2015-05-14

හරකා සහ භූමිකම්පා ව



නෙපාලේ ඇති වෙච්ච මහා භූමිකම්පාවයි, එකෙන් ඇති වෙච්ච දරුණු විනාසෙයි අද ලෝකේ හැමෝම කතා කරන ටොප්ම ස්ටෝරිය බව විභීෂණ අමුතුවෙන් කිව යුතු නැත .එයින් බහුතරය, අතිබහුතරය කතා කරන්නේ ඒ රට ආපහු ගොඩනගන්නේ කොහොමද, භූමි කම්පාවේ බලපෑම මොන වගේද, එක අනාගතේට බලපාන්නේ කොහමද වගේමුළු ලෝකෙටම වැදගත් කරුණු කාරනා ය.



ඒ වුනාට මොකද නේපාලේ භූමි කම්පාව ඇතිවුනේ ඊට කලින් දවසක ඒ රටේ කරපු මහා සත්වබිලිපූජාවක් හින්දා කියලා ටොම් පචයක් ,පට්ට කෙබරයක් මේ දවස්වල බුදුන් වහන්සේට ත් වඩා බෞද්ධ සැට් එකක් රට පුරාම කියෝ කියෝ පට්ට චූන් එකක් ගන්න බව විභීෂණ දැක්කේ පහුගිය දවස්වල බුකියේ හක්කලන් කරනකොටය. මේක දැක්ක ගමන් "අනේ අනිච්චේ මෙහෙමත් ගොන්නු ටිකක් " කියලා නොකියවෙන්නේ මේ බොරු කාරයින්ගේ සංගමේ එවුන්ට පමණක ය.

මේ සැට් එක කියන විදියට නෙපාලේ එක කෝවිලක හෝ ඒ වගේ තැනක හරකුන්( හෝ මීහරකුන්) දාස් ගානක් බෙලි කපා පූජාවක් තබා ඇත. ඊට පහුවෙනිදාද දවස් දෙක තුනකට ද කොහෙද පස්සේ නේපාලෙට මහා භූමිකම්පාවක් ඇවිත් ඇත. මෙයාලගේ නල්ලමලේ අර්ථ දැක්වීමට අනුව ඒ මහා භූමිකම්පාවයි එකෙන් ඇතිවෙච්ච දරුණු විනාසෙයි ඇතිවෙලා තියෙන්නේ අර කිව්ව හරකුන් ඝාතනය කිරීම ගැන සොබාදහම කෝප වීම නිසාය. හරකුන් ඝාතනය නොකලානම් භූමිකමපා වක් එන්නේ නැති බවය.


ඔන්න ඔහොම තමයි හරියට ආගම දහම දැනගන්නේ ඉගෙන ගන්නේ නැතිව කොහෙවත් තියෙන පට්ට පල් කෙබර ඔලුවේ තියන් කයිවාරු ගහන මේ අප්පුහාමි ලාගේ, අම්මණ්ඩි ලාගේ  කල්පනාවේ තරම

මේ ඉතිහාසේටම හරක් මැරුවේ නෙපාලේ විතරක් නොවන බව නොදන්නා හරකෙක්වත් හොයාගන්න ට නැත.ඒ වුනාට හරක් ජාතකේ ඉපදුනු සමහරක් හින්ගලබුද්ද යෝ ඔව්වා දන්නේ නැත. මෝඩකමට බෙහෙත් නෑ කියන කියමන  කියලා තියෙන්නේ සමහරවිට මේ වගේ සිද්ධි දැක්කාම පාවිච්චි කරන්න වෙන්න ඇත.

වෙන මොකුත් උදාහරණ අවශ්‍ය නැත. ඇමෙරිකාව උදාහරණයට ගත්තොත් සේරම තේරුම් ගන්න පුළුවන.
ඇමෙරිකාවේ හරක් මරන්නේ බිස්නස් එකටය.ඒ මේ නෙපාලේ වගේ අවුරුද්දකට එක දවසක් නොව අවුරුද්දේ හැමදාම ය.අනික මේ අපි වගේ, එහෙම නැත්නම් නෙපාලේ හරි වෙන කොහේ හරි වගේ මන්නා කැති වලින් නොව ෆුල් ඩීසන්ට් පිට සුපිරි මැෂින් වලින් ය. මෙහෙම ලිව්වට ඔව්වා මහා හිරිකිත වැඩ බව මෙතනදී ලියන්නම ඕනය.
විභීෂණ නම් විශ්වාස කරන්නේ මේ වැඩේ එහෙ මිනිස්සුන්ට දැනෙන්නේ හරක් මරනවා කියලා නොව බීෆ් නිෂ්පාදනය කරනවා වගේ වෙන්න ඇති කියා ය.

