2016-06-15

PET SCAN එකක් ගත්තා වගේ නෙමේ

දෙරණ සැට් එකයි තව තව ආයතන කීපෙකුයි මුළු ලංකාවේම මිනිස්සුයි එකතු වෙලා මහරගම පිළිකා රෝහලට රුපියල් වලින් කොටි විස්සක් වටිනා පෙට් ස්කෑන් යන්ත්‍රයක් ලබා ගන්න කරපු දීප ව්‍යාප්ත ආධාර එකතු කිරීමේ ව්‍යාපාරය සාර්ථක වුනාය කියන ඒ ඇහැ අගට සතුටු කඳුළු බිඳක් එක කරන ඒ නිවුස් එක පහුගිය දවස් ටිකේ කණට වැටුනේ ය.
දෙරණ කරන ගොඩක් දේවල් ගැන විවේචන තිබුනත් මේ වැඩේ ගැන නම් විභීෂණ එකෙන්ම දෙරණට රෙස්පෙක්ට් කරන්නේ ය.



දුප්පත් පෝසත් කම අනුව ලෙඩ රෝග පැමිණෙන්නේ වැළඳෙන්නේ නැත.
දුප්පත් පෝසත් කම අනුව කෙනෙක්ට වැළඳුනු පිලිකාවක භයානක කම තීරණය වෙන්නේ ද නැත.
එත් පිළිකාවක් වැළඳුනු කෙනෙක් තව කොච්චර කල් ජීවත් වෙනවා ද නැද්ද යන්න බව පමණක් එක්තරා දුරකට ඒ පුද්ගලයාගේ දුප්පත් පෝසත් කම මත රඳා පවතින්නේය.

ලෝකෙන්ම උතුම් රට කියලා උදේ හවා මතුර මතුර ඉන්න මේ රටේ තාමත් ඉතා සුළුතරය කට හැරෙන්න බහුතරයකට ප්‍රයිවට් හොස්පිටල් දිහා හැරිලා බලන්නවත් තරම් වත්කමක් නැත. ඒ අතරින් සමහරුන්ට ආණ්ඩුවේ ඉස්පිරිතාලෙන් දෙන බෙහෙත් තුණ්ඩුව පාමසියෙන් ගන්න තරම් වත් හැකියාවක් නැත.

සෞඛ්‍ය ඇමති වරු වගේ ලොකු ලොකු කෙරුම් කාරයින්ට  හදිස්සියකට ගිහින් එන්න පිටරටවල් වල ඉස්පිරිතාල තිබ්බාට උන්ට ඡන්දේ දීපු , ඡන්දේ දීලා ඔය තැන් වලට යවාපු  අපි එකෙක් ටවත් ඒ වරම නැත.

ඉතින් ඒ වගේ රටක ඉන්න තමුන්ට පිළිකාවක් හැදුනොතින් එහෙම පෙට් ස්කෑන් එකක් කරගන්නවා කියන්නේ සාමාන්‍ය මිනිහාට නම් හීනයක් විතරය.

අම්මකුට තාත්තෙකුට දරුවෙක් ද, දරුවෙකුට අම්මෙක් හෝ තාත්තෙක් ද , තවත් සමහරුන්ට අයියෙක්, එකක් හෝ නංගියෙක් මල්ලියෙක් අහිමි වන්නේ මෙන්න මේ හීනය හැබෑ  කරගන්න බැරිවෙනකොටය.
ඒ හැබෑ කරගන්න හිතනවත් බැරි හීනේ හැබෑ කරගන්න දෙරණ යි ඒ අනිත් ආයතනයි එකතුවෙලා රටම අවදි කරපු ඒ පින්වන්ත වෑයම රටක් විදියට සහ අර කලින් කියපු සාමාන්‍ය ජනතාව කියන ගොඩට වැටෙන අපි ඉතා සිතින් අගය කල යුතුය.

