2015-10-25

මහා පාර මර උගුලක් කිරීම...

මනුස්සයෙක් මළාම ඒ දේහයට සුදුසු ගෞරව සහිතව අවසාන කටයුතු කිරීම මේ ලෝකේ පුරාම ඉන්න මොකක් හෝ ශිෂ්ඨාචාරය කට අනුව හැඩ ගැහිච්ච හැම ජන කොට්ටාශයකම තියෙන උතුම් සිරිතක් ය.

මේ රටෙත් ඒ දේ එහෙම්මමය.
බෞද්ධ, කතෝලික, හින්දු ,මුස්ලිම් වගේ ඒ ඒ ආගමට වෙන් වෙච්ච ආවේනික වෙච්ච සිරිත් විරිත් අනුව මරණයකදී කටයුතු කරනවා අපි හැමෝම දැක ඇත. ඒ ගැන කිසි විවාදයක් ද නැත.



ඒ කොහොම වෙතත් මුස්ලිම් අවමගුල දවසෙන් සිද්ද වෙන හින්දා අපිට අධ්‍යනය කරන්න , විචාර විවේචන කරන්න තරම් සිරිත් විරිත් පෝලිමක් පෙනෙන්නේ නැති නිසාත් , හින්දු අවමගුලක ට ප්‍රායෝගික ව සහභාගී වෙන්න තාම අවස්තාවක් ලැබී නැති නිසා ඒ සිරිත් විරිත් හරි හමන් විදියට අධ්‍යනය කරන්නතාම බැරි වෙලා තියෙන නිසාත් විභීෂණ මේ කතා කරන්නේ සිංහල මිනිස්සුන්ගේ අවමගුල් චාරිත්‍රයක් ගැන ය.

කතෝලික හෝ බෞද්ධ , සිංහල මිනිස්සුන්ගේ අවමගුල් වල ගෙදර සේරම වැඩ , වත් පිළිවෙත් ඉවරවුනාට පස්සේ අවසන් කටයුතු සිද්ධ කරන කනත්තට දේහය ගෙනියන්නේ පෙරහැරකින් ය.
සමහර තැන්වල හර්ස් එකෙන් මිනිය කනත්තට ට්‍රාන්ස්පෝර්ට් කරන අතර ගොඩක් තැන් වල කෙරෙන්නේ මිනිසුස්න්ගේ කර මතින් පෙට්ටිය කනත්තට ගෙනියන එකය. ඒ වගේ මිනිය කර මතින් ගෙනියනවා නම් පාර දිගට සුදු රෙදි පාවඩ දානවා මම මෙන්ම මේක කියෝන ඔහෙලාද දැකලා කරලා ඇතිබවට සැකයක් නැත.

මේ ලියන්නේ ඒ හැමදේම  ගැන නොව වාහන වලින් ගමන් බිමන් යන , විශේෂයෙන්ම මෝටර් සයිකල්, පුස් සයිකල් වගේ රෝද දෙකෙන් මහා පාරේ ගමන් බිමන් යන මිනිස්සුන්ට ඔන් ද සපෝට් ස්වර්ගස්ථ වෙන්න පුළුවන් ජාතියේ භයානක සහ තනි පට්ට මෝඩ සිරිතක් ගැනය.

අර තකතීරු  සිද්ධිය සිද්ද වෙන්නේ මෙන්න මේ ට්‍රස්පොර්ටෙෂන් අවස්තාවේදී ය.
ඒ වෙනින් මොකවත් නොව  රෙදි පාවඩ වෙනුවට "වැලි පාවඩ" පාවිච්ච් කිරීමය.

වැලි  පාවඩ පාවිච්චි කරන කොට අවමගුල් පෙරහරේ මුලින්ම යන්නේ මිනිය කරගහගත්තු මිනිස්සු හෝ මිනී කාර එක හෝ අර කළු කෝට් එක පොරෝගෙන ගෙජ්ජිය ( උගේ එක නම් නොවේ) හොල්ල හොල්ල යන එකා නොව තඩි හෝ බඩී වැලි ලොරියක් ය.

