2014-08-31

යක්ස සවුක්කිය

ඉල්ලන්කාවේ සෞඛ්‍ය සේවේ ත් දැන් යක්සයින්ගේ පාරාදීසයක් , ත්‍රස්තවාදීන්ගේ තිප්පොළක් වී හමාරය.

මුන් කෙලින්නෙම දුප්පත් අහිංසක මිනිහටමය. 
සාමාන්‍ය මිනිස්සු මහන්සි වෙලා වැඩකරලා හොයාගන්න තුට්ටු දෙකෙ ට ගහන බද්දෙන් මේ සෞඛ්‍ය සේවේ ඉන්න උන්ට පඩි නඩි  ගෙවනවා කියල එකෙක්ට මතක නැත.

පට්ට අහිංසක මුණක් මවාගෙන පට්ට පජාත වැඩකරන එවුන්ට අපි කතාවට කියන්නේ බැටළු හම පොරව ගත්තු වෘකයන් කියලය.

එත් මෙතනදී මේ සෞඛ්‍ය සේවේ ඉන්න එවුන්ට කියන්න වෙන්නේ  සුදු ඇඳගත් යක්ෂයින් කියලා මිසක් එතනින් මෙහා කිසිම උපමාවක් නම් නොවේ ය.

එහෙම නොවුනොත් අර බැටළු වයි වෘකය යි දෙන්නම පොලව හාරාගෙන ස්වර්ගස්ථ වෙන එක ෂුවර් ය.

කොටියා කලේ නිකම් ඉන්න සාමාන්‍ය මිනිස්සුන්ව ඉස්සරහට දාල පිටිපස්සේ ඉඳන් වෙඩි තියපු එකය.

එවෙලේ උන් ප්‍රාණ ඇපයට ගත්තේ සාමාන්‍ය මිනිස්සුන් වය.

මේ යක්සයෝ කරන්නේ අහිංසක ලෙඩ්ඩු න්ව ප්‍රාණ ඇපයට අරන් ආණ්ඩුවේ දත් ගලවන එකය.

උන්ට යන පඩේ ටත් වගකියන්න ඕන මේ ආණ්ඩුවය.

මේ සවුක්කිය මගුලේ ඉන්න හැත්ත බුරුත්තටම හැමදාම මොකක් හරි ප්‍රශ්නයක් ය.

එක කාලෙකට දොස්තරලා ස්ට්‍රයික් ය. තව කාලෙකට නර්ස් ල ස්ට්‍රයික් ය. තවත් කාලෙකට අර අටේන්ඩන්ට් එවුන් ස්ට්‍රයික් ය.

මීට මාසෙකට දෙහෙකට උඩදී නර්ස් ලයි මිඩ් වයිෆ්ලායි මරා ගත්තේ ඉස්පිරිතාල උන්ගේ මහා එවුන්ගෙන් හම්බු වෙච්ච බුදල් කියල හිතාගෙනය.

බෙහෙත් ගබඩා ලොක් කරලා යතුර අරන් ගිය, ළමය හම්බවෙන්න ඉන්න අම්මට සිහි නැති කරලා තියෙටර් එකෙන් පිටවෙච්ච මිනීමරු නර්ස් ල  මිඩ් වයිෆ් ල ගැන මේ කාලෙදී අපිට අහන්න ලැබුනේ ය. 

එහෙම ඇහෙන කොට උන්ට කරන්න ඕන කියල විභීෂණ ට හිතිච්ච සමහර දේවල් මෙතන ලියන්නට බැරිය. 

හැබැයි ඉතින් චෑන්ස් එක හම්බුනොත් නොකර ඉන්නෙත් නැතිය.

ඔන්න දැන් අර පරිප්පු රක කියල සෙට් එහෙකුත් ස්ට්‍රයික් වලට බැහැල .

මේ තව මිනීමරුවෝ කට්ටියක් ය.

ඉස්පිරිතාල වල බෙහෙත් බෙදන්න, ඊසීජී ටෙස්ට් x ray ටෙස්ට් අර ටෙස්ට් මේ ටෙස්ට් කරන්න දැන් කවුරුත් නැත.

අසාධ්‍ය ලෙඩ්ඩු කබලෙන් ලිපට වැටිලා ය. 

මේ මිනිස්සුන්ට සල්ලි බාගේ තිබ්බනම් කොහේ හරි දිස්පන්සරි යකින් සල්ලි ගෙවල බෙහෙත් අරගන්නවා මිසක් මේ  ගොබ්බයින්ගේ ගුබ්බායම් වලට රිංගන්න එන්නේ නැත.

