්න ඕනා නම් අපේ පැරාගේ බ්ලොග් එක , මාතලන් ගේ බ්ලොග් එක පැත්තේ රවුමක් දෙකක් ගහලා එන්නය කියලා ආරධනා කරන්නත් කැමතිය.
අපි කුප්ප වැඩ විවේචනය කරන අතර කුප්ප වැඩ කරන පුද්ගලයින්වද විවේචන කරන බව මතක් කරන්න කැමතිය.
එත් කිසිම වෙලාවක ඒ කුප්ප වැඩ කරන එවුන්ගේ තාරාතිරම , තනතුර, පක්ෂය,ආගම  වගේ කඩදාසි ලේබල් අනුව අනුව අපේ විවේචන වල සැර  බාල කරන්න ත් අපි සූදානම් නැති බවත් හැමෝම මතක තියාගත යුතුය.

//එත් ඔබට ඔය විදියට "සිවුරු හොරා " ලෙස බැනීමට කිසිදු සදාචාරාත්මක අයිතියක් නෑ//
එක හරි පුදුම සදාචාරාත්මක අයිතියක් ය. හරියට මරාගේ උසාවි වගෙය.
එක ලෙවල් එහෙක එවුන්ට ඕන මගුලක් කරන්න කියන්න ඕන තරම් සදාචාරාත්මක අයිතිවාසිකම් ඇති අතර තව කට්ටියකට ඒ තරම් අයිතිවාසිකම් නැත.
ඔය චෝදනාවට "එක එහෙමනම් මෙව්වා කොහොමද"ජාතියේ ප්‍රශ්නෙකින් උත්තර දෙන්න කැමැතිය.

සිවුරක් ඔතාගෙන එක වතාවක සුරාමේරය මජ්ජපමා ධාට්ඨාන කියලා දේශනා කරලා තව වතාවක බීල වාහන එලවන්න, එහෙම නැත්තන් එක වතාවක සැමට මෛත්‍රිය දක්වන්න කියලා දේශනා කරලා ඊළඟ වතාවේ "තොපිට අබ සරණයි" කියල වෙනත් ආගමක් අදහන මිනිස්සුන්ව බය කරලා තමුන්ගේ තක්කඩි සේනාව ලව්වා උන්ගේ ගෙවල් ගිනි තියලා සමහරුන්ව මර වන්න , එහෙම නැත්තන් උසාවි භූමිය අතුල්දීම නඩුකාරයින්ට තර්ජනය කරන්න , ගෑනු බය කරවන්න ඒ ගනින්නාන්සේලාට තියෙන්නේ මොන ජාතියේ සදාචාරාත්මක අයිතියක්ද කියලා අපි දැනගන්න කැමතිය.

හොරුන් තක්කඩි සිවුරුලෝගු ඔතාගෙන තක්කඩි සක්කිලි වැඩ කරන කොට එව්වා විවේචනය කරන්න සදාචාරත්මක අයිතියක් අපි මල්වතු අස්ගිරි හාමුදුරු වරුන්ගෙන් හරි , කාදිනල් තුමන්ගෙන් හරි සල්ලි දීලා හරි ණයට හරි ඉල්ලගන්න ඕනද ?

// හිමියන් කොහොමත් එහෙම අර ගැනු කෙනාට බැන්න එක වැරදි එක මමත් පිලිගන්නවා//
ඒ කියන්නේ සිවුරුහොරා කලේ වැරද්දක් කියලාත් උෂාන් පිළිගත්තත්  වැරැද්ද කලේ සිවුරෙක් නිසා එක විවේචනය කරන්න සැලකිය යුතු තරමේ බයක් තිබෙන බවය. මේ ගැන අපිට තියෙන්නේ අනුකම්පා කරන එක විතරය.
සිවුරෙක් හෝ ලෝගුවෙක් වැරද්දක් කරනකොට එක විවේචනය නොකර නිහඬ වීම රටක සමාජයක තියෙන වහල් භාවයේ කදිම නිදසුනක් ය.

ඕක තනිකරම අපේ මහා ලොකු සගිස්කෘතියේ වැරැද්ද ය.

හාමුදුරුවන් ව සුවාමි ලාව අනුගමනය නොකර ආශ්‍රය නොකර අදහන්න පුරුදු කලේ ඔය කියන ස්ගිස්කෘතියෙන් ය.
ආගමේ මූලික හරයන් වලට වඩා යහපත් සංකල්ප වලට වඩා  වත්පිළිවෙත් , පූජකවරු, පූජා, තෙවාවල් වටිනා බව ඉගැන්නුවෙත් ඔය කියන ස්ගිස්කෘතියෙන් ය.
ගෙයක් නැති අසරණ පවුලකට ගෙයක් හදා දෙනවාට වඩා පන්සල් වලට රත්තරන් බෝ කොළ, රත්තරන් වහල වල් වගේ දේවල් පූජා කරන එක , පල්ලි වලට දාහේ ගුනකාරවලට ටයිල් කැට අරන් දෙන එක මහා පිනක් කියලා ඉගැන්නුවේ ඔන්න ස්ගිස්කෘතිය මය.

ඒ නිසා මනුස්සකම් රැකගෙන මනුස්සයෙක් විදියට ජීවත් වෙන්න සංස්කෘති අවශ්‍ය නැත. 
එක්කම අපේ අවුරුදු ගානක සංස්කෘතිය මේකය,සදාචාරය මේකය හැමදේම කරන්න ඕන මේකට අනුවය මේකෙන් පිට එකෙක්වත් වැඩනොකළ යුතුය , එහෙම එකෙක්හරි පිට පැන්නොත් කරන දේ බලාගන්න පුළුවන්ය කියලා නීති දාන්නත් එක බල්ලෙක්ටවත් බැරිය.


//වචන පාවිච්චි කිරීමේදී ඔයිට වඩා ශිෂ්ට සම්පන්නව කටයුතු කලොත් නේද හොද//

බල්ලෝ බලු වැඩ කරනකොට, සක්කිලියෝ සක්කිලි වැඩ කරනකොට තක්කඩියෝ තක්කඩි වැඩ කරනකොට සිවුරු හොරු ලෝගු හොරු පඩත්තල වැඩ කරනකොට එව්වා  විවේචනය කරන්න වැරැද්ද මොකක්ද කියලා පෙන්නන්න ඔය කියන "ශිෂ්ඨ සම්පන්න" වචන පොකුරු වලින් බැරිය. එව්වයින් වෙන්නේ වැරැද්ද කරපු එකා තව උඩ  යන එක විතරය. 
බ්ලොග් වල ශිෂ්ඨ සම්පන කම තියෙන්නේ වචන වල නොව අදහස් වලය.ඒ නිසා වචන නොව  අදහස් අල්ලා ගන්න කියලා උශාන්ට ත් ඒ වගේ අනිත් හැමෝටමත් අරාධනා කරන්න විභීෂණ කැමතිය. 



අවසානයේ කියන්න තියෙන්නේමේ වගේ දෙයක් ය.
නානසාර වගේම ඉත්තාකන්දා වගේ එවුන් හාමුදුරුවරු කියා සලකන්න විභීෂණ වගේම රටේ බහුතරයක් කැමති නැත.
එහෙම සැලකුවොත් ආනන්ද මෛත්‍රී, මඩිහේ පන්ඥාසීහ, රේරුකානේ හාමුදුරුවෝ වගේ බොහොම සිල්වත්, ශාන්ත , හැමෝටම මෛත්‍රී කරන ඇත්තටම බුදුන් සරණ ගිය සංඝයා වහන්සේලාට තදබල ලෙස අපහාස වෙන නිසා ය.ඒවා ජාතිජාති  පඩිසන් දෙන පාප කර්මයන් වන්නේය.
නාන්සාර වගේ සිවුර ඇතුලේ ඉඳන් සිවුරට් කෙලින එවුන්ව විවේචනය කරන්න ප්‍රධාන ධාරාවේ මීඩියා පතෝල මැහි වලට බැරි වුනාට තාමත් අපිට පුළුවන් ය.
ඔය පතෝල මැහි ඇතුලේ තියෙන ඊනියා සදාචාර, මාධ්‍ය ආචාරධර්ම මෙහෙ නැත. ගෙනෙන්න හදන්නත් එපාය.