කොහොමෙන් කොහොම හරි සම්මාදම් වෙච්ච හැමෝටම පිං සිද්ධ වෙන්න්න කියලා පෙට් ස්කෑන් එක ට ඕන කරන ගාන හොයාගෙන අහවරය.
තව ටික දවසකින් මහරගම ඉස්පිරිතාලෙට ඔය කියන මැෂින් රාජයා කොහේ හෝ රට සිට වඩිනවා ඇත.
පිළිකා වලින් දුක් විඳින අයට වගේම පිළිකා වල මුල් අවධිවල ඉන්න අයටත් තව එක දවසක් හරි වැඩිපුර මේ ලෝකේ ජීවත් වෙන්න ඔය කියන මැෂින් රාජයා පිහිට වෙනු ඇත.

එත් විභීෂණ ට පෙනුණු එක ප්‍රශ්නයක් ඇත.
ඒ කියන්නේ ඔය කියන මැෂිම ගේන්නේ ආණ්ඩුවේ ඉස්පිරිතාලෙකට ය.
එත් ඔය ආණ්ඩුවේ ඉස්පිරිතාල වල සෞඛ්‍ය සේවේ ඉන්න බහුතරේ යක්ෂයින් ය. මීට අවුරුදු දෙහෙකට විතර කලින් ආණ්ඩුවේ තියෙන්නේ යක්ෂ සවුක්කියක් කියලා කිව්වේ අන්න ඒ නිසා ය.උන් දන්නේ ලෙඩුන්ගේ ලේ උරා බොන්න ය ලෙඩ්ඩුන්ව පන පිටින් මරන්න ය.
ඔතනදී දොස්තරද, නර්ස් ද ඇටෙන්ඩන්ට් ද සුළු සේවකයා ද කියලා වෙනසක් නැත.
හැමෝම තමුන්ගේ රස්සාවට ගැලපෙන විදියට ලේ උරා බොන වැඩේ ජයටම කරගෙන යන්නේය.

පඩියයි, අර දීමනායි මේ දීමනායි පැන්ෂන් එකයි සේරම කොටා ගන්න මේ හැතිකරේ පොඩ්ඩ එහා මෙහා වෙනකොට වැඩ වර්ජන කරන්නේ තමුන් යක්ෂයින් මිස කිසිදා මිනිස්සු නොවන බව ඔප්පු කරන්න වගෙය.
උන්ට ලෙඩෙක්ගේ ජීවිතය පයිසයක් වටින්නේ නැත.
මිනිස්සු කොච්චර බෙහෙත් නැතුව මළත් උන්ගේ රෙද්දේ වෘත්තීය අයිතිවාසිකම් රැකෙනකන් උන් බෙහෙත් දෙන්නේ නැත.
කොටින්ම තමුන්ගේ ලාබාහය වෙනුවෙන් මිනීමරන මිනීමරුවන් ය.

ඉතින් ඒ විදියට බලපුවාම රටෙ මිනිස්සුන්ගේ සල්ලිවලින් අමාරුවෙන් ගත්තු පෙට් ස්කෑන් එකත් කවද හරි දවසක මේ වගේ යක්ෂ සේනාවක වැඩ වර්ජනයක් හින්දා නතර කරන වුනොත් සහ ඒ හින්දා අසරණ මනුස්සයෙකුගේ ජීවිතයට තරජනයක් වුනොත් මොකද කරන්නේ කියලා අනිවා ප්‍රශ්නයක් මතු  වෙන්නේය.

සම්මාදම් වැඩේට තඹ දොයිතුවකින් වත් උදව් නොකරපු දේශපාලුවෝ එක බල්ලෙක්වත්පෙට් ස්කෑන් එක ඕපන් කරන දවසට ඉස්පිරිතාලේ හතරමායිමේ පස් පාගන්න නොදිය යුතුය කියලා මේ දවස්වල බුකියේ  සෑහෙන බරපතල කැම්පේන් එකක් යනවා විභීෂණ ටදකින්න ලැබුනේය.