අපේ බුද්ධාගම් ඔස්තාර් ලාගේ "හරකා සහ භූමිකම්පා" තර්කෙ ඇත්ත වෙන්න ඇති කියලා අපි නිකමට හරි ,විහිලුවට හරි මොහොතකට හරි හිතුවොත් , ඒ තර්කය අනුව ඇමෙරිකා එක්සත් ජනපදය කියලා රටක් හෝ භූමියක් මේ වෙනකොට මේ ලෝක සිතියෙමේ පෙනෙන්ට නොතිබිය යුතුය. මීට අවුරුදු සිය ගානකට කලින් භූමි කම්පා ඇවිත් කුඩේ කුඩු වෙලා තියෙන්න ඕනය.

හරකුන් මරුවාම භූමි කම්පා ඇතිවෙන්න තියෙන හේතුව මොකක්ද කියන එකත් මේ අතරවාරයේ ඇතිවෙන දරුණු ප්‍රශ්නයක් ය.. දාස් ගානින් මළාම පොලව කම්පා වෙන්න තරම් හරකුන් ශුද්ධවූ වස්තූන්ද කියන එක වෙන වැඩක් කරන්නම නැත්නම් හොයා බලන්න වටිනා කාරනාවක් ය. සමහර විට එදා දෙයියන්ට දීපු බීෆ් ලන්ච් එකේ මොකක් හරි වුලක් තිබිලා දෙයියා ට පඩයක් වාතයක් ගිහින් පොලොව හෙල්ලුනා වෙන්න පුළුවන. අපේ මැටි මෝලුන්ට ඕනනම් ඒ කතාව ද විශ්වාස කරන්න පුළුවන.

මළාම භූමි කම්පා වෙනවා නම් හරකුන් රංචු පිටින් ජීවත් වෙන භූමි, කම්පා වෙන්න ලොවෙත් බැරිය . ඒ අනුව ඉල්ලන්කා දූපත ට භූමි කම්පා ඇති නොවෙන හේතුව කැමති කෙනෙක්ට කැමති ලෙස අර්ථ කථනය කරගන්න ට පුළුවන. එක තැනකට ඇත්ත නම්  තව තැනකට බොරු වෙන්න පුළුවන් කමක් තියෙන්න බැරිය.

හරකුන් මැරුවම කම්පාවෙන සොබාදහම කුකුලන් මරපුවාම, මාළුන් මරපුවාම , කුරුල්ලන් මරපුවාම  කම්පා නොවෙන්න හේතුවක් නැත. ඒ මොකද කියනවානම් පණ තියෙන්නේ හරකුන්ට විතරක් නොවන නිසාය..

ගොයම් කපනවා වගේ කුකුල්ලු මරණ කොට , වට්ටක්කා කපනවා වගේ ඌරෝ මරණ කොට හරක් මරණ එක සහ එහි ප්‍රතිවිපාක අපිට කතා නොකරත් ඉන්න පුළුවන. ඒ තරමට ම සත්ව ඝාතන රට හැම තැනම ය.. ෆාම් අයිති කාරයෝ කරන්නේ බ්‍රොයිලර් ඇති කිරීමක් නොව වගා කිරීමක් ය. එහෙනම් කුකුලන් මරණ හින්දාත් සොබාදහම කම්පා විය යුතුය.
 ධීවර රස්සාව ගැන නම් කතා කරලා වැඩක් නැත. අර විදියට සොබාදහම කම්පා වුනානම් අඩුම ගානේ මීගමු, හලාවත වගේ පැති මේ වෙනකොටත් අතුරුදහන් වෙලා තියෙන්න ඕනය.
දුප්පත් මිනිස්සු කෑමට කුරුල්ලෝ මරණ කොට පෝසත් මිනිස්සු කුරුල්ලෝ මරන්නේ විනෝදෙට ය. කෝ එතකොට කම්පා වෙන සොබාදහම. සමහරවිට කුරුල්ලෝ සොබාදහමේ කොටහක් නොවන්නට ඇත.

