2015-01-31

වැඩ ඉවර නැත ( PART I )

අපි ගහක් කැපුවෙමු.

එසේ මෙසේ ගහක් නොව එක මහා වෘක්ෂ රාජයෙක්ය. අතු පතර හැම තැනම විහිදා ගොස් තිබුණු පලාතම අල්ලාගෙන හිටපු මේ ගහේ හෙවනැල්ල යට හැම කුණු ගොඩම හැම කුණු වැඩේම නොපෙනී ගොස් තිබුණි . හැම නරියාම හැම බල්ලම  මොන අලුගුත්තේරු වැඩේ කලත් මේ ගහේ අස්සේ රිංගා ගත්තාම ආයේ සක්කරයට වත් හොයන්න බැරිය. හොයන්න ආපු එකාටත් වෙන්නේ අන්තිමේදී ගහ අස්සේ හිරවෙලා අතුරුදහන් වෙන්න ය.

ඒ හින්දා මේ ගහ කපන්න ඕන කියල කාලයක් තිස්සේ අපි කතා කර කර හිටියෙමු. එත් කපාගන්න විදියක් තිබුනේ නැත.

එත් මේ ළඟදී හොඳ හයිය හත්තිය තියෙන CHAIN SAW එකක් එක්ක පට්ට වැඩකාරයෝ සැට් එකක් එක්ක එකතු වෙලා මේ පජාත ගහ කපල අයින් කරන්න අපිට පුළුවන් විය. එක අස්සේ හැංගිලා තිබ්බ කුණු කන්දල් පේන්න පටන් ගන්නේ දැන්ය. එව්වා පට්ට ගඳය. පළාතේ යන්න බැරිය.


අපේ ගෙවල් පිටිපස්සේ තිබ්බ මහා රූස්ස ගහක් ගැන නොව විභීෂණ මේ කිව්වේ අපේ මහා රාජ පස්ස වෘක්ෂ රාජ ගැනය.

රට වටකර ගෙන යටකරගෙන තලාගෙන පෙලාගෙන මිරිකගෙන සූරාගෙන හිටිය ඒ මහා පවුල් වනාන්තරේ  මේ වෙනකොට කපා දමලාය.

ඒ සොඳුරු(වගේ) ඒකාධිපති රෙජිමේ මේ වෙනකොට සෑහෙන දුරකට දමනය කරලය. බලය ට කෑදර කමින් තමුන් රටේ රජ කියල හිතාගෙන රට තමුන්ගේ ඉඩම් කෑල්ලක් කියල හිතාගෙන ,හිතුනු හිතුනු දේවල් හිතුනු හිතුනු වෙලාවට කරපු හින්දා , නීතිය කුනු කූඩෙට දාලා කුණු ගොඩකවත් නොතිබිච්ච තරම් කුණු කන්දල් නීතිය ඇතුලට ගෙනත් දාලා රට පුරාම පිස්සු නටාපු හින්දා අන්තිමේදී මරා ට සිද්ද වුනේ රට බේරාගත් අභීත නායකයා විදියට නොව ජනතාව විසින් පරද්දපු පළමු නායකයා වෙලා ඉතිහාස පොතෙත් ඉඩක් වෙන්කරගෙන මුලන වලව්වට ගිහින් ජනේලෙක එල්ලෙන්න ය.

එල්ලිලා හිටං ගමේ ඉන්න බත් වළඳන ගව රෑනට ආතල් දෙන්න ට ය.

දැන් කරන්න දෙයක් නැත. බොහෝ දෙනෙක්ට කල කම් පල දෙන්න පටන් අරන් ඇත. එව්වා ගැන වැඩිවිස්තර සවිස්තර ව හැමදාම රෑ ටීවී රේඩියෝ නිවුස් වලින් පමණක් නොව ජංජාලේ බුකියේ පැත්තේ කරක් ගහන එවුන්ට දැක බලා අසා ගන්නට මේ දවස් වල පුළුවන.

xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

පොදු අපේක්ෂකයෙක්ගේ හීනේ "හරියට" මුලින්ම දැකපු අපේ සොභිට හාමුදුරුවන්ගෙන් පටන් අරන් ඡන්දෙට කලින්  අන්තිමේට මෙත්සෙවනට ආපු එකා දක්වා ත් බුකියේ බ්ලොගේ රෙජීම් විරෝධී කැම්පේන් එකේ  අන්තිම පොස්ට් එක දාපු එකා ශෙයා කරපු එකා දක්වාත් සම්බන්ධ වුනේ එසේ මෙසේ වැඩකට නොව අලුත් ම අලුත් Project එකක ටය.

