2014-08-24

පා වෙන එපා වෙන..


හෙට අනිද්දට පාවෙන පොළක් අපිට තෑගී ලෙස ලොකු තාත්ත ගෙන් ලැබීමට නියමිතය. එහෙම කිව්වට මේක හැදුවේ ලොකු තාත්තා ම නෙමෙයි ය. ඇත්තම කිව්වොත් වැඩේ ටිප් ටොප් එකට හැදුව කියන්නේ එතුමාගේ පොඩි මල්ලි කෙනෙක්ය. මල්ලි පොඩි වුනාට උන්නහගේ කිසිම වැඩක් නම් පොඩි නැත . අඩුම ගානේ නමවත් එසේ මෙසේ එකක් නොවේය. කෙලින්ම රාජකීය පරපුරේ නමක් ය. එව්වා සේරම අතුරු කතාය. මේ වෙලාවේ මේ ටොපික් එකට එච්චර වැදගත් නොවන්නේය.

පාවෙන පොළක් නම් අපි මෙතුවක් කාලෙකට මේ රාජධානියේ නම් දැක බලාගෙන තිබුනේ නැත. එහෙම දෙයක් හැබැහින් තියෙන එකත් සතුටක් ය. 

බෝට්ටු, තෙප්පම් වගේ ගමනා ගමන යට අදාළ දේවල් හැරෙන්න මේ රට ඇතුලේ පාවෙන්නේ මේ පොළ විතරයි කියල හිතුවොත් නම් එක එච්චර සාධාරණ නැත. මොකද කියනවනං ගොඩක් දේවල් දැන් මේ රටේ "පා වෙන්නට" පටන් අරන් ඇත.

අච්චර තාක්ෂණයක් දාල යකඩ වලින් හදාපු රුපියලත් සැටලයිට් මැඩම් පා කලේ මීට අවුරුදු දහයකට විතර කලින්ය . 

කිව්වෙනම් රටේ ආර්ථික අවශ්‍යතාවයකට එහෙම කළා කියාය. රටේ ආර්ථික අවශ්‍යතාව කියන්නේ ඍන වර්ධන වේගයක් ලබා ගැනීම කියල අපි දැන ගත්තේ ටිකක් විතර පහු පහු වෙලා වැඩේ කොහු කොහු වුනාට පස්සෙය. 

සමහර විට සෝබෝන් එකේ උගන්වන්නේ ඒ වගේ තියරි වෙන්න ඇතිය. 

එව්වා වැඩක් නැත. කොහොමෙන් කොහොම හරි දැන් සැටලයිට් නෝනත් නැත. එතුමී පාකරපු රුපියල ආපහු කවදාවත් අපිව නම් හොයාගෙන ආවේ නැත. 

ඒ රුපියල දැන් පෙනෙන නොපෙනෙන මානයේය.


දැන් ඉතින් රුපියල සොයා පලක් නැත. 

තව පාවෙන දේවල් ගොඩක් ඇත.


අපි බොහොම ආසාවෙන් අහන දකින ජනමාධ්‍යත් මේ පාවෙන පවුලේ ප්‍රධාන සාමාජිකයෙකි. 

මෙතනදී වලව්වේ මාධ්‍ය ගැන කතා කිරීමේ කිසිම අවශ්‍යතාවයක් නැත. අනාදිමත් කාලයක සිට බලයේ ඉන්න වලව්ව පැත්තට පා වෙන එක එව්වල ජාන වලින් එන ගති ලක්ෂණයක් ය. 

මේ කතා කරන්නේ අනිත් එව්වා ගැනය. එහෙම නැත්නම් වලව්වෙන් පිට එව්වා ගැනය.

මේ වලව්වෙන් පිට ඉන්න මාධ්‍ය (කඩ) පාවෙන්නේ හුලං හමන දිසාවටය. එහෙම නැත්නම් රැල්ල ගහන දිහාවටය. ඔය කියන රැල්ල ක මුල තියෙන්නේ ගොඩක් වෙලාවට ලෝකේ කොහේ හෝ වෙන කොනකය. එත් ඉතින් ඒ රැල්ල බලන් ඉන්න අපේ මාධ්‍ය (කඩ) අය්යලා එක බලන් ඇවිල්ල ඒ වගේ රැල්ලක් මෙහෙත් ඇති කරන්නෝය. 

