2015-03-12

අපි යහපාලනේ ගැන කලකිරිලද? | Are we dissapointed on YAHAPALANAYA ?


 
මුළු රටක් ම එකතු වෙලා මෛත්‍රී සහ එයාගේ යහපාලනේ ට රට බාර දුන්නට මොකද යහපාලනේ ඇතුලේ ඉන්න "වෙන්ඩ පොරවල් " ටික මේ දවස් වල ඉන්නේ ඇදගෙන නාන ගමන් ය. හැංගි හොරා නොව අමු නිර්වස්තරෙන් පට්ට ප්‍රසිද්දියේ ය. මුලින්ම නෑවේ ඇවන්ගාඩ් ලිඳෙන් ය.තාමත් ඉවර නැත . මේ දවස්වල නාන්නේ මහා බැංකු ලිඳෙන් ය. නාන්න පටන් ගත්තා විතරය . ඊයේ පෙරේදා ෆුල් ෆේස් ළිඳකින් ද යාන්තමට නාගෙන මේ වෙනකොට තාවකාලිකව ලිඳෙන් එලියට ඇවිත් ඇත.
තව මොන මොන ළිං වලින් හෙට අනිද්දා ට නාන්න සිද්ද වෙයිද කියල දෙයියොත් ඉන්නේ දෙගිඩියාවෙන් ය.



විභීෂණ ට හිතෙන විදියට අලුත් සැට් එකට මෙහෙම තැන් තැන් වලින් නිස්කාරනේ නාගන්න සිද්ද වෙන්නේ වෙන් මොකක්වත් හින්දා නොව පළපුරුද්දේ අඩුවක් නිසා බවය. ඒ වගේම දින සීය ගෙවාගන්න හොරු එක්ක හෙළුවෙන් ඉන්නත් වෙලා තියෙන නිසාය. පළපුරුද්ද අඩුයි කියල කිව්වට ඒ ලෙඩේ කාලෙත් එක්ක සනීප වෙනු ඇත. කේස් එකක් හැන්ඩ්ල් කරන විදිය ඉක්මනටම මේ කෝඩු  කාරයෝ ඉගෙන ගනු ඇත. ඊට පස්සේ ගේම් දෙන්නද ඉගෙන ගනු ඇත.

එත් අර හෙළුවෙන් සිට ගැනීම නම් බොහොම අවාසනාවන්ත කාරණයක් ය.යහපාලනෙ  න් අපි බලාපොරොත්තු වෙච්ච තරම්සහ එයාලම කිව්වා තරම් ඉක්මනට වැඩ කටයුතු සිද්ද නොවුනේ තාමත් මාරු වුනේ මහා ඔලුව සහ ඊට පහලින් තියෙන ඔලු තිහ හතළිහක් පමණක් මිස එතනිනුත් පහලින් තියෙන සිය ගානක් වෙච්ච නිලධාරි ඔලු නොවීම ය. ඔය නිලධාරි ඔලු ගෙඩි බොහොමයක් තාමත් ඉන්නේ ජනවාරි 8 වෙනිදාට පෙර තිබ්බ පාලනේ ඇතුලේ ය. හිතන්නේ පතන්නේ සේරම කරන්නේ සාටක මානසිකත්වයකින් ය.
ඒ හින්දා මෛත්‍රී හෝ රනිල් ගේ වැඩකටයුතු හිතු හිතු ලෙස සිද්ද වුනේ නැත.අනෙක් කාරණේ මෛත්‍රී ආවයින් පස්සේ මාරු වෙච්ච සමහර ඔලු ගෙඩිත් කලින් සාටක සරණ ගිය ය හෝ උන්ගේ නෑදැයින් වීමය. ඇවන්ගාඩ් සහ මහබැංකු නෑම වල වලින් ඔප්පු වෙන්නේ ඒ කාරණය ය.

