2014-09-07

අන්තිමේදී අමු මිරිසුත් අපිටම කන්න සිද්ධ විය.


ඇමෙරිකාවේදී අයිස් බකට් අභියෝගේ පටන් අරන් තියෙන්නේ ALS (Amyotrophic lateral sclerosis) කියන රෝගෙන් පීඩා විඳින අය වෙනුවෙන් අරමුදලක් හදන්නටය. දන්නා කියන ක්‍රම වලට හොයාගත්තු තොරතුරු වලට අනුව මේ අයිස් බකට් සීන් එක පටන් ගත්තු මුල් කාලේදී එක  එච්චර ප්‍රසිද්ධියක් ලැබුණු project එකක් වී තිබී නැත. 

මේක පිස්සුවක් බවට පත්වුණේ ලෝක ප්‍රසිද්ධ බිස්නස් කාරයෝ, රට රටවල් වල නායකයෝ, ගායකයෝ , නළු නිලියෝ වගේ ය අයිස් නාන්න පටන් ගත්තයි පස්සෙය. 



එව්වා ඉතින් ඒගොල්ලන්ගේ කතා නේ. අපේ රටට වැඩි අදාලත්වයක් නැත.

මොනවා වුනත් හැමදාම සිද්ධ වෙනවා වගේ කොහෙන් කොහෙන් හරි කැරකිලා ඇවිත් මේ අයිස් බාල්දි අභියෝගේ අපේ රටටත් බෝ විය(හරි දැන් බැනපියව් ජේආර් ගේ දෙමවුපියන්ට විවෘත ආර්ථිකේ මෙහෙ ගෙනාවට )

මෙහෙ ඉන්නේ පිටරට දේ සිරිසැප දේ කියල අදහන කට්ටියනේ.
අපි කොච්චර පිටරට දේට ගරු කරනවද කියනවනම් හොඳට රහට ගෙඩි හැදෙන අඹ ගස් වලට අපේ කස්ටිය කියන්නේ  "රට අඹ " කියලය  .සරුසාර ගෙඩි හැදෙන දෙල් ගස් වලට අපි කියන්නේ "රට දෙල් " කියලය . 

තව "රට" දේවල් ඕන තරමින් ඇත.
මේ "රට " දේවල් ගැන කවුරුහරි ලියපු බොග් පොස්ටුවකුත් කියෙව්වා විභීෂණ ට  යන්තමින් මතක ඇත. දන්නා කවුරු හරි ඉන්නවනම් ඒ පොස්ටුවේ ලින්ක් එකක් කොමෙන්ටුවක කොටන්න කියා විභී කාරුණිකව ඉල්ලා සිටින්නේය.

ඉතින් අයිස් බාල්දිය වේවා ගූ  බාල්දිය වේවා ඕන බාල්දියක් එන්නේ පිටරටින් නම් ඔලුවේ හලා ගන්න අපේ දේශප්‍රේමියෝ පෝලිමේ ඉන්නේ කාගේවත් අරාධනා පිට නම් නොවේය.

කොහොම හරි අයිස් නාපු ප්‍රසිද්ධ අප්‍රසිද්ධ හැමෝම  අරමුණ තේරුම් අරගෙන අයිස් නෑවනම් ඒ ගැන කිසි අවුලක් නැත. එත් ඉතින් බාල ප්‍රසිද්ධිය වෙනුවෙන් ඔලුවට අයිස් හලාගත්තු අය ගේ මානසික රෝගී භාවය ගැන ALS  රෝගීන්ද ඇතුළුව අප සැමගේ අනුකම්පාව හිමි වනු ඇත.

විභීෂණ ඒ ලිවේ අයිස් බාල්දි මෙව්වා එක ගැනය.

