2014-08-01

ආයුබෝ වේවා...

ආයුබෝ වේවා හැමෝටම..

ඔන්න අද ඉඳන් දෙවෙනි විභීෂණ වන මමත් බ්ලොග් ලෝකේ ට සේන්දු වෙනවා.



ඒ ඉතින් බ්ලොග් ලෝකේ අල්ලගන්න ආක්‍රමණය කරන්න දිග් විජය කරන්න නම් නෙමේ. පොඩි පහේ රස්තියාදු පාරක් ගහල අලුත් අලුත් පොරවල් ටිකක් මේ අවකාශේ ඇතුලෙත් අඳුනගෙන පොඩි පහේ සොමියක් ආතල් එකක් ගන්න විතරයි.

මම දෙවෙනි විභීෂන වුනේ මට කලින් තව විභීෂණ කෙනෙක් මේ රාජ්ජේ පහල වෙලා හිටිය නිසයි.

කෙනෙක් කිව්වට සමාව භාජනය කරන සේක්වා.

එතුමා එසේ මෙසේ කෙනෙක් නෙවේ. මහා බලසම්පන්න උත්තමයෙක්.

එතුමාව හඳුන්වන්නේ "විභීෂණ දෙයියෝ " කියල මිසක් රජ්ජුරුවෝ කියල නෙමෙයි.

රාවනා රජ්ජුරුවන්ගෙන් පස්සේ රට පාලනය කරපු ඒ උත්තමය ලඟින් තියා එතුමා ඇවිදපු අඩි පාරක් ළඟින්වත් තියන්න පුළුවන් එකෙක් නෙමෙයි මම. 

ජීවත් වෙන්න රස්සාවක් කරගෙන ගෙදර කට්ටියවත් බලාකියාගෙන ,පොඩියට බ්ලොග් එකකුත්  කොරාගෙන සන්තෝසෙන් ජීවත් වෙන්න දඟලන මනුස්සයෙක්.

මෙතනදී මම කලේ එතුමාගේ නම පාවිච්චි කරපු එක විතරයි.

කාලයක් තිස්සේ බ්ලොග් ගොඩාක් කියවල ටික කාලයක් බ්ලොග් එකකුත් කරලා දැන් අලුත් වැඩක් පටන් ගන්න තමයි මේ යන්නේ.

ඉතින් ඔය යන එන ගමන් මේ පැත්තේ ගොඩ වෙලා ලියල තියෙන දෙයක් කියවල කාරිය හිතට එන දියක් කියල, වැරද්දක් පෙන්න්නල දීල ගියාට මගේ නම් හිතේ කිසිම කහටක් නැහැ ඕං ...

එහෙනම් හැමෝවම ආදරෙයන් සාදරෙයන් පිලිගන්නවා ඕං...

මීට දෙවෙනි විභීෂණ.


8 comments:

  1. වරෙන්...වරෙන්..... අපි කියවන්නම්...... වරදක් තිබ්බොත් කියලත් දෙන්නම්.......
    දිගටම ලියන එකයි වටින්නෙ ....
    සම හරක් එකෙක් දෙන්නෙක් ගෙ කතා වලට සිතින් නොවැටී .....

    ReplyDelete
    Replies
    1. kenji ...තැනක් යූ වේවා....

      Delete
  2. ලියමුකෝ බලන්න... දිගටම ලියන එකයි අමාරුම වැඩේ... ගොඩක් අයට.. අදත් 10 කට වැඩියේ සින්ඩියෙන් ගලවලා දැම්මා. මාස 3 කින් අප්ඩේට් නොකරපුවා.

    සුභ පැතුම්....!!!

    ReplyDelete
    Replies
    1. සුබ පැතුමට තැනක් යූ මාතලන්..

      Delete
  3. මං හිතුවා බ්ලොග් එකක් පටන් අරගෙන ඇතියි කියලා තැන් දෙක තුනක නම දැක්කාම.

    බලමුකෝ අනිත් ලිපිත් කියෝලා.

    දිග ජොලි ගමනකට මගේ සුබ පැතුම්!

    ReplyDelete
    Replies
    1. තැනක් යූ වේවා කතන්දර...

      ඔබ වගේ කෙනෙක් මෙහෙ ගොඩ වැදීම විභීෂණ ට බොහොම ආඩම්බරයක්..

      Delete
  4. රාමායන කතාව මතුපිටින් බැලුවහම දෙපාරශවයක් (රාම රාවන)අතර ගැටුමක් නමුත් හොඳින් කල්පනා කෙරුවාම ඔතන 4 ගොල්ලක් ඉන්නවා
    (රාම රාවන හනුමා විභීෂණ) මට පෙනෙන්නේ මේකෙ සැබෑ ජයග්‍රාහකයා විභීෂණ මෙතනදී රාමාත් බලු වැඩක් කලා හනුමට දෙන්න ඕන දේ විභීෂණට දුන්නා හනුමා නම් උපන්ගෙයි මෝඩයෙක්
    ඒ වගේම යම් හෙයකින් රාම රාවනා සාම ගිවිසුමක් ගැහුවනම් හනුමාට යුධ අපරාධ චෝදනා එල්ලවෙන්නත් තිබුනා

    ReplyDelete
    Replies
    1. විභීෂණ තමයි ජයග්‍රාහකයා.

      හෙක්..හෙක්..හෙක්..

      Delete

කමෙන්ට් කලාපය....