සිය දිනකින් අලුත් රටක් කියල8 වෙනිදාට කලින් පම්පෝරි ගැහුවට දැන් දින හැටකුත්ගෙවිලා  තාම ලොකු වෙනසක් පේන්න නැත. අනික අවුරුදු දහයක් තිස්සේ බෝක්කු කැටයක් දැම්මත් ලක්ෂගණන්සල්ලි කාබාසිනියා කරලා කරපු මාධ්‍ය සංදර්ශන දැකල දැකල හුරුවෙච්ච අපිට ඒ දේවල් නැතිව කරන සමහර වැඩ පේන්නෙත් නැති තරම් ය. ඖෂධ පණත ගෙන එම වැටෙන්නේ ඒ ගණය ටය.

ඔය ඖෂධ පණත සාටකේ තියෙන කාලේ ගෙනාවනම් හැම මීඩියා එකකම අපිට වමනේ යනකම්ම මරා ගේ ගුණ ගායනා කරනවා දකින්න අහන්න සිද්ද වෙලා ය.එත් අද එහෙම නැත. ඖෂධ පනතත් ගෙනාවේ අර ඉස්සර සැටලයිට් කාලේ හදිසි නීතිය මාසෙකින් දීර්ඝ කරගන්නවා වගේ බොහොම නෝමල් පිටය.  දැකපු එකම විශේෂත්වය මෙදා සැරේ මෛත්‍රී ජනාධිපති විසින් විවාදය ආරම්භ කිරීමය.

මුදල් ඇමතියා ගෙනාපු අතුරු බජට් එකට නම් පොඩි පබ්ලිසිටියක් දීල තිබුනේ ය. එව්වා ඉතින් උන්ගේ ආනාගත සැලසුම් බව අපි නම් සහසුද්ද්දෙන්ම දන්නේය.

කැසිනෝ පැකර් ගෙදර ගියේය.ළඟදීම එන ඡන්දේ ගැන හිතලාද කොහෙද පොට්සිටියත් අතරමග "තාවකාලික " ව නැවතුනේය. රනිල් ගේ ආණ්ඩුවක ඔය වගේ ප්‍රොජෙක්ට් නවතිනවා කියන එක තාමත් අපිට නම් හීනයක් වගෙය.

මේ රට ඇතුලේ වෙනදා සිද්ද වෙච්ච නැති බොහොම වැදගත් දෙයක් මේ යහපාලනයත් එක්ක සිද්ධ විය . ඒ වෙන මොකක්වත් නොව අවම වශයෙන් ලක්ෂ හට දෙකක වත් අවදියෙන් ඉන්න ජනතාවක් රටට බිහිවීමය. මෙච්චර කල් එහෙම ජනතාවක් හිටියේ නැත.


හිටියේ සරුවාන්ගෙම හිරි වැටිච්ච ,මොලය සෝදන ලද හෝ ගලවන ජනතාවක් ය. සාටකේ කියන කියන පදේට නටපු , කියපු හැමදේම ඇත්ත විදියට අදහපු මේ ජනතාව සාටකේ ගේ අසීමාන්තික සූරාකෑම් සහ මර්ධනය ඉවසන්න බැරිම තැන නින්දෙන් අවදි විය. ගලවපු මොළ ආපහු හයි කරගෙන අවදි වෙලා වටපිට බලන කොටම අලුත් නායකයින් කීප පොළක් ම දැක්කේය. කල යුතු දේ කළේය.
කොහොම හරි එදා ඇහැරිච්ච මේ ජනතාව තාමත් අවදියෙන් ය. ඒ හින්දා අලුත් නායකයා සහ නායකයා වටේ ඉන්න පිරිස කරන කියන දේවල් සහ කරනවා කියල ඇවිත් නොකර මග අරින දේවල් ගැනත් මෙයාල ඉන්නේ අවදියෙන් ය. අවුලක් දැක්ක ගමන් තමන්ගේ විරෝධය පල කරන්න දැන් මේ ජනතාව පස්ස ගහන්නේ නැත.
ෆුල්ෆෙස් කෙස් එකේදී වුනේ ඔය ටිකය. ඇවන්ගාඩ් සීන් එක විජේදාසට යට ගහගන්න බැරිත් මේ නිසාය. මේ වෙනකොට මහබැංකු සීන් එකට වෙලා තියෙන්නෙත්ඔය ටිකම ය.