බ්ලොග් කියන්නේ "ගරු සරු නැති මාධ්‍ය අවකාශයක්" ය. 
එක අනිත් සාම්ප්‍රදායික ප්‍රධාන මාධ්‍ය වලින් වෙනස් වෙන්නේ ඒ නිසා ය. 
සරල ම එක්ස්ප්ලනේෂන් එක ඒකය .

------------
පසු වදන-

උශාන් ගේ කමෙන්ට් එකේ කොටස් බේස් කරගෙන මිස උශාන් කියන පුද්ගලයාට විරුද්ධව පටු චේතනාවෙන් මේ පොස්ටුව ලියා නැත.
මොක කොහොම වුනත් කැමති තොප්පිය කැමති විදියට දමා ගැනීම කියෝන ඔබලාට භාරය.

එහෙනම් අදට ඇති වගේ...

ගිහින් එන්නම්...





64 comments:

  1. සිවුර දැන් නිකං යට සායක් වෙලා.

    ReplyDelete
    Replies
    1. වයසෙ වැරැද්ද

      Delete
    2. විචෝ, කතාව ඇත්ත.
      දැන් සිවුර කියන්නේ ගොඩක් වෙස බල්ලන්ට හෙළුව වහගන්න තියෙන තවත් එක රෙදි කෑල්ලක් විතරයි.

      Delete
    3. ඇණයෝ , උඹ මොකද? විචාගෙන් කෑම වේලක් කන්න මනාපද?

      Delete
  2. කොහොම උනත් මා මිතුරාට අලුත් පොස්ටුවක් ලියන්න පොටක් පෑදුනා නොවැ...ලංකාවේ තම ආගමේ කියන විදියටම ඉන්න එක ආගමයි මම දන්න විදියට තිබෙන්නේ ඒ ඉස්ලාමය පමණයි.

    බුදු හිමි දේශනා කොලේ විනයෝ නාම සාසනස්ස ආයු කියල නේ විනය තිබෙන කල් සාසනයත් රැකේ හරි හරි මම මෙතන කවුද වැරදි කවුද හරි ,කවුද කඩේ ගියේ කාටද කඩේ ගියේ කියලා හොයන්නේ නෑ.

    කොහොම උනත් ඔබ දරන්නේ රටේ හැමෝගෙම මතය කියල නේ ඔබ කියන්නේ

    ඒ මතය බලා ගන්න පුළුවන් තව අවුරුදු 10 කින් ඒ වෙන කම් ජීවත් වෙලා හිටියොත් මම නැවත මේ ලිපියට අදහස් දක්වන්නම්

    කිසි කෙනෙකු සර්ව සම්පුර්ණ නොමැත .විවේචනය කිරීම ඔබ සතුයි ඊට මගේ හිත් අමනාපයක් නොමැත.

    එත් අප මේවාද දැකිය යුතුය

    මා එක දෙයක් කියනට කැමතිය ....බිහිවෙන හැම පාලකයාම මුසල් මානුවන්ට බයයි

    උන් උද්ගොසන කොලොත් කදුළු ගෑසුත් නෑ රබර් උන්දැත් නෑ එත් අපේ අය හි හි ..ඕකට හොද කතාවක් තියනවා....තෙල් ටික නැති උනොත් නේ වාහනයක් වත් දුවලා ඉවරයි නේ ඇයි ජාතියන්තරය...ගුලි ගැහිලා මේ රටටම වෙලා ඉමු උන්ට කෙලින්න ගියොත් මැද පෙරදිග ජොබ් ටික ...අපේ ඇරපල්ලා අපි අරින්නේ නෑ හොදේ ....

    ReplyDelete
    Replies
    1. //තම ආගමේ කියන විදියටම ඉන්න එක ආගමයි මම දන්න විදියට තිබෙන්නේ ඒ ඉස්ලාමය පමණයි.//
      ---------------ඇත්ත. එත් කුරාණයේ මොන බයිලේ තිබ්බත් අන්තවාදයක් කරේ තියා නොගෙන අන්‍යාගමිකයින් එක්ක බොහොම සමාදානයෙන් ජීවත් වෙන මිනිස්සු වැඩියි.

      //අලුත් පොස්ටුවක් ලියන්න පොටක් පෑදුනා නොවැ//
      ---------------පොස්ටුවක් ලිව්වේ ලියන්න දෙයක් නැති කමට නොව මෙහෙම දෙයක් නොලියා බැරි කමටයි. මෙච්චර දිග සටහනක් කමෙන්ට් බොෂ් වල දාන්න බැහැනේ.

      //විනය තිබෙන කල් සාසනයත් රැකේ//
      ---------------බුදුන් ගේ ඒ වචන දැන් ඇත්ත වේගෙන යනවා. සාසනේ ට විනයක් නැති නිසා මේ වෙනකොට නැතිබන්ගස්ථාන වේගෙන යන්නේ.

      //ඔබ දරන්නේ රටේ හැමෝගෙම මතය කියල නේ ඔබ කියන්නේ//
      ---------------කිසිම තැනක කියලා නැත. පුළුවන් නම් හොයා දෙන්න.

      //බලා ගන්න පුළුවන් තව අවුරුදු 10 කින්//
      ---------------බලමු. මේ යන විදියට එදාට බුද්ධ සාසනයක් නැහැ. ඉන්නේ සිවුරු පොරෝගත්තු මදාවි ජුන්ටාවක් විතරයි. එදාට ඒ ගැනත් කතා කරමු.

      //බිහිවෙන හැම පාලකයාම මුසල් මානුවන්ට බයයි//
      ---------------ඇත්ත. එහෙම වෙන්න හේතුවත් ඔබම ලියා තියෙනවා. මද පෙරදිග රස්සා ටිකයි තෙල් ටිකයි තමයි.
      මෙහෙ ඉන්න නපුංසක පිරිමි බහුතරය තමුන්ගේ ගෑනි අරාබියට යවාලා ඒකි එහෙ මැරිලා මැරිලා එවන සල්ලි වලින් මෙහට වෙලා ආතල් ගන්නවා.
      අපි ඔක්කොම රජවරු කිය කියා පාරම් බබා, අවුරුදු දෙදාස් පන්සීයක වංශයක් කබල් ගාන සොකඩ සමාජයක් තියෙනකල් මුසල්මානුවන්ට, අරාබියට විතරක් නෙමෙයි ඇමෙරිකාවට , එංගලන්තෙට පවා වැඳගෙන ඉන්න තමයි අපිට වෙන්නේ.

      //අපේ ඇරපල්ලා අපි අරින්නේ නෑ හොදේ//
      ---------------උඹලට අපි අරින්නේ නැහැ බන්. උඹලාට ඇරිලා තියෙන විදිය එකේ වේදනාව උඹලා එක්ක කතා බහ කරනකොට අපිට තේරනෙවා. හොඳ තැනකින් බෙහෙතක් හොයාගනින්.

      Delete
    2. මං මෙතැනදි උශාන්ගේ අදහස් කෙසේ වෙතත්, වාදයට එළැඹි විදියට අතිශයින් කැමතියි..

      Delete
  3. Obe adahas walata mulumaninma ekangayi!Siwurata ho loguwata ghawrawaya laba denne eya darana thnaththayi. .Nathnam eka nikamma nikam redi kadamallak pamanayi!

    ReplyDelete
    Replies
    1. මගේ අදහස තේරුම් ගැනීම ගැන බොහොම සන්තෝසයි

      Delete
  4. පොලිසියේ සමහරක් සහ මහා සංඝයා ගෙන් ඉතා සුළු කොටසක් ඇඳුමක් වගේ කරේ දාගත් පමණින් අන් අයගේ ක්‍රියා, සිතිවිලි පාලනය කරන්න අයිතියක් සහ තමන් නීතියට උඩින් යයි සිතාගෙන තමන් මොන වරදක් කලත් ඒවා වැරදි නැති යැයි සිතාගෙන ඉන්නා මැජික් සළු පොරවගන්නා හැමෝටම ඔබ කියන දේ අදාලයි.

