2014-08-04

මේ රජ්ජුරුවන්ගේ වහල්ලුද?


තව දවස් දෙකකින් විතර අලුත් පොස්ටුවක් කොටන්න කියල හිතන් හිටියට අද සිරස නිවුස් වලින් විභීෂණ ට ඇහිච්ච මේ අසමජ්ජාති නිවුස් එක හින්ද ගන්න හිටපු විරාමේ ඇත ඇරලා මේ පොස්ටුවත් කොටන්න ඕනෑමයි කියල හිතා ගත්ත.

තමන්ගේ රටේ මිනිස්සුන්ට මේ විදියට සලකන්න, මේ මිනිස්සු වහල්ලු කියල හිතන් ඉන්නවද කියල මේ ව්‍යාජ දේශප්‍රේමී ආණ්ඩු වේ පිළිකන්නේ රෙදි අපුල්ලන එවුන්ගෙන් රටේ මිනිස්සු හැටියට අපි ඇහුවේ නැත්නම් අපි මිනිස්සු නෙමෙයි කියලයි විභීෂණ නම් හිතන්නේ.



මේ තියෙන්නේ මම ඒ කියපු නිවුස් එක.


"නියගයෙන් පීඩා විඳින ජනතාවට නියං සහනාධාර ලබා දීම අද ආරම්භ කෙරුනා.මෙම නියං සහනාධාර ලබා දෙන ක්‍රමය වන්නේ සිදී ගිය වැව් අමුණු වල රොන් මඩ ඉවත්කිරීම සඳහා ජනතාව සහභාගී කරගෙන ඉන්පසු මුදල් ගෙවීමයි."

මේ නිවුස් එකේ කියන හැටියට මේ දවස්වල නියගෙන් ලක්ෂ එකොළහකට අධික ජනතාවක් පීඩා විඳින අතර වගා බිම් හෙක්ටාර් දහ දාහක් දැනටමත් විනාශ වෙලාලු. තව හෙක්ටාර හතලිස්පන්දාහක් මුඩු බිම් වෙලාලු.

දැන් මේ මිනිස්සුන්ට ජීවත් වෙන්න විදියක් නැති වෙලා තියෙන්නේ.

ඒ මිනිස්සුන්ට සහන සලසන්නලු අර කලින් කිව්වා රෙද්දේ නියං සහනාධාරේ දෙනවය කියල කියන්නේ.

මේ නියං සහනධාරේ දෙන්න ඒ පැත්තේ ඉන්න ආණ්ඩුවේ නිලධාරින් කියල කියාගන්න , රටේ මිනිස්සුන්ගේ බදු මුදලෙන් පඩි අරගන්න කම්මැලි වාහෙලා හරි අපූරු වැඩ පිළිවෙලක් පටන් අරගෙන. 

මේ වැඩ පිළිවෙලේ හැටියට මේ ගමේ කෙනෙක්ට නියං සහනාධාරේ හැටියට ආහාර මල්ලක් හරි මුදල්  හරි ලබා ගන්න නම් ඔහු හෝ ඇය සිදී ගිය වැවක අඩියක් ගැඹුරු, අඩි 15ක් දිග අඩියක් පළල කොටසක රොන් මඩ ඉවත් කරන්න ඕන.

තව එකක් තියෙනවා. මේ ප්‍රොජෙක්ට් එකේ දී දිනකට එක අයෙක් අවම පැය 5ක් වැඩ කරන්න ඕනලු. මේ විදියට දින දොළහක් එක පුද්ගලයෙක් වැඩ කරන්න ඕන. ඊට පස්සේ ඒ කියන්නේ දින දොළහ ඉවර වුණායින්  පස්සේ ඒ පුද්ගලයට රුපියල් තුන්දාහක බඩු මල්ලක් ලබා දෙනවා.

අද මේ නිවුස් එක අතර තුර පෙන්නුවා හම්බන්තොට පැත්තේ ඒ කියන්නේ රජ්ජුරුවන්ගේ ගම පළාතේ හිදිච්ච වැවකට ගමේම මිනිස්සු එකතු වෙලා ඒ වැවේ රොන් මඩ අරන් දානවා. 

