2015-05-06

බෝඩිම

මෙන්න බෝඩිම.....


14 comments:

  1. උඹට මේක අල්ලලා යන්නෙ සුවර් එකටම මේ දවස්වල බෝඩිමක ලගිනවා ඇති. ඒකනෙ බොග අප්ඩේට් වෙන්නෙත් නැත්තෙ. නැද්ද කියපං හා...

    ReplyDelete
    Replies
    1. අනේ නැහැ මධුවෝ. බෝග අප්ඩේට් වෙන්න පරක්කු වෙන්නේ ජොබ් එකේ තියෙන "අතිශය විවේක ශීලී " ස්වබාවය නිසයි.

      අනික මම බෝඩිම් ජීවිතයක හිටියේ මාස කීපයයි. එකත් මීට අවුරුදු 12 කට කලින්. දැන් මොන බෝඩිම් ද. සැනසිල්ලේ ගෙදර ඉඳන් වැඩට යනවා. වැඩට ගිහින් ගෙදර එනවා.

      Delete
  2. පට්ටම කෑල්ල තමා අර පොල්කට්ටෙන් නාන ඒකා..... කුමාර තිරිමාදුරත් පට්ට..... කොහොමත් පොරට ලයික් තමා

    ReplyDelete
    Replies
    1. මිනිහා නම් මාර ටැලන්ට් පොරක්. මීඩියා මෑන්ස් කෙනෙක්ලු නෙද්ද මොකක්ද පත්තරේක..

      Delete
  3. සිංදුව හොඳයි.. ඒත් මේක උඹට පෝස්ට් එකක් කරන්න තරම් හේතුවක් තිබුණද කියනෙක දැන ගන්න තරම් වටින ප්‍රශ්ණයක් :p

    ReplyDelete
    Replies
    1. බ්ලොගේ බැරිනම් බුකියේ හරි ශෙයා කරන්න හිතුනේ කාලෙකට පස්සේ ඇහුනු අලුත් වෙනසක් හින්දයි. මටනම් එපාවෙලා බන් හොටු සින්දු අහලා.

      Delete
  4. අඩේ සිරාවටම ඕක මරු සිංදුව බං..

    ReplyDelete
    Replies
    1. අතිශයින්ම සත්‍යයයි

      Delete
  5. උදේට නැගිටිනව.
    රැවුල කපල දත් මදිනව
    කන්තෝරුවට යනව.
    පියන්ව කැන්ටිමට ඇරල ගෙන්නා ගෙන
    දවල්ට කෑම කනව.
    හවහට මේ ගුහාවටම ගාල් වෙනව
    එතන ඉඳං ඇඳට වෙලා ඇහැ පියාන
    හිත හිත ඔහෙ ඉන්නව.

    ගීතසාර උරුවම්බානව ඇහෙනව.
    මංගලිකා හිනා වෙනව.
    හෙලේනා කහිනව
    මංගලිකා හිනා වෙනව.
    සොයිසා ගොරොවනවා
    එක එක සද්ද බද්ද

    දැන් කිසි සද්දක් නැත.
    ඇහැ ඇරල බැලුවම
    ලයිට් නිමල ඔක්කොම බුදි
    මම විතරක් තනියෙං ඇහැ ඇරගෙන
    අන්දකාරෙ.

    දොළහෙ කෝච්චිය යනවා රේල් පාරෙ
    ගිහිං ගිහිං ගිහිං ගිහිං
    ඈත රටක නැතුව යනව.
    සුරංගනා ලොවින් ඇවිත් සුරංගනාවියක්
    ඇඳේ දිගා වෙලා හෙමින්
    මගේ ඇඟේ වෙලෙයි
    එතකොට මං දන්නේ
    නින්දට ගිහිල්ල බව.

    පහුවෙන් දා ආයෙත්
    උදේට නැගිටිනව.
    රැවුල කපල දත් මදිනව.
    කන්තෝරුවට යනව
    පියන්ව කැන්ටිමට ඇරල ගෙන්නාගෙන
    දවල්ට කෑම කනව
    ෆයිල් එනව
    ෆයිල් යනව
    හවහට මේ ගුහාවටම ගාල් වෙනව
    කන්තෝරුවට යනව
    හවහට මේ ගුහාවටම ආයි එනව.

    කන්තෝරුවට යනව
    හවහට ආයි එනව
    කන්තෝරුවට යනව.

    බෝඩිම-මහගම සේකර

    අයි මචෝ මේක මතක නැද්ද ???
    https://www.youtube.com/watch?v=EzDCx4e3tDQ

    ReplyDelete
    Replies
    1. බෝඩිම ටෙලිය නේද.

      80න් ගණන් වලට වෙනකන් ඉපදුනු, ගෙදර ටීවී එකක් තියෙන හැමෝම බලපු පුදුමාකාර ටෙලියක්නේ බෝඩිම.

      එක බලද්දී දැන් යන "සම්භාවය" රෙද්දවල් ගැන පට්ට දුකක් සහ කේන්තියක් එන්නේ.

      Delete
  6. මේක සිංදුවක් නේද බොලේ.. මම හිතුවෙ ටෙලියක් කියල.. අර පරණ බෝඩිම ටෙලිය නං මරු.. අනේ වෙදමහත්තයට හිටපු දයා අල්විසුත් මළා.. එතුමාටත් නිවන් සුව පතනවා..

    ReplyDelete
    Replies
    1. පරණ බෝඩිම් ටෙලියේ කෑලි ටිකක් මේ ඊයේ පෙරේද යූ ටියුබ් එකෙන් බැලුවා. මහා ලොකු සීනරිස් නැතුව, ලස්සන ලොකේෂන් නැතුව අඩුම ගානේ ෂූට් කරන බැක්ග්‍රවුන්ඩ් එකේ තියෙන කිසිම දෙයක් පිළිවෙලකට වත් නැතුව හැදුවා වුනත් අදටත් තව කාලාන්තරයක් යනකනුත් මතක තියෙන ටොපේ top ටෙලියක්.

      තූ නොදකින් දැන් කාලේ හැදෙන අර ගොන් පාට් තියෙන රෙද්දවල්.

      Delete
  7. පරන බෝඩිම මතකයි..
    අලුත් බෝඩිම බලන්න ටිවි නෑ..

    ReplyDelete
    Replies
    1. අහෝ බේදයකි කිව්වලු..

      Delete

කමෙන්ට් කලාපය....