මේ මිනිස්සු මේ ඉස්පිරිතාල කියල කියන අපාය වල වලට එන්නේ බැරි කම හින්ද මිසක් වෙන කිසිම රෙද්දක් හින්ද නම් නොවේ කියල හැමෝම දනී.

මේ  ඊයේ පෙරේදා ආරංචි වුනේ ඉස්පිරිතාලෙක බෙහෙත් ගන්න පෝලිමේ ඉන්නැද්දි ම එක වයසක කාන්තාවක් මැරිලා වැටුණු බවය.

තමන් මැරිලා වටෙනකම්ම ඒ අසරනීට පෝලිමේ හිටගෙන ඉන්න සිදුවී තිබී ඇත.

මොකද..එතන බෙහෙත් දෙන්න එකෙක් ඉඳල නැත. ඒ පරිප්පුවා ස්ට්‍රයික් එකේ ය.

ලෙඩ්ඩු එකා පිට එකා පෝලිම් වල මැරිලා වැටුනත් උන්ට අවුලක් නැත. උන්ට ඕන මස් රාත්තල් මිසක් වෙන ඉටිගෙඩියක් නොවේය.


ලොක් කරලා යතුරු අරන් ගිය බෙහෙත් අල්මාරි කඩල අසරණ ලෙඩ්ඩුන්ට බෙහෙත් බෙදල දෙනකොට මේ වේස බල්ලෝ මාධ්‍ය ප්‍රකාස නිකුත් කරලා කියන්නේ ඒ විදියට බෙහෙත් දෙන එකට  උන් එකඟ නැති බවය. ඒ බෙහෙත් ආරක්‍ෂිත නැහැල්ලු. කල් ඉකුත් වෙලාලු.

මේ වෙලාවට "තොපේ මාධ්‍ය ප්‍රකාශ ගහගනියවූ තොපේ පුකේ " කියල කියන්න හිතෙන්නේ විභීෂණ ට විතරක් වෙන්න බැරිය.

වාසනාවට මේ දවස් වල දොස්තරලා ට ස්ට්‍රයික් කරන්න හොඳ හේතුවක් හොයාගන්න ලැබී නැත. එහෙම හොඳ හේතුවක් හොයාගත්ත දවසට ඒ උෂ්නෙත් විඳින්න වෙන්නේ අපි ඔබ වගේ සාමාන්‍ය ජනතාවට මය .

තමන් කරන්නේ ඔෆිස් ජොබ් එකක් නොව කලොත් ජාති ජාතිත් පින් සිද්ධ වෙන රාජකාරියක් දේව කාරිය කියල මේ හැමෝටම අමතක වෙලාය.


කොටිය සොරොව්වක් වහල ආණ්ඩුවට තගක් දැම්මේය. ඌ හිතුවේ කලින් වගේම මේ  සැරෙත් ආණ්ඩුව කොන්ද බිමින් තියයි කියලය. එත් වුනේ වෙන දෙයක් ය.

කොටියට වතුර සයනයිඩ් වලට වඩා විස විය. සනුහරේම නැති බන්ගස්ඨාන විය.

මහා කොටිය වෙඩි කාගෙන කලපුවකින් අසු විය.

දැන් මේ පරිප්පු ලොක්කෝ කරන්නේ මාධ්‍ය ප්‍රකාස නිකුත් කරලා ආණ්ඩුවට තග දාන එකයි. 

ඉල්ලන්නේම මස් රාත්තලයි.

එත් එදා කොටියට නැති වෙන්න දුන්නු ආණ්ඩුව මෙදා මේ පරිප්පු ගොබ්බයො ඉස්සර හා දෙකට තුනට හතරට හෝ පහට නැවී ඇත.

හොඳම උදාහරණය ගිය සතියේ දවසක අපේ සවුක්කිය ඇමති සිරිසේන මහත්තය "අනේ ලෙඩ්ඩු ගැන හිතල ආපහු වැඩට එන්න " ලියල මේ පරිප්පුවන්ගෙන් ආයාචනය කිරීමය.

දැන් කොහෙද මේ ඉල්ලන්කාවේ ආණ්ඩුවේ කොන්ද?

