2016-06-11

ඒකාබද්ධ හූනියමේ පිහිටෙන් රවී කරුණානායක ස්ථාවර විය.

කිසිදා නොසිතු විදියට උන් හිටි ගමන් බලය අහිමිවීම නිසා වික්ෂිප්ත භාවයට , උම්මත්තක භාවයට පත්වී සිටින ඒකාබද්ධ හුනියමේ මල පෙරේත රංචුව ට අවුරුදු එකහමාරක් ගිහිනුත් තාමත් පියවි සිහියට පැමිණ නැත. තාමත් හිතන් ඉන්නේ 2015ආණ්ඩු පෙරලිය අත්වැරැද්දකින් සිද්ධ වෙච්ච එකක් ය, තාමත් උන්ගේ ඒ හිකනලු රංචුව ට රටේ බහුතර බලය තියෙනවා ය ,උන්ට මේ ආණ්ඩුව උන්ට පෙරලන්න පුළුවන් කියලා ය. ඒ හීන හැබෑවෙන්න  තව කල් තියෙන බවත් , ඒ මේ කපේ දී නම් නොවන බවත්  උන් නොදන්නවා වුනාට රටේ මිනිස්සු හොඳ හැටි දන්නවා ය.
කෙක්කෙන් හරි කොක්කෙන් හරි , හොඳින් බැරිනම් නරකින් හරි ආණ්ඩු බලය ආපහු අරගෙන කලින් කරගෙන හාපු තුප්පහි වැඩ සක්කිලි වැඩ සේරම ආපහු කරගෙන යන්නය.
ඉතින් මේ සිහි විකල් රංචුව ඒ සිහිවිකල් භාවය නිසාම තමුන් කරන කරන වැඩේ නා  ගන්නවා ය. නා  ගත්තා විතරක් නම් කමක් නැත . ආණ්ඩුවට කෙලින්නය කියලා කරන කියන දේවල් වලින් ආණ්ඩුවට හොඳ හැටි ප්ලස් මාක්ස් ද ලැබෙනවා ය.

ආණ්ඩුවට විරුද්ධව කතා කරන්න නම් මුලින්ම පියවි සිහියට පැමිණිය යුතුය.මුලින්ම තමුන්ගේ අත්  පිරිසිඳු කරගෙන සිටිය යුතුය. එහෙම බැරි නම් තමුන්ට වඩා ආණ්ඩුවේ අත් කිලිටි වෙනකම් හරි සිටිය යුතුය.

එහෙම ඉඳලා කරන්න ඕන දේ මොකක්ද නැත්තේ මොකක්ද කියලා ත් කරන්න ඕන දේ කරන්නන හොඳම වෙලාව මොකක්ද කිය්ලත් සිහි බුද්ධියෙන් කල්පනා කල යුතුය.
කල් යල් බලා ගේම ගැසිය යුතුය. වාචාල කටවල් වලින් නොව මොළෙන් ගේම ගැසිය යුතුය.
හැබැයි ඉතින් මේ වැඩේ හිතන තරම් ඉක්මනින් වෙන්නේ නැත. ඒ වෙන මොකක්වත් නිසා නොව තාමත් මේ ඒකාබද්ධ හූනියමේ තියෙන්නේ සක්කිලිවාචාල කටවල් ටිකක් විතරක් ම වීම නිසා ය.

හරියට ගානක්වත් හදාගන්න( ඒ කියන්නේ දෙක දෙකෙන් බෙදා ගන්න  , එහෙම නැත්තන් දෙදාස් දාසයෙන් එකදාස් නමසිය විසි දෙක අඩුකර ගන්න  )  පුළුවන් තරමේ වත් ,  අඩු ගානේ අට පාස් වෙන්න පුළුවන් සයිස් මොල්‍යක්වත් මේ රංචුවේ පෙන මානයක වත් නැත.