    ඒවා ගැන නැගී නොසිට යටි අරමුණක් ඇතිව හෝ නැතිව ඒවා විවේචනය කරන අයගේ වැරදි දකින වැරදි කථා කරන අයත් සමාජය විනාස කිරීමට දායක වන පිරිසක්.

    ReplyDelete
    Replies
    1. අපිව විවේචනය කරන අපිට රෙද්දේ සදාචාර ආචාර ධර්ම උගන්නන්න එන ගොඩක් එව්වෝ කාගේ හරි සිවුරෙක් ගේ ලෝගුවෙක්ගේ නැත්තම් තව මොකෙක්ගේ හරි "උන්නාන්සේ" කෙනෙක්ගේ ලනු ගිලලා එන්නේ.
      උන් දන්නේ නැහැ උන්ට තේරෙන්නේ නැහැ හදන්න ඕන අපිව නෙමෙයි උන්ට ලනුව ගිල්ලොපු එවුන්ව කියලා..

      Delete
  5. තදින්ම මැස්මරයිස් වෙලා....බත් කවන අතකින් විෂක් කවන කොට ඕකයි වෙන්නේ....විෂක් කන බව ළපටි සිත් අඳුනන්නේ නැහනේ. තම දරුවාට වෙන්න යන දේ, එදා දෙමාපියන් පවා මයිම් කලේ නෑ. ඒ දවස්වල​, දෙගුරුන් දැනුවත්ව ​රජයේ පාසැල්වල ඔය විකාර සාමාන්‍යව කෙරුනා. ඔය තත්වය මග ඇරෙන්න දසක දෙකක්වත් යයි කියල හිතේ.

    ReplyDelete
    Replies
    1. මෙන්න ඒ දවස්වල මේ ගැන මට හිතුන දේ ලියූ බ්ලොග් පෝස්ටුව​http://unmanthaka.blogspot.com/2015/07/blog-post.html

      Delete
    2. ඇත්ත.
      අපේ ඉස්කෝල වලිනුයි පන්සල් පල්ලි වලිනුයි තමයි ඔය විෂ කැවුණේ.
      ගෙදරින් වුනේ ඒ විෂ ගානට පාඩම් කරලා සුදුසු මාත්‍රාවකට ෆයින් ටියුන් කිරීමයි.

      -------------
      ඔබේ ඒ පැරණි බ්ලොග් පොස්ට් එක අදට වගේම හෙටටත් වලංගුයි.
      බෙදා ගැනීම බොහොම අගය කොට සලකනවා

      Delete
  6. දැනුදු සුපේශල බුදුමග යන හාමුදුරුවරුන් හිඟ නැතත් හඬක් නැති වීම මහ දරුණු සාපයක් වෙමින් තියන යුගයක් තමා විභීෂණ11

    ReplyDelete
    Replies
    1. අන්න එක තමයි ප්‍රශ්නේ. මමත් දන්නා ගුණවත් සිල්වත් හාමුදුරුවරු රාශියක් ම ඉන්නවා. එත් එයාලා නිස්කාරනේ මහා පාරට බැහැලා පිස්සු කෙලින්නේ නැහැ. ඇත්තම කිව්වොත් ඒගොල්ලෝ බුදුන්ගේ මග හරියටම යන්න උත්සහ කරනවා. බුදුන් වහන්සේ ඉගැන්නුවේ සංසාර දුකින් මිදෙන ක්‍රමයක්. අපේ උන් හිතන්නේ එක ආගමක් කියලා. ඉතින් දුකින් මිදෙන ක්‍රමය අතැරලා ආගම රැකගන්න වැලි කනවා. තමුන්ට නැතිවෙන්න්නේ මොකක්ද කියලා තේරුම් යන්නේ ඉතින් සංසාරේ කරක් ගහනකොට තමයි.

      Delete
  7. Replies
    1. මොකක්?
      කවුද අසනීප වෙලා ඉන්නේ?

      Delete
  8. සිංහල රජ කාලයේ සංගායනාවලින් පමණක් නොව සිවිල්/රාජ නීතිය යටතේද සිවුරුදාගෙන හිටපු උන්ට දඬුවම් කර හෝ එලවා දමා ඇත.
    මොකද මේ හදිස්සියේ දැන් විතරක් සිවුර දාගෙන ඉඳීම කරන වැරදිවලට දඬුවම් විඳීමෙන් හෝ බැනුම් ඇහීමෙන් බේරීමට කාරණයක් වෙන්නේ? දැන් ඉන්න උන් ඉස්සර හිටපු උන්ට වඩා සිල්වත්ද?

    ReplyDelete
    Replies
    1. අර එකෙක් රහත් වෙලත් ඉන්නේ.
      මේ ඉන්න එවුන් මොනා වෙලාද දන්නේ නැහැ..

      මෙහෙම් ගියොත් ප්‍රා, මේ රට මුස්ලිම් වරුන්ට විතරක් නෙමේ කොන්ෆියුසියස් කාරයින්ට පවා යටවෙන්න පුළුවන්.
      ඒ මොකද කියනවා නම් උන්ට අතුගාගන්න බැරුව ලතවෙන බුද්ධ ධර්මය හරි අපූරුවට මේ කහකඩ රොත්ත සහ බත් බැල සේනාව අතුගාලා වැකුම් කරලත් දෙනවා.

      Delete
  9. ඉස්සර සංඝයාවහන්සේලාට තිබ්බ ගෞරාවය අද වෙද්දී නැහැ.හ්ම්ම් .. විනය පිළිබඳ ප්‍රශ්නයක්

    ReplyDelete
    Replies
    1. එක තමයි.
      ගෞරවය නැති කරගන්නේ එයාලමයි.

      Delete
  10. හැමෝගෙම අදහස් වටිනවා.මෙතනදී මා උත්සාහා කොලේ නිකම්ම හොද ලිපියක් කියලා හෝ අදහසක් ඉදිරිපත් කොරලා යනවට වඩා සංවාදයක් ගොඩ නැගීමටයි.

    එක එහෙමම වෙච්චි ඇත්තටම කවුද ඇත්ත කියන්නේ බොරු කියන්නේ කියන එක හැමෝගෙම අදහස් වලින් හොයා ගත හැකි

    සාසනය සහ එය පොරවා ගත් අය කරන දේවල් අපටද නොපෙනනේවා නොවේ....මොකෝ මම මැරිලා ඉපදුන නොවේ නේ මගේ මිත්‍රයා... කෙසේ හෝ වේවා...ව්චාරය කල යුතු තැන විචාරය කිරීම මා මිතුරාගේ හැටි බව මා දන ගත්තෙමි වැරැද්ද නම් කවුරු කලත් එකයි.

    ReplyDelete
    Replies
    1. //වැරැද්ද නම් කවුරු කලත් එකයි.//
      --------වැරැද්ද වැරද්දක් කියලා අපිට සුළුවෙන් හරි දැනෙනවා නම් පුළුවන් විදියට එකට විරුද්ධ වෙන්න ඕනා.

      Delete
    2. ඔබ වගේ අලුතෙන් බ්ලොග් වලට සම්බන්ධ වෙච්ච කෙනෙක් මේ වගේ සංවාදයකට මුල් පිරීම බොහොම වටිනවා.

