2016-08-19

මම කැමතිම ගී දාසය | MY SWEET 16

ටික කාලයක් වහන් වෙලා හිටලා ආපහු බ්ලොග් අවකාසේට ඔලුව දාලා බලනකොට බොහොම කලාතුරකින් සිද්ද වෙන ජාතියේ තවත් අමුතුම ලස්සන වැඩක් පටන් අරන් බව දැනගත්තේ බ්ලොග් කාරයෝ කීප දෙනෙක්ගේම අලුත් පොස්ට් කියවන්න ගියාමය.


ඒ හැම එකාම අපේ ඉයන් ගේ සින්දු දාසයේ බ්ලොග් අභියෝගේ බාර අරන් ය.

වැඩේ බහුතරෙකට අල්ලලා ගිහින් තියෙන වග තේරුනෙත් දවස් දෙකක් ඇතුලත කීප දෙනෙක්ම තමුන්ගේ අතීත මතක ගොඩවල් අවුස්සලා හිටං ලස්සන ලස්සන සින්දු එකතු කරපු පොස්ට් දාන්න පටන් ගත්තායින් පස්සෙය.

ටිකක් විතර පරක්කු වුනත් චැලේන්ජ් එක බාර ගන්න කියලා විභීෂණ හිතුවේ මේ අහිංසක ආතල් වැඩේට  ඇතිවෙච්ච ආසාව හින්දාම ය.

ඉතින් ඒ අනුව මේ තියෙන්නේ ආන්න ඒ "මම කැමතිම "සින්දු 16 ය.

සුපිරිම 16 දාල තිබ්බාට මොකද විභීෂණ කැමති සින්දු , අහන්න ආසකරන සින්දු තව ඕනෑතරම් තිබ්බෙය.

ඒ අතරින් හොඳම හොඳම හොඳම 16 තොරණ එක ඇත්තම චැලේන්ජ් එකක් විය.

මෙතනදී "කැමතිම" කියන වචනේ ට මට සාපේක්ෂව සින්දු වලට අදාලව අලුත් නිර්වචනයක් කෙරුවේ මම මෙතනදී "කැමතිම" කියලා හැඳින්නුවේ සින්දු තෝරන වැඩේ ලේසි කරගන්නට ය.


"කැමතිම සින්දුවක් " = "කවදා කොයි විදියට කොතන කොහම ඇහුවත් ඊට කාලාන්තරෙකට පස්සෙත් ඒ සින්දුව අහන කොට අර පලවෙනි දවසේ දැනුනු හැගීම ම දැනුනු ගීතයක්" ලෙසටය.

කොච්චර ලස්සන සින්දු තිබ්බත් ඒවායින් බහුතරය දෙතුන් පාරක් එහෙම නැත්තන් දහ දොළොස් පාරක් අහනකොට රසය අඩුවෙන ජාතියේ එව්වා ය. ආන්න ඒ ජාතියේ ගොඩක් සින්දු මේ අලුත් ඩෙෆිනිෂන් එක ට "සුපිරි දාසයේ" කඩඉමට ඇතුල් වීමේ සිහිනය බොඳ කර ගත්තේ මගේ අර ඩෙෆිනිෂන් එක නිසාය.

මගේ ලිස්ට් එකේ මේ තියෙන සින්දු දාසය කවදා ඇහුවත් මට දැනෙන්නේ අර එදා පලවෙනි වතාවෙ අහනකොට දැනිච්ච දේවල් මය. හිතිච්ච දේවල් මය.ඒ දැනුනු ගැම්ම එදා වගේම අදත් එසේමය.
සින්දු 35කවිතර "ෆෙවරිට්"ලිස්ට් එහෙකින් පට්ට ගේමක් දීලා සිලෙක්ට් කරපු මේ සින්දු දාසය අහනකොට එදා වගේම අදත් මට දැනෙන්නේ එදා ඒ මගේ හදවතට දැනිච්ච හැංගීම ම ය. සරලව කිව්වොත් මේ සින්දු දාසය "මට සාපේක්ෂව" අමරණීය ය.
ඉතින් එහෙනම් මේ ඉදිරිපත් කරන්නේ ඉයන්ගේ අභියෝගේ බාරගත්තු විභීෂණ ගේ සින්දු දාසයේ ප්‍රදර්ශනය ය.

ලිස්ට් එක දිග අරින්න කලින් පොඩි දෙයක් කියන්නට උවමනා ය. 
සින්දු වලට අදාළ ව වීඩියෝ හොයන්න මේ බ්ලොගර් එකේ තියෙන අර "Insert a Video" අටමගලේ ඔබාපුවාම එකෙන් ආවේ වෙන වෙන හුට්ටප්පර ගොඩක් ය. 
යූ ටියුබෙන් අදාළ වීඩියෝ ව බලලා කරලා හිටං මේ ගැජට් මගුලෙන් ඒ යූ බටේම සර්ච් කරනකොට පෙන්නන්නේ වෙන රෙද්දක් වුනාම නැටවෙන්නේ මම නොව මගේ ඇඟේ ජීවත් වන මත්ස්‍ය සම්පත ය. 
සින්දු කීපෙකටම ඒ අලකලංචිය වෙච්ච නිසා අන්තිමේදී හැම සින්දුවේම වීඩියෝ එකේ ලින්ක් එක ඒ සින්දුවට අදාළ කොටසේ ටයිටල් එකට දාන්න තීරණය කලේ මේ සින්දු බලන ඔබ තමුන්නාන්සේ ලාට හොඳම ඔරිම ජිනල් වීඩියෝව පෙන්නීමේ අභිලාෂයෙන් ය. ඒ නිසා වීඩියෝ ව නරඹන්න ඒ ඒ අංකයට අදාළ ටයිටල් එක උඩ ක්ලික් කරන ලෙස විභීෂණ  කාරුණිකව ඉල්ලා සිටින්නේය.

එහෙනං ඔන්න දිගෑරියා මගේ සින්දු දාසය.

