2015-04-30

The කොන්ද


කොන්ද කියන්නේ මහා පුදුම අයවැයකි.අයවයවකි අවයවයකි. මේ කූර සමාජය ඇතුලේ යාන්තමින් හරි ඔලුව උස්සන්න පුංචි හො කොන්දක් තිබිය යුතුය. ඒ වගේම "කියන්න තියෙන දේ කෙලින්ම කීම "නමැති දරුණු පාප කර්මය පලිසන් දී හදිසියෙන්ම අර කියාපු කූර සමාජෙන් හිටිහැටියේ වලකජු ගැසීමට අවස්තාවක් උදාවීමටත් ඔය කියන කොන්ද මූලිකම සාධකයක් වෙන්නේ මොකද කියල කියන්න උවමනා නැත.

2015-04-19

ධාතු සහ මළකුණු

ඉල්ලන්කාවේ බෞද්ධ සහ කතෝලික යන ආගම් දෙකේම ඉන්න අම්බරුවන් රැලකට පුදුමාකාර ධාතු පිස්සුවක් සැදී ඇත. ධාතු කිව්වේ අර අරවා ධාතු නොවේ. එව්වා ගැන වුනානම් ටිකක් හරි හිත හදා ගන්න පුළුවන් වුනත් කරුමේ කියන්නේ මුන්  සේරම පිස්සු වැටිලා ඉන්නේ ලෝක පූජිත මනුස්සයින්ගේ ශරීර කොටස් වලට වීමය.

2015-04-18

හැර ගියේ නැත

බ්ලොග් ලෝකය තුල මා හිතවත් සියලුම දෙනා වෙතයි,

හදිසියේ ම ඇති වූ කාර්මික දෝෂයකට පින් සිද්ධ වෙන්නට යසට තිබූ විභීෂණ laptop එක top lat එකක් බවට පත්විය. ඒ නිසා අකාලයේ මාසයකට ආසන්න කාලයකට විභීෂණ බ්ලොග් අවකාශය තුල අතුරුදහන් විය. මේ හේතුව නිසා විභීෂණ යන නමත් "නොකියාම ගිය " බ්ලොග් කරුවන්ගේ ලැයිස්තුවට ඇතුල් කලානම් හෝ කරන්න සිතුවා නම් එසේ නොකරන ලෙස මෙසේ විභීෂණ ඉල්ලා සිටී.

මේ වනවිට ඒ TOPLAT එක නැවතත් යසට වැඩකරන laptop එකක් බවට පරිවර්තනය කර ඇති හෙයින් ආපසු බ්ලොග් ලෝකේ කරක් ගහන්න පට්ටං ගත්තෙම්.

ඉතින් ආපහු සැට් වෙමු එහෙනම්..

මීට
දෙවැනි විභීෂණ
2015-04-18


2015-03-25

අනාගත ජනාධිපති අතිගරු පුස්වෙඩිල්ල | The Future President HE. Puswedilla

දැකලා පුරුදු නොවෙන්න පුළුවන්. 
එත් හොඳටම අත්දැකලා පුරුදු නාට්‍යයක් කෝළමක්.





මොකද හිතෙන්නේ....????

2015-03-21

දෙමළ අජීරණ වීම | Fucking Sinhala Extremists

මේ ලංකාව අයිති සිංහලයින්ට විතරයි කියල හිතන ගොන් බඳින කණු ටික මේ දවස් වල රටේ ජාතික ගීය අල්ලාගෙන අම්බානෙට කුලප්පු වෙලාය. ජාතික ගීයේ දෙමළ පරිවර්තනෙ ගායනා කරන්න මීට පස්සේ කිසිම බාධාවක් නැහැ කියලා ජනාධිපතිවරයා කිව්වා කියලා මුන් ටික දැන් ඉන්නේ පුක දාච්ච නරි වගෙය. මේ නරි සේරම මේ වෙලාවේ තොරතෝංචියක් නැතිව මෛත්‍රී ට මඩ ගහන්න පටන් අරන් ඇත. ජාතියේ අවාසනාවක් ගැන දුක් ගාවිනා ගයන්නට පටන් අරන් ඇත. මෙහෙව් අවජාතක නරි රැලක් රටක සිටීම ඇත්තටම මුළු රටම කරලා තියෙන මහා පවුකාර කමක් ය.