ඉතින් ඒ චැලේන්ජ් එක වගේම විභීෂණ කරන යෝජනාව වෙන්නේ පෙට් ස්කෑන් යන්තරේ අයිතිකාරයින්ට ටත් පෙට් ස්කෑන් එකත් එක්ක සෙල්ලම් කරන්න බැරිවෙන්න ත් මොකක්හෝ දෙයක් කරන්න ඕනය කියලාය.

එක්කෝ ඔය මැෂිම ක්‍රියාකරවන එකා රටේ මිනිස්සු වෙනුවෙන් සේවයක් කරනවා කියලා හිතා ගෙන ඒ වැඩේ හරියට කරන්න ඕනය. ඌ එක දන්නේ නැත්තන් එක උගන්නන්න උවමනාය.

එහෙම නැත්තම් ඔය මැෂිම අරන් දීපු අපි ඉදිරිපත් වෙලා ඕක රට වෙනුවෙන් රැක ගන්න ඕනය. එක ගස් බල්ලෙකුට්වත් ඔය මැෂිමට කෙලින්න, එකේ වැඩ නතර කරවන්න දෙන්න නරකය.
එහෙම කරන එකෙක්ව හරි දැක්කොත් සෙරෙප්පුවකින් හරි දමලා ගහන්න අපි නිර්භීත විය යුතුය.

එහෙම නැත්තන් වෙන්නනේ මේ යක්ෂ සේනාව ඉස්ට්‍රයික් කරන කරන දවසට පෙට් ස්කෑන් එකත් ක්‍රියා විරහිත වීමය.එක ක්‍රියා විරහිත වුනොත් සහ පාවිච්චි නොකලොත් සහ ඒ හේතු හින්දා මනුස්සයෙක් මළොත් එහෙම කෝටි  විස්සක් දීලා ඔය ජාතියේ මැෂින් ගෙන්නලා වැඩක් නැත.

ඒ හින්දා අපේ සල්ලි වලින් අපේ ඉස්පිරිතාලෙට අරන් දීපු පෙට් ස්කෑන් එක එක එකා ට ඕනවිදියට  පිස්සු කෙලින ඉඩ නොදිය යුතය.
අපේ සල්ල්ලිවලින් ගත්ත භාණ්ඩේ අපි රැක ගත යුතුය. ඒ වෙන මොකක්වත් නිසා නොව අපිට පිහිට අපි පමණක්ම නිසා ය.

අදට ඇති වගේ..
ගොහින් එන්නම්...










39 comments:

  1. දුම් යන්න ඕනෙ අයට යන්න ලස්සණට ලියලා තියනවා. ජනතාව සම්මාදම් වෙලා ඕක අරන් දුන්නත් ඕකෙන් සේවය ගන්න යන ජනතාවට කාර්ය මණ්ඩල වල ගනන් බලන්න වුනොත් තමයි දුක.

    ReplyDelete
    Replies
    1. දුක් වෙලා හරියන්නේ නැහැ බන්. මුන්ට සෙරෙප්පුවකින් හරි ගහන්න ඕන. එකෙක් දෙන්නෙක් ගහන්න පටන් ගත්තාම ඔක්කොම හරි යයි. උන්ව බේරන්න එන එවුන්ටත් එම සත්කාරයම කරන්න ඕන.