අයිස් බාල්දිය ඇමෙරිකාවේ ස්නායු රෝගීන් සඳහාය. ඒ රෝගේ ඒ රටට බරපතල අභියෝගයක් වුණු එකක් වෙන්න ඇතිය. ඇමෙරිකාව අපි ගැන හෙව්වට අපිට ඇමෙරිකාව ගැන හොයන්න කොහෙවත් අමාරුවක් නැත.ඒ හින්ද ALS  ගැන ඒ ගොල්ලොම බලාගැනීම හොඳය.

ඇමෙරිකාවට ALS වගේ අපේ රටට මේ වෙනකොට තියෙන දරුණුම අභියෝගයක් වන්නේ "රජරට වකුගඩු රෝගය " ය.

සයිබරේ ටැග් ගැහෙනකොට දැනගත්තු විදියට මේ වෙනකොට අපේ රට ඇතුලේ දවසකට දෙන්නෙක් මේ කරුමක්කාර වකුගඩු ලෙඩේ හින්ද මිය පරලොව යන්නේය. 

මෙහෙම දවසට දෙන්න ගානේ  මැරෙන්නේ විල මැද කෝලම් මඩුවේ හරි පලා බබා සෙන්ටර් වල හරි නැත්නම් පුංචි ආණ්ඩු වල අය නම් ඔහෙලා අපි කවුරුත් එච්චර කලබල වෙන්නේ නැත . මොකද මාස තුන හතර යනකොට රට සුද්ද වෙනවනේ.  එත් මේ නිස්කාරනේ වැලිගම්පිටි යන්නේ දුක් මහන්සියෙන් කුඹුරු කරන බොට මට බත සපයන දුප්පත් ගොවියෝ ය. එන්න එක නම් රටටම බලපාන බරපතල ප්‍රශ්නයක් ය.

මේ වකුගඩු ප්‍රශ්නේ දැන් අවුරදු කීපෙක ඉඳන් මේ රටේ බරපතල විදියට කතා බහ කරන්න පටන් ගත්තු එකක් ය. ලෙඩේට හේතුව  දැන් දැන් රටටම පැහැදිලිව පෙනෙන්නට ඇත. 

ඉක්මනට ලොකු අස්වැන්නක් ගන්න ලොකු ආදායමක් ගන්න ඉවක් බවක් නැතිව කෘෂි රසායන කියන සුන්දර නමින් හඳුන්වන හලාහල විස ජාති කුඹුරු වලට හැලීම සහ හලපු ඒ විස ප්‍රදේශයේ ජල මුලාශ්‍ර වලට එකතුවීම , ඒ ජලය පාවිච්චි කරන මිනිස්සුන්ගේ බඩවල් වලට අර වහ ජාති ඇතුල් වීම මේ වකුගඩු ලෙඩේ ආරම්භය ය.

වැඩි අස්වැන්නක් ලැබෙනවා නම් කවුද අකමැති ආයිබෝන්.

මේ ලෙඩේ ගැන කතා බහ  කරන්න පටන් ගත්තු කාලෙදී නම් ඒ හේතුව ගැන කතා කරන්න ආණ්ඩුවේ සමහර මට්ට ලොක්කොත් හිටියේ ගූ බයේය. උන්ගේ කොඳු නාරටි කෘෂි රසායන කොම්පැනි වල ට උකස් කොට ඇත.සමහර විට රාක්ක වල ප්‍රදර්ශනේට ද තබා ඇත. එහෙම ප්‍රදර්ශනය කරපු අවස්ථා කීපයකුත් ඒ දවස්වල ජනමාධ්‍ය වල පෙනෙන්නට තිබුණි. 

මොනවා වුනත් මුන් පඩි ගන්නේ අපෙන්ය.විභීෂණ ගේ ලේ රත්වෙන්නේ එතකොටය .අන්තිමේදී හැම දේටම පලි උන්ගේ දෙමවුපියෝ ය.පවු ඒ අහිංසක දෙමවුපියෝ. අපෙන් නිස්කාරනේ බැනුම් අහනවා.