ඔය විරෝධය මරා ගේ සාටක පාලනේ තිබ්බ කාලේ සිද්ද වුනා නම් ප්‍රතිපල මීට වඩා  බොහොම භයානකය. තමුන් මහන්සි වෙලා හම්බු කරන පඩිය මංකොල්ල කන්න ගෙනාපු පැන්ෂන් ක්‍රමේට විරුද්ධ වුනාම මරාන්ඩුව කොල්ලෙක්ව මරල දැම්මේ ය. ඉන්ධන වල මිල වැඩියි කියල මිනිස්සු එලි බැස්සා ම ධීවරයෙක් ව මරලා දැම්මේ ය. බොන වතුර ටික පිරිසිදුව ට ඉල්ලපු "වරදට " ඉස්කෝලේ යන කොල්ලෝ දෙතුන් දෙනෙක් ව මරල දැම්මේය.

වෙන මොකුත් ඕන නැත . 2010 ජනාධිපති වරනේ න් පස්සේ ෆොන්සේකා වෙච්ච දේ මතක් කලොත් සාටකේ රඟේ හැමෝටම තේරුම් යනු ඇත.

තාමත් නම් ඒ වගේ දේවල් යහපාලනේ ඇතුලේ සිද්ධ වුනේ නැත. විගා උතුරේ කොටි ෆෝම් කරනකොට අනාත සන්ධානේ දකුණේ ලේ මාපිලුන් වද ෆෝම් කරන්නේ පුදුමාකාර නිදහසක් ඇතුලේ ය. මෛත්‍රී ට රැස්වීමක් තියාගන්න පිට්ටනියක් නොදීපු එවුන් අද නිදහසේ පිට්ටනි බුක් කරගෙන පරණ සාටකේ ආපහු ගෙන්න , ජාතිවාදේ අවුස්සන්න මිනීමරු රැස්වීම් සංවිධානය කරන්නේය.

අදහස් ප්‍රකාශ කිරීම කියන අයිතිය වෙන කවරදාකටත් වඩා මේ දවස් වල රටට ලැබී ඇත. එහෙම නොවන්න අනාත සන්ධානේ එවුන් කියාපු දේවල් වලට මෛත්‍රී ට කේන්ති ගියානම් එවුන් බොහෝ දෙනෙක් එක්කෝ ඇක්සිඩන්ට් වෙලා ය. නැත්නම් යකඩ කූරු පිටිපස්සේය.

මේ හැමදෙයක්ම සමරයිස් කලාම විභීෂණ ට කියන්න තියෙන්නේ මෙච්චර ය.
ජනවාරි 8 අපි පත් කර ගත්තේ , 9 වෙනිදා ජනපති සහ අගමැති ලෙස දිවුරුම් දුන්නේ ලෝකේ ඉන්න නිවැරදිම මනුස්සන් දෙන්නා  නොවේය.11 වෙනිදා තාවකාලික ව පත්වුණේ ලෝකේ තියෙන පිරිසිඳුම , යහපත් ම කැබිනට් එකද නොවය. එත් රනිල්ට සහ මෛත්‍රී ට  දෙන්නා ට රට හදන්න හරියන්න හෝ වරදින්න සැලැස්මක් තිබුනේ ය.තැන් තැන් වල හිට හිට , වැරදි වැරදි හරි ගෙනියන්නේ ඒ සැලැස්මය.එත් මරාට රට වෙනුවෙන් සැලැස්මක් තිබුනේ නැත. පවුල වෙනුවෙන් නම් ගොඩක් තිබුනා කියලආරංචි ය.

එත් 8 වෙනිදා අවසන් කලේ මේ රටේ බිහිවෙච්ච අන්ත ජරාජීර්ණ ඒකාධිපති පාලනයක් ය. අහෝසි වුනේ පිස්සන් රජකළ කැබිනට් එකක් ය. එක නම් රටේ වාසනාවය.

