2015-03-20

ජාතික ආණ්ඩුවෙන් සේරම හරියයි ද | Will everything OK with a National Government?

අපි අහල තියෙන විදියට ජාතික ආණ්ඩුවක් කියල කියන්නේ රටේ පාලනය නිවැරදි ලෙස ගෙනියන්න පාර්ලිමේන්තුව නියෝජනය කරන සෑම පක්ෂයක්ම එකතුවෙලා එකට යන ගමනක් ය. ඔව්ව ඔහොම ලේසියෙන් කිව්වට බොහොම උසස් සංකල්පනා ය. හරියට තේරුම් ගන්නත් , හරියට කරන්නත් බුද්ධිමත් ( ඩිග්රි කාරයෝ විතරක් නොවේ ) නායකයින් රටට අවශ්‍ය ය. මොකක්දෝ හේතුවකට එහෙම නායකයින් මේ රටේ නැත. ඉන්නවනම් ඉන්නේ ඒ ලඟට එන එවුන් කීප දෙනෙක් විතරය.
මේ හැමෝටම රට යන අත මොකක් වුනත් ඊට වඩා තමුන්ට යන කලදසාව වැදගත්ය. තමුන්ට යන කලදසාව හොඳ වෙන්න නම් තමුන්ගේ පක්ෂේ ට යන කලදසාව හොඳ වෙන්න ඕන ය. ඒ හින්දා මොන දේටත් වඩා ඉස්සරහට දාගන්නේ තම තමුන්ගේ පස්ස වල් ය. සිරි ලංකා එකද යූඇන්පී යද රට ඇතුලේ තියෙන ප්‍රශ්න වලට විසඳුම් දෙන්න හොරගල් අහුලන්නෙත් වෙන එකෙක් විසදුමක් දෙන්න හදනකොට බාධා කරන්නෙත් තමුන් අතින් වෙන වැරදි වහගෙන අනිකා අතින් වෙන වැරැද්ද උස්ස උස්ස පෙන්නන්නෙත් ඔන්න ඔය උඩින් කියපු අලුගුත්තේරු අනාගත බලාපොරොත්තුව නිසාය.

අදටත් රටට ජාතික ආණ්ඩුවක තදබල අවශ්‍යතාවයක් ඇත. එත් ඒ අවශ්‍යතාවය ඇතිවුනේ අද විතරක් නොවේ ය. රටේ හැම මතයක්ම නියෝජනය කරන නායකයෝහැමෝම එකතුවෙලා කතා බහ කරලා විසඳන්න ඕන ප්‍රශ්න ඇතිවෙච්ච කාල වකවානු කීපයක්ම මේ රට පහු කළේය. එත් ඒ හැම අවස්තාවකදීම එකතුවෙලා ප්‍රශ්න විසඳනවා වෙනුවට ඔක්කොම නායකයෝ ටික කලේ තමතමුන්ගේ ගොඩ වැඩිකරගන්න තියෙන ඕන කම හින්දා පුළුවන් තරම් මිනිස්සුන්ව බෙදලා ප්‍රශ්න වැඩි කරපු එකය. 56, 71, 83, 88,94,2009 යනු ඒවාට බොහොම පැහැදිලි උදාහරණ ය.

ඉතින් අද ඉන්නේ එහෙවු සක්කිලි දේශපාලන පරම්පරාවල නූතන උරුමක්කාරයෝය. මෙයින් අතිශය සුළුතරයකට එකතුවෙලා ප්‍රශ්න විසඳා ගැනීමේ වටිනාකම තේරුම් ගිහින් තිබුනත් අනිත් මෝල්ලු එහෙම මෝරා නැත. උන්ට රට වෙනුවෙන් තීරණ ගන්න්න බැරිය.එහෙම දෙයක් කරන්න පුළුවන් මොලයක් බුද්ධියක් නැත.ඒ හින්දා උන් වගේ එවුන් එක්ක ජාතික ආණ්ඩු හැදිය නොහැක. හදලා රටේ ප්‍රශ්න වලට විසඳුම් දෙන්න බැරිය.වැඩිකල් ගෙනියන්න ත් බැරිය.අන්තිමේදී ජාතික කොහොම වෙතත් පජාත ආණ්ඩුවක් ඇතිවෙලා තියෙන්න පුළුවන් ඉඩකඩ බොහොම වැඩිය.ජාතික ආණ්ඩුවක් නොහදාත් මෛත්‍රී හදපු දින සීයේ සහයෝගී ආණ්ඩුව ඇතුලෙත් සිද්ධ වෙන සමහර අලකලංචි එක්ක බලපුවාම ජාතික ආණ්ඩුවක් හදලා රටට ලබාගන්න පුළුවන් කුමන ආකාරයේ ලබු ගෙඩියක්ද කියල විභීෂණ ට නම් තේරෙනවා හොරය.