හරි විදියට නියම තැනට අනේ ගැහුවොත් බඩු  බනිස් ය. 
බුදු ෂුවර් ය.

ආයේ කතා දෙක නැත. නිරිත දිග මෝසම් සුලන් වලටත් වඩා දරුණු විදියට සල්ලි වැසි වසින්නේය. 

දැන් හුළං ප්‍රවාහය නිර්මාණය වී දසත විහිදී පැතිරී යන අවස්ථාවය. අහල පහල ඉන්න මාධ්‍ය (කඩ) කාරයන්ටත් මේ හුලග ටික ටික දැනෙන්නට පටන් ගන්නේය. ඔන්න අනිත් මාධ්‍ය (කඩ) කාරයොත් මේ හුළඟට අහුවෙලා අර මුලින්ම කරපු එකාගේ වැඩ අමු අමුවේ කොපි කරන්න පටන් ගන්නේය. 


විභීෂණ කිව්ව කාරණේ පැහැදිලි කරන්න දෙන්න පුළුවන් හොඳම උදාහරණය ලංකාවේ තියෙන රියැලිටි ගේම් එකය.

American Idol/ The Voice මොඩල් එක ලංකාවට ගෙන  Sirasa Super Star වලින් පස්සේ ඒ මොඩල් එක ඒ විදියටම පිටපත් කලේ  Derana Dream Star ය.

දැන් තව තව කට්ටිය මේක කොපි කරගෙන කරගෙන යන්නේය. නවතින තැන නම් හිතාගන්න බැරිය.

නිදහස් ( කියල කියන) අධ්‍යාපනය ත් මෑතක සිට පාවෙන්නේ හුළං වලටත් වඩා වෙගයෙන්ය.

දේශපාලුවා මේ පාවෙන ක්‍රියාදාමයේ මුල් පෙලේ ක්‍රියාකාරී සාමාජිකයෙකි. දේශපාලුවා ගේ සරණ යන පින්සිබලුන්ද, ටීටර් ලද ඉස්කෝල වල ආදී වාසි සංගම්ද මේ වැඩේට රුකුල් දෙන්නේ එක උන්ගේ බාප්පාගේ දේපොළ කියල හිතාගෙනය.

බුදු හාමුදුරුවෝ මුහුණ දීපු මාර යුද්ධෙ සහ අද කාලේ දෙමවුපියන් තමන්ගේ ලමයව ඉස්කෝලෙකට දා ගන්න මුහුණ දෙන යුද්ධෙ සැලකිය යුතු අසමානකම් තියෙනවා කියල නම් හිතෙන්නේ නැත. 

ඒ සටන එච්චරටම සුන්දරය. 

ඒ සමහර සටන් හෝටල් කාමරවල ඇඳන් උඩත් සිද්ධවෙන බව පහුගිය කාලේ පත්තර වල පල වුනේ පත්තර අච්චු ගහන මැෂින් වල දෝෂ හින්ද  නම් නොවේය.

මේ ඔක්කොම කුට්ටි වෙනුවෙන් ය. 

ලමයව ඉස්කෝලෙට දා ගන්න කුට්ටිය පුදන දෙමවුපියෝ ඊට පස්සේ ටියුෂන් කාක්කන්ට කුට්ටිය පිදිය යුතුය. 

කොච්චර ඉස්කෝලේ ගියත් පශ්ණ පත්තරේ ගොඩක් දේවල් අච්චු ගැහෙන්නේ කාක්කට ඕනේ විදියට බව පහුගිය අවුරුදු දෙකක විතර පත්තර බලපුවම කලඳක් තරම් මොළවලට පවා තේරුම් යන්නේය.

ඔච්චර කුට්ටිය දීලත් ලබන අධ්‍යාපනේ නම් කියලම වැඩක් නැත. 
විබාග ප්‍රශ්න පත්තරේ එන්නේ පිටිපස්සේ උත්තර පත්තරෙත් ප්‍රින්ට් කරගෙනය.

9 ට පටන් ගන්න විභාග වලට ප්‍රශ්න පත්තර එන්නේ 10 ට හෝ ඊටත් පමා වෙලාය.