ඒ කාලේ ඉස්ටේජ් කුඩුවෙන්න ලොකු තාත්ත ඇතුළු හැමෝම බෙරිහන් දුන්නේ ප්‍රශ්න නැති, කන්න බොන්න හම්බ වෙන පට්ට ආශ්චර්යයක් මවන්න ඒ අයට  පුළුවන් බවය.

එත් දැන්නම් එක ආශ්චර්යයක් නොව ASSචර්යයක් බව දැන්නම් හැමෝටම වගේ(දේශප්‍රේමීන්ට හැර) තේරුම් ගොස් හමාරය.

ලෝක බැංකුවට ගහල තිබ්බයි කියන ප්ලග් එකකුත් ගලවන්න ඒ ගොල්ලෝ ඒ කාලේ සූදානම් විය.

ඔය ගොල්ලන්ට අමතක නම් ගිහින් අහල බලන්න අර "සීගිරි විමලේ " ගෙන්.

අවුරුදු හත අටක් තිස්සේ උන්නැහ ඒ ප්ලග් එක හොයන්නේය.

එච්චර පවර් එකක් තිබ්බ ආණ්ඩුවක් පරිප්පුවෝ ඉස්සරහ මෙච්චර කිච වී ඇත.

"ලැජ්ජයි හලෝ ලැජ්ජයි..ඔහෙලට ඔහෙලගෙ ගම්මිරිස් කොලේට ඡන්දේ දුන්නටත් ලැජ්ජයි"

අපිට සිරිපාල ඇමතිගෙනුත් ලොකු තාත්ත ගෙනුත් ඉල්ලන්න තියෙන්නේ කොහෙවත් යන දෙකයි පනහේ පරිප්පුවන් ට කිච නොවී තමුන්ට ඡන්දේ දුන්නු අහිංසක මිනිස්සුන්ට ලෙඩට දුකට බෙහෙතක් ගන්න පුළුවන් විදියට මේ ඉස්පිරිතාල ටික හදල දෙන්න කියල ය. 
ඔයගොල්ලෝ ඉන්නේ ප්‍රශ්න විසඳන්න මිසක් කාගේවත් ඉස්සරහ වැඳ වැටෙන්න නොවේය.

කාටහරි ප්‍රශ්න තියෙනවනම් එව්වා කලට වෙලාවට විසඳන එක ඔයගොලන්ගේ වගකීමය. 

ඔහෙලට නොදැනුනාට මේ සෞක්කිය අංශෙ අයටත් ඒ ගොල්ලන්ට දැනෙන ආර්ථික ප්‍රශ්න එමටය.

ප්‍රකාශනය අසාධාරණ වුනත් , මිනීමරු වුනත් ප්‍රශ්නේ සාධාරණ වෙන්නට පුළුවන.

ඒවා සොයා බැලීම ඔබලාගේ වගකීමය.

බලය දුන්නේ ඒ වගේ දේවල් වලට මිස බොරු පම්පෝරි ගහන්න, ඉස්ටෙජ් කුඩු කරන්න , එක එකාට ගේම් දෙන්න නොවේය.

පාවෙන පොළවල් , හයි වේ මේ රටට ඉතා හොඳ වෙන්න පුළුවන. 

ප්‍රශ්න කුරුවල් වෙන්න දෙන්නේ නැතිව විසඳන එක ඊටත් වඩා හොඳය.

සාමයෙන් සාමාදානයෙන් ඉන්න මිනිස්සු ටිකක් ඊටත් වඩා හොඳය.

යුද්ධෙ දිනපු එක ඇරෙන්න ඔහෙලා ආව කියල විසඳුනු වෙන මොන මලදානයක්වත් තාම නැත. 



පරිප්පුවන්ට, නර්ස් ලට , මිඩ් වයිෆ් ලට, දොස්තර ලට කියන්නත් දෙයක් ඇත.

ඔහෙලා  හැමෝම ඔය සබ්ජෙක්ට් එක ඉගෙන ගත්තෙත්, ඉගෙන ගෙන කරන රස්සාවට පඩි ගෙවන්නෙත් මේ අපි වගේ රස්සා කරලා තුට්ටු දෙකක් හම්බ කරන මිනිස්සු න්ගේ න් අය  කරගන්න බදු වලින් මිසක් ඔහෙලගෙ සීයල මුත්තල දේපල වලින් නොවේ ය.

විභීෂණ ඇතුළු අපි හැමෝම සෞක්කිය අංශෙ ඉන්න අයට සලකන්නේ දෙවිවරුන්ට වගෙය.

