2017-12-30

2017

2017, විභීෂණ ට නම් අන්තිම අප්සට් අවුරුද්දක් විය.
පෞද්ගලිකව කලකිරෙන සිද්ධි දෙක තුනක් නිසා වෙන අවුරුදු වලට වඩා 2017 නිශ්ශබ්ද ව ඔහේ ගලා ගිය අවුරුද්දක් විය.

 
රිලැක්ස් ටයිම් එකෙන් වැඩි හරියක් බුකියේ කරක් ගැහුවාට බ්ලොග් වලට නම් ආවේම නැති ගාන ය.

වැඩට ගිහින් ගෙදර ආ ගමන් ගෙදර අයත් එක්ක පොඩ්ඩක් කතා බහ කරලා වොෂ් එකක් හෙම දාගෙන කෑම ටිකක් කාලා ඊට පස්සේ කරපු එකම වැඩේ ලැප ඕන කරගෙන බුකි ප්‍රොෆයිල් දෙකටම මාරුවෙන් මාරුවට ගොඩ වෙවී අනම් මනං පොස්ට් බල බල ශෙයා කර කර හිටපු එකය.

මේ දවස් වල නම් රියල් එකට ගොඩවෙන එක සම්පූර්ණයෙන්ම නවත්තලා අත ඇරලා දාලා තියෙන්නේ එකේ කිසි ආතල් එකක් නැති නිසා ය.

ඔය සේරම අතරේ ඉඳලා හිටලා පොඩි පොඩි බුකී වලි දෙක තුනකටත් සෙට් වුනා වගේ යාන්තමට මතකය.

ඉතින් මේ සේරම කලේ උදෙන් ඉඳන් වැඩ කරලා මහන්සිය කාන්සිය පොඩ්ඩක් අයින් කරගෙන පොඩි තාවකාලික ආතල් එකක් ගන්න ය.

බ්ලොග් වලින් ඈත් වෙලා හිටපු එකට නම් බොහොම කණගාටුය. එත් කරන්න දෙයක් නැත.

කොහොමත් ඉතින් 2018 විභීෂණ ගේ පැත්තෙන් කොහොම වෙයිද කියලා තාම නිශ්චිත නිරවුල් අදහසක් නැත. සිම්පල් වැඩ කීපයක් මිස ගොඩක් අයගෙන් අහන්න ලැබෙනවා වගේ ලොකු ලොකු බලාපොරොත්තු ,හීන, ACTION PLAN නැත. 

වැඩ කරන ෆීල්ඩ් එක පැත්තෙන් තව කෝස් එකක් (හෝ දෙකක්) කරන්න නම් ප්ලෑන් එකක් ඇත. ගොඩක් වෙලාවට ඒ වැඩේ නම් තියෙන්නේ ලබන අවුරුද්ද ඇතුලත කරගන්න පුළුවන් සයිස් එකෙන් ය.

හීන් සීරුවේ බුකිය අත ඇරලා ආපහු පාරක් බ්ලොග් වලට බහින්නට ආසාවක් ඇත. එත් ඒකට ඕන කරන නිදහස, වටපිටාව හැදෙයිද කියන එක ෂුවර් නැත. 
Environment එක ok නම් අනිවා විභීෂණ බ්ලොග් පොස්ටුවක් ලියනවා ඇත.

කොහම වුනත් 2017 ට වඩා 2018 දී පොඩි හරි වෙනසක් කරගෙන ඉස්සරහට යන්න තියෙන ආසාව ,ඕනෑකම නම් නැතිවෙලා නැත.

එහෙනම් මේ ලෑස්තිය මේ අවුරුද්දට බ්ලොග් වලින් යන්න ය.

මොකද කියනවානම් මේ අවුරුද්දට ලියන අන්තිම බ්ලොග් පොස්ටුව මේක වෙන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩිය.

ආපහු 2018 දී මීට වඩා බ්ලොග් පොස්ට් එක්ක හම්බවෙන්න බලාපොරොත්තුව ඇතුව එහෙනම් විභීෂණ සමුගන්නවාය.

හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා.



16 comments:

  1. 2018 වසරේ ඔබ සැලසුම් කරන අධ්‍යාපන කටයුතු එලෙසම සාර්ථක කරගන්න හැකිවේවා. උගතමනා ශිල්පයමැයි මතු රැකෙනා.

    ReplyDelete
    Replies
    1. තැනක් යූ මචෝ. තැනක් යූ.
      උඹ ටත් 2018 සැලසුම් කරලා තියෙන සේරම වැඩ කටයුතු සාර්ථක වෙන්න්න කියලා මම සුබ පතනවා.

      Delete
  2. ඔබේ අරමුණු ඉටුවේවා. අපිතත් ලබන අවුරුද්දේ ඔබගේ ලිපියක් දකින්න ලැබේවා.
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. 2018, ඔබටත් පවුලේ සැමටත් සියලු සිතුම් පැතුම් ඉටුවන නව වසරක් වේවා...

      Delete
  3. සුබ අලුත් අවුරුද්දක් වේවා...

    ReplyDelete
    Replies
    1. ඔබටත් සුබ අලුත් අවුරුද්දක් වේවා

      Delete
  4. එසේම වේවා! 2018 දී වත් මේ පැත්ත වැඩිපුර මතක් වේවා!

    ReplyDelete
    Replies
    1. එසේම වේවා....
      අනිවා ආපහු මෙහෙ එන්න ලොකු ඕනෑකමක් තියෙනවා...

      Delete
  5. සුබ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
  6. මොකක් හෝ එකක් වේවා!!!

    ReplyDelete
  7. ගියත් දහහතම උඹෙ පැතුමන් රැගෙන
    තවත් අලුත් වසරක් එයි සිහින ගෙන
    හෙටත් හැකි වෙලාවක බ්ලොග් ලොවට පැන
    යළිත් ලියනු හර බර දේ හැදිනගෙන....

    උදාවීමට නියමිත 2018 ට මගෙන් සුභ පැතුම්.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. තැනක් යූ මචෝ...
      අනිවා බ්ලොග් වලට ආපහු ගොඩවෙන්න ඕනා..

      අලුත් අවුරුද්දට මෙන්න මගෙනුත් උණුසුම් සුබ පැතුම්...

      Delete
  8. සුබ නව වසරක් !!!

    ReplyDelete

කමෙන්ට් කලාපය....