      Delete
  11. අපේ ඇරපල්ලා අපි අරින්නේ නෑ කියන දෙයින් මා අදහස් කලේ මුසල් මානු අන්තවාදීන් අපේ පන්සල් කඩා දමමින් ඔඋන්ගේ පල්ලි ඒවා තුල දිකරමින් යන ගමන ගැනයි. එත් කිසිම පාලකයෙක් ඒවා ගැන කතා නොකරයි.අප කතා කොලොත් ජාති වාදියා කියයි. උන් අරිනකන් බලා ඉදීම අපේ දේශපාලනයේ හැටිනේ එකයි මම කියන්න ගියේ .
    /..........අනිත් දේ තමා බේරුවල සිද්දියේ කුරුද පලමුවේනම් පා ගමනට ගල් ප්‍රහාරයක් එල්ල කලේ මුසල් මානුවෙක් නේ උන් සිංහල ගෙවල් ගිනි තිබ්බා කෝ උන්ට දඩුවම් එත් අපේ එකෙක් කොලා නම් මෙලෙහකට එල්ලා මරලා

    අයි ඔබ අපෙන් වෙන වැරැද්ද විතරක් කතා කරන්නේ ඔබ කියනවා ජාතිවාදය හොද නෑ කියලා ඔඋන් කරන ජාති ආදී වැඩ ඔබට පෙනෙන්න නැතෙයි.
    අනිත් කරණය නම් මුසල්මානුවන්ගේ සල්ලි වලට යට උන වටරැක විජිත් හිමි ජාතිය සාසනය පාවා දෙන හැටි වීඩියෝ වලින් නුබ නොදුට්වෙහිද මා මිතුර කෝ ඒවාට සංවාද
    මෙතන මට පෙන හැටියට ඔබ යහපාලානේ විය යුතුය මහින්ද නඩේත් එක්ක තිබෙන තරහට ඔබ ඒ හිමියන්ගෙ පිටින් අරින්නයි ලෑස්තිය මෙතන තියෙන්නේ සාසනය පිරිහෙන කතාව නොවේ ඒ මතින් ඊට යටින් දුවන දේශපාලන තත්වයක් හැටියටයි මට පෙන්නේ කෙසේ හෝ වේවා හිත් අමනාප කම් නම් තියා ගන්න එපා මා මිතුරේ ..බුදුසරණයි !

    ReplyDelete
    Replies
    1. // වටරැක විජිත් හිමි ජාතිය සාසනය පාවා දෙන හැටි වීඩියෝ වලින් නුබ නොදුට්වෙහිද මා මිතුර කෝ ඒවාට සංවාද //

      පෝප් හයවන ඇලෙක්සැන්ඩර් කියනා මහනායක තුමා ගේ හොරගෑනිගේ පුතා වන සීසර් බෝර්ජියා කියනා සාමනේර නම ට බිසොප් කමක් ද ඉන් පසු කාඩිනල් කමක් ද ලබාදුන්නාට විරුද්දව ඒ කාලේ බ්ලොග් වල විරෝදතා දැක්වූවා අපට මතකය!

      Delete
    2. @ USHAN
      අපේ දේශපාලනය යනු අනුන් ලව්වා තමුන්ට නොව තමුන්ගේ මිනිස්සුන්ට ඇරවීමයි.

      ඔය බේරුවල සිද්ධියෙදී උන් ගල් ගැහුවා, උන් අපේ එවුන්ගේ ගෙවල් ගිනි තිබ්බා .ඇත්ත.
      එතකොට අපේ එවුන් මොනාද කලේ? ඇත්තම කිව්වොත් අපේ එවුන් මොනාද නොකළේ?

      උන් ගල් ගහන එක , උන් අපේ එවුන්ගේ ගෙවල් ගිනි තියන එක උඹට වැරදි නම් අපේ කහකඩයෝ ගිහින් "තොපිට අබ සරණයි" කියලා මිනිස්සු අවුළුවන එක, අපේ එවුන් ගිහින් මුස්ලිම් ගෙවල් ගිනි තියන එක උඹට හරි ද? එතකොට වැරැද්ද තියෙන්නේ ඒ සිද්ධි වල ද උඹ ඇතුළෙද?

      අන්න ඒ දේටයි විරුද්ධ වෙන්නේ.

      //වටරැක විජිත් හිමි ජාතිය සාසනය පාවා දෙන හැටි වීඩියෝ වලින් නුබ නොදුට්වෙහිද මා මිතුර කෝ ඒවාට සංවාද //
      --------වටරැක මොහොමඩ් විජිතයා මානසික රෝගියෙක් කියලා දන්නවා ඇතිනේ. ඌගේ වැඩ ගැන මට වැඩිපුර ලියන්න ලැබිලා නැති වුනත් මටත් කලින් ඉඳන් තියෙන දේශපාලන කාලීන සංවාද බ්ලොග් වල ඇති තරමට ඒ ගැන සංවාද කෙරී ඇත. වෙලාවක් ලැබුනොත් ඒ ජාතියේ බ්ලොග් ඇතුලේ පැරණි පොස්ට් වලට යන්න . ඕන තරම් හම්බවෙයි. ආපහු වතාවක් පොර එලි බැහැල බලු වැඩ කරන්න පටන් ගත්තොත් ලියන්න පුළුවන්.
      ආ තව එකක්. උඹට දකින්න ඕන කරන විදියේ පොස්ට් අපේ අතින් ලියවෙන්නේ නැති වෙයි. අපි කවුරුත් තව කාටවත් ඕන විදියට පොස්ට් ලියන්නේ නැහැ. උඹේ තර්කය උඹේම බ්ලොග් පොස්ට් එහෙකින් ගොඩනගන්න. එතනින් එහාට ආර්ගියුම්න්ට් කරන්න පුළුවන් අපි හැමෝටම.
      ඔය ටෙක් බ්ලොග් එක පැත්තක දාලා වරෙන් අලුත් බ්ලොග් එහෙකින් ඔය නමින්ම හරි ෆේක් නමකින් හරි කමක් නැහැ.
      අර එප රසික නානායක්කාර කියනවා වගේ "එන්න අපි කතා කරමු"
      ඒ වගේ සංවාදයකට බොහොම සාදරයෙන් පිලිගන්නවා.

      Delete
  12. ඩාවින්චි කෝඩ් චිත්‍රපටේ ලන්කාවේ පෙන්නන එකට විරුද්දව මහපාරේ ගිනිතියාගන්නවා කියා නැටුම් නැටූ පූජකපක්සයක් ද හිටන් සිටිමි!

    ReplyDelete
    Replies
    1. සරසෝ, උඹේ කතාව නම් ඇත්ත.
      ඩාවින්චි කෝඩ් එකෙන් කතෝලික සභාවට කෙලවෙනවා කියලා කට්ටියක් රිව්වා තමයි මහපාරේ. මොකක්හරි කරුමෙකට ආණ්ඩුවත් අර "ප්‍රධාන ධාරාවේ" හින්දා ෆිල්ම් එක නැවැත්තුවා.
      එකෙන් වුනේ ඩාවින්චි කෝඩ් එකේ VCD , DVD බිස්නස් එකයි , එකේ නෙට් ඩවුන්ලෝඩ් රේට් එකයි බලන් ඉන්නැද්දී වැඩිවෙච්ච එක විතරයි.
      මාත් හොයලා හොයලා ඔය ෆිලුම් එකේ VCD එක අරන් බැලුවා(ඒ කාලේ අපිට DVD තිබ්බේ නැහැ) .
      එකෙන් ජේසුතුමාගේ දර්ශනයට , ඉගැන්වීම් වලට කිසිම හානියක් වෙන්නේ නැහැ. එත් ඉතින් එතනින් පහල ඉන්න සුදු රෙදි හොරුන්ටයි උන්ගේ "ආගමටයි" ටිකක් දරුණුවට වදිනවා.
      ඒ පූජ්‍ය පක්ෂය නම් තාමත් හිටන් ඉන්නවා නේද?

      Delete
  13. කතෝලික පල්ලියනම් විවේචන හා බැණුම් වලට අතීතයේ සිටම ලක්වෙනවා. අතීතයේ හිටපු සමහර පෝප් ලා තරම් දූශිත ආගමික නායකයන් හොයා ගැනීමටත් අපහසුයි. http://www.goodreads.com/book/show/638250.The_Bad_Popes
    (available in RAS library Colombo)
    කතෝලික පල්ලිය අතීතයේ ප්‍රොතෙස්තන්ත ක්‍රිස්තියානීන්ගේ දැඩි වයිරයට හා පහරදීමට ( දෙපැත්තටම පොදුයි ) ලක්වීමෙන් වැරදි අඩු කරගත්තා වගේම දැන් කාලයේ වැරදි කරන පූජකයන්ට විරුද්ධව දැඩි පියවර ගැනීමෙන් මෙන්ම වැරදි වලට ප්‍රසිද්ධියේ සමාව ගැනීමත් නිසා ආගමට හොඳක් මිස නරකක් නොවේ.