සමහර පේපර් වල සුද්ධ සිංහල වචනත් ඕසේට ය.

ඔය ඔක්කොම හරුප සිද්ධ වෙන්නේ වැඩක් කරන්න තරම් ඉගෙන නැති එත් පෝස්ටර් ගහන්න, චන්දෙට වාහනේ හයර් කරන්න උද්දවූ කරපු එවුන්ට සලකන්න ගියාමය.
විධිමත් කෙසේ වෙතත් අවිධිමත් අධ්‍යාපනයක් ළමයට ලැබෙන බව නම් සහතිකය.
කාක්කන්ගේ පිහිටෙන් කොහොම හරි ඉස්කෝලේ අද්ධාපනේ ගොඩ දාගත්තයින් පස්සේ විස්ස විජ්ජාලෙට රිංග ගන්නත් ලේසි නැත.

එත් දැන් නම් බේබි කෙනෙක් ගෙන් ලියුමක් ගන්න පුළුවන් නම් ඒ වැඩේ ටිකක් විතර ලේසියි කියල එක එක මාධ්‍ය වලින් අපිට ඇසෙන්නේය.

රිංග ගත්තයින් පස්සේ එක අරක්ගෙන ඉන්න මාන්දම් කොල්ලෝ කෙල්ලන්ට ඕන විදියට උපාධි අද්ධාපනේ කෙරිය යුතුය. උන්ට ඕන විදියට පාරේ කැට හෙල්ලිය යුතුය. රැග කෑ යුතුය. 

මේ ඔක්කොම බලපුවම අධ්‍යාපනේ පාවෙන්නේ කුට්ටියට සහ එක එක මොලේ පිළිකා කාරයින්ගේ ඕන එපාකම් අනුවය.


සෞඛ්‍ය යත් මේ ගොහොරුවේ මිසක් වෙන තැනක නම් නොවේය.

ලොකු තාත්ත හොයල බලල වැඩක් කරන්න පුළුවන් කියල හිතෙන කෙනෙකුට මේක බාර දුන්නට මොකෝ ඇත්තටම ඇමතිතුමා උන්නහද නැත්නම් අර ලෙඩ්ඩු න්ගේ ලේ උරා බොන (පරි) වුර්තිය සමිති මාපිල්ලුද කියල වෙලාවකට විභීෂණ ට හිතෙන්නේය.

එච්චරටම උන් බලවත් ය.

සෞඛ්‍ය අංශයේ හැටි එහෙමය. ලෙඩ්ඩුන්ට දෙවියන්ගේ පිහිටවත් නැත.


නීතිය ගැනත් මෙතන මොනවහරි ලිවිය යුතුය. 
එත් ඊට කලින් එක සොයා ගත යුතුය.
හොයාගත්තු ගමන්ම ඒ ගැනත් මොනවහරි දෙයක් වෙන පොස්ට් එහෙකින් හරි ඉස්සරහට දකින්නට ලැබෙනු ඇත.


ජහමනතාව යනු මේ ඔක්කොම මල ඉලවු වලට අනුව පාවෙන එක එක අතට වැනෙන අමුතු කොටසක්ය. 

අධිරාජ්‍යවාදයට විරුද්ධ වෙන්න කියපුවම ඒ උද්ගෝෂණ වලට යති. කැසිනෝ ඕන කියන උද්ගෝෂණ වලට මෙන්ම එපා කියන රැස්වීම් වලටත් යති. 

හරක් මරණ එකට විරුද්ධව  කරන උද්ගෝෂණ වලටත් යන මේ අය රෑට ගෙදර එන ගමන් හීනි ෂෝට් එකක් ගන්නේ බීෆ් කෑල්ලකුත් එක්කය.

කප්පරක් මිනි මරණ රටේ මිනිස්සු උද්ගෝෂණ කරන්නේ හරක් මරණ එකට විරුද්ධවය. 

ඔහොම තියෙන එකම රට මේක වෙන්න ඇතිය. අපේ චූන් නේ..

මැයි දිනයේදීත් මේ කට්ටිය කොළඹ එන්නේ කම්කරු අයිතීන් දිනා ගන්න නොව ලොකු තාත්ත ව සදහට රජ කරවන්නය. ජිනීවා වල විදුලි පුටුවේ ප්ලග් ගලවන්නය. 