ගෑනුද, පිරිමිද, බාලද, මහලුද නැතුව හැමෝම තම තමගේ උදලු කෙටි වලින් , පොර ගෝනි වලින් අර කාස්ටක අව්වේ මේ පස් අදින්නේ අර දෙනවයි කියන බඩු මල්ල ගන්න. 

දැක්ක ගමන් විභීෂණ ගේ ඇස වලට කඳුළු ආවේ මේ දුක් විදින්නෙත් මේ රටේම තවත් පැත්තක ජනතාවක් නේද කියල හිතුනු හින්ද.

අනික මුන් මේ දුක් විඳින්නේ තමුන් අතරින් පත්වෙච්ච මනුස්සයෙක් රජකම් කරන රටක . 

මේ මිනිස්සු සති ගානක් ඉඳන් කට්ට අව්වේ පිච්චි පිච්චි හරි හමන් වතුර ටිකක් නැතිව, බඩට කන්න හරි හමන් දෙයක් නැතිව දුක් විඳින කොට ජනතාවාදී කියල කියාගන්න මහා ලොකු ආණ්ඩුවේ අය  මේ මිනිස්සුන්ට සලකන්නේ මෙහෙමද.

ඇයි මේ අන්ත පීඩාවට පත්වෙච්ච මිනිස්සුන්ට බඩු  මල්ලක් පෙන්න්නල මරව මරව වැඩ ගන්නේ. 

යකෝ මේ කරන්නේ වහල් වැඩ ගන්න එක නෙමේ නම් වෙන මොකක්ද?

මේ අහිංසක මිනිස්සුන්ට තමන්ගේ කියල වගාවක් කරගන්න බැරි කමේ, වෙන කරගන්න දෙයක් නැති ම කමේ , නියං සාය හින්ද තමන්ගේ දරුවාගේ බඩට මොනවා හරි දාන්න දෙයක් හරි හම්බ කරගන්න බැරි කමේ අසරනකමෙන් මිලේච්ච ප්‍රයෝජන ගන්න මේ ඒ සී කාමරවල ආතල් ගන්න නිලධාරි හැත්ත ඇත්තටම මිනිස්සුද, යක්ෂයෝද?

සමහරවිට යක්කුත් මුන්ට වඩා ටිකක් හරි හොඳ ඇති.

ලොක්කන්ට, ලොක්කන්ගේ බෙබිලට ඉගිල්ලෙන්ට හයි වේ හදන රටේ, බෙබිලගේ රථ ගාය හොඳ කරන්න කෝටි ප්‍රකෝටි ගණන් රේසින් කාර් ගේන්නට රටේ, ඇයි බැරි ඩෝසරයක් දෙකක්  නෙමේ දහය පහළොව හරි දාල මේ හිදිච්ච වැව් වල රොන් මඩ ටික අයින් කරන්නේ නැත්තේ.

කෘෂිකර්ම ඇමතිලා, වාරිමාර්ග ඇමතිලා අතේ පයේ  ඇඟිලි ගානටත් වඩා ඉන්න රටේ අසරණ මිනිස්සුන්ගෙන් වහල් වැඩ ගන්න කවුද මේ ගොබ්බ නිලධාරි හැත්තට අවසර දුන්නේ.

මේ නිලධාරින් ටික නියං සහනාධාරත් යටි මඩි ගහගෙන , මිනිස්සුන්ට  කියල වැවු හාරවගෙන එකට රජයෙන් වෙන් කරන සල්ලිත් යටි මඩි  ගහ ගන්නවා වෙන්න ඕන.

එහෙම නැත්නම් හයි වේ හදන්න පුළුවන් රටේ ඩෝසර් ටිකක් හොයාගෙන වැවු ටික සුද්ද කරගන්න මහා ලොකු මහන්සියක් වෙන්න ඕන නැහැ.

අපි මෙහෙම් කිව්වට මේ දුක් විඳින මිනිස්සුන්ට මේ කාරණා තේරෙන්නේ නැහැ. තේරුම් ගන්න උවමනාවක් නැහැ. මොකද එව්වා තේරුම් ගන්න කලින් තමන්ගේ බඩට, තමන්ගේ දරුවාගේ බඩට යමක් දාගන්න එක උන්ට වටිනවා. මේ ටික කාලෙදී උන් ආණ්ඩුවට, නිලධාරි යක්ෂයින්ට බනියි.