    ස්වයං විවේචනය මෙන්ම තමන්ගේ එකාගේ වැරද්ද පිට එකාගේ වැරද්දටත් වඩා දැකීමෙන් හා විවේචනය කිරීමෙන් හා එයට විරුද්ධවීමෙන් තම ආගමට දීර්ඝ කාලීන හොඳක් හොඳක් මිස නරකක් නොවේ.
    වැරදි හංඟා ගෙන සිටීම හා කියන එකාට බැනීම හෝ වෙන ආගම් වල අච්චර මෙච්චර තිබේ අපිට විතරක් කියන්නේ මොකද කීමෙන් තමන්ගේ ආගමට වන්නේ හානියකි

    ReplyDelete
    Replies
    1. //ස්වයං විවේචනය මෙන්ම තමන්ගේ එකාගේ වැරද්ද පිට එකාගේ වැරද්දටත් වඩා දැකීමෙන් හා විවේචනය කිරීමෙන් හා එයට විරුද්ධවීමෙන් තම ආගමට දීර්ඝ කාලීන හොඳක් හොඳක් මිස නරකක් නොවේ. //
      -------මේ කාරනාවට සම්පූර්ණයෙන් එකඟයි ප්‍රා.

      අතීතයේ( ඒ කියන්නේ කතෝලික/ක්‍රිස්තියානි සභාව රෝමය ආශ්‍රිතව පමණක් ව්‍යාප්ත වෙලා තිබ්බ්බ කාලේ) හිටපු පෝප් ලා ඇත්තටම රජවරු. එයාලට ඕන තරම් බලය තිබ්බා කැමති විදියට කතෝලික සභාව පාලනය කරන්න. කැමති කැමති දේවල් කැමති කැමති විදියට කරන්න.
      එත් රාජකීය උෂ්ණය පොඩ්ඩ පොඩ්ඩ ඈත්වෙලා ගියා සභාවේ ඇතිවෙච්ච බෙදීම් සහ නොවැලක්විය හකි විවේචන නිසා. අදත් පාප් කියන්නේ රාජකීය බවක් තියෙන තනතුරක්. එත් වටපිටාව දැන් එදාට වඩා බොහොම වෙනස්.
      කලින් හිටපු Benadict XVI ඉල්ලා අස්වුනෙත් , මෙතෙක් හිටපු කිසිම පාප් කෙනෙක්ට වඩා බැහැපත් කෙනෙක් දුප්පතුන් අතර ඉන්න කැමති කෙනෙක් රාජ උෂ්නයක් ගෑවිලාවත් නැති කෙනෙක් අලුත් පාප් (Francis I) පත්වෙන්නෙත් ඒ වටාපිටාව නිසයි.
      Benadict XVI ඉල්ලා අස්වුනේ වයස හින්දාම නොවන බව ප්‍රසිද්ධ රහසක් .

      Delete
  14. මට සිවුරු හොරුන්ට වඩා කේස් එක තියෙන්නේ උන්ගේ පුක හෝදන්න යන විජේදාස රාජපක්ෂ වගේ මහා ප්‍රග්නයොද මක්කුන්ද එක්ක...

    ReplyDelete
    Replies
    1. ඒ වගේ එවුන් තමයි හාමුදුරුවරුන්වත් වලට ඇදලා ගන්නේ

      Delete
  15. කියපන් බලන්න ජාතික ගීය වෙනුවට එහි දෙමළ පරිවර්තනය ගැයීම නීත්‍යානුකූලද නැද්ද.

    මේ වගේ ලිපි ගැන කියන්න තියෙන දේ තමයි ඔබ ක්‍රිස්තියානි කාරයෙක්. ඔබ හුරුවෙලා තියෙන්නේ තම්බියා යකෙක්, සිංහලයා බල්ලෙක්, දෙමළා දෙවියෙක් ලෙස සිතන්න. එමනිසා සිංහලයෙක්ගේ වරදක් දුටුවිට ඔබ ඇවිස්සෙනවා. මෙවන් ලිපි ඔබ අතින් ලියැවෙන්නේ එම නිසයි.
    දෙමලෙන් ජාතිකගීය ගැයීම ගැන සංවාදයේදී "අපේ සිංහල එවුන් වගේ නෙමෙයි දෙමල අය හරී හොඳයි" කියා ඔබ කීවා. ඒ ඔබේ ක්‍රිස්තියානි කම ලීක්වුනු අවස්ථාවක්. ඔබ මොනතරම් නිර්ධයව සිංහලයන් විවේචනය කලත් දෙමළෙක්ගේ වරදක් දුටුවිට ඔළුව හංගා ගන්නවා.
    ඔබ සිංහලයන් සහ සිංහල භික්ෂූන් විවේචනය කරන ලෙසම කතෝලික පූජක වරුන්වත් විවේචනය කරනවා වෙන්න පුළුවන් නමුත් එහි පුදුමයක් නෑ. මන්ද? ඔබ ආගමින් කතෝලියෙක් වුවත් සංස්කෘතියෙන් බටහිර ක්‍රිස්තියානි නූතනත්වය නියෝජනය කරන්නෙක්. තමන් කතෝලිකයෙක් යැයි සිතාගෙන බටහිර ක්‍රිස්තියානි නූතනත්වයට කඹුරන්නන්, සිංහල කතෝලිකයන් අතර සුලභයි. බටහිර ක්‍රිස්තියානි නූතනත්වය යනු කතෝලික ආගමේ ප්‍රධාන සතුරායි.
    සිංහලබුද්ධාගමේ (තනි වචනයක්) විශේෂත්වය මෙලෙස දැක්විය හැකියි.
    කතෝලික හා කතෝලික නොවන සියළු පූජකවරු (පංසලේ පියතුමා යැයි හඳන්වන මර්සලීන් ජයකොඩි පවා) සාමයට කැමතියි. තමිල්නාඩු සම්ප්‍රදායේ දේවාලවල (හින්දු කෝවිල්) පූජකයින්

    (ආගමක් නිසා නොව, උං දෙමළු නිසා) සාමයට කැමතියි. මුස්ලිම් ආගමික ප්‍රධානීන්ගේ මතය "දෙමළුන්ට දෙනවනම් අපිටත් ඕනේ" කියන මතයයි. එමනිසා ඔවුන්ද සාමයට කැමතියි. මේ තත්වය තුල යුද්ධයට කැමති එකම පිරිස සිංහල භික්ෂුන් පමණයි. සිංහලයෙක් හැටියට මට ඔවුන්ගේ මොන වැරදි තිබුනත් මේ හොඳ සමඟ සැලකූවිට එම වැරදි නොසැලකිය හැකියි.

    ReplyDelete
    Replies
    1. //ජාතික ගීය වෙනුවට එහි දෙමළ පරිවර්තනය ගැයීම නීත්‍යානුකූලද නැද්ද.//
      --------සිංහල ජාතික ගීය ගැයීම ත් , දෙමල පරිවර්තනය ගැයීම්ත් දෙකම නීත්‍යානුකූලයි. ව්‍යවස්ථානුකූලයි. ඒක එහෙම නෙමයි නම් ලොක්කන්ට කියන්න බයිලා නොකියා නඩු දාන්න කියලා.

      ------------------------
      //මේ වගේ ලිපි ගැන කියන්න තියෙන දේ තමයි ඔබ ක්‍රිස්තියානි කාරයෙක්.//
      ------අන්න පුතේ හඳ කියලා හඳ පෙන්නුවාම මෝඩ කොල්ලා බැලුවේ ඇඟිල්ල දිහාලු.

      //දෙමලෙන් ජාතිකගීය ගැයීම ගැන සංවාදයේදී "අපේ සිංහල එවුන් වගේ නෙමෙයි දෙමල අය හරී හොඳයි" කියා ඔබ කීවා.//
      --------ලියාපු තැනක් තියෙනවා නම් පෙන්නන්න කෝ.

