2016-11-13

හොල්මන් රටකට හොල්මන් අයවැයක් මිස ...

හොල්මන් කියන්නේ හදිසියේ මතුවෙලා ඔහේ වැනි වැනි පාවී පාවී ඉන්නා කොට්ටාශයක් ය. එවෙලේ තියෙන දෙයක් පස්සේ ඔහේ පාවී ගෙන ගහගෙන යනවා හැරෙන්නට පොඩි පහේ සද්දයක් දැමීම හැරෙන්නට වෙන වැඩක් ඇති යමක් කරන්න හොල්මනකට හැකියාවක් කල්පනාවක් නැත.



හොල්මන්දේශයක් කියන්නේ හොල්මන් ජීවත් වෙන රටකට ය.
ජීවත් වෙන සේරම දෙනා හොල්මන් නිසා ඒ දේශයේ මෙලෝ දෙයක් සිද්ධ වෙන්නේ නැත.
ඒ නිසාම හොල්මන් දේශයක මූසල බව , මුස්පේන්තු බව ඇරෙන්න වෙන කිසි දියුණුවක් දකින්න අහන්න ලැබෙන්නේ නැත.

මේ රට දැන් දශක ගානක් තිස්සේ සංවර්ධනය වෙමින්පවතින්නේද ඒ හින්දා ය.

සිරි ඉල්ලන්කාවේ ඉන්න අතිශය අතිශය අතිශය බහුතරය හොල්මන් ය.
උන්ට අරමුණක් නැත,රටක් විදියට යන්නේ කොහෙද, යන්න  ඕනේ කොහෙට ද ?, මේ යන විදියට ගිහින් නවතින්නේ කොහෙද?වගේ  රටක් විදියට මුහුණ දෙන්න වෙන ප්‍රශ්න ගැන මේ හොල්මන් දේශයේ එක බල්ලෙක් ට වත් වගේ වගක් නැත.
ප්‍රතිපත්ති කිසිම දෙයක් නැත. මිනිස්සුන්ට වගේ වගක් නැත.
හදිසියේ ඇතිවෙන රැල්ල කට ඔහේ ගහගෙන ගිහින් නවතින තැනක නවතිනවා ඇරෙන්න වෙන මේලෝකේ දෙයක් හිතින් හිතලා කරන්න මේ රටේ ජහමනයාට හැකියාවක් නැත.

එහෙව් රටක හොල්මන් අයවැයක් එන එක පඩයක් තරම් වත් ගණන් ගන්න ඕන දෙයක් නෙමේය.
රවියා නෙමේ සිරිසේන යි රනිලුයි මහින්දයි තුන්දෙනා ම එකට හිටගෙන කියෙව්වත්  ඔය අයවැය වලින් මේ රටට බලු බෙට්ටක් තරම් වත් දෙයක් ලැබෙන්නේ නැත. ඔය කියෝන සේරම වගන්ති නානා ප්‍රකාර ඩීල් වල ප්‍රතිඵල මිස වෙන කිසි ලබ්බක් නොවේය.
තව සමහර වගන්ති සුරඟන කතා කරලියට අදාළ ඒවාය. ලස්සනට ඇහෙනවා ඇරෙන්න කිසි දෙයක් නැත.
අයවැය කියෝන දවසට ආණ්ඩුවේ සැට් එක "මේක නම් මාර අයවැයක්"," සහන ගොඩක් තියෙනවා" වගේ බයිලාද, විපක්ෂයේ එවුන් "මේක අසාර්ථක අයවැයක්", "මිනිස්සු හූරන් කන අයවැයක්" වගේ බායිලාද කියන්නෝය.
අද වෙලා තියෙන වෙනස මේ බයිලා කියන පට්ටි දෙක පැති  මාරුකරගෙන ඉන්න එක විතරය.
උන් බයිලා කියන අතර උන්ගේ කානු කටවල් දිහා බලාගෙන ඉන්න අපි පහුවෙනිදා ඉඳන් අපේ ජීවන අරගලය කලින් වගේම ගෙනියන්නේය. මහජනයාගේ පුරුදු ජොබ් එක එකය. උන් ආතල් ගන්නේ ඔහේ හදිසියේ එන රැල්ලකට සැට් වෙලා ය.ඔහේ මොකෙක් හරි එකෙක් මොකක් හරි දෙයක් පටන් ගත්තාම ගොනා පිටිපස්සේ හරක් යන්නා වගේ පට්ටියම ගමන් කරන්නේ ය.

