2014-12-26

පොලු බලිස්

කුඩු වලින් රට දිනූ
මඩ වලින් රට දිනූ
පඩ වලින් රට දිනූ
පගාවෙන් රට දිනූ
කප්පමෙන්රට දිනූ
ස්ත්‍රීන් දූෂනෙන්
රට මෙන්ම ලොව දිනූ
උදයට ද හවසටද
මහ රෑ ද අලුයමද
බේගල්ම ඇද බාන
කුණුහරුප වපුරුවන
මොලය නැති දැනුම නැති
ඉගෙන ගන්නට ද බැරි
ඉගෙනීම වැඩක් නැති
වටිනාකම දන්නේ නැති
ගොන්නුන්ට හරකුන්ට
රිලවුන්ට ගිරවුන්ට
දෙන දෙයක් වලඳගෙන
උඩු බුරන බල්ලන්ට
මෙලෝ යක්සයෙක්ටත්
වැඩක් නැති බොඩි වලට
තාත්තගේ අනුහසින්
සැප ගන්න බේබි ලට
වඳින්නට පුදන්නට
නැමෙන හිස ඒ උඹේ
නැගෙන පුක එත් උඹේ

කිසිදාක නොනැමේද
කිසිදාක  නොනැගේද 
වඳින්නට එක වරක්
පුදන්නට එක වරක්

දින ගණන්  පැය ගණන්
මාස්, අවුරුදු ගණන්
පසු නොබැස නිදි මරා
වෙහෙස වී  ඉගෙන ගෙන
රටද, මුළු ලෝකයද
දිනන්නට වෙර දරන
ඒ තරුණ දරුවන් ට

උඹලාගේ පෙර පවට
ඒ දරුවෝ අද පලිද

උඹලගේ දරුවෙකුත්
කවද හරි  මේ වගේ
කාකි ඇඳි අවි අතැති
ගොබ්බ මී හරකෙක් ගේ
ෆුට් බෝල් පාරකට
ලක්වුනොත් අකාලේ

ඉන්න පුලුවන්ද වී
සාලයේ හාන්සී 
බල බාලා වාහිනී
සැනසිල්ලේ නැළවිල්ලේ 

එහෙම නම් හරකුනේ
ගොන් බඳින කණුවෙනී
පොඩ්ඩන්ට ළමයින්ට
අහිංසක මිනිසුන්ට
ගෑනුන්ට පිරිමින්ට
කෝටියක් ලොරි ටෝක්
හිතුමතේ ඇදබාන
එලොවේද මෙලොවේද
නොමැති ගෙම්බර් පාන
විරිත්තන පුප්පන
බැටන් සංග්‍රහ  පුදන
ලොක්කන්ගේ ඇට ලොවන
යුනිපෝම් මහතුනී

මතකයේ තබා ගනු
යලි යලිත් සිහි කරනු
එදා ඒ තොපි ගැහුවේ

කොහේවත් තැනක් නැති
කොහෙට වත් වැඩක් නැති
ඉබාගාතේ දුවන
මිනිස් සිරුරකට නොව
උදාවෙන හෙට දවසේ
පාලනය බාර වෙන

උඹේ පමණක් ද නොව
උඹේ දරුවන්ගේද
ජීවිතේ එලි කරන
දියුණුවට මග කියන
හැකියාව අත තියෙන

අනාගතයට ම බව..








-----------------------------------------------------------------------------------------------------------------------
මේ පොස්ටුව කොටන්න හිත පහලවුනේ අපේ රසික ගේ රසිකලොජියේ තිබ්බ මේ පොස්ටුව දැක්කට පස්සේ .

ඡායාරූප වල සම්පූර්ණ අයිතිය Lanka E News වෙත හිමිවන අතර , මේවා Download කර ගත්තේ ඔවුන්ගේ Facebook පිටුවෙනි.




14 comments:

  1. හ්ම්ම්ම් ..බලමු ජහමනයා මේ දේවල් වලට සංවේදීද කියලා, නැත්තම් කටුනායක වැහුවොත් මත්තලින් පනිනවා කියපු ය වෙනුවෙන් සංවේදීද කියලා

    ReplyDelete
    Replies
    1. බලමු කස්ටියගේ සංවේදී කම.

      ගුටි කන්නම , මැරුම් කන්නම ඕන කියල සැට් එකෙකුත් ඉන්නවනේ.