16.සුදු ඇඳුමින්-ජය ශ්‍රී

මේ සින්දුව මුලින්ම ඇහුවේ මම අට වසරේද කොහෙද ඉන්න , ඒ කියන්නේ එකදාස් නමසිය අනූ නවේ වගේ කාලේ දී  නාරද තනුජා ඩබල ඉරටු සයිස් කාලේ කරපු රස රිසි ගී වලින් ය.
සින්දුව බැලුවේ එ කාලේ වුනාට අදාළ ෆිලුම් එක බලන්න හම්බුනේ මේ මෑතකදී ය. මට සාපේක්ෂව ෆිලුම් බැලිල්ල කවදත් එයාකාරය.
මේ සින්දුව ට මගේ හිතේ සදහටම පැලපදියම් වෙන්න වාසනාව ලැබුනේ මට හිතෙන විදියට වෙන මක්කාවත් හින්දා නොව එකේ තියෙන අතිශය සරල විලාශය නිසාය.
වචන වල මහප්‍රාණ නැත. දෙතුන් පාර කියද්දී තනියම මුමුනන්න පුළුවන.
මෙලඩියේ විකාර සංකීර්ණ කම් නැත. ඕනෑම තැනකදී විසිල් එහෙකින් වුනත්  ප්ලේ කරන්න පුළුවන.
කියවෙන කතාව ද අතිශය සුන්දරය. සින්දුවෙන් කියන්න හදන දේ එයාකාරයෙන්ම අහන එකාගේ ඔලුවට මීටර් වෙනවා ය.
මහා ලොකු ආදර්ශ, විරහවේ වේදනා ව, ආදරයේ අහවල් එක වගේ බරසාර දේවල් නැතුවාට සින්දුව ටොප් එකට නිර්මාණය වී ඇත.
සින්දුව කියන ජයශ්‍රී ඩබල සහ ටීම් එකද තමුන්ගේ උපරිමයෙන් මේ සින්දුව ට සාධාරණය ඉෂ්ට කර ඇත.
ජය ශ්‍රී කියලා ඩබලක් සහ ටීම් එකක් ඉන්නවාය කියලා දැනගත්තෙත් මෙන්න මේ සින්දුව නිසාය.

15.උන්මාද වූ ප්‍රේමාදරේ-දමයන්ති ජයසුරිය,කමල්


 මේ සින්දුව කලින් එකටත් වඩා බොහොම කාලෙකට පෙර ඒ කියන්නේ විභී කොල්ලා තුනේ හතරේ කාලේ අහන්න ලැබුණු තවත් ලස්සනම නම්බර් එකක් ය. ඒ කාලේ ඒ කියන්නේ විභීෂණ ට ආදරය සුන්ගාරය අරක මේක ගැන මෙලෝ ආසාවක් නොතිබ්බ කාලේ ඒ පින්වන්ත සිතුවිලි පහල කරන්න උපකාරී වුනු අනේකාකාර ටෙලි සිනමා නිර්මාණ වලින් මේකත් එකක් ය. තවත් එව්වා ගොඩක් ඇත. එත් මෙතෙන්න අදාල් නැත.
කොහම කොහොම හරි ඔය සප්ත කන්‍යා ෆිලුම් එක දෙතුන් පාරක් ම බැලුවා වගේ මතකය.එත් අදටත් එපා වෙලා නැත.
මේ සින්දුව මට හිතෙන විදියට කිසිම දාක මේ තියෙන ලස්සනට කිසිම එකෙක්ට කියන්න බැරිය. ඒ දේ කරන්න පුළුවන් කමල් සහ දමයන්ති ට විතරමය. මේ සින්දුව කියන්න එදා වගේම අදත් ගැලපෙන්නේ ඒ ජෝඩුව විතරමය.
මේ සින්දුව වගේම ෆිලුම් එකත් බොහොම ලස්සන ය. එහෙම වුනේ වෙන මොකක්වත් වෙන මොකෙක්වත් හින්දා නොව තිරේ පිටිපස්සේ හිටපු  H.D. ප්‍රේමරත්න කියන ඒ අතිශය සුන්දර මනුස්සයා නිසා ය. විජය නන්දසිරි ගේ රංගනය මට වටින්නේ කොහොමද  H.D. ගේ අධ්‍යක්ෂණය ද මට එයාකාරය. දෙදෙනාම ඔවුන්ගේ කාර්යය උපරිමයෙන් ඉෂ්ට කරපු දෙන්නෙක් ය. H.D.ගේ ෆිල්ම් හැම එකම වගේ හැදුනේ හරි ලස්සන වෙනස් තේමාවන් වලට ය. ඒ ලස්සන වෙනස මේ සින්දුව ඇතුලෙත් බොහොම අපූරුවට ලියවී තියෙන බව සැක නැතිව කියන්න පුළුවන.


14.සඳ සාක්කි කියපු දෙන් -නිරෝෂා

මේ සින්දුව  මුලින්ම ඇහෙන්න ගත්තේ සිරස රේඩියෝවෙන් ය. සිරස රේඩියෝවත් පටන් ගත්තු කාලේ දී ය. ඒ කාලේ ඉරිදා දවල් ට ගිය අර කැලුම් ශ්‍රීමාලුයි චාමික රෝෂනුයි කරපු රස රිසි ගී ප්‍රෝග්‍රෑම් එකේ ගිය ලස්සනම  සින්දු කීපයෙන් එකක් වුනේ මෙන්න මේ නම්බර් එකය.
මේ සින්දුව තාලේ ටිකක් විතර  ස්පීඩ් තිබ්බාට මොකද අහන්න අහන්න තව ආස හිතෙන වය.සින්දුවට සම්මාදම් වෙච්ච තුන් ගොල්ලම තමුන්ගේ වැඩේ උපරිමයටත් එහා ලස්සන ට ම කරලා  තියෙනවා ය.
කොහම හරි ඉතින් රේඩියෝවෙන් අහහ හිටපු මේ සින්දුව ඒ කාලේ ජාතික රූපවාහිනියේ රවින්ද්‍ර මුණසිංහ කරපු "නඳුන් උයන " ප්‍රෝග්‍රෑම් එකෙන් ලස්සන වීඩියෝවක් එක්ක එලියට දැම්මේය. මේ ලස්සන සින්දුවට රවින්ද්‍ර මුණසිංහ කරපු වීඩියෝව තවත් ලස්සනක් එක් කරලා තිබුනේ ය.
අදටත් මේ සින්දුව කොහේ ඇහුනත් මට අර වීඩියෝව මුල සිට අගට මැවී පෙන්නේ ඒ නිෂ්පාදනේයේ සාර්ථකත්වය නිසා ය,
මේ තියෙන්නේ ඒ වීඩියෝව නොව ඊට ටිකක් විතර ලඟට තියන්න පුළුවන් ජාතියේ එකක් ය. එහෙම වුනේ මේ පොස්ටුවට දාන්න ඒ නඳුන් උයනේ වීඩියෝ ව මට යූ බටේ පීරලත් හොයාගන්න බැරිවුණු නිසා ය.
කියෝන ඇත්තෝ සමාව භාජනයකට දමා අර වීඩියෝවේලින්කුවක් තියේනම් කමෙන්ට් කරනු මැනවි ය.