ඉන්න මුදල් ඇමතිට විරුද්ධව විශ්වාස භංග ගෙන වෙලාවේ හිටපු මුදල් ඇමතියා රටේ නැත. ජපානෙට පැන ගොහින් ය.අඩුම ගානේ මිනිහා මේ විශ්වාස භංගේ ට අත්සන් කරලා ත් නැත. මිනිහගේ පුතත් තාත්තාගේ අඩිපාරේ ගොහින් ය.
විශ්වාසභංගය ගැන ඇට රත්වෙන්කම් කෑ  ගහන්නේ  ආර්ථික විද්‍යා ටියුෂන් කාරයෙක් ය.රටේ ආර්ථිකෙ කියන්නේ ගණිකාවක් ව්දියට සලකලා දකින දකින එකාට කෙලින්න චාන්ස් එක දීපු , රටේ මිනිස්සු හිඟන්නෝ ගානට සලකලා දෙදාස් පන්සියෙන් මාසයක් ජීවත් වෙන්න පුළුවන් කියපු එකා එකා අද ආර්ථිකයේ මහා ලොකු මෙව්වා එකක් ගැන කතා කරනවා ය. ඌට සපෝට් එකට ඉන්නේ වේලිච්ච වට්ටක්කා ගැටයක් ය. තව  පැත්තකින් ඉන්නේ රටේම ඉඩම් හොරකම් කරපු එකෙක් ය.තව පැත්තක  නිවාස සංවර්ධන අධිකාරිය සුන්නත්දූලි කරපු එකෙක්ය.
රටේ මුදල් ඇමතිට විරුද්ධව විශ්වාස භංගයක් ගෙන සැට් එකේ පැටිකිරිය එසේය.

ඒ නිසා මුන්ගේ මේ ආණ්ඩුව පෙරලෙයි කියලා දකින හීන හැබෑවෙන්න තව ගොඩාක් කල් යන බව සහ තව ටිකක් රෑ වෙන බව නම්  නොකියා ම බැරිය.

හරි නම් විශ්වාස භංග ගෙන්න ඕනා තව අවුරුද්දක් වත් කල් ගිහින් ය . ඒ කියන්නේ තමුන්ට ට හිතෙන හිතෙන විදියට රටේ මිනිස්සුන්ට  බදු ගහන මේ මුදල් ඇමතිවරයා, එහෙම නැත්තන් අගමැති වරයා එපා වෙච්ච දවසටය.

එත් ඒකාබද්ධ හූනියමේ එවුන්ට එච්චර කල් ඉවසන්න බැරිය.
එහෙම ඉවසන්න ඕන කියලා තේරෙන්නෙත් නැත.
ඇහැරිච්ච ගමන්ම කට හෝදන්නත් කලින් විශ්වාස භංගයක් ගෙනාවේ ඒ නිසා ය.
කෙලවුනත් ඒ නිසා ය,.

මුන්ට මිනිස්සුන්ගේ හඬට කන්දෙන්න හැකියාවක් ද නැත.මිනිස්සුන්ගේ ඕන එපාකම් තේරෙන්නෙත් නැත. ඇත්තම කිව්වොත් එහෙම කන්දීලා තේරුම් අරගෙන පුරුද්දක් ද නැත. අවුරුදු දහයක් එක හුස්මට මහදවල් හොරාකෑවා මිසක් රටේ මිනිස්සුන්ගේ ඕනා එපාකම් පඩේ කට මායිම් කලේ නැත.

රටේ ජන මතය අපි එක්ක ය. බහුතරය අපි ය. මිනිස්සුත් එක්ක ඉන්නේ අපිය කියලා මහා ලොකුවට මීඩියා ඇතුලේ බෙරිහන් දුන්නා ට ඔය එක හිපියෙක්වත් ගංවතුර වෙලාවේ එලියට බැස්සේ නැත.
ගංවතුර ඇවිත් සතියකට එකහමාරකට විතර පස්සේ එකෙක් ඇවිත් පොඩි එවුන්ට ටොපි බෙදා අතුරුදහන් විය. තව එකෙක් අවතැන් වෙච්ච එවුන්ගේ කඳවුරකට මූණ පෙන්නලා අතුරුදහන් විය.
මහලොකු ජනතා නියෝජිතයෝ, දේශප්‍රේමියෝ එදා හැසිරුනේ එහෙමය.
මුන්ට මිනිස්සුන්ගේ හඬ එදා ඇහුනේ නැත. රටේ මිනිස්සුන්ගේ අවාසනාවට  අදත් ඇහෙන්නේ නැත.

මුන්ට ඕනා මොන මගුලක් හරි කරලා ආණ්ඩුවට කෙලවන්න ය.එහෙම කෙලොලා ඇමතිකම් ටිකක් අරගෙන රටට කෙලවන්න ය. ඒ එච්චරම ය. එච්චරම ය.

