2015-02-04

එකයි හතරයි කිලෝ දහයයි

විභීෂණ ට අද උදේ එකයි හතරක් ලැබුණි. 
එකයි තුන ලැබුනේ මීට මාස දෙකකට පොඩ්ඩක් විතර කලින් ය. එදත් මේ වගේ පොස්ටුවක් ගහලා පුංචියට වගේ සැලිබරේට් කලේ ඉතින් තාමත් අපි මේ බොගලේගම පොඩි එවුන් හින්ද ආපු සන්තෝස මෙව්වා එකට ය. එකයි හතර වගේම එකයි තුනත් නිකම්ම අමතක කරලා දැමිය යුතු අවස්ථා නොවේය.


මෙච්චර කල් විභීෂණ අඩවිය පැත්තේ ආපු ඔබ හැමෝටම කියන්න පොඩි කාරනා මෙව්වා එකක් ඇත.
එකයි හතර ලබන කම් කරගෙන ආපු මේ බ්ලොගේ මොනවහරි හොඳ නරක ,ගුණ අගුණ ,තව කල යුතු   ,මල ත් නොකළ යුතු කියල ඔබලා ට තේරුම් යන මොනා හරි දේවල් තියේනම් මේ වෙලාවේ විභීෂණ දැන ගන්න කැමතිය.
එතකොට ඉස්සරහට ලියන කොට එව්වත් සැලකිල්ලට ගන්න විභීෂණ ට පුළුවන.



මේ වෙනකන් විභීෂණ ලියපු දේවල් කියෝලා කමෙන්ට් කරලා වැරදි පෙන්නලා සපෝර්ට් කරපු ඔහෙලා හැමෝටම ද , තම තමුන්ගේ සින්ඩි වල මේක එල්ලලා සපෝර්ට් කරපු හැමෝටම ද විභීෂණ ස්තුතිය හිමිවන්නේය.
මාතලන් ට ද විශේෂ ස්තුතියක් කල යුතුමය. මේ බ්ලොගේ පටන් ගත්තු දා ඉඳන් දකින වැරදි සේරම හදා ගන්න සපෝට් කලේ මාතලන් ය. 
මම දාන පොස්ට් පට්ට දිගයි , කියවන්න කම්මැලියි කියා කියා බනින්නේ ත් මාතලන් ය.
මාතලන්ගේ ඒ බැනිල්ල පුළුවන් තරම් ඉක්මනට ඉවර කරන බවද මම මෙතන කියන්න කැමතිය. එත් ඒකට තව ලියන්න හුරු වෙන්න අවශ්‍යය.

එහෙනම්...

දිගටම ඉස්සරහටත් හම්බු වෙමු...

හැමෝටම බෝම ස්තුති වේවා....



38 comments:

  1. සදාකල් රැඳෙවා!!!!!!!!!!!!!!!!!!!!
    මෙන්න මගෙන් ආරම්භක සුභපැතුම!
    බොගලාගම අලුත් උන්ට මේවා මගුල් තමා බොල. උඩට යනකොට බින්දු අතරෙ ගැප් එක වැඩිවෙනවනෙ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මධු වෝ.

      දිගටම හම්බ වෙමු...

      Delete
    2. මල්ලි අපි දැන් 1.2 වැඩි කිරීම දහයේ හතර වෙනි බලය හොඳේ.
      (කයිය ගැහුවට බොල හින්දම තමා ඉතිං)

      Delete
    3. නිවැරදි කිරීම “කයිය ගැහුවට බොලා හින්දම තමා ඉතිං“

      Delete
  2. සුභ පැතුම් විභී...................

    අැත්තට ම ඔය සතුට අපිටත් දැනෙනවා... ඒ දැනෙන සතුට සමරන්න ඔ්නමයි... ඒ තරම් සතුටක්..... තමන් විසින් අත්පත්කරගත් දෙයක් නිසා දැනෙන සතුට නිමක් නැහැ....

    වීභී...............