ඉතින් එකේ වැලි ගොඩ උඩ ඉන්න එකෙක් හෝ කීප දෙනෙක් කරන්නේ වැලි  අහුරක් හෝ තාච්චියක් ගානේ පාර  දිගේ හල හල යන එකය. අනේ ඉතින් අපේ අවමගුල් පෙරහැරත් වගේ වගක් නැතිව හෙන ශෝක් එකට අර වැලි උඩින් තමුන්ගේ ගමනාන්තය කරා ගමන් ගන්නේය. උන් හිතන්නේ වැලි උඩින් මිනිය ගෙනිච්චා ම මල මිනියට හෙන ගෞරව වෙනවා ඇති කියා ය. සමහර විට නිවන් දකින්න, සුවර්ගේ ට යන්න ලේසි වෙනවා කියලා හිතනවා වෙන්න්නත් පුළුවන.

අනේ හුකේ නන්නානේ වෙන්නේ මලගේදරදී නොව, මිනී කනත්තේ නොව අඩුම ගානේ වල ඇතුලෙදීවත් නොව , අර වැලි හලාපු මහපාරේ ය.

මල මිනියට ගෞරව කරන්න කියලා පාරේ හලාපු වැලි මළගෙදර එකෙක්ට වත් එතනින් එහාට මතක නැත. මතක් වුනත් ගානක් නැත.
ගාන තියෙන්නේ වැලි හලලා නාස්ති කරපු කාපට් පාරේ , ද්වී-රෝද, ත්‍රී-රෝද , සිවු රෝද ත් එතනින් එහාට රෝද ගානක් තියෙන වාහන එලොන මිනිස්සුන්ට ය.
වැලි උඩින් යන ගමන් බ්රේක් පාරක් ගහන්න සිද්ධ වුනොත් ඒ "ගාන " මොකක්ද කියලා හැමෝටම බලා ගන්න පුළුවන.
ඒ බ්රේක් පාර ගහන්නේ මෝටර් සයිකලයක්නම් ඉතින් සිද්ද වෙන දේ මෙතන ලිවීමේ මහලොකු අවශ්‍යතාවයක් නැත. ඒ තරමට ම සනීප ජනක ය.
 වැලි හැලුවායින් පස්සේ මහා පාර ඒ තරමට ම අනාරක්ෂිත ය.

මෝටර් සයිකල් වලින් ගමන් බිමන් යන මිනිස්සු ඉතින් පාරේ යනකන් දෙයියෝ සිහිකරගෙන යාන්න ඕන ය. නිකමට හරි ලිස්සලා ගියොත් ඉතින් ඊළඟ මිනී පෙට්ටිය රෙජිස්ටර් වෙන්නේ උගේ නමට ය.

සමහර විට එතනදී නැති වෙන්නේ දරු මල්ලෝ ඉන්න තාත්තා කෙනෙක්ගේ ජීවිතයක් ය, එහෙම නැත්තන් කාගේ හෝ අම්මෙක් ගේ තාත්තෙක් ගේ දරුවෙක්ය.
අසරණ වෙන්නේ එකෙක් දෙන්නෙක් නොව මුළු පවුලක් මය.

එත් එදා තමුන්ගේ යාලුවාගේ, ඥාතියා ගේ අවමගුල් පෙරහරට මහා පාර දිගේ වැලි හලාපු එවුන්ට ඔව්වා ගානක් නැත. ඒ ඌට , උන්ට ඒ දේ සිද්ධ වෙලා නැති නිසාය.
ඒ කරාපු තකතීරු වැඩේ බරපතල කම උන්ට තේරෙන්න නම් වැලි දමාපු කාපට් පාරක ලිස්සලා ගොස් ලෙලි ඇරගත යුතුය.

රටේ ආණ්ඩු විසින් මහා මාර්ග හදලා සංවර්ධනය කරලා තියෙන්නේ මිනිස්සුන්ට පරිස්සමට , ලේසියට පහසුවට තම තමුන්ගේ ගමන් බිමන් යන්න මිස එක එකා ට ඕන හැටියට වෙන වෙන රෙද්දවල් වලට පාවිච්චි කරන්නට නොවන්න බව බොහෝ දෙනෙක් දන්නවා වුනාට නොදන්නා මැටි හරකුන්දතැන් තැන් වල තාමත් ඉන්න බව කිව්වට වරදක් නැත.
බරපතල ම වරද තියෙන්නේ එහෙම තකතීරුවන් සිටීම නොව ඒ තකතීරුවන්ට උන්ගේ තකතීරුකම් කරන්න සාමන්‍ය බුද්ධියක් තියෙන මිනිස්සු ඉඩ දෙන එකය.