      //ඔබේ ක්‍රිස්තියානි කම ලීක්වුනු අවස්ථාවක්//
      ----ලීක් වෙන්න දෙයක් නෑ යකෝ. මම කතෝලිකයෙක්. ඒක හොයාගන්න උඹලා ඔච්චර කටු කන්න ඕන නැහැ. මගේ පොස්ටුවක ඒ ගැන එහෙම්මම ලියලා තියෙනවා. කැමතිනම් ඔය පහල ලින්ක් එකට ගිහින් බලපන් මෙතැන් ඇවිත් පවු දෙන්නේ නැතුව.
      "http://vibheeshana2.blogspot.com/2014/11/blog-post_1.html"

      කොටින්ට පුක දෙන දෙමල සුළුතරයකුත් සිංහල ජාතිවාදීන්ට පුක දෙන උඹලා වගේ සුලුතරයකුත් ඇරෙන්න දෙමල සිංහල බහුතර යක් සාමයට කැමතිය්.

      //ඔබ ආගමින් කතෝලියෙක් වුවත් සංස්කෘතියෙන් බටහිර ක්‍රිස්තියානි නූතනත්වය නියෝජනය කරන්නෙක්. තමන් කතෝලිකයෙක් යැයි සිතාගෙන බටහිර ක්‍රිස්තියානි නූතනත්වයට කඹුරන්නන්, සිංහල කතෝලිකයන් අතර සුලභයි.//
      ----------බටහිර ද ක්‍රිස්තියානිද කියන් එකට වඩා අපි "නූතනත්වය" නියෝජනය කරන්න කැමති යි. මේ වගේ පෙරදිග රටවල තියෙන අන්තවාදී ගෝත්‍රික ලක්ෂණ කවදත් අපි ප්‍රතික්ෂේප කරනවා.

      //යුද්ධයට කැමති එකම පිරිස සිංහල භික්ෂුන් පමණයි//
      ---------නිකන් බොරු කියන්න එන්න එපා. භික්ෂූන් වහන්සේලාට අපහාස කරන්න එපා .සිංහල භික්ෂූන් හැමෝම යුද්ධෙට කැමති නැහැ. වරත්තු ගති ලක්ෂණ තියෙන ඇති සුළුතරයක් තමයි ඕක ඉල්ලනේ. ඒ වගේම පිරිසක් දෙමල සමාජෙත් මුස්ලිම් සමාජෙත් ඉන්නවා. ඔය තුන් ගොල්ල තමයි එදත් මේ රට ඇවිලුවේ. අදත් අවුලන්න හදන්නේ.

      Delete
  16. බුද්ධාගම ආරක්ෂා කර පෝෂණය කිරීම අපේ ආණ්ඩුවේ වගකිම බව ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා. (මං වචන භාවිතා කළේ මට මතක හැටියට) එහෙනං මේ දුසිල් චීවරධාරීන් එළවීම සහ ශාසනය පවිත්‍ර කිරීමත් ආණ්ඩුවේ වගකීම.

    ReplyDelete
    Replies
    1. මේ කාරණාව හරියට කෙරිලා නෑ. බුද්ධාගමට පෝෂණය කිරීම රජයේ වගකීමනම් බුදු දහම දියුණු වීමට නම් බෞද්ධයන් දියුණු විය යුතුයි. එනම් රජයේ රැකියා ලබාදීම. විශ්ව විද්‍යාල ප්‍රවේශය. රජයේ ආධාර ලබාදීම. රාජ්‍ය බැංකුවකින් ණයක් ගැනීම වැනි කටයුතුවලදී මිත්‍යා දෘෂ්ඨිකයන්ට සාපේක්ෂව බෞද්ධයන්ට ප්‍රමුඛත්වය ලැබිය යුතුයි. ඒ වගේම බෞද්ධ ගිහියන්ගේ විනය රුකීම සඳහා සඳහා ශරියා නීතිය වැනි නීති ක්‍රමයක් ක්‍රියාත්මක කල යුතුයි. මෙවැන්නක් සිදු නොවුනේ සිංහල බෞද්ධයන්ගේ හොඳකම නිසාද මෝඩකම නිසාද කියා හිතන්න අමාරුයි. යම් හේතුවකින් දෙමලාට වාසිවෙන ඔය වගේ වගන්තියක් තිබුනානම් දෙමළු මස්රාත්තලම ඉල්ලන බවට සැකයක් නෑ.

      Delete
    2. ඩ්‍රැකී යෝ,
      ඔව්වා කරන්න මෙච්චර කල් තිබ්බ ආණ්ඩුත් ක්‍රියා කලේ නැහැ. ඒ ජාතිවාදීන් ඉන්නේ ඒ දුසිල් මහනුන් එක්ක නිසා. සාසනේට කෙල වුඅන්ත් කමක් නැහැ ඊලඟ චන්දෙ දිනන්න පුළුවන් නම් කියලා හිතන හින්දා තමයි එදා එක සිද්ද නොවුනෙත්, අද සිද්ධ නොවෙන්නෙත්.

      Delete
    3. // මිත්‍යා දෘෂ්ඨිකයන්ට සාපේක්ෂව බෞද්ධයන්ට ප්‍රමුඛත්වය ලැබිය යුතුයි//
      --------එහෙනම් ඉතින් මුලින්ම තැනක් නැතිවෙන්නෙත් බෞද්ධයන්ට තමයි. මිත්‍යා දෘෂ්ඨිය ඉස මුදුනින් පිලි අරන් ඉන්නේ බෞද්ධ්යෝම නේද? බොරුනම් බලන්න මුළු රටක්ම එකට එකතු වෙලා ඉර වටේ පෘථිවියේ ගමනේ එක මොහොතක් උත්සවාකාරයෙන් සමරන හැටි.තව දවස් දෙකයි.

      //බෞද්ධ ගිහියන්ගේ විනය රුකීම සඳහා සඳහා ශරියා නීතිය වැනි නීති ක්‍රමයක් ක්‍රියාත්මක කල යුතුයි//
      -------------ඔන්න පුතේ බෞද්ධ කම එලියට පයිනවා. පොඩ්ඩක් ප්‍රවේසමෙන් අල්ල ගනින්.

      //මෙවැන්නක් සිදු නොවුනේ සිංහල බෞද්ධයන්ගේ හොඳකම නිසාද මෝඩකම නිසාද කියා හිතන්න අමාරුයි/
      --------ඒ මොකක්වත් හින්දා නෙවෙයි. මේ ලංකාවට තාමත් දෙයියන්ගේ බුදුන්ගේ බැල්ම තියෙන නිසා.

      Delete
    4. කාරණා 3 ගැන පිලිවෙලින් අදහස් දක්වන්නම්.
      1. ඔය කතාව යෙහෙව්වාගේ සාක්කි කාරයෙක් කිව්වානම් තේරුමක් තියෙනවා. ඒත් කතෝලිකයෙක් ඔහොම කතා කිරීම විහිලුවක්. කතෝලික ආගමත් සංස්කෘතික අංග වලට මුල්තැන දෙන ආගමක්. ඒ අතින් කතෝලික ආගම වඩා සමීප හින්දු ආගමට. බුද්ධාගමත් පුරාණ සංස්කෘතික අංග බැහැර කරන්න කියන ආගමක් නෙමෙයි. සංස්කෘතික අංග සුදුසු පරිදි ගලපා ගැනීමේ වරදක් නෑ. උදාහරණයක් හැටියට ඇමරිකාවෙ බුද්ධාගම අදහන සුද්දෙක් දෙසැම්බර් කාලේ තම නිවසේ නත්තල් ගසක් සෑදීම හොඳයි (නත්තල් ගස කියන්නෙත් බයිබලයට අනුව මිත්‍යා දෘෂ්ඨික දෙයක්).

      2. මේක ගැන බෞද්ධයො අතරත් හරි හමන් සංවාදයක් ඇතිවෙලා නෑ. බුද්ධාගමේ භික්ෂූන්ට විනය නීති තිබුණත් (ඒවා සාකච්චාකර වෙනස් කිරීමට අවසර දී තිබෙනවා) ගිහියන්ට නීති පනවා නෑ එයින් අදහස් වෙන්නේ ගිහියන් භික්ෂු නීති පිලිපැදිය යුතුබව නෙවෙයි. ගිහියන් රැස්වී සාකච්චාකර තම රටට සහ යුගයට ගැලපෙන නීති පනවා ගත යුතු බවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව එයට රාජ්‍ය පිළිගැනීමක් ලැබිය යුතුයි. ගිහි නීති එතරම් අවිහින්සාවාදී වියයුතු නෑ.

