2014-12-11

අවසාන....



ඉල්ලන්කාවේ පොදු විපක්ෂේ උණු උණුවෙම එලියට දාපු ඉතිහාසගත project එකේ සීරියස් ම ගේම් ටික මේ වෙන කොට හැටට හැටේ රජ( වෙන්න හිතාගෙන) ගමනේය.

ඊට කොහෙත්ම දෙවෙනි නැත.
රනී වගේම , එතෙක් මෙතෙක් පොලිටිකල් ප්‍රොජෙක්ට් වලට නම්දරාපු මරා ත් මේ වෙනකොට තමුන්ගේ අලුත්ම ප්‍රොජෙක්ට් එක දියත් කරලා ය. ඒ වෙන මොකටවත් නොව රනී ගේ ප්‍රොජෙක්ට් එක බංකොලොත් කරන්න ය.

හැමදාම අපි උදේට දවල්ට  රෑට දකින්නේ අහන්නේ බලන්නනේ මේ ප්‍රොජෙක්ට් දෙකේම නානාප්‍රකාර ප්‍රතිඵල ය.

 
-
-
-
-
-
දෙපැත්තේම ඉන්න සුල්තාන් ලා අනිත් එකාගේ පොකුණට බිලීපිත්ත දාගෙන ඉන්නේ ටොයියෙක්, කබ්බෙක් බැරිනම් ගෙම්බෙක් ඉස්ගෙඩි යෙක්  හරි බාගෙන තමුන්ගේ මල්ලට දා ගන්න ය.

දෙපැත්තම හිතන් ඉන්නේ අනිත් පැත්තෙන් බා ගන්න තරම වැඩිවුනාම තමුන්ට රජ වෙන්න පුළුවන් කියල ය. එව්වා ඉතින් පූර්ණ සත්‍යනොවේය.

අද ඔහෙලා අපි හැමෝම උදේ හවා වාහිනී වලටයි ඇෆ් ඇම් වලටයි ඇහැ කන දීගෙන ගණන් කරන්නේ ඒ පැත්තේ ඉඳන් මේ පැත්ත ට පැනපු  , මේ පැත්තේ ඉඳන් ඒ පැත්තට පැනපු ගාන කීයද කියලය.  

මේ පැත්තේ ලේකම් මසී ආප්ප කාල ඒ පැත්තට ගියේය. ඒ පැත්තේ ලේකම් තිසී බත් කටකුත් කාලම මේ පැත්තට ආවේය.

මේ ලේකම් බල්ටි ඇරෙන්න තව තව බල්ටි කීපයක්ම අද වෙනකම්ම තිබුනේය. 

සුපිරිම බල්ටියක් තිබුනේ අද ය. ඒ රිවස්-ඩබල් බල්ටියක් ය. ඒ කියන්නේ ඒ වාසල පැත්තෙන් විපක්සෙ පැත්තට බල්ටි ගහල ඒ එක්කම ආපහු වාසල පැත්ත ට බල්ටියක් ගැසීමය. ගොම්මන්පිල අද පෙන්නුවේ ඒ වගේ රිවස්-ඩබල් බල්ටි වලට උන්නහගේ දක්ෂකමය.
-
-
-

දැන් මේ විභීෂණ ලක ලැස්ති වෙන්නේ බල්ටි ගහපු එවුන් ගැන ඌන පූර්ණ , ටිටුවා ආකා අප්පනි දෙන්න නම් නොවේ. එව්වා ඕන නම් කරන්න ඕනේ හවස හයෙන් පස්සේ එක දිගට පැය දෙකක් එකකට පැය බාගේ ගානේ එක පෙලට පචවාහිනිය, නයි ටී එන් එක්ක ත්‍රිකෝණය සහ කොම්බුව බලන එකය. කොම්බුවත් බලල අහවර වෙනකොට අවට ලෝකය බ්‍රමණය වෙනවා වගේ දැනෙනවා නම් විභීෂණ ගේ උපදෙසේ තිතටම වැඩ කර ඇත.
-
-
-

හරි ..

ඔන්න දැන් විභීෂණ සැරසෙන් එලවේන් වෙන්නේ මාතෘකාවට බහින්න ය.

ඊයේ පැනපු  ගාන, අද පැනපු ගාන, පනින්න ඉන්න ගාන වගේ දේවල්
ඇත්ත වශයෙන්ම ගත්තොත් මේ මොහොතේ  රටේ ඇත්ත අවශ්‍යතාවයන් ගැන හරි හමන් තේරුමක් නැතිව ඇස කන පුක වසාගෙන ඉන්න ගොබ්බයින්ට හැර මෙලෝ යකෙක්ට තියා පාරේ දඩාවතේ ඉන්න හරකෙක්ගේ ගොම් බෙට්ටක වහන නිලමැස්සෙක් ට වත් වැඩකට නැති දෙයක් ය.