      Delete
  2. මේ ගහන්නේ ඔය පොලීසියේ කොස්තාපල්ලා, සාජන්ලා වැනි උන්ගේම දරුවන්ගේ අනාගතයට යි....... උන්ට ම තමයි කවදා හරි අධ්‍යාපනය කඩාකප්පල් වෙච්ච රටක පාසලකට දරුවන් යවන්න වෙන්නේ... මේ ගහන්නේ උන්ගේ ම දරුවන්ටයි.... අපි ඔ්ක කාලයක් උන්ට කිව්වා.. උන් ඒදත් අපිට ගැහුවා.. අදත් ගහනවා... හෙට උන්ගේ දරුවන්ටත් ගහයි........ හැබැයි අැත්තම කතාව තමයි ඔය ගුටි කන බහුතරයට අනාගතයේ දී තමන්ගේ දරුවෙක් ගෙවලා පාසලකට යවන්න බැරි කමක් නැහැ.. සමහර විට බහුතරයකට ළමයෙක් රට යවලා උගන්නන්නත් පුළුවනි.. ඒත් ඔය බත්බැලයන්ට විතරයි ඒක බැරි............

    අනේ ගහපං අපිට මොකද????????????????????????

    ReplyDelete
    Replies
    1. //අනාගතයේ දී තමන්ගේ දරුවෙක් ගෙවලා පාසලකට යවන්න බැරි කමක් නැහැ.//

      ඇත්ත.ඇත්ත.
      නොකර බැරි කමට තමයි මුන් ආණ්ඩුවට ගොටු අල්ලන්නේ.

      //අනේ ගහපං අපිට මොකද?// කියල හිතුවොත් ඉතින් අපිට ගහල යනකන් අපි දන්නෙත් නැහැ.

      Delete
  3. කොහොමත් අපි ඉතිහාසය ගැන පුරාජේරු කිය කිය වර්ථමානේ කාලකන්නි කරගෙන අනාගතේට පයින් ගහන ජාතියක්.. එක එක පොලිස් කාරයාගේ නොවෙයි මේ කුණු සිස්ටම් එකේම (පොලීසියද ඇතුලත්) වැරැද්ද.. බලමු මිනිස්සු මේ දේවලට කවදා සංවේදී වේවිද කියලා..

    ReplyDelete
    Replies
    1. සිස්ටම් එකේ වැරැද්ද මේ රටේ මිනිස්සුන්ට තේරිලා තියෙනවා නම් හොඳයි.

      එත් එහෙම ගතියක් නම් තාම අපිට දැනිල නැහැ.

      Delete
  4. මේ සහොදරයින්ගේ ප්‍රශ්නවලට සාධාරණ විසඳුමක් දෙන්නේ නැති මිනිස්සුන්ට තමයි මුලින්ම එරෙහිවෙන්න ඕන.එහෙම හරි ව්සඳුමක් නැති නිසානේ සැරින් සැරේ මෙහෙම අරගල කරන්න වෙන්නෙ .මට මෙහෙමත් හිතෙනව, ඒක කාටවත් සුදු හුණු ගෑමක් නම් නෙවෙයි ..ඔතනදි ඔය සහෝදරයින් ඇත්තටම කෝලහාල කලාද කියල ඇහින් දැක්කේ නැති නිසා කියන්න බෑ.හැබැයි එහෙම කලානම් පොලිසියට තමන්ගේ රාජ කාරිය කරන්න වෙනව හැබැයි මෙහෙම තිරිසන් විදිහට ගහන එක නම් හෙළ තරයේ දකිනව.හැමවෙල්ම තැලෙන්නෙ කට්ට කාල ,අවුරුදු ගණන් නාස්තිකරලා ඉගෙන ගන්න එන එවුන්ව.ඔය එකෙක්ට වත් සල්ලි තිබ්බ නම් ඔහොම කාගෙන් වත් ගුටි කන්නේ නෑ ඔය ඉහල ලොකු ලොක්කන්ගේ දරුවෝ වගේ රට ගිහිල්ල සල්ලි විසිකරලා මොනාම හරි උපාධියක් අරන් එනවා ...-_-

    ReplyDelete
    Replies
    1. //ඔය එකෙක්ට වත් සල්ලි තිබ්බ නම් ඔහොම කාගෙන් වත් ගුටි කන්නේ නෑ //

      අන්න එක තමයි ප්‍රශ්නේ.