ඔය මොකුත් ඕන නැත. මිනිසා කියන්නේ සොබාදහම ඇතුලේ නිර්මාණය වෙච්ච වටිනාම සත්වයා ය.මේ රට ඇතුලේ අවුරුදු 30 ක් මිනිස්සු එකාට එකා මරාගන්නකොට, කොළඹ බෝම්බ පුපුරන කොට, උතුරේ, නැගෙනහිරෙ දාස් ගානින් එහෙයි මෙහෙයි කොල්ලෝ කෙල්ලෝ මැරෙන කොට ඔය කියන සොබාදහම කම්පාවුනේ නැත්තේ ඇයි. සොබා දහම කෙසේවෙතත් ආපහු යුද්ධයක් එනවට කැමති සැට් එකක් නම් ඉන්න බව කියන්නේ නොකියා බැරි නිසා නොව කිව යුතු නිසාය.

කොහොමහරි විභීෂණ නම් කියන්නේ මේ භූමි කම්පා එක්ක හරක් මැරීමක් අමුනගෙන මුන් කරන්නේ තමුන්ගේ උඩඟු කම සහ මෝඩකම ප්‍රදර්ශනය කිරීම පමණක් බවය. මුන් මෝඩ බව අපි දන්නේ අද ඊයෙක නොවේය. ඔලු ගෙඩි වැඩි කරලා ජාතිය ආගම රැකගන්න පුළුවන් කියලා, "අඩෝ...මර්රනවා " කියාගෙන කුණුහරුප වමාරගෙන බුද්ධාගම රැකගන්න පුළුවන් කියලා හිතන් ඉන්න එකෙන්ම හිස තුල තියෙන්න ඕන මොලය කියන අවයවය ඇත්ත ටම තියෙන්නේ කොහෙද කියන හොඳ හැටි හිතා ගන්න හරකෙක් ටත් පුළුවන.

අවුරුද්දකට සැරයක් දෙයියන්ගේ පිහිටාශිර්වාද ගන්න කියලා හරක් දාස් ගානක් මරණ නෙපාලේ ඒ සැට් එක අමුම අමු තිරිසන්නු සැට් එකක් ය..තිරිසන් කම එක්ක මෝඩකම එකතුවුනාම ඇතිවෙන්නේ ඔය වගේ ගඳගහන වැඩ කරන ගඳ ගහන සමාජයක් බව ඕනෑම තැනක බය නැතිව කියන්න පුළුවන.

නෙපාලේ උන්ගේ කර්මය විග්‍රහ කර කර ගොන් ආතල් ගන්නේ නැතිව දන්න ආගම හරියට දැන  ඉගෙන ගෙන ඉන්නවානම් රටට මෙන්ම තමුන්ටද හොඳ බව අවසන් වශයෙන් විභීෂණ මතක් කරන්න කැමතිය.



යන්න කලින් මේ ටිකත් කියලාම යා යුතුය.
විභීෂණ මේ පොස්ටුවෙන් කතා කලේ මෝඩ විදියට කරුමේ විග්‍රහ කරලා හිටගෙන ආතල් ගන්න දගලන උපාසකම්මලා සහ පප්පලා ගැනය සහ උන්ගේ මෝඩකම ගැනය.
එහෙම නැතිව හරක් මස් වල ගුණ අගුණ ගැන වත්, හරකුන් මැරීමෙන් ඇතිවන පින් පවු ගැනවත් නොවේය. ඒ නිසා මම ලියාපු දේවල් මිස්අන්ඩස්ටෑන්ඩ් කරගෙන මොලේ කචල් කර නොගනු ඇතිබව මාගේ විශ්වාසයයි.

එහෙනම්,

අදට ඇති,

ගොහින් එන්නම්.


37 comments:

  1. ඔය ගැන කතාකරපු පොරකට මම දීපු උත්තරේ උබ ලියලා. ඔය භුමි කම්පා ඇතිවීමේ තර්කය දැක්කම හිකෙනුත් පුනා තමයි.

    ReplyDelete
    Replies
    1. ඔවු බන්...
      මෙච්චර ට හිතන්න කරන්න බැරි එවුන්ද ඉන්නේ කියලත් හිතෙනවා මේ වගේ දේවල් දැක්කාම...