    අපි කවුද මොනවාද කරන්නේ කියලා දන්නේ නැති වුනාට අපි අතර අැති වෙලා තියෙන සහෝදරකම මේ බ්ලොග් අවකාශය විසින් අැති කළ දෙයක්.. අපි ඒ වෙනුවෙන් ස්තූතිවන්ත විය යුතුයි... ඒ වගේ ම අපි ලියන කියන දේවල් වලට බනින්නට හරි හොදය කියන්නට හරි ඒන යන අය වෙනුවෙනුත් ස්තූති කරන්නට ඔ්නේ.... වැදගත් වෙන්නේ ඔහේ මොනවත් ලියන ඒක නෙමෙයි... අපි විසින් යමක් අලුතෙන් නිර්මාණය කිරීමයි... ඒය සමාජයට දැනුමක් ඒකතු කරනවානම් ඒයයි අපේ ජයග්‍රහණය.... ඔබ දැනට ම ත් ලොකු ගමනක් අැවිත්... දිගට ම මේ බ්ලොග් සමාජය වර්ණවත් කරමින් රැදෙන්නට අාරාධනා කරනවා.......

    ඒහෙම කියන්නේ ඒක හේතුවක් උඩ.. අපි අාපු කාලේ හිටපු යාලුවෝ බොහොමයක් දැන් නැහැ.. අාගිය අතක් නෑහැ.. සමහරු යනවා කියලා ගියා.. සමහරු යනවා නොකියා ටික ටික නොලායා අැරියා... ඉතින් හිතට වේදනායි.... නමුත් අලුත් යාලුවන් ඒක්ක ගොඩනැගෙන සහෝදරකම් ගැන සතුටුයි... ඒකයි දිගට ම ලියන්න කියලා හැමෝට ම කියන්නේ අපි.......

    10000 ඉක්මනින් ම 20000 වගේ ම 50000 වෙලා... 100000 පනීවා කියලා සුභ පතනවා බොක්කෙන්ම.................. ජයවේවා...............

    ReplyDelete
    Replies
    1. කුරුටු...

      සුබ පැතුමට බොහොඅ ස්තුතියි..

      බ්ලොග් කෙරුවාව හින්දා අලුත් සහෝදරකම් ගොඩක් විභීෂණ ට ලැබුනා.
      එකේ තියෙන වෙනස තමයි මේකෙන් බොහොමයක් පුද්ගල ශරීර නොව චරිත වීම. බොහොමයක් දෙනා ෆේක් ප්‍රොෆයිල්.එත් රියල් වැඩ කාරයෝ.

      මේක අලුත්ම අත්දැකීමක්. බොහෝවිට මම මේ සම්බන්ධතා එක්ක දිගටම ඉඳියි..

      Delete
  3. ජ ය වේ වා !!!!
    මේ අවුරුද් ද ඉවර වෙන්න කලින් ලස්ස දෙක පන්නනනනනනනන ලැබේවා..
    දිගුකල් දිනේවා - රනිල් අගමැති වේවා..

    ReplyDelete
    Replies
    1. අනිවා...

      උඹේ සුබ පැතුමට බොහොම ස්තුතියි..

      අන්තිම පැතුම ත් බොහොම වටිනවා..

      Delete
  4. නියමයි සුබ පැතුම් දිගටම ලියන්න :)

    ReplyDelete
    Replies
    1. තැනක් යූ...

      අනිවා පුළුවන් තරම් කල් ලියනවා..

      Delete
  5. Replies
    1. රසික..

      බොහොම ස්තුතියි සුබ පැතුමට...

      Delete
  6. ජයම වේවා..සංහිදියාව වපුරන, බයස් නැති, රසවත් පෝස්ට් තව තවත් ලියා පලකිරීමට යෝද බල ලැබේවා..

    ReplyDelete
    Replies
    1. තැනක් යූ චෙෆා...

      සුබ පැතුම බොහොම වටිනවා

      Delete
  7. උණුසුම් සුබ පැතුම්

    දේශපාලන බ්ලොග් වැඩි වැඩියෙන් අවශ්‍යයි. ඇත්තටම මාතලන්ගෙ බ්ලොගයි තමයි වැඩිපුර දේශපාලන පෝස්ට් අප්ඩේට් වෙන බ්ලොග් වලට තියෙන්නෙ. ඒක හොඳටම මදි. මගෙ සිහිනයක් තමයි කවදහරි දවසක මේ රටේ සමාජයට දේශපාලනයට බ්ලොග් වලින් ලොකු බලපෑමක් වෙනව දකින එක.