ඡන්දයක් ආපුවහම, තාත්ත ඇවිත් පොඩි එකෙක් දෙන්නෙක් උස්සල උඩ දාපුවහම, පෙළපාලියක යන්න රුපියල් පන්සීයක් ,මාළු පාන් ගෙඩියක්, අරක්කු කාලක් ලැබුනම උන්ටත් මේ ඔක්ක්කොම අමතකයි.

ආපහු දුවන්නේ තාත්තාව රජ කරවන්න. තාත්ත රජවෙලා කොළඹ ඉඳියි. එක එයාගේ රාජකාරිය නේ. එයා පත්කරපු පඩත්තල නිලධාරි සැට් එක ආපහු පාරක් අර අහිංසකයින්ගේ රීරි මාංශ සුරගෙන කයි.

ඔන්න ඕක තමයි අපී දැන් තේරුම් අරන් තියෙන පරණ පරම සත්‍යය.

ඉක්මනින්ම මේ මිනිස්සුන්ගේ දුක් නිවේවා.. ඉක්මනටම වැස්ස ලැබේවා.



අදට නවතිමි..


38 comments:

  1. ඔබේ මේ ලියවිල්ල අගේ කරනවා විභිෂණ මම නම් දැන් ලංකාවේ නිවුස් බලන් නැති තරම් හැමදාම මැත්තෙක්ගේ,ඇමැත්තෙක්ගේ කුපාඩි වැඩක්....එහෙම නැත්තන් ආඩම්බරකාර තාත්තගේ අලුත් රැවටිලිකාර වැඩක් මන් නම් හිතන්නේ මේ කපේ මොකා ආණ්ඩුවට ආවත් අසරණ අහිංසක මිනිස්සුන්ගේ බඩට පහර වදින එක නවත්තන්න බෑ....
    නියගය කියන්නේ මොකක්ද කියලා ඇස්දෙකෙන් දැකලා....හොදට විදලා තියෙන නිසා ඒ මිනිස්සුන්ගේ අසරණකම ගැන හිතා ගන්න පුළුවන්.... ඉක්මනින් වැසි ලැබෙන ප්‍රාර්ථනයක් පමණක් කරන්නට තරම් මා අසරණ විම ගැන හිතේ ඇත්තේ කණගාටුවකි,නමුත් එකෙකු දෙන්නෙකුට එකතු වි කල හැකි දෙයක් නැත...

    ReplyDelete
    Replies
    1. //මේ කපේ මොකා ආණ්ඩුවට ආවත් අසරණ අහිංසක මිනිස්සුන්ගේ බඩට පහර වදින එක නවත්තන්න බෑ//

      ඇත්ත ශානු. කවුරුත් අසරණ මිනිස්සුන්ව ඒ වලෙන් ගොඩගන්න වැඩක් කරන්නේ නැහැ. මොකද එතකොට දුඋප්පත් කම , දුප්පත් මිනිස්සු, දුප්පත් කටු මැටි ගෙවල් වගේ marketing Strategies ඒ අයගේ Project Plans වලින් අයින් වෙනවා. එතකොට ඒගොල්ලොන්ට සිද්ධ වෙනවා වෙන වෙන strategies හොයා ගන්න. එක ටිකක් අමාරු වැඩක්. දුප්පත් මිනිහට මොනවහරි සහනාධාරයක් බෙදල ඡන්ද ගන්න එක ඊට වඩා ගොඩක් ලේසියි.

      Delete
  2. මේ දවස් ටිකේ මෙහෙටත් වතුර නෑ... මේ හතරවෙනි දවස... මොකක් හරි එකක් හින්ද වතුර කැපුවා කියමුකො... මහලොකු නගර සබාවක් තියෙනව... එක වතුර බවුසරයක් ආවෙ නෑ බොන්න වතුර ටිකක් දෙන්න.. කොළඹ 5 උනත් මේ පැත්තෙ ඉන්නෙ සල්ලිකාරයො විතරක්ම නෙවෙයි...

    ReplyDelete
    Replies
    1. ඇත්ත..එත් බොන්න වතුර ටික නැතිවීනකොට මිනිස්සු පත්වෙන අපහසුතාවය තේරුම් ගන්න තරම් මොලයක් ඔය ගොඩක් ඒසී රූම් වල ඉන්න නිලධාරීන්ට නැහැ.

