2015-05-02

තොට ඔහොම වෙලා මදි

යකෝ,
ඔච්චර මහන්සි වෙලා ඉගෙන ගෙන , 
කැම්පස් ගිහින් ඩිග්රි ත් ගහල, 
ඊට පස්සේ  උඹ වගේම දුක් මහන්සියෙන් ඉගෙන ගෙන 
කැම්පස් ආපු කොල්ලෝ කෙල්ලන්ට උගන්නන 
ඩොක්ටර් කෙනෙකුත් වෙලා 
කැම්පස් වල ඉන්න අනික් සර් ලා මැඩම් ලා වෙනුවෙනුත් පෙනී ඉඳලා, 
ඒ මොකුත් ඕන නෑ 
රටම පිළිගන්න උගතෙකුත් වෙලා 

මොන ලබ්බක් බලන්ඩ ගියාද බොල ඊයේ ඒ රැස්වීමේ?

උඹ දන්නේ  නැද්ද යකෝ 
ඒක ලීඩ් කරන්නේ 
පොලු පාර කාපු 
සර්ප රැලක් කියලා.

අනික බං,
ඔච්චර උගතෙක් වෙලා 
මොන රෙද්දට 
අර අටවත් පාස් නැති
ගස් බල්ලා තියන රැස්වීම් බලන්ඩ ගියේ. 
උඹේ මොලේ මැටිද? 
එහෙම නැත්තම් ගූ ද ?

බොහොම හොඳයි 
උන් උඹට 
ඔහොමහරි ගහපු එක. 
ඕකෙන් හරි ඉගෙන ගනින් 
තමුන්ගේ තරමට 
වැඩ කරන්න.
තමුන්ගේ ඇගිල්ලේ සයිස් එකට 
ගැලපෙන්න ඉදිමෙන්න
තමුන්ට ගැලපෙන තැන්වල 
ලගින්න.

තොට 
ගහන්ඩ තමයි වටින්නේ 
තව ඉන්නවා මෙතන කන්නාඩිය කුත්  දාගෙන , 
මෝඩයා,
මහා ලොකුවට පොර ටෝක් දෙනවා 
හෙන උගතා වගේ. 
ඒ වුනාට 
යනවා මෙතන 
එක එක ගස් බල්ලෝ තියන රැස්වීම් බලන්න. 

අහුවෙයන්කෝ තෝ 
ආපහු උන්ගේ රැස්වීම් බලන්න ගිහින්. 
මට නෙවයි උන්ට.

හැබැයි පුතෝ
අහුවුනොතින් එහෙම,
ආයේ ඉතින් 
ඉස්පිරිතාල වල ගිහින් 
පුටුවක ඉඳන් නම් වොයිස් කට් දෙන්න
හීනෙකින්වත් හිතන්න එපා .

මීට පස්සේ වත්
මොලේ පාවිච්චි කරලා වැඩ කරහන්. 
එක එක සක්කිලි ඉන්න තැන් වල 
කරක් ගහන්න යන්න කලින් 
පොඩ්ඩක් ඊයේ වෙච්ච දේ ආපහු මතක් කොරහන්.

බලමු, උඹ මෙකෙන්වත් හැදෙයිද කියලා..

මෙහෙමඋඹට බැනපු මම කවුද කියල උඹම පුලුවන්නම් හොයාගනින්..






====================

විභීෂණ අඩවියේ 50 වෙනි පොස්ටුව මෙසේ ලියන ලද වගයි.

33 comments:

  1. 50 ට සුබ පැතුම්.. බලමු දැන් වත් හැදෙයිද කියලා

    ReplyDelete
    Replies
    1. අවවාදයට ශීර්ෂ ප්‍රණාම ස්තුතිය...

      Delete
  2. මචන් මේක මේ සිද්ධියක් නිර්මාණය කරන්න ගිය බව පේන්නෙ නැද්ද
    හරියට අන්තරේ ගනරාලල පොලීසියෙන් ගුටිකන්න බලාගෙන වීර්ය පාරමිතා පුරනව වගෙ.
    මේ තැනට මේ විදියට යන්නෙ ගුටිකන්නත් ඊට පස්සෙ මාධ්‍ය ආවරණය ලබාගෙන මාධ්‍ය සංදර්ශනයක් පවත්වන්නත් බලාගෙන.
    නිකම් පොඩ්ඩක් තල්ලු කෙරුවත් රෝහල්ගත වෙලා වොයිස් කට් දෙනව.
    දැන් දේශපාලන පක්ෂරාමුවල ඉදන් බ්ලොග් ලියන අය මෙතන මේ සිද්ධිය ගැන කුලප්පු වෙලා කොමෙන්ට් කරයි. මැදහත්ව බැලුවොත් ඕක නේද වුනේ.

    ReplyDelete
    Replies
    1. ඔවු බන්,

      මටත් තේරුනා,
      හිනා වෙවී ඇවිදගෙන ගිහින් අසාද්‍ය තත්වයෙන් රෝහල් ගත වෙනකොටම මට තේරුනා වෙන මොකක්දෝ ලයින් එකක් අල්ලන්නේ කියලා.

      Delete
  3. පනස් වෙනි පෝස්ටුව අමු සිංහලෙන් ම ලියලා වගේ

    ReplyDelete
  4. අපෝ ගුටිකාලා අසාධ්‍ය වෙලා ඉන්න අසරනයෙක්ට කියනා කථා

    ReplyDelete
    Replies
    1. පවු කියලා හිතෙනවා බන්.