2015-03-20

ජාතික ආණ්ඩුවෙන් සේරම හරියයි ද | Will everything OK with a National Government?

අපි අහල තියෙන විදියට ජාතික ආණ්ඩුවක් කියල කියන්නේ රටේ පාලනය නිවැරදි ලෙස ගෙනියන්න පාර්ලිමේන්තුව නියෝජනය කරන සෑම පක්ෂයක්ම එකතුවෙලා එකට යන ගමනක් ය. ඔව්ව ඔහොම ලේසියෙන් කිව්වට බොහොම උසස් සංකල්පනා ය. හරියට තේරුම් ගන්නත් , හරියට කරන්නත් බුද්ධිමත් ( ඩිග්රි කාරයෝ විතරක් නොවේ ) නායකයින් රටට අවශ්‍ය ය. මොකක්දෝ හේතුවකට එහෙම නායකයින් මේ රටේ නැත. ඉන්නවනම් ඉන්නේ ඒ ලඟට එන එවුන් කීප දෙනෙක් විතරය.

2015-03-14

මම කුඩු ගසමි ( බ්ලොග් ලියමි ) | Addicted to Drugs ( Blogging)

කුඩු ඇබ්බැහියකි. විභීෂණ කුඩු ගහලා නැත.
බ්ලෝග කලාවකි. විභීෂණ බ්ලොග් ලියන්නෙකි.
අහෝ බේදයකි..

2015-03-12

අපි යහපාලනේ ගැන කලකිරිලද? | Are we dissapointed on YAHAPALANAYA ?


 
මුළු රටක් ම එකතු වෙලා මෛත්‍රී සහ එයාගේ යහපාලනේ ට රට බාර දුන්නට මොකද යහපාලනේ ඇතුලේ ඉන්න "වෙන්ඩ පොරවල් " ටික මේ දවස් වල ඉන්නේ ඇදගෙන නාන ගමන් ය. හැංගි හොරා නොව අමු නිර්වස්තරෙන් පට්ට ප්‍රසිද්දියේ ය. මුලින්ම නෑවේ ඇවන්ගාඩ් ලිඳෙන් ය.තාමත් ඉවර නැත . මේ දවස්වල නාන්නේ මහා බැංකු ලිඳෙන් ය. නාන්න පටන් ගත්තා විතරය . ඊයේ පෙරේදා ෆුල් ෆේස් ළිඳකින් ද යාන්තමට නාගෙන මේ වෙනකොට තාවකාලිකව ලිඳෙන් එලියට ඇවිත් ඇත.
තව මොන මොන ළිං වලින් හෙට අනිද්දා ට නාන්න සිද්ද වෙයිද කියල දෙයියොත් ඉන්නේ දෙගිඩියාවෙන් ය.

2015-03-02

සතියක ට වැනිෂ්

මාතෘකා නම් එමටය.
ලියන්න කොටන්න බොහෝ දේවල් ඇත.
එත්
exam විභාගයකට සූදානම් වීමට ඇත.
ඒ නිසා මේ වෙනකොට වෙලාව යනු රත්තරන් ය.

ඉල්ලන්නේ පුංචි සමාවක් ය.
විභීෂණ නිවාඩු යන්නේ සතියකට විතරය .

ආපහු ලබන ඉරිදා හම්බුවෙමු.

හැමෝටම සුබ සතියක්.

2015-02-17

සංගණනයට හෙළ rap උත්තමාචාරය

\
ජනවාරි -9 වෙනිදා -ලෙසටම -කිච වුන
පිලිකන්නේනුත් එලියටම -වැටුන
හතර හන්දි -පන නැති-මී හරක් -රෑන
ඔන්න මචන්- සැට් වෙනවලු-නුගේගොඩට  -දෙක/දහ අට