      නගර සභාවලින් නගර වලට කෙරෙන ඇති මල ඉලව්වක් නැහැ හිරු..

      Delete
  3. නිකංම කෑම ලැබෙනවාට වඩා කුමක් හෝ වැඩක් නියම කරලා සහනාධාර දෙන සංකල්පය හොඳයි..ඒත් ඒ වැඩකරන අයට අවශ්‍ය බඩු සහ ඔවුන්ට අවශ්‍ය වතුර කෑම එහෙම දෙන එක මේ වැඩ පවරන අයගේ වැගකීමක්..

    ReplyDelete
    Replies
    1. එත් ඉතින් ඒ වගේ දෙයක් හරියට සංවිධානය කරගන්න මේ නිලධාරේ වසලයින්ට පුලුවන්ද කියල තමයි ප්‍රශ්නේ.

      Delete
  4. මිනිස්සුන්ට ඕන සහනාධාර විතරනං, ඒ මිනිස්සු වෙන වැඩක් කරන්නතේ නැත්තං, කම්මැලියෝ වගේ ඉන්නවනං, ඔය වගේ කුලියට වැඩ ගත්තට කමක් නෑ... හැබැයි දවස් පහක් නැහිල ලැබෙන්නේ 3000ක් නං. ඊට හොඳයි කුලියක් මලියක් කරගන්න එක.. එතැන අඩුම ගානේ දවසට 1000ක් වත් ලැබෙනවා..(හම්බන්තොට තරං කුලීවැඩ කරන්න තැන් කොහේවත් නෑ.. )
    කරුමේ කියන්නේ නියං සහනාධාර දෙනව කියල.. (සොච්චමක් දීල) වැව්වල රොන්මඩ අයින් කරන්න දීපු මුදල් ගසාකන එකයි...

    ජ ය වේ වා !!!!

    ReplyDelete
    Replies
    1. මේකෙ අරමුණ ඒක නෙවෙයි බං. මුන්ගෙ නරුම පාලන ක්‍රමය ගැන ඉතින් ඕනි අතදරුවෙක්ට තේරෙනවනෙ.

      Delete
    2. එත් සඳරුව, අතදරුවන්ට තේරෙන එක දේශප්‍රේමීන්ට තේරෙන්නේ නැති එකනේ කරුමේ.

      Delete
  5. මෙහෙමයි මචෝ...
    එයාලට වැඩක් කරන්න දීල සල්ලි දෙන එක හොදයි.. ඒත් මචෝ මෙච්චර කරලත් ලැබෙන්නෙ එච්චරයි කියන්නෙ මෙතන ලොකු අවුලක් තියේ...
    ඊටත් මෙහෙම වැඩ කරන අතර තුර එයාලට කන්න බොන්න එහෙම දෙනව කියල දන්නෑඋ නේද...
    මොනා වුණත් මේ වගේ මිනිස්සුන්ගෙන් ඔය වගේ වැඩ ගන්න එක නං අනුමත කරන්න බෑ...
    දැං කියන්න තියෙන්නෙ
    ගහෙන් ඇන්න මිනිහට ගොනත් ඇනල කොටියත් කෑව කියලතමයි...

    ReplyDelete
    Replies
    1. //ගහෙන් ඇන්න මිනිහට ගොනත් ඇනල කොටියත් කෑව කියලතමයි...//

      මේ මිනිස්සුන්ට විතරක් නෙමෙයි, අපි හැමෝටම දැන් මේ කියමන අදාලයි...

      Delete
  6. මරාගෙන කාපියව්..

    ReplyDelete
    Replies
    1. ඇත්ත මචන්..එච්චර තමයි අපිට දැන් කියන්න ඉතුරු වෙලා තියෙන්නේ..

      Delete
  7. මේක මහ කාලකණ්නි රටක් විභීෂණ. මේ අම්මගේ රටේ ඉපදුන කරුමෙ තමයි මිනිස්සු ගෙවන්නෙ. ඒත් ඔතන තියෙන හොඳම කරුමෙ තමයි, මිනිස්සුම තමයි තමන්ව මේ වහල්භාවයට පත් කරන පාලන ක්‍රමයට එකෙන්ම සහයෝගය ලබ දීල මේ පාලකයන්ට තමන්ගෙ ජීවිත බාරදෙන්නෙ.

