2016-04-15

සුබ පැතුම් මා ප්‍රිය සොඳුර !!!!



අමතක නොවෙනු ඇත
කිසිදා ඔබේ වචන
මැකී නොයනු ඇත
කිසිදා ඔබේ මතක
වෙන්වුනත් පෙර දින
දැනුදු  මා ඔබ හා  වැනිය 
හදවතේ කොනක 
තවම ඔබ සිටිනවා වැනිය 

දන්නේ නැහැ නේද
මගේ හදවතේ ඔබට
තිබූණු ආදරය 
කොතරම්ද
නමුත්  සොඳුර
බල කළ නොහැක නැවත 
පෙන්වන්න ඒ ප්‍රේමය
හදවත දැන් 
අසන්නේ නැත මගේ වචන 

මා දුටු සිහින වල
අරුත ඔබම විය  
මා යන සැම තැනක
ඔබ මා අසලම විය 
දෙවියන් ද දැන සිටියේය
කිසිදා ඔබෙන් ඈතට 
යා  නොහැකි බව මට 
කිසිදා ඔබ ගැන මතකය  
මකා දැමිය නොහැකි බව 

දැනෙනවා දැන් මට 
නුහුරු නුපුරුදු බව
මහා සෙනග මැද  වුනත් 
හරි අමුතු තනිකම
කුමක් කරන්නද?
කුමක් කියන්නද?
අකමැති සිතින් වුවද 
පිළිගත යුතුව ඇත
මා අතැර  යන බව
මා ප්‍රිය සොඳුර 
නව දිවි ගමනක  
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-




=========================================




සැ.යු.- පරිවර්තනයක් පමණි....


14 comments:

  1. Replies
    1. තැනක් යූ මෙන්ඩෝ...
      -----------------------

      කාලෙකට පස්සේ නේ?

      Delete
  2. Replies
    1. තැනක් යූ නිර්මානි...

      Delete
  3. හිත වාවන්නේම නෑ...
    ඔබ ආයෙත් එන්නෙ නෑ...

    ReplyDelete
    Replies
    1. අයියෝ..

      මට වඩා මූට දුක හිතිලානේ...

      Delete
  4. Arijit Arijit Arijit <3 <3 දෙය්යනේ මේ කටහඬ ඇහුනම ඇති කන්න ඕනත් නැහැ බොන්න ඕනත් නැහැ ..හී .. මේ මම ආසම ගායකයාගෙ සිංදුවක්. කටහඬ ඇහුන ගමන් මට කියන්න පුළුවන් එයාගෙ සින්දුවක්ද නැද්ද කියල Arijit ගෙ හැම හින්දි සිංදුවක්ම වගේ අහල තියනවා. බෙංගාලි සිංදුත් තියනවා ඒවත් ලස්සනයි.කවියට පිළිතුරු කවියක් ලියන්න හිතේ තියාගෙන අගටම යද්දි මෙන්න සිංදුවක් දැන් ඉතිං ඔක්කොම පැත්තක දාල සිංදුව අහනවලු හොඳේ ;) කවිය ගැන කිව්වොත් මේක විභීගේ අත්දැකීමක් වෙන්ට ඉඩකඩ බොහොමයි ... ඔව් මෙච්චර දිගට ලියවෙන්න මොකක්ම හරි තිබේ ... මට හිතුන කවිය පොඩ්ඩක් කෙටි උනානම් කියල ඒක අවුලක් නැහැ ...

    //දැනෙනවා දැන් මට
    නුහුරු නුපුරුදු බව
    මහා සෙනග මැද වුනත්
    හරි අමුතු තනිකම
    කුමක් කරන්නද? ............. මේ ටික වැඩියෙන් හිතට දැනුන වගේ :)

    ReplyDelete
    Replies
    1. හංසියෝ හංසියෝ...

      කොහොමද හලෝ හරියටම කිව්වේ මගේ අත්දැකීමක් වෙන්න ඉඩකඩ වැඩියි කියලා?
      මටම පුදුමයි...

      ඇත්ත ඇත්ත..
      සෝන්ග් එකේ වගේම නොවුනාට ඊට සමාන අත්දැකීම දෙකක් ම තියෙනවා...
      -------------

      අර පිළිතුරු කවියත් දැම්මා නම් මොකද?

      Delete
    2. මටත් ඒක හිතුනා. මොකද දන්නවාද? මේ ලඟදී වර්ණගේ පෝස්ටුවකට විභීෂණ ඒක කියලා තිබුනානේ...

      Delete
    3. ලියලා තියන දිග කවියෙන් මට හිතුනෙ. හිතිවිලි ගොඩක් එකපාරට එලියට දාද්දි කවිය ඉබේම දිග වැඩිවෙනවා.කවිය කියවද්දිත් හිතුන මේ පරණ මතකයක් අලුත් වෙලා වෙන්නැති කියල .. ඔය සමහර සිංදු අහද්දි ඔය මතක එලියට පනිනවා මේක අවසන් වෙලා තියෙන්නෙ කවියකින් හැබැයි ඒ මතකයම ආයෙම තවත් කතාවකට ආරම්භයක් වෙන්නත් පුළුවනි .. මේ ඉතින් අත්දැකීම් වලින් කියන ඒවලු :) .. පිළිතුරු කවියක්... හ්ම්ම්ම් .. තාම හිතනවා ..... :)

      Delete
  5. ෂාහ් බං මම හිතුවෙ වයිෆ්ගෙ බර්ත් ඩේ එක කියලනෙ.මටම තලාගන්න හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. වයිෆ් ගේ බර්ත්ඩේ එකට මෙහෙම නෙමෙයි නේ හැලපයෝ දුක් වෙන්නේ ...

      Delete
  6. මුලින්ම අහන්න හිතුනා ඇයි මේ අකුරු මේ තරන් ලොකු කරලා :)

    ලියු මතක පෙර දිනක
    මැකි යනු ඇත කාලයෙ වැලිතලාවේ
    හමුවුනොත් ඔබට මා හෙට දිනක
    සිනාසෙන්නම් පෙර ලෙසම
    නොමැකෙන මතකයන් තබා ඔබ
    වෙන්වු බැවින
    පෙර දිනක......

    ReplyDelete
    Replies
    1. අකුරු ලොකු වෙච්ච එක නම් පොඩි වැරදීමක්.
      එක හදන්න ගියාම අකුරු පුංචිම පුංචි වුනා.
      ඊට පස්සේ තිබ්බ විදියටම තිබ්බා ඕන එකක් වෙච්ච දෙන කියල..


      ------------------
      කවි පද ටික නම් බොහොම අපූරුයි...

      Delete

කමෙන්ට් කලාපය....