    ඒත් එන්න එන්නම බ්ලොග් වල පිරිහීමක් තියනව වගෙ පේනව.පරණ බ්ලොග්කාරයො ඒ අයගෙ බ්ලොග් මාස ගනනකින් අප්ඩේට් කරල නෑ.

    මම නම් හිතන්නෙ විභීෂන යන්න ඕන විභීෂනගෙම ආරකට කියල. ඒක විභීෂනටම ආවේණික වෙන්න ඕන. දිග වැඩියක් නම් මට පේන්නෙ නෑ. හැබැයි ඔයාගෙ මම දැක්ක එක ගතියක් තමයි සැරට ලියන එක. එහෙම තමයි ලියන්න ඕන

    ඡන්දෙන් පස්සෙ අපූරු පෝස්ට් දෙකක් දාල තිබුන පහුගිය ආණ්ඩුවට බැණල. මම ඒක අගය කරල කොමෙන්ට් කරන්න හිතුවත් වැඩි දෙනෙක් සැරවැඩියි ආවේගශීලියි අරකද මේකද කියපු නිසා කරබාගෙන හිටිය.

    මම නම් කියන්නෙ හොඳට මිරිස් ගම්මිරිස් දාල ලියපන්. බලන එකා සූ සූ ගගා අයිස් කැට හොය හොය දුවන්න සලස්වපන්. බ්ලොග් එක කටදන කට්ට සම්බෝලයක් කරපන්.අපි ආස එහෙම.
    ආවේගශීලී කියල සමහරු කියන්නෙ අවංකව විවෘතව කතා කරන එකට. එහෙම නැතිව බෑ.බැනපන් බයින්න ඕන හැම එකාටම, කියපන් කුණුහරප. ඒක තමයි බ්ලොග් කලාව කියන්නෙ. පත්තරවලට ටී වී වලට වගෙ අපට වාරණ ඕන නෑ.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. ඇත්තටම මාතලන්ගෙ බ්ලොගයි w3lanka බ්ලොගයි තමයි වැඩිපුර දේශපාලන පෝස්ට් අප්ඩේට් වෙන බ්ලොග් වලට තියෙන්නෙ.තව රාජ් මකසි වගෙ කීපදෙනෙක් දේශපාලන පෝස්ට් දානව


      අමතක වීමක් නිවැරදි කළා

      Delete
    3. // මගෙ සිහිනයක් තමයි කවදහරි දවසක මේ රටේ සමාජයට දේශපාලනයට බ්ලොග් වලින් ලොකු බලපෑමක් වෙනව දකින එක.//
      ----මගේත් ලොකු බලාපොරොත්තුවක්. තාමත් බ්ලොග් වල හඬ එච්චර ප්‍රබලව සාමන්‍ය සමාජයට ඇහෙන්නේ නැහැ. අපි හැමෝම එකතු වෙච්ච වෙලාවක මේ ගැන කතා බහ කරන්න ඕන. ෆන් ගන්න බුකියට ගොඩවෙන සමාජේ ඒ ඇබ්බැහියෙන් ගලෝගෙන රට ගැන ලෝකේ ගැන කලාව ගැන දැනුවත් වෙන්න බ්ලොග් වලට එකතු කරගන්න ඕන. මේකේ තියෙන අසීමිත වාරණ රහිත නිදහස ප්‍රයෝජනයට ගන්න ඕන .

      //දිග වැඩියක්//
      දිග වැඩිය ගැන දොස් අහන්න සිද්ද වුනේ අලුත් පොස්ට් අස්සේ පරණ කතා කියන්න ගිහින්. කොච්චර දිග වුනත් අලුත් දෙයක් නම් කවුරුත් දොස් කියන්නේ නැහැ. අන්න එකයි මම හදා ගන්න හදන්නේ. මට වඩා පත දිග පොස්ට් ලියන ,බ්ලොග් ලෝකේ කප් ගහපු ය ඕන තරම් ඉන්නවනේ. උන්ගේ පොස්ට් වල වටිනාකම තියෙන්නේ හැම අකුරක් ගානෙම අලුත් දෙයක් අලුත් රටාවක් තියෙන එක. ඕක තමයි හදාගන්න තියෙන දේ.

      ============

      සුබ පැතුමට බොහොම ස්තුතියි මචන්. දිගටම බ්ලොග් වලින් හම්බ වෙමු.

      Delete
    4. අමතක වීම නිවැරදි කිරීම ගැන ස්තුතියි..