ඒවුනාට අද ඉල්ලන්කාව ම කට පුක ඇරගෙන  බලන් ඉන්නෙත් මේ දිහාමය. රටේ වැදගත්ම මාතෘකාව සහ හොට් ම නිවුස් වෙන්නෙත් මේ ජම්පින් කේස් ය.

ඒ වුනාට ප්‍රතිපත්ති ගරුක( මේ කියන්නේ කැපුවොත් පක්ෂේ පාටට ලේ එනවා වගේ Hi කියවෙන හෙවත් HI-කවෙන ප්‍රතිපත්ති නොවේ), ඇහැ කන ඇරගෙන මේ වෙන්නේ මොනවාද කියල විමසිල්ලෙන් ඉන්න හැම මනුස්සයෙක්ට ම තේරෙන දේ නම් මේ හැමෝම මේ විහිලු කරන්නේ උන්ට ඡන්දේ දුන්නු මිනිස්සුන්ටම බවය.

 ගමේ සිරි ලංකා කාරයා තාමත් යූඇන්පී කාරයට බෙදන්නේ වෙන හැන්දකින්ය. යූඇන්පී කාරයා ද සිරි ලංකා කාරයාට සලකන්නේ එසේමය.

එහෙම වුනේ වෙන මොකක්වත් හින්ද නොව උද ඉඳන්ම, ඒ කියන්න උඩම ඉඳන්ම , පක්ෂේ හින්ද මිනිස්සුන්ව භේද බින්න කරන්න සහ එහෙම භේදබින්න වෙච්ච ජනතාවක් පහසුවෙන් පාලනය කරන්න හදපු වරත්තු ප්ලෑන් එක හින්දය.

ඒ විදියට මිනිස්සුන්ව බෙදල ඒ පැලැන්තිය තමුන්ට ඕන කරන දේවල් සේරම වගේ ඕනෑවටත් වැඩියෙන් ලබා ගත්තේය.


දැන් මෛත්‍රී කරන්න කිව්වට, පොදු එකා වෙන්න කලින් මසී ත් අඩු වැඩි වශයෙන් සම්මාදම් වුනේ ඔය දෙටමය. 


තුන්වෙනි වාරෙදී රටේ විනය තකනවා කියන මරා සහ කල්ලිය තාමත් කරන්නේඒ ටිකමය.

දැන් මේ දෙගොල්ල බට්ටෝ පනිනවටත් වඩා ඉක්මනට කිසි ලජ්ජා බයක් නැතිව සිරි ලංකාවෙන් යූඇන්පී යට ත් , යූඇන්පී යෙන් සිරි ලංකා එකටත් පනිති.

කලාතරයක් තිස්සේ මිනිස්සු ඉස්සරහ ජපකරපු සමහර මන්තර , විතරක් නොව සතියකට, දවසකට, පැයකට  කලින් කියපු දේවල් පවා අමතක කරලා, උදේම ඡන්ද පොලට බඩගාලා තමුන්ට කතිරේ ගහල තමුන්ගේ ප්‍රතිපත්තිය පිලි අරගෙන තමුන්ව විල මැද බංගලාවට, පලාබබාට්‍රේනින් සෙන්ටර් වලට, පුංචි ආණ්ඩු වලට පත්කරපු මිනිස්සුන්ව අමතක කරලා අනිත් පැත්තට පනින්න දැන් මේ එකෙක්ටවත් ලජ්ජා නැත.

ගොම්මන්පිලගේ රිවස්-ඩබල් බල්ටිය ත් ඇතුලත්ව අද වෙනකම්ම වෙච්ච බොහොමයක් බල්ටි ඔය විභීෂණ උඩ  කියල තියෙන ජාතියේ එව්වය.

මේ ගොඩක් බල්ටි පිටිපස්සේ තියෙන්නේ එක්කෝ පයිල් එකක් ය, එක්කෝ පරණ ණයක් ය, නැත්තන් බැංකු පොල්ලක්ය. සමහර පිටිපස්සවල් වලතියෙන්නේ පරණ චීත්ත හෝ ගවුම් කෑලිය .


ඉතින් ඔය වගේ වකූර් සීන් තියෙනවා කියන්නේ ඉතින් කළු තැපැල් (BLACKMAIL) වීමේ අවධානම බොහම වැඩියි කියන එකය.


එව්වා දැන් වැඩක් නැත. අපේ මොකක්දෝ මන්ද පෙර කල පිනකට අපේ අතින් මේ වගේ වාහෙලා දැන් ලොකු තැන් වලට ගොස් හමාරය.