රට රකින්න ඔක්කොම එක රෝත්තටය. 

හැබැයි ඒ එක අතක අරක්කු කාල සහ අනිත් අතේ බත් පැකට් එකද සහිතවය. නැත්තන් බල්ලා රට ගිහින් රට බල්ලට ගියත් අහවල් වැඩේ කරන්න හැර වෙන මොන මලදානේටවත් එකෙක් එලි බහින්නේ නැත. 

මේ කම්කරුවෝ තම තමන්ගේ කම්කරු අයිතීන් බොහොම සරු සාරෙට 2011 මැයි 31 වෙනිදා කටුනායකදී දිනා ගත්තු බව ඒ අය ට මතක නැතිවුනාට එදා පූරුවේ වාසනාවකට ගුටි නොකා ඔලුව පලා නොගෙන බේරුණු විභීෂණ ට නම් තාමත් මතක ය.
විභීෂණ ඒ මතක සටහන් ඉස්සරහට ලියන්නට තියා ගෙන ඇත.


ආශ්චර්යමත් ජහමනයා පාවෙන්නේ එසේය. 


මේ වගේ ඇහෙන පෙන හැමදේම පාවෙනකොට පොළක් විතරක් පා නොවී කොහොමද කියල පොඩි මල්ලිට හිතෙන්නටත් ඇත. ඒ හින්දම පාවෙන පොළකුත් හැදුව වෙන්න ඇතිය. 

ඉතින් අපි ඔබ වගේ හුදී මහජනයාට පාවී පාවී යන රුපියල් වලින් පාවී පාවී තියෙන පොළවල් වලින් පාවී පාවී බඩු ගන්නට පුළුවන.

පුදුමාකාර සනීපයක් අහනකොටත් දකිනකොටත් ලැබෙන්නය.

එහෙනම් එන්න විභීෂණ ත් එක්ක පාවෙන පොලේ ෂොපින් යන්න..
ආශ්චර්යයේ පහස විඳින්න..

මේ පාවෙන සීන් ලිය ලිය යනකොට විභීෂණ ගේ ඔලුවට පාවීමට කිසිම සම්බන්ධයක් නැති සින්දුවක් එක පාරටම පැමිණියේය.

මේක පාවීමට සම්බන්ධ නැතත් කැරකීමට සම්බන්ධය.

විභීෂණ ගේ මේ පාවෙන ලියුම කියවල මහන්සිනම් මේ සින්දුව අහල බලල මහන්සි නිවා ගනිත්වා කියල මේ මොහොතේ විභීෂණ ඉතා සිතින් ප්‍රාර්ථනා කරන්නේය.

අදට නැවතුම...

ආයු බෝ...ජය වේ..
------------------------------------------------------------

ලෝකය කැරකෙනවා...එක නියමයක් ලු..
ලෝකේ වටේ හඳ කැරකෙනවා...එක ගුරුත්වයලු...
රෝස මල වටේ බඹරා යනවා.. එක සුන්දරයි ලු...
සෙක්කුවේ හරකා කැරකෙනවා..එක උරුමයක්ලු..

ඉතින් අපි හන්දියේ පොඩ්ඩක් කැරකුනාම ඇයි  ඔරවන් යන්නේ...
Girls Schools ළඟ රවුමක් දැම්මම ඇයි ගස්සන් යන්නේ..
Apple phones, හොඳ කාර් සූට් අපිට නැති හින්දද ප්‍රශ්නේ..
ඔක්කොම කැරකෙන ලෝකේ...
මොකද අපි කරකුනාම වෙන්නේ...

සී ඩී කැරකෙනවා...ඒක  ඉලෙක්ට්‍රික් ලු ..
ෆෑන් එකේ තටු කැරකෙනවා ...ඒක  සනීපයි ලු ...
ඇක්සල් වටේට රෝදය යනවා...ඒක  දියුණුවක් ලු..
ඔරලෝසුවේ කටු කැරකෙනවා...ඒක අදාලයි ලු..