මේ project එක දියත් කලේ මරා එලවා සිරා ගෙන ඒමට නොව ඕනෑම මනුස්සයෙක්ට යහතින් ජීවත් වෙන්න පුළුවන් රටක් හදන්න ඕන කරන පාලන ක්‍රමයක් ගේන්න බව ඔහෙලා අපි හැමෝම දන්නා කාරණයක් ය.

ඒ මොකද කියනවනම් තව කාලයක් මේ රෙජිමේ තිබ්බනම් එහෙම මේක හිඟන අධිරාජයක ගානට වැටෙන නිසා ය. ඊළඟ සුවාසිලන්තේ බිහිවන්නේ මෙහෙ නිසාය.

එත් මේ project එකේ 90% විතර කොටස අයිති වෙන්නේ "මරා සහ පවුල් ගහ කපා දැමීම" Action එකට ය. ඒ තරම්ම ඒ පවුල් ගහ රට වහගෙන මුල් ඇදගෙන තිබුනේය. කොහොම හරි හැමෝම එකතු වෙලා මහා කරදර ගොඩක් මැද්දේ මේ නරුම පවුල් ගහ කපල අදට සති තුනක් ගෙවී ඇත.

ඊයේ පෙරේදා දවසක අපේ සන්නස්ගල සර් දෙරණට ට ඇවිත් මාරු කතාවක් කිව්වේය.
ඉස්සර මීඩියා වල පෙන්නුවේ "රජ ගෙදර පරවියෝ " ය. දැන් පෙන්නන්නේ "බඩුත් එක්ක හොරු " ය. මිනිස්සුන්ට කියන්න වෙන්නේ "දෙවියනි ඔබ කොහෙද " කියල ය.
එකනම් සහතික ඇත්ත ය. සමහර විට මේ වෙනකොට දෙයියොත් තමුන් ඉන්න තැන හොයනවා වෙන්න ඇතිය.

මරා සමග ශිරා නාරා යෝරා රෝරා වගේම ඝෝරා ද ගෙදර යැවුනේය. බැරා පුරා සමග රට යැවුනේ ය.

බැරා ගේ සහෝදර ප්‍රේමේ නම් කියලා වැඩක් නැත. කියන කට ගලේ උලාගත්තද වැඩක් නැත. අයියාට හරියන කොට ලංවෙලා කෙල වෙනකොට දිරමාරැ වී ගියේ ය.

project එක දැනට 90% ක් success ය. සමහරු දැන් හිතන්නේ වැඩේ අහවරයි කියල ය. ඉතුරු ටික රනිල්-මෛත්‍රී කරලා දෙනු ඇත කියල ය.

එව්වා ඔට්ටු නැත. එහෙම හිතුවොත් රාජපක්ෂ රෙජිමේ පන්නපු අපිට තව කාලයක් ගිහින්  වික්‍රමසිංහ රෙජිමේ එක්ක  සිරිසේන රෙජිමේ
ද එලවන්න සිද්ධ වෙනු ඇත. එකියන්නේ මෙච්චර මහන්සිවෙලා ගොඩ දාපු  project එක එදාට පුස්සක් වෙන බවය.අපි එච්චර ට ගොන් වෙන්න මපද වෙන්න කිසි උවමනාවක් නැත.

මේ වෙනකොට රනිල්-මෛත්‍රී ආණ්ඩුව වැඩ කරන ආණ්ඩුවක් කියල හතර වටින් පේන්න පටන් අරන් ඇත.