      Delete
  2. සොබා දහම කම්පා වේ නම් මදුරුවෙක් මැරුවමත් කම්පා වෙන්න ඕනෙ. එහෙම නෙවෙයිනෙ සොබාවට රිදෙන විද්‍යාත්මක දෙයක් උනොත් ආන් එතකොට එයා කම්පනය වෙනවා.

    මම නම් කියන්නෙ බුද් පිළිම පන්සල් වලට කරදරයක් නොවී අනික්වට කරදර උනා නම් බෞද්ධය වඩාත්ම කණගාටුවට පත් වෙන්න ඕනෙ සිද්ධියක් ඒක. මොකද බුදු හාමුදුරුවො දේශනා කරේ සියල්ල නැසෙන සුළුය කියල මිසක් පංසල් පිළිම හැර අනික් සියල්ල නැසෙන සුළුය කියල නෙවෙයිනේ.

    ප.ලි - අනේ කවුරු හරි කෙනෙක් - - සියළු සංස්කාරයෝ නැසෙන සුළුය - - කියන එකේ සංස්කාරයෝ යනු කුමක්ද කියල පැහැදිලි කරල දෙනවද? අම්මප මම දන්නෙ නෑ ඒකයි අහන්නේ

    ReplyDelete
    Replies
    1. සංස්කාරයෝ කියන්නේ හේතුවක් නිසා හටගන්නා දේවල් වලට. ඒ කියන්නේ බීජය නිසා ගස හටගන්නවා. බීජය තමයි හේතුව. ගස තමයි ඵලය. ගස අනිත්‍ය වන්නේ එය හේතුවකින් හටගත් නිසා. සරලව, කෙටියෙන් කිව්වේ. සවිස්තරව කියනකොට ඊට වඩා පැහැදිලියි.

      Delete
    2. අපේ කට්ටිය කරදර වෙන්නේ ම එක්කෝ බුදු පිළිම හදන්න, හදාපු පිළිම රකින්න..

      බොහොම කලාතුරකින් තමයි පන්සිල් රකින්න එකෙක් වත් කරදර වෙන්නේ...

      ලෝකෙන්ම උතුම් රටක්ලු නේ...එකයි ඔය වෙනස..

      Delete
  3. හරකුන් නොමැරුවොත් භූමි කම්පා නැත,

    කුකුලන් නොමැරුවොත් ගංවතුර නැත,

    ඌරන් නොමැරුවොත් ගිනිකඳු නැත,

    එළුවන් නොමැරුවොත් සුනාමි නැත,

    ගොන්කතා කියන එවුන් නොමැරුවොත් , අපට විමුක්තියක් නැත.

    ReplyDelete
    Replies
    1. ++++++++++++++++++++++++++++++++++++
      පට්ට කොමෙන්ට් එක

      Delete
    2. +++++++++++++++++++++++++++
      අතිශයින්ම එකඟ වෙමි...

      Delete
    3. නියම කොමෙන්ට් එක

      Delete
  4. ඒ හරක් නොවේ එළුවන් නේද?

    ලෝකයේ එකම හින්දු රට වෙන නේපාලයේ හරකුන් මරණවා යැයි මා සිතන්නේ නෑ.

    බුඩ්ඩාගං සංස්ථාවේ අපේ ගොං රාළ ලා ට කබරයොත් තලගොයි වගෙයි පේන්නේ.

    ReplyDelete
    Replies
    1. තමන් දන්නා පරිදි නේපාලයේ සාමාන්‍යයෙන් හරකුන් මස් කැම සහ මැරීම නොකරන බවත්,

      මේ බිලි පූජාව ගැන තමන් ජීවිතයේ මුල් වරට ඇසුවේ වසර කිහිපයකට පෙර එය ජනමාධ්‍යවල ප්‍රචාරය වූ විට බවත්,

      මේ ඉන්දියානු මී හරකුන් විශේෂයක් බවත්,

      මේ පූජාව වසර පහකට වරක් සිදු කරන්නේ ඉන්දියානු බිහාර් ප්‍රාන්තයට ආසන්න ප්‍රදේශකයක බවත්, අ

      පේ ඔෆීසියේ සිටින නේපාල ජාතික තරුණ ඉංජිනේරුවා මේ දැන් පැවසූවා!