විභීෂණ ත් මීට අවුරුදු හතරකට විතර  කලින් ආණ්ඩුවේ ඉස්පිරිතාලේකදී බරපතල ශ්ල්‍යකර්මෙකට මුහුණ දීල ජීවිතේ බේරාගත්තු කෙනෙක්ය.

එදා මට බෙහෙත් දීපු, ඉන්ජෙක්ෂන් ගහපු, ලේ චෙක් කරපු, ඔපරේෂන් කරපු, මාව ඇඳට දාපු  ඒ හැමෝම තාමත් මටත් මගේ පවුලේ හැමෝට මත් දෙවි වරුය.

මැරෙන්න ඉන්න මිනිහව බේරගන්න ඉන්න , ඒ දේ කරන්න පුළුවන් ඔහෙලා මිහිපිට ජීවමාන දෙවිවරුය.

එත් සල්ලි බලාගෙන , අනිකට ලැබෙන දේවල් වලට ඊරිසියා කරගෙන ශයිලොක් ලා වෙන එක ඔය සුදු ඇඳුමට , සුදු කෝට් එකට එච්චර ගැලපෙන්නේ නැත.


ලේසිම දේ වැඩ වර්ජනය වෙන්නට පුළුවන. එත් දෙවිවරු වැඩ වරණ කොට මිය යන්නේ අහිංසක මිනිස්සුය.

ඒ අසරණයින්ට වඩා ඔහෙලා හොඳට ඉගෙන ගත්තු අයනේ.

එහෙනම් ඔය මොලේ කියන දේ පොඩ්ඩක් පාවිච්චි කරලා හදවත පොඩ්ඩක් ක්‍රියාත්මක කරලා ඇස ඇරලා බලන එක හොඳය.

ඒ මිනිස්සුන්ට ප්‍රයිවට් තැන් වලට් ගෙවන්න කාසි නැත.

දුප්පත් මිනිහගේ අතට සල්ලි ඇවිත් දුප්පත් කමින් ඒ මිනිහ මිදෙන ජාතියේ වැඩ පිළිවෙලක් මේ බහුබූත රෙජීම් වලින් ක්‍රියාත්මක වෙන්නේ නැත.

වෙන එකක් තියා තමන්ගේ දරුවට බඩ පිරෙන්න කන්න දෙන්නත් මහා හටනක් කරන්න ඒ මිනිස්සුන්ට සිද්ධ වී ඇත.

එහෙව් එකේ ලෙඩක් දුකක් හැදුනම ඔහෙලා ලඟට එන ඒ අසරණයින්ට ඔහෙලා ළඟ තියෙන රැස්පොට් පෙන්නන එක ඔහෙලට හොඳ නැත.

දැන් තියෙන්නේ එහෙම එකක් ය. නිදහස් නැති , "යක්ෂ සෞක්කිය " ය.

දැන් ඔහෙලා අධිකරණ නියෝගෙටත් පයින් ගහල නේ තියෙන්නේ.

ප්‍රවේසමෙන්.

ඔහොම දිගටම ගියොත් සෙරෙප්පු පාරවල් එච්චර ඈතක නොවෙන බව හොඳට ඔලුවේ තියාගන්න.

සිරිපාලත් ප්‍රවේසමෙන්..
====================<>====================
ඉස්පිරිතාල අරක්ගත්තු මිනීමරුවෝ කරන වැඩ හින්ද සිද්ධ වෙන දේවල් අහල දැකල ඇතිවෙනා ආවේගෙට විභීෂණ මෙහෙම හතර වටේට නෙලලා පොස්ට් එක දැම්මට පඩිය දෙවෙනි කොට සලකන , තමන් ලඟට එන අහිංසක ලෙඩා තමන්ගේම  සහෝදරයෙක්, සහෝදරියක් ,අම්මෙක්, තාත්තෙක්,දුවෙක්, පුතෙක් විදියට සලකල බේත් හේත් දෙන ඇත්තටම දෙවි වරු වගේ වැඩ කරන යහපත් අය බොහොම සුලු ප්‍රමනෙකුත් මේ ඉස්පිරිතාල ඇතුලෙම  සේවය කරනවා. සුළුතරයක් වුනත් ඒ අයට හිස නමා ආචාර කරන්න විභීෂණ සහ රටේ ජනතාව කවදාවත් පසු බට වෙන්නේ නැහැ.





42 comments:

  1. වැඩක් නෑ අප්පා... පීලින්ග් මාවලස් තමා ... ආණ්ඩුව සවුක්යට බයයි..