    වැඩක් නෑ කතාකරලා.

    ReplyDelete
    Replies
    1. අපි ඉතින් පුදුම දේශප්‍රේමී, දෑ හිතකාමී ජනතාවනේ. එකනේ උද පැනගෙන කොලේ ඉස්සරහින් කතිරේ ගැහුවේ..දැන් ඉතින් විදවපල්ලකෝ කුම්බලා මාළු කාපු දුක..

      Delete
  8. මචෝ මේක මමත් දැක්කා.. මේක දැකපු ගමන් මගේ ඇඟේ මාළු නැටුවා.. වෙන කොහේවත් නෙමෙයි, ළොක්කගෙම මිනිස්සු.. මුන්ට වැහි නැති හෙන හතක් ගැහුවත් හිතට මදි.. මොන කරුම රටක්ද මේ..

    ReplyDelete
    Replies
    1. එක තමයි ලොක්ක..මේ වගේ බලු වැඩ ගැන අහන්න ලැබෙන කොට ටී වී කුඩු කරන්න හිතෙනවා..

      මුන් කරන බලු වැඩ වලට ඉක්මනටම මුන්ට ගෙවන්න වෙනවා..

      Delete
  9. දැන් කවුරුහරි දේශපාලකයෙක් සම්පූර්ණ වැරැද්ද නිලධාරීන් පිට පටවල. ස්පාර්ටකස් කෙනෙක් වෙලා ලකුණුත් දා ගනී.

    ReplyDelete
    Replies
    1. අනිවා..තාම ඒ එපිසෝඩ් එක ආවේ නැහැ..බලන් ඉම්මු..

      Delete
  10. මොන නරුම වැඩක්ද බං ඒ.. මෙච්චර දවස් ටිකක් වතුර පොදක් නැතුව ඉඳල මේ මිනිස්සුන්ට වැඩ කරන්න හයියක් තියේද.

    ReplyDelete
    Replies
    1. ආයේ කතාකරලා වැඩක් නැහැ මචන්..සහගහන අපාරාධ මෙව්වා..අර මීට කලින් මාතලන් බොස් කියල තියෙනවා වගේ මේ නිලධාරි කියල කියාගන්න බල්ලන්ට හෙන හත ගහන්න ඕන..

      Delete
  11. //"නියගයෙන් පීඩා විඳින ජනතාවට නියං සහනාධාර ලබා දීම අද ආරම්භ කෙරුනා.මෙම නියං සහනාධාර ලබා දෙන ක්‍රමය වන්නේ සිදී ගිය වැව් අමුණු වල රොන් මඩ ඉවත්කිරීම සඳහා ජනතාව සහභාගී කරගෙන ඉන්පසු මුදල් ගෙවීමයි."//

    මචං ඕක අලුත් කතන්දරයක් නෙමෙයි

    ඉස්සරත් ඕක තිබුනා මිනිස්සුන්ට නියං ආධාර දුන්නේ මරවල වැඩ අරං

    පායන කාලෙට වැව හාරන්න , ඇල වේලි සුද්ද කරන්ඩ ඕන ,

    මට මතකයි 1985 1986 වාගේ කාලේ මං හිටියේ අනුරාධපුරේ , අපේ වත්ත පල්ලෙහා තිබුනේ පොඩි වැවක් , පැත්ත පලාතටම තිබුන සොසිදෙන ලිං තුනෙන් එකක් වෙච්ච අපේ ලිදට වැවේ වැඩ කරන මිනිස්සු වතුර බොන්න එනව , වැවට මීටර් හාර පන්සීයක මායිමේ නල ලීං දෙකක් තිබුනා , එකක වතුර සමහරක් වෙලාවට නිකංම පිටට එන තරමට තිබුනත් කවුරුවත් ඒවා බොන්න ගත්තේ නැ , කිවුල් ගතිය ගොඩක් වැඩි හන්දා

