ඌව ඡන්දේ අහවරය. නිල වශයෙන් බුලත් කොලේ හෙවත් සන්ධානේ ජය ගත්තේය. යූඇන්පී ය දෙවන තැනටත් ජේවීපී ය තුන්වන තැනටත් පත් වී ඇත. ෆොන්සේකා පිළිකන්නේ නුත් එලියට වැටිලා වගෙය.
ඔය මොන නිල ප්‍රතිඵලේ තිබ්බත් මෙතනදී ඇත්තටම දිනුවේ යුඇන්පී ය මිසක් වෙන කෙහෙම්මලක් නොවන බව රටටම පැහැදිලිව පෙනෙන සහලෝල ඇත්තක් ය. එක කාටවත් හංගන්න බැරිය.
2014-09-21
2014-09-07
අන්තිමේදී අමු මිරිසුත් අපිටම කන්න සිද්ධ විය.
ඇමෙරිකාවේදී අයිස් බකට් අභියෝගේ පටන් අරන් තියෙන්නේ ALS (Amyotrophic lateral sclerosis) කියන රෝගෙන් පීඩා විඳින අය වෙනුවෙන් අරමුදලක් හදන්නටය. දන්නා කියන ක්‍රම වලට හොයාගත්තු තොරතුරු වලට අනුව මේ අයිස් බකට් සීන් එක පටන් ගත්තු මුල් කාලේදී එක එච්චර ප්‍රසිද්ධියක් ලැබුණු project එකක් වී තිබී නැත.
මේක පිස්සුවක් බවට පත්වුණේ ලෝක ප්‍රසිද්ධ බිස්නස් කාරයෝ, රට රටවල් වල නායකයෝ, ගායකයෝ , නළු නිලියෝ වගේ ය අයිස් නාන්න පටන් ගත්තයි පස්සෙය.
2014-08-31
යක්ස සවුක්කිය
ඉල්ලන්කාවේ සෞඛ්‍ය සේවේ ත් දැන් යක්සයින්ගේ පාරාදීසයක් , ත්‍රස්තවාදීන්ගේ තිප්පොළක් වී හමාරය.
මුන් කෙලින්නෙම දුප්පත් අහිංසක මිනිහටමය.
සාමාන්‍ය මිනිස්සු මහන්සි වෙලා වැඩකරලා හොයාගන්න තුට්ටු දෙකෙ ට ගහන බද්දෙන් මේ සෞඛ්‍ය සේවේ ඉන්න උන්ට පඩි නඩි ගෙවනවා කියල එකෙක්ට මතක නැත.
2014-08-24
පා වෙන එපා වෙන..
හෙට අනිද්දට පාවෙන පොළක් අපිට තෑගී ලෙස ලොකු තාත්ත ගෙන් ලැබීමට නියමිතය. එහෙම කිව්වට මේක හැදුවේ ලොකු තාත්තා ම නෙමෙයි ය. ඇත්තම කිව්වොත් වැඩේ ටිප් ටොප් එකට හැදුව කියන්නේ එතුමාගේ පොඩි මල්ලි කෙනෙක්ය. මල්ලි පොඩි වුනාට උන්නහගේ කිසිම වැඩක් නම් පොඩි නැත . අඩුම ගානේ නමවත් එසේ මෙසේ එකක් නොවේය. කෙලින්ම රාජකීය පරපුරේ නමක් ය. එව්වා සේරම අතුරු කතාය. මේ වෙලාවේ මේ ටොපික් එකට එච්චර වැදගත් නොවන්නේය.
2014-08-16
හම්බ පංගුව සහ ඇත්ත පංගුව
"සිංහල බෞද්ධ පුනරුදය" කියා මොකක්දෝ අමුතු එකක් මේ දවස්වල ලංකාවේ හැම තැනම පැතිර ගොස ඇත. ඇත්තම නම් එවන් දෙයක් පැතිර යැව්වා මිස පැතිර ගියා නොවේය.
බුකිය ඇතුලේ පිනුම් ගහන , පැය විසි හතරම බුකියේ කැලෑ පත්තර නිෂ්පාදනය කරන අම්බ ගොන්නු රැලක් මේ වෙන කොට මාර්ක් සුකර්බර්ග් ටත් නහය වහගන්න වෙන තරමට බුකියේ රීලා හමාරය.