    ReplyDelete
    Replies
    1. මේ ආණ්ඩුව නොකරන එකම වැඩේ ආණ්ඩු කරන එක විතරයි.

      අනිත් හැම මලදානෙම කරනවා..

      පීලින්ග් මාවලස් ම තමයි..

      Delete
  2. පහත් තැනින් යයි ගලා ජලේ වේගයෙන් . ..
    දිළිදා සෝකෙන් තැවී ලෝකේ සදායේ
    පහත් තැනින් යයි ගලා ජලේ ..

    අහෝ දුප්පතාගේ කුසේ ගිනි නැගේ
    කෙසේ වාවමී ලෝ නැගී පාපෙනි ..
    අහාර සොයා සිඟා යාවි මේ දුප්පතා
    ඔහෝ සත්තු එලවාවී නැහැ නැහැ කියා

    තුරුලේ නළවාවී ආලෙහි කොනක තියා
    පහත් තැනින් යයි ගලා ජලේ
    සමාජෙහි නින්දාව දුප්පත් නිසායි
    සියල්ලක්ම මැකී යන්නේ වස්තුව බලෙන් ..

    පුදා ප්‍රාණ යුක්ති රකී දුප්පතා ...//
    කඩා වී සමාදාන පොහොසත් නිසා
    දිළිදා නෙරපාවී සොහොනෙහි මිනි වල කපාලා ..
    පහත් තැනින් යයි ගලා ජලේ ..

    ගායනය - ජික්කි
    පද - ඩ්.ට් ප්‍රනාන්දු
    සංගීතය - එස් .එස් වේදා
    (ජීවිත සටන - 1957 )
    සමහර පද වල වැරද්දක් තිබේ නම් නිවැරදි කිරීමට කාරුණික වෙන්නෝ ...(මට සමහර වචන ඇහුන විදිහට තමයි ලිවේ )

    ReplyDelete
    Replies
    1. තැනක් යූ වේවා සින්දු ඇනෝ...කොහොම හරි ටොපික් එකට මැච් වෙන සින්දුවක් හොයල ශෙයා කලාට...

      Delete
    2. ඔය තියෙන්නේ...

      මැලේ..මචන් කතාව නම් සහතික ඇත්ත...

      Delete
  3. ගොඩක් ආවේගයකින් ලිව්ව ලිපියක් වගෙයි ...... සල්ලිවලට ජීවිත බිල්ලට දෙන ව්‍යෛද්‍යවරු වගේම සල්ලි බලන්නැතිව වැඩ කරන දෙවිවරු වගේ ව්‍යෛද්‍යවරු ත් ඉන්නව ....අද කාලෙ ජීවත් වෙන්න සල්ලි ඕන තමයි ..හැබැයි සල්ලි වලට නැමිලා මනුස්සකම පැත්තකට දාන මිනිස්සු ගැන නම් හරිම අපැහැදීමක් ඇතිවෙන්නෙ ... තමන් ව්‍යෛද්‍යවරයෙක් උනේ,හෙදියක් උනේ තමන් හම්බ කරපු සල්ලි වලින් නෙමේනේ.තමන් ඉහලට ආපු නිදහස් අධ්‍යාපනේට ඔය තමන් ලඟට ඇවිත් වැඳ නොවැටී වැඳ වැටී බෙහෙත් ඉල්ලන හැම මනුස්සයාම දායක උනා කියන එක අමතක වෙන්න තරම් කුහක උනාද කියන එකයි අහන්න ඕන.ඉල්ලීම් වෙනුවෙන් අරගල කරන්න ඕන හැබැයි ඔය අසරණ මිනිස්සුන් ගේ ජීවිත බිල්ලට නොදී...............

    ReplyDelete
    Replies
    1. ආවේගයක් ඇතිවීම සාධාරණයි...

      ඒ වගේම සල්ලි ගැන නොබලා දෙවිවරු වගේ වැඩ කරන කොට්ඨාශයකුත් ඉන්නවා.

      ඒ අය වෙනුවෙන් පොස්ට් එක පොඩ්ඩක් එඩිට් කරනවා.

      Delete
  4. ලියලා තියෙන ටික නම් ඇත්ත.. ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න එයාලා බය නෑ.. අන්න ඒකයි කේස් එක..