මේ වකුගඩු රෝගීන්ට පිහිට වෙන්න ආණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍යාංශ ය පුළු පුළුවන් හැටියට යම් වැඩ කොටසක් කරගෙන යන බව පැහැදිලිය. අපි ටීවී රේඩියෝ වලින් ඒ ගැන ඉඳල හිටලා නිවුස් දකින්නෙමු.

නමුත් ඒ කෙරෙන වැඩ කොටස නම්  කොහෙත්ම ප්‍රමාණවත් නැති බව සක්සුදක් සේ පැහැදිලිය. 

එත් කරන්න දෙයක් නැත. සුරලෝකේ පෙන්නලා දුප්පත් ගොවියන්ගෙන් ඡන්දේ මංකොල්ල කාපු ජනතාවාදී ආණ්ඩුව ලක්ෂ කෝටි ගණන් වියදම් කරමින් කරන්නේ වේගෙන් යන හයි වේ හදන එකය, ෂොපින් යන්න ආකේඩ් හදන එකය, කෝලම් මඩු වල කෙස් පැලෙන තර්ක ගෙනත් යෝජනා සම්මත කර ගෙන  සූදු අන්තුවන්ට සූදු කෙළින්ට පහසුකම් සලස්සන එකය. 


ඒ හින්ද අපිට බත දීපු මේ ගොවියට දැන් අපේ සරණ පතන්නට සිදු වී ඇත. 

දෙරණ ආයතනය මීට මාස කීපෙකට කලින් "මනුසත් දෙරණ " කියල වැඩසටහනක් පටන් අරන් රජරට පුරාම සායන තියල වකුගඩු රෝගීන් හඳුනාගෙන ප්‍රතිකාර කිරීමේ ප්‍රජා සත්කාරයක් කලේ මේ අසරණ ගොවින් වෙනුවෙන්ය. 

ඒ project එකේ වැරදි තියෙන්න පුළුවන. එත් එහි අවසාන අරමුණ උතුම් සමාජ සත්කාරයක්ය. ඒ හින්ද එකේ වැරදි ගැන කතා කරනවාට වඩා ඒ වැරදි හදා ගෙන අරමුණ සාර්ථක කරගැනීම ට දායකත්වය ලබා දීම අපේ හැමෝගෙම යුතුකම සහ වගකීමය.

මේක එක්තරා අවස්තාවකදී සිරිසේන ඇමතිතුමාගේ ඉමහත් ප්‍රශංසාවට ද ලක් විය. එතුමා සෞඛය ට ඇමති වුනාට වෙනුවෙන් වැඩක් කරන්න ලැබෙන වෙලාව ගොඩක් අඩු ය. වැඩි වෙලාවක් ගත කරන්න වෙන්නේ මිනීමරු සමිති එක්ක සාකච්ඡා සම්මන්ත්‍රණ කරන්නට ය . විභීෂණ කලින් ලිපිය ලිව්වෙත් ඒ ගැනය.එහෙවු එකේ තමුන්ට කරගන්න අමාරු වෙච්ච වැඩේ තව කවුරුහරි කරන එක ගැන එතුමා සතුටු වෙන එක පුදුමයට කාරණයක් වෙන්නේ නැත.

"වකුගඩු වෙනුවෙන් අමුමිරිස් " කල එළි බහින්නේ මේ ළඟදී ය. වකුගඩු සහ අමුමිරිස් අතර එච්චර පැහැදිලි සම්බන්ධයක් මෙතෙක් තිබුනේ නැත.ඒ ඉස්සරය. 
දැන් වකුගඩු සහ අමුමිරිස් බොහොම හිතවත්ය. දැන් සයිබරේ හක්කලන් ගහන කට්ටිය මේ දවස්වල අමුමිරිස් අමුවෙන්ම කන්නේ තරඟයට ය. එහෙම කාලා නිකන් නොඉඳ අනිත් එවුන්ටද චැලේන්ජ් කරන්නෝය. 