මෛත්‍රී සහ එයාගේ පිරිවර ඡන්ද පොරොන්දුවක් විදියට දුන්නේ දින සීය ඉවරවෙලා පාර්ලිමේන්තුව විසුරෝලා ඡන්දෙකට ගිහින් පත්වෙන මන්ත්‍රීලා හැමෝම එකතු කරගෙන ජාතික ආණ්ඩුවක් හදනවා කියලා ය. වැඩිම ආසන ගන්න පක්ෂෙට අගමැති කමත් ඊළඟ පක්ෂෙට නියෝජ්‍ය අගමැති කමත් දෙනවා කියලා නගින නගින හැම වේදිකාවකම කිව්වේ ය. එහෙම කරලා අඩුම ගානේ අවුරුදු දෙකක්වත් ඒ ජාතික ආණ්ඩුව ගෙනිහින් රටේ මූලිකම ප්‍රශ්න වලට විසඳුම් දෙනවා කියාය.
ඒ වචන ටික,  කියනකොට එයාටත් අහන කොට අපිටත් බොහොම සන්තෝස ජනකය. ඇත්තම කියනවානම් ක්‍රියාත්මක කරගන්න පුලුවන්නම් ඊටත් වඩා සතුටු වෙන්න පුළුවන් වෙන කිසිම දෙයක් නැත.

එත් 8 වෙනිදා දිනලා දින සීය වැඩ ටික කරන්න පටන් ගන්නකොටම ප්‍රායෝගිකව ඒ වචන සෙට් එක ක්‍රියාත්මක කරන එක කොච්චර අමාරුද කියලා මෛත්‍රී ට මෙන්ම රනිල් ට ද තේරුම් යන්න ඇත. ඒ මොකක්වත් හින්දා නොව තමුන් කියපු දේවල් තේරුම් ගන්න පුළුවන් ජාතියේ, තමුන්ට සපෝට් කරන්න බය නැතිව ඉස්සරහට එන්න පුළුවන් ජාතියේ එවුන්ට වඩා , රටට කලින් තමුන් ගැන , තමුන්ගේ පවුල ගැන හිතන, රටට ලැබෙන  දේවල් වලට වඩා තමුන්ට ලැබෙන කුට්ටිය ගැන හිතන, යහපාලනයක් ඇතුලේ හිරේ යනවට වඩා සේරම තුප්පහි වැඩ නිදහසේ කරන්න ලැබෙන අවස්තාවක් ගැන හිතන සක්කිලි යන්ගෙන් ඒ විල මැද  ගූ බංගලාවේ පිරිලා තියෙන හින්ද ය. ඔය ගූ බංගලාව ඇතුලේ ඉන්න බොහෝ මස් පරුවත තනිකර ගූ කඳන් ය.යන යන තැන ගඳය.
මොකක්දෝ අවාසනාවට රනිල් මෛත්‍රී ගේ දින සීයේ යහපාලනේ මේ සක්කිලි රෑනේ ප්‍රාණ ඇපයට හසු වුනේ කරන්න හිටපු ගොඩක් වැඩ කටයුතු වල ලොකු ඩිලේ එක ඇතිකරමින්ය. කප්පරක් එක්ස්පීරියන්ස් තියෙනවා අච්චර දුර පේනවා මෙච්චර දුර පේනවා කිව්ව මේ ඩබලට තමුන්ගේ දින සීයේ මගුල කරන්න සක්කිලියන්ගේ කකුල් ගාව වඳ වැටෙන්න සිද්ධ වෙන බව කලින් පෙනුනේ නැත. යන්තමින් හරි එහෙම පෙනුනම් ජනාධිපති වරනේ දින්නයින් පස්සේ මේ දෙන්නා කෙලින්ම යන්නේ මහා ඡන්දෙකටය. අපිත් දවස් දහය පහළොව විස්ස යනකොට ම කිව්වේ මේ මගුල හරියන්නේ නැහැ කෙලින්ම මහා ඡන්දෙකට යන්න කියල වුනාට මෛත්‍රී රනිල් තෝරාගත්තේ හෙලුවැල්ලෙන් හොරු එක්ක ඒදණ්ඩ තරණය කරන්නය. මෙයාල කොච්චර බලු වුනාද කියනවනම් තමුන්ට කෙලවන්න මහින්ද එක්ක එකතුවෙච්ච හොරුන්ට කප්පම් දෙන්නත් සිද්ද විය.