එත් මේ අතරේ කලින් රජා වටකරගෙන රටේ සාරය උරා බීපු මාපිලුන් දැන් ටික ටික මේ මෛත්‍රී පාලනේ ට ත් කොක්ක ගහගන්න ට්‍රයි කරන්න පටන් අරන් බව වටින් ගොඩින් ආරංචි වෙන කාරණයක් ය.

මහා ලොකු ජනතා බලවේගයක් එක්ක ඔටුන්න දා ගත්තු සැටලයිට් මැඩම් ට කෙලවුනේද ඔය අකාරණේ හින්දා ය. රට ට කෙල වෙද්දී එයා වටේ හිටපු කල්ලියට සැප දෙන්න එයාට සිද්ද විය. එතනින් එහාට වෙච්ච දේවල් මෙතන ලියන්නේ නැත්තේ එව්වා ඔහෙලා ගොඩ දෙනෙක්ට මතක තියෙන නිසාත්  මතක නැති  අයට කියෝලා දැනගන්න වික්ටර් අයිවන් ලොක්කා පොතක් ලියල තියෙන නිසාත් ය.

මරා ට වුණෙත් ඔය ටිකම ය. මරාට කෙලෙව්වෙත් මරා ව රට ඉස්සරහ කිච කෙරෙව්වෙත් එයාගෙම පවුල එක්ක එකතු වෙච්ච ඔය ලේමාපිල්ලු සැට් එකය.

ඒ හින්දා මේ ලේ මාපිල්ලු මෛත්‍රී වත් අල්ලගත්තොත් අපිට උදාවෙන්නේ ආපහු 94ක් ය. එදාට ඉතින් අපිට අනිච්චේ දුක්කේ කියල ඉන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයක් ඉතුරු වෙන්නේ අන්ත.

ඒ හින්දා එව්වා සිද්ද වෙන්න  ඉඩ දෙන්න අපි ලෑස්ති විය යුතු නැත.
අපිට මේක 2014 ක් මිස තවත්  94 ක් කරගන්න කිසි උවමනාවක් නැත.

අලුත් රෙජීම් හදන්න අලුත් කල්ලි හදන්න කිසි උවමනාවක් නැත.

ඒ දේ නොවෙන්න නම් එකෙක් මත යැපෙන එකෙක් විසින් කොරෝන ප්‍රජාතන්ත්‍රවාදය කියන අයිසින් එකෙන් වැහිච්ච මේ මදාවි රාජාණ්ඩු ක්‍රමය වෙනුවට පිරිසක් විසින් මෙහෙයවන අයිසින් එකේ විතරක් නැතිව කේක් ගෙඩිය පුරාම ප්‍රජාතන්ත්‍රවාදේ තියෙන ක්‍රමයකට පුළුවන් ඉක්මනින් අපි වෙනස් විය යුතුය. නීතිය හැමෝටම උඩින් තියෙන විදියට ත් ඒ නීතිය හැමෝටම ක්‍රියාත්මක කරන්න පුළුවන් විදියට ත් සිස්ටම් එකක් හැදුවාම ඔය ගොඩක් දෝෂ සමනය වෙනවාය.

ඕක කරන්න පුළුවන් කියලත් කරනවා මයි කියලත් අර පිටු තිස්පහේමෛත්‍රී පොතේ පුරාම ලියල තියෙනවා ය. විභීෂණ එක්ක හැට දෙලක්ෂයක් ඡන්දේ දුන්නේ ඔය පොත හින්දා ය. ඒ නිසා පොතේ ලියාපු කරුණු කාරනා සේරම හරි වැඩි හරියක් හරි කරලා පෙන්නන එක මෛත්‍රී ගේ යුතුකමය. රනිල් ටොයියා බව ලක්ෂ හැට දෙක වගේම ලක්ෂ පනස් හත ද දන්නා කාරණයක් ය. එත් මෛත්‍රී ටොයියෙක් කියල තාම හරියට ම පෙන්නලා නැත .බයියා ගාව වකුටු වෙලා හිටියා  වුනාට එයා බයියෙක් වෙලා නැති නම් බව තාමත් අපේ විශ්වාසය ය. උන්නැහ ට තියෙන  අභියෝගය නම් අපේ ඒ විශ්වාසෙ රැකලා පෙන්නන්න කියන එකය.