අමුමිරිස් කන එකා රුපියල් සීයක්ද නොකන එකා රුපියල් දාහක්ද ලෙස වකුගඩු රෝගීන් සඳහා අලුතෙන් ඇරඹුණු අරමුදලකට මුදලෙන් දායක වීම මේ අමුමිරිස් සීන් එකේ ලක්ෂණ ය.

#SLAmumirisChallenge එක ගැන දේශනා දෙන්න විභීෂණ මෙතන සැරසෙන්නේ නැත. මේ බොග කියෝන හැමෝම එක ගැන දැනුවත් වී හමාරය.

හැමෝම අමුමිරිස් කරන අතරවාරයේ විභීෂණ මේ හදන්නේ හිතන්න යමක් එකතු කරන්නය. 

හලාහල විෂ තියෙන කෘමිනාශක මේ රටට ගෙන්න ඉඩ සැලැස්සුවේ බ්ලොග් අවකාශයේ සැරිසරන අමුමිරිස් කන , එහෙම කන්න කියල අනිත් එකාට අභියෝග කරන උඹ මම කවුරුත් නොව අපෙන් ඡන්දේ හොරාකාල ගිය සමහර මන්තිරි ඇමති වරු, උන්ට සට්ටැඹී කම් කරන නිලධාරි සනුහරේ සහ මෙවුන්ට පඬුරු පාක්කුඩම් දෙන ප්‍රසිද්ධ මුදලාලි ලාය. 

දැනගන්න්නට ලැබුණු විදියට ඇමෙරිකාවේ දී සමහර කෘමිනාශක නිෂ්පාදනය කරන්න අවසර තිබුනත් පාවිච්චි කරන්න තහනම් ය.
හදන්නේ උන් හින්ද එව්වයේ භයානක කමද උන් දනී. 

එහෙව් වහ  කිලෝ ගණන් ලීටර් ගණන් අපේ අය්යල මේ ගෙනත් ගොඩ බාන්නොය. 
එව්වට අවසර දුන්නේ සමහරවිට අද අමුමිරිස් කන අපි වෙන්න ඇතිය.
එහෙම ගොඩ බාල අපේ දුප්පත් ගොවීන්ට විකුනන්නොය.

මේ ලඟක් වෙනකම් නා නා ප්‍රකාර නළු නිලියෝ ටීවී add වල පෙනී හිටියේ මේ වහ විකුනන්නටය. ප්‍රශ්නේ ට හේතුව එලි වෙලා හින්ද එහෙවු මගෝඩි දැන්වීම් දැන්නම් පෙනෙන්ට නැත.

එත් කලින් කරපු බිස්නස් එකේ ප්‍රතිපල නම් දැන් පෙනෙන්නට පටන් අරන් ඇත.

වහ ගහපු පොළොවෙන් එන වතුර ටික මිනිස්සුන්ට විස වී ඇත. වහ ගහල හදන වී ටික එලවලු ටික , කන අපිට විස වී ඇත.
රජරට පවුල් බහුතරයක අඩුම එක අයෙක් වකුගඩු රෝගියෙක් බවට පත් වී ඇත.

එදා දත් විරිත්තාගෙන අපිට වහ විකුනපු මුදලාලි ලා අද පෙන්නේට නැත. නිලධාරින් හොයා ගන්න නැත.ඉඟ සොලවා . පුක නටවා ටීවී එකේ වහ  විකුනපු නළු නිළියන්ට එව්වා මතකත් නැත.

අන්තිමේදී උන්ට රැවටුණු ගොවියා ට කබලෙන් ලිපට නොවැටුණත් ගෙදරින් ඉස්පිරිතාලෙට මාරු වෙන්න සිද්ධ විය. අපි පුරුද්දක් විදියට බැර ලෝහ කෑමට ගන්න ජනතාවක් විය. 

හයි වේ හදන, ආකේඩ් හදන, පාවෙන පොළවල් හදන, සැණකෙළි තියන ආණ්ඩුවට රජරට ගොවියා ගැන හොයන්න වෙලාවක් නැති විය.