      Delete
  5. හාෆ් සෙන්චරියට චියර්ස්!
    ඇයි මේ කේන්ති ගිහිල්ලා?

    ReplyDelete
    Replies
    1. එහෙම තමයි.
      කේන්ති යන දේවල් සිද්ධ වෙනකොට කේන්ති නොගෙන හරියනවද?

      --------
      සුබ පැතුමට තුති/.

      Delete
  6. සමහර දේවල් තේරෙන්න වැඩේ වෙන්නම ඕනි....

    ReplyDelete
    Replies
    1. කොච්චර උගත් වුනත් එහම තමයි...

      Delete
  7. අඩා තා පනහද තවම ලිව්වේ. මට හිතෙන්නේ එකසිය පනහ කියලා. දඩ බඩ ගාල ලියපිය. ඔය හිතට එන ආවේග කෙලලා ඇරපිය.

    අනේ ලියපං ඈ.

    පිස්සු බල්ලන්ගේ කොටුවේ ගේට්ටුව ඇරලා තිබුනට, උන්ට පිස්සුද බලන්න ඇතුලට යාම පිස්සු වැඩක් නේද?

    ReplyDelete
    Replies
    1. නැතුව. නැතුව.
      ඔහොම යන්න පුරුදු වෙලා තව මොන මොන තැන් වලට යන්න ගනියිද දන්නේ නැහැ...

      Delete
  8. ගතම් එක පරක්කු වෙනකොට වොයිස් කට් එකක් දෙකක් දීලා මාත් හෙන සිවිල් ක්‍රියාකාරිකයා කියලා පෙන්නන්න එපැයි.හදිසියේ වත් ස්වාධීන කොමිසමකට වත් ගත්තොත්?? නැතත් තානාපති සේවෙටවත්..

    ReplyDelete
    Replies
    1. සමහරවිට රිහසල් එකක් වෙන්න ඇති මයේ හිතේ.

      Delete
  9. පනහට මගේ සුබ පැතුම්!

    ReplyDelete
  10. මාධ්‍ය සංදර්ශනයක්.....

    ReplyDelete
  11. තව ටික දවසකින් කියයිද දන්නෑ එයා එයාටම ගහගත්තා කියලා....
    50ට ඕන් මගේනුත් පහක්!!

    ReplyDelete
  12. 50ට සුබ පැතුම්..

    පාඩම් ඉගෙන ගැනිල්ල ගැනනම් ඉතින් ශුවර් තියන්න බෑ..

    ReplyDelete
    Replies
    1. Thank You Dinesh!!!

      ------
      ඇත්ත ...මෙයාල ඉතින් බොහොම උගත් සැට් එකක් නේ..

      Delete
  13. පනහා ගැහුවේ හයකින් එහෙනම්. හෙල්මට් ගලවන්න ඕනේ නෑ. බැට් එක ඉස්සුවාම ඇති. සීය ගහලා බැරියැයි හෙල්මට් ගලවන්න. ෆුල් ෆේස් දාන්න එපා මතක ඇතුව.

    ReplyDelete
  14. ෆුල් ෆේස් අයිති හොරුන්ගේ යුනිෆෝම් එකටනේ. එහෙමනේ ආණ්ඩුව අර්ථ දක්වන්නේ. ඔව්වා දාගෙන ගිහින් හොරෙක් කියලා අහුවුනොත් ඉතින් වසලා හමාරයි.

    0---0---0--
    තැනක් යෝ වේවා..

    ReplyDelete
  15. Munchausen syndrome is a psychiatric factitious disorder wherein those affected feign disease, illness, or psychological trauma to draw attention, sympathy, or reassurance to themselves. It is also sometimes known as hospital addiction syndrome, thick chart syndrome, or hospital hopper syndrome. True Munchausen syndrome fits within the subclass of factitious disorder with predominantly physical signs and symptoms, but they also have a history of recurrent hospitalization, travelling, and dramatic, untrue, and extremely improbable tales of their past experiences

    ReplyDelete
  16. උඹට පෝස්ට් එකක් ලියන්න ඒ වෙනුවෙන්ම ගුටි කා මාධ්‍ය සංදර්ශනයක්ද ලෑස්තිකල ව්‍රෙස්ලින් ශූර ඒ ඩොක්ටර් උතුමාට මගේ ප්‍රණාමය. ඒ අව් අස්සේ පනහත් ගහල බැට් එක උස්සපු උඹටත් ඒකම..ඒ කියුවේ ප්‍රණාමය. ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. මං වෙනුවෙන් මහන්සි වෙච්ච හතරවෙනි ඩොක්ටර් තමයි මෙයා.
      පළවෙනියා මහන්සි වුනේ මම ඉපදෙන කොට. දෙවෙනියා අපේ ෆැමිලි ඩොක්ටර්. මිනිහා තාම මහන්සි වෙනවා. තුන්වෙනියා බරපතල ශ්ලය්කර්මයක් කරලා මගේ ජීවිතේ බේරපු රාගම හොස්පිටාල් එකේ ඩොක්ටර්. ඊළඟට මහන්සි වුනේ ඉතින් මේ උන්දා තමයි.

      Delete
  17. ගුරුන්ටත් අත්දැකීම් වරදී

    ReplyDelete

කමෙන්ට් කලාපය....