මෛත්‍රී වටේ එකතු වුණු සෝභිත, චන්ද්‍රිකා , ෆොන්සේකා , හෙළ උරුමේ, යූඇන්පී වගේම සිරි ලංකා එකේ එවුන්ටත් "අන්න නයා මෙන්න පොල්ල මම සිල් " තියරියෙන් මෛත්‍රී ට සපෝට් කරපු ජෙප්පන් ටත් කියන්න තියෙන්නේ ඕගොල්ලන්ගේ වැඩේ සම්පූර්ණයෙන්ම අහවර වී නැති බව ය. තව කරන්න ගොඩක් දේ ඇත. නොකලොත් කෙලවෙන්නේ අපිට විතරක් නොව ඔහෙලට ත් එක්කමය. ඒ හින්දා මෛත්‍රී ව ගෙනල්ල අහවර වෙලා කියල හිටං නිදාගන්න ලෑස්ති නොවී අර පොතේ කියල තියෙන දේවල් ටික මෛත්‍රී ගේ බෙල්ල කාලා හරි කරවගන්න එක ඔහේලාගේ යුතුකමය. ඒ එක්කම මතක තියාගන්න.

හැම තිස්සෙම අපි ඔහෙලා එක්ක ය .


අදට ඇති ...

ගිහින් එන්නම්..

19 comments:

  1. එහෙනම් ගිහින් වරෙන්ය, ඔය කියන කතාව තමයි දැන් අපිත් කියන්න තියෙන්නේ , අපි ඉවසලා බලමුය,නැත්තම් ආපහු වැඩ පටන් ගමුය .

    ReplyDelete
    Replies
    1. ඕ යේස්..

      දින සීය ගෙනියන්න දීල බලමු. ඕනනම් ඊළඟට එන අලුත් ආණ්ඩුවටත් ටික කාලයක් දීල බලමු.

      කොහ්මත් වැඩ පටන් ගන්න ලැස්ති වෙලා ඉම්මු.

      Delete
  2. ඉස්සරහට ළොකු ගේමක් තියෙනවා අවංකත්වය කියන එක පිළිබඳව... තව සතියක් විතර බලලා ඒ ගැන ලියන්න ඕන. මොකෝ සන්ධානේ බල්ලෝ තාම බුරන නිසා..

    ReplyDelete
    Replies
    1. අනිවා..අපි බලමු. බල්ලෝ බිරුවට කඳු පාත්වෙන්නේ නැති වෙයි..

      Delete
    2. ගේම යන්න ඕන මෙහෙමයි .කා එක්ක ඔන ගේම ගැහුවත් ශ්‍රී ලංකා හොරුන්ට නම් කිසිම ඉඩක් දෙන්නේවත් උන්ට වක්‍ර වාසියක් වෙන දෙයක් කරන්නේ නෑ කියන පදනම මත

      Delete
  3. ඒයි... හදමු අපි පක්ෂයක් අන්තර්ජාල පක්ෂය නමින්. නීත්‍යානුකූලව ආරූඨ නම් දෙමු අපේක්ෂකයන්ට. නැතුව හරියන්නෑ මේක.

    ReplyDelete
    Replies
    1. හ්ම්..එකනම් හොඳ යෝජනාවක්.

      ඕක කියනකොට මටත් මතක් වුනේ. හදමුද ආදර්ශ අන්තර්ජාල ආණ්ඩුවක්. ජනාධිපති කෙනෙක් , අගමැති කෙනෙක් කැබිනට් එකක්, විපක්ෂයක් වගේ දේවල් එක්ක. රටේ ප්‍රශ්න අන්තර්ජාල ආණ්ඩුව ඇතුලේ කතාකරලා හරිම විසඳුම රට යෝජනා කරන්නත් පුළුවන් වේවි...