මල ගෙයක්වුනා කියලා පාරට වැලි දාන්න කවුරු හරි ලෑස්ති වෙනවා නම් එක වලක්වන්න කොන්දක් , ඊට විරුද්ධව කතා කරන්න පණ තියෙන කටක් කාට හරි තියෙන්න ඕනය.
මනුස්සයා මැරී ඉවරය. කරන්න තියෙන්නේ ඒ මිනියට සුදුසු ගෞරව දැක්වීම මිස මල මිනියටත් පවු අනුමෝදන් වෙන විදියට මහා පාරේ මිනි මරන්න ඉඩ දෙන එක නොවේය.

අහල තියෙන විදියට ජපානය වගේ රටවල් වල මහ පාරට කොලයක් දැම්මත් දඩ ගහන්න තරම් නීති තදය. විභීෂන නම් කියන්නේ කොළ දැමීම කොහොම වෙතත් මහා පාර අනතුරුදායක තැනක් බවට පත්වෙන විදියේ වැලි හැලීම වගේ තකතීරු කම් කරන එව්වෝ එකෙක් දෙනෙක් හරි හිරේ දැමිය යුතු බවය. එහෙම කරන්න නීති නැත්තන් නීති හදා හෝ ක්‍රියාත්මක කල යුතුය කියලා ය.

මිනිස්සුන්ගේ නොදන්නුවත්කම් වලටත්, තකතීරුකම් වලටත් සීමාවක් තිබියයුතු බව හැමෝම දැන අවබෝධ කර ගත යුතුය.
අඩු ගානේ මේක කියෝලවත් එකෙක් දෙන්නෙක්ට වත් ඒ මොලේ පහල වෙනවා නම් ලොකු දෙයක් ය.


----
මෙහෙම ලියන්න සිද්ධ වුනේ ඊයේ පෙරේද දවසක හලාවත-කොළඹ පාරේ කටුනායක හරියේ දී අවමගුල් පෙරහරක් ගොහින්  පාරෙන් එක බාගයක් වැහෙන්න තැන් තැන් වල වැලි ගොඩවල් හලලා තිබීම නිසාය.

ඒ උඩින් විභීෂණ ත් මෝටර් සයිකලේ ගෙනිච්චේ පට්ට පණ බයෙන් ය.

----------


එහෙනම් ඉතින් ,

අදට ඇති වගේ,

ගොහින් එන්නම්...


47 comments:

  1. පාරට වැලිදැමීම නම් තහනම් කරන්න ඕන. ඔබ හරියටම හරි.

    ReplyDelete
  2. ඒ විතරක්ද? වාහන 25 ක් විතර දාගෙන අවමංගල පෙරහැර යනවා. එක මංතීරුවක් සම්පූර්ණයෙන් අවහිර වෙනවා. මරණාසන්න ලෙඩෙක් ගෙනියනවට වැඩිය හොඳයි ඒ මිනිහවත් අර මිනීපෙට්ටියටම දාන එක. රවුන්ඩ් අබවුට් වැහෙන්ඩ කොඩි බැනර් දානවා. වටේ තියන වාහන මොකුත් පෙනෙන්නේ නැහැ. අම්මපා මේ ගොන්පාට් තියෙන්නේ අපේ රටේ විතරද මන්දා.

    ReplyDelete
    Replies
    1. අනේ මං දන්නෑ විචෝ...
      පුදුමාකාර විකාර කාරයෝ ඉන්නේ...

      Delete
  3. Kawadawath hithuwe nethi dangerous point ekak gena lipiyak. Harinam paarata monawa demmath fine ekak gahanta one. Lankawe minissu kiyanne kawadawath piliwelakata wedak karanne nethi okkoma soobaneta karana jathiyak.

    ReplyDelete
    Replies
    1. එක ඉතින් බන් ඉතිහාසේ ඉඳන් එහෙමනේ...

      Delete
  4. කනත්තට යන පාර දිගේ මරණයට ගෙනයාම

    ReplyDelete
    Replies
    1. ඉවෝ,,,
      මේ පොස්ටුව ලියලා ටයිටල් එකක් මතක් වෙන්නේ නැතුව ගොඩක් වෙලා කල්පනා කර කර හිටියා..