යහපාලනේ වැරදි අපි ප්‍රසිද්ධියේ විවේචනය කරනකොට සාටකේ සහ එයා වටේ ඉන්නරංචුවත් උන්ව වන්දනාමාන කරන බයියෝ රලත් හිතන්නේ අපි දින සීය යන්නත් කලින් මෛත්‍රී ගැන කල කිරිලා සහ එයාව එලවන්න සැට් වෙලා කියලා ය. උන් තාම ඉන්නේ හීන ලෝක වල ය.
ඒකාධිපතියා ගෙදර යවන්න වචනෙකින් හරි දායක්වෙච්ච අපි මෛත්‍රී ආණ්ඩුවෙන් වෙන වැරදි ගැන අවංකව ම මළ අතට ගන්නා අතර බොක්කෙන්ම කනගාටු වන්නෙමු. එත් මෛත්‍රී ගැන කල කිරෙන්න තරම් තාම ප්‍රශ්න ඔඩු දුවා නැත. ඒ හින්දා මෛත්‍රී ව එලවන්න තාමත් අපිට අවශ්‍ය නැත. මෛත්‍රී ව එළවලා මහින්ද ව ගෙන්න නම් කොහොමත් අවශ්‍ය නැත. තව ටික දවසක් බලමු මොකද වෙන්නේ කියල.

එහෙනම් අපි ගියා.




34 comments:

  1. දේශපාලනේ නම් අවුලක්ය....හැමදාමත් එහෙමමය...
    මට හිතෙන විදියට නම් මේ දේශපාලකයෝ ටික ඉන්න කම් ලංකාව හදන්ඩ මේ කපේට බැරිය...
    කොහොමවුනත් ෆුල් ෆෙස් විකාරේ අකුල ගත්ත එක නම් පට්ටය....

    ReplyDelete
    Replies
    1. ෆුල් ෆේස් නීතිය අකුලා ගැනීම එක්තරා ජයග්‍රහණයක්. ඒ වගේම දැන් තියෙන තාවකාලික ආණ්ඩුව සමාජ ජාල ඇතුලේ ඇහෙන මහජන හඬට පොඩ්ඩක් හරි සවන් දෙනවා කියන එක රටම දැනගත්තා. පහුගිය ඒකාධිපති පඩන්ගුව මේ හඬ පයිසෙකට ගණන් ගත්තේ නැහැ. එතන තමයි එයාලට වැරදුනු තැන.

      Delete
  2. සමබර යතාර්ථවාදී ලිපියක්,, දේශපාලන පෝස්ට් කියවන්න ආස නැති අපි වගේ අයට කියවන්න මෙහෙම තේරෙන භාෂාවෙන් ලියනවට තැන්ක්ස් . ඉස්සර මාතලන් ගේ පෝස්ට් විතරයි දේශපාලන ඒවයෙන් කියවුවේ දැන් ඔයත් ඉන්නවා..

    ඔයා කිවුවා වගේ ඉහළම ඔළු ගෙඩි මාරු උනාට තුන් වෙනි හතරවෙනි මට්ටම් වල ඉන්නේ තාමත් සාටකේ සරණ ගිය ආයෝ..

    ඒ වගේම මාරාගේ ඒකාධිපති පාලනේ ගැන පෝස්ට් ලියපු අයම ආයෙම ආණ්ඩුවේ වැඩ පිළිවෙල ගැන තමන්ගේ අදහස් මේ විදියට කියද්දී තාමත් මාරට කඩේ යන හීන ලෝක වල ඉන්න වුන්ට හිනාත් ඇති ඒ අයට තේරුම් ගන්න බැරිත් ඇති මොකක්ද අපේ ප්‍රාර්ථනාව කියලත්,,,

