2015-06-07

සොඳුරු මතකයන් මා හදේ අවදිවී...

සොඳුරු මතකයන් මා හදේ  අවදිවී...
සිහින ලෝකයේ...
ම හද පාළුවේ...

නින්ද නැති මේ පාලු රාත්‍රියේ ..
මගේ ප්‍රේමියේ...
ම හද පාළුවේ...

සුරඟනක් සේ මා ඔබ දුටුවේ...
සුමුදු වදනින් මාහට දෙඩුවේ...
ආදරේ සුවඳින් මහද පිරී...

ඈත අහසේ තරුවැල් අතරේ..
අපගේ ආදරේ සුසුමන් සැරුවේ...
ඇයිද අද මා තනි වීලා මෙලෙසේ...

සිතුවිලි මා හද රිදවන්නේ...
සැම තැන ඔබේ රුවමයි දැන් ඒ....

සොඳුරු මතකයන් මා හදේ  අවදිවී...
සිහින ලෝකයේ..
ම හද පාළුවේ...
නින්ද නැති මේ පාලු රාත්‍රියේ ..
මගේ ප්‍රේමියේ...
ම හද පාළුවේ...

කඳුකරයේ සීත වසන්තේ..
කිවූ පෙම් බස් ඔබගේ තුරුල්ලේ..
මතකයන් පමණි සිහින ලොවේ..

මිරිඟුවක් සේ දෑස් ඉදිරියේ..
ඇයිද මෙලෙසේ මහද තනි කලේ...
අන්ධකාරේ මා තනිකර මෙලෙසේ...

සිතුවිලි මා හද රිදවන්නේ...
සැම තැන ඔබේ රුවමයි දැන් ඒ....

සොඳුරු මතකයන් මා හදේ  අවදිවී...
සිහින ලෝකයේ..
ම හද පාළුවේ...
නින්ද නැති මේ පාලු රාත්‍රියේ ..
මගේ ප්‍රේමියේ...
ම හද පාළුවේ...

සසර පුරා ඔබ සොයමින් සැරිසරා..
මන්ද මේ ලෙසේ මහද තනි කලේ..
සොඳුරු මතකයන් මා හදේ  අවදිවී...


------------>.>
Song Sonduru Mathakayan by Bonnie Fabion ft Aruna Lian.
This song written by Bonnie/ Aruna

2015-06-03

ජාතික ගඩොල් සංහිඳියාව


මීට ටික දොහකට කලින් විභීෂණ මේ රටේ තියෙන සිමෙන්ති වන්දනාව ගැන ලිපියක් ලිව්වේය. ඊට පහු කාලෙක මළකුණු වන්දනාව ගැනත් ලිව්වේය.එව්වා කියෝපු සමහරක් , මම ආගම් වලට අපහාස කරනවා කියලා කියාගෙන මා එක්ක ඩිජිටල් වලි වලට ද සැට් විය. ආගම් වල වැරදි ඕනෑතරම් ඇත. අවශ්‍යමනම් කිලෝ ගානට වුනත් කිරා බෙදා හරිය හැකිය. ඒ වැරදි ගැන අපි කරන විවේචන තමතමුන්ගේ ආගම් වලට වෙන අපහාසයක් විදියට පෙන්වා නම් උන් ආගම ඉගෙන ගෙන තියෙන විදිය ගැන අපිට හොඳ හැටි හිතා ගන්න පුළුවන.

2015-05-24

මිනි කාක්කන් ගෙන් ප්‍රවේසම් වෙමු

යාපනේ ප්‍රදේශයේ හිටපු තරුනියක්ව දූෂණය කර මරා දැම්මේය. උතුර වගේම දකුණත් මේ වෙනකොට  ඒ සිද්ධිය හින්දා එකසිය ගානට රක්ත තපත වී ඇත. එත් විභීෂණ ට පෙන විදියට දෙපැත්ත රත් වෙලා තියෙන්නේ දෙවිදියකට ය .