      ඊට පස්සසේ තමයි ඔය තියෙන එක දැම්මේ...

      එත් මට නම් හිතෙන්නේ මේකට ගැලපෙනම ටයිටල් එක තමයි උඹ මෙතන ලියලා තියෙන්නේ.

      Delete
  5. උඹ ලෙසටම ලියනව බන්. මට සමාන අදහස් දරන මිනිස්සු මට මුන ගැහුනෙ බ්ලොග් අවකාශයෙ. මට සැබෑ ලෝකෙ කියන්න ටිකක් අමාරු බොහෝ දේවල් බ්ලොග් අවකාශයෙදි කියන කොට මං වගේම විශාල පිරිසක් ඉන්න බව දැකල මාර හැපි.
    කවූර් මොනව කිව්වත් මුස්ලිම් අයගෙන් අපට ඉගෙන ගන්න හුගක් දේවල් තියනව. ඒ අයගෙ අවමංගල්‍ය චාරීත්‍ර මාර ආදර්ශමත්. මිනිය කියන කුනුගොඩ දවසයි තියාගන්නෙ. මෙහෙ ඒක ප්‍රදර්ශන භාන්ඩයක් කරගෙන. එකම මිනී පෙට්ටියයි. බොරු වියදම් මොකුත් නෑ. චාරීත්‍ර හතරයි තියෙන්නෙ.ඒ වාගෙම සිහිවටන හදල පොලව නාස්ති කරන්නෙත් නෑ. එහෙම වුනාම වෙන එකෙක් එතන වලලන්න බෑනෙ.
    ඔය වැලි දාන ඒව අරක මේක නම් මම හිතන්නෙ ඉන්දියන් කොපි පේස්ට්. ඉන්දියාවෙ ඕනම ගූගොඩක් අපි බාරගන්නවනෙ.

    ReplyDelete
    Replies
    1. සිකුරාදයි,අගහරුවාදයි අවසන් කටයුතු නොකරන එකත් එන්නේ ඉන්දියාවෙන්...ආදාහනය කරලා මිනි අලු ගංගා නදියේ දැමීමත් එක්කයි ඕක සම්බන්ධ වෙන්නේ...මම දන්න තරමින් හේතුව තමයි උදක පාරිශුද්ධියට ඒ දවස් දෙක වෙන්කරගෙන තිබීම...

      Delete
    2. අගහරුවාද නාන්න හොද නෑද මොකක්ද එකත් ඔහොම මගුලක්ලු. බමුණො කැමතිවුනේ නෑලු වෙන අය උන් නාන තැන නානවට. ඊට පස්සෙ කීවලු බමුනො ඇර වෙන අය අගහරුවාද නාන එක පවු හෝ කිලි කියල. මේක මම අහපු කතාවක් හරියටම දන්නෙ නෑ. හැබැයි බොරුවෙන්නත් බෑ වගෙ.
      මම නම් ඔය කිසිම මනස්ගාතයක් පිලිගන්න කෙනෙක් නෙමෙයි.

      Delete
    3. ඒක තමයි අනිත් හේතුව.බ්‍රහ්මණ වංශිකයන් අනිත් කුලවල අයට ඔවුන් සමග එකට කටයුතු කරන්න දුන්නේ නෑ.මනුස්මෘතියේ මේ ගැන තියනවා.ඔවුන් ඉතා උසස් විදියටයි සැලකුවේ..බ්‍රහ්මණයන්ගේ නීති ඉක්මවා යාම පවා දේව උදහසට හේතුවක් කියන සමාජ මතයක් ඔවුන් ඇතිකරලා තිබුනා..ඔවුන් නාන තැනකින් වෙනත් වංශිකයකුට නාන්න අවසරයක් තිබුනෙත් නෑ..ඒ නිසාම බමුණන් තමන්ට විතරක් නාගන්න දින පවා වෙන්කරගත්තා.එදාට අනිත් අයට නාන්න බෑ...

      Delete
    4. මනෝ, ගංගා නදියෙ මොනවද බං නැත්තෙ. ඊනියා ශුද්ධ වූ නදිය. අපෙත් තියෙනවා ඊට කිට්ටුවෙන් යන නදී ගංගා ටිකක්.