13.තුමුල නමුනුකුල ගිරිහිස 

මේකත් තවත් පුදුම හිතෙන ජාතියේ ලස්සන වෙනස් නිර්මාණයක් ය. මේක මට මුලින්ම ඇහුනේ 95-96 වගේ කාලේ දී ය.
ඔය කලින් කියාපු නඳුන් උයන කියන ප්‍රෝග්‍රෑම් එන්න බොහෝ කාලෙකට කලින් සෙනේෂ් දිසානායක බණ්ඩාර ජාතික රූපවාහිනියට කරපු (මගේ මතක ය නිවැරදි යයි සිතමි) "යාත්‍රා" කියලා  සුපිරිම මියුසිකල් ප්‍රෝග්‍රෑම් එකක් තිබුනේ ය.
එකේ පෙන්නුවේ රූපවාහිහියෙන් කරපු මියුසික් වීඩියෝ ය( ඒ කලේ එහෙමනේ. එක සින්දුවට හැම චැනල් එකෙන්ම වීඩියෝ හදනවා, හදලා තමුන්ගේ චාට් ශෝ වල දානවා. දැන් වගේ සින්දුව කියන එකා වීඩියෝ එක හදන්නේ නැහැ )
මේ ඒ විදියට "යාත්‍රා" ප්‍රෝග්‍රෑම් එකට රූපවාහිනියෙන් මියුසික් වීඩියෝ එක හදාපු සුපිරිම සින්දු කීපයෙන් එකක් ය. ඒ ජාතියේ තව සින්දුවක් මේ ලිස්ට් එකේ පහලට යනකොට හම්බ වන්නේය.
මේ සින්දුව විභීෂණ ගේ හිතට වැදුනේ ඒකාලේ තිබ්බ සික්ස් එයිට් බීට් එකෙන් එලියට පැනලා හාත්පසින්ම වෙනස් ටැමිල් ටයිප් එකේ මෙලඩි යකට ද්‍රවිඩ සංස්කෘතියේ සංගීත භාණ්ඩ පාවිච්චි කරලා හදපු සින්දුවක් නිසා ය.
ගායකයා ගේ හඬ ත් ඒ හද හුරුකම්ට සීයට සීයක්ම මැච් වෙලා තිබුනේය.
ඒ කාලේ රූපවාහිනියේ තිබ්බ "ගී හත " වගේ පුංචි පුංචි චාට් ශෝ ප්‍රෝග්‍රෑම් වල කාලයක් යනකන් සුපර් හිට් එකක් වෙලා ඉන්න  මේ සින්දුවට පුළුවන් වුනේ ආන්න ඒ ලස්සන වෙනස නිසා ය.


12.වියෝවී මිහිමඩල-චන්ද්‍රිකා

 මේ මට යාන්තම් මතක තියෙන කාලේ ඒ කියන්නේ 88-89  වගේ කාලෙදී මගේ කනට ඇහිලා පැල  පදියම් වෙලා අදටත් මතක් හිටිය ලස්සනම ලස්සන සින්දුවක්ය.
මේ සින්දුව ඒ කාලේ රූපවාහිනියෙන් හෝ අයි ටී එන් එකේ ගිය  සුර අසුර කියන ටෙලි නාට්‍යයේ තීම් සෝන්ග් එකය. ඒ නාට්‍යයේ තිබුනේ සිංහල දෙමල දොස්තර ජෝඩුව කගේ කතාවක් ය. අද ඒ කතාව හරියටම මතක නැතිවුනත් නාට්‍යට පසුබිම් වෙලා තිබුනේ යුද්ධය ය.
ටෙලි නාට්‍යය ඉවර වෙලා පසුබිමින් මේ සින්දුව ප්ලේ වෙන ගමන් "ස්තුතියේ" අකුරු පහල ඉඳන් උඩට ගමන් කලේ  තල් රුප්පාවට උඩින් ඉර බහින වෙලාවක හැදිච්ච ලස්සන අමුතු වලාකුල් රටාවක පින්තුරයක් පසුබිමින් තියෙද්දී ය. ඒ වලාකුළු රටාව ඒ ටීවී එකෙන් ඒ කාලේ දක්කයින් පස්සේ අද වෙනකන් කිසිම පින්තුරයකින් දැක නැතිය . ටෙලි නාට්‍යයේ කතාව මතක නැතිවුනත් අර පින්තුරේ හරියට ගලේ කෙටුවා වගේ අදටත් මතකයේ රැදී ඇත්තේ එදා ඒ හිතට වැදුණු විදිය නිසාම වෙන්නට ඇතිය.

11.බිම්බරක් සෙනග-කපුගේ

මේ සින්දුව නිර්මාණය වුනේ අපි ඉපදෙන්නත් පෙර ය, මුලින්ම ඇහුනේ මීට දශක දෙකකට දෙකහාමාරකට පෙර ය. එත් මේ සින්දුව මගේ සදා නොවෙනස් ගීත ගොන්නට ඇතුලේ වුනේ මීට අවුරුදු දෙහෙකට පෙරය. හරියටම කිව්වොත් බ්ලොග් කියෝන සහ ලියන කාලෙදී ය. විභීෂණ අඩවිය පටන් ගන්න මාසෙකට දෙහෙකට පෙරදී ය.
බොහොම පොඩි කාලේ ඉඳන් ඇහුවා වුනත් මේ සින්දුව විභීෂණ ට වැඩියේ මීටර් වී තිබුනේ නැත. එත් අපි හැමෝම දන්නා අපේ සහෝදර මනොෂ් සඳරුවන් ලියන( එත් දැනට නොලියන ) " ගී සංවේදනා" කියන ඒ ලස්සන බ්ලොගයේ පලවෙච්ච "වෙල්ලස්සේ ගීතය " කියන ඒ සුන්දර පොස්ටුව කියෙව්වයින් පස්සේ විභීෂණ ට මේ සින්දුව කණට නොව ඔලුවට හදවතට කතා කරනවා වගේ දැනෙන්න පටන් ගත්තේ ය. ඒ මේ සින්දුවේ ඉතිහාසය ලස්සන කතාවක් එක්ක පංකාදු පහට ගලපලා කරලා හිටං ඒ පොස්ටුව දාලා තිබ්බ හින්දා ය.
මේ පොස්ටුව කියෝන එක නතර කරලා වුනත් කමක් නැහැ ඔය උඩ තියෙන ලින්ක් එක ක්ලික් කරලා ඒ පොස්ටුව කියෝලාම ආවත් කිසි අරෝවක් මගේ නැතිය. ඒ තරමට ම සුන්දර විදියට ඌ ඒ කතාව ලියා ඇත.
ඉතින් එයින් පස්සේ ඒ පොස්ටුව කියෙව්වයින් පස්සේ මේ සින්දුව මගේ සදා අමරණීය ගීත ලැයිස්තුවට ඇතුල් වුනේ ඒ දැනුනු සුන්දර හැගීම නිසා මය.