ඉතින් අපි හන්දියේ පොඩ්ඩක් කැරකුනාම ඇයි  ඔරවන් යන්නේ...
Girls Schools ළඟ රවුමක් දැම්මම ඇයි ගස්සන් යන්නේ..
Apple phones, හොඳ කාර් සූට් අපිට නැති හින්දද ප්‍රශ්නේ..
ඔක්කොම කැරකෙන ලෝකේ...
මොකද අපි කරකුනාම වෙන්නේ...

ලෝකය කැරකෙනවා...එක නියමයක් ලු..
ලෝකේ වටේ හඳ කැරකෙනවා...එක ගුරුත්වයලු...
රෝස මල වටේ බඹරා යනවා.. එක සුන්දරයි ලු...
සෙක්කුවේ හරකා කැරකෙනවා..එක උරුමයක්ලු..



40 comments:

  1. කියන්න දෙයක් නෑ... කියන්න ඕන ඔක්කෝම කියලා..

    ReplyDelete
    Replies
    1. ඔවු ඉතින්...දිග වුනත් නොකිය බැහැනේ..

      Delete
  2. හම්මේ ඔය තියෙන්නේ ඔක්කොම ටික අගේට.... පාවෙන සල්ලි උඩ පිනුම් ගහන ටිකත් දැම්ම නම් අගෙයි..

    ReplyDelete
    Replies
    1. පාවෙන සල්ලි උද පිනුම් ගහන හැටි ඉතින් ආපහු මම දාන්න ඕනේ නැහැ...

      හැම තැනම පේන්න තියෙන්නේ ඒකම තමයි...

      Delete
  3. හම්මේ...ඔන්න ඔච්චරයි අඩුවකට තිබුනෙ. දෙයියනේ කියල මේ උතුමණ්ට පිං සිද්ධවෙන්න ඒකත් හරි. දැන්නම් හිතේ සතුටින් ඇස් දෙක පියාගන්න පුලුවන්.

    ReplyDelete
    Replies
    1. බ්‍රෑන්ඩ් එක ගල්
      - ස්තුතියි -

      Delete
    2. සැන්ඩි වලට ඇල් වතුර
      - ස්තුතියි-

      Delete
    3. හරි..සෙට් වෙමු..

      ඔන්න චියර්ස් කිව්වා...

      චියස්......

      Delete
    4. @ Manosh

      හැමදේම පාවෙන කොට පොළක් විතරක් අතාරින්න කාටද හිතෙන්නේ..

      Delete
  4. දන්සැල් දොරෙහි නැත යදියෝ
    සල්පිල්වලය පුරවැසියෝ
    පන්සිල් රකිති මැරවරයෝ
    මේ කේතුමතී නුවරයි
    මේ කේතුමතී නුවරයි

    -නොමැත ඇසක කඳුලක්
    නොවැටුනොත් රොඩු කැබැල්ලක්
    දකිනු නොහැක ලේ බිඳුවක්
    නොමළොත් මකුණෙක් මදුරුවෙක්
    මල බැඳුනු ගිනිදණ්ඩේ
    දැල් බදිත් මකුළු සේනා
    වෙඩි හඩ අසනු රිසි දනො‍්
    පුපුරුවති අහෝ රතිඤ්ඤා

    මැරුනත් මේ පුරේ - මේ මනරම් සමේ
    උපදින්න මතු වාසනා

    දස රද දම් නිමිති පැවති
    නර පති ඇමති වඩන රුති
    සත වෙත පතන මෙත සදති
    මේ කේතුමතී නුවරයි
    මේ කේතුමතී නුවරයි

    රැකෙයි අකුරට නීතිය
    දෙයක් වේ නම් යම්
    සුදුස්සාටම අයිති වී ඇත
    නැත අක්රමිකතා
    වැඩෙයි සුහදතා
    සුන්දරතා
    සුවතා
    අහෝ සැපයි සැපයි - මෙපුර විසුමනම්

    මැරුනත් මේ පුරේ - මේ මනරම් සමේ
    උපදින්න මතු වාසනා

    කියමින් නිබඳ ගී මියුරු
    දකිමින් අවට රූ සොඳුරු
    සතුටින් රඟති මේ නුවරු
    මේ කේතුමතී නුවරයි
    මේ කේතුමතී නුවරයි

    නැත මුදලේ වටිනාකම්
    බුහුමන් කරත් ශිල්ප ශාස්ත්රයටම
    නැත පවුල්වාද, පිල් බේද, කුල වාද, දෑ වාද
    නැත බදු බර, පවුල් බර, ජීවන බර

    මැරුනත් මේ පුරේ - මේ මනරම් සමේ
    උපදින්න මතු වාසනා
    මේ කේතුමතී නුවරයි
    මේ කේතුමතී නුවරයි

    පද : සුනිල් ආරියරත්න
    ගායනය : නන්දා මාලිනී

    ReplyDelete
    Replies
    1. ඔය සින්දුව නම් මට එච්චර මීටර් නැහැ..