අපි මොන දේ කිව්වත් මෛත්‍රී මතුරන එක්තරා මන්තරයක් ඇත. යන යන හැමතැනම වගේ මේ මන්තරේ මෛත්‍රී ජපකරන්නේ ය. මෛත්‍රී ගේ ගාම්භීර ස්වරයෙන් නැතිව විභීෂණ ගේ නෝමල් ටෝන් එකෙන් කිව්වොත් සරලව ඒ මන්තරේ තියෙන්නේ මෙසේය.

"ආණ්ඩු පක්ෂෙන් ජනාධිපති ඇවිත් තියෙනකොට අගමැති විපක්ෂයෙ න් පත්වී ඇත. මහා පක්ෂ රට වෙනුවෙන් දෙක එකතුවෙලා ය. මෙහෙම දෙයක් සිද්ධ වෙලා තියෙන්නේ ලෝකේ පලවෙනි වතාවට ය. මේක බොහොම සංකීර්ණ සංකල්පයක් ය. අමුතු අත්හදා බැලීමක් ය. සාමාන්‍ය ජනයාට මේ සංකීර්ණ ක්‍රියාදාමය තේරුම් ගන්න බැරි හින්දා ලොකු කලබලයක ය. අරකය, මේකය....."

හරියට කෙරනවා නම් ඉතින් මේකත් හරි ශෝක් වැඩක්ය. පුංචිම පුංචි අඩුවකට තියෙන්නේ වැඩේ නොකෙරෙන එකය.අපි ඉතින් ප්‍රොෆෙෂනල් දේශපාලුවෝ නොවන නිසා මෛත්‍රී රනිල් ඩබල  ගේ ඔය ලොකු ලොකු තියරි අපිට නොතේරෙනවා වෙන්න පුළුවන. එත් එයාලට නොතේරෙන එක දෙයක් , එකම එක පුංචි දෙයක් මේ වෙනකොට අපිට නම් බොහොම  හොඳට තේරෙන්න පටන් අරන් ඇත. ඒ වෙන මොකක්වත් නොව එයාලා හෙලුවැල්ලෙන් ගාට ගාට එගොඩ වෙන්න හදන ඒදණ්ඩ හැමතැනින්ම ඉරි තලන්න පටන් අරන් ඇති බවය. හිටපු එකා සහ එයාගේ පශ්චාත් භාග දෙක ප්‍රසිද්ධියේ ලේවකාපු සැට් එක සහ හොරෙන් ලේවකාපු සැට් එක එකතු වෙලා කරන්නේ ඒදණ්ඩ හොල්ලන එකය. ඒ හින්දා කොයි වෙලේ හෝ සේරටම දපා තියලා දොයියන්න සිද්ධ වෙන හැඩය
 
කොහොම වුනත් මේ ඉන්න එවුන්වම ඊළඟ ගූ බන්ගලාවටත් පත් කරලා යැවුවොත් මෛත්‍රී ඊළඟට හදන ජාතික ආණ්ඩුව යනු ඔක්කොම සක්කිලි ටික එක මේසෙක එකට ඉඳගන්න , ඉතිහාසගත වන අවස්තාවක් ය. සිද්ධ වෙන්නේ මොකක්ද කියලා අලුතෙන් මෙතන ලියන්න අවශ්‍ය නැත. ජාතික ආණ්ඩු හැදුවා කියල සේරම ප්‍රශ්න හරියන්නේ නැත. මේ ඉන්න සෙට් එක දම්මොත්නම් කිසිදෙයක් සිද්ධ වෙන්නේ නැත.

ජාතික හරි විජාතික හරි රට ට ඕන හරි හමන් ආණ්ඩුවක්ය. ආණ්ඩුවක් යනු පක්ෂයක් නොව සිස්ටම් එකක් ය.අපිට ඕන තියෙන සිස්ටම් එක හරියට රන් කරවන්න පුළුවන් මිනිස්සු ඉන්න පාර්ලිමේන්තුවක් මිස හොරුන්ගෙන්, ගණිකාවන් ගෙන්, කුඩු කාරයින්ගෙන් පිරුණු බඩකඩත්තුවක් නොවේය. වගකීම තියෙන්නේ අපේ අතේමය. හරි විදියට පාවිච්චි නොකලොත් ආපහු පාවිච්චි කරන්න අත වත් ඉතුරු නොවනු ඇත.