      Delete
    2. ඔබ විහිළුවට මෙන් කළත් එය ඉතා කාලෝචිතයි.අප අන්තර්ජාලය තුල ක්‍රියාකාරීව නියාමන කාර්යභාරයක් කළ යුතුයි.සාධාරණව නිර්පාක්ෂිකව සංවාද කළ යුතුයි.එය ප්‍රමාණවත් නැත්නම් අන්තර්ජාලය තුලින් දේශපාලන බලපෑම් කණ්ඩායමක් හෝ පක්ෂයක් බිහිවීම වරදක් නොවෙයි

      Delete
    3. ඕං ඔය තනතුරු දෙන්න ගිහාම තමා කේස් එක.

      Delete
    4. තනතුරු දෙන්න, විධායක බලතල පාවිච්චි කරන්න , ඔය වගේ දේවල් කරන්න ගියාම තමයි ප්‍රශ්න වෙන්නේ.
      මම යෝජනා කරන වෙබ් ආණ්ඩුවේ විධායක බලතල තියෙන්න ඕන නැහැ. තනතුරු දෙන්න ඕන නැහැ.

      එක එක විෂය භාර වෙච්ච කෙනෙක් නම් කලාම හොඳටම ඇති. එතකොට රටේ ප්‍රශ්න වලට සමාන්තර ව වෙබ් ආණ්ඩුවත් ක්‍රියාත්මක වෙලා එක එක විෂය භාර වෙච්ච ය යෝජනා ඉදිරිපත් කරයි.
      ආදර්ශ ආණ්ඩුවක තියෙන්න ඕන ඇත්ත ප්‍රජාතන්ත්‍ර වාදය.

      Delete
    5. මට හෙන ආසයි එක එකා දෙපැත්තට පනින හැටි බලන්න. (කප්පම ක්‍රෙඩිට් කාඩ් එකෙන් ගෙවයි)

      Delete
  4. මහින්දට එරෙහිව කළ සමහර චෝදනා සත්‍ය නොවන බව හා අතිශයෝක්තීන් බව දැන් පෙනී යයි.එසේම යහපාලන බබාපාට් ද එසේමය.මා මේ කියන්නේ මහින්දට පක්ෂව හෝ යහපාලනයට එරෙහිව නොවේ.හොරකම් සිදුකර ඇත්නම් මාධ්‍ය සංදර්ශන නොපවත්වා ඒවා හෙළි කළ යුතුය.එසේ නොවුනොත් සිදුකළ හොරකම්ද කාලයත් සමඟ අහෝසි වේ.
    ආයුධ ගබඩා ගැන මහා සංදර්ශනයක් කෙරුණි.පසුව ඒවා නීත්‍යානුකූල බව ප්‍රකාශ විය.
    කුමන්ත්‍රනයද සිදු නොවූ බව කියන්නේ රජයේ ඇමතිවරුය.
    ජනපති වියදම් ද කෝටි නවදහස් ගනනක් නොව නවසිය ගනනක් බව දැන් කියයි.හිටපු ජනපති යටතේ ආයතන විශාල ප්‍රමාණයක් තිබුන බව මෙහිදී සිහිතබා ගත යුතුය.
    ජනපති දිවුරුම් වියදම්ද අගට බින්දුවක් අඩුකර කියා රවී එය නිවැරදි කර තිබුනි 6000 60,000 වීම.

    එසේම මහින්දලා 2000% 3000% ප්‍රතිශතවලින් හොරකම් කළ බව කීමෙන් චෝදනා විහිළුවක් වේ.

    මහින්දලා කළා ආර්ථික ඝාතනය ගැන හෙළිකළ යුතුය.හම්බන්තොට මුදල් නාස්තිය ගැන කතා කළ යුතුය.පවුල් වනාන්තරය ගැන කතා කළ යුතුය.ඒ අතරේ බොරු බේගල් වැඩිපුර දමා කොත්තුවක් සෑදීමෙන් හොර කොත්තුවට බොරු වැඩිවී බොරු කොත්තුවක් විය හැක.