10.වසන්තයේ-භාතිය සන්තුෂ් 

මේ තියෙන්නේ ලංකාවේ සංගීත කලාවම අලුත්ම පාරකට වට්ටපු ලංකාවේ සංගීත කලාවට කරන්න පුළුවන් තව ගොඩක් දේවල් තියෙන බව පෙන්නපු ඒ වෙනස්ම වෙනස් ගීතය ය.
1998 වෙනකම්ම ලංකාවේ සංගීතය ගමන් කරමින් තිබුනේ තිබුනේ බොහොම සාම්ප්‍රදායික කාලාන්තරයක් තිස්සේ හුරු වෙච්ච ගමන් මගක ය.
සුන්දර සිංහල වචන සෞම්‍ය සංගීතයකට මුසු කරමින් නිස්කලංකව ගලාගෙන ගිය සිංහල සංගීතය සම්පූර්ණයෙන්ම උඩුයටිකුරු කලේ භාතිය සන්තුෂ් ඩබලගේ මෙන්න මේ සින්දුව ය.
වෙනසක් අගයන අතිශය සුළු පිරිසක් හැර එතක් කල් සිංහල සංගීතය තමුන්ගේ පරවේණි බූදලයක් කියලා හිතා ගෙන හිටපු සම-හරක්  සිංහල සංගීත ඔස්තාර් ලාට මුත්‍රාත් එක්ක හුජ්ජ පිටවෙන්න පටන් ගත්තේ මෙන්න මේ සින්දුව ටීවී රේඩියෝ වල ප්ලේ වෙන්න පටන් ගත්තයින් පස්සෙය.
1998-99 කාලේ ටීවී රේඩියෝ වල ගිය සමහර සංගීත වැඩසටහන් වලට ආපු ඔන්න ඔය සිංහල සංගීතයේ අයිතිකාරයෝ ගිරිය පුප්පගෙන මේ භාතිය සන්තුෂ් ඩබලට දෝෂාරෝපණය කරනවා ඒ කාලේ මියුසික් අහපු ඕනෑම කෙනෙක්ට මතක ඇතිය.
සිංහල සංගීතය වල පල්ලට යනවා ය, රැප් කියන්නේ ඇමෙරිකන් එකක් ය, එලෝ මෙලෝ නැති විකාරයක් ය එව්වා මේ සුපිරිසිඳු සිංහල සංගීතය එක්ක මුහු කරන්න කාටවත් බැරිය, මේක සිංහල සංගීතයේ අවසානය ය , මේ වගේ ගොඩාක් ආඩපාලි කියන්න ඒ ඔස්තාර සංසදය ක්‍රියා කලේ අලුත් ඕනෑම දෙයක් ප්‍රතික්ෂේප කිරීමේ උතුම් සිංහල සංකෘතික ලක්ෂණය නිසාය.
එත් එච්චර මඩ  වදිද්දිත් , එච්චර ගල් මුල් ප්‍රහාර එල්ල වෙද්දීත් මේ ජෝඩුව ඒ දේවල් පඩේ කට මායිම් නොකර තමුන්ගේ ඒ "අලුත් කලාව" කරගෙන ගියේ ය. 
බැරි වෙලාවත් මේ ඩබල අර ඔස්තාර් ලගේ බැනුම් වලට බයේ කරගෙන ආපු නැවැත්තුවා නම් අදත් අපිට අහන්න වෙන්නේ "මාස්ටර්" ලාගේ ගතානුගතික සින්දු විතරය.
අද ඔය තියෙනවා ය කියන නව රැල්ලද, හෙළ රැප් ද  පොප් ද හිපොප් ද හැම රෙද්දම කල එලි බැස්සේ භාතිය සන්තුස් ලාගේ මෙන්න මේ අමරණීය සින්දුව නිසාය. 
මගේ සදා අමරණීය සින්දු ලැයිස්තුවට මේ සින්දුව එකතු වෙන්නෙත් ඒ නිසා ය.

9.දෑස පියා ගත් කල -ක්ලැරන්ස්/ජැක්සන් ඇන්ටනි (සුසීමා)

මේ තියෙන්නෙත් අපි අතිශයින්ම කුඩා කාලේ ඒ කියන්නේ 89-90 වගේ කාලෙදී  රූපවාහිනියේ ගිය සුසීමා ටෙලි නාට්‍යයෙ තිබ්බ එදාත් එදා වගේම අදත් එකසේ ජනප්‍රිය ගීතයක් ය. අපේ රටේ පහලවෙච්ච සුපිරි විශිෂ්ට සංගීතඥක් වෙච්ච ක්ලැරන්ස් විජේවර්ධනත් කලාවේ හැම අංශයකම ඇසූ පිරු තැන් ඇති ශ්‍රේෂ්ට කලාකාරයෙක් වෙච්ච ජැක්සන් ඇන්ටනි ත් එකතු වෙච්චි මේ සින්දුව ඒ කාලේ  සුසීමා ටෙලිය එක්ක ටීවී එකේන් බලනවා අදටත් යාන්තම් මතක ඇත. මේ සින්දුව වගේම තව ලස්සන සින්දු කීපයක්ම මේ  සුපිරි ටෙලි නාට්‍යයේ තිබුනේය. එත් ඒ හැම එකටම වඩා විභීෂණ ගේ හිත ගියේ මේ සින්දුවට ය.මට හිතෙන්නේ එහෙම වෙන්න ගොඩක්ම බලපාන්න ඇත්තේ ක්ලැරන්ස් ගේ අවේනික ලක්ෂණයක් වෙච්ච සරල පොප් සංගීත රිද්මය ලස්සනට මේ සින්දුවට මුහු වෙලා තියෙන නිසාය කියලා ය.

8.සිනා පිපෙනා මේ වසන්තේ -ලක්ෂ්මන්/සමිතා (ගංගා සහ නිශ්ශංක ටෙලි නාට්‍යය)

මේකත් අර සුසීමා ටෙලිය එක්ක සමකාලීනව විකාශය වෙච්ච තවත් ලස්සනම ලස්සන ටෙලි නාට්‍යයක් වෙච්චා "ගංගා සහ නිශ්ශංක" ටෙලියේ තිබ්බ තීම් සෝන්ග් එකය.  කලින් එකේ වගේම මේ නාට්‍යය ගැනත් මට දැන් තියෙන්නේ ඡායා මතකයක් ය. ඒ මේ ටෙලිය යන කාලේ මේ විභීෂණ උපරිම අවුරුදු එකහමාරක් හෝ දෙකක් වෙලා තිබ්බ නිසා ය. එත් එදා ඇහිච්ච මේ සින්දුව ගලේ කෙටුවා වගේ අදත් ඒ සංගීතයත් එක්කම මගේ මතකයේ තියෙන්නේ ගායක ලක්ෂ්මන්-සමිතා දෙපලත් පද රචකයාත්, සංගීතඥයත් යන හැමෝම තමුන්ගේ උපරිමයෙන් තම හැකියාවන් මේ සින්දුවට මුහු කරලා තිබ්බ නිසාය.