කාලයක් ආශ්චර්යරැල්ලට අහුවෙලා විනාශ  වෙච්ච රට ඒ නැවතිච්ච තැන ඉඳන් යහපාලන රැල්ලට අහුවෙලා විනාස වෙන්න්න පටන් අරන් ය.

ලස්සන වැඩේ කියන්නේ ඔක්කොම හොරු එක හැලියේ කැඳ බොන අතර  උන් හින්දා බෙදිච්චි අපි බඩට කැඳත් නැතුව මරා ගන්න එකය.
මුළු දේශපාලනයම එකම එක ඩීල් සාගරයක් වී ඇත.
තව අවුරුද්දකින් විතර යහපාලනේ කියන්නේ කොහේ හෝ බෝඩ් එහෙක තියෙන වචනයක් වන බව නම් ක්‍රිස්ටල් ක්ලියර් වගේ පැහැදිලිය. එදාට තියෙන්නෙත් සිරි-වික්‍රම පාලනය වුනත් ඒ ඩබලටත් එදා වෙනකොට යහපාලන වචනේ අමතක වෙලා ය. බල්ලෝ රට ගියත් රට බල්ලට යන එක නවතින්නේ නැත.

සිද්ධ වෙන එකම දේ නම් හදිසියේ රැළි ඇතිවීමත් ඒ රැල්ලට අහුවෙන මිනිස්සු කොහේ හෝ ටිකක් විතර වෙනස් තැනක ට ගොඩ ගහලා ආපහු පරණ තැන ඉඳන් පටන් ගන්න එකය. කිසිම වෙනසක් නැත. ආපහු ගහන්නේ පරණ තැටියම ය.
ඉතින් මේ වගේ මෙලෝ දෙයක් සිද්ධ වෙන්නේ නැති කිසිම දෙයක් කරන්නේ නැති ඔපපාතිකයෝ ඉන්න රටකඅයවැය විතරක් ජෙනුයින් වෙන්නයි, සමබර වෙන්නයි අරක වෙන්නයි මේක වෙන්නයි ඕනා නැත. එකත් ඔන්න ඔහේ මොකක් හරි වුනාට කමක්  නැත.

මේ රටේ  අද වෙනකන් ආපු හැම අයවැය කදීම වුනේ බලය ධනය තියෙන එවුන්ට ලොකු ලොකු හැඳි වලින් බෙදිච්චි එක සහ සාමන්‍ය මනුස්සයා ට කෙල වෙච්චි එකය.
ඒකට ආශ්චරියද යහපාලනයද කියලා වෙනසක් නැත. කෙලින එක පුක නැතිවෙන්නම කෙලිනවා ය.

එකෙක් මිනිස්සු කන කෑම වලට බදු ගහලා බලු කෑම වල බදු අයින් කළේය.
උගේ පුතාගේ බලු-කයේ එවුන්ට වාහන ගෙන්න ගන්න ඕන වුනාම වාහන වල බදු අඩු කළේය. උන්ගේ වැඩේ ඉවර වෙච්චි ගමන් ආපහු බදු ගැහුවේය.
ඊට පස්සේ ආපු එවුනුත් දෙවැනි නැත. කුට්ටිය හම්බෙන තැන්වලට , තමුන්ගේ සැට් එක ඉන්න තැන් වලට බදු අඩු අඩු කරලා ය. එහෙම නැති තැන් වලට අස්ප බදු ය.

