2015-03-02

සතියක ට වැනිෂ්

මාතෘකා නම් එමටය.
ලියන්න කොටන්න බොහෝ දේවල් ඇත.
එත්
exam විභාගයකට සූදානම් වීමට ඇත.
ඒ නිසා මේ වෙනකොට වෙලාව යනු රත්තරන් ය.

ඉල්ලන්නේ පුංචි සමාවක් ය.
විභීෂණ නිවාඩු යන්නේ සතියකට විතරය .

ආපහු ලබන ඉරිදා හම්බුවෙමු.

හැමෝටම සුබ සතියක්.

2015-02-17

සංගණනයට හෙළ rap උත්තමාචාරය

\
ජනවාරි -9 වෙනිදා -ලෙසටම -කිච වුන
පිලිකන්නේනුත් එලියටම -වැටුන
හතර හන්දි -පන නැති-මී හරක් -රෑන
ඔන්න මචන්- සැට් වෙනවලු-නුගේගොඩට  -දෙක/දහ අට

2015-02-11

එලෝමුද මූව ?

එලෝමුද මූව?

ආ ???

එ-ල-ව-මු-ද  මූ-ව ?

2015-02-07

ISIS සහ ඉස්ලාමයේ සාමය

දැනට මාස කීපෙකට කලින් ඉපදිච්ච ISIS කියන තක්කඩි අන්තවාදී තුප්පහි කල්ලිය ගොවියෝ ගොයම් කපන්නා වගේ උන්ගේ අත්අඩංගුවේ ඉන්න අන්‍යාගමිකයන් ගේ  අන්‍ය ජාතිකයින්ගේ බෙලි කපන්නේ අහරේ මෙහෙ හැංගිලා නොව ලෝකෙටම පේන්න එළි පිටම ය. මරාපු මිනිස්සුන්ගේ බෙලි බාල්දි වල දාලා තියෙන ෆොටෝ දහස් ගණන් මේ දවස් වල ජාලේ එහා මෙහා සරි සරන්නේ මේ මොලේ පිළිකා කාරයින්ගේ අසනීප තත්වේ ලෝකෙට ම පෙන්නුම් කිරීමට ය.  ඒවායේ ෆොටෝ මගේ මේ බ්ලෝග  ඇතුලේ දාන්න විභීෂණ කැමති නැත. කැමැත්තෝ google දෙයියෝ ලඟට මන්ගච්චලා "ISIS Brutal " කියලා image search එකක් දුන්නා නම් මේ පාහරයින්ගේ වැඩ කිඩඅඩු  නැතිව බලාගන්න පුළුවන.

2015-02-04

එකයි හතරයි කිලෝ දහයයි

විභීෂණ ට අද උදේ එකයි හතරක් ලැබුණි. 
එකයි තුන ලැබුනේ මීට මාස දෙකකට පොඩ්ඩක් විතර කලින් ය. එදත් මේ වගේ පොස්ටුවක් ගහලා පුංචියට වගේ සැලිබරේට් කලේ ඉතින් තාමත් අපි මේ බොගලේගම පොඩි එවුන් හින්ද ආපු සන්තෝස මෙව්වා එකට ය. එකයි හතර වගේම එකයි තුනත් නිකම්ම අමතක කරලා දැමිය යුතු අවස්ථා නොවේය.

2015-02-03

මහින්ද වෙත ආදරයෙන්














හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාණෙනි,

මේ ලිපිය ලියන්නේ විභීෂණ වන මමද ඇතුළුව රටේ අකුරු කියවන්න දන්නා සහ පත්තරයක් සල්ලි දීල ගන්න පුළුවන් හැමෝම වගේ මේ ඊයේ පෙරේදා දවස් දෙක තුනේ දකින නිවුස් එකක් ගැන මගේ පෞද්ගලික මතය ඔබ වෙත දැක්වීම පිණිසය.

2015-01-31

වැඩ ඉවර නැත ( PART I )

අපි ගහක් කැපුවෙමු.

එසේ මෙසේ ගහක් නොව එක මහා වෘක්ෂ රාජයෙක්ය. අතු පතර හැම තැනම විහිදා ගොස් තිබුණු පලාතම අල්ලාගෙන හිටපු මේ ගහේ හෙවනැල්ල යට හැම කුණු ගොඩම හැම කුණු වැඩේම නොපෙනී ගොස් තිබුණි . හැම නරියාම හැම බල්ලම  මොන අලුගුත්තේරු වැඩේ කලත් මේ ගහේ අස්සේ රිංගා ගත්තාම ආයේ සක්කරයට වත් හොයන්න බැරිය. හොයන්න ආපු එකාටත් වෙන්නේ අන්තිමේදී ගහ අස්සේ හිරවෙලා අතුරුදහන් වෙන්න ය.