      තැනක් යූ වේවා..

      Delete
    2. රජෙක් නැතිව රටක් මොටද ඇහුවෙ පෙර අපි
      රටක් නැතිව රජෙක් මොටද අහමු අද අපි//

      කොඩි බැදලා, බෙර ගහලා අශ්ඨක ජය මගුල් කියා
      වරමාති ශුභ චරිතේ
      ලංකාපති නරේන්ද්‍රසිහ නුපතේ
      කොඩි බැදලා, බෙර ගහලා අශ්ඨක ජය මගුල් කියා
      පත්තිරිප්පුවට නැගලා ජනවරමේ බලය කියා

      ඕලන්දෙන් රැගෙන බලේ
      එංගලන්තෙ තබන වෙලේ
      සිංහලුනගෙ බිඳුන බලේ
      කවදා ගොඩ නගමු මලේ

      රජ්ජුරුවෝ උඩයි උඩයි
      අපි පොඩි උන් බිමයි බිමයි//
      අන්දරේලා මැද ඉදගෙන
      ආ............
      දෙපැත්තටම විහිළු කරයි

      රට යනවා පරදේසෙක
      අපි යනවා පරලෝකෙට
      අන්තිමේදි බලපුවාම
      අන්දරේලා අපි සේරම......
      අන්දරේලා........//

      අන්දරේලා - ජයලත් මනෝරත්න
      ගායනය - ජයසිරි චන්ද්‍රජිත් ඇතුළු පිරිස

      Delete
  5. අම්මෝ පාවෙන එකෙන් පටන් අරං පාවෙලා පාවෙලා ගියේ කොහාටද.

    ReplyDelete
    Replies
    1. පාවෙලා එපාවෙලා :D

      Delete
    2. ඈතින් ඇතට...අනන්තයෙන් එහාටම...

      Delete
  6. දෙයියනේ කියලා මේක කියවලා මාවත් නිකම් පාවෙනවා වගේ!! :D

    පට්ටයි!!

    ReplyDelete
    Replies
    1. ප්‍රවේසමෙන්...ඉකමනට පියවි සිහියට පැමිණෙන්න...

      Delete
  7. පාවෙන චන්ද කියලා ජාතියකුත් තියෙනවා නේද? මිලියන 14ක් වන චන්දදායකයින්ගෙන් මිලියන 4ක්ම පසුගිය ජනාධිපතිවරනයේදි තම චන්දය පාවිච්චිකරලා නෑ. පාවිච්චිකරපු මිලියන දහයෙනුත් ප්‍රතිශතයක් පාවෙන චන්ද ඇති.
    ඔය මිලියන 4යි පාවෙන ටිකයි ජෙප්පොට දෙන චන්ද ටිකයි එකතුකලා නම්, එකතු කරන්නාට අවුරුදු හයක් පාවෙවී ඉන්න පුලුවන්වෙයි 2015 ඉඳන්....හෙක් හෙක්...

    ReplyDelete
    Replies
    1. මිලියන 14ම මම නම් හිතන්නේ පාවෙන එව්වා කියල තමයි...

      නැත්තන් මේ වගේ මැටි හරක් සැට් එකක් උඩින්ම දිනවයිද...?

      Delete
  8. පාවේ වලා ඈත කඳු බලා
    පෑ ආදරේ අමා
    මා හද මවා
    කඳුලැල්ලෙන් හසරැල්ලෙන්
    සිහින මැවෙනවා
    ජීවිතයේ මිහිරි සුවේ
    මහද නැගෙනවා…

    ආලෝකෙ විහිදා
    සංකා නැසේ
    සුසුම් රැල් මැකේ
    නුවන් දිය සිඳේ
    පහන් පෙම දිලේ..