      3.---------------------

      Delete
    5. මං අන්තිම පාර සිරීපාදෙ ගිය වෙලාවෙ, අපේ නඩේ එක්ක ගියා මහදේවන් ආනන්දරාමන් කියල දකුණු ඉන්දියානුවෙක්. පොර අපෙන් ගොඩක් දේවල් ප්‍රශ්න කළා බුද්ධාගම ගැන. එයා ශෛව හරි වෛෂ්ණව හරි හිින්දු භක්තිකයෙක්. එයා අපේ දේව ඇදහිල්ල ගැන මගෙන් අහපු ප්‍රශ්න වලට ඒ කාලෙ මට දෙන්ඩ උත්තර තිබුණෙ නෑ.

      මට පේන හැටියට, අපේ බුද්ධාගම මේ විදිහයි.

      සියල්ලටම ඉහළින් බුදුන් ඉන්නව. (තාම ඉන්නව. මොකද ධාතු පරිනිර්වාණය තෙක් උන්වහන්සෙ ඉන්නව කියල සැළකෙන නිසා.)
      ඊටපස්සෙ සම්‍යක් දෘෂ්ටික දෙවිවරු ඉන්නව. (සුමන සමන්, නාථ, කතරගම, පත්තිනි, උපුල්වන් හෙවත් විෂ්ණු හෙවත් දැඩිමුණ්ඩ, යනාදී වශයෙන් පරණ රජවරුන් ද ඇතුළත්ව මෑතක මැරී දේවත්වයට පත් වූ දෙවිවරු පවා.)
      ඊටපස්සෙ සම්‍යක් දෘෂ්ඨික නොවූ දරුණු දෙවිවරු ඉන්නව. (කම්බිලි, ගම්බාර හෙවත් සිද්ධ සූනියම්, ගිරි දේවිය යනාදී වශයනේ)
      නවග්‍රහ බලවේග තියෙනව.
      ඊට පස්සෙ යක්කු ඉන්නව (රීරි, මහසෝන්, ඔඩ්ඩි, ගරා... මොවුන්ට නියමාකාරයෙන් බලි බිලි දීමෙන් සහ ශානතිකර්ම කිරීමෙන් සෙත සළසගන්න, ලෙඩ සුව කරගන්න පුළුවන්. මේක මුළු සමාජයම සුවපත් කරපු මනෝ විද්‍යාත්මක ක්‍රමයක් වුනත්, දැන් දැන් තක්කඩින්ගේ ජීවනෝපායක් බවට පත් වෙලා තියෙනව.)

      මීට අමතරව මිනිස්සුන්ට සෙත සළසන්න සහ අයහපත් බලවේග දුරු කරන්න භික්ෂූන් වහන්සේලා දෙසන පිරිත් සහ සෙත් කවි තියෙනව. ඔය පිරිත් වලට විශ්වයේ හැම බලවේගයක්ම යටත් කරන්න පුළුවන් කියලයි විශ්වාස කරන්නෙ.

      මේ ආගමෙන් අපේක්ෂා කරන්නෙ මිනිස්සුන්ගෙ ලෞකික ජීවිතය සැපවත් කරගැනීම, දුක් කම්කටොලු වලින් බේරී ජීවත් වීම, පරලොව දෙව් මිනිස් සැප ලබා කාලාන්තරයක් ගත කර, අවසානයේ මෛත්‍රී බුදුන් දැක (මේක නම් මහායානික බෝසත් සංකල්ප වලින් එකතු වුණ දෙයක් බව මගෙ වැටහීම) නිවන් දැකීම.

      මට මේ පේන බුද්ධාගමයි, බුදුන් දෙසා වදාළ - නිර්වාණය අපේක්ෂා කරන - මධ්‍යම ප්‍රතිපදාව සහ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි ගළපගන්න ක්‍රමයක් නම් පේන්නෙ නෑ.

      ඉතින් බෞද්ධයෙක් කළ යුත්තේ මොකද්ද? බුදුන් වදාළ මාර්ගය අනුගමනය කිරීමද, නැත්තං මං ඉහළ කියපු බුද්ධාගම ඇදහීම ද?

      Delete
    6. මම අහලා දැකලා පොඩ්ඩක් හරි ඉගෙන ගෙන තියෙන බුද්ධ ධර්මයේ "අරක කරන්න " " මේක කරන්න""අහවල් එක කරන්න තහනම්" "මේ දේ කරන්න අරයාගෙන් අහන්න " වගේ නීති නැහැ.
      බුද්ධ ධර්මය ඇත්තටම අනිත් හැම ආගමකටම වඩා නිදහස් ධර්මයක්. දර්ශනයක්. අපේ අය වරද්ද ගත්තේ එක ආගමක් කර ගන්න ගිහින්. ඉන්දියාවේ දී ( හෝ දකුණු ආසියාවේදී) බුද්ධ ධර්මයට අත් වෙච්ච ඒ ඉරණම මද පෙරදිගින් බිහිවෙච්චි ක්‍රිස්තු ධර්මයට රෝමයේදී වුනා. බුද්ධ ධර්මය බුදුන්ගෙන් ඈත් වුනෙත් ක්‍රිස්තු ධර්මය ජේසු තුමන්ගෙන් ඈත් වුනෙත් ඔය දෙකම ආගමක් විදියට පරිවර්තනය වෙච්ච නිසා.

      Delete
  17. මම මේ ලිපියේ මුල සිට පේලි කිහිපයක් ගිය තැන වලියක් දුටුවා..ඉන් පසු ලිපිය කියවූයේ නෑ.. ඔබට යමක් කීමට අවශ්‍ය නම් එය හුදෙක් පාඨකයින් සියල්ලන්ටම කෙලින්ම ඔබේ මතයක් ලෙස දක්වන්න...ඇත්තටම ඔබට පුද්ගලිකව යමෙක්ට යමක් කියන්නට ඕනි නම් ඒ විදියට මෙල් එකකින් කියන්න..

    මම පුද්ගලිකව මේ රටාවට ආස නෑ..අපිට එරෙහිව යමක් කියනවා නම් අපි ඒ කියන කාරණාවලට උත්තර අපේ මතය අනුව පෙලගස්වනවා හැර මේ විදියට වචනෙන් වචනෙට උත්තර දීම එතරම් හොද දෙයක් නෙමෙයි..බලන කෙනාටත් ඒක එච්චරම වැදගත් වෙයි කියලා මම හිතන්නෙ නෑ..

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහස පිලිගන්නවා.
      ඇත්තටම මේල් එහෙකින් අදහස දක්වන්න හොඳටම ඉඩකඩ තිබ්බත් එහෙම නොකළේ මෙතන වුනේ එක්කෙනෙ ක් ව විවේචනය කරනවාට වඩා එයාගේ අදහස විවේචනය කරලා එකට උත්තර දෙන්න හදපු එක නිසා .

      මගේ ලිපිය ගැන ඔබේ විරෝධය පිලි ගන්නවා. එකේ රටාව එක අතකින් නොගැලපෙන බව මටත් දැන් තේරෙනවා. මීට වඩා හොඳ විදියකට ලියන්න තිබ්බ කියලත් තෙරෙනේවා.

      -------
      අදහස් දැක්වීම සහ විවේචනය ට බොහොම ස්තුතියි.

      Delete
    2. මම කියන්න උත්සාහ කල දේ උබ හරියටම කියලා තියනවා චතුර

      Delete
    3. උශාන්,
      උඹ කියන්න හදපු කිසි දෙයක් අමිල යා මෙතන කියලා නැහැ.

      උඹ මගේ පොස්ට් එකේ වචන මට සිලිටු කරන්න නේ ආවේ. එව්වා ලොවෙත් වෙන්නේ නැහැ.
      මගේ පාවිච්චි කරන වචන සැට් එක වෙනස් කරන්නේ නැහැ මචෝ.
      no moderation.
      උඹ ඉල්ලන ජාතියේ "ශිෂ්ඨ සම්පන්න" වචන මේ ජාතියේ පොස්ට් වල ඉස්සරහටත් තියෙන එකක් නැහැ.