ඒ හින්දා මේ ගහ කපන්න ඕන කියල කාලයක් තිස්සේ අපි කතා කර කර හිටියෙමු. එත් කපාගන්න විදියක් තිබුනේ නැත.

එත් මේ ළඟදී හොඳ හයිය හත්තිය තියෙන CHAIN SAW එකක් එක්ක පට්ට වැඩකාරයෝ සැට් එකක් එක්ක එකතු වෙලා මේ පජාත ගහ කපල අයින් කරන්න අපිට පුළුවන් විය. එක අස්සේ හැංගිලා තිබ්බ කුණු කන්දල් පේන්න පටන් ගන්නේ දැන්ය. එව්වා පට්ට ගඳය. පළාතේ යන්න බැරිය.

2015-01-29

ලෝකේ හිනැස්සවීම සහ අන්ධ ගෑනි බලු වීම


මිනිස්සු හිනැස්සවීම කියන වචනේ අහන්න ලේසි වුනාට කරන්න බොහොම අමාරු දෙයක් බව විභීෂණ ත් කියෝන ඔහෙලත් හොඳින්ම දන්නා කාරනාවක් ය. විහිලු සපයන්න හැකියාව නැති එවුන් නොදන්නා රෙදි කඩමාලු කරන්න ගිහින් ඇදගෙන නාන අවස්ථා ඕන තරම් අප දැක ඇත.

ඒ කියන්නේ මිනිහෙක්ව හිනස්සවන්න පුළුවන් කියල කියන්නෙත් එක්තරා ආකාරයක පට්ට ටැලන්ට් එකක් බවය . එව්වා ඔය හැමෝටම කරන්න බැරි ය.

මිනිස්සු හිනස්සවන එක එච්චර අමාරු නම් ලෝකේ හිනස්සන එක කොච්චර අමාරුද කියල තේරුම් කරන්න මෙතන අමුතුවෙන් උදාහරණ දෙන්න අවශ්‍ය නැත.

එත් ඉතින් ඔච්චර අමාරු වැඩේ කජු කනවටත් වඩා ලේසියෙන් කරන්න පුළුවන් හැබෑම දස්ස යස්සයෝ ටිකක් ඉල්ලන්කාවේ ඉන්න බව නම් හැමදාම වගේ අපේ ඇස් පනා පිට ඔප්පුවෙන කාරණයක්ය.

2015-01-26

මූණු දෙකේ කෝලම

දැකල තියෙනවද මූණු දෙකේ කෝලම් .
දේශපාලනේ නම් තියෙන්නෙම ඕව තමයි. 
එත් මූණු දෙකක් නම් නෙවයි.
ඒ වුනාට මේ තියෙන්නේ දේශපාලනේ තියෙන කෝළමක් නෙවෙයි.
අවුරුදු ගානකට කලින් ඒ කියන්නේ විභීෂණ ත් පැටියා කාලේ වේදිකා ගත වෙච්චි , පස්සේ කාලෙකදී ටී වී එකෙත් පෙන්නපු ,
දයානන්ද ගුණවර්ධන ගේ "මධුර ජවනිකා" වේදිකා නාට්‍යයෙය් තමයි මේ මූණු දෙකේ කෝලම තියෙන්නේ. 
පරණ වුනත් පට්ට නිර්මාණයක්.
ඔහෙලා ඕන තරම් දැකලත් ඇති.
පොඩි වෙනසකටත් එක්ක තමයි මේවගේ එකක් දැම්මේ.

මම මෙතන විචාර දෙන්න යන්නේ නැහැ.
බලන්නකෝ කොහොමද වැඩේ කියල ..


2015-01-25

හිටං විප්ලවේ අතුරු කතාවක්




විභීෂණ ගේ ඔපීසියේ වැඩකරන විභීෂණ ට බොහොම හිතවත් "නිලධාරී තැන්පතී " ලා කීප පොළක්ම පහුගිය දවස් ටිකේ මරා ට බැහැගෙනම වැඩ කළේය . එත් ඉතින් මුන් අපි වගේ බ්ලොගක් බලලා, බුකියේ රවුමක් ගහලා රටේ දේශපාලනේ ගැන ඇඹිටිල්ලන් දැනුමක් වත්  තියෙන එව්වෝ නොවේය. දේශපාලනේ ගැන මුන්ට වඩා දැනුමක් අපේ ගෙදර ඉන්න පෑස් පුට්ටා ටත් ඇත.
මෙයාල ගැන විභීෂණ කියන්න කැමති මෙන්න මෙලෙසය.