    මහින්ද මට නම් එපා වුනේ රාජ නාඩගම ( වත්මන් ජනපති අතිගරු ,උතුමානන් කෑලි හලා ඇත.එතුමාට තුති.) හා මිථ්‍යාවට දුන් රාජ්‍ය අනුග්‍රහය නිසාය.

    බොරු චෝදනා වල අවසන් වාසිය මහින්දටය. පොදු පෙරමුණු රජය පසුගිය එජාප රජයේ මිනීමැරුම් ගැන මාධ්‍ය සංදර්ශන පැවැත්වීය.ඇඹිලිපිටිය සිද්ධිය හැර වෙන කිසිවකට අධිකරණයකින් දඩුවම් දිය නොහැකි විය.
    එජාප සමයේ පාතාලයන් කෘත්‍යාධිකාරී මණ්ඩලයේද සිටියේය.ඒ කිසිවෙකුට දඩුවම් නොළැබුණි.

    2001 දී එජාපය ආ විට ඊට පෙර පොදු පෙරමුනේ වැරදි වලට වුනේද මේ සන්තෑසියමය.

    ReplyDelete
    Replies
    1. ඔබේ චෝදනාව අපි මොන පැත්තේ හිටියත් පිළිගත යුතුය. එත් තාම ගෙවී ඇත්තේ දින 22ක් පමණය. ඊයේ මෛත්‍රී කිව්වා වගේ එක රැයින් ඔක්කොම හොරු අල්ලන් ඇවිත් නඩුත් අහල හිරේ දාන්න බැරිය. එතකොට ක්‍රියාත්මක වෙන්නේ මෛත්‍රී ගේ යහපාලන ය නොව මහින්ද ෆොන්සේකාට සලකපු ආකාරයේ කැලෑ නීතියේ පාලනයක් ය. හොරුන්ව අල්ලලා හිරේ දාන්න අදාළ නීති කටයුතු නිසියාකාරව ක්‍රියාත්මක කල යුතුය. මහින්දට තිබ්බ වගේ පළිගැනීමේ චේතනාවෙන් මහා හදිස්සියේ ඔව්ව කල යුතු නැත.

      ඒ හින්දා මගේ යෝජනාව ඉතුරු දින 80 ත් ඉම්මු කියල ය. .එතකොට ගොඩක් තව දේවල් සිද්ද වෙලා තියෙන්නට පුළුවන.අපිට කතා කරන්න වටපිටාවක් හැදිලා තියෙන්න බොහෝ දුරට ඉඩකඩ තිබෙනු ඇත.

      Delete
  5. දින සීයෙන් පස්සේ මැතිවරණයකට යනවා නම් මහජනතාවට විශ්වාස කළහැකි වැඩපිළිවෙලක් කර පෙන්විය යුතුයි. ඉදිරි සැළැස්ම පැහැදිලිව පෙන්විය යුතුයි.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත.

      ඒ වගේම මහා දෙගොල්ලොම නිකන් බබා පාට් දාන්න ආවොත් ඊළඟ විකල්පෙට හෙවත් jvp යට චාන්ස් එක දෙන්න තරම් කොන්දක් රටේ මහජනතාවට තිබිය යුතුය.

      Delete
  6. ඇවිත් ගියා..
    අපි පොඩි ළමයි
    බ්‍රෑන්ඩ් එක ගල්

    ReplyDelete
    Replies
    1. ok බබා.

      ඕන බ්‍රෑන්ඩ් එකක්.

      Delete
  7. බලමු දින සියෙ වෙන්නෙ මොනවද කියල.ලැබෙන ආරන්චි හැටියටනම් ඔක්කොම කරන්න තමයි හදන්නෙ.නැත්තම් ඉලගට චන්දෙදි අමාරු වෙනවනේ.

    ReplyDelete
  8. මේක කව්රුදවත් හරියට කියෙව්වේ නෑ.. හැක්

    http://deshakaya.blogspot.com/2014/11/blog-post_26.html

    ReplyDelete

කමෙන්ට් කලාපය....