      Delete
  2. ඔන්න බලහන් මචෝ.. විවුර්ත කරන දවසට අතිගරු ඩයල් එකක් එනහැටි. නොදකින් බන් ලංකාවේ දේශපාලනේ. පෙට් මැෂින් එකට කොටි 20 ඕන බව දැන දැන කෝටි 115 වියදම් කරලා මුන්ට කාර් ඕනලු. මුන්ට රජේ නෙමෙයි බන් පෞද්ගලික රෝහලකින්වත් මුන්ට මැරෙන්ට ගියත් බෙහෙත් දෙන්ට හොඳ නැහැ. ඒත් මේ මොන වැල් බයිල අපි ගැහුවත් බන් ලබන සැරේ පාර්ලිමේන්තුවට කතිරෙ ගහල මුන් යවන්නෙත් අපිම තමයි හිටන්..!! 😡

    ReplyDelete
  3. // අපේ සරණ අපිම පමණි// ඒ නිසා මේ යන්ත්‍රය පමණක් නොව අනෙක් යන්ත්‍රද පොදු දේපලය. අපි ඒවාද සේවකයින්ද රැක ගත යුතුවෙමු.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම ඒ දේ කරන්න ඕනා.
      මහලොකු නිලධාරීන්ට ඒ දේවල් උගන්නන්නත් ඕන..

      Delete
  4. මසුරං කතාව.. අපේ කට්ටිය ඔකෙන් ටෙස්ට් එකක් කරන්න එන රෝගියෙක්ගෙන් අනිවා ගානක් කඩාගන්නව

    ReplyDelete
    Replies
    1. වෙඩි තියන්න ඕන ඒ වගේ එවුන්ට..

      Delete
  5. පොල්ලෙන් ගැහුවා වගේ සහතික ඇත්ත..ඕකෙන් ටෙස්ට් කරන්න පෝලිමක් හැදුනම ලිස්ට් එකේ උඩට නම දන්න ගාන කපන කක්කොද දුලබ නොවෙයි

    ReplyDelete
    Replies
    1. ලෝකෙන් උතුම්ම රටේ මිනිස්සුන්ගේ උතුම් ගති ගුණ තමයි ඕවා...

      Delete
  6. ඇයි දැන් පිළිකා රෝහලේ (සහ අනෙකුත් රජයේ රෝහල්) වල තියන උපකරණ අපේ සල්ලි නෙවෙයිද? එවායේ රැකියා කරන අයට ගෙවන්නේ අපේ බදු මුදල් වලින් නෙවෙයිද? (ඇත්තට ම නෑ නොවෙන්නං, ඒවා අපේ දරුවන්ට ගෙවන්න තියන ණයනේ) ඒ නිසා වැරැද්දක් දුටු තැන කට පියාන ඉන්න එපා, අඩු ගණනේ ලංකාවේ 5% වැරැද්ද දුටු තැන එයට විරුද්ධව කතා කරනවනම් ඔය කෙලි සේරම ඉවරවෙනවා.
    මගේ යුතුකමක් වශයෙන් ඊයේ පාරේ මාර්ග නීති කඩාගෙන යන්න ආව හාමුදුරු තගෙකුට සහ පොලිස් කාරයෙකුට අමුවට බැන්නා, අපූරුවට තුස්නිම්බූත වෙලා නිශ්ශබ්ධවුනා, ආයේ ඒ වරදවල් කරන්න ඉස්සර චකිතයක් හරි එයි. වැරදි කරන අයට වරද පෙන්වන්න / බනින්න බයවෙන්න එපා.

    ReplyDelete
    Replies
    1. සුද්ධ සිංහලෙන් එකෙක් දෙන්නෙක් ගේ ජාතකේ එක්ක අමතුවානම් ටික කලක් යනකොට ගොඩක් දුරට ලෙඩේ සනීප වෙනවා...

      Delete
    2. රජයේ සියල්ල ඩිරෙක්ට් හා ඉන්ඩිරෙක්ට් බදුවලින් අපි තමයි ගෙවන්නෙ

      Delete
  7. ඇත්ත අගය කළ යුතු වැඩක්....
    විභීෂණට ඇති උණු ප්‍රශ්නේ මටත් තිබුනා... මට තියන අනිත් ප්‍රශ්නෙ තමයි පිළිකා රෝහල අයිති රජේට... එහෙනම් කෝටි 20 ක් දීලා පෙට්ස්කෑනරේ ගන්නැතුව ඇයි මේ මිනිස්සු තමන්ට කෝටි ගානක් වියදම් කරලා වාහන ගේන්න හදන්නේ..... එක සත පහකින් ආධාර නොකරපු ඔය ගෞරවනීය අයට පැත්ත පලාතේ එන්න දෙන්න හොඳ නෑ....