      එත් ඉතින් මේ විදියට ගියොත් දුප්පතාට ඉගෙන ගන්න තියෙන පොඩිම හරි චාන්ස් එක නැතිවෙනවා.

      Delete
  5. මුන් බලයට ඇවිත් දැන් අවුරුදු විස්සයි.. අදත්, මුන් කරපු දේට වඩා කතා කරන්නේ 77-94 වෙනකන් කරපු නෝටි වැඩ. ඒ කියන ඔක්කෝම දැන් මෙයාලත් කරලා අවසානයි. තව සැරයක් ආවොත් තුන්වෙනි කැරල්ලත් බුදු ෂුවර්...

    ReplyDelete
    Replies
    1. අනිවා.
      හැමෝම අනිකාගේ බිජ්ජේ ලප හොයනවා.

      ලොක්ක දින්නොත් අනිවා මේ රටට කැරැල්ලක පිහිට තමයි.

      Delete
  6. ඉස්සර ගැහුවා කියලා අදත් ඔහොම ගහන්න පුලුවන්ද? එතකොට මොකක්ද මානව ශිෂ්ඨාචාරයේ දියුණුව. නොදියුණු ඒකාධිපති රටවල ගහනවා මරනවා. දියුණු රටවල උපක්‍රමශීලීව අවම වේදනා දෙන ක්‍රම භාවිතා කරනවා. අපි යන්නෙ කොයිබටද? ඕකුන් කොහෙද දියුණුවන ලෝකයක් දකින්නෙ. තාම වෝකිටෝකිය කනේ ගහගෙන අර හඩු පොත් සෙට් එක ලිය ලියා ඉන්නවා මිසක්.

    ReplyDelete
    Replies
    1. ඔවු බන්,

      මෙහෙ පොලෝසිය තාම ඉන්නේ සුද්දගේ කාලෙටත් එහාද කොහෙද.

      ගල් යුගේත් නෙමේ මං හිතන්නේ.

      Delete
  7. මේ හැම දේකටම දොස් කියන්නෙ මේ රටේ ජනතාවට.මොකද යකාගෙ හැටියට විමානෙ.පොලිස් ප්‍රචන්ඩත්වයනම් කවදත් තිබ්බ.ඕකට විකල්පයක් ලෙස හමුදාව යෙදෙවීමේ මරිමෝඩ අදහසුත් සමහරුන්ට තිබෙනව.පොලීසියෙන් නම් ගහනව හමුදාවෙන් මරනව ඒකයි සිස්ටම් එක.රතුපස්වලින් පස්සෙ ඒ මිත්‍යා මතය අඩුවුනා.
    ඉන්දියාව ලංකාව වගෙ රටවල මේව සාමාන්‍ය දේවල්.මොකද ඒ රටවල ජනතාවගෙ හැටියටම තමයි පොලීසිත්.
    රේල්වේ එකේ ස්ට්‍රයික් එකක් තිබුන.ස්ට්‍රයික් කාරයො මගීන්ව බ්ලැක්මේල් කරගෙන යන්නම දෙන්නෙ නැහැ.උන්ගෙ ප්‍රශ්නවලට අපි පලි නෑනෙ.ඉතින් මේ කුලු පොලු අරන් පොලිස්කාරයො එනකොට උන්ව අපට පෙනුනෙ වීරයො වගෙ.නීතිය අතට ගන්න මහජනයට බෑ.පොලීසියෙ වගකීම පාර ක්ලියර්කරන එක.
    මෙහෙම බ්ලොග් ලියන එක හොඳයි.මේකෙන් සමාජය ශිෂ්ට වෙනව.

    තව දෙයක් පොලු ප්‍රහාර ගැන පොලීසියට බැන්නට මාතරදි සිවිල් අයත් කුරුදු පොලු අරන් තමන්ගෙම පක්ෂෙ අයට ගහනව ආපි දැක්ක.
    සිරිකොතේ සාමකාමී උද්ඝෝෂනයකට පොලුවලින් ගැහුව.බ්ලොග් ලියන අපේ යාළුවො සමහරකට ඒක මහා ආහ්ලාදයක් වෙලත් තිබුන.

    ReplyDelete
    Replies
    1. //මේ හැම දේකටම දොස් කියන්නෙ මේ රටේ ජනතාවට//

      ----------------සම්පූර්නයෙන්ම එකඟයි. එක තමයි අපිට අපි ගැනම තියෙන දුක.

      Delete

කමෙන්ට් කලාපය....