අඩු තරමේ අපිවත් දැන් ඒ අසරණයින් වෙනුවෙන් ඉදිරිපත් විය යුතුය.
නැත්නම් අපිට බත දෙන්න එකෙක් ඉතුරු වෙන්නේ නැත.

අමුමිරිස් අභියෝගේ ගැන විභීෂණ ට තියෙන එකම අරෝව පිටින් ආපු concept එකක් මුලික කරගෙන project එක ක්‍රියාත්මක කිරීමය. 
එත් අවසාන අරමුණ වන ලක්ෂ තිහක රුධිර කාන්දුකරණ යන්ත්‍රයක් ලබා ගැනීම යන මහගු උතුම් කාරණය ඒ සැමටම වඩා වටින්නේය. 


එදා ඒ වැඩේ විභීෂණ දැකපු ලොකුම සාමුහික සත්කාරයක් ය. කාටවත් ඒ දේ  අමතකයි කියල විභීෂණ ට  නම් තප්පරෙකට වත් හිතෙන්නේ නැත.

අද කරන ප්‍රජාසත්කාරේට අමුමිරිස් කෑම ක් එකතු වුනේ පුළුල් ප්‍රචාරයක් ලබා ගැනීම සහ සත්කාරයට සහභාගී වෙන්නන්ට අලුත් අත්දැකීමක් ලබා දෙන්නට විය යුතුය.

අවුලක් නැත . අරමුණ යහපත් නම් ඔනෑම කාරයක් සාර්ථකව අවසන් වනු ඇත. ඒ රටේ නීතිය නොව සොබාදහමේ නීතියය . අපි හැමෝම එයට යටය. 

අවසානයේ මෙසේ ලිවිය යුතුමය.

ඡන්දේ හොරාකාපු එව්වෝ ඇතුළුව වගකිවයුතු බොහෝ දෙනෙක්ට දුප්පත් අසරණ ගොවීන් ව අමතක වී ඇත.
ඒ නිසා අපිට අමු මිරිස් කන්න සිදු වී ඇත.

අමුමිරිස් කෑවත් නොකෑවත් දුක් වීමට කල කිරීමට කිසිම හේතුවක් නැත.
අපි ඉදිරිපත් වී ඉන්නේ අපේම සහෝදර කැලක්  වෙනුවෙන් ය.

concept එකට කැමති නම් අමු මිරිස් කන්න. 
අකමැති නම් කන්න එපා.

ඒ කොහොම වෙතත් අරමුදලට දායක වෙන්න. 

මොකද අපි අරන් දෙන යන්තරේ පිහිටෙන් තව එක දවසක් හරි ජීවත් වෙන්න වාසනාව ලබන ගොවියෙක්ගේ , ඒ මනුස්සයාගේ බිරිඳගේ, දරුවන්ගේ මුහුණේ ඇඳෙන සතුටු හිනාව අපිට හැමදේටම වඩා වටිනවා .

ප්‍රධාන අරමුණ විය යුත්තේ යූ බටේ හරි බුකියේ හරි හෑෂ් ටැග් එකට වීඩියෝ ගොඩගහන එක  නොව අපේම රටේ අසරණ වුණු සහෝදර ජනතාවක් වෙනුවෙන් එකතු වෙන එකය.


ජය වේ..




18 comments:

  1. ඇත්තටම අර යසෝධා ළමයට මොකද වුනේ..... දැන් සුව වෙලාද....කිසිම ආරංචියක් නැහැ......දන්න කෙනෙක් හැකි නම් හැමෝටම දැනගන්න කියන්න..... PL .....

    ReplyDelete
    Replies
    1. ඔව් එක දැනගන්න ඕන කාරණයක්.