ඒ හින්දා මේ රටේ අයවැය කියන්නේ පට්ට කෙබරයක් ය.
ඒ කොලකෑල්ල විග්‍රහ කරනවා කියන්නේ හරියට කොහොමත් ගඳ බෙට්ටේ ගඳ වර්ගීකරණය කරනවා වගේ මෙලෝ ම වැඩකට නැති දෙයක් ය.

අයවැය ගැන විභීෂණ ගේ අදහස ඔන්න ඔයාකාරය.




12 comments:

  1. කියෙව්වා ...අනේ මන්දා බන්
    ඉවාන් පොස්ට් එකක් ලියලද --හොරෙන්ම ඉස්සුවේ ඉවාන් පවුලුෂා ගේ බ්ලොගෙනි----මේක නිසා ඇහව්වෙ

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා කියා කියා ඉන්න නම් පුළුවන්. එත් එහෙම ඉඳලා හරියයි කියන්න බැහැ.
      ---
      ඉවාන් ගේ බෝගෙන් ඉස්සුවේ අර Comment Support ටික විතරයි.

      Delete
  2. Replies
    1. අයවැය අහනකොට නම් අපෙත් ඉස්සුනා ඇඟිල්ලක්. එත් උඹ ඔය උස්සන් ඉන්න ඇඟිල්ල නම් නෙමේ.

      Delete
  3. එකඟයි. ඡන්දයකින් පසු පාට ලාංඡන පමණක් වෙනස්වන රටක මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ විභියෝ.
    රටේ මැති ඇමතිවරුන් ගැන මට හිතෙන දේ මම අවසානයට ලියපු 'කැති ගැති ඇමති' කවි පෝස්ටුව බැලුවොත් දැනගන්න පුලුවන්.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. අන්න එකයි සත්‍ය තත්වය.

      Delete
  4. මට පුදුම විභී, තවම මේ මිනිස්සු යහතින් ලංකාවේ ඉන්න එක...ඒ ගැන විභීට මොකද හිතෙන්නේ...

    ReplyDelete
    Replies
    1. අපිත් පුදුමෙන් තමයි ඉන්නේ බන්.
      පුදුම වෙලා බය වෙලා බය බිරාන්ත වෙලා ඉන්නේ හිටං.

      Delete
  5. මේවා කියවනවට වඩා හොඳයි පොඩි උන්ගේ සුරංඟනා කතාවක් කියන එක.. ඒවා මීට වඩා රහයි... ෆ්‍රී හයි පයි දෙන්න ආපු උන් ඉන්ටර්නෙට් යනකොට 25% බද්දක් ගන්නවා..

    ReplyDelete
    Replies
    1. වෙබ් සයිට් තහනම් කළා නම් මීට සැපයි මාතේ.
      පුළුවන් පුළුවන් එවුන් මොකක් හරි ප්‍රොක්සි යක් අටෝගෙන එව්වා බලයි.
      එව්වා නොබලන එව්වෝ උන්ට කැමති එව්වා බලයි.

      මේ ටැක්ස් ගැහිල්ලෙන් වෙන්නේ ඉන්ටෙර්නෙට් එක සුපිරි පැලැන්තියට විතරක් අයිති වෙන එක.
      ----------
      ඇත්තම කිව්වොත් හැන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් ගේ කතා ලස්සනයි.

      Delete
  6. ඔය අයවැයෙන් කියලත් මහ දෙයක් වෙලා නැහැ බං...... මොකද තව තව වැඩි කරන ඒවා වැඩි වෙන්නේ අයවැයෙනුත් නෙමෙයි නේ බං...... ඒවා වෙන්නේ තව ඉස්සරහාට..... ඔකෙන් වෙන්නේ බදු ගැන කියන එක විතරයි........... ඒ නිසා ඕකට අයවැය නොකියා බදුඅය වගේ නමක් දැම්මානං හරි නේද??????

    ReplyDelete

කමෙන්ට් කලාපය....