      Delete
    2. ඒක තමයි..

      හැමෝම ෆොටෝ ශෙයා කරලා තිබ්බේ, බුකියේ පොස්ට් දාලා තිබ්බේ හරක් මරුවා කියලා තමයි.

      රසික පලවෙනි කමෙන්ට් එක කියෝපු ගමන් ආපහු ට්‍රයි කරලා බැලුවා වෙනස් තොරතුරක් තියේද කියලා...

      Delete
  5. ශුද්ධවූ වස්තු කියන්නෙ මොකක්ද බන්?

    ReplyDelete
    Replies
    1. කවුද බන් දන්නේ...ඔය ඉඳලා හිටලා රට රට වල වලට වැඩම කරවන්නේ..ඔය ඊයේ පෙරේදත් වෙසක් කියලා ඔය වගේ ගොඩක් ගෙනල්ලා එක එක චැනල් වලින් මාකට් කළා නේ..?

      Delete
  6. සතෙක් ලොකු වෙන්න ලොකුවෙන්න ඌ මරණයේදී විඳවන ප්‍රමාණය වැඩියි. මදුරුවෙක් මරනකොට ඒකා එක පාරම මැරිලා යනවා. තව පොඩ්ඩක් අඹරලත් දානවනෙ. හරකෙක් බෙල්ල කැපුවත් මැරෙන්නෙ ටික වෙලාවක් විඳවලා. ඒ නිසා මෙහෙම සමූල ඝාතන මමනං අනුමත කරන්නෙ නෑ.
    අර අනික් කතාවට කියන්න තියෙන්නෙ මේ අපරාධය කරපු උන් පැත්තක ඉද්දි ඇයි අහක ඉන්න අහිංසකයින්ට දෙයියෝ රිටර්න් එක දෙන්නෙ කියන එකයි.

    ReplyDelete
    Replies
    1. දෙයියෝ හරි අසාධාරණයි බන්..සමහර විට උන් වෙලාවට හරියට කප්පම දෙන්නේ නැති හින්දා කෙලලා අරින්න ඇති හැඳි ගෑවිලා යන්නම...

      Delete
  7. සුජීව කොකාවල: http://vagathuga.blogspot.com/2015/05/blog-post_3.html

    ReplyDelete
  8. ගවයාට තිබෙන ආලය හින්දු දහමෙන් ආ එකක්.හින්දු දහමෙ ගවය ශුද්ධ සත්වයෙක්. ඉන්දියාවෙ අය ගොම් පුච්චල ඔළුවෙ ගා ගන්නව. හරකට වදිනව.

    එහෙම නැතිව කුඛුරු හාන නිසා කිරි දෙන නිසා කළ ගුණ සැළකීමක් නොවෙයි. කළ ගුන ගැනනම් ඉතින් කවර කතාද . මිනිස්සුන්ට කළ ගුන නොසළකන එවුන් හරකගෙ වැඩේ මතක තියන් හිටියද ඕව අමු බොරු කතා.

    සතුන් මැරීම ගැන තියන ආකල්පත් වංචනිකයි. මේව සමාජය යහපත් කිරීමට අතීතයෙ සිටි දුර දක්නා නුවනක් තිබුන අය ගෙ නිර්මාණ බවයි පේන්නෙ. ඉවක් බවක් නැතිව ගස් කොලන් කපල දාන එක සත්තු මරන එක පාලනය කරන්න ගෙනා සංකල්ප.

    ඔය බිලිපූජාවෙ කතාව නම් හැබැ‍යි වෙනස්. ඕක කිසියම් ගෝත්‍රයක් කරන දෙයක්. කුරුටු බ්ලොගයෙත් මා ඒ ගැන වෙනස් මතයක් දැරුවා. මේක මේ කවුරුහරි කෙනෙක් දේවලායක් දාගෙන සතු මරනවට වඩා වෙනස්. මේ ගෝත්‍රය අනාදිමත් කාලෙක ඉදන් කරන දෙයක්. ඊට විරෝධය එන්න ඕන ඒ ගෝත්‍රයෙන්මයි. අනෙක් අය බලය යෙදවීම යටත් විජිත වාදී ක්‍රියාවක් විය හැකියි. නේපාල ආණ්ඩුවත් කරබාගෙන ඉන්නෙ ඒකයි.