      Delete
  8. ඒකෙන් පේන්නේ උඹ සාර්ථකයි කියන එක. බින්දු වැඩිවෙනවා කියන්නේ එළකිරි, ඒ වගේම උඹට බනින උන් වැඩිවෙනවා කියන්නේ උඹ සාර්ථකයි. උඹව පතුරු යවන උන් වැඩිවෙනවා කියන්නේ උඹ ලියන දේ දැනුනා කියන එක. මම බොහෝම සතුටු වෙන වෙලාවක් තමයි කොහේ හරි මට මඩ ගහලා කොමෙන්ට් එකක් දාලා තියෙනවා නම්. ඒ වගේම වැඩියෙන් සතුටු වෙන වෙලාවක් තමයි, මගේ නම කාගේ හරි පෝස්ට් එකක මාතෘකාව වෙලා තියෙනවා නම්. ඒ කියන්නේ උඹ අති සාර්ථකයි. ඒකත් උඹට ගහලා තියෙනවානම්. ඒ රිදිලා නෙමෙයි, කක්කත් ගිහිල්ලා. මම උඹට උදාහරණයක් කියන්නම්. රකලොජි එකේ, ද්විත්ව පුරවැසිභාවය ගැන දාලා තියෙන පෝස්ට් එකේ මගේ කොමෙන්ට් එකට යටින් තියෙන කොමෙන්ට්ස් ටික කියවපන්.

    කවදාවත්, සම්ප්‍රදායික විදියට හිතන්න එපා. විප්ලවකාරයෙක් වෙයන්. පුක නැති වෙන්න ලියපන්. නැත්නම් මේ රටේ ඉන්න හරක්ට තේරේන්නේ නෑ. දැනෙන්නේ නෑ. පෙත්තපුලාට කතා කරනවා වගේ නෙමෙයි නේ පාරේ යන වල් බල්ලන්ට කතා කරන්නේ. මී හරක්ට වෙනම භාෂාවක් තියෙනවා. ආන්න ඒ භාෂාවෙන් ලියපන්. මම ටිකක් බිසි වෙයි... ඒ උනාට මට දුකක් නෑ. උඹලා, බස්සිලා ඉන්න නිසා.. කවදාවත් සම්ප්‍රදායේ එල්ලෙන එපා. හැමදේම ප්‍රශ්ණ කරපන්. ස්ම්ප්‍රදාය කුඩු කරගෙන පලයන්. ලිවීමටත් ඒක අදාලයි.. මේ පත්තර නෙමෙයි. මේ බ්ලොග්..

    ජයම වේවා....!!!

    ඒක බොක්කෙන්ම...

    ReplyDelete
    Replies
    1. මාතලන්..උඹේ දිරිමත් කිරීම ඇත්තෙන්ම වටිනවා...

      තැනක් යූ වේවා..

      Delete
  9. කඩඉමට සුභපැතුම්. අලුත් බ්ලොග්කරුවෙක් විදියට සාර්ථකයි කියන්න පුළුවන්. විසංවාදී නොවන මතවාදයක් විභීෂනට තියන බව පේනව. අවශ්‍ය වන්නේ ඒකයි.

    පෝස්ට් වල දිග ගැන කියනව නං කවුරු මොනව කිව්වත් ඒ ගැන හිතන්න එපා. ලිපියක් දිග හෝ කෙටි වෙන්න පුළුවන්. නමුත් මොකක් හරි පොයින්‍ට් එකක් ගැන කතා කරද්දි ඊට අදාල දේවල් පමණක් කතා කරනව නං අවුලක් නෑ, දිග උනත් කොට උනත්. විවිධ කරුණු ගෙනහැර දක්වමින් (මෙතනදි මම කියන්නෙ වෙනස් මාතෘකා කිහිපයක් යටතේ) ලිපි දිග කිරීම අනුමත කරන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. සමහර ලිපි අනවශ්‍ය විදියට වැල්වටාරම් එක්ක , පරණ කතා එක්ක ලියන්න ගියොත් තමයි වැඩේ කිච වෙලා යන්නේ.

      ඕක මගේ අතින් ඉඳලා හිටලා වෙන වැරද්දක්. ඉස්සරහට හරි යයි. ඔව්ව දැකල තමයි මාතලන් බනින්නේ ත්. නැතිව පොස්ට් එකේ දිග අඟල් ගානින් වැඩි හින්දා නෙවේ.