      Delete
    5. @ ම.ම.
      ---------------------
      //මට සමාන අදහස් දරන මිනිස්සු මට මුන ගැහුනෙ බ්ලොග් අවකාශයෙ//
      ---------ඔය අත්දැකීම මටත් එලෙසමයි...

      //කවූර් මොනව කිව්වත් මුස්ලිම් අයගෙන් අපට ඉගෙන ගන්න හුගක් දේවල් තියනව.//
      -ඇත්ත බන්...උන්ගේ ආගමේ තියෙන සමහර කසිකබල් මරගාත ඇරුනාම බොහොම ලස්සන කල්චර් එකක්...

      //ඉන්දියාවෙ ඕනම ගූගොඩක් අපි බාරගන්නවනෙ.//
      -------ඇත්ත නේ...ඉන්දියාවේ කෙල්ලෙක්ට සිංහයෙක් කෙලලා එකෙන් ඉපදිච්ච කොල්ලා ව රටින් පිටුවහල් කලාම ඇවිත් පැලපදියම් වුනෙත් මෙහෙලු නේ....

      //අගහරුවාද නාන්න හොද නෑද මොකක්ද එක//
      --------ඇත්ත..මාත් අහලා තියෙනවා ඔය ජාතියේ කතාවක්.

      Delete
    6. @මධු මාධවී
      //අපෙත් තියෙනවා ඊට කිට්ටුවෙන් යන නදී ගංගා ටිකක්//
      -------ඇයි බන්,,බලහන්කො කැළණි ගඟ. පෑලියගොඩ හරියේදී පුදුමාකාර විදියට ශුද්ධවූ වෙනවානේ. කොච්චර ශුද්ධවූ වෙනවාද කියනවානම් පාටත් වෙනස් වෙනවා

      Delete
    7. මනුස්මෘතියේ තියෙන හැටියට බමුනෙක් දෙසට හැරී මුත්‍රා කලහොත් ලිංගය කැපිය යුතුයි, බමුනෙක්ට පසුපස හරවා පඩයක් ඇරියහොත් ගුදය පැලිය යුතුයි.
      අංගුලිමාල සිද්ධියෙදි වෙලා තියෙන්නේ ගුරුවරයා ඉල්ලන දේ නොදුන්නොත් මරනින් පසු සදාකාලික අපායට යනබව අහිංසකට ඒත්තු ගැන්වීමයි.

      Delete
  6. ඔය වැඩේ දැනට සති දෙකකට තුනකට උඩදි මේ පැත්තෙත් උනා. මලේ පංසලේ ලොකු තැන.
    ගෙනිච්චට පස්සෙ පාරෙන් බාගයක් වැලි. වාහන කාරයින්ට විතරක් නෙමෙයි පයින් යන මිනිහටත් යන්න විදියක් නෑ වාහනයක් යනකොට දූවිල්ල ඇවිස්සෙන හින්ද.
    ඔය වගේම තමයි කුඹුරුවල, මඩගොඩවල් වල වැඩකරන වාහන අර මඩ පිටිංම පාරට දැමීම. ඊට පස්සෙ වැස්සක් වැස්සොත් එහෙම පාරෙ යන්න බෑ මඩ. වෙන රටවල් වලනං එහෙම වැඩ කරන වාහන පාරට දාන්න ඉස්සර ටයර් හෝදල දාන්න ඕන කියල තමයි අහල තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. සිරාවට.. කුඹුරු තියන තැන් වලින් යන්න බෑ.. ට්‍රැක්ටර් වල මඩ ඔක්කොම පාරෙ...

      Delete
    2. @ Praසන්ன & සජ්ජා
      ----ඇත්ත බන්, අඩුගානේ මුන් හිතන්නේ නැහැ තමුන් හම්බ කරන තුට්ටු දෙකෙන් "බදු " විදියට ආණ්ඩුව කොටා ගන්න ගානෙන් තමයි මේවා හදන්නේ කියලාවත්. උන් හිතන්නේ එව්වා අහවල් රජ්ජුරුවෝ, රජ්ජුරුවන්ගේ අහවල් සහෝදරයා, පුතා, දුව වගේ කට්ටිය තම තමුන්ගේ ගෙවල් වල සල්ලි ගෙනත් හදාපුවා කියලා නේ.