    හාදව පෙම් බැන්ද රුවින්
    පාළුව මැකුනා
    ආදර ලොව අන්ධ නොවේ
    දෙහදක නැගෙනා
    දෑසේ මැවේ ආදරේ
    මල් හිනාතුටින් පිරි ලොවේ
    සහන් එලි නැගේ
    පහන් පෙම දිලේ...

    ගායනය - වික්ටර් රත්නායක
    සංගීතය - මර්වින් පෙරේරාගී
    පද - මීගොඩ විල්සන්

    ReplyDelete
    Replies
    1. ආ...ඔය එන්නේ...ඔය එන්නේ...ඔහොම යං...

      Delete


    2. රෝස පාට වලාකුළු එක්ක
      සීනි බනිස්
      සුදුපාට මුහුදු රුළි එක්ක
      කළු කෝපි
      හයියෙන් වහින වැස්සත් එක්ක
      අයිස් ක්‍රීම්
      ආදරෙන් පිරිච්ච ඔයත් එක්ක
      මං

      කතා කරන හඳ පායන රෑ
      සුරංගනාවියො සින්දු කියනකොට
      ඇපල් පාවෙන නදිය ගලන මිටියාවතේ
      අහස නැවතිලා හිටියා

      රෝස පාට වලාකුළු එක්ක
      සීනි බනිස්
      සුදුපාට මුහුදු රුළි එක්ක
      කළු කෝපි

      හීන කන්දට යන පාර දිගේ
      කතන්දර අහුලන්
      ලුණුත් එක්ක ස්ට්‍රෝබෙරි කන්න
      ඔයා එනකල්
      මම බලන් හිටියා
      ඉර නතර කරන්

      ගායනය, සංගීතය, ගී පද - අජිත් කුමාරසිරි

      Delete
    3. ඇති යන්තන්...එත් මං බැලුව මොකෝ මේ සින්දු ඇනෝ තාම පරක්කු කියල...

      නියම සින්දුව..

      Delete
  9. නිකං ඕකට ගියාට පස්සේ කංසා ගැගුව වගේ තියෙයි නේහ්...
    කියයුත්ත නිසිලෙස කියා ඇත.. ඉස්තරං ii වන විභීෂණ..

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. තැනක් යූ..විදානේ..

      ජය වේ...

      Delete
  10. කියන්නෙ මොනවාද තව බං ,,,,,,

    ReplyDelete
    Replies
    1. එක තමයි බන්...තව මොනවා කියන්නද?

      Delete
  11. අන්තිමට ඉතින් අයිස්චර්යයෙන් පාවෙලා යන්න පුළුවන් .... ෂෝයි නේද අයියෝ

    ReplyDelete
  12. අඩේ එහෙම එහෙකුත් හදලද බං.. මේ කියනකං දන්නෙවත් නෑ..

    අපිටත් දැන් තියෙන්නේ පාවි පාවි ඉන්න තමයි..

    ReplyDelete
    Replies
    1. අදාල විතරක් නෙවෙයි open කරලත් ඉවරයි මයේ හිතේ...
      ඔය තියෙන්නේ පාවී පාවී ඉන්න මරු පොළක්.

      Delete
  13. රුපියලත් පාවෙන එකේ ඕක මොකක්ද දෙවියෝ..

    ReplyDelete
    Replies
    1. රුපියල විතරද දේශ්...ගොඩක් දේවල් දැන් පාවී පාවී තමයි තියෙන්නේ....

      දැන් අලුතෙන් වුනේ පොළකුත් එකතු වෙච්ච එක.

      Delete
  14. මාත් දැන් පාවි පාවි ඉන්නෙ.ආස්චරිය නොවැ දෙයියො

    ReplyDelete
  15. වරාය ඇත. ප්ලේන් නැත.
    ගුවන් තොටුපල ඇත. නැව් නැත.
    නඩු ඇත. කුඩු නැත.
    පාවෙන රැපියල් ඇත. බඩුගන්න පොලවල් නැත. (ඇයි ඒවත් පාවෙලා ගිහින්නෙ)

    ReplyDelete
  16. දැන් නම් බඩුත් නැති වේගෙන යන්නේ...

    ReplyDelete

කමෙන්ට් කලාපය....