මේ විදියට දවස ගානේ බල්ටි ගහනකොට එව්වා දකින අපි ලට ඔහේ ලට මේ යන ක්‍රමය, දේශපාලන ක්‍රමය ගැන ඇතිවන්නේ පට්ට කලකිරීමක්ය. එපා වීමක් ය.


ප්‍රජාතන්ත්‍රවාදය කියල කියන්නේ හැමෝගෙම සහභාගිත්වයත් අවශ්‍ය දෙයකට මිස පවුලක් හරි පුද්ගලයෙක් හරි කේන්ද්‍ර කරගත්තු දෙයක් නොවේය. එත් මේ යන විදියට අර කිව්වා වගේ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය ගැන කලකිරීමක් ඇතිවුනොත් වෙන්නේ අර හැමෝගෙම සහභාගිත්වය අහෝසි වෙන එකය. 
 -
-
-


මේ පොස්ටුවේ ටයිටලේ දාල තියෙන්නේ "අවසාන" කියාලය.



ඒ හේතුවක් ඇතිවය. 

මේ යන ක්‍රමය ඇතුලේ වැඩිකල් නොගොස්ම අවසාන වෙන දේවල් කීපයක්ම විභීෂණ ගේ මොලේටදැන්පහල වී ඇත.

එකක් නම් පක්ෂ දේශපාලනය ගැන විශ්වාසය අවසාන වීමය. එතකොට වෙන්නේ පක්ෂවලින් බැහැරව , ඒ ප්‍රතිපත්ති වලින් බැහැරව, පුද්ගල චරිත වටා බලය එක රොක් වීමය.


 දැනටත් අවුරුදු ගානක් තිස්සේ සිද්දවෙමින් තියෙන්නේ ත් ඒ දේ මය.


එතකොට අපේ අතේ තියාගන්න ඕන දේවල් එක්කෙනෙක්ගේ දෙන්නෙක්ගේ අත්වලට යනවාය. 

හිට්ලර් අපේ මතක ගබාඩාවේ හොල්මන් කරන්න පටන් ගන්නේ අන්න ඒ වගේ වෙලාවල් වලට ය .

විකල්ප බලවේගයක් හොයාගන්නවත් නැති වුනොත් තත්වය තවත් භයානකය.

විභීෂණ ට දැනෙන තේරන විදියට ඒ වගේ කලකිරුණු ස්වභාවයකට පත්වුනාම "හරි හමන් ජහමනතාව ක් " කරයි කියල හිතන්න පුළුවන් දේවල් දෙක තුනක්  ඇත. මෙව්වයින් ඉල්ලන්කාව ඇතුලේ ඉන්නේ අමුතු ජහමනතාවක් හින්ද මේක ඇතුළේදී වෙන්න පුළුවන් මොකක්ද කියන එක ගැන නම් විභීෂණ ට තියා රාවනා ට වත්,සක්කරයාට වත් අනාවැකි පල කල නොහැක.


  1. එක්කෝ ඕන පුකක් ප්‍රීති වෙසක් කියල, තියෙන රෙජිමේ පෙරලලා දාල ආයේ මහජන පාලනයක් ඇති කරගන්න පුළුවන. උදාහරණ නම් ඕන තරම් ය. සමහර එව්වා අරාබි වසන්තයේය.


  1. එහෙම නැත්තන්  කරන්න තියෙන්නේ "අනේ ඉතින් කාට දුන්නත් වැඩක් නැහැනේ එන හැම එකාම එක එක පති කුලවලට යනවනේ "කියල දුක් වෙලා වැලපිලා , "මොන මගුලටද ආයේ අලුත් එකෙක් අපිට ?" කියල හිතල ඉන්න එකාටම ඒ කියන්නේ තමුන්ගේ ආඩම්බර කාර තාත්තට කතිරේ ගහන එකය.

සමහරවිට මේ බල්ටි වල පිටිපසේ තියෙන අරමුණ එක වෙන්නටපුළුවන.


  1. ඔය මොකවත් කරන්න කැමති නැත්නම් කරන්න තියෙන්නේ තමන් ගෙන් ආපහු බලය උදුරලා ඉල්ලා ගන්න ලෑස්ති කරල තියෙන ඡන්ද වර්ජනය කරන එකය.

විභීෂණ ට තේරෙන විදියට හරි හමන් කොන්දක් තියෙන එකෙක් නම් කරන්න ඕන ඔය කියපුවයින් පලවෙනි එක සහ තුන්වෙනි එකය.

ඒ කියන්නේ පක්ෂ වේවා විපක්ෂ වේවා පවතින දහදෝරු ක්‍රමේට විරුද්ධ වෙන එකය.

මසී බෑවත්, මරා බෑවත්, රනී හරි සැටී හරි බෑවත් බාන්නේ නිකම් පංචස්කන්ද නොවේය. මේ බාන්නේ මිනිස්සුන්ගේ සිතුම් පැතුමය, බලාපොරොත්තු මිස වෙන ලබු කැට නොවේය.