ආණ්ඩුවේ කවුරු හරි මොකක්හරි වැරද්දක් කරනකන් මුන් බලන් ඉන්නේ ඒ නිසා ය.
එහෙම මොකක්හරි කුණක් හොයාගෙන දවස් ගානක් මීඩියා ඇතුලේ පට්ට ගහන එක ඇරෙන්න දැන් මුන් කරන වෙන කිසිම දෙයක් නැත. පාඨලී ගේ ඇක්සිඩන්ට් එක හිට් වුනේ ඒ නිසා ය. විජිත හේරත් ගේ ඇක්සිඩන්ට් එක හිට් වුනේ ඒ නිසා ය. රවී කරුණානායක සම්බන්ධයෙන් වුනත් ඒ ටිකම ය.
එත් ඒ හැම එකකම ප්‍රතිඵලය එකම ය. එනම්ඒකාබද්ධ හූනියම කිච වීමය .


මහලොකු විශ්වාස භංග බඩකඩේත්තුවක් ගෙනැත් හිටං එක පට්ට කුජීත විදියට පැරදිලත් හිටං ආපහු පාරක් පොර ටෝක් දෙන්න හදන ඒකාබද්ධ හූනියමේ සක්කිලි හැත්ත ගේ ටහිකෙන තදියම හින්දා අන්තිමේදී වුනේ ආර්ථිකේ හදන්න ය  කියලා උදේට නැගිටලා දකින දකින දේට බදු ගහන්න පටන් අරගෙන  එල්ලෙන්න පිදුරු ගහක්වත් නැතුව හතර අතින්ම කුණු බැනුම් අහ අහ හිටපු රවී කරුණානායක ට  එල්ලෙන්න විතරක් නොව පාවී පාවී පිනුම් ගහන්නත් පුළුවන් ජාතියෙ ලයිෆ් ජැකට් පැකේජ් එකක් පැකින් පිටින්ම ලැබීමය.
දැන් රවී ට තමුන්ව මාකට් කරගන්න පුළුවන් අලුත් මාකටින් පොයින්ට් එකක් නොමිලේම ලැබී ඇත. ලැබී ඇත නොව ඒකාබද්ධ හූනියම විසින් තමුන්ගේ අතේ වියදමින් ලබා දී ඇත.

ඒ කියන්නේ ඊළඟ කැබිනට් චේන්ජ් එකක් වුනොත්  එකෙත් මුදල් ඇමතිකම කරදරයක් නැතුව අල්ලගන්න "මම අර විශ්වාස භංගෙනුත් දින්නා හිටං " කියලා කියන්න පුළුවන් ලස්සන මාකටින් පොයින්ට් එකක් රවී ට දැන් ලැබී ඇත.
හතර අතින් බැනුම් අහලා කුජීත වෙලා හිටපු එකා දැන් ඉතින් ඉස්සරහට රටේ මිනිස්සු කොහොම බැන්නත් පයිසෙකට ගණන් ගන්නේ නැත. එක නම් ෂුවර් ය.රනිල් මෛත්‍රී ඩබල බැන්නත් ගන්න ගනීද කියන එක නම් පූර්ණ වශයෙන් සැක  සහිත ය.

ඒ කියන්නේ මේ විශ්වාස භංගෙ න් පස්සේ රවී ගේ ක්‍රියාකලාපය කොයි අතට කැරකෙයි ද කියන එක බොහොම සැක සහිතය.
හොඳ අතට කැරකුනොත් හොඳය. එත් නරක අතට කැරකුනොත් නම් අද බඩට තද කරන ඉන්න පටිය එදාට බෙල්ලට තද කරන් පරලෝ සැපත් වෙනවා ඇරෙන්න රටේ මිනිස්සුන්ට කරන්න වෙන දෙයක් ඉතුරු වෙන්නේ නැත.


අදට ඇති වගේ..
එහෙනම් ගොහින් එන්නම්...

16 comments:

  1. කියලා වැඩක් නෑ බං..මේ විපස්සෙ පං ගොයියල කරන්නෙ මඩ නාගෙන ඉන්න එවුංගෙ මඩ හෝදන එක. මුං හැත්ත නාගත්ත හැටියට මේක රවියගෙම ගේමක්ද කියලත් වෙලාවකට හිතෙනව. තොපි ඔක්කෝටම මම අලුත්ම වාහනේ ගානෙ අරං දෙඤ්ඤම්ය විස්වාස බංගයක් ගෙනාපල්ලකො හොඳ එකාල වගෙ කියල ඕකා කියන්ටම ඇති එකත් එකටම.