7.අහංකාර නගරේ-ඉරාජ්, රනිඳු

භාතිය සන්තුස් ලාගේ "වසන්තයේ" සින්දුවෙන් එලිය වැටුණු ලංකාවේ නව සංගීත කරලියේ ගමන් මගේ අතිශය සාර්ථක නිර්මාණයක් වුනේ  මෙන්න මේ "අහංකාර නගරේ" සින්දුව ය.එකට හේතුව නම් මේ සින්දුව ට ලංකාවේ නම ජාත්‍යන්තර සංගීත කරලියේ රඳවන්න  හැකියාවක් ලැබීම නිසාය. 
දැනගන්න ලැබුණු තොරතුරු අනුව ශ්‍රී ලංකිය  සංගීත නිර්මාණයක් විදියට  BBC Radio 1 වල ප්ලේ වෙච්ච පළවෙනිම සිංහල සින්දුව වුනේ මේ "අහංකාර නගරේ" සින්දුව ය. 
ඒ කියන්නේ මේ සින්දුව අපිට විතරක් නොව පිටරැටියන් ටත් අහන්න පුළුවන් කොලිටි එහෙකින් නිර්මාණය වෙලා තිබුණු බවය. 
ඒ ගැන සම්පූර්ණ ගෞරවය යන්න ඕනා මේකට සම්බන්ධ වෙච්ච ඉරාජ්, රනිඳු, රංග වගේ පොරවල් වලටය.


6.ඔබේ සිනා ළඟ-ජගත් වික්‍රමසිංහ
 

මේ සින්දුව විභීෂණ මුලින්ම ඇහුවේ සිරස රස රිසි ගී වලින් ය.
ගතානුගතික සම්ප්‍රාදයේ සින්දුවක් වුනත්  විභීෂණ මේ සින්දුවටකැමති වෙන්න ප්‍රධාන ම හේතුව මේකේ තියෙන අතිශය සංවේදී භාව ය නිසා ය. මේ සින්දුව මුලින්ම ඇහෙන කාලෙදී විරහවක් තියා ක්‍රෂ් එකක්වත් විභීෂණ ට තිබුනේ නැත. එත් එහෙම වුනත් මේ සින්දුව මගේ හිතේ මොකක්දෝ සංවේදී සිතුවිල්ලක් පහල කරන්න සමත් වුනේ ඒ සින්දුවේ තියෙන්න විශිෂ්ඨ බව නිසාමය.
මේ සින්දුවත් එක්ක ගිය ව වීඩියෝ එකත් සින්දුවට මරු එකට ගැලපුනේ ය. ඒ වීඩියෝවේ ඉන්න ජේලර් නෝනා ඒ හිරකාරයාට කොහම වෙතත් අදටත් මට නම් ලස්සනම ලස්සනය .

5.ඉවාන් පවුලුෂා-අප්සරා ද සිල්වා 



මේ සින්දුව ගියෙත් අර මම 13 වෙනි සින්දුවෙදී කතා කරපු "යාත්‍රා" ප්‍රෝග්‍රෑම් එකේමය.
අනම් මනම් විච්චූරණ නැති මේ සින්දුවේ සංගීතය මොන ආරකද කියලා කියන්න දන්නේ නැත. මට හිතෙන විදියට රුසියානු සංගීත ආරක් වෙන්න පුළුවන. කොහොම වෙතත් අතිශය සරල වුනත් සුපිරි බැවින් අනූන නිර්මාණයක් ය.




4.දෙවියන්ගේ බාරේ- DRILL TEAM

භාතිය සන්තුෂ් සිංහල සංගීත කලාව වෙනස් කළා වගේ, රනිඳු ඒ අලුත් කලාව ජාත්‍යන්තරයට ගෙනිච්චා වගේ මේ "දෙවියන්ගේ බාරේ " සින්දුවත් සිංහල රැප් සංගීත කලාවේ එක්තරා කඩඉමක් ය.
අතිශයින්ම වෙනස් නිර්මාණයක් ය.
වචන අතිශය දරුණු ය. අවෙගශීලිය.
මේ සින්දුවට කලින් කිසම තැනක ඒ වගේ ආවේගශීලී වචන තියෙන සිංහල සින්දුවක් තියා සිංහල රැපක් වත් අහලා තිබුනේ නැත.
මුලින්ම අහන වෙලේ ඇඟේ මයිල් කෙලින් වෙච්ච හැටි තාමත් සිහිපත් වෙනවා ය. කොච්චර ආසා වුනාද කියනවා නම් මේ සින්දුව ගැන විභීෂණ වෙනම ම පොස්ටුවක් ද ලිව්වේය.

3.හිම රේණු වැටෙනා -ග්‍රේෂන් සහ ලතා


මේ සින්දුව වචන වලින් විස්තරකරන්නබැරිතරම් අලංකාරය.  
දැනගන්න තියෙන තොරතුරු අනුව මේක කාලෙකට ඉහත ප්‍රදර්ශනය වෙච්චි "ආත්මා" චිත්‍රපටියේ තිබ්බ සින්දුවක් ය.
ග්‍රේෂන් ආනන්දත්, ලතා වල්පොලත් තමන්ගේ උපරිමයෙන් දායක වෙලා තියෙන මේ ලස්සන නිර්මාණය අහන ඔනාම අකෙනෙකුගේ හිතේ පුංචි හෝ ආදර හැඟුමක් පුබුදුවන්න සැමත් වෙච්ච පුදුමාකාර ගීතයක් බව නොකියාම බැරිය.
මේ පහතින් තියෙන ලින්ක් එකේ තියෙන්නේ සින්දුව චිත්‍රපටියෙදී ගායනා වෙච්ච දර්ශන ටික ය.
ඔරිජිනල් සින්දුවත් , චිත්‍රපටියේ සින්දුවත් කොලිටි එක අතින් ටිකක් වෙනස් නිසා ඒ දෙකේම ලින්ක් දෙක දාන්න කල්පනා කලේ කැමති කෙනෙක්ට කැමති වර්ෂන් එකක් රසවිඳින්න ය.



2.දඬුබස්නාමානය-තේමා ගීතය

මේ තියෙන්නේ කේමදාස මාස්ටර් කරපු අතිශය අසාමන්‍ය නිර්මාණ රාශියෙන් එකක් ය.
විභීෂණ නම් කේමදාස මාස්ටර් ව සලකන්නේ ලංකාවේ ඉපදිච්චි පිටසක්වල ජීවියෙක් ලෙසටය. ඒ මොකද කියනවා නම් කේමදාස මාස්ටර් ගේ සංගීතය ශ්‍රී ලංකාවේ සංගීතයේ කිසිම සීමාවකට අනුකූල නැත. කිසිම යුගයකට අයත් නැත.
එක වෙනම ම ආරක් ය. වෙනම ම යුගයක් ය.
දඬුබස්නාමනයත් එතෙක් මෙතෙක් හැදිච්ච විශිෂ්ටතම ටෙලි නාට්‍යය ය. තාමත් වැඩිම සම්මාන ගානක් ලැබිල තියෙන්නේ "දඬුබස්නාමානය " ටය. එකෙක්ටවත් ඒ රෙකොර්ඩ් එක කඩන්න බැරි වී ඇත.]
ඒ රෙකෝඩ් එකට කේමදාස මාස්ටර් ගේ සම්මාදම අනගිභවනීය බව නොකියාම බැරිය.

