2016-12-04

අරුම පුදුම අසනීපය


පිස්සුවෙන් පටන් ගන්න
පිස්සුවෙන් ලියන

කාලයක් යන  කොට 
එපාවෙන
කම්මැලි හිතෙන
ලියන්න මොකුත් 
මතක් නොවෙන
ඒ වුනත්  ඉඳහිට 
ගොඩවෙලා ඇවිදලා බලන
අහල පහල එවුන්ටත් 
කතා කරන හිනාවෙන 
එත් මොකුත් 
නොකියා නොලියා
නිහඬ වෙන
හෙමීට මාරුවෙන

තවත් ටික කාලෙකින්
ටික ටික අපහු
පිස්සු තදවෙන
ආපහු ලොග් වෙන
මකුළු දැල් කඩන
දූවිලි පිහදාන
පිස්සුවෙන් පටන් ගන්න
පිස්සුවෙන් ලියන

හරි අමුතු හරි පුදුම
අසනීපයකි 
.
.
.
.
.
.
.
.
 
මේ මගේ
බ්ලොග් කෙරුවාව 

===================

ඊස් ඇට් කඩමින් මකුළු දැල් & පිහමින් දූවිලි ඉන් මයි විභීෂණ අඩවිය




37 comments:

  1. උබ ඉදලා හිටලා ලිව්වට උබ ලියන හැමදාකම අපි එනවා

    ReplyDelete
    Replies
    1. අහන්නත් සන්තෝසයි මෙන්ඩෝ.
      උඹ ඉතින් මුල හිටං ම මගේ බ්ලොග් මිත්‍රයෙක් නේ.

      Delete
  2. Replies
    1. අඩේ සාරසෝ, දැක්ක කල්

      Delete
  3. එල මටත් මේ දවස් වල ඒ ලෙඩේ තමා

    ReplyDelete
    Replies
    1. බෝවෙන් ලෙඩක් වගේ බන්

      Delete
  4. රටා මවලා පිස්සුවෙන් වගෙ හැදූ බ්ලොග ආසා ඇතී
    කොටා සිංහලේ අකුරු ගැලපූ උඹේ ලිපි බැලුවෙමි නිතී
    වටා මකුළුදැල් බැඳෙන්නට දී ඉන්නෙපා අරගෙන හතී
    ඉටා ගෙන යළි ලියනු දිගටම ලියන්නට තව බොහො ඇතී........

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. එසේමැයි එසේමැයි, අනිවා ලියමි.

      Delete
  5. එල.. ආපහු දිගටම ලියපං ..

    ReplyDelete
  6. කම්මැලියා
    නැගිටපිය
    ලියපිය

    ReplyDelete
    Replies
    1. මෙන්න මරනෝ....බේර ගනියෝ

      Delete
  7. උඹ කියනකොටයි මතක් වුනේ. මගේ බ්ලොග් එකත් පාලුවට ගිහින්. කඩන්ඩෝනෙ අදම මකුලු දැල්.

    ReplyDelete
    Replies
    1. කඩමු කඩමු..සුද්ද කරලා ගම්මු...

      Delete
  8. Replies
    1. එහෙනම් එච්චරයි...බොහොම සන්තෝසයි..

      Delete
  9. අපිත් ඔහොම තමයි... :(

    ReplyDelete
  10. මේං බලහං සුපුරුදු නමක් ඇවිල්ල! 
    ගෑණියෙක් ගත්තනං මකුලුදැල් කැඩිල්ලට වෙලාව නාස්තිවෙන්නෙ නෑ

    ReplyDelete
  11. ලියපන් ..නැත්නම් සර්ට කියනවා කෝල් එකක් දෙන්න කියලා...

    ReplyDelete
    Replies
    1. හා සර්..යස් සර්..ඔකේ සර්..

      Delete
  12. වෙල්කම් බෑක් කිව්වා

    ReplyDelete
  13. මමත් ඔහොමනේ ටිකක් නෙවෙයි අවුරුදු හතරක්ම වල් වැදෙන්න දීල බලන් උන්න.දැන් පිස්සුවෙන් වගෙ ලියනවා.

    ReplyDelete
  14. මාත් බ්ලොගේ දැකුළු මල් කඩන්න කියල කම්පනා කොලේ
    :-D

    ReplyDelete
    Replies
    1. වහාම.සුද්ධ කරපන්.........

      Delete
    2. කෝ කෝ ඉක්කන්ට ඉක්කන්ට

      Delete
  15. කාට කාටත් ඔහොම තමයි. හැබැයි ඉතින් නොලියා කොහොමැයි.

    ReplyDelete
  16. මටත් ඒ පිස්සුව තිබෙනවෝ

    ReplyDelete
    Replies
    1. එහෙනම් බෝවෙන ලෙඩක්

      Delete
  17. අපි එකම රෑනෙ කුරුල්ලො... අපි එකම රෑනෙ කුරුල්ලො..
    හුකෑස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්!!!!!!!!!!

    ReplyDelete

කමෙන්ට් කලාපය....