    ReplyDelete
    Replies
    1. උඹ ඔය කියන දේවල් ටික මටත් ඔහොම්මම හිතුනා බන්...

      Delete
  2. කම්බා හොරු සමඟ හෝ විපක්ෂයක් කියලා එකක් රටකට තියෙන්නේ ඕනාය. එහෙම නැතිනම් රනිල් හා මෛත්‍රි සෙට් වෙන්නේ කම්බා හොරුන් හා එක්ව මහින්දගේ ගානටම පෝසත් වෙන්නය. විශ්වාශ භංගයෙන් මුන්ගේ හොරකම් එලියට ආවේය. ඒවාට උත්තර නැතිය.

    ඒක පරාද උන එකත් හොඳය. මොකෝ රට කෑ කම්බා හොරුන් මියයනවා විනා, ආයෙත් බලයට ගෙන ඒමට උවමනා නැති නිසාය.

    ReplyDelete
  3. මචං විභියා............. හැමෝම හිතනවා මේක මහා පටලැවිල්ලක්, මෙතන හිතාගන්න බැරි දෙයක් තියෙනවාය කියලා.... එහෙම කිසිම දෙයක් නැහැ බං. මෙතන වෙලා තියෙන්නේ මෙච්චරයි. මෛත්‍රී ඡන්දය ඉල්ලුවෙත් දින්නෙත් යූඑන්පී ඡන්දවලින් නිසා ඔහු යූඑන්පීයට අවශ්‍ය විදිහට වැඩ කරනවා. ඉස්සර මහින්දට කඩේ ගිය උන් දැන් මෛත්‍රී ගේ පිහිටෙන් රනිල්ට කඩේ යනවා. එච්චරයි......... ඕකේ ආය ඉතින් සන්ධාන ආණ්ඩුවත් ඒකාබද්ධ විපක්ෂවත් කියලා ජාතියක් නැහැ.... ඕක තමා අමු ඇත්ත......

    ReplyDelete
    Replies
    1. ඉස්සර මහින්ද ගේ දෑත ශක්තිමත් කරපු එක සැට් එකක් මෛත්‍රී ගේ පිහිටෙන් රනිල්ගේ දෑත සහක්තිමත් කරනවා. අනිත් සැට් එක මහින්දගේ පිහිටෙන් රනිල්ගේ දෑත ශක්තිමත් කරනවා..

      Delete
  4. මහබැංකුවේ ලොක්කට විරුද්ධව යෝජනාවක් ගෙනාවනම් සම්මත කරගන්නත් තිබුණ.

    ReplyDelete
    Replies
    1. එකනම් ඔය සුමනවීර බණ්ඩා ගෙනාවේ...

      Delete
  5. ඔච්චර බනින්න රවී කරුණානායක සහ අර්ජුන් මහෙන්ද්‍රන් කල වැරැද්ද මොකද්ද?

    ReplyDelete
    Replies
    1. අප්පට සිරි..
      උන් දෙන්නා මොකුත් වැරද්දක් කරලා නැද්ද කොහෙද බන්...

      අපිට තමයි වැරදිලා තියෙන්නේ...

      Delete
  6. කොහොම හරි විස්වාසභංග චන්දෙට කලින් වාහන දෙන්න හදලා අන්තිමේ රවියා දින්න ගමන් ඒකත් නැවැත්තුවා. රනිලා නළුවෙක් නෙමෙයි මොළයක් කියන්නේ නිකන්යැ ඉතින්.

    ReplyDelete
  7. මචෝ. දැන්නම් ඔය ඒකාබද්ද විපක්ෂෙට ඕන වෙලා තියෙන්නෙ බලේ ගන්න. මොකද ඕකුන්ට දැන් බලේ තිබ්බ කාලේ හම්බු කරපු සල්ලි වියදම් කරන්නත් බලේ ඕන නිසා ඕකුන් හොඳින් හරි නරකින් හරි මොන චාටර් වැඩක් හරි කරල බලේ ගන්න තමයි ට්‍රයි එක. බලන් යනකොට මුන් දෙගොල්ලන්ටම ලැජ්ජාවක් කියල දෙයක් න බන්.

    ReplyDelete
  8. ජපානෙ ගේන එක දිනනවා

    ReplyDelete
    Replies
    1. අප්පට බෝල...
      එකත් එහෙමද???

      Delete

කමෙන්ට් කලාපය....