      ------
      සුබපැතුමට තැනක් යූ වේවා..

      Delete
  10. විභීෂණ ලොක්කා ... ආයිබෝං කිව්වා .. ඔන්න අපෙනුත් හාට්ෆෙල්ට් සුබ පැතුම් මෙව්වා එකක්. ඕම යන් ඕම යන්... ආමග කෙටියි යායුතු මගේ දුරයි කියාලා පුරාන පඬිවරු කිව්වේ අර මොකක්ද එක කහනවට නෙවෙයිනේ ලොක්කා.. ඒනම් ජයෙන් ජය වේවා ඔඳේ

    ReplyDelete
    Replies
    1. තැනක් යූ ඉවාන්..

      සුබ පැතුම බොහොම වටිනවා..

      Delete
  11. ජය වේවා.. පහු ගිය ටිකේ නං තොගේ චොකා බයිලා මම බැලුවෙම නෑ

    ReplyDelete
    Replies
    1. අවුලක් නැහැ...ඉස්සරහට සැට් වෙමු..

      තැනක් යූ ...

      Delete
  12. හරේ ඉක්මනට පාටියක් ලැහැස්ති කොරන්ඩ..
    බ්‍රෑන්ඩ් එක ගල්

    ReplyDelete
    Replies
    1. vat 69 අවුලක් නැතිව ඇති නේද?

      Delete
  13. එකයි හතරයි කිව්වම මම බැලුවා මොනවද යකඩෝ කියලා.... ඉක්මනින්ම එකයි පහ වේවා..............

    ReplyDelete
    Replies
    1. තැනක් යූ මැලේ යො. ඉක්මනට ට ගන්නවා.

      Delete
  14. අංක පහක් උනාම දැනෙන ආතල් එකේ රහ මමත් උපරිමේටම දනිමි. ඉතින් ඔබත් සමඟ මමද ඔබ වෙනුවෙන් ජයපැන් බොමි.

    කියන්නට තරම් අඩුවක් මතක් වෙන්නේ නැත, අහුවෙන අහුවෙන තැන්වල එවලෙන් එවෙලට කියන්නෙමි. අඩුවක් පාඩුවක් කෙසේ වෙතත් මටනම් මේ බ්ලොග් එක පට්ටම රහකි. හැබැයි විභීෂණ හිටිගමන් වයිමන් වගේ මළ අතින් අරන් ලියන්නට එපාය.

    ReplyDelete
    Replies
    1. // වයිමන් වගේ මළ අතින් අරන් ලියන්නට එපාය.//

      ඔය වගේ වෙලාවට මගේ ඉස්ටයිල් එකේ වචන එන්නේ නැති එක තමයි බන් අවුල. කේන්තියෙන් වැහිලා ඉන්නේ .

      ඉක්මනට ම හදා ගන්න බලන්නම්.

      ------
      තැනක් යූ සුබපැතුමට.

      උඹත් මගේ බ්ලොග් ගැන්සියේ එකෙක් තමයි.

      Delete
  15. තව මේ ගමනේ සෑහෙන්න දුරක් යන්න තියෙනවා සහෝ.. ඒකත් යන්න පුළුවන් හිතේ අදහස් පහල වෙන සමයක් නිතරම උදා වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.. බ්ලොග් වලට එන්න ලේසියි වගේම නොකියම යන්නත් ලේසියි.. පැවැත්මයි හුඟක් අමාරු..

    උඹේ සටහන් වලට මම නම් කැමතියි.. මොකද දේශපාලනමය අදහස් උනත් ඒක කියවන් කෙනෙක්ට මඟක් යද්දී එපා නොවෙන විදිහට ඉදිරිපත් කරන එක හුඟක් වැදගත්..

    දිගටම ලියමු..

    ReplyDelete
    Replies
    1. සුබ පැතුමට බොහොම ස්තුතියි.

      දිගටම හම්බ වෙමු

      Delete
  16. මං ටිකක් පරක්කු වුණාට කමක් නෑ, උණුසුම් සුභපැතුම් ‍‍විභීෂණ..එකයි පහත් ගහමු ඉක්මණටම..

    ReplyDelete

කමෙන්ට් කලාපය....