      Delete
    3. ඇයි ඒ විතරක්යැ විභී ඔය ආදාහනේ බලන්න මාත් ගියා... හත්වලාමේ සෝකය පළ කරන්න දාපු තුන්හුලස් වල සද්දෙ.. මම හිතුවෙ අර නැතිවෙච්ච එවුන් ආයෙ හිස ඔසවලාය කියලා.... පොඩි එවුන් අඬාගෙන දිව්වා.... යකෝ හාමුදුරු කෙනෙක් අපවත් උනාය කියලා මෙහෙම බෝම්බ වගේ සද්ද දාන සිරිතක් තියෙනවද?... දැන් තියෙන්නෙ ගොඩක් සාම්ප්‍රදායික ඒවට වඩා මොඩ් වුණ සිරිත්....

      Delete
    4. යකෝ...
      මල ගෙදරක තුන් හුලස් දානවා ඇහුවාමයි...

      Delete
  7. ඉස්සර නං වැලි ඩිංගක් නමට හලන්නේ. දැං ලොරි පිටින් බානව වගේ...

    ReplyDelete
    Replies
    1. ඔහොම මාර "බුද්ධිමත්" මිනිස්සු ඉන්න රටක තමයි අපි "යහපාලනය" ඇති කරන්න හදන්නේ,,,

      Delete
  8. මේ ඉසව්වෙ නං විභියො පොරි විළද ඉහිනව මිසක් ඔය වැඩේ නං කරන්නෙ නෑ.. මොහ මිනිය තියං බූරු ගහන උං ඉන්නව ඒත් ඔය වැඩේ කොරනඋං නං දැකල නෑ.. සිරාවටම ගොබ්බ වැඩක්ම තමා

    ReplyDelete
    Replies
    1. අනේ බන් පොරි විළද ඉහිනව නම් මට කවදාවත් දකින්න ලැබිලා නැහැ. මේ පැත්තේ කල්ට් එකේ අවුලක්ද කොහෙද.



      Delete
  9. විභියා... සිරා පොස්ටුවක්.. කවුරුත් නොදකින පැත්තක්.. ඇත්තටම පාරට වැලි දාන එක නවත්තන්න ඕන... එකෙන් වෙන අනතුරු වගේම වැලි වලට යන වියදමත් සුළුපටුද දැන් වැලි වල ගණන් වල හැටියට...

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා..දැන් වැලි ගිනි ගණන්.

      වැලි කාක්කන්ට ගෙවල් හදන එකට අමතරව තව ඉන්කම් එකක් එන වැඩක්.

      Delete
  10. ඕක විතරක් නෙවෙයි බං.සමහර වෙලාවට මළ ගෙවල් වල තියෙන්නේ තනිකර විකාර...පිස්සු කෙලින්නේ...
    ඉන්නකම් කිසිම සැලකිල්ලක් නැ.මැරුනම මිනිය ගෙනියන්නේ පාවඩ උඩ...ඉතා සරලව අවසන් කටයුතු කලානම් අනවශ්‍ය කරදරත් නෑ.පරිසරහානියක් වෙන්නෙත් නෑ..

    ReplyDelete
    Replies
    1. විභි කලින් ලිපිය ඉවත් කලාද ?

      Delete
    2. එකනම් ඇත්ත බන්...
      ඉන්නකන් සලකන්නේ නැතුව මල කුණාට සලකන මන්දබුද්ධික මිනිස්සු ටිකක් මෙහෙ ඉන්නේ...

      Delete
    3. අඩේ බන්..
      බ්ලොගර් එකේ draft තිබ්බ පරණ පොස්ට් දෙක තුනක් තිබිලා අයින් කරන වෙලේ වැරදීමකින් කලින් පොස්ටුවක් චකබ්ලාස් වුනා නේ...

      දැන් ඉතින් සොරි වෙලා වැඩක් නැහැ...

      Delete
  11. එකඟයි එකඟයි...

    ඒක නෙමෙයි...
    කතෝලික අයයි බෞද්ධ අයයි එක්ක අවුලක් එහෙම තියෙනවා ද මොකක් හරි???
    මටත් ඔය ආගම් පැල් බැඳ ගත්ත එවුන් නම් දිරවන්නේ නෑ එච්චර...