1.කන්දේ ලන්දේ-රෝහණ බැද්දගේ



මේ මම එතෙක් මෙතෙක් අහපු සුවදයකම ගීත නිර්මාණය ය.
මේ පොස්ට් එක කියෝන එක නවත්තලා ඇහුවත් කාරී නැත.
තාක්ෂණයෙන් විකෘති වෙලා තියෙන අද සංගීතය එක්ක මේ වගේ නිර්මාණයක් අහන්න ලැබෙනවා කියන්නේ හරියට පන පිටින් නිවන් යනවා වගේ අත්දැකීමක් ය.
වචන වල තියෙන සරල බව, සංගීතයේ තියෙන සරල බව, සිංදුව පුරාම තැවරිලා තියෙන අපි කවුරුත් ආස කරන "ගමේ කම" "ගැමි කම", මේ වගේ දේවල් හරියට ම විස්තර කරන්න වචනත් නැත.
ඒ තරමට මේ සින්දුව සුන්දරය. මනසට දැනෙන සුව ය අපමණය.
මේ සින්දුව මගේ ලයිස්තුවේ අංක එකට ආවෙත්, මුල්ම වරට අහුවායින් පස්ස අද වෙනකන් ඒ ස්ථානය රක ගෙන ඉන්නෙත් ආන්න ඒ හේතුව නිසාය.


ඔන්න එහෙනම් විභීෂණත්  භාර ගත්තු චැලේන්ජ් එක ක්ම්ප්ලීට් කළේය.
මේක කියෝන කොට බොහෝ දෙනෙක්ට විභීෂණ කැමතිම සංගීත ත ස්ටයිල් එක මොකක්ද කියන හොයාගන්න අමාරු වෙනවා වෙන්න පුළුවන.
ඇත්තම කිව්වොත් මම කැමතිම ස්ටයිල් එක කියලා දෙයක් නැත. එත් ඔනාම හේතුවක් නිසා  වෙනස් මගක් ගන්න ගොඩක් නිර්මාණ වලට මම ගොඩක්කැමතිය.
මේ ලිස්ට් එකට දාපු හැම නිර්මාණයක් ම වාගේ ඒ වගේ මොකක් හෝ වෙනස් ගමනක ගිය නිර්මාණයන් ය.
එව්වා මගේ හිත ගන්නෙත් ආන්න ඒ නිසාය.

එහෙනම් ඉතින් අදට මේ හොඳටෝම ඇති වගෙය,

ගොහින් එන්නම් ය.

57 comments:

  1. බොහොම ස්තූතියි විභීෂණ. සිංදු තෝරන්න ගත්ත මිණුම් දණ්ඩ නියමයි. ඇත්තටම මටත් කොච්චර ඇහුවත් එපා නොවෙන සිංදු කීපයක් මෙතන තියෙනවා. 6,11,13,14,15 ඒවගේ ඒවා.

    ReplyDelete
    Replies
    1. බොහොම සන්තෝසයි ඉයන්.
      මට ස්තුති කරන තරමට මාත් ස්තුති කරන්න ඕනා ඉයන්ට අපේ අතීතෙට ආපහු යන්න හේතුවක් සහ අවස්තාවක් පාදලා දුන්නාට.
      මේ චැලේන්ජ් එක බොහොම මිහිරි මතක ගොන්නක්ම ආපහු ගෙන්නලා දුන්නා...

      Delete
  2. 'උන්මාද වූ ප්‍රේමාදර​' මගේ කිරි මෝරන කාලේ මම​ නිතරම මුමුනනපු සිංදුවක්. තුමුන 'නමුනුකුල'ත් මං වඩාත් කැමැති ගීයක්, නිතරම මිමිනුවේ නැති වුනත් 'දෑස පියා ගත් කල​' මං කැමැති ගීයක්, 'ඔබේ සිනා ළඟ'මාව​ හිටි තැන අමතක වෙනවා මේ සිංදුව අහනකොට​, ජගත්ගේ හැමැ සිංදුවක්ම ලස්සනයි. 'සාගර තරංගා' තව එකක්

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ජගත් ගේ සින්දු හැම එකම වගේ ලස්සනයි..
      මතකද මේ ඉසුරු කොදෙව්වේ සින්දුව.

      එකත් "යාත්‍රා" වීඩියෝ එකක්.

      Delete
    2. මෙන්න මං තෝරපු මා උන්මත් කල​ ගී 16 https://unmanthaka.blogspot.com/2016/08/16.html

      Delete
  3. මම කැමතිම ගී වැඩිපුරම තිබ්බේ මේ එකතුවෙයි.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. අහන්න ලැබීමත් සන්තෝසයි

      Delete
  4. මාත් ගොඩක් කැමති ලස්සන සින්දු ටිකක් තියනවා විභියාගේ එකේ.හැබැයි මේ එකක්වත් මගේ මුල් 16 අතරට නම් එන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. බොහොම සන්තෝසයි.
      එක එක්කෙනා කැමති රහ වෙනස්නේ සහෝ..

      Delete
  5. ජගත් වික්‍රමසිංහයන්ගේ ඔබේ සිනා ලඟ ගීතය ලස්සනයි. හැබැයි මේ වීඩියෝ එක නිසා තමයි මේ සින්දුවේ සංවේදී ගතිය වැඩි උනේ. අද කාලේ එකාලගේ සින්දුව අහන එක නෙමෙයි කරන්නේ. විෂුවල් ටික බලන එක විතරයි. ඒවා සින්දු නෙමෙයි නිකන් කතන්දර අහගෙන ඉන්නවා වගේ දැනේනේ.

    තුමුල නමුනුකුල, සඳ සාක්කි කියාපුදෙන් සින්දු දෙකත් ලස්සනයි. ජයශ්‍රීලාගේ සුදු ඇඳුමින් ගීතයට වඩා ශීලා ලස්සනයි කියලයි මට හිතෙන්නේ.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත.
      සින්දුව හිට් වෙන්න ඒ ජේලර් නෝනා ගේ වීඩියෝ එක ලොකු බලපෑමක් කළා. සින්දුව වගේම බොහොම සංවේදී විදියට වීඩියෝ එක කරලා තියෙනවා.

      //විෂුවල් ටික බලන එක//
      ---මේකනම් ඇත්ත තමයි. එත් එකේ මෙහෙම පැත්තකුත් තියෙනවා. සමහර පට්ට කාසි කබල් සින්දු තියෙනවා සුපිරි කතාවක් එක්ක ලස්සන වීඩියෝ කරලා තියෙන. එතකොට ඉතින් සින්දුව පැත්තක තියලා වීඩියෝ එක බලන්න හිතෙනවා තමා.

      //ශීලා //
      ---මේ සින්දුවත් බොහොම ලස්සනයි තමයි.ඊට වඩා මට "සුදු ඇඳුමින් " එකේ වෙනසක් තේරෙනවා.


      කොහොම හරි ඉතින් අදහස් දැක්වීම ගැන බොහොම සන්තෝසයි..