      එත් මේ පොස්ට් එක ලියපු රටාව තව පොඩ්ඩක් වෙනස් වුනානම් හොඳයි කියලා තමයි මම කියන්නේ.
      ඒ කියන්නේ උඹේ වාක්‍යයෙන් වාක්‍යය අල්ලාගෙන උත්තර දෙනවාට වඩා උඹේ සම්පූර්ණ අදහසට මගේ සම්පූර්ණ අදහස තනි පොස්ටුවකින් පැරා කීපයකින් දැම්මනම් හොඳයි කියලා තමයි මම පිළිගන්නේ.




      Delete
  18. ඉස්සර ඉඳන්ම හාමුදුරුවරු දේශපාලනයට සම්බන්ද උනා. ඒත් ඒ එක් පුද්ගලයෙක්, ජාතියක් හෝ පිරිසක් වෙනුවෙන් හෝ තම තමංගේ මඩි තද කරගන්න නොවෙයි. පොදුවේ සමස්ථ රට වෙනුවෙන්. ඒත් දැං ඒ තත්වෙ වෙනස්. දේශපාලනයට ඕනෑවටත් වඩා ඇඟිලි ගහන එක බරපතල වැ‍රැද්දක්. 'සිවුර' නීතියෙන් ගැලවෙන්න පාවිච්චි කරන එකෙන් කැලලක් ඇතිවෙන්නෙ සමස්ථයටමයි...

    ReplyDelete
    Replies
    1. එතකොට එක වලක්වාගෙන නිවරදි කරගන්න එක සංඝ සමාජයට අයිති වගකීමක්. අතිශය බහුතරය ඉන්නේ හරි තැන. ඒ නිසා වැරදි පාරේ ගිය එවුන්ව හද ගන්න ලේසියෙන්ම පුළුවන්.
      ඒක නොකෙරෙන නිසා තමයි බෞද්ධ සමාජය පිරිහෙන්නේ.

      Delete
  19. සිවිරු වලට තිබුන ගෞරවය නැති කලේ සිවුරු දරන් ඉන්න සමහරුමයි

    ReplyDelete
    Replies
    1. අන්න එක තමයි බන් මම කියන්නේ.

      එත් මේ සමහරු හිතන් ඉන්නේ එක අපි කරනවා කියලා නේ. බයියෝ හිතන් ඉන්නේ රනිලුයි මෛත්‍රී යි කරනවා කියලා.

      Delete
  20. තමන් හරිය කියල හිතන දේ වෙනුවෙන් බය නැතුව පෙනී ඉන්න ඕනෑ.එතැනදී සිවුරද ලෝගුවද කියන එක ප්‍රශනයක් නෙවෙයි.වැරැද්ද වැරද්දමයි.ඔය කහකඩයා ගැන ඔය කියල තියනව මදි.

    ReplyDelete
    Replies
    1. වැරැද්ද දැක්කොත් එක තමුන්ට පුළුවන් ශක්තියෙන් විවේචනය කරන්න පුලුවන්න් නම් අන්න එක තමයි යුතුකම.
      එක කරන්න රෙදි පඩංගු වලට යට වෙන්න ඕන කමක් නැහැ.

      සිවුරට කෙලින්නේ අපි නෙමෙයි එව්වා ඔතන් ඉන්න සමහර මානසික රෝගීන්මයි කියලා අපේ සමහරුන්ට තෙර්න්නේ නැති එක තමයි කරුමේ , හැලපයෝ.

      Delete
  21. බහුතරය අතිං වැරදි වෙනවා වැඩියි මස්සිනා, පාලනය කරන්න අමාරුයි.

    ReplyDelete
    Replies
    1. ම්හ්හ්..
      නැහැ. මම හිතන්නේ මධුවෝ සුළුතරයක් වැරදි කරන කොට බහුතරේ කට වහන් ඉන්නවා කියලයි.

      එහෙමා කට වහන් ඉන්න එක ජාතියක් විදියට කරුමයක්.

      Delete
  22. සිවුර ,පුද්ගලයා, භික්ෂූන් වහන්සේ .... ඔය වචන තුනට වෙනස් අර්ථ තුනක් තියෙන බවයි මට නම් හැඟෙන්නේ .කෙනෙක් සිවුර භික්ෂූන් වහන්සේ හැටියට දකිනවා . තව කෙනෙක් පුද්ගලයා භික්ෂූන් වහන්සේ විදිහට දකිනවා . තව කෙනෙක් සිවුර සහ පුද්ගලයාගේ එකතුවට භික්ෂූන් වහන්සේ කියනවා . මට හිතෙනවා ඔය තුනම වැරදි අර්ථකථන .

    ReplyDelete
    Replies
    1. ඇත්ත.
      ඔබේ අදහසත් නිවැරදියි කියන්න පුළුවන්.

      Delete
  23. ධර්ම විනය සන්ඝායනයකට කාලේ හරි, එත් වැඩි බන කියන එවුවෝ ඇවිල්ල තවත් වජ්ජිපුත්තක තියරියක් දාල වරප්‍රසාද වැඩි කර ගනී. හෙක් එහි පස්සිකෝ අකාලිකෝ ඕපනයිකෝ ඒවා කෝ කෝ.

    ReplyDelete
    Replies
    1. සුබ අලුත් අවුරුද්දක් විභියෝ.

      Delete
    2. එව්වා කෝ කෝ..
      අනේ මන්දා බන්. මෙහෙම ගියොත් බුද්ධ සාසනේ ට ඉතුරුවෙන්නේ මදාවි රොත්තක් තමයි.

      --------------
      උඹටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා...

      Delete
  24. This comment has been removed by the author.

    ReplyDelete
  25. //හාමුදුරුවන් ව සුවාමි ලාව අනුගමනය නොකර ආශ්‍රය නොකර අදහන්න පුරුදු කලේ ඔය කියන ස්ගිස්කෘතියෙන් ය.//

    "ස්වාමීන් වහන්ස, ඉදින් ඒ ආයුෂ්මතුන් වහන්සේ මට ධර්මය දේශනා කෙරේ නම් සකස්වම ශ්‍රවණය කරමි. නොසකස්ව ශ්‍රවණය නොකරමි. ඉදින් ඒ ආයුෂ්මතුන් වහන්සේ මට ධර්මය දේශනා නොකෙරේ නම් මම උන්වහන්සේට ධර්මය දේශනා කරමි."

    විශාලා මහනුවර උග්ග සිටුතුමා
    (සූත්‍ර පිටකය- අංගුත්තර නිකාය- අට්ඨක නිපාතය -3.ගහපති වග්ගය-වෙසාලිකඋග්ග සූත්‍රය)

    ReplyDelete
  26. ඔබ නිවැරදිව අවබෝධ කර ඇත මිත්‍රයා. සම්ම්බුධ්ද සසනයත් , කිතු දහමත් , ඉස්ලාම් දහම සහ අන් දහමවල් වලට වින කරන උදවිය මතුවන්නේ එහි අභ්‍යන්තරයෙනි . කඩල ඇටය කා දමන ගුල්ලා මතුවන්නේ කඩල තුලින්මය . ඉවසල ඉවසල තවත් ඉවසමු මිත්‍රයා . වෙනසක් ඉදිරියේදී වෙයි. වැරදි කරුවන්ට දඩුවම් දීමට ඉදිරියේදී පොලිසි, උසාවි, සිරගෙවල් , පාතාලය හෝ වෙනත් පාර්ශවයක් අවශ්‍ය නොවෙයි. තමා විසින් තමාටම දඩුවම් දෙන යුගය ඉදිරියේදී පැමිණෙනු ඇති . බලාගෙන සිටින්න , එයයි උචිත මිත්‍රය .... වැරදි කරන උදවියගේ අනාගතය දක්නා ඥානය ඇති අයට `` අහෝ මේ සත්වයින් ලවා වැරදි කරව කරවා කොපමණ දුක් දෙනවාදැයි වැටහෙනු ඇත.

    ReplyDelete

කමෙන්ට් කලාපය....