    ReplyDelete
    Replies
    1. අපිට එක නර්ස් කෙනෙකේ, එක දොස්තර කෙනෙක්, එක ඇටෙන්ඩන්ට් කෙනෙක් උනාට එයාලට අපිව තවත් එක ලෙඩෙක් විතරයි...

      Delete
  5. දැන් මට බ්ලොග් ලියන එක නැවත්තුවත් දුක නෑ.. පට්ට කියන්නේ වල්ල පට්ට..

    පොඩ්ඩක් හිටහන් ලොක්කා විසඳයි..

    ReplyDelete
    Replies
    1. අනේ මේ..මාතලන් බොස්..මහත්තයෝ..සර්...කියන තැනකට වඳින්නම්...

      අපිව දාල යන්න නම් හදන්න එපා...

      කතන්දරත් නැති එකේ ඔහෙත් ගියොත් අපිට පිස්සු හැදීල තියෙයි...

      ඔන්න වැන්ද ...අත අරිනවනම් නෙවයි රජෝ...

      Delete
    2. අන්තිමේ දී ඉතින් ලොක්කට තමයි හැම මගුලම විසඳන්න වෙලා තියෙන්නේ...

      Delete
  6. වැඩේ කියන්නෙ විභී මචෝ, ඔය රතු පාටින් ලියලා තියෙනවා ජාතියෙ උදවිය අතේ ඇඟිලි ගානට හිඟ වෙච්ච එකයි!!

    හැම ක්ෂේත්‍රයකම පාහේ රාජකාරිය දේවකාරිය කර ගත් උදවිය වඳ වෙලා ගිහින් දැන් ගොඩක් කල්!!

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත ප්‍රියා...
      රාජකාරිය දේවකාරිය කර ගත් උදවිය වඳ වෙලා යුනියන් වල වැඩ දේවකාරිය කරගත්තු එවුන් රජ වුනාම මෙහෙම තමයි...

      Delete
  7. ලංකාවේ දොස්තරලාගෙයි ක්‍රිස්තියානි කාරයන්ගෙයි අපූරු සම්භන්ධයක් තියෙනවා
    ක්‍රිස්තියානි කාරයෙක් හැමවිටම කරන්නේ දෙමල නාසිවාදයට සුදුහුනු ගාන එක
    ඒ වගේම දොස්තරලා හැමවිටම කරන්නේ ගබ්සාවට සුදුහුනු ගාන එක
    කාලෝ ෆොන්සේකා ක්‍රිස්තියාන/ දොස්තර කෙනෙක් ඒ නිසා එයා ඔය දෙකටම සපෝට්

    ReplyDelete
    Replies
    1. මාතෘකාවට අදාල නැත..

      Delete
    2. ආගමක් දහමක් නොඇදහුවත් අනුන්ගේ ආගම් ජාති වලට ගරහනවට මම සම්පුර්ණයෙන්ම සහ එකෙන්ම විරුද්දය.

      Delete
  8. තමුනනැහෙට ‍ වැරදීමක් වෙලා තියෙනවා මෙහෙමෙ "ළමය හම්බවෙන්න ඉන්න අම්මට සිහි නැති කරලා තියෙටර් එකෙන් පිටවෙච්ච මිනීමරු නර්ස් ල මිඩ් වයිෆ් ල ගැන මේ කාලෙදී අපිට අහන්න ලැබුනේ ය.". නිර්වින්දනය කරන්නේ නැතිනම් සිහිය නැති කරන්නේ නර්ස්ලාවත් මිඩ් වයිෆ් ලාවත් නොව නිර්විනදන කටයුතු බාර වෛද්‍යවරුන්ය නැතිනම් නිර්ව්නිදන වෛද්‍ය වරුය. ඔබ කියන ආකාරය‍ට මෙතන වි ඇත්තේ බල්ලාගේ වැඩේ බූරුවා කිරීමක්ය. නමුත් මා දන්නා ආකාරයට එවැන්නක් සිදු නොවේ. එ් ගැනත් විමසිලිමත් වීම මැනිවි

    ReplyDelete
    Replies
    1. ඇත්ත..ඇත්ත..

      ලියපු විදිය වැරදියි තමයි..

      සිහිනැති කරලා තිබුන අම්මව තියෙටර් එකේ දාල ගියා කියල වෙනස් වෙන්න ඕන...

      මම මේ සිද්ධිය දැක්කේ පත්තරේකින්...

      වැරැද්ද පෙන්වීම ගැන බොහොම ස්තුතියි ...