      Delete
  6. මාත් තේරුවා කැමතිම ගීත 16ක්. ඒ අතරේ මේ සමහර ගීතත් තියෙනවා...

    ReplyDelete
    Replies
    1. බොහොම සන්තෝසයි.
      හිටහන්, ඔය පැත්තේ ගොඩවෙන්න එන්නම්...

      Delete
  7. මෑත අතීතයත්, වර්තමානයත් කැටිකල ගීත එකතුවක්. හොඳයි හොඳයි.

    ReplyDelete
    Replies
    1. සන්තෝසයි. විචා..

      කාලෙකට පස්සේ සැට් වුනේ නෙහ්...

      Delete

  8. 9.දෑස පියා ගත් කල -ක්ලැරන්ස්/ජැක්සන් ඇන්ටනි (සුසීමා)

    මේක කියන්නේ ජැක්සන් එක්ක ජෝජ් සේනානායක නෙමෙයිද

    ReplyDelete
    Replies
    1. අටමෝ,
      මම හිතුවේ ක්ලැරන්ස් කියලා..
      උඹේ කමෙන්ට් එක දක්කයින් පස්සේ ටිකක් විස්තර හෙව්වා.
      ගොඩක් තැන් වල තියෙන්නේ ක්ලැරන්ස් කියලා.

      ජෝර්ජ් සේනානායක කියලා සර්ච් කලාමත් මේ සින්දුවේ ෆොටෝ දෙක තුනක් පෙන්නනවා. එත් ලොකු එවිඩන්ස් නැහැ...

      තැනක් යූ උඹේ ෆීඩ්බැක් එකට...

      Delete
  9. අම්බටසිරි!
    ඔහෙත් තුමුල නමුනුකුල ලෝලියෙක් එහෙනම් හිටන්?

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා හිටං..
      උඹට කියන සරසෝ, මේ සින්දුව යන කාලේ මම හයේ හරි හතේ හරි.
      ඒ කාලේ අර "ගී හත" කියන ප්‍රෝග්‍රෑම් එක ගියේ රෑ 10 හරි ඊට ආසන්න වෙලාවක.

      කෑමත් කාලා ඉස්කෝලේ වැඩක් කරලා නිදියන්නේ නැතුව ඉන්නවා කියහන්කෝ ගී හත බලන්කන්.
      ඔය සින්දුව ඒ කාලේ ගී හතේ සති තුන හතරක් ම #1 ගැහුවා මට මතක විදියට.
      ඒ හින්දාම ඉතින් සින්දු හතම බලන් ඉන්න වුනා ඕක බලන්න...

      Delete
  10. නියම සිංදු එකතුවක් විභී ..සිංදුවෙන් සිංදුවට දාල තියන සටහනත් අපුරුයි
    දඬුබස්නාමානය තේමා ගීතය වගේම ඒකෙ මාලනී බුලත්සිංහල මහත්මිය ගායනා කරන ලස්සන සිංදුවක් තිබ්බ.

    භාතිය සන්තුශ්ලගෙ සිංදුවලට ඉස්සර අපි වහවැටිලා ඉඳිද්දී අපේ අම්මලත් බැන්න මතකයි දැන් නම් කිසි ප්‍රශ්නයක් නෑ එයාලත් ඒ සිංදු හොඳට අහනවා. :)
    වසන්තයේ සිංදුව එක්ක දැන් මතක් උන සිංදුවක්' අරුණෝදය වාගේ' බැලුව බැලුව යූ බටේ සින්දුව හොයාගන්න නැහැ :( දැන් වෙනම බා ගත්ත. මේ දවස් ටිකේම සිංදු අහන්නෙ SLT family පැකේජ් සරණයි කියල තමා :D

    ReplyDelete
    Replies
    1. මාලිනි බුලත්සිංහල සින්දු කිව්වේ "වේද හාමිනේ" නාට්‍යයේ නේද..
      මෙන්න මේ සින්දුවබලහන් .

      භාතිය සන්තුෂ්ගේ සින්දු අහනවාට බැන්නේ නැත්තේ මොන ගෙදරින්ද හංසි යෝ. එතරමට උන් දෙන්නා අපේ රටේ සිංහල සංගීතය දෙදරෙව්වා...

      Delete
  11. විවිධ යුගවල ඒකතුවක්...
    මරු සිදු ටික අෑ... කැමති කීපයක්ම තිබුනා...

    ReplyDelete
  12. සිරා කලෙක්ෂන් එකක් විභියෝ. විභියට රතු රෝස එකේ තේමා ගීතය අමතක වෙලා වගේ. :D. 16 ම මාත් ආස සෙට් එකක්. ඇත්තටම 16 ට ලිමිට් කරන එක පට්ටම චැලෙන්ජ් එකක්. විභිය එක ලෙසටම කරලා තියෙනවා. ජය.

    ReplyDelete
    Replies
    1. කාටද බන් රතු රොෂා තීම් සෝන්ග් එක අමතක වෙන්නේ. මම මැරිලා ඉපදිලාද???

      එක නෙවයි බන් හේතුව.
      ඒ තීම් එකේ සින්දුවක් නැහැනේ. පිස්සු හැදෙන මියුසික් එකක් නේ තිබුනේ..

      මේ තියෙන්නේ
      එකයි මම මේ "සින්දු" ලිස්ට් එකට එකතු නොකළේ.

      උඹේ කෙමෙන්ට් එකට තැනක් යූ..

      Delete
    2. ඒක තමා බන්, ගිටාර් පාර ලෙසටම දෙනවා එකේ, එකේ සින්දුවක් නැතිව සංගීතෙන් අමුතුම අදහසක් දෙනවා.

      Delete
  13. කියල වැඩක් නැති නියම සින්දු සෙට් එකක්. බිම්බරක් සෙනග හා අහංකාර නගරේ කැමතිම දෙකක්. දඬුබස්නාමානය අහල නැහැ. හැබැයි කේමදාස ගතියක් තියෙනවා / සිංහබාහු ලෙවල් එකත් වගෙයි.

    ReplyDelete
    Replies
    1. තැනක් යූ අජිත් අයියා..
      දඬුබස්නාමානය අහන්න නෙමෙයි බලන්න වටිනා ටෙලියක්. වරක් බැලුවොත් ආයේ මැරෙනකන් එපා වෙන්නනේ නැති සුපිරිම ටෙලියක්.

      Delete
    2. එහෙනම් බලන්න ඕනේ.

      Delete
  14. මේකත් නියමයි . ඉවාන් පවුලුෂත් ඉන්නවනේ.

    ReplyDelete
    Replies
    1. එක නේන්නම්..
      ඉවාන් ඉන්න එක කොච්චර වටිනවාද???

      Delete
  15. මෙතන නම් සෑහෙන අවංක බවක් පේනවා... බහුතරය පෙන්වන්නේ අමු බොරුවක්...

    ReplyDelete
    Replies
    1. තැනක් යූ මාතේ, කමෙන්ට් එකට.