    ස්තුතී,, විභාගෙට හොඳින් මුණ දුන්නා කියලා හිතනවා

    ReplyDelete
    Replies
    1. මෙතන යහපාලන කතාවලට වඩා තියෙන්නෙ යූඇන්පී ශ්‍රීලංකා විදියට තියන සම්ප්‍රදායික දේශපාලන බෙදීම. ලේ කොල යූඇන්පී කියල කෙළින්ම කියනවට වඩා යහපාලන කියන වචනෙ ලස්සනයි. අලුතෙන් දූෂන චෝදනා ආපු අය පහුගිය ආණ්ඩුවෙ අය නොවෙයි.
      සිවිල් සංවිධාන විසින් මතුරන යහපාලන තේමාව පදනම් වෙන්නෙ දියුණු රටවල උසස් ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් එක්ක. මේ රටේ මිනිස්සුන්ට ඕන රැකියා සහ සංවර්ධනය. හෑ අතින්ම නොදියුණු ලංකාව වගෙ රටකට ඕය දියුණු රටවල සංකල්ප බලෙන් ඔබන්න යාමෙන් බිහිවන්නෙ ධනවාදී නිළධාරීවාදයක්. අවශ්‍ය අනෙකුත් ගුණාංගයන් වර්ධනය වෙලා නැතිව කොමිෂන් දාල නිළධාරීන්ට බලය දුන්නම ඇතිවෙන්නෙ විකෘතියක්.

      කොමියුනිස්ට් රටවල තිබුන වාගෙ මර්ධනකාරී නිළධාරීවාදයකට වඩා දූෂනයෙන් බලහත්කාරයෙන් ඉහවහගිය නිළධාරී පැළැන්තියක් අපට ලැබේවි.
      අපි දන්නව දැනටත් පාසල් වලට ළමයි ඇතුලත් කිරීමෙ ඉදන් මොනතරම් දූෂන සිදුවෙනවද කියල.

      පරීක්ෂක කියල අගට එන හැම නිළධාරියම වැටුප මෙන් කී ගුණයක් හොයනවද කියල බලන්න. දේශපාලන මැදිහත්වීම නැතිව නිළධාරීන්ට හිතුමනාපෙට වැඩකරන්න දුන්නොත් ලොකු විනාසයක් වේවි.

      1972 ආණ්ඩු ක්‍රම ව්යවස්ථාවෙ අරමුණ වුනේ ව්‍යවස්ථාදායකය ශක්තිමත් කිරීම. ඊට හේතුව නිළධාරීන් ආන්ඩු ගෙනියන්න දුන්නෙ නෑ.ඒ කාලෙ තිබුනෙ මෙහෙම නිළධාරීවාදයක් නොවෙයි.වැඩවසම් නිළධාරිවාදයක්. දිසාපති ලගට ගැමියො ආවෙ ලේන්සුව අතට අරන් බයේ වෙවුල වෙව්ල. අපේ වැඩිහිටියො දන්නව සිද්ධි. ඉස්සරහට එන්න නියමිත ධනපති නිළධාරිවාදයක්.

      නිළධාරීවාදයක් නැති අදකාලෙ ප්‍රින්සිපල් ල, කස්ටම් එකේ අය ,පොලීසිය ,පී එච් අයිල පවා මොන තරම් හම්බ කරනවද වදුරට දැලිපිහිය දුන්න වෙනව නිළධාරිවාදයක් ආවම.

      යහපාලනය නරක දෙයක් නොවෙයි. ඒක එන්න තිබුනෙ රට සංවර්ධනය කළාට පස්සෙ. ජනතාව අධ්‍යාත්මිකව සංවර්දනය වුනාට පස්සෙ. බටහිර රටවලට ඒක ගැලපෙනව. ඒ මිනිස්සු ඒ තත්වයට ලංවෙලා නිසා.

      Delete
    2. @ ඔමා
      -----
      ඕ යේස්. විභාගේ ට නම් හොඳට මූණ දුන්නා. හොඳ ප්‍රතිපලයක් තියෙනවා කියල ලොකු විශ්වාසයක් තියෙනවා.

      ------------
      ඇත්ත . ඔලු තුන හතරක් මාරු වෙලා වැඩක් නැහැ.මුළු සරුවාන්ගෙම චේන්ජ් කරන්න වෙනවා. දියුණු රටවල ඔහොම කරන්න අවශ්‍ය නැහැ. ඒවා ල මොන ආණ්ඩුව ආවත් නිලධාරින් බොහොමයක් නීතියට වැඩ. ඒ හින්දා ඒ රටවල් දියුණු වෙනවා. මෙහෙ වගේ ළිං මැඩියෝ , හොටු බයියෝ ඉන්න රටවල් වල ට ඒ ටෝක්ස් හරියන්නේ නැහැ.