    ලස්සනම වැඩේ මේකයි. භූමිකම්පාවෙන් වැඩිපුරම මළේ බිලිපූජාවට විරුද්ධ අය. වඩාත් ප්‍රබල තර්කය තමා ගියපාර බිලිපූජාව බාගෙකින් අඩුකිරීම නිසා දේව කෝපයක් වුනා කියන එක. සොභාවික දේවල්වලට විඥානවාදී තර්ක දාන අය ඒව දාන්න ඉස්සර ටිකක් හොයල බැලුවොත් හොදයි. හරක් මරන නිසා භූමිකම්පා වෙනව කියන්නෙ මාරම විඥානවාදී පැහැදිලි කිරීමක්නෙ. අනේ අනිච්චන්

    ReplyDelete
    Replies
    1. තමන් දන්නා පරිදි නේපාලයේ සාමාන්‍යයෙන් හරකුන් මස් කැම සහ මැරීම නොකරන බවත්, මේ බිලි පූජාව ගැන තමන් ජීවිතයේ මුල් වරට ඇසුවේ වසර කිහිපයකට පෙර එය ජනමාධ්‍යවල ප්‍රචාරය වූ විට බවත්, මේ ඉන්දියානු මී හරකුන් විශේෂයක් බවත්, මේ පූජාව වසර පහකට වරක් සිදු කරන්නේ ඉන්දියානු බිහාර් ප්‍රාන්තයට ආසන්න ප්‍රදේශකයක බවත් අපේ ඔෆීසියේ සිටින නේපාල ජාතික තරුණ ඉංජිනේරුවා මේ දැන් පැවසූවා!

      Delete
    2. නේපාලය කිව්වට විවිධ ජනවර්ග ඉන්න රටක්නෙ. මේ චාරීත්‍රය අයිති කිසියම් ගෝත්‍රයකට. මේ ගෝත්‍රයට බිහාරය එක්කත් සබන්ධකම් තියනවා. නේපාලයටම බැර කරන්නත් බෑ. හැබැයි මේක වෙන්නෙ නේපාලෙ තමා. නේපාල් ( නේවාර් ) වරු මුළු ජනගහනයෙන් 44% ක්. ඒ කියන්නෙ මාවෝ ප්‍රචන්ඩලගෙ ගෝත්‍රෙ , ගාදිමායි බිලි පූජා ගෝත්‍රෙට එහෙමත් ලොකු ජන ප්‍රතිශත ඇති.
      කොහොමත් ඉන්දියාවෙ අනාර්ය ජනකොටස් බිලිපූජාව එක්ක අනාදිමත් කාලයක ඉදන් බැදීමක් තියනව.

      Delete
    3. @ මධ්‍යස්ත..

      //වඩාත් ප්‍රබල තර්කය තමා ගියපාර බිලිපූජාව බාගෙකින් අඩුකිරීම නිසා දේව කෝපයක් වුනා කියන එක//
      -----උන්ගේ අම්මලාගේ රෙද්ද තමයි...ඔච්චරයි මට කියන්න තියෙන්නේ..

      නෙපාලේ උන් විතරක් නෙවයි, උන් දුක් විඳවන කොට හීනියට හරි ආතල් එකක් ගන්න පුළුවන් මෙහෙ ඉන්න එවුනුත් ගෝත්‍රිකයෝ තමයි...

      Delete
  9. අපේ කන්තෝරුවෙ නෝනා කෙනෙකුත් භුමි කම්පාව ඇතිවුනේ හරක් මරපු නිසාය කියල පර සක්වළ ගහනවා.

    ReplyDelete
    Replies
    1. අනේ පව්... මම කිව්වේ ඒ කිව්ව නෝනා... හික්..

      Delete
    2. හැලපයෝ . අපෙත් ඉන්නවා හලෝ ඔය විදියටම කියෝ කියෝ පිස්සු කෙලින කෙනෙක්. වැඩේ කියන්නේ මුන්දා ඉන්නේ අර " මහමෙවුනා"වේ රහත් වෙලා වගේ...

      Delete
  10. හා දැන් ඊට පස්සේ අාපු කම්පා ටිකට හේතුව මොකක් ද ඒතකොට.... ඊට පස්සෙත් බිලි පූජා කරාද???? දැන් කරන්න ඔ්නේ බිලිපුජා ගැන මගුල් කතා කරන ඒක නෙමෙයි අායෙම අවුලක් වුනොත් ජනතාව අාරක්ෂා කරගන්නා ක්‍රම හදාගන්න ඒකයි....