      Delete
    2. ලොකු ප්‍රසිද්ධිය දීල වැඩ කරන දේ ඉතා හොද වැඩක්.......
      නමුත් කලක් ගියාම ඒවල ....... අලුත තිබෙන උනන්දුව කිසිම කෙනෙකුට නැහැ....... ඒව කොයි ආකාරයට වුනාද කියා විනිවිද භාවයකින් දකින්නත් නැහැ.....(අමු මිරිස් වැඩේ එහෙම වෙනවා කියා කියනවා නොවෙයි..... මොකොද ඒකට සෙට් වෙලා ඉන්නෙ බොක්කො ටිකක්)
      අනික් කරුන තමයි උදව්ව ලබාගත්ත කෙනාවත් (තමන්ට නොහැකි නම් අන් කෙනෙකුට කියා හෝ....)ප්‍රතිපලය නොදැන්වීම.....
      මම අද පත්තරයක දැක්ක උපාසක අම්ම කෙනෙක් වන්දනාවෙ ගොස් ........ කොහෙද ලෝක පන්සලකට කනේ කරාබු කුට්ටම ගලවල පුජා කරල .....හෙක්......හෙක්..... එහෙව් පිං බිමක් ...අපේ රට බං ......
      එහෙම පුදන දේවල් .....තමන්ගෙ දේ වලට පරිහරණය කරන දේවල් නිලෙමෙලත් ඉන්න රටක්........
      ඒ ආච්චි.....ළමයිනට කන්න දෙන්න විදියක් නැති ව ඉන්න පවුලකට එය දුන්න නම්....වේල් කීපයක් කනව ....ඒක විකුනල ....

      Delete
    3. ඇත්ත..අඩුගානේ උද්දවූ ගන්න කෙනාවත් ප්‍රතිඵල දැනුම් දෙනවනම් ඉස්සරහට සංවිධානය වෙන මේ වගේ වැඩ වලට කට්ටිය බය නැතිව සහභාගී වෙනවා.
      -----------------------------------------------
      උපාසකම්මල....
      ============
      අනේ කෙන්ජියෝ..ඔය මෝඩ උපාසකම්මල ගැන නම් කතා කරලා වැඩක් නැහැ. පින්තකා කරාබු කුට්ටම පූජා කරලා නැවතුනා නම් ඇති.

      එක අතකට පවු කියලත් හිතෙනවා. ප්‍රඥාවෙන් කෙල පැමිනිච්ච බුදුන් සරණ යන මේ වගේ අයට කලඳක් වත් මොලයක් නැති හැටි.

      Delete
  2. ඇත්ත කතාව...
    කස්ටිය අමු මිරිස් විකුණලා හරි වැඩේ කෙරෙනවනම් හොඳ දෙයක්...

    කතාව උස්සා බුකියේ පල කිරීමට අවසර ලබා දීමට හැකිදැයි දැනගනු කැමැත්තෙමි..

    ReplyDelete
    Replies
    1. කිසි ප්‍රශ්නයක් නැහැ. කැමති තැනක පල කරන්න.

      Delete
  3. ගඟට කපන ඉණි .....
    ගඟට කපන ඉණි ගඟදිය රැගෙන යති
    සැපට වැඩුණු කය පොළොවට දිරා යති
    අපට නොවේ බඹුටත් මරු ළඟාවෙති
    පිනට දුන්නු දේ පමණක් ඉතුරු වෙති

    මලේ සුවඳ නැතිවෙයි පෙති හැලුණාම
    ගතේ රුසිරු නැතිවෙයි රැලි වැටුණාම
    ගඟේ මහිම නැතිවෙයි දිය සිඳුණාම
    දුන්දේ සුවඳ පවතී ලොව හැමදාම

    කෑමෙන් හොඳ කෑම සපයාගෙන කෑම
    බීමෙන් හොඳ බීම මවුගේ කිරි බීම
    දීමෙන් හොඳ දීම දුගියට දන් දීම
    යෑමෙන් හොඳ යෑම නිර්වාණෙට යෑම