    මං විස්තර අහනකොට අපේ අම්මා කියපු අංඩර දෙමලේ මට නොතේරුනාට අපේ තාත්ත කියුවා

    පායන කාලෙට වැව් හදන්ඩ උදව් කරහම බත් කන්ඩ හාල් පරිප්පු එහෙම දීලා සල්ලිත් දෙනව කියල

    මං ඇහුවා

    '' සල්ලි දෙන්නේ එයාලගේ පුතාලට ටොපි අරන් දෙන්ඩද කියලත් ''

    ReplyDelete
  12. //මේ වැඩ පිළිවෙලේ හැටියට මේ ගමේ කෙනෙක්ට නියං සහනාධාරේ හැටියට ආහාර මල්ලක් හරි මුදල් හරි ලබා ගන්න නම් ඔහු හෝ ඇය සිදී ගිය වැවක අඩියක් ගැඹුරු, අඩි 15ක් දිග අඩියක් පළල කොටසක රොන් මඩ ඉවත් කරන්න ඕන.//

    එහෙනං දැං හොදයි

    ඒ කාලේ වැව කැපිල්ල තිබුනේ ඔහොම නෙමෙයි , වැව් බැම්මට පස් දාන්ඩ කපන්නේ අඩි හතරයි හතර වගේ සයිස් වලවල් , වල කපන ගෑණි හරි මිනිහට හරි තනියම මිට කොට උදැල්ලෙන් කපල කූඩෙට පුරවල ගොඩට දෙන්ඩ පුලුවං සයිස් වලවල් තමයි කපන්නේ

    අඩුම තරමේ අඩි තුනක් හතරක් විතර උසයි

    දවසක් අම්මත් එක්ක මං ගියා වැවේ නාන්ඩ

    මං ඒකාලේ හරි පෙරේතයි අමු ඕලු හාල් කන්ඩ , කඩාගන්ඩ පුලුවං හරියක හොදට මෝරල තියනව දැක්කොත් , අනිවා කනව ,

    එදත් එහෙම එකක් කන්ඩ ගිහින් මාව වැටුනා කියහංකෝ ඔය වලක . ‍දෙතුන් පාරක් ....උක්කුං ...උක්කුං ....කියල වතුරත් පෙවිලා දගලනකොට , උඹලගේ අවාසනාවට මගේ කකුල වැදුනා වල ගැට්ටේ , යාන්තං ගොඩට ආවා , මොකවත් නොදන්න අම්මා තාත්තගේ කාකී කලිසමක් දත්මිටිකකා අපුල්ලනව ගලේ ,

    මාත් මොකවත් නොකියා සද්දේ වහල හිටියා , නැත්තං උන්දැ කලිසම වෙනුවට මාව ගලේ අපුල්ලනව

    ReplyDelete
  13. ඔය වලවල් වලට කියන ලස්සන විශේෂ නමක් තිබුනා , මට දැං ඒක මතක නැ ( වයසයිනේ )

    තව එකක් ඔන්න දැං කට්ටිය කමෙන්ට් කරන්නේ එහෙම නැ හිරිද

    '' අනේ තෝ මකබෑවුන්නැනේ කියල හරිද ''

    ReplyDelete
    Replies
    1. '' අනේ තෝ මකබෑවුන්නැනේ කියල හරිද ''
      අපෝ අපි එහෙම කියනවද බන් එක අපේම කරුමේ කික්‍යනවා මිසක්

      Delete
    2. අටම්, ජනතා සහාභාගිත්වයෙන් වැවක හරි ගමක හරි වෙන කොහේ හරි වඩක් කෙරෙනවා නම් එක බොහොම වැදගත් සහ අගය කල යුතු දෙයක්. එත් මෙතන වෙන දේ ඒ ගොඩට දාන්න මම කැමති නැහැ. හේතුවක් තියෙනවා. මේ මිනිස්සු සති ගානක් තිස්සේ නියගෙන් බැට කාල හෙම්බත් වෙලා ඉන්න කොට්ටාශයක්. ඒ වගේ අහිංසක මිනිස්සුන්ගේ අර වගේ බරපතල වැඩ ගන්නවා කියන එක කිසිම වෙලාවක අනුමත කරන්න පුළුවන් දෙයක් නෙමේ. අනික මුළු රටේම පාරවල් හද්දන මේ කාලේ , මේ වැව හාරන්න ඩෝසර් බැකෝ කීපයක් හොයාගන්න එක එච්චර දෙයක් වෙන්න බැහැ. එව්වා කරගන්න ඉතින් මොලේ තියෙන නිලධාරී ටිකක් ඔය වගේ තැන් වල වැඩ කරන්න ඕන. මළපොතේ අකුරක් දන්නේ නැති බත් ගොට්ටෝ ටිකක් දාගත්තම මේ වගේ බලු වැඩ වෙන එක අහන්න දෙයක් නෙමේ.