    ReplyDelete
    Replies
    1. කොහොමත් ඉතින් අපේ සැදැහැවත්තු කලේ වෙන එකෙක් කරදරේ වැටුනාම ඌට උදවු නොකර ඌට කරුමේ පහදලා දෙන්න හදපු ඒකනේ...

      Delete
  11. මහින්ද හිරේ දැම්මොත් භූමි කම්පාවක් එනව කියල සී නිවුස් එකේ නොකියා කියන්නෙ. ඔව්ව නං මොනාද අප්පා...

    ReplyDelete
    Replies
    1. ඔය එකෙක් මහින්ද වෙනුවෙන් දේවාලෙකුත් හදන්න යනවා කියන්නේ..\

      මුන්ගේ පුකේ වත් මොලේ නැහැ බන් ..

      Delete
  12. සත්තු මරණ එක අනුමත කරන්න බැ... අපි කටවත් අයිතියක් නැ තවත් කෙනෙක්ගෙ ජිවිතියක් නැති කරන්න... එත් එකත් එක්ක භූ කම්පන, ස්වාභාවික විපත් වලට සම්භන්දයක් නැ භූ විද්‍යාවෙ හැටියට... එවා අවිද්‍යාවෙන් ගොඩ නැගුනු මත කියලා මම නම් හිතන්නේ... තාමත් මේ ලොකෙ සම හරක් මිනිස්සු ජිවත් වෙන්නේ ඉරට හදට වදින ගල් යුගයේ

    ReplyDelete
    Replies
    1. //තාමත් මේ ලොකෙ සම හරක් මිනිස්සු ජිවත් වෙන්නේ ඉරට හදට වදින ගල් යුගයේ//

      ---මෙහෙත් එහෙමයි කියලා අමතක වුනේ නැහැනේ නේද???

      Delete
  13. ඔය හරක් කතාව කියන උන්ට් මම නම් කිව්වේ.. කරුමෙට මෙහේට භූමිකම්පාවක් එන්නේ නෑ නේ නිසැක ධාතු වඳින හරක් ටික මැරිලා යන්නය කියලා...

    ReplyDelete
    Replies
    1. රටේ අවාසනාව තමයි මාතලන්...

      Delete
  14. සත්තු මරන හන්දා ස්භාවික විපත් එනවනම් එහෙනම් මෙලහට යුරෝපයක් කියලා දෙයක් නෑ.. දවසකට ආහාර වශයෙන් කොච්චර සත්තු මරනවද මේ රටවල් වල..

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත දිනේෂ්...අර ඉල්ලන්කාව විතරක් ඉතුරුවෙලා තියෙයි එදාට ...එහෙ බුදුන්ටත් බුද්ධාගම උගන්නපු එව්වෝ නේ ඉන්නේ...මලත් සතෙක් නම් මරන්නේ නැහැ..සත්තුම උන්වම මරාගෙන තනියෙන් ලිප් වලට ග්‍රිල් වලට ගිහින් ඉවිලා බැදිලා ස්ව කැමැත්තෙන්ම පිඟන් වලට එනවා..සත්තු හරි කූරයි..

      Delete
  15. කතාවට එකඟ වෙමි. අපේ රටේ සම හරක් ඈයො 'ගව ඝාතනය තහනම් කරනු' කිය කියා රට වටේ යනවා. එතකොට කුකුල්ලු, මාළු, එළුවො. උන් මැරුවට අවුලක් නැතුව ඇති. ඕකට කියන්න වෙන්නෙ වාසි පැත්තට හෝයියා කියල තමයි. කෑ ගහන්න හේතුවක් නැතිවෙනකොට හොයාගන්න හේතුතමයි මේ. හොඳ වෙලාවට පිට රට උන් සිංහල දන්නෙ නැත්තෙ. නැත්තං මේ විගඩං එහෙ ටීවි වල පෙන්නයි ෆන් ෂෝ විදිහට...

    ReplyDelete
  16. http://sinhala.lankanewsweb.net/features/2013-07-01-07-49-32/17085-2015-05-23-22-53-36

    ReplyDelete

කමෙන්ට් කලාපය....