පැත්ත පලාතම පට්ට ගූ ගඳය.
2014-08-12
බත් ගොට්ටෝ වීදි බසී...
තොවිල් පවිල් වලදී වගේම විවිධාකාර යාතුකර්ම වලදී ගොටු සැදීම මෙන්ම සැදු ගොටු යකුන්ට පිදීම අනිවාර්ය අංගයකි. විභීෂණ මෙතෙක් කිසිදු තොවිලෙකට හෝ පවිලෙකට හෝ වෙන මොන කෙහෙම්මලකට වත් සම්බන්ධ වී නොමැති නිසා ගොටු ගැන හෝ ගොටු සෑදීම ගැන වැඩිදුර විස්තර ඉදිරිපත් කිරීමට නොදනී.
2014-08-09
හෑන්ඩ් බිල් වියවස්තාව..
රටක ව්‍යවස්ථාව කියන්නේ ඒ රටේ උත්තරීතර ලියැවිල්ල කියල විභීෂණ දන්නේ ඉස්කෝලේ බඩගාන කාලේ සිටය.
ඒ එක්කම ලෝක ඉතිහාසයේ උත්තරීතරම ව්‍යවස්ථාව ඇත්තේ අපේ ඉල්ලන්කාවේ කියලත් මේ විභීෂණය දන්නේය. එත් එක ඉගෙන ගෙන තියෙන්නේ අපේ අර පම්පෝරි මාධ්‍ය වලින් මිස ඉගෙන ගත්තු ඒ පින්බර ඉස්කෝලෙන් නම් නොවේය.
2014-08-04
මේ රජ්ජුරුවන්ගේ වහල්ලුද?
තව දවස් දෙකකින් විතර අලුත් පොස්ටුවක් කොටන්න කියල හිතන් හිටියට අද සිරස නිවුස් වලින් විභීෂණ ට ඇහිච්ච මේ අසමජ්ජාති නිවුස් එක හින්ද ගන්න හිටපු විරාමේ ඇත ඇරලා මේ පොස්ටුවත් කොටන්න ඕනෑමයි කියල හිතා ගත්ත.
තමන්ගේ රටේ මිනිස්සුන්ට මේ විදියට සලකන්න, මේ මිනිස්සු වහල්ලු කියල හිතන් ඉන්නවද කියල මේ ව්‍යාජ දේශප්‍රේමී ආණ්ඩු වේ පිළිකන්නේ රෙදි අපුල්ලන එවුන්ගෙන් රටේ මිනිස්සු හැටියට අපි ඇහුවේ නැත්නම් අපි මිනිස්සු නෙමෙයි කියලයි විභීෂණ නම් හිතන්නේ.
ආගම මහපාරේ..
ලංකාවේ දැන් පහලවෙලා ඉන්න "සිංහල බෞද්ධ" සහ "සිංහල කතෝලික" එනම් අයින්ස්ටයින් ට සොයා ගන්නට බැරිවුණු දෙවන සාපෙක්ෂ්තාවාදය (සාපේක්ෂ ප්‍රේමය, සාපේක්ෂ මෛත්‍රිය වැනි දේ අඩංගු) කරපින්නාගත් උන් බහුතරයකට පුදුමාකාර උණක් වලදී ඇත.
2014-08-02
ඇත්ත එලියට | ඒගොල්ලෝ ඉතිහාසය වෙනස් කර ඇත.
![]() |
| photo courtesy :- http://goo.gl/Q3kRIW |
මට කියවන්න ලැබුනේ ලංකාදීපය විතරක් නිසා අනිත් පත්තර වල තිබුනාද දන්නේ නැත.
සහතික වශයෙන්ම තිබුනා විය යුතුය . ආණ්ඩුවේ වැඩ(ප්‍රචාරක ) එහෙමය. කිසිම ජනමාධ්‍යකට අඩුවෙන් සලකන්නේ නැත. හැම පත්තරේටම තමන්ගේ මෙගා දැන්වීම ලොබ නැතිව දෙන්නේ අදහස් ප්‍රකාශ කිරීම( තමන්ගේ ) මූලික අයිතිවාසිකමක් කියල කොහෙද මන්ද ලියල තියෙන නිසාය.
Subscribe to:
Posts (Atom)