අද ජේවීපී එක අරගෙන තියන්නේ ඔය කියන "මජර ක්‍රමයට විරුද්ධ වීමේ " ක්‍රියා පිළිවෙලය. උන් දැන් හරි පාරේ යන්න පටන් අරං ඇත.
-
-
-
-
ජේවීපී උන් මරා ට විරුද්ධව කඩේ යන්නේ මේ ඒකාධිපති පිස්සුව, සහ පංච  මහා භූතයන්ගේ ( කුඩු, එතනෝල්, කැසිනෝ, ගණිකා සහ කොමිස් ) මහා දවල් මංකොල්ල කෑම් වලට එරෙහි විය යුතු නිසාය.

එත් ඒ එක්කම මසී ට පක්ෂව හෝ විපක්ෂව කඩේ නොයන්නේ එතන ඉන්නෙත් අතනම කොපි සැට් එකක් නිසාය.

මසී කොම්පැනියේ බඩු  ෂුවර් නැහැ කිව්වේ ඒ හින්ද ය.

ඒ වගේ,ම රෑ ( 2000) වැටුණු වලේ දවලුත්(2004, 2005, 2010 ) වැටිලා ඊට පස්සේ දවසේ දවල්ටත්( 2015) , ගූගල් මැප්  එකෙන් හොයාගෙනම ගිහින් පනින්න තරම් උන්ගේ මොළ ගෙඩි කුරුවල් වෙලා නැති වාගෙය.
-
-
-

ඊළඟට අවසාන වෙන්නේ විනය සහ යහ පැවැත්මය. පොඩ්ඩ පොඩ්ඩ තැන් තැන් වල පේන්න තිබ්බත් එව්වා දෙකේම ඉතුරු වෙලා තියෙන්නේ පෙට්ටියට අන්තිම ඇනේ ගහන්න විතරය. උදාහරණ සදහා දිනපතා පුවත් පත් බැලීම මැනවි.
-
-
-

ඊළඟට අවසාන වන්නේ සාමාදනය සහ සාමයයි.

ඇතිවෙන ඇත්ත ප්‍රශ්න වලට හරි විසඳුම් නොදී කල් දදා හියාම වෙන්නේ ඒ ප්‍රශ්න ඔඩු දුවලා නැති ප්‍රශ්න ඇතිවෙන එකය.
 -
-
-

නීතිය ද ඇත්තේ වලපල්ලේ අන්තිම පඩිය ගාවය.
-
-
-

මේ වගේ දේවල් අවසාන වෙලා ගිහින් අන්තිමට අවසාන වන්නේ රටය. 
එතකොට අපිට වෙන්නේ යන්න පාරට ය.

ඒ හින්ද අපි හැමෝම මේ වෙලාවේ කරන්න ඕනේ මේ අත්තනෝමතික කල්චර් එක අයින් කර ගන්න එකය. එකට තියෙන්නේ උදේම ඡන්ද පොලට ගිහින් ඉතිහාසේ ඔලුවෙන් අයින් කරලා හරි විදියට ඡන්දේ දාන එකය.

කලින් ලියපු එක්තරා පොස්ටුවක අග මම කෙටුවේ මේ වගේදෙයක්ය.

//යූඇන්පී ආණ්ඩුවක් එන එක විභීෂණ ගේ සිහිනයක්ය. එත් රට දියණු වෙනවනම්, මිනිස්සුන්ට දුක් නොවිඳ ආරක්ෂා සහිත ව රට ඇතුලේ ජීවත් වෙන්න පුලුවන්නම් ස්වාධීන කණ්ඩායමක ආණ්ඩුවක් ආවත් විභීෂණ නම් අමනාප නැත.//


හීනේ මොකක් වුනත් අපි කරන්න ඕන හරි හමන් සාධාරණ පාලනයක් ගෙන එකය. 

ඒ දේ ඇති කරන්න බලය, වගකීම් සහ යුතුකම තියෙන්නේ අපි ළඟය.


එහෙනම්...


අදට ඇති වගේ නේ...


ගොහින් එන්නම්...