    කන බොන කෑම තනියම වළඳන්න එපා
    අසරණ කෙනෙකු ආ විට එළවන්න එපා
    අනුවණ කමින් පව් සිදුකරගන්න එපා
    නොමැරෙන කෙනෙකු ලෙස ජීවත් වෙන්න එපා

    ගී තනු - රෝහණ වීරසිංහ
    ගායනය - සුනිල් එදිරිසිංහ

    ReplyDelete
    Replies
    1. //නොමැරෙන කෙනෙකු ලෙස ජීවත් වෙන්න එපා//

      ඔන්න ඕක තමයි අපි හැමෝම මතක තියා ගන්න ඕන දේ...

      මචන් සින්දුවෝ...නියමයි ඇ,...උඹේ කමෙන්ට් සින්දුවෙන් ඕන පොස්ටුවකට අමුතු එළියක් වැටෙනවා...

      Delete
  4. අන්තිමට දාලා තියෙන කතාව එක්ක සම්පූර්ණ එකඟයි.. විඩියෝ නැතත් කරන්න පුළුවන් උදවුවක් තියෙනවනම් ඒක කරන්නම ඕන.. මොකද ඉතින් පාලකයන්ට දැන් වටින්නේ කතිරේ විතරයි හන්දා..

    ReplyDelete
    Replies
    1. අපි මෙච්චර කල් තෝරගත්තු හැම පාලකයටම මතක තිබුනේ කතිරේ මිසක් අපිව නෙමෙයි..

      Delete
  5. රහ ගුණ ඇති සියරට දේ සිරි සැප දේ
    වහ මුසු කල කලට ඒ සැම සුර සැප දේ
    වහ ගෙන එන්න මුල්වුණු සැම සුව නින්දේ
    ගහපිය පෝලිමේ ගොස් මුන්ටම ඡන්දේ

    ReplyDelete
    Replies
    1. සුපිරි පද ගැලපුම මචෝ...

      එල එල...

      කට්ටිය ඉතින් දේශප්‍රේමී දේශමාමක ජනයනේ...

      Delete
  6. අමු මිරිස්, අයිස් බකට්, වකුගඩු රෝගය, ඇමරිකාව, සිරිලංකාව, ආස්චර්ය සහ ආණ්ඩුව, මේ සියල්ල කැටිකරගෙන මෑතක් ලියපු සාර්ථකම බ්ලොග් ලිපිය මේක කියල මං බය නැතිව කියනව විභීෂණ. ඇත්තෙන්ම විශිෂ්ඨයි.

    ReplyDelete
  7. //වහ ගහපු පොළොවෙන් එන වතුර ටික මිනිස්සුන්ට විස වී ඇත. වහ ගහල හදන වී ටික එලවලු ටික , කන අපිට විස වී ඇත.//

    මිරිසුත් ඒ පොළොවෙන්ම තමයි !!

    ReplyDelete
  8. මිනිස්සුන්ට උදව් කරන්න අයිස් බකට් එකක්ම නාන්න ඕනද ? ,එහෙම නැත්නම් අමුමිරිස් ම කන්න ඕනද ? ආධාර කරන ඒවත් දැන් චැලේන්ජ් පස්සෙ ගිහින්.ඉදිරියට තව කොයි වගේ ඒවා ඒවිද කියන්න බෑ. අවුරුදු ගානක ඉඳන් තියන මේ ප්‍රශ්න වලට වගකියයුතු මැදිහත්වීමක් තියනවනම් හැම ප්‍රශ්නෙකටම ක්‍රමානුකූල විසඳුමක් හොයන්න පුළුවන් වේවි .

    ReplyDelete
    Replies
    1. හැමදාමත් වගකිවයුතු මැදිහත්වීම් ඇති බහුතරය සිද්ද වුනේ ඇත්ත ප්‍රශ්නෙ නොව ඡන්ද නොලැබෙන ප්‍රශ්නේ විසන්දන්නයි...

      Delete

කමෙන්ට් කලාපය....