ඒ නිසා ඊළඟ "ඡන්දේ දී " බුද්ධිමත්ව අත පාවිච්චි කරනා එක අපි හැමෝගෙම කාලීන වගකීම ය. අඩුම ගානේ දැන් ඉන්න එවුන්ගෙන් හතරෙන් තුන් පන්ගුවක්වත් ගෙවල්වලට යවාගන්න පුලුවන්නම් සහ වැඩකාරයෝ සැට් එකක් බස්සගන්න පුලුවන්නම් අන්න එදාට අපිට කියන්න පුළුවන් වෙයි අපි බුද්ධිමත්ව අත පාවිච්චි කළා කියලා.

එහෙනම් ආපහු හම්බවෙමු,

අපි ගිහින් එන්නම් ..



11 comments:

  1. මං දැක්ක හදුන කියල තියෙනව
    යහපාලනෙන් කලේ වැඩ දෙකයි කියල
    එකක් නං මහින්දව ගෙදර යවපු එක
    අනික බැසිල්ව රට යවපු එක කියල...

    කොයි තරං සාධාරණ තර්කයක් නොවුණත් ඇත්තටම බලපුවාම මිනිස්සුන්ට දැනුනෙ 5000 පඩි වැඩි විල්ල විතරයි... වැඩේ ලෙඩේ වුනේ නයෘයාත්මකව හිතල ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න යද්දි...
    ඒත් ප්‍රායෝගිකවම හිතල හිටිය නං මේ ප්‍රශ්න හුගක් වෙනස් විදියකට වෙන්න තිබ්බ

    ReplyDelete
    Replies
    1. බඩ ගැන කතාකරනවා නම් අපට දැනී නැත.අපි රජයේ සේවකයෝ නොවෙමු.

      Delete
    2. සේරම ඇත්ත .

      8 වෙනිදාට කලින් තිබ්බේ ඇඟට නොදැනුනු සංවර්ධනේ. දැන් තියෙන්නේ ඇඟට දැනෙන්නේ නැති යහපාලනේ .

      Delete
  2. මොන ජාතික ආන්ඩුද බං.. කම්බ හොරුත් එක්ක..

    මුං සෙට් එකම මැරිලා වෙන සෙට් එකක් පත් වෙන්න ඕන...

    ReplyDelete
    Replies
    1. එහෙම කියල හැමදාම ඉවසන් ඉන්න පුලුවන්ද?

      Delete
  3. අලුත් එවුං පත් කරන්න උන්ට නාමයෝජනා දෙන්න එපැයි. උඹ හිතනවද මේ බැල්ලිගෙ පුතාල එහෙම වෙන්න දෙයි කියල

    ReplyDelete
    Replies
    1. කොහොම ද බන් එහෙම හිතන්නේ.

      කතාව නම් ඇත්ත. එත් බැල්ලියන්ට අපහාස නොකරනු.

      Delete
  4. මගේ සිලෙක්ෂන් එක ඉතින් විභිය දන්නව නොවෑ. ඒක ඉතින් රටේම සිලෙක්ෂන් එක්๬ වෙච්ච දවසට අර බංගලාව හොරුන්ගෙන්,එතනෝල්කාරයන්ගෙන්,හණිකාවන්ගෙන්, අමනයන්ගෙන්, මැරයන්ගෙන් තොර තැනක් වේවි.

    ReplyDelete
    Replies
    1. උඹේ සිලෙක්ෂන් එක රටේ අවශ්‍යතාවය වෙන මොහොත ලං වේගෙන එන්නේ.

      පේනවා ඇතිනේ, ඔක්කොම හොරු එක මෙසේ.

      Delete
  5. මටනම් හිතෙන්නෙ මුන්ගේ "ජාතික ආණ්ඩුව" කියන්නෙ, මුන්ගේ දූෂණ උන් වහන්නයි, උන්ගේ දූෂණ මුන් වහනවා කියන එකඟතාවයයි..... දෙන් අලුතෙන් ඇමතිලා ලෙස පත්වුනු ශ්‍රී ලංකාකාරයො දිහා බැලුවම ඕක ඔප්පු වෙනවා.... එස්.බී, පවිත්‍රා, ලක්ෂ්මන් යාපා, ජගත් පුෂ්පකුමාර, ඩිලාන්...... ලියන්නත් තිත්ත් වෙනවා.... ඔන්න යහපාලනයකට කියා අපිත් ජන්ද දුන්නෙ....

    ReplyDelete
    Replies
    1. මේ නාට්ටියේ අපි නොදන්න්නා තව එපිසෝඩ් තියෙනවා වගේ.

      බලමු. තව ටික දවසක් ඉවසලා ඇත්තටම යහපාලනේ ද තියෙන්නේ කියලා.

      Delete

කමෙන්ට් කලාපය....