      Delete
    3. @ ම.ම.

      //සිවිල් සංවිධාන විසින් මතුරන යහපාලන තේමාව පදනම් වෙන්නෙ දියුණු රටවල උසස් ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් එක්ක. මේ රටේ මිනිස්සුන්ට ඕන රැකියා සහ සංවර්ධනය. හෑ අතින්ම නොදියුණු ලංකාව වගෙ රටකට ඕය දියුණු රටවල සංකල්ප බලෙන් ඔබන්න යාමෙන් බිහිවන්නෙ ධනවාදී නිළධාරීවාදයක්.//
      ----------ඇත්ත වෙන්න පුළුවන්. මොකද කියනවනම් කැලැන්ඩරේ න් විසි එක්වෙනි සියවසේ හිටියට මේ රට තාම ඉන්නේ රජුන් වඳින පුදන, නිලධාරින් ගේ කකුල් ලෙවකන සහ එහෙම වෙන්න ආස කරන මිනිස්සු ජීවත් වෙන කාලෙක. එහෙම තැනක සුපිරි ප්‍රජාතාන්ත්‍රික දේවල් අතාරින්න ගියොත් අනවශ්‍ය ප්‍රතිඵල ඇති වෙන්න පුළුවන්.

      Delete
    4. මම # ඔව් ඔය දේවල් මිනිස්සු තේරුම් ගන්න නතර වෙලා හිතන්නේ නැහැ දවස ගානේ මැවෙන පුවත් අල්ලාගෙන දගලනවා මිසක්.. යහපාලනය කියන වචනය පවා මිනිසුන්ට විහිළුවක්,, ඇත්තටම මිනිස්සු ඒකෙ තේරුම හිතල නෙමේ කතා කරන්නෙත් අර "සුබ අනාගතයක් " කිවුවා වගේ නිකන් තේමාවක් කියලා හිතං ඉන්නේ :D

      Delete
    5. @මධ්‍යසත
      //කොමියුනිස්ට් රටවල තිබුන වාගෙ මර්ධනකාරී නිළධාරීවාදයකට වඩා දූෂනයෙන් බලහත්කාරයෙන් ඉහවහගිය නිළධාරී පැළැන්තියක් අපට ලැබේවි. // මෙච්චර කාලෙකට 1948 ඉඳන් තිබ්බේ මොකක්ද?

      Delete
  3. කාලයක්ම වෙන දේවල් දිහා බලාගෙන ඉදලා දැන් පාලනය හම්බුනාම පුරුදු නැති ගතිය හන්දා ටිකක් නා ගන්නවා ඇති මගේ හිතේ..

    ReplyDelete
    Replies
    1. මටත් හිතුනේ එහෙම තමා

      Delete
  4. ගිය පාලනයේ හිටි වන්දිභට්ට රැල මේකටත් සෙට් වෙලා . එකත් ප්‍රශ්නයක්. අපි විවේචනය කරන තැන විවේචනය කරමු. නිදහස් මාධ්‍ය හා පුරවැසි මාධ්‍ය ඉදිරියට ගෙනියමු. වෙන මගක් නැහැ.

    ReplyDelete
    Replies
    1. ඇත්ත.
      ඔච්චරයි අපිට තියෙන ආයුධ. හරියට පාවිච්චි කරන්න ප්‍රවේසම් වෙන්න ඕන.

      Delete
  5. ජනාධිපති ඡන්දේ දී මගේ තිබුණේ මරා විරෝධය මිස වෙන කිසිවෙකුට පක්‍ෂපාතීත්වයක් නොවෙයි.

    කෙසේ වෙතත්, අද මෛත්‍රී-රනිල් ආණ්ඩුවේ විවිධ අනා ගැනීම් දැක කිඹුල් කඳුළු හෙලන මරාවාදීන් ගැන නම් ඇති වෙන්නේ දුකක්!