      Delete
  9. ප්‍රේමදාස කිව්වලු මොකා ස්ට්‍රයික් කලත් මට හමුදාව දාලා බස් දුවවන්න පුලුවන්, තෙල් ගහන්න පුලුවන්... ඒත් දොස්තරලා වෙනුවට හමුදාව ලවා ලෙඩ්ඩු ඔපරේෂන් කරවන්න බෑ කියලා... මෙන්න මේ Replace කරන්න බැරි වාසි‍යෙන් ඔවුන් උපරිම ප්‍රයෝජන ගන්නවා.
    බලාගෙන විභීෂණ, දැන් දොස්තරලා ටික නලාව කරට ඇරං එයිද දන්නෑ බොටයි මටයි දෙන්න, අර පැරාට දුන්න වගේ...දුවපියෝ.

    ReplyDelete
    Replies
    1. ඔවු ඔවු

      අපේ පස්සෙන් එන්න නම් කට්ටිය පෝලිමේ ඉදගෙන ටිකටුත් ගනියි...
      ------------

      සමාවෙයන්...

      මට පොඩ්ඩක් කියනවද පැරා ට මොකක්ද වුනේ කියල...

      පැරා ගේ බ්ලොග් එක මට ගොඩක් වෙලාවට මිස් වෙනවා...

      Delete
    2. ඔක්කොම හොයන්න ලේසි නෑ. පැරාගෙ ලිපි එකතුව බොහොම දිගයි. එයාගේ දේශපාලන දැක්ම සමග එකඟ වෙන්න බැරි වුනත් පුදුම ධෛර්යයකින් පැරා ලියන්නේ. බලන්න වටින බ්ලොග් එකක්. Average idea එකක් ගන්න මෙන්න මේ ලින්ක් දිගේ යන්න.
      http://www.w3lanka.com/2010/10/challenge-to-government-medical.html
      http://www.w3lanka.com/2010/10/2.html
      http://www.w3lanka.com/2011/07/indian-phobia-of-sri-lanka-government.html
      ඔහොම නෙමෙයි එකසිය ගානට කමෙන්ට් ආපු ලිපි තිබුණා.

      Delete
    3. පට්ට බ්ලොග් එකක්...

      එයි..මේකේ කමෙන්ට් කරන්න ඇනෝ කෙනෙක් විදියට රෙජිස්ටර් වෙන්න ඕනද බන්..?

      බලහන්කො වැඩි හරියක් තියෙන්නේ ඇනෝ කමෙන්ට් නේ...

      Delete
    4. පැරා එක්ක නෙමෙයි පැරාගේ ධර්මය ගැන සෑහෙන පිරිසකට ගේමක් තියෙන බව පේනවානේ. හැබැයි කස්ටිය Reply එක දෙන්නේ පැරාගේ ගුරු සේවයයි නෝනගේ සෞඛ්‍යය සේවයයි පැරාගෙ මරුටියයි ඇදගෙන. ඒ කමෙන්ට්ස් වල විනෝදයක් නැත්තෙමත් නෑ. ඒත් පැරා පව්. ඌ දිගටම ලියනවා පට්ට ලියවිල්ලක්. හැම මගුලම ගැන ලියනවා. ආයි නිවුස් බලන්න ඕනිම නෑ.
      මචෝ, දැන් අර ඇනෝ සෙට් එක එයිද දන්නෙ නෑ ඇනේ කරේ තියාගෙන... දුවපියෝ.

      Delete
    5. ඒ සෙල්ලම් මෙහෙ බැරි යො...

      මෙහෙ ඇනෝ බ්ලොක්.

      Delete
  10. විභී..... කියන්න ඕන සේරම ඔබ අපූරුවට කියලා. පට්ටයි !

    ReplyDelete
  11. විභීශන ගෙ අය්යා තුමා වන රාවනා රජ්ජුරුවොත් හොඳ pediatrician කෙනෙක් කියලනෙ කියන්නේ. ලෝකෙ ප්‍රතම pediatric text book එක වන "බාලකුමාර තන්ත්‍ර චිකිත්සාව" පොත ලිව්වෙත් එතුමා නේ.

    ReplyDelete
    Replies
    1. අනේ මන්ද සරසෝ...

      එච්චර නම් මම දන්නේ නැහැ..

      කියල දීපු එක ට නම් බොහොම ස්තුතියි...