    ReplyDelete
    Replies
    1. //කතෝලික අයයි බෞද්ධ අයයි එක්ක අවුලක් එහෙම තියෙනවා ද මොකක් හරි//

      ---------අවුලක් තියෙනවා ..ඒ දෙක එක්ක විතරක් නම් නෙමේ. "ආගම්" කියලා හඳුන්වන සේරම බිස්නස් එක්ක. එත් මට මුස්ලිම් , හින්දු ආගම් ගැන වැඩිපුර ඉගෙන ගන්න ලැබිලා නැහැ. නොදන්නා දේවල් වල වැරදි විවේචනය කරන්න බැරි නිසා තමයි ඒ දෙක අතැරලා ඉන්නේ,.

      Delete
  12. ඕකෙ අනික තමා පෙරහැර කෙරුවාව. බෞද්ධ වගේම හින්දු අයියලත් එකයි. මුස්ලිම් අයනං දෙයියනේ කියලා හතර දෙනෙක් විතර පාරෙ දාරෙට ලම්භකව ගමන් කරනවා විතරයි. අන්තිමට බැලුවම කොයිකත් එකයි. ඒ වුණාට මුස්ලිම් අය මළ ගෙවල් ගන්න විදිහෙ තියෙන සරල බවට මමත් කැමතියි.

    ReplyDelete
  13. සිරාවටම බලන් ගියාම හෙන බයානක වැඩක් තමා. මේ පැත්තෙනම් එහෙම වැලි දාන සිරිතක් නෑ. අපේ වෙලාවට...........

    ReplyDelete
    Replies
    1. දැන් වත් තේරුනා නම් ලොකු දෙයක්....

      Delete
  14. හොද ලිපියක් ... මේවා කරන මිනිසුන්ගේ දැන් වත් ඇස් ඇරෙනවා නම් ලොකු දෙයක්.

    ReplyDelete
    Replies
    1. තැනක් යූ..

      එහෙම වෙනවානම් බොහොම වටිනවා.

      Delete
  15. කවුරු මලත් මොකද.. තමංගෙ මළ ගෙදර කටයුතු ලාස්සනට කෙරෙනවනවම්...

    ReplyDelete
    Replies
    1. අම්මටසිරි ලංකාවේ ඕනෑම තැනක තියන තියරිය නේ..

      Delete
  16. මම ප්‍රතිපත්තියක් හැටියට නාඳුනන අයගේ මල ගෙවල් වලට යන්නේ නෑ මල ගෙවල් වලට නාදුනන සෙනඟ එකතුවෙන එක ඒ පවුලේ අයට කරන හිරිහැරයක් හැටියටයි මම සලකන්නේ. හැබැයි එක පාරක් මට ඔය හින්දා ඇබැද්දියක් වුනා. අපේ කැම්පස් එකේ අපිට ඉහල බැජ් එකේ කොල්ලෙක් විනෝද ගමනකදී අනතුරකින් මලා. මගේ යාලුවො ඔක්කොම මල ගෙදර ගියා. මම ගියෙ නෑ. ඉස්ලාම් ධර්මය ගැන කියලා දීලා අනිත් අයවත් නවත්වන්න හැදුවා. සතියකට විතර පස්සේ මට තේරුනා මැරුණ කෙනා මගේ ඉස්කෝලෙ යාලුවෙක් කියලා. මට දැන් දුකයි. මම මලගෙදෙට්ට ගිය කෙනෙක්ට කිව්වා මූ මගේ යාලුවෙක්නේ කියලා. ඌ කිව්වා මුස්ලිම් එවුනුත් අපි එක්ක ගියා උඹ මලගෙදර යන්නැතුව අල්ලා ගැන උගන්නන්න හැදුවා. උඹට හොඳ වැඩේ. මම ඇහුවා මල ගෙදර අය දුකෙන්ද හිටියේ කියලා. නෑ පුතා මලා කියලා කට්ටියට ජොලි අපි යනකොට ගෙදර කොක්ටේල් පාටියක්. හත් දවසේ ඩීජේ එකක්. තුන් මාසේ කැබරේ එකක්. මම ඇහුවා අවුරුද්දේ දානයක් වගේ එකක් නැද්ද කියලා. අවුරුද්දට ස්ට්‍රිප් ඩාන්ස් එකක් උඹ එදාට පලයං. පස්සේ ඌ කිව්වා අපි යනකොට කොල්ලගේ අම්මටයි අක්කටයි රෑ තිස්සේ අඬලා ඇඟට පන නෑ තාත්ත නම් ඇඬුවේ නෑ පවුලේ එකම පුතා මැරුනාම එයාලට දරා ගන්න බෑ.
    ඒක කිව්වාම මටත් තද වුනා මම කිව්වා පවුලේ එක පුතෙක් විතරක් සිටිය යුතුයි කියලා නීතියක් තියෙනවද ඔයවගේ පෙරේතයන්ට ඔහොම වෙන්නම ඕනේ සාදු