2015-05-17

විරහව ලද මතකය


පළමු රැකියාව ය.
ගොස් වසර දෙකක් පමණය
 
ඇය පහල නිලයකය
මට පියවරක් පමණ .
මගේ නිලයට ම ඇය 
උසස් විය ටික කලකින්ම .
අලුත් ජොබ් එකේ 
අලුත් දේවල් 
දැනකියා ගන්න ඈ 
ආවේ නිතරම මා ගාවටය

2015-05-14

හරකා සහ භූමිකම්පා ව



නෙපාලේ ඇති වෙච්ච මහා භූමිකම්පාවයි, එකෙන් ඇති වෙච්ච දරුණු විනාසෙයි අද ලෝකේ හැමෝම කතා කරන ටොප්ම ස්ටෝරිය බව විභීෂණ අමුතුවෙන් කිව යුතු නැත .එයින් බහුතරය, අතිබහුතරය කතා කරන්නේ ඒ රට ආපහු ගොඩනගන්නේ කොහොමද, භූමි කම්පාවේ බලපෑම මොන වගේද, එක අනාගතේට බලපාන්නේ කොහමද වගේමුළු ලෝකෙටම වැදගත් කරුණු කාරනා ය.

2015-05-06

බෝඩිම

මෙන්න බෝඩිම.....


2015-05-02

තොට ඔහොම වෙලා මදි

යකෝ,
ඔච්චර මහන්සි වෙලා ඉගෙන ගෙන , 
කැම්පස් ගිහින් ඩිග්රි ත් ගහල, 
ඊට පස්සේ  උඹ වගේම දුක් මහන්සියෙන් ඉගෙන ගෙන 
කැම්පස් ආපු කොල්ලෝ කෙල්ලන්ට උගන්නන 
ඩොක්ටර් කෙනෙකුත් වෙලා 
කැම්පස් වල ඉන්න අනික් සර් ලා මැඩම් ලා වෙනුවෙනුත් පෙනී ඉඳලා, 
ඒ මොකුත් ඕන නෑ 
රටම පිළිගන්න උගතෙකුත් වෙලා 

2015-04-30

The කොන්ද


කොන්ද කියන්නේ මහා පුදුම අයවැයකි.අයවයවකි අවයවයකි. මේ කූර සමාජය ඇතුලේ යාන්තමින් හරි ඔලුව උස්සන්න පුංචි හො කොන්දක් තිබිය යුතුය. ඒ වගේම "කියන්න තියෙන දේ කෙලින්ම කීම "නමැති දරුණු පාප කර්මය පලිසන් දී හදිසියෙන්ම අර කියාපු කූර සමාජෙන් හිටිහැටියේ වලකජු ගැසීමට අවස්තාවක් උදාවීමටත් ඔය කියන කොන්ද මූලිකම සාධකයක් වෙන්නේ මොකද කියල කියන්න උවමනා නැත.

2015-04-19

ධාතු සහ මළකුණු

ඉල්ලන්කාවේ බෞද්ධ සහ කතෝලික යන ආගම් දෙකේම ඉන්න අම්බරුවන් රැලකට පුදුමාකාර ධාතු පිස්සුවක් සැදී ඇත. ධාතු කිව්වේ අර අරවා ධාතු නොවේ. එව්වා ගැන වුනානම් ටිකක් හරි හිත හදා ගන්න පුළුවන් වුනත් කරුමේ කියන්නේ මුන්  සේරම පිස්සු වැටිලා ඉන්නේ ලෝක පූජිත මනුස්සයින්ගේ ශරීර කොටස් වලට වීමය.

2015-04-18

හැර ගියේ නැත

බ්ලොග් ලෝකය තුල මා හිතවත් සියලුම දෙනා වෙතයි,

හදිසියේ ම ඇති වූ කාර්මික දෝෂයකට පින් සිද්ධ වෙන්නට යසට තිබූ විභීෂණ laptop එක top lat එකක් බවට පත්විය. ඒ නිසා අකාලයේ මාසයකට ආසන්න කාලයකට විභීෂණ බ්ලොග් අවකාශය තුල අතුරුදහන් විය. මේ හේතුව නිසා විභීෂණ යන නමත් "නොකියාම ගිය " බ්ලොග් කරුවන්ගේ ලැයිස්තුවට ඇතුල් කලානම් හෝ කරන්න සිතුවා නම් එසේ නොකරන ලෙස මෙසේ විභීෂණ ඉල්ලා සිටී.

මේ වනවිට ඒ TOPLAT එක නැවතත් යසට වැඩකරන laptop එකක් බවට පරිවර්තනය කර ඇති හෙයින් ආපසු බ්ලොග් ලෝකේ කරක් ගහන්න පට්ටං ගත්තෙම්.

ඉතින් ආපහු සැට් වෙමු එහෙනම්..

මීට
දෙවැනි විභීෂණ
2015-04-18