      Delete
  12. විභීෂණ,මට මෙන්න මෙහෙම හිතුණා.යමෙක් හෝ යම්කිසි කණ්ඩායමක් විවේචනය කරනවා නම් දොස් කියනවනම් එය සමබර විය යුතුයි.සතර අගතියෙන් තොර විය යුතුයි.ඒකපාක්ෂික නොවිය යුතුයි.ආවේගශීලිව පහර ගැසීම නොකළ යුතුයි.
    දැන් මට පෙනෙන හැටියට ඔබේ පෝස්ටුවේ පරිපූරක වෛද්‍යවරුන්ගේ පාර්ශවයෙන් අදහස් දැක්වීමක් වෙලා නෑ.ඔවුන් කරන දේ වැරදි වෙන්න පුළුවනි නමුත් ඔවුන්ටත් මතයක් එහෙම නැත්නම් කියන්න දෙයක් ඇති නේද?අන්න එයත් මෙතන සටහන් වුනා නම් පෝස්ටුව සම්පූර්ණයි.එහෙම නැත්නම් අසම්පූර්ණයි ඒකපාක්ෂිකයි.
    මට පරිපූරක වෛද්‍යවරුන් සමග මොනම ආකාරයක හෝ සම්බන්ධයක් නැහැ.මම මේ ටික කිව්වෙ පොදුවෙයි.මේ ප්‍රශ්නය නොවෙයි වෙනත් දෙයක් ගැන ලිවීමේදී හෝ මේ ගැන සැලකිලිමත් වෙනවා නම් හොඳයි කියන්නටයි.

    ReplyDelete
    Replies
    1. හැලපෙ...

      බොහොම ස්තුතියි අවවාදේ ට..

      අනිවාර්යෙයන්ම ඉස්සරහට ලියන පොස්ට් මීට වඩා සමබර කරන්නම්..

      මටත් පස්සේ තේරුනා බැලන්ස් අඩුයි කියල.
      එත් මට එක හදන විදිය ඔලුවට ආවේ නැහැ..

      අලුතෙන් ලියන අපිට ඔහෙල වගේ සීනියර් ලගේ උපදෙස් මාර වටිනවා..

      THANK YOU THANK YOU THANK YOU VERY MUCH!!!!!

      Delete
  13. බොසා … කියල තියෙන්නෙ සහතිකෙන්ම ඇත්ත.. චැහ් !!
    ස්ට්‍රයික්.… හරි ලේසි වැඩේ බං.… මෑනියන්ගේ වස්ත්‍රය !!!

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ...

      පොඩ්ඩ එහා මෙහා වුනොත් මුන් ස්ට්‍රයික්...

      Delete
  14. යක්සයොන්ට බේත් දෙන්න යක්ස සවුක්කියක් තමා ඕන බං..

    ReplyDelete
  15. බ්ලොග් එකේ හෙඩර් එකට දාපු ඉමේජ් එකනම් නියමයි..

    ඒ වගේම මේ ලිවිල්ලත් උපරිමයි. සවුක්කි සේවෙ විතරක් නෙවෙයි හැම සේවෙම, හැම දෙපාර්තමේන්තුවම, හැම ආයතනයක්ම මේ රටේ, එකම එක ගූ හැලියක්. චැක් විතරක්.

    ReplyDelete
    Replies
    1. කතා කරලා වැඩක් නැහැ සඳරු වෝ...

      Delete
  16. ඕවා ගැන කතා කරන කොට අපේ ස්වුක්කය මට්ටම පහල බහිනවා විනා වෙන දෙයක් නම් වන්නේ නැත, වටත් නියරත් ගොයම් කානම් කාට කියන්නද ඒ අමාරුව, අතීසාරයට අමුඩ ගසාද පලක් නැත, ගිය හකුරට නාදන්නේ තිබෙන හකුර රැකගන්නේ, තවත් උපමා නම් එමටයි.

    ReplyDelete
    Replies
    1. අන්තිමේදී වෙන්නේ අපේ ලේ රත්වෙලා පීඩනේ ඉහල ගිහින් අපිම ලෙඩ හදාගන්න එක.

      Delete
  17. ඌවෙ චන්දෙ කිට්ටු කරලා ලොක්කා වැඩේ විසඳනවා කියන්නේ .. බය වෙන්න එපා බන් ඒ උත්තමයා ඉන්නකන්

    ReplyDelete
    Replies
    1. ඒ උත්තමය ඉන්න එකත් එක්තරා විදියක බයක් මචෝ.

      Delete

කමෙන්ට් කලාපය....