      Delete
  16. තුමුල නමුනුකුල මාත් කැමතිම ගීතයක්!

    නියම තේරීමක්... :)

    ReplyDelete
  17. තුමුල නමුණුකුල.. සිනා පිපෙනා..

    අන්න සින්දු..!!

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා..

      කාලෙකින් අහන්න ලැබෙන ලස්සන නිර්මාණ.

      Delete
  18. 'කැමතිම සින්දුව' ගැන ඉතාම සාධාරණ අර්ථ දැක්වීමක්. නියමයි.

    කමල් අද්දර ආරච්චි ගායනයෙන් සම්බන්ධ වුන ගීත දෙකයි මං අහලා තියෙන්නේ. එකක් ඔබ තෝරපු 'උන්මාද වූ ප්‍රේමාදරේ' ගීතය. අනිත් එක නීලා වික්‍රමසිංහ එක්ක ගායනා කරන 'තුන් සිත දැහැන්ගත වෙලා' ගීතය. ඒ දෙකම මම හරිම ආදරේ කරන ලස්සන ගීත දෙකක්. ඔහු තව ගීත ගැයුවාද කියලානම් මම දන්නෙ නැහැ.

    'තුමුල නමුනුකුල' කියන්නේ මමත් කැමති ගීතයක්. ඒ ගායකයාගේ හැම ගීතයක්ම වගේ හරිම වෙනස්, හරිම ලස්සනයි.

    ගුණදාස කපුගේ ශූරීන්ගේ ගීත හුඟාක් ලස්සන බව මම පිළිගත්තත් එතුමන්ගේ ගීත අහන් ඉන්න මට හරි අමාරුයි, ඒවායෙන් දැනෙන පපුව පිච්චිලා යන ගතිය නිසා. ඒ අතරින් මම අහන්න කැමති එකක් තමයි මේ 'බිම්බරක් සෙනග' ගීතය.

    සුසීමා ටෙලිනාට්‍යය විකාශය වෙද්දි අපි හුඟක් පොඩියි. ඒත් නාට්‍යය මත්කා නැතත්, හැමදාටම මතකයේ රැඳිලා තියෙන එකක් තමයි මේ 'දෑස පියාගත් කළ' ගීතය.

    මගේ කැමතිම ගීත ගොන්නක්ම පිරුණු ලස්සන ගීත එකතුවක්. :)

    ReplyDelete
  19. දඬුබස්නාමානය සින්දුව මමත් බොහොම කැමති එකක්. අග්නිදාහය තේමා ගීතයත් ඒවගේම පුදුම සින්දුවක්.

    ගෝන්නු කයියක් ලන්දේ කාලා ලන්ද පාලුයි
    මී ගොන් කයියක් වේලේ කාලා වේල පාලුයි
    ඌරෝ කයියක් හේනේ කාලා හේන පාලුයි
    බල්ලෝ කයියක් වට කරලා ගේම කීලුයි

    ඒවගේම අයිවෝ ඩෙනිස් කියන බිමට වඩින් සව්ර්ණමාලි කුමාරියේ සින්දුවත් පරිසර විනාශය ගැන කියවෙන, මම ගොඩක් කැමැති අමුතුම මාදිලියේ සින්දුවක්.

    ReplyDelete
    Replies
    1. අග්නිදාහය ත් සුපිරිම ෆිල්ම් එකක් තමයි.
      කිව්වත් වගේම ඒ සින්දුව පුදුම හිතෙන ජාතියෙ එකක් තමයි.

      Delete
  20. මමත් කැමති සින්දු බොහොමයක් තියෙනවා මේ ලිස්ට් එකේ
    3,5, 6, 8, 9, 12, 13, 14, 15 එහෙම මගේ ත් සිත් ගත් ගී

    ReplyDelete
  21. මමත් කැමති ටෙලිනාට්‍ය ගීත කිහිපයක්ම තිබෙනවා මෙතැන. ඒවා අහල මතකයන් අලුත් වුණා.තුමුුල නමුනුකුල,ඉවාන් පවුලූෂා ගීත රූපවාහිනියේ විකාශය වෙද්දි දැහැනකට සමවැදිල වගේ මම බලාගෙන හිටපු හැටි මතක් වෙනවා. 'ඔබේ සිනා ළඟ නෙත නැවතුණා දා..' අසන විට දැනෙන හැඟීම් කෙතරම්ද?

    ජයවේවා !

    ReplyDelete
    Replies
    1. ''ඔබේ සිනා ළඟ නෙත නැවතුණා දා..''
      -පිස්සු හැදෙනවා මේක අහනකොට. ආයේ ඉතින් උන් හිති තැන් අමතක වෙනවා..

      කමෙන්ට් එකට තැනක් යූ.

      Delete
  22. ඔය තුමුල නමුණුකුල ගීතය ඇහෙද්දේ මම කොහේ මොනවා කර කර හිටියත් මගේ හිත එකපාරටම නතර වෙන්නේ මම 11 වසරේ වගේ කාලේදී තිබ්බ පොඩි ලව් සීන් එකක.. හෙහ් හෙහ්..

    විභීෂණ කිව්වා වගේ 100 පාරක් ඇහුවත් අහන හැම වෙලේදීම මුලින් අහපු වෙලාවේ දැනෙන හැඟීම දැනෙන සිංදු තමයි අපි කැමතිම ඒවා.. ඔය දෑස පියා ගත් කල එකත් අර සිද්දියටම බැඳිලා මතකයේ තියෙනවා.. හෙහ් හෙහ්..

    ReplyDelete
    Replies
    1. ඔය වගේ ස්ටෝරීස් තියෙනවා මටත්.
      එත් ඒ සින්දුව මෙතන නැහැ. එල දාලා කාලෙකට කලින් වෙන පොස්ට් එකක් ලිව්වා..

      Delete
  23. අප්පා සිත් ගත් ගී බොහෝමයි මේ ඔයාගේ තේරීම් අතර, උඩින්ම ඉන්නේ හිම රේණු වැටෙනා සහ ඔබේ සිනා ළඟ තමා.දෙයියන්ගෙ බාරේ කලින් ඇහිලා මිසක් අහලා තිබුනේ නෑ ඔන්න අද ඒකත් අහලා බැලුවා.

    ReplyDelete
    Replies
    1. බොහොම සන්තෝසයි.
      දෙවියන්ගේ බාරේ ත් ඇහුවානම් ඉතින් ඊටත් වඩා සන්තෝසයි...

      Delete
  24. ඔබේ තේරීම් අපූරුයි මලේ...:)

    ReplyDelete
  25. ඔබේ තේරීම් අපූරුයි මලේ...:)

    ReplyDelete
  26. One of the Best Collection Bro..

    Most of them are my favorite songs as well .. Specially last two songs

    your song indiscretions are amazing.. keep it up bro.. All the best ..

    ReplyDelete

කමෙන්ට් කලාපය....