    ReplyDelete
    Replies
    1. උඹ මල ගෙදරට නොගිහින් දීපු ටෝක්ස් ගැන නම් මගෙත් එච්චර පැහැදීමක් නැහැ.

      පවුලට එක පුතෙක් විතරක් ඉන්න ඕන කියලා නීතියක් තියෙනවාද කියලා මම නම් දන්නේ නැහැ.
      දන්නා විදියට නම් උන් කැමතියි පුළුවන් තරම් පුත්තු ඉන්නවාට.

      තව දෙයක් තියෙනවා.
      ඔය මිනිස්සු පුතා මරුනාම ඔච්චර කනගාටු වුනාට , දුවෙක් මරුනාම එක ගානකට වත් ගන්නේ නැහැ.
      උන්ට ගෑනු කියන්නේ "වගා භූමියක් " ලු නේ.

      Delete
    2. නෑ මැරුණු එකා බුද්ධාගමේ. ඒ පවුල දුප්පත් එකක් නෙමෙයි. කොල්ලගෙ මහ එවුන්ගෙ පෙරේතකමට දෙවියො දඬුවම් කලා.

      Delete
  17. ඇත්ත කතාව විභියො. හැබැයි ඉතින් ඔහොම දේකට විරුද්ධව කතා කරන්න ගියොත් අවමංගල පෙරහැරේ යන කට්ටිය විතරක් නෙමෙයි, පෙට්ටියෙ ඉන්න මිනිහත් නැගිටල එයි එපා කියපු මිනිහට සලකන්න.

    ReplyDelete
    Replies
    1. ඔවු. ඇත්ත.
      මේ රටේ ස්වභාවයේ හැටියට ඉදිරි පැවැත්මක් තියෙන්න ඕන නම් තව කෙනෙක් කරපු හරි හෝ වැරදි දෙයක් කොපි කරන්න ඕන.ගතානුගතික වෙන්න ඕන,

      වැරද්ද විවේචනය කරන්න ගියොත් කැඩුම් බිඳුම් වේද මහත්තයෙක් චැනල් කරලා ම ඒ දේ කරන්න ඕන.

      Delete
  18. අඳුරණ කෙනෙක්ගේ මල ගෙදරකට යාම එකක් නමුත් තමන් ඉගෙන ගන්න හෝ රැකියාව කරන තැන වැඩි ඇඳුරුම්කමක් නැති කෙනෙක්ගේ නෑයෙක්ගේ මරනයකට ආයතනයේ සියලු දෙනා යන එක තේරුමක් නෑ. ඒක මල ගෙදර අයටත් කරදරයක්. හොඳම දෙය හැමෝම මුදල් එකතු කර මල් වඩමක් සහ මුදලක් කිහිපදෙනෙක් අතේ යැවීම.
    ඉස්සර කාලෙ නම් ගමේ මිනිස්සු මල ගෙදරදී විතරක් නෙමෙයි හැම විටම එකිනෙකාට උදවි කරගත්තා (ජයන්ත චන්ද්‍රසිරිගේ වෙද හාමිනේ, අග්නි දාහය කතා වල ඒ පුරාණ සිංහල සංස්කෘතිය නිරූපනය කරලා තියෙනවා) අද ඒ පුරුදු නැතිවෙලා මලගෙදී විතරක් පරන විදියට එකතුවෙන සම්ප්‍රදාය ඉතිරි ටෙලා. ඒ අතින් මුස්ලිම්වරු මල ගෙවල්වලදී නැතත් අනිත් වෙලාවට එකමුතුයි.

    ReplyDelete

කමෙන්ට් කලාපය....