    ReplyDelete
    Replies
    1. මමත් එහෙමයි කියන්නේ.

      අර අපේ පොල්කිචි ජෝඩුවගේ කතා පෙට්ටගමේ පොස්ටුවේවගේ ෆ්‍රී ශෝ එකක් ඔගනයිස් කල නම් ගොඩක් දුරට සාර්ථක වෙයි .

      Delete
  8. රජයෙන් කරන්න ඕන දේවල් රජයෙන් නොකෙරෙනව නම් අමාරුවෙන් මිනිස්සු එකතු වෙලා කරන දේවල් වලට දේශපාලුවෝ එකතු වෙන්න ඕනම නෑ.
    ලංකාවට දැන් රජයක් ඕනම නෑ කියන එක ගං වතුරෙනුයි, මේ වැඩෙනුයි ඔප්පු වෙලා ඉවරයි.

    ReplyDelete
    Replies
    1. දිනේෂ් ගේ කතාව එක්ක සම්පූර්ණයෙන් ම එකඟයි.

      මේ අවස්තාවාදී හැත්ත , ඉස්පිරිතාලේ වත්ත හතරමායිමට වැද්ද ගන්න හොඳ නැහැ.

      Delete
  9. ඩියුටි ෆ්‍රී කාර් ගෙන්නනවා මේ මැෂින් එකට ඩියුටි ගහනවා. සනීපයි නේද?

    ReplyDelete
    Replies
    1. අම්මට හුඩු..

      සනීපද කියලත් අහනවා..

      පට සැපක් බන් තියෙන්නේ ...

      Delete
  10. ඇණය කියල තියෙනව වගේ ඔය හැම ඉස්පිරිතාලෙක තියෙන බෙහෙත් පෙත්තක් පවා සාමාන්‍ය මිනිස්සුන්ගෙ බදු සල්ලි වලින් ගෙනාපුව මිසක් වෙන කාගෙවත් නෙමෙයි. ඉතිං ඒ හැම දෙයක් ගැනම ප්‍රශ්න කරන්න මිනිස්සුන්ට අයිතියක් තියෙනව.

    ReplyDelete
    Replies
    1. ඒ වුනාට බන් අපි ඔය ටික දෙනෙක් ඔහොම හිතුවට ඔය ගම පළාත් වල ඉන්න ගොඩක් එවුන් හිතන් ඉන්නේ එව්වා මේ දොස්තර ලා, මන්ත්‍රීලා ගෙවල් වලින් ගෙනැත් දෙන එව්වා කියලා නේ.

      එකනේ කර බාගෙන ඉන්නේ..

      Delete
  11. දේශපාළුවෝ ගෙන්නන්න නරකයි, ඒත් වෙල්ගම ලොක්කා ආවොත් විරුද්ධ වෙන්න පුළුවන්ද, ඌට දෙරණේ මොකක්ද සම්බන්ධයක් තියෙනවා නේද...

    දේශපාලුවන්ගේ වාහන කෙරුවාව ගැන කතා කරනවානම්අ, ප්‍රේල් මාසෙදීම සල්ලි වෙන් කරලා ඉවරයි උන්ගේ වාහන වලට...
    ගෙන්නන්න විතරයි ඉතුරු වෙලා තියෙන්නේ...

    පෙට් ස්කෑන් එක ගෙනත් පොඩ්ඩක් උණුහුම අඩු උනාම ලස්සනට ඒ ටික ලංකාවට එයි හැමෝටම හොරෙන්...

    ReplyDelete
    Replies
    1. මොකා වුනත් ගෙන්නන්න ඕන නැහැ. එච්චරයි.