    ReplyDelete
    Replies
    1. ඇත්ත රසික.

      සාටකේ සහ බල්ලෝ රල මහා දවල් ප්‍රසිද්ධියේ මිනී මරනකොට, මංකොල්ල කනකොට , එව්වා කරන්න නීතිත් හදනකොට කට වහන් හිටපු එවුන් අද නිකන් මහා ප්‍රජාතාන්ත්‍රික යො වෙන්න හදනවා. අනේ පවු . පුදුම අවංක බයියෝ රැලක්.

      Delete
  6. යහ පාලනය පොඩි වංගුවක් ගහල දවස් පනහක් ගිහින් ආයිත් පරණ පාරටම කිට්ටු කරනවා වගේ..

    ReplyDelete
    Replies
    1. බලමු බලමු. මොකද වෙන්නේ කියල.

      Delete
  7. මේ ගැන ලියපු හොඳම විවරණය මේකයි. මාත් අද නැත්තං හෙට එකක් දෙකක් ලියන්න හිතං ඉන්නව.

    ReplyDelete
    Replies
    1. තැනක් යූ රාජ්.

      ඒ පැත්තෙත් එන්නම් කියවන්න.

      Delete
  8. කොරන්න තියන වැඩටික ඇද ඇද ඉන්න ගියොත් අප්‍රේල් වෙනකොට 'ටක පුයිට්' වෙනවා. ඔන්න එදාට එහෙම රටේ මිනිස්සුන්ට දොස් කියන්න එපා කියලා තමා ආණ්ඩුවට කියන්න තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත.

      අපිටත් කියන්න තියෙන්නේ එච්චරම තමා.

      හත්පොලේ ගා ගෙන කෙලෝ ගත්තොත් අපි නම් නැහැ පුතෝ.

      Delete
  9. පිස්සු හැදුනද? නෑ
    කේන්ති ගියාද ? නෑ
    දුම් පිටවුනාද ? නෑ
    හිනා ගියාද ? නෑ
    මේ ලියපු දේවල් ගැන මොනවහරි හිතුනද ? නෑ
    හොඳ නරක ඕන දෙයක් .මෙතන කමෙන්ට් කරලා යනවා හොඳයි... බෑ

    සුබ දවසක්.. හා

    ReplyDelete
    Replies
    1. බොහොත් බොහොත් අච්චා හේ...

      Delete
  10. කඩේ ගිහින් වැරදුනාද මන්දා ?..... ඔය කාට වැරදීම් උනත් කරවපු අයට වැරදුනේ නැ. වාහන, බලශක්ති, පාරිභෝගික භාණ්ඩ වලට තිබ්බ වෙළද බාධා එක මාසෙන් ඉවත් කරගත්තා. මාකට් එක ස්ථාවර කරගත්තා. ආරක්ෂාවට දකුණෙන් තිබ්බ තර්ජනය සෑහෙන ප්‍රමාණයකින් අඩුකලා.මුහුද නිදහස් කරගත්තා, ධීවර සම්පතුත් ලගදිම ගන්නවා. ලොක්ක එක්ක ලොකුම බිස්නස් කාරයො එනවා ඉතුරු වෙලා තියන ටිකට පාංශුකුලෙ දීලා යන්න. ඕය සේරටම එක උණඩයක් වත් පත්තු කලේ නැ. පොඩි වියදමක් විතරයි. දැළිපිහියක් සල්ලි වලට අරන් දුන්නහම වදුරෝ විහින් මූන කපාගන්නවා

    පුහ් ඕව මොනවද අපිට භාෂණ නිදහස ලැබුනනේ නේ... තව ටික කාලයක් භාෂණය කර කර ඉමු...

    ReplyDelete
    Replies
    1. හීන ලෝකෙන් එලියට වරෙන්.

