දැකල තියෙනවද මූණු දෙකේ කෝලම් .
දේශපාලනේ නම් තියෙන්නෙම ඕව තමයි.
එත් මූණු දෙකක් නම් නෙවයි.
ඒ වුනාට මේ තියෙන්නේ දේශපාලනේ තියෙන කෝළමක් නෙවෙයි.
අවුරුදු ගානකට කලින් ඒ කියන්නේ විභීෂණ ත් පැටියා කාලේ වේදිකා ගත වෙච්චි , පස්සේ කාලෙකදී ටී වී එකෙත් පෙන්නපු ,
දයානන්ද ගුණවර්ධන ගේ "මධුර ජවනිකා" වේදිකා නාට්යයෙය් තමයි මේ මූණු දෙකේ කෝලම තියෙන්නේ.
පරණ වුනත් පට්ට නිර්මාණයක්.
ඔහෙලා ඕන තරම් දැකලත් ඇති.
පොඩි වෙනසකටත් එක්ක තමයි මේවගේ එකක් දැම්මේ.
මම මෙතන විචාර දෙන්න යන්නේ නැහැ.
බලන්නකෝ කොහොමද වැඩේ කියල ..