 






32 comments:

  1. පෞද්ගලික විශ්වාසයට අනුවනම් ජ.වි.පෙ. සහෝදරයන්ට මේ වේදිකාවේ කිරීමට මීට වඩා කාර්යයක් ඉතුරු වී ඇත.ඒත් කණාමැදිරි, ගිනිපෙළි තියරියට අනූව.උන් තෝරගනිපු පාර ගැන කාටවත් දොස් කියන්නත් බෑ.
    "අරාබි වසන්තයක්" ගැන තියන බලාපොරොත්තු අතැරල දාපන්.මේ රටේ මිනිස්සුන්ගේ නිදහස,අයිතීන් ගැන හිතන්න තියන ඉඩ "ත්‍රස්ථවාදේ" කියන අකුරු වලින් වහල ඉවරයි.ඒ නිසා මේ රටේ මිනිස්සු තමන්ගේ නිදහස හොයන්න සටන් කරන්න ගිහින් ත්‍රස්ථවාදියා කියන නම බෙල්ලේ එල්ලගන ඉල්ලන් පුකේ මාමයිට් ගා ගන්න තාම ලැස්ති නෑ.
    ජය වේවා.......

    ReplyDelete
    Replies
    1. අරාබි වසන්තයක් මෙහෙ ඇතිවෙයි කියලනම් උඹ විතරක් නෙවයි බන් මමත් හිතන්නේ නැහැ.

      එච්චර ට බුද්ධියක් මේ සමාජෙට තියෙනවනම් අරාබියට කලින් මෙහාට වසන්තය උදාවෙලා.

      Delete
    2. කසුට්ටා..................... කතාව අැත්ත විභී කියන විදිහට අපේ උන්ට මොලයක් තිබ්බා නම් අනිවා අපිට මේ වෙන කොටත් වසන්තය උදා වෙලා.................

      Delete
  2. //එක්කෝ පයිල් එකක් ය, එක්කෝ පරණ ණයක් ය, නැත්තන් බැංකු පොල්ලක්ය// නැත්තන් සෙට්ල් කරන්න බැරිවුණු බජට් එකක්ය.

    ReplyDelete
    Replies
    1. ඔවු ඔවු,,එව්වත් තියෙනවා නේන්නම්...

      Delete
  3. බොහෝම පැහැදිලියි නේ මේ ඔක්කෝටම මුල මේ පැති මාරුව කියලා. එතකොට ඕක ආරම්බ කළේ කව් ද? චන්ද්‍රිකායි, දියවන්නාවේ බඩු කාරයයි. ඉතින් උන් දෙන්නම අද ඉන්නේ පොද්දා ළඟ. එතකොට උන්ගෙන්ද ප්‍රජාතන්ත්‍රය බලාපොරොත්තු වන්නේ. එහෙම බැලුවාම මේ ඔක්කෝටම මුල, අධිකරණය. ඒක හින්දා සම හරක් කියනවා වගේ, අම්මට සිරි ලංකාවට අවශ්‍ය විප්ලවයක්. ඒ කියන්නේ ජීවීත හානි කරන, සන්නද්ද අරගලයක් නෙවෙයි. මේ ක්‍රමය යටතේම බලය අරගෙන කරන විප්ලවයක්. ඒ කියන්නේ මේ සිස්ටම් එකම උඩු යටිකුරු කරන්න ඕන.

    ReplyDelete
    Replies
    1. \\එහෙම බැලුවාම මේ ඔක්කෝටම මුල, අධිකරණය. ඒක හින්දා සම හරක් කියනවා වගේ, අම්මට සිරි ලංකාවට අවශ්‍ය විප්ලවයක්.//

      \\මේ ක්‍රමය යටතේම බලය අරගෙන කරන විප්ලවයක්. ඒ කියන්නේ මේ සිස්ටම් එකම උඩු යටිකුරු කරන්න ඕන.//

      පූර්ණ ව්‍යවස්ථා සංශෝධනයක්.

      ඒක කරන්න උවමනාව තියෙන එකම එක දේශපාලන ව්‍යාපාරයක් විතරයි මේ රටට තියෙන්නේ. දැන්වත් අංශක අනූවකින් වෙනස් කරමු යන පාර.

      Delete
    2. @ මාතලන්
      ----------------------------------
      //අම්මට සිරි ලංකාවට අවශ්‍ය විප්ලවයක්//

      අනිවා බොස්..දැන් නම් විප්ලවයක් මේ සමාජෙට ඕනෑමයි. නමුත් වෙන්න ඕන මතවාදී විප්ලවයක් මිස සන්නද්ධ විප්ලවයක් නෙවයි. එත් ඒ මතවාදී විප්ලවේ කෙරෙන්නේ නැත්නම් සන්නද්ධ වෙලා හරි මේ ජෝහොරේ මේ සමාජෙන් අයින් කරන්න ඕන.

      Delete
    3. @ මනොෂ්
      ------------------\

      //ඒක කරන්න උවමනාව තියෙන එකම එක දේශපාලන ව්‍යාපාරයක් විතරයි මේ රටට තියෙන්නේ. දැන්වත් අංශක අනූවකින් වෙනස් කරමු යන පාර.//

      සීයට සීයක් එකඟයි..

      ඒ ව්‍යාපාරය ඉතින් වෙන මොකක්වත් නෙවයි ජේවීපී යනේ.