      -----
      වාහන ටික නැතුව කොහොමද බන් ජනතා සේවේ කරන්නේ.

      මන්ත්‍රී ලාට ඇමති ලාට අංශභාගේ හැදුනොත් කවුද කියහන් බල කියා ගන්නේ.

      Delete
  12. පෙට් ඉස්කෑන් නෙමෙයි බන්. ඉස්පිටිතාලේ තියෙන ඔක්කෝම බඩු අපේ. ඒ විතරක් මෙමෙයි ඩොකාගේ පටන් හැම එකාම ජීවත් වෙන්නෙත් අපෙන්.

    ReplyDelete
    Replies
    1. ඇත්ත ඇත්ත බන්...
      ඕක අපිට දැනෙන්නේ නැති එකනේ මෙතන තියෙන ප්‍රශ්නේ.

      Delete
  13. කූල් ඩවුන් පුතා, මේ සිරි බර සිරි ලංකාව ...

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා.

      අපි නොදන්නා සිරි බර..

      Delete
  14. ඇත්ත විභී.... මම එකගයි ලිපියේ ලියා තියෙන හැමදේටම. ඒ වගේම තමයි දිනේශ් කියනවා වගේ රජයෙන් කරන්න ඕන දේවල් දැන් දැන් මිනිස්සුම කරගන්නවා. ආයිත් ඔය වැඩේට මොකටද රට කරවන උන්.
    මේ රෝහල්වලත් වැඩිපුරම ඉන්නේ මිනිස්සු නෙමෙයි, වනසත්තු. එහෙම කියලත් මදි.

    ජයවේවා !!!

    ReplyDelete
    Replies
    1. සමාරම්බක උත්සවය පිලිබද තවමත් සාකච්චා කරමින් ඉන්න බව ආරන්ච්යි. ඒ වගේම බොහෝ දුරට ආන්ඩුව සම්බන්ද කරගැනීමට සිදුවනු ඇති බවත් දැනගන්නට ලැබුනා.
      ජයවේවා!!!

      Delete
    2. ආණ්ඩුවක් නම් ඕනෑම නැහැ.
      සයිබරෙයි, චැනල් ටිකයි තිබ්බනම් රට ගෙනියන්න පුළුවන් මීට වඩා හොඳට.

      Delete
  15. ආණ්ඩුවේ තියෙන්නේ යක්‍ෂ සවුක්කියක් නමුත් යහපත් මිනිස්සුත් ඉන්නවා යම් ප්‍රමාණයක් , ඒක මම ඇස් දෙකෙන් දුටුවා

    ReplyDelete
    Replies
    1. ඔබ පමණක් නොව මාත් ඇස දෙකෙන්ම දැක ඇත.
      එවන් මිනිසුන්ගෙන් ප්‍රතිකාර ලැබීමට තරම් වාසනාවන්ත ද වී ඇත.

      Delete
  16. තව කෙනෙක්ගේ දුක දන්නේ දුක විඳපු උන්ම විතරයි බන්, උඹ කිව්වා වගේ අපිට පිහිට අපිම විතරයි.

    ReplyDelete
  17. කාලින මාතෘකාවකට කාලින ලියවිල්ලක් .. හඳුනන අයට පෝලිම් පැන පෙට් ස්කෑන් සහ අන්ත දුප්පත් ලෙඩුන්ට කුඩම්මාගේ සැලකිලි ලැබෙන එක ඉතින් අපේ කට්ටියගේ සාමාන්‍ය ක්‍රමේ නේ.. සමහර විට ඔය මූලික වෙච්ච මොහොමඩ් මහතාගේ නදයින්ටම ඕක අත්විඳින්න ලැබෙන්න බැරි නැහැ.. හොඳ පොස්ට් එකක් ජයවේවා !!!

    ReplyDelete
  18. නියමයි ලිපිය !

    ReplyDelete

කමෙන්ට් කලාපය....