      Delete
  14. අපේ ඉතින් වැඩක් වුනොත් වෙන්නේ ඔහොම දෙයක්ම තමයි.. අහිංසක මිනිහව පුළුවන් තරම් හුරං කන එක තමයි වෙන්නේ..

    දැන් ඔන්න බලපංකෝ කවුරු හරි එකෙක් ඇවිල්ලා මේක අපිට පෙන්නලා දුන්නට මාද්‍යට සෑහෙන්න ස්තුති කරලා බොරු ආටෝපයක් දාලා යාවි.. හැමදාම වෙන්නේ ඉතින් ඒකනේ..

    ReplyDelete
    Replies
    1. අනිවා..දිනේෂ්..කිව්වත් වගේ අන්තිමේදී සිරස තමයි ගොඩ යන්නේ..

      Delete
  15. කොතනින් කවුරු කොහොම වරද්දගත්තද කියලා හොයාගන්න බෑ.... එත් මේ යන විදියට ගොඩ ගන්නනම් සැහෙන්න අමාරුවෙයි විබිෂණ දෙකෝ........... (දැන් එතකොට උබත් රජෙක්ද බන් ???)

    ReplyDelete
    Replies
    1. අනේ මන්ද ..හැබැයි එකක් ෂුවර් ගොඩ එන්න සෑහෙන්න අමාරු ලිඳකට තමයි මේ සැරේ වැටිලා තියෙන්නේ...

      බලමු බලමු..හැමදාම බමරේ වැල්ලේ කැරකෙන්න බැහැනේ.

      ----
      \\(දැන් එතකොට උබත් රජෙක්ද බන් ???)\\

      දන්නේ නැහැ...හැබැයි එහෙම හිතාගත්තට අබමල් රේණුවකවත් හිතේ කහටක් නම් නැහැ..

      Delete
  16. මාතලන් අයියන්ඞි පොස්ට් එකේ දැම්ම කමන්ටුවෙි කිව්වෙත් බෙිබිලාට රේස් පදින්න රගර් ගහන්න රෝකට් අරින්න වියදම් කරන රටෙි ඞෝසරයක් අරගෙන දෙන්නේ නැතුව වහල් වැඞ ගන්න මුන්ගේ අම්මලට හැම නියං කාලේකදිම වතුර ලැබෙන්න ඔිනේ.
    ලිපිය නම් එල ද බ්‍රා.

    ReplyDelete
  17. තැනක් යූ සංජීවය,,,

    ReplyDelete
  18. දවස් ගානක් කන්න නැතුව හිටිය එකෙකුට වවාගෙන කාපන් කියනවා වගේ වැඩනේ මේ. මුන් දන්නේ රොබෝලා වගේ හිතන්න. චක්‍රලේඛන ඉස්සරහ මිනිස්සුත් බලුවෙනවා, නිලධාරීත් බලුවෙනවා.

    ReplyDelete
    Replies
    1. බල්ලොත් වටිනවා බන් මුන්ට වඩා...

      Delete
  19. සත්‍ය යේ සටහන බුද්ධියේ විමසුමට!

    ReplyDelete
  20. ඒ කියන්නේ මේ වැවේඬැඩ කරන මිනිසුන්ට වෙන කරන්න වැඩක් (රැකියාවක්) නෑ ක්‍රින එක නේද?

    ReplyDelete
    Replies
    1. ඇත්ත..එත් මෙතන ගොඩක් ඉන්නේ ගෘහමුලිකය රස්සාවට ගෙදරින් ගියායින් පස්සේ ගෙදර ඉන්න කට්ටිය..බිරින්දෑවරු , ළමයි, වයසක කට්ටිය වගේ ය.

      Delete

කමෙන්ට් කලාපය....