      Delete
    2. කට උත්තර නෑ නේද? උබ හීන බැලුවට මට කරන්න දෙයක් නැ

      Delete
    3. උත්තර දෙන්න මෙතන ප්‍රශ්නයක් අහල නැහැනේ.
      අනික මෙතනත් ඇවිත් මතුරලා තියෙන්නේ රජගෙදර රිලවගේ ජාත්‍යන්තර කුමන්ත්‍රණ මන්තරේ නේ.

      ලිඳ උඹේ නම් උඹ ලිඳේ නම් අපිට නැත කිසි වේදනා.

      Delete
  11. බලාගෙන ගියාම ඊළඟ චන්දෙට විකුනන්න තරම් පොයින්ට් එකක් කාටවත් නෑ. කොටින්ම ජෙප්පන්ටත්. අනුරත් අවන්ගාඩ් එක ගැන ශේප් එකේ මග ඇරියා.

    ReplyDelete
    Replies
    1. ආයුද නව හදල තියෙන්නෙත් , එකට ආයුධ පුරෝලා තියෙන්නෙත්, එක මූදට දාල තියෙන්නෙත් අපිද කොහෙද බන්.

      බලන් ගියාම එවුන් එකෙක්වත් සම්බන්ධ නැහැ වගේ නේ තේරෙන්නේ.

      Delete
  12. මෙහෙම දෙයක් තියනව. මහින්දගෙ ආණ්ඩුවෙ හොරාකෑම ,නාස්තිය, ඥාති සංග්‍රහය ,මිත්‍යා මත ප්‍රවර්ධනය වගෙ දේවල් තිබුන. හැබැයි සංවර්ධන වැඩවලින් ගමට සල්ලි ආව. සංවර්ධන වැඩ නවත්තල හොරා පොලිස් සෙල්ලම් කළා කියල වැඩක් නැහැ. විශාල පිරිසකට රැකියා නැතිවෙලා.

    ReplyDelete
    Replies
    1. ගමට සල්ලි ආවා. ආවට වඩා ප්‍රමාණයක් එක එකාගේ සාක්කු වලට ආවා.

      මේ හොරා පොලිස් සෙල්ලම දිගටම කරන්න ගියොත් නම් හැමෝම පච වෙනවා.

      Delete
  13. පාන්දර නිදාඉන්න ගමන් ෆෝන් එකෙන් උඹේ ලිපිය කියෙව්වෙ. බුකියේ විතර සිඟිති ආතල් ගන්න උන් ලොවෙත් නෑ. හැබැයි විභියා, මුන් සංවර්ධන වැඩ සේරම නවත්තලා මල් පැල ගලව ගලවා ඉන්න එක, හොරු අල්ලනවා කීවට අල්ලපු හොරෙකුත් නැති එක වගේ දහසක් කාරණා නිසා මෙවර ඡන්දය දීපු වැඩි පිරිසක් නැවත නිහඬ වෙන්න ඉඩ තියෙනවා. එහෙම වුනොත් ආයිත් කලින් 2002 යූඑන්පී ආණ්ඩුව කාපු පරිප්පුවම තමා කන්නෙ. ඒ කිසිවක් මහින්ද නැවත ගෙනඒමට අපිටනම් කාරණා නෙමේ.

    ReplyDelete
    Replies
    1. අන්න එකනම් ඇත්ත.

      මළත් ..මහින්ද නම් ආපහු එපා

      Delete
  14. අැත්ත විභී......................

    අපි මූණ ඒක්ක තරහා වුණා කියලා නහය කපා ගන්න තරම් පිස්සෝ නෙමෙයි.... යකෝ මෙෙත්‍රී කරපු වැරැද්දකට අායෙම මිනී මරණ, හොරකම් කරන, කුඩු ගංජා විකුණන, මල්ලිලා පුත්තු නාඩගම් නටන යුගයක් ගේන්න අපි මෝඩයෝ යෑ....... උන්ට පයිත්තියං..........

    ReplyDelete
    Replies
    1. ඔවු බන්..

      උන් මේ දවස් වල චූන් වෙන විදියට බාධා කරන්නත් මොකක්ද වගේ..

      Delete

කමෙන්ට් කලාපය....