      මනොෂ්..
      මම දන්නා විදියට ඡන්දෙන් ඡන්දෙට වෙනස් නොවන එකම ප්‍රතිපත්තියක් මේ වෙනකොට ප්‍රකාශ කරලා තියෙන්නේ ජේවීපී ය විතරයි . අපි මෙච්චර කල් බලපු කන්නාඩි වලට පෙනෙන්නේ නැති අලුත් කොනෙකින් උන් සමාජේ දිහා බලනවා කියල තමයි මට හිතෙන්නේ.

      එත් ඒ දේ මේ සමාජෙට තාම හරියට දැනිලා නැහැ. ඒ දේ කරන්න තව මොක්කහරි උපක්‍රමයක් උන්ට තිබ්බනම් එක උන්ගේ වගේම රටෙත් වාසනාව.

      Delete
  4. ඔන්න අපි ඇවිත් ගියා..
    තවම පොඩි ළමයි..

    ReplyDelete
  5. උඹේ හීනෙ හොඳයි මචං. ආර්ථික ප්‍රතිපත්තියෙන් රනිල් ගොඩක් ඉස්සරහින් ඉන්නෙ. කෝ ඒත් මිනිස්සුන්ට දැනෙන්ට කතා?
    මටත් දැන්නං මේ යන පිළිවෙල ඒ තරම් සාර්ථක වෙයි කියලා හිතෙන්නෑ. බොහොම ඇල් මැරුණු ගතියක් තියෙන්නෙ. අනික මිනිස්සුන්ට එපාවුණු චරිත ලං කරගෙන?

    ReplyDelete
    Replies
    1. //ආර්ථික ප්‍රතිපත්තියෙන් රනිල් ගොඩක් ඉස්සරහින් ඉන්නෙ//

      ඇත්ත.

      //කෝ ඒත් මිනිස්සුන්ට දැනෙන්ට කතා//

      අන්න එක තමයි බන් උඹට වගේම අපිටත් තියෙන ප්‍රශ්නේ. මූ ගමේ මිනිහාගේ බොක්කට ඇනෙන්න කතා කරන්න දන්නේ නැහැනේ.

      දැන් යන පිළිවෙල නම් ආයේ කතා කරලා වැඩක් නැහැ. ගූ බාල්දියක්. දෙපැත්තම .

      Delete
  6. බලය ගත්ත ම කොයි එකකත් එක වගේය...උන්ට වැදගත් තමන් විතරය..
    එක පක්ෂයකින් චන්දේ ඉල්ලලා දිනපු එකෙක්ට තව පක්ෂෙකට මාරු වෙන්ඩ බැරි වෙන්ඩ නීතියක් ගෙන්ඩ ඕනේ!!

    ReplyDelete
    Replies
    1. //එක පක්ෂයකින් චන්දේ ඉල්ලලා දිනපු එකෙක්ට තව පක්ෂෙකට මාරු වෙන්ඩ බැරි වෙන්ඩ නීතියක් ගෙන්ඩ ඕනේ!! /

      ----------මට මතක විදියට ඔන්න ඔය වගේ පනතක් ගෙනාව 2002, 2003 කාලෙදී රනිල්ගේ ආණ්ඩුවෙන්. එත් එදා තිබ්බ පොදු පෙරමුණේ බයියෝ ටික ඒ පණත ගෙන්නවත් නොදී පාරවල් වලට බැහැල උද්ගෝෂණය කරලා වැඩේ අල කළා.

      Delete
  7. අවසානයේ මට කියන්නට ඇත්තේ මෙපමණකි. අනන්තවෙනි වාරයටත් ජවිපේ කියූ සියල්ල සැබෑ වී ඇති බවය. තවමත් අපට විකල්පයක් ඉතිරිව ඇත. එනිසා දැන්වත් ඔය දෙගොල්ලන්ටම(එකගොල්ලන්ටම) ඡන්දය නොදී, ජවිපෙට දියවු!

    ReplyDelete
    Replies
    1. ජවිපෙ ආණ්ඩුවක් ආවත් ඔච්චරයි මිත්‍රයා.ඒ අය ජනතාවාදී වැඩපිළිවෙලවල් තියනව තමයි ඒත් යූඇන්පී ශ්‍රී ලංකා තරමටවත් ජනතාවට ඇහුම්කන් දෙන්නෙ නෑ නේද
      සමාජවාදී රටවල් කඩා වැටුනෙත් ඒකනෙ.එතන තියෙන්නෙ මධ්‍යගත පාලනයක්.පක්ෂය ජනතාවට ඉදිරියෙන් සිට සියල්ල තීරණය කිරීම.ඒක අදට ගැලපෙන්නෙ නෑ.ඒක රාජාන්ඩු වලටනම් අපූරු විකල්පයක්.ජනතාව නිහඩ ප්‍රේක්ෂකයන් පිරිසක් වෙනව.
      අපට අවශ්‍ය ප්‍රජාතන්ත්‍රවාදය එක්ක සමගාමී වන සමාජවාදයක්

      Delete
    2. ඔය කියන්නේ හැට ගනන් වල සමාජවාදෙ ගැන. ජවිපෙ කියන්නෙ හැමදාමත් වර්ථමානයත් එක්ක යාවත්කාලීන වෙන පක්ෂයක්. උපකල්පන කර කර කාලෙ කනවට වඩා මටනම් ඒකත් කරල බලන එක හොඳයි. මොකද දැනටත් නහයෙන් උඩට ගිලිල ඉන්න නිසා. අපිට තව අලුතින් කියල වෙන්න දෙයක් නෑ.

      Delete
    3. @ මනොෂ්
      -------
      //අනන්තවෙනි වාරයටත් ජවිපේ කියූ සියල්ල සැබෑ වී ඇති බව//

      ------------සහතික ඇත්ත.

      //තවමත් අපට විකල්පයක් ඉතිරිව ඇත//

      ------------ඇත්ත..


      //උපකල්පන කර කර කාලෙ කනවට වඩා මටනම් ඒකත් කරල බලන එක හොඳයි//

      ------උඹ හරි. මෙච්චරකල් අපි මේ අලින්ටයි, අතේ කාරයින්ටයි, බුලත් හපයින්ටයි ඡන්දේ දුන්නේ උපකල්පනය කරලා නෙවයි නේ. එක හින්ද ජේවීපී එකට දෙන්න අමුතුවෙන් අපි උපකල්පනය කරන්න ඕන නැහැ.

      Delete
    4. @ මනොෂ් & පරීක්ෂණ

      පැරණි සමාජවාදී රටවල් වලට වඩා නම් මේ තියෙන මරා ගේ පාලනෙත් දාහෙන් සම්පතයි.

      පරණ වම කියන්නේ මහා විකාරයක්.

      ........

      තව දෙයක් කියන්න ඕන. ඉස්සර කොහොම වුනත් දැන් ජවිපෙ කියන්නේ සමාජවාදී පක්ෂයක් නෙවයි. එක සමාජවාදය ඇසුරු කරගෙන ධනවාදය වෙලාගත්තු සමාජයක පවතින අලුත්ම දේශපාලන දැක්මක්. හොඳද නරකද කියල කියන්න බැහැ.

      Delete
  8. මේ දේශපාලන ක්‍රමයෙ වරදයි ඕකට හේතුව.අද වෙනකොට න ඔය කැපුවත් කොළ කැපුවත් නිල් මෝඩයො අඩුයි.අද තියෙන්නෙ බහුතරය පාවෙන ඡන්ද.
    විධායක ක්‍රමයට කලින් වෙනස්කරන්න ඕන මන්ත්‍රීවරයා ජනතාවට වගකියන ක්‍රමයක්.තමන්ව පත්කරන ප්‍රජාවට ඔහුව අස්කරන්න පුළුවන් ක්‍රමයක්.ඉහල ඉදන් පහලට නොවෙයි පහල ඉදන් ඉහලට බලය ගමන් කරන ක්‍රමයක්.
    නමුත් හැමෝම කතා කරන්නෙ ඉසරදයට කොට්ටෙ මාරුකරන්න

    ReplyDelete
    Replies
    1. හැමදේටම කලින් නීතිය රටේ ප්‍රධාන පාලන හස්තය කරන්න ඕන. එක කරගන්න පුළුවන් වුනොත් එතනින් පහලට පෝලිම හදාගෙන එන එක ලොකු දෙයක් නෙවෙයි.

      Delete
  9. ඇලඩින් ගේ පුදුම පහන
    දැන් තියෙන්නෙ මගේ ගාව...
    එපා නිවන්න මිතුරෝ 
    එපා නිවන්න...
    අලි බබා ගෙ හොරු හතලිහ
    දැන් ඉන්නේ මගේ ගාව...
    කතා එපා මිතුරෝ වැඩි 
    කතා එපා මිතුරෝ...
    මළකඩ කෑ කඩු කොපුවේ
    නූලෙනි බොහො තැන් කැපුවේ...
    හිත ඇතුලෙන් ලිත ඇතුලෙන්
    දෙවිදියක් ය ලොව හිතුවේ...
    වරම් දෙන්න රැකවරණේ
    හරෝ හරා පිළිසරණේ...

    මොකටද මිතුරෝ......


    පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
    සංගීතය : වික්ටර් දළුගම
    ගායනය : ෆ්‍රෙඩී සිල්වා සහ නිහාල් නෙල්සන්

    ReplyDelete
    Replies
    1. එලස් ..

      සින්දුවෝ..උඹනම් සින්දු දෙයියෙක්. ඕන කේසුවා එකකට තිතට සැට් වෙන සින්දුවක් උඹ ගාව තියෙනවා මයි.

      තැනක් යූ බන්..

      Delete
  10. කඩාගෙන ගිහින් වෙන පක්ෂයක් හැදීම මුලින්ම කලේ බණ්ඩාරනායක මහත්තයනේ. ඒකෙන් වරදක් වුණේ නැහැනේ. මරා දැන් කරලා තියෙන හොරකම් දූෂණ වංචා එක්ක බලපුවම, ජේ ආර් ගේ කාලේ, ප්‍රේමදාසගේ කාලේ වෙච්චි දේවල් නිකං ඇටබෝල සෙල්ලං වගේ. ඒ නිසා මරා එළවීම ආධාරන, යුක්ති සහගත සහ දැඩි කාලීන අවශ්‍යතාවක් සහිත, ප්‍රමුඛත්ව පියවරක්. එතනදී මෛත්‍රී පිලේ සියලු දෙනා ශුද්ධවන්තයන් නොවුනත්, ඔවුන්ව පාලනය කරගැනීමේ හැකියාවක් ඇතිබව පෙනෙනවා.

    ReplyDelete
    Replies
    1. විචාරක ගේ කතාව ඇත්ත.

      පවතින ක්‍රමය ගැන ලෙල්ලට ම කලකිරිලා තිබුනත් මේ වෙලාවේ අපිට තියෙන්නේ මෛත්‍රී ද මහින්ද ද කියන Option දෙක විතරයි.

      මහින්ද option එක එක්ක ලැබිච්ච කැසිනෝ, ගණිකා, එතනෝල් සහ පවුලේ මගඩි වගේ බෝනස් ගැන හිතල බලන කොට ඊට විරුද්ධ වෙන අපිට තියෙන එකම option එක නැත්නම් alternative එක මහින්දට සහ ඒ රෙජිමෙට විරුද්ධ වෙච්ච මෛත්‍රී විතරයි. මේ වෙලාවේ ජේවීපී ඉල්ලන්නේ නැහැනේ.

      ඒ හින්ද මෛත්‍රියම විතරමයි.

      Delete
  11. මචෝ.. අහිතඛිතන්නෙපා කිව්වට, මේ කියන්නේ මගේ ඇසින්.. පෝස්ට් එකේ ෆොන්ට් එක ටිකක් ලොකු වැඩියි වගේ නේද? පුංචි උනානම් හොඳයි හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. මම හිතුවේ normal ෆොන්ට් එක පොඩි වැඩියි කියල. එකයි ලොකුම ෆොන්ට් එක දාල තියෙන්නේ.

      ok. මම වෙනස් කරන්නම්ම්කෝ.

      ------

      තැනක් යූ බන් උඹේ මතක් කිරීමට.

      ඔක්කොටම කලින් කියපන් උඹේ කමෙන්ට් එකේ කොතෙන්ටද මම අහිතක් හිතන්න ඕන කියල...??

      :)>

      Delete
  12. මට නම් විකාරයි වගේ ඊයේ හිටිය කෙනා අද වෙන පක්ෂෙක හෙට ආයෙත් පක්ෂේ මාරු කරලා . ඒ ගොල්ලන්ට එහෙම හිතෙන හිතෙන විදියට පක්ෂෙන් පක්ෂෙට බට්ටෝ පනින්න පුලුවන්නම් අපිටත් සරින් සැරේ අපි දුන්න මනාපෙ වෙනස් කරන්න බැරිද දන්නෙ නෑ .

    ReplyDelete
    Replies
    1. හංසි ට විතරක් නෙවෙයි අපිටත් දැන් විකාරයි වගේ...

      පුළුවන් තරම් ඉක්මනට හිතුමතේ පක්ෂේ මාරු කරන්න බැරි වෙන විදියේ නීතියක් ගේන්නම වෙනවා.

      නැත්තම් මේ යන විදියට ගියොත් නම් මේක "අම්මට සිරි ලංකාවක් " ම වෙනවා.

      Delete
  13. විභී........... උඩින් මාතා කියලා තියෙන කතාව තමයි හරි..... මේකට මුල දැන් පොද්දා ළග ඉදන් කෑ ගහන කෙනෙක් තමයි වග කියන්න උවමනා... ඒ වෙලාවේ හරි තීන්දුවක් නොදුන්නා ම තමයි ඔහොම වෙන්නේ............

    ReplyDelete
    Replies
    1. කෙහෙල්කන වැට පැන්නම තමයි ඔහොම වෙන